Wednesday, 4 June 2014

මතක වස්තුව - සිරි ගුණසිංහ ගේ කවියක්


මා හැරදා.....
දරදඬු කොට දා මා අත් පා
ඈ යන්න ගියා මැකිලා..ඈ යන්න ගියා...
සැමරුම් වගවළසුන් රෑනට
මා ගොදුරක් වී..ලේ ගලනා ගොදුරක් වී..
කාලයෙ ඝන අඳුරින් වැසුනත්
සෙලවෙන හදවත පහණෙහි සිළුවෙන්
ඈ ගත දිලිසෙයි...දෑසට දිස්වෙයි........

ගොරහැඩි ගල්ගෙඩි අතරින්....ඈ.....
සීතල දියර ඉරක් සේ
ගලා බසී....හද තෙමා බසී.......

පිරිසිදු අහසෙහි පැහැය ඇගෙයි
ගස්වල මල්වල පැහැය ඇගෙයි
මුළු ලෝකෙම හැම පැහැය ඇගෙයි

කොතෙකුත් දැඟලූවත් සැඟවෙන්නට
ඇසිපිය දැල්වල මයි ඇය දැවටුම
අමතක භාවයෙ අන්ධකාරයේ
දෙබෑ කරන් වේලුනු ඝන හම
එබී බලයි සොඳුරියෙ ඔබ ඇස් දෙක
තොල්දෙක සෙලවුම තවම පෙනෙනවා
හීන්සැරේ මා වැළඳගන්නවා...

ජීවිතයට ඇති එකම සොඳුරු බව
ලෝකයටම ඇති රූමත් එක දෙය
ඈ මයි තනිවට හිටි එක ගැහැණිය
මැකී ගියත් තනිවට හිටි ගැහැණිය..
  
    - සිරි ගුණසිංහ කාව්‍ය නිර්මාණය-

1 comment:

  1. මෙම කවියේත් ආකෘතිය ඉතා විශේෂයි ඔබ එයට ගරු කරල නෑ ඔබ සපයලා තිබෙන ආකෘතිය නෙවේ මේ කවියේ තියෙන්නේ මේ කවියත් උසස් පෙළ නූතන කාව්‍ය සංග්‍රහයේ එන්නක් මේ කවි පංතිය උපුටාගෙන තියෙන්නෙ සිරි ගුණසිංහයන්ගේ මස් ලේ නැති ඇට කියන පද්‍ය සංග්‍රහයෙන්

    ReplyDelete