Wednesday, 26 December 2012

පොලොව සේ අද අනන්ත නෑ..


යශෝධරා වත මිමිනූ මුවගින්
ආල නුරා ගී මුමුනන්නේ..
කොහෙදෝ ඈතක වෙසතුරු සිරිතේ
වියෝ දුකේ ගී වැලපෙන්නේ..

Wednesday, 19 December 2012

Tuesday, 18 December 2012

දෑස වසා සිටියා


වීඩියෝව මෙතැනින් බලන්න




Monday, 17 December 2012

ජීවිතේ පොත ගිලිහිලා


ජීවිතේ පොත ගිලිහිලා
මතකයේ පිටු පෙරලිලා..
අතීතයෙ ඇඳි කුරුටු සිතුවම්
අනේ තැන තැන විසිරිලා...

ආයෙමත් ඔබ


වළාකුලක් යට ගිලුනු සඳක් සේ
අමාවකට හිස් අහස වෙලා.......
නිලංකාර නෙත් මත යලි දැල්වී
ආයෙමත් ඔබ
සරා සඳක් සේ පායාලා...

කවුදෝ මා ඇද දැමුවා


උඩුවියනක් යට වළාකුලෙන් බැඳි
සුළලිත යහනාවේ......මා සතපා..මා නලවා...
සුරංගනාවිය.. නැලැවිලි ගී ගැයුවා......
මියුරු සරින්..මියුරු හඬින්......
මා නැලැවී හුන් ඒ සිහිනෙන්
කවුදෝ මා.....ඇද දැමුවා......

වැස්ස


වැස්ස වහිනවා සීතල සුළං හමනවා
කැලේට සඳ පායන්නට බැරිව හඬනවා
සිරිපොද පිහි තුඩු ඇවිදින් ඇඟේ ඇනෙනවා
උහුලන්නට බැරි පාලුව අඳුර ගෙනෙනවා..

සැලෙන හදවත්



හමන පවනැල් සමග නැලැවී

ලෙලෙන රන් බෝපත් වගේ...

සැලෙන හදවත් සැලෙන සිතිවිලි
නිවන්නට බුදුගුන නැගේ....

සොඳුර නුඹ මට


Saturday, 15 December 2012

සිත ගැන - ථෙරගාථා ඇසුරෙන්


මා සමග මේ  සසරෙ 
දුර කතර ගෙවාගෙන
නුඹ ආවෙ මා සමග 
සතුටුව සිනා සිසී..

Wednesday, 12 December 2012

විසිර ගිය පසු පෙති


බිමෙහි වැතිරී දසත වැලපී
සොයනවද නුඹ මල්..
බිමෙහි දසඅත දුකෙන් තැවරී
සිඹිනවද මල් මල්...

අහස බැලුවම පෙනුනා


නොකියාම සඳ යන්න හදනවද
අහස කළුවර වෙලා..
මහා වැස්සක පෙරනිමිති මට
අහස බැලුවම පෙනුනා..

Monday, 10 December 2012

නුඹේ සතුට අරන්..


නුඹ රුව ගැන තකනවාද
මම රුව ගැන නොසිතම්
රුව බිඳි බිඳි යයි අනියත
දිය බුබුලක තරම්..

මම මාගේ නොව ඔබ ඔබගේ නොව



සසර පුරා.දුක විඳ...
හඳුනාගෙන දුකෙන් මිදෙන්නට
මේ අත්භවයෙම
පෙරුම්පුරා....

අකීකරු සුළඟ


මල් යායම මඳ පවනට
ලතාවකින් නැලැවෙනවා.
ලාදළු පත් සිලිසිලියේ
අතු අග සිට පැද්දෙනවා

Sunday, 9 December 2012

කෝ කවිය වූ නුඹ


සොඳුරු බව තුල
ලැගුම් ගෙන සිටි
නැවුම් සිතිවිලි 
මල් මිටක් සේ
අනේ මතකය පමණි ඉතිරිව
රුදුරු ගින්නෙන් ඇයි දැවෙන්නේ.

Wednesday, 5 December 2012

දකිමි මම


දනිමි මම
තවම ඔබ
දුරක සිට
බලන බව..

