කුවේණි අස්න


කෝට්ටේ සමයට අයත් කුවේණී අස්නෙහි කාව්‍ය රචනය
අඹහැලි වෘත්තය ඇසුරු කරගෙන නිර්මාණය වී ඇත. මේ
කුවේණි අස්න කාව්‍ය රඡනයෙහි එන කව් කීපයක්.

සිංහ පුරවර සොඳා, රජ ඉසුරු විඳ ඉඳා 
 කරන නොපනත් සදා, නැව් නඟා හළ සඳා 

ලක්දිවට බැස එදා, නුග සෙවණ මැදා
 තනිව උන්සඳ රදා, බත් බුලත් දී සොඳා 

 රැගෙන විමනක් සදා, රෑ දෙදෙන එහි නිදා 
 වූ ස‍ඳෙහි රිවි උදා, වෙළෙඹවෙස් ගෙන සොදා 

යකුන්ගේ පුරවැදා, මරා උන් ලුහුබැඳා 
 රජ සැපත් නුඹයොදා, දවසරින කල එදා 

බිසෝ කරවා සදා, නොවෙන් වන ලෙස සදා
 දිවුට දෙන ස‍ඳ එදා, යකිනි බව නොදනුදා 

දැන් මහිම නුඹ සදා, මහත් දළපෙම් බැඳා
 සමඟ වැස නුඹටදා, කොටම දරුවන් වදා 

 උන්මෙමා ඇර අදා, දැන් සෙනේ වෙන සොඳා 
 හිමි වියෝ වූ සඳා ........................................” 

Post a Comment

1 Comments