තමුන්ගේ තරම දැනගෙන කල් ගෙවනු


රන්විමනේ සිටිමුත් දුක   නැතිවෙද්ද
පැණිමීයේ කෑ මුත් බඩගිනි    නැද්ද
මිනිබරණින් සැදිමුත් ගත  නොදිරද්ද
පැණිවරකා ගහටත් හෙණ නොවදිද්ද....

ඇතිවීමත් නැතිවීමත් ලොව සිරිතයි
උඩඟු උනොත් විපතක් ඒ ලඟම ඇතියි
බේබද්ද වේසාලිය රටට කැතයි
ඉල්ලීමත් නොමදීමත් දෙක නීචයි

කල්බලා නොවෙද ගොවිතැන් කරන්නේ
මල්වරා නොවෙද කිරිවැද පැසෙන්නේ
පව්කලා නොවෙද පිංපල නොදෙන්නේ
ලොවුතුරා බුදුන් කවදද දකින්නේ

නහින දෙහින කාලෙට පින් කෙරුම යුත
වහින කලට කූරින් විල්වලින් එත
බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත
පනින රිළවුන්ට ඉනිමං කමක් නැත

ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ කපනු
බොරැල්ලේ තරම දැනගෙන උඩපනින්
කඩුල්ලේ තරම දැනගෙන කදබඳිනු
තමුන්ගේ තරම දැනගෙන කල් ගෙවනු

උපුටාගැන්ම- හෙළ ගැමි දිවිය සහ ජනකවිය
                      හෙළගොස සාරසංග්‍රහය


Post a Comment

0 Comments