ජාතික නිදහස් සටනේ අභීත මුර දේවතාවා - වාරියපොල සුමංගල හිමි

 

                                                 වාරියපොල ශ්‍රී සුමංගල නාහිමි / Ai නිර්මානයක්

හැඳින්වීම

ක්‍රිස්තුවර්ෂ 1815 මාර්තු මස 02 වැනිදා උඩුරට ගිවිසුම නම් ලියවිල්ලකින් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය ජාතීන්ගේ පාලනයට නතු වී යටත් විජිතයක් බවට පත්වූ වග වත්මන් දරු පරපුර සමහරවිට නොදන්නවා වියහැකිය. එවකට සිංහල බෞද්ධයාගේ තිබුනු ගුණධර්ම, ආචාරධර්ම, බලලෝභීත්වය, කුල භේදය සහ කුල මාන්නය, අසමගිය, ආත්මාර්ථකාමය, ආදිය පිරිහී යාමෙන් බ්‍රිතාන්‍ය ජාතිකයින් හට සමහර උඩරට ප්‍රභූවරුන්ගේ ගිවිසුම්ගත එකඟතාවයෙන් සිංහල රාජ්‍ය බලය අල්ලාගෙන සිංහලේ අන්තිම රාජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට හැකිවිය. රජු ඉංග්‍රීසීන්ට පාවා දුන්නේද උඩරට සිංහල බෞද්ධ ප්‍රභූ සමාජය විසින්ම බැව් ඉතිහාසයේ පැවසේ. එවන් සමාජ තත්වයක් මත වුවද, ජාතික හැඟීමෙන් කටයුතු කල ගිහිපැවිදි බෞද්ධ බොහෝ පිරිසක් ජාතික නිදහස් සටන තුලින් මවුබිම ආරක්ෂා කර ගැනීමට දිවි පරදුවට තබා අභීතව කටයුතු කල ආකාරය අපගේ ඉතිහාස පාඩම් අපට කියාදෙයි. ඒ අතරට වැටෙන ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයානන් වහන්සේ නමක් වන්නේ ජාතික නිදහස් සටනේ අභීත මුරදේවතාවා යන විරුදාවලිය ලත් වාරියපොල ශ්‍රී සුමංගල නාහිමිපාණන්ය. මේ උන්වහන්සේ පිලිබදව තොරතුරු බිඳක්ය.

 

ඔබගේ ජීවිතයට යහපත් පෞරුෂ ලක්ෂණ කීපයක් බුදුදහමෙන්

 

                              පුද්ගල පෞරුෂය ඔහුගේ කැඩපතයි - Ai Image නිර්මානයක්

·         පෞරුෂය (Personality) පිළිබඳ කෙටි නිර්වචන කිහිපයක්. බුදුදහමට අනුව පෞරුෂය ගොඩනැගීම සඳහා මෙත්ත සූත්‍රයෙන් ලබා දෙන යහපත් ගුණාංග 15 සහ ජීවිතයට ප්‍රයෝජනවත් අවබෝධයන්. ඔබේ චරිතය වර්ධනය කර ගන්න.

ආතතියෙන් මිදීමට බුදුදහමින් ලැබෙන පිටුවහල

 

                      මානසික ආතතියේ අන්ධකාර පැත්ත - Ai රූප නිර්මානයක්

හැඳින්වීම

බුදුදහම මුලුමනින්ම මනසේ හැසිරීම පිලිබදව ඇති විද්‍යාවකි. මනො පුබ්බංගමා ධම්මා මනො සෙට්ඨා මනොමයා” සියල්ලටම මුල් වන්නේ මනසයි. සියල්ලටම පෙරටුව එන්නේ මනසයි යන තැනින් බුදුදහම මනෝ විග්‍රහය ආරම්භ කරයි. එසේ හෙයින් බුදුදහම මනස, සිත, සිතිවිලි, චේතනා, පිලිබඳව නිරන්තර විග්‍රහයක් ඉදිරිපත් කරයි. නූතන සමාජයේ මානසික ආතතිය, මානසික පීඩාවන් පිලිබඳව සහ ඒවායින් මිදීමට කුමක් කල යුතුද යන්න බුදුදහම විවිධ ක්‍රම උපායන් ඔස්සේ අවධාරණය කරයි. 

අතීතය මා පසුකර යනවාද?? මා අතීතය පසුකර යනවාද?

 

                         අතීතය අප පසුකර යනවාද අප අතීතය පසුකර යනවාද / Ai රූප නිර්මාණයක්

දෘශ්‍ය මායාව

රාත්‍රියේ වීදි පහන් දැල්වෙමින් තිබෙනවා. කිසියම් ගමණක් ගිහිං මම නැවත මෝටර් රථය පදවාගෙන එමින් සිටින අතර මට පෙනෙනවා පාලුවට ගොස් ඇති මහා මාර්ගය දෙපස ඇති විදුලි පහන් කණු මා පසුකරගෙන පසුපසට යනවා. මට හිතුනා මා නිශ්චලව ඇති නමුත් විදුලි පහන් කණු මා පසුකරගෙන යනවා කියා. එවිට මම මෝටර් රථය පාර අයිනක නතර කර, පිටුපස වීදුරුව තුලින් ආපසු හැරී බැලුවා. විදුලි පහන් කනුද මා මෙන්ම නතරව ඇති බවක් මට පෙනුනා. මම කල්පනා කලා ආපස්සට ඇදෙන්නේ විදුලි පහන් කණුද නැත්නම් කාලයද කියා. මම නැවත මෝටර් රථය පණගන්වාගෙන ඉදිරියට ඇදුනා. මා ටික ටික ඈත් වෙන්නේ මා ගමන ආරම්භ කල තැනින් නේද?? නමුත් ඒක සත්‍යයෙන් අඩක් විතරයි. ආරම්භක ස්ථානයෙන් ටිකෙන් ටික ඈත්වෙනවා යනු මගේ නිවසට මා ටික ටික ලංවීම නෙවෙයිද? කොයි එකද එතකොට නිවැරදි??

සිතේ එකඟබව සහ බුදුදහම

 

                                        මානසික සාමය සහ භාවනාව / Ai නිර්මාණයක්

මානසික එකඟතාවය වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳ බුදුදහමේ විතක්ක සන්ථාන සූත්‍රයේ උගත් හැකි කදිම මනෝ උපදේශ. අයහපත් සිතිවිලි ඉවත් කර මානසික සමතුලිතතාවය රැකගන්නා ක්‍රම 5ක් ඉගෙන ගන්න.

 

හැඳින්වීම

ජීවිතයේ සෑම විටම මානසික ඒකග්‍රතාවය පවතියි නම් එයින් නිවැරදිව දෛනික කටයුතු කරගෙන යාමට මහත් පිටුවහලක් ලැබේ. නමුත් වර්තමාන ලෝකයේ කාර්යය බහුල ජීවන රටාව තුල මානසික ඒකාග්‍රතාවය මනස තුල තබාගන්නට මහත් වෙහෙසක් දැරිය යුතු අතර මානසික අවිවේකය සහ මානසික සමතුලිත භාවය රැකගන්නට අපොහොසත් වීම නිසා විවිධ මානසික ආතතීන් වලට මිනිසාට මුහුණ දීමට සිදුවේ.

දෛනික වැඩකටයුතු සහ කලබලකාරී වාතාවරණයන් මැද රැකියාවන් කරද්දී, වෙළඳ ව්‍යාපාර ආදී වෘත්තීන් වල නියැලෙද්දී, උසස් අධ්‍යාපන කටයුතු වල යෙදෙද්දී සහ විශේෂයෙන් මානසික වෙහෙස නිසා ගෘහ ජීවිතයේ සහ විවාහ ජීවිතයේ පවා බොහෝ ගැටළු පැන නගියි. සිතේ එකඟකම ඇති කරගන්නට බුදුදහමේ මජ්ඣිම නිකායේ "විතක්ක සන්ථාන සූත්‍රය" කදිම මනෝ උපදේශයක් සපයයි.

විවාහ බිඳවැටීම පිලිබඳව බුදුහමේ සහ නූතන විද්‍යාත්මක සමාජ විවරණය

 
                          නව දිවියක ආරම්භය - විවාහය සහ ප්‍රේමය - Ai නිර්මානයක්

 හැඳින්වීම

බුදුදහමට අනුව විවාහය, අනිත්‍යය සහ විවාහ බිඳවැටීමේ හේතු ආදරය, කැපවීම, ලෝභ-ද්වේශ-මෝහය සහ නූතන විද්‍යාත්මක විවරණය සමග ගැඹුරු විග්‍රහයක්.