ඇසල සඳටත්


ඇහැල මල් පරවි යමින්
ඇහැල හඳ අවපස වෙමින්
ඇහැල සුළගද චන්ඩ විලසින්
හමාඑන්නේ බිනර මහ ගිනි ඉඩෝරෙයි‍‍....

Tuesday, 4 December 2012

කාලයේ රුදු සප්ත ස්වරය


මහා පිලිම හදන්නට
සඳකඩ පහන දැල්වෙන්නට
ඉඩ දුන්නු සියුමැලි 
කළුගලක්...
කෙතරම් විශ්මිතද
මැවෙන සියුමැලි රටා..

තරු නෙත දිගහැර


ඔබ දුන් පිරිකර
නොමසුරු අයුරෙන
දුටුවිට හැම කල
සිහිවෙයි නිබඳව..

Monday, 3 December 2012

මුතු පබලු ලතා


                                                 මුතු පබලු ලතා සේ මෙ ලඳා
සිනහ ගෙනෙනවා
නෙක වරුණ ලතා රැස් මෙ විදා
කැලුම් දෙවනවා
සෙනෙහෙ බෝය වේ මෙ ලඳා
මා සිත් අහසේ නිබඳා
සරණ සියොත් සේ මෙ ලඳා
පියාපත් විදා......

සඳසාවියට


බක්මහ අකුණු ඉරිතලනා මේ කුලක
සඳසාවිය කම්මැලි වී නිදිබරව
පෝය අදයි අමතක වී දෝ සඳට
ආරන්‍යයේ ගහකොළ දෙයි සිල් සුවඳ.....

අහසෙ හිරු හා තරහා වී නෑ


ඒ කුසුම තවමත් සුවඳමයි
ඔබට එය නොසුවඳ උනත්
ඒ මහ ගසම තව ඵල දරයි
ඔබට ඒ ඵල රස නැතත්....

නුඹ සොයා නුඹ


Saturday, 1 December 2012

පෙනෙයි ආකාසේ....


මහරු සිත්තම් නිබඳ අඳිනා
මහා අවකාශේ....
මහා හිස්බව පමණි ඇත්තේ
නීල ආකාසේ...

සසර ගමනෙදි නෑ මගහැරී


විසල් කාලය පුරා දිවවිත්
නොකල් කාලෙක නතරවී
මල් හැලුනු අතු අග ඉඳන්
පමාවී ආ කොවුලෙකු ලෙසින්
නිමාවී ගිය වසත් කල ගැන
ලසෝ ගී පද මුමුණමින්....


ගෙවා දමමින් සසර දුක්කඳ
නිවා දමමින් සසර ගිම්කඳ
මෙසේ ලතැවෙන්නම්....
ගෙවා නිමවන්නම් .........
යලිත් මතුවට නොරිදෙනා සේ......


නෙතින් දැක සැනසෙන්න සිතුමුත්
නෙතින් දැක වැළපෙන්න වූවත්
සසර ගමනෙදි නෑ මගහැරී
ඡායාව අනපායිනී ලෙස හෝ
චක්කංව වහතෝ පදං.. වීලා....


ගෙවා දමමින් කල්ප කාලය
ගෙවා අවසන් වේ සසර ණය
එතෙක් මේ දුක් පැණිරසක් ලෙස
සිතා ගයනෙමි ලසෝ ගී පදවැල්.....



Friday, 30 November 2012

සඳකැන් වැස්සට තෙමී නාන්නට


සඳකැන් වැස්සට තෙමී නාන්නට
සුරංගනාවන් පාවී එයි
පිණිකැට වැටෙනා සිතල මැදියම
නුඹ නිදනා හැටි මැවි පෙනෙයි..

නුඹ මට නම්



මිණිමුතු කෙතෙක් වුවත්
නැත මට නම්
නුඹ‍ගේ සිනහ පොදක්
සේ මට නම්…………..

යලිත් හෙට හිරු


නිදා නොනිදා  බොහෝ රෑ
අඳුර තැවරුන කවුළු දොර ලඟ
පාලු සලුපොට විසිරිලා.....
කවුරුවත් නැහැ හුදෙකලාවෙම
අව සඳත් බැසගෙන ගියා
යලිත් හෙට හිරු පායනා බව
නොදැන තවතව ගුලිවෙලා.....

Thursday, 29 November 2012

ඒ නුඹම පමණයි


නිශාකාලයෙ ගැයූ ගී කව්
අසන්නේ නෑ කවුරුවත්
සුවෙන් නින්දේ ලෝ සැමා..
නිශාකාලයෙ කන් යොමා
අසන්නේ නම් ඒ නුඹම පමණයි…

ඔබේ විරාමය


ගීයක මහිම - දියට බැස සඳ

වීඩියෝව සහ ගීතය පහලින් 


video

එදා පියවර තැබූ සටහන්



සුබෝධාරාමයට ඉහලින් 
රාහු ගිල ගත් සඳ පෙනෙයි..
පොහෝ දාටත් නොඑන හැඩ ඇති
බොඳ රුවක් අහසේ මැවෙයි..


කන්ද නැග එන කන්ද බැස යන
කදෝපැණි තරු එළි දිලෙයි..
එදා පියවර තැබූ සටහන් 
මැකී නොමැකී මග තියෙයි..


වංගු ගැහි ගැහි නැගෙන කන්දෙන්
අදත් සෙත් පිරිතක් ඇසෙයි...
මහ හඬින් තිගැසෙන සරින් යලි
දහම් මැදුරෙන් බණ ඇසෙයි..

Friday, 23 November 2012

ගීයක මහිම - ඔබෙයි මගෙයි මේ සෙනෙහස


ඔබෙයි මගෙයි මේ සෙනෙහස
සංසාරේ පුරුද්දක්ද
අශෝක මාලාව මමයි
ඔබ සාලිය කුමරු නේද....
ඔබෙයි මගෙයි මේ සෙනෙහස
සංසාරේ පුරුද්දක්ද
ඒ සාලිය කුමරු මමයි
ඔබ අශෝක මාලාමද

ඔබේ සිතාරයෙ


ඔබේ සිතාරයෙ ඔය සත්සර නද
හැඟුම් පෙල ගැසී මන්මත් කරවයි..
ඔය සත්සරයම විටෙක රිදුම් දෙයි
හදවත පාරන සැත් කටුවක් සේ...

ඔබේ විරාමය


Thursday, 22 November 2012

මේ සෙනෙහස් වැව් තලාව


නුඹ..සුළඟක් සේ


නුඹ..සුළඟක් සේ.....
ආවා..
නුඹ.පවනක් සේ....
වෙලුනා..
නුඹ..මාරුතයක් සේ..
කැළඹුනා..
නුඹ..මඳනල සේ...
හැඬුවා..
අවසාන වස්සානේ..
නුඹ...
සුසුමක් සේ...
නික්ම ගියා...


Wednesday, 21 November 2012

සිය දහස් වර ...


සිත වෙන අතකට වරදක බැඳුනම
පෙම්බරයා නෑ හඳුනන්නේ..
හදකට දුක දී ඒ හද තනිකොට
කුමටද දුක් දී ලතවෙන්නේ..

කළු වළාවෙන් යට වූ ප්‍රේමය


කළු වලාවෙන් යට වී ගියත්
අසිරිමත් ලෙස 
ඇඳුනු 
ප්‍රේමය..
තවමත් ආදරය එසේමයි
(වීඩියෝව පහලින් බලන්න)

Tuesday, 20 November 2012

මං පණ වගේ ආදරෙයි..





පුංචි දඟකාරියේ..
රණ තිසරින්දු  ලියතඹරින්දු
පෙති ගිලිහියේ..
ගැයූ විහඟ ගීය කෝ...


බඹරුන් දබර කල සිතේ දිය බොර වී

බඹර විෂ තුඩු ඇනී පෙති හැකිලිලා..
රිදුනු දෙකොපොලින් හැඬුවේ..
තවමත් නුඹ 
ආදරය නොහඳුනන නිසාද??


ප්‍රේමය සඟවා ගත් සිතක

නෙතු හැකිලිලා..
ඒත්...
නුඹ කුරුළු ගී රාවයෙන් තෙරපිලා
සෙවූ සෙනෙහස ලැබුනාද..


නුඹට නොදැනුනාට

නුඹට මං පණ වගේ ආදරෙයි
(වීඩියෝව පහලින් බලන්න)




Monday, 19 November 2012

ආලෝකේ පතුරා


හඳප‍ාන චිත්‍රපටයට සිසිර සේනාරත්න විසින්
ගැයූ මේ 
මියුරු ගීය අසා බලන්න

Saturday, 17 November 2012

මා මල පසු


ඔබේ අත් අකුරින්
මා මළ පසු
දුක් 
ගීයක් 
ලියනු මැනවි..
එතකොට 
ඒ ගී රාවය
යාන්තමින්
මට
ඇසේවි
(වීඩියෝව මෙතැනින් බලන්න)

වලාකුළෙන් මග අසා ගන්නට


හිමි නැති බව පුන පුනා
කියද්දිත්..
හිමි කරගන්නට  අහස යදියි
හත්දින්නත් තරු 
පොකුරට ඈතින්
පායා ආ තරුවේ..
අහස හිමි නැතැයි
කීවාදෝ...

රෑන් රෑන් තරු අතරේ
දිලී දිලී ඝන අඳුරේ..
අනන්තයට ගිය අහසේ
ආ මග වැරදී..
පෑල දොරෙන් හිරු පායා එන තෙක්
බලා සිටියාදෝ..

පාට පාට දේදුන්නේ
සේදි සේදි ගිය ගමනේ
නවාතැනක් නැති වේලේ
පුන් සඳ එද්දී..
වලාකුළෙන් මග අසා ගන්නට
බලා සිටියාදෝ...




Friday, 16 November 2012

නොකියයි ඉතින් පෙරමග


මහවැලිය පසුකරන් යන විට
හිතුනා බලන්නට
ජලකඳ දෙබෑකර
පත්ලටම...
මතකය මහවැලිය අරන් යන...

කොහෙදෝ ඈතක
නොනිදන ඉසව්වක
සිටියත් හොරෙන් සුසුම් ලන
ලමැද ඇති තනිකම
මුහුදට වැටෙයි මහවැලිය ඔතැනම

රෑ තාරකාවෝ
නොකියයි ඉතින් පෙරමග
හැරදා ගිය පවර
විසල් එනුවර දොරකඩ..

සඳ සිසිල එපා කිව් 
කුමුදිනිය වැලපෙයි
රෑ මනමාලි ගසෙක
තරු සැඟව යන විටෙක..


මිලාන වූ පසුවයි දැනෙන්නේ


මිලාන වූ පසුවයි දැනෙන්නේ
මලෙක සුවඳ කෙතරම්
රුදුරු වූ පසුවයි දැනෙන්නේ
සොඳුරු බවෙක මනරම්..

පාට සේදුනු මල් කිණිත්තක
තැවරුවද සායම්..
වැහිබිඳු පිනි බඳු ගලා හැලෙන විට
සේදී යා ද සැනින්..

නෙතට නැග ආ කඳුළු පිසදා
සෙනෙහෙ පිරූ තරම්..
මුවට මඳහස නැගුනු විටකදි
අමතකද එතරම්..


අතීත මලකඳ වැතිර තියේ


අඳුරු අහස් කුස වියන් බඳිනවා
මළහිරු ඇවිදින් දෑස් තෙමනවා
කැන්දන් යන්නට සොඳුරු මතකයන්
බිඳුනු අතීතයෙ සොහොන කරා..

හෙන්ද්‍රික්ක මල් පිපී පරවෙන
ගොම්මන් යාමේ නිසංසලේ
කණට කොඳුරා හැඬුම් සරයෙන්
වෙන්ව යන්නට මුමුණන්නේ..

බිම් කළුවර ලඟ වියෝ දුකින්
අතීත මලකඳ වැතිර තියේ 
හඳුනාගන්නට බැරි තරමින්
කළුවර ඇවිදින් තුරුළු උනේ..