නෙතට දුකයි නුබෙ උවනත නොදකීම



සිංහල කාව්‍ය වංශකථාවේ සුවිශේෂී චරිතයක් ගජමන් නෝනා. ඇයගේ කවි අපූර්ව බවක් ගෙන දෙන
අපූර්ව පදගැලපීම් පද ඇමිනීම් සහිතයි. මේ එවන් සුන්දර කවි කීපයක්. ගජමන් නෝනා කිවිඳිය සහ
ඇලපාත මුදලි අතර සිදුවූ සංවාදයක් මෙහි අන්තර්ගතයි.
(පින්තූරය- ගජමන් පුවත වේදිකා නාට්‍යයේ නිශ්ශංක දිද්දෙනිය සහ රත්මලී ගුණසේකර රඟපෑ ජවනිකාවක්)


ඇලපාත මුදලි-
සසඳර මනනන්ද බඳු අද             මකුලින්ද – 
යුග තන පිරිකුන්ද  ගන රන් කුඹු     මෙන්ද….
මත වර වර නින්ද සෙසොබන    මන නන්ද – 
කත නුබ ලග නින්ද නොලැබුනෙ පවකින්ද……

ගජමන් නෝනා-
 කුන්ද මමන පොබකල මැති සඳුනි යසා – අන්ඳකාරයට ඇවිලු පහන ලෙසා
නන්ද මගත දිලුනත් රූපෙන් සතොසා – නින්ද බැරිය මා ලඟ ඔබ සිතන ලෙසා

 ඇලපාත මුදලි-
පිනවන සිත් සුරතල් බස් දෙන       ලීලේ – 
ගුන යහපත් සොඳුර නුබවෙත බැඳි ආලේ
බැඳි මා සිත් නුබ ලඟ හැසිරේ තෙවෙලේ – 
පන ගිය මුත් නොහරිමි නුබ වෙත ආලේ

 ගජමන් නෝනා-
ආදරේ බැරිද ඉවසා ගෙන ඉන්ඩ -  
සගරේ බැරිද පීනා ගොඩ යන්න
මේ සැරේ දීපු දුක ඇත දැන ගන්න – 
අදරේ මොකද ඔය හැටි ගැනුන්ට

  ඇලපාත මුදලි-
වෙනසක් නොව අදරින් එක පන ලෙසින – 
සිත දුක් දුරැර පැස ඉන්නට එක යහන
ම ඇසක් සදිසි කුලු නැති පියො බඳෙ සොබන – 
සැපතක් වෙන කුමට  ලබුනොත් එම පමන…

 ගජමන් නෝනා-
මල් පිපුනොත් සුවඳට බඹරුන් එනවා – 
ගඟ තිබුනොත් කවුරුත් දියවර බොනවා,
වැසි තුබුනොත් සරු නැති බිම් සරු වෙනවා – 
රුව තිබුනොත් අපටත් සැම තුටුවෙනවා

 ඇලපාත මුදලි-
නෙතට දුකයි නුබෙ උවනත නොදකීම -  
කනට දුකයි නුබෙ අම බස් නොඇසීම
කයට දුකයි නුබෙ සුපහස නොලැබීම – 
හිතට දුකයි මෙලෙසින් නිති පසුවීම……….

Post a Comment

0 Comments