පින් මදි දෝ මා ලං කර නොගන්නේ

(ගජමන් පුවත නාට්‍යයේ රත්මලී ගුණසේකර සමග නිශ්ශංක දිද්දෙනිය රඟපෑ ජවනිකාවක්)
ඇලපාත මුදලි ගජමන් නෝනාට කී කවක්-

තුට කළ ලෙවන් ගුණ නැණ රුවිනි නෙක ලෙද
ඉට කල අරුත් පුවතර මා නෝන සඳ
රට තුළ සිරින් අවුරුදු මගුල් විය සොඳ
මට තුළ සතොස් නැත නුඹ නාවොතින් අද

උස්සා කර බැලුවෙ දුටුදා සිට නෙතට
උත්සා කරන වගකුත් නෑ පෙනෙන්නට
මැස්සා ඉගිලුනා වැනි ගියෙ ගේ තුළට
ඇස්වා වදිනවද දුටුවම මුහුණ මට

වතාවත් සඳෙව් නෙත් දෙක නිලුපුල්ලා
ඇතා යුර ගමන යයි වටපිට බලලා
ඉතා රතු ලියක් කහවත්තෙදි දැකලා
කතා නොකර ආවෙමි සරණය පතලා

පුන් සඳ දෝ මිදුලේ කර කැවෙන්නේ
රන් බඳ දෝ ගෙයි ඇඳ පිට නිදන්නේ
රන් කොල දෝ ඔය ළමයා ගොතන්නේ
පින් මදි දෝ මා ලං කර නොගන්නේ



Post a Comment

2 Comments

  1. පද මාලාව දැම්ම එක හොඳයි. සින්දුවත් අහන්න පුළුවන් උනා නම් වැඩියෙන්ම හොඳයි.

    ReplyDelete
  2. ගීතයේ වීඩියෝවත් ඇතුලත් කරන්න උත්සාහ කරන්නම්.ස්තුතියි ඔබට

    ReplyDelete