Tuesday, 27 May 2014

වර්තමානයේ කවියට තිබෙන තැන

කවිය යනු ලාංකික අපට සංස්කෘතියෙන් පවරා දුන් දායාදයක් බවයි මගේ පෞද්ගලික අදහස. රොබට් නොක්ස් කිව්වේ සෑම සිංහලයෙකුම කවියෙකු බවයි.  සීගිරි කැටපත් පවුරේ කව් ලියූ කවීන්ගේ කවිය මතුවුණේ කොතනින්ද? ඒක සංස්කෘතික ඇබ්බැහි කමක් අපේ හෙළවෙදකම , ශාන්තිකර්ම , තොවිල් පවිල් ද්වාර කර්ම ආදී ජන සම්ප්‍රදායම කවියත් සමග ගැටගැහිලා තිබුණා.

කවිය නිර්මාණය


සය ආත්ම කොට ගත් වාක්‍යය කාව්‍ය යයි කියති. එහෙත් රසය යනු කුමක්දැයි විග‍්‍රහ කිරීම අමාරුය. ඒ වූ කලී තමන් ම විඳ අවබෝධ කරගත යුත්තකි. කාව්‍ය රසය තබා දිවට දැනෙන ඇඹුල් රසය වැනි රසයක් වුවද වචනයෙන් හඳුන්වා දිය නොහැක.
රසය වනාහි සිතෙහි ඇති වන ප‍්‍රසන්නතාවයෙකැයි දළ වශයෙන් කිව හැක. මලින් පිපුණු ගසක් දුටු විට ද සන්ධ්‍යා වලාවක් දුටු විටද සිත මොහොතක් පහන් වේ. කාව්‍යයකින් ලැබෙන රසය මීට වඩා උසස් ය. රසය යනු සතුට නොවේ. රසය කෙලෙසුන් කෙරෙන් දුරුය.

සිංහල කවිය

සිංහල කවිය දෙවියන්ගෙන් නැති නම් කිසියම් අද්භූත බලවේගයකින් පහළ වූ ප්‍රතිපාදනයක්‌ නොවේ. පරිසරයේ බලපෑම් සහිතව ස්‌වාභාවික හේතූන් තුළින් උදා වූ මෙම සුභාවිත කලා අංගය බොදු සමයේ ආභාෂය ලැබූවකි. එය සම්භවය ලැබුවේද විකාශනය වූයේද, ව්‍යාප්තව ගියේද බෞද්ධ දර්ශනයේ නිර්මල චින්තන ධාරාව වැළඳ ගනිsමිනි.

ඡන්දසින් නොමිදුණු සිංහල නවකවි





“පෙරදිග ගොරහැඩි රකුසෝ
මගෙ ධ්‍යානය ඇයි කඩන්නේ
නිදාගන්න පොරවගත්ත කළු රෙදිපට
තීරුවලට ඉරා දමන්න.
කුරුල්ලන්ට ගල් ගහලා
උන් හොඳටම බිය කරලා
මල් පොහොට්ටු තිගැස්සිලා
කඳුළු හෙළනවා..”

Monday, 26 May 2014

කුලමල නැති වෙන්ඩ අවුසදයක් කාසී

 ගඟ දිය බොරවුණත් කූනිස්සන්ටයි වාසී
ඒ දිය බොරවුණත් කඩයටමයි වාසී
නිල තල වැඩිවුනත් මහතුන්ටයි වාසී
කුලමල නැති වෙන්ඩ අවුසදයක් කාසී

Saturday, 24 May 2014

මොනවද අම්මේ අකුරු ජාතියක්

චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ අපූර්ව පදරචනාවක්









මොනවද අම්මේ අකුරු ජාතියක්
මල් පෙති වල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේවා ලියන්නේ
පාට පාට ඉරි හැඩ ගහලා

තමුන්ගේ තරම දැනගෙන කල් ගෙවනු


රන්විමනේ සිටිමුත් දුක   නැතිවෙද්ද
පැණිමීයේ කෑ මුත් බඩගිනි    නැද්ද
මිනිබරණින් සැදිමුත් ගත  නොදිරද්ද
පැණිවරකා ගහටත් හෙණ නොවදිද්ද....

Friday, 23 May 2014

වැලිතල අතරේ


චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ පබැඳුමක්

වැලිතල අතරේ හෙමිහිට බසිනා
නේරංජන නදියේ ගයා හිස
වැඩ සිට බුදු වූ දා
තිලෝ හිමි මොක්සුව ලද මොහොතේ
සමාධී භාවනා . . .
සමාධී භාවනා . . .

රොද්ද කිපී වුත් එතැනට


ආනන්ද රාජකරුණා

මද්දුම ළමයාට බැඳපු - දෙද්දුව බාලප්පු තැනට

වෙද්දු කීහ කන්න කිතුල් - තලප නොව ලසා....

ලද්දුව ගමහාමි එ විට - “ලද්ද එ දෑවැද්ද ලෙසින

අද්දර ඉඩමේ කිතුලක් - මෙ මට ඇත යසා”ට”...

ලෝකය තනි යායකි


රජයේ නිවාඩු දින
සිටියෝ සියළු රට වැසියෝ
තම තමන් ගෙතුලට වී
සාදාගෙන ගේ දොර තරඟයට
හා තම තමනට හැකි තරමට….

Wednesday, 21 May 2014

අන්දරේ ගේ කවි


අන්දරේ ගේ  කවි...........

ජල දිය බොර උනත් දිය වැදි හට වාසී
යල මහ වැඩි වුනොත් ගොවියන් හට වාසී
නිල තල වැඩි වුනොත් මහතුන් හට වාසී
කුල මල නැති වෙන්ට අවු සදයෙකි කාසී

පල ඇතිනම් වවුලොත් එල්ලෙති පේනු
රුව ඇත්නම් අපටත් බස් දෙති ගැණු
දැසින් දැක කදුලු පිස දමමින් මුණු
ඉතින් මොටද මේ වයසට නැති ගෑණු

කුවේණි අස්න


කෝට්ටේ සමයට අයත් කුවේණී අස්නෙහි කාව්‍ය රචනය
අඹහැලි වෘත්තය ඇසුරු කරගෙන නිර්මාණය වී ඇත. මේ
කුවේණි අස්න කාව්‍ය රඡනයෙහි එන කව් කීපයක්.

Tuesday, 20 May 2014

තුනුවිල බලන්නට


ගජමන් නෝනා කිවිඳියගේ කවීත්වය විවිධ ඉසව්වල
විවිධ විරිත් යටතේ දිවයන්නක්. ඇයගේ ප්‍රතිභාව ගැන
අපට වචනයෙන් විස්තර කිරීමට පවා නොහැකි තරම්.
සුරූපි කාන්තාවක් වූ ඇගේ පහස පතා එකල බොහෝ 
පිරිමි ඇයට විවිධාකාර යෝජනා ගෙනඑනු ලැබුවා. 
එක් අවස්ථාවක එක්තරා පුද්ගලයෙක් ඇයට කවියෙන්  
අශ්ලීල යෝජනාවක් ගෙනඑනු ලැබූ අතර ඇය ඔහුට ඒ
භාෂාවෙන්ම අපූර්ව පිළිතුරක් ලියා යැව්වා.මේ එම කවියයි.

Monday, 19 May 2014

පින් මදි දෝ මා ලං කර නොගන්නේ

(ගජමන් පුවත නාට්‍යයේ රත්මලී ගුණසේකර සමග නිශ්ශංක දිද්දෙනිය රඟපෑ ජවනිකාවක්)

නෙතට දුකයි නුබෙ උවනත නොදකීම



සිංහල කාව්‍ය වංශකථාවේ සුවිශේෂී චරිතයක් ගජමන් නෝනා. ඇයගේ කවි අපූර්ව බවක් ගෙන දෙන
අපූර්ව පදගැලපීම් පද ඇමිනීම් සහිතයි. මේ එවන් සුන්දර කවි කීපයක්. ගජමන් නෝනා කිවිඳිය සහ
ඇලපාත මුදලි අතර සිදුවූ සංවාදයක් මෙහි අන්තර්ගතයි.
(පින්තූරය- ගජමන් පුවත වේදිකා නාට්‍යයේ නිශ්ශංක දිද්දෙනිය සහ රත්මලී ගුණසේකර රඟපෑ ජවනිකාවක්)

Thursday, 15 May 2014

සදානන්දය සොයා ආ මුත්


හදේ ගින්නෙන් දැවි දැවී
කඳුළු පින්නෙන් තෙමි තෙමී
පිපුනු මල් මම පුදනෙමි 
සමිඳු පාමුල බැතියෙනි.....

Monday, 12 May 2014

සිතිවිලි සිපිරි ගෙයින් නික්මී


නටු නොපෙනෙන මැදියම් රැ අඳුරේ
මල් පිපෙනා යුරු කෙලෙස දකින්නේ
එනමුත් නොපෙනී සුපුරුදු සුවඳක්
කොහෙදෝ ඈත ඉඳන් පැමිනෙන්නේ....

සැලෙයි ඉඳුවර ....ගලන කඳුළු..


සිනාසෙන සඳ කඳුළු වගුරා
දිලෙයි තරුකැට දෙනෙත් උතුරා
කුමට හැඬුවෙද සිනාසුනෙහිද
කෙසේ කියමිද නුඹත් නොදැනා...

ගජනිඳු සරතත් නිසොල්මනේ


ගජනිඳු සරතත් නිසොල්මනේ
දිනිඳා නැගි මුත් වලා පෙලේ
සනහා ගන්නට නොහැකිව ලතවෙමි
විදුරවි වේගෙන් සැලෙන සිතුම්....

පුදසුනක මල් බිම දමා

පුදසුනක මල් බිම දමා
පයට පාගා තලා දැමුවද
අතීතයේ සංසාරයේ.....
සුවඳ මල් නොපිපුනේ......