කුලමල නැති වෙන්ඩ අවුසදයක් කාසී

 ගඟ දිය බොරවුණත් කූනිස්සන්ටයි වාසී
ඒ දිය බොරවුණත් කඩයටමයි වාසී
නිල තල වැඩිවුනත් මහතුන්ටයි වාසී
කුලමල නැති වෙන්ඩ අවුසදයක් කාසී

පීහිල්ලේ දියට කළයක් නැමූවත්
නොපිරේ කලය හැට පැයකින් බැලූවත්
ගුණ නැති එකා බණ දහමින් වෙලූවත්
උගේ ගතිය ඌ නාරී මැරූවත්


බස්සා නිදිමරයි කිසි හොරකමක් බැරි

බල්ලා සෙමින් නොගියත් කිසි වැඩක් බැරි
ඌරා මඩ හෑරු මුත් වැපරුමක් බැරි
සිවලා සිංහ වෙස් ගත්තද නාද බැරි

සිංහල ජන කවිය ඇසුරෙන්

Post a Comment

0 Comments