Wednesday, 5 August 2015

සුරබි දෙන ගානයි...



මේ ලොවේ
කැමති යමක්.....................
ලබන්නට පෙර දැනෙන්නේ
මහමෙරක් ගානයි....

ඔබ සතුටින්ද කියා මා ඇසුවා


ඔබ සතුටින්ද කියා මා ඇසුවා
ඔබ සතුටුයි කියා කීවා...
මා සතුටින්ද කියා ඔබ ඇසුවා
මගේ සතුට නුඹ ලඟයි කියා මා හැඬුවා..
ඒ සතුට මා ගන්නම් කියා ඔබ හැඬුවා

එපා හිතුන විට වෙසඟන



වූවෙමි මම නුඹෙ හසඟන
ජීවිත කරලියෙ නළඟන
බැරි කල ආ විට දෙවඟන
එපා හිතුන විට වෙසඟන

ඈත භවයක කෙදිනක හෝ නුඹ



සිහින් සරින් මුමුණන ගී සින්දූ
මතකයෙන් විත් හද පාරනවා.....
ඈත භවයක කෙදිනක හෝ නුඹ
මා නළවා ඇති බවක් දැනෙනවා...

Sunday, 2 August 2015

මේ අන්ධකාරේ



නැහැ තාරකාවේ
ලං වෙන්නෙ ආයේ
මේ අන්ධකාරේ
යලි එන්නෙ නෑනේ...

සොලොස් සඳවත යලි නැගේවිද‍‍


රැහැන් තදකල දැහැන් බිඳහල
සොලොස් සඳවත යලි නැගේවිද‍‍...
කොපුල් තෙමී ගිය මත් ගිජිඳකු ලෙස
සැලෙන සිත ලඟ යලි හඬාවිද.....

නොමිදුනෙමු යකුගෙන්


යක්ෂයා සිරකල
ලෙන් දොරෙහි මුදුනෙහි
නුඹේ හද මැදුරෙහි
වහලෙක් කල මා....
භවගමන ගිම්හාන 
වස්සාන වසන්තය පුරා
සොයා ලතැවෙන්නෙමි
නිවහල් ප්‍රේමයක්..........

Friday, 12 June 2015

කිමද මේ තනිකම



කිමද මේ තනිකම
දෙනෝදාහක් මැද වුව
හඬන්නට සිත් දෙන
කියන්නට බැරි දුක......

Thursday, 11 June 2015

ඔබ තාමත් නිදි නිසොල්මනේ



ඔබ තාමත් නිදි නිසොල්මනේ
පුළුන්වළා යහන්තලේ
සඳ සැතපෙන සේ.....................
ඔබ තාමත් නිදි නිසොල්මනේ

නීල ආකාසේ…


මහරු සිත්තම් නිබඳ අඳිනා
මහා අවකාශේ….
මහා හිස්බව පමණි ඇත්තේ
නීල ආකාසේ…

සක්විති රජෙ‍ඳෙක් වගේද තුන්සිත



තරුකැට ගිලිහුනු අහස වගෙයි නෙත්
වස්සානයෙ තෙත් පොලොව වගෙයි නෙත්
වාන් දොරටු හැරි වැවක් වගෙයි නෙත්
භද්‍රකල්පයම කරවනු ඇයි තෙත්

මා ආපසු යන්නට යනවා



මා ආපසු යන්නට යනවා
රැගෙන යන්නට කිසිත් නැති කල 
හිස් අතින් ආපසු යනවා......

පසුකර ගෙන ආ වස්සාන සමයෙහි
ගිල ගන්නට ආ ගිම්හාන සමයෙහි
ඇති තරම් තුටු උනා ඇති තරම් දුක් උනා..
ඒ සතුට ඒදුකද අතැර මෙහි මග දමා..

මා සොයන නුඹ තවම නැත්තේ



ගලා ගෙන යයි නදිය හෙමිහිට
සොයා ගෙන නිම් තෙර සයුරු ඉම
බලා හුන්නෙමි සිය දහස්වර
සොයා ඒ දැයි නුදුටු නෙතුවර....

Friday, 22 May 2015

සදානන්දය ද මේ



සදානන්දය ද මේ
‍දැවෙන සුසුමන් ගෙනෙන්නේ....
උත්කෘෂ්ධ පෙමද මේ
නෙතඟ කඳුලින් පුරන්නේ......

සිතුවමටම සිත රැවටුනා


ගත තුල ඇති සිත 
සිත සිතා........
සිත තුල ඇති රුව 
සොය සොයා...
හමුවෙන හමුවෙන රූ බලා
සිත තුල ඇති රුව සිත්තම් කලා...

හෙන්දිරික්කා මල හැන්දෑවේ..



මළහිරු එක්කම මිය ඇදෙනා
හෙන්දිරික්ක මල ඉකිබින්දා
මන්දහාසය දුකක් වන විට
කඳුල මිහිරියි නුඹ තරම්.........

කල ගුණ නොදත් ලොව ඇයි තව දිවා රැය


පහන් පැලේ මැටි පහනේ මළාණික
සිළු දැවුනේ ඇවිලෙන සෝ සුසුම්වල
නළලත තියා දෑඟිලි බැඳ යැදුම් යැද
නමස්කාර කල දෙවියෙකු මෙතුල නැත...

තත් සින්ද තත් බින්ද වීණාව ඔබ ......


තත් බිඳුනු වීණාව නොව
තත් සින්ද වීණාව ඔබ
නැගෙන තත් හඬ පරදවා 
දිව්‍ය වෙන නද අරභයා.......
තත් සින්ද තත් බින්ද වීණාව ඔබ ......

සුසුම් හෙලන පහන් සිළුව


රෑ අඳුරට දැල්ල දිලෙන
අඳුර නැසෙන පහන් එළිය
ඒ එළියද මට මේ ජීවිතය කියන්නේ...

ඔබ පාන සිනා


ඔබ පාන සිනා කවුළු දොරින්
කුමක් කියාවී.....
සඳ පාන කියා පෙනෙන හෙයින්
සිත පැටලේවී...

ගොරෝසු ප්‍රේමය



ගොරෝසු ප්‍රේමය

පුදන්නට තරම් කුසුමක්


නෙතින් පිය වසා නෙත තෙත
දෙකම්මුල් දිගේ වැගිරෙන
ගලන්නාවූ සිතිවිලි ගඟ
තුලම යයි ගිලී............

කුමට ඉතින් මරු නොඑයි සිතා...


පවනට සැලි සැලි
ඈතට යන විට
පිපි මල් පෙති සුවඳයි...

Tuesday, 7 April 2015

රාත්‍රිය දුටිමි මම


රාත්‍රිය දුටිමි මම 
පහන් සිළුවක දැවෙන
හිමිදිරිය එළැඹි කල
පිනි බිඳුවක නිදන.....

නුඹව සෙව්වෙමි



ගඟ දියෙහි යන 
නුඹව දැක මා උමතුවෙන්...
දියට පැන වැද
නුඹව සෙව්වෙමි..........

ආයෙත් බැහැ

ආයෙත් තෙමෙන්නට බැහැ
මුරුගසං වරුසාවෙ
තියුනු සැත් වලින් සිඳ ගෙල
කවන්ධය වී ඉන්න....

මහාමෙරත් ඉකිබින්දා


මඳ පවණක් දෝත දරා
මාරුතයක් පැතූ නිසා
මගේ පැතුම් දිහා බලා 
අහස් ගව්ව සිනාසුනා...

Saturday, 4 April 2015

සුසුම් පවන් රැල් අතරින්


සුසුම් පවන් රැල් අතරින්
පහන්සිලක් සැලෙනවා
මන්දාකිණියේ ඈතට
ලතැවිල්ලක් නැගෙනවා

Friday, 20 March 2015

සහන් එළියෙන් අඳුර අඳුර ගැලුවා මැයි...


බොහෝ වේගෙන් හමා එන්නේ
චන්ඩ මාරුත වෙස් බඳින්නේ
බොහෝ කල් මඳනලම වූ දේ මයි....
කයම සිපගත් සිනිඳු මදනල මයි....

ලෝකයම මිරිඟුවද මේ..


හිමි උනා නම් 
අහිමි වීමද එතැනමයි...
සිනහ වී නම්
කඳුල සුසුමද රැගෙන එයි..

දිනෙක මම මියැදෙම්



රාත්‍රිය නොපවතියි
ගෙවි ගෙවී දියව යයි...
ගංගාවට උඩින් 
කඳුමුඳුන සිට හිරු එබෙයි...

කාලවළා රුව



කාලවළා රුව 
දෑස වසාවිද
මෑත කිසිත් නැති
බව නොදැනේවිද
ඈත සොඳුරු යැයි
තවම හිතාගෙන
කාල යානයක් සිතින් පැතූවද....

Sunday, 8 March 2015

බලා උන්නත් කිමද නැහැ සසර නිමවෙලා...

හැමදාම ඉර වැටෙන ගල්තලාවට වෙලා
හැමදාම සමුගන්න ඉර දිහා බල බලා
හැමදාම සඳ එයිද නෙත් කෙවෙනි පිහ පිහා
බලා උන්නත් කිමද නැහැ සසර නිමවෙලා...

වනස්පති වෘක්ෂය



තවම නුඹ සීරුවෙන්
වනස්පති වෘක්ෂය....
ඇද වැටෙනු නොහැකිව
සිටිනුයෙද ශෝකයෙන්...

කිමද හිරු සඳු තරු නොඑන්නේ


බැස නොයන තෙක් හිරු දාවලයි
බැස ගියොත් හිරු ගොම්මනයි
සඳක සේයාවකුත් නොම ඇති
රැය අමාවක රාත්‍රියයි.....

සඳ නොදුටු රාත්‍රිය



නොදුටු රාත්‍රිය 
පින්නෙහි දියවෙලා
හිරු එබෙන පෙරඹරට
පිනි කැට දියවෙලා
නොසරුප් සුළඟ එනවිට
මල් පෙති ගිලිහිලා
වනය මැද අඩිපාර 
කසල කුණු රොක් වෙලා...

Saturday, 17 January 2015

මා දෙපයට සවි දුන්නත්


මහා දුකක රැඳුනු ලොවක
සැබෑ අරුත පෙන් වූ.......
සිහින ලොවක දැවටුනු සිත
සැබෑ ලොවට කැන්දූ......