Wednesday, 21 May 2014

අන්දරේ ගේ කවි


අන්දරේ ගේ  කවි...........

ජල දිය බොර උනත් දිය වැදි හට වාසී
යල මහ වැඩි වුනොත් ගොවියන් හට වාසී
නිල තල වැඩි වුනොත් මහතුන් හට වාසී
කුල මල නැති වෙන්ට අවු සදයෙකි කාසී

පල ඇතිනම් වවුලොත් එල්ලෙති පේනු
රුව ඇත්නම් අපටත් බස් දෙති ගැණු
දැසින් දැක කදුලු පිස දමමින් මුණු
ඉතින් මොටද මේ වයසට නැති ගෑණු

වතට ලවනතට නුඹ බලන බැලුමට
වරලසට බෙල්ලට නළලට නාසිකවට
ගමනට බසට නුඹ හට ලොබ කල මෙමට
මොනවට කියමි නිදි නැත රැය තුන් යමට

පායන්නේ තරිදු ලොව එළිය කරණ මෙනී
රෑ වෙන්නේ ළඳේ නුඹ වෙත ගත් ලො බිනී
නොසොයන්නේ මෙමා පුරුවෙ කල පවිනී
ගෑනුන්නේ අරුම දැනුණේ මට නුඹෙනී

මහමී කුඩාමී වනයේ බොහොම ඇති
කොයි කොයි මලෙන් මුත් බඹරුන් රොන් ගනිතී
කොතන උනත් හරිනෙද මැණික රුව ඇතී
රුව ඇත්නම් අඩු කුළයද කමක් නැත

පතුල බැසා අල උදුරන කලට ලියේ
මකුල සේම වත ඉහලට යාය ලියේ
මුකුළු සිනා අප දැක කොඩු කාරියේ
කැකුළු තන තෙමෙයි නොබසින් ගැඹුරු දියේ

2 comments:

  1. අන්දරේගෙ කවි වලට මම ගොඩක් අශායි තව දාන්න පුලුවන්නම් ඉතා වටිනවා ඔය අන්දරේ සෙත් කවි වගේම වස් කවි කියන්නත් හරි දක්ෂයෙක්..

    ReplyDelete
  2. ඔව්...සොයාගන්නට හැකි උනොත් පල කරන්නම්..ස්තුතියි ඔබට

    ReplyDelete