විවාහය විශ්වය තරමට සාධාරන අසාධාරන ද්විවිධ ක්‍රියාකාරිත්වයෙන් පිරුනු අපූර්ව අවකාශයක් වූවත්, බුදුදහමට අනුව සියල්ල අනිත්‍යයි යන න්‍යායයට යටත්ය. විවාහය මතුපිටට පවතින දෙයක් බවට පෙනුනත්, එසේ බව පෙන්වන්නට උත්සාහ කලත්, බොහෝ විවාහ ඛේදජනක ලෙස නාමමාත්‍රිකව ලෝකය හමුවේ පවතියි. දිව්‍ය ලෝකයක්, පරමාදර්ශි ජීවිතයක්, වාසනාවන්ත කුටුම්භයක් ලෙස බාහිර ලෝකය හමුවේ මවන ප්‍රතිරූපය බහුතරයක් විවාහ ජීවිත තුල නොපවතින අතර, ලොවෙන් සැඟව ගිය, වෙනම වේදනාකාරී පීඩාකාරී මනෝභාවයක් ඒවා තුල පවතින බව නොරහසකි.

ආදරය අහිමි වන්නේ කර්මයෙන්ද? – බුදුදහමේ දැක්ම සහ විද්යායත්මක අවබෝධය

 

        ආදරය අහිමි වන්නේ කර්මයෙන්ද? 🌸 සම්බන්ධතාවේ අර්ථය බුදුදහමේ දැක්මෙන්

                                                    Ai නිර්මාණයක් 

 

හැඳින්වීම

ආදරය යනු මනුෂ්‍ය ජීවිතයේ අතිශයින් මනරම් හා දුක්බර දෙයක්ය. එය එකවර සතුටක්ද, විඳවීමක්ද වේ. බොහෝ විට දෙදෙනෙකු අතර ඇතිවෙන ආදරය කාලයත් සමඟ අඳුරු වෙයි. සමහරු — “අපි වෙනස් වෙලායැයි කියති . නමුත් බුදුදහමේ දැක්වෙන ආකාරයට ඒ වෙනස්වීම බාහිර ලෝකයේ සිදුවෙන දෙයක් නොවෙයි, අභ්‍යන්තරයෙන් උද්ගත වන කර්මජ වූ විපාකයක ප්‍රතිඵලයකි. චිත්ත තෛසික රූප නිබ්බාන නම් වූ සතර පරමාර්ථ ධර්මයන් තුල සිදුවන සන්සිද්ධියකි. එසේම නූතන සමාජ මනෝ විද්‍යාව අනුව මානස හැසිරීම්වල විෂම වූ හේතු කාරක නිසා සිදුවන්නකි. 

තන්හාව..විඳීම...විඳවීම සහ අනිත්‍යතා දුකින් මිදෙන මග

 

                                        තන්හාව සහ චිත්ත සමාධිය / Ai නිර්මානයක්

 

හැඳින්වීම

තන්හාව, විඳීම සහ විඳවීමේ ගැඹුරු ධර්මතාව ගවේෂණය කිරීම. ශරීරයේ සහ මනසේ අනිත්‍ය ස්වභාවය අවබෝධ කර ගැනීමෙන් දුකින් මිදෙන මාර්ගය පිළිබඳ ගැඹුරු බුද්ධ දර්ශනික විශ්ලේෂණයක්.

 ශරීරය යන්ත්‍රයක් පමණයි 

මේ ශරීරය කියන්නෙ ආසන්න වශයෙන් ගත්තාම හරියට ගහක්, ගලක්, පුටුවක්, මේසයක්, ඇඳක් වගේ දෙයකට සමානයි. ඒවාට හිතන්න බැහැ. ශරීරය හෙවත් කයටත් එසේමයි. ගස්, ගල්, ඇඳ, පුටු, මේස වලට විඳින්න බැහැ. ශරීරයටත් එසේමයි - හිතන්නත් බැහැ, විඳින්නත් බැහැ, විඳවන්නත් බැහැ. එහෙම හිතන, විඳින, විඳවන කෙනෙක් ශරීරයේ මොනම ඉන්ද්රියකවත් ඇත්තෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි, ශරීරයට ස්වාධීනව චලනය වෙන්නත් බැහැ - අතපය හොල්ලන්න, ගමන් කරන්න, ඉඳගන්න, නිදාගන්න ඒ කිසිවක් කරන්නත් ශරීරයට දැනුමකුත් නැහැ, ස්වාධීන හැකියාවකුත් නැහැ. ශරීරය යන්ත්රයක් විතරයි.

යන්ත්රයක් ක්රියාත්මක වෙන්නට බලශක්තිය සහ විධානය අවශ්යයි. ශරීරයේ බලශක්තිය තමයි කබලිංකාහාර හෙවත් ආහාර, ජලය සහ හුස්ම (කබලිංකාහාරය කියන්නෙ ඒ තරම් සරළ දෙයක් නෙවෙයි, එය ගැඹුරු කාරණයක්).

කොසොල් රජුගේ සිහින 16 — අනාගත ලෝකය පිළිබඳ බුදුන් වහන්සේගේ විවරණය

 

                                             කොසොල් රජුගේ සිහින 16 - Ai නිර්මානයක්


හැඳින්වීම

බුදුන් වහන්සේගේ දේශනාවන් අනුව, වර්තමාන සමාජයෙහි විකෘති ආකාර, ආචාරශීලිත්වයේ  විපත, නීති පාලනයේ අඩුපාඩු සහ මානව චර්යාවේ පිරිහීම නිවන් මගට බාධා වන සාධක ලෙස සැලකිය හැක. නූතන ලෝකය නවීන විද්‍යාවේ අනපේක්ෂිත ඉහලම දියුණුවකට පත්ව ඇති අතර, නූතන ක්වන්ටම් භෞතික විද්‍යාවේ දියුණුව නිසා විශ්වයේ මෙතෙක් රහසක්ව පැවති බොහෝ දෑ හෙලිදරව් කරගන්නටද හැකිවී තිබේ. ප්‍රාග්ධන වෙළඳපොල සීඝ්‍රයෙන් පුලුල්ව ව්‍යාප්තව ඇති අතර ගෝලීය පරිභෝජන රටාව පවා උඩු යටිකුරු වී ඇත. මිනිසුන්ගේ සිතුම් පැතුම් අපේක්ෂාවන් වර්තමාන ගෝලීය ආකෘතිය හා ඒකාත්මික වී ඇති අතර ජාති භාෂා ආගම් සංස්කෘතික ගැටුම් පසෙකලා නව පරිභෝජන රටාවත් සමග එකතු වී ඇත.

එහෙත් රාජ්‍ය වල සහ පුද්ගලභාවයේ පරිහානිය කිසිවකු විසින් තක්සේරු කර නොමැති අතර, අද ක්‍රිස්තු වර්ෂ 2025 වන විට එදා ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ ජීවත් වූ බුදුරජානන් වහන්සේ ගෝලීය පුද්ගල පරිහානිය මනාව දුටුවේය. කොසොල් රජුගේ සිහින 16 හරහා සන්නිවේදනය කරන්නේ මානව සමාජයේ එම ගෝලීය පුද්ගල පරිහානියයි. 

කාලය, අවකාශය, හා අනිත්‍යය — අයින්ස්ටයින් හා බුදු ධර්මය අතර ගැඹුරු සන්ධියක්

 

               නූතන විද්‍යාව - අයින්ස්ටයින් - සහ ගැඹුරු අවියෝජණීය සමාධිය - Ai  නිර්මානයක්

                                             

හැඳින්වීම

ආලෝකො උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි යනුවෙන් බුදුරජානන් වහන්සේ ධම්මචක්ක පවත්තන සූත්‍රයේදී දේශනා කල පරිදි, ලෝකයට විද්‍යාව පහළවූයේ මෙයට අවුරුදු 3000 කට ආසන්න පෙර කාලයේදී සම්මා සම්බුදුරජානන් වහන්සේ ලොව පහළවීමත් සමගය. ඉන්පසුව ලෝකය නව චින්තනය අනුව කල විවිධ පර්යේෂණ මත පදනම් නූතන භෞතික විද්‍යාව සමග ඇල්බට් අයින්ස්ටයිගේ සාපේක්ෂතාවාදයද, ඉන් අනතුරුව ක්වන්ටම් භෞතිකයද ලොවට බිහිවී නූතන ලෝකය නව තාක්ෂණික ජයග්‍රහණ රැසක් අත්පත් කරගත්තේය. එම නූතන විද්‍යාව සමග නව දර්ශනවාදයක් ද ලොවට බිහිවිය. ඒ දර්ශනය තුල බිහිවූ කාලය අවකාශය සහ අනිත්‍ය දර්ශනය නැවත ආපසු හැරී බලනවිට මීට වසර තුන්දහසකට ආසන්න පෙර අතීතයේ බුදු ඇසට, බුදු නුවණට හසුවී ඇති ආශ්චර්යය පිලිබදව නොකියාම බැරිය. නූතන විද්‍යාව සහ බුද්ධ දර්ශනය එකට හමුවන, එකඟ වන සන්ධිස්ථානය පිලිබදව මෙයින් සාකච්ඡා කෙරේ.

බුදුදහමේ අනාත්මය පිලිබදව

අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා න්‍යාය සහ බුද්ධ ධර්මයේ ත්‍රිලක්ෂණය — අනිත්‍යතාව, දුක්ඛ, අනත්ත —  මෙම විවිධ පථ දෙක තුළින් පිළිබිඹු වන්නේ එක් මූලික සත්‍යයක් බව පෙනේ: සියල්ලම නිරන්තරයෙන් පරිවර්තනය වන, ස්ථාවර නොවන, අන්යෝන්‍ය සම්බන්ධිත තත්ත්වයක පවතින බවයි. එය බුදු දහමේ සහ සාපේක්ෂතා වාදයේ ප්‍රධානම දාර්ශණික සාධක දෙකකි.

 

ඇමන්ඩ් ඇට ආහාරයට ගැනීමෙන් සිරුරට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ | Health Benefits of Eating Almonds

 සෞඛ්‍යමත් ජීවිතයක් සඳහා, කුඩා පියවරක් — දිනපතා අතින් ඇමන්ඩ් කිහිපයක්.” 🌿


                                                       ඡායාරූපය - Ai නිර්මාණයක්

🌸 හැඳින්වීම

ඇමන්ඩ් (Almond) කියන්නේ පෝෂකමය අගයක් ඉතා ඉහළ ආහාරයකි. විටමින් E, ප්‍රෝටීන්, නාරික්ශණ, හා මොනොසැචුරේටඩ් මේද අඩංගු මේ කුඩා ඇටවලින්, ඔබේ සිරුරට ගණනාවක් වූ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගත හැක.

අද ලිපියෙන් අපි බලමු — ඇමන්ඩ් ඇට ආහාරයට ගැනීමෙන් ඔබේ සිරුරට ලැබෙන විද්‍යාත්මකව තහවුරු කළ ප්‍රතිලාභ මොනවාදැයි.

බොරුකීම - බුදුඇසින් සහ නූතන විදු ඇසින්

 

                              බොරු කීම ඇබ්බැහියක්ද වේ.               Ai රූප නිර්මාණයක් 

හැඳින්වීම

මනුශ්‍ය වර්ගයා බොරු කියති. එය වාචික දුශ්චරිත වලින් එකක් බවද, දස අකුසලයේ එක් අකුසලයක් බවද බුදුදහමේ සඳහන්ය. එසේ හෙයින් එය නීච ක්‍රියාවක් බවත්, ලෝකය පිලිකුල් කරන දෙයක් බවත්, බොරු කියන පුද්ගලයාට කල නොහැකි පාපයක් නොමැති බවත්, එය එක් අතකින් අතිශය භයානක මානව දුශ්චරිතයක් බවත් පිලි ගැනේ. ඒ නිසා ඇත්ත සඟවා සත්‍ය නොවන දෙයක් කීම බොරුවේ ස්වභාවය බවද, එසේ කරන තැනැත්තා යම් විටෙක ඇත්ත කීවද, එය ඇත්තක් හැටියට සමාජය නොපිලිගන්නා බවත්, නිරන්තරයෙන් බොරු කියන තැනැත්තාට සමාජයෙන් ලැබෙන්නේ ඉතාම පහත් තැනක් බවද පැවසේ.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආරණ්‍ය සේනාසන – නිහඬභාවය තුල චිත්ත සමාධිය සහ ප්‍රඥාව අවදි කරන්න.

 

          කුටුම්බිගල ආරන්‍ය සේනාසය - ඡායාරූප අනුග්‍රහය/https://dahamvila10.blogspot.com/

🕊️ හැදින්වීම

ධම්ම ද්වීපය ලෙස ප්‍රකට ශ්‍රී ලංකාව, සුන්දර වෙරළ තීර සහ සංස්කෘතික ස්මාරක පමණක් නොව, නිවන් සෙවනක් ලෙස හැඳින්විය හැකි ආරණ්‍ය සේනාසන සමඟ ද අද්විතීය අත්දැකීමක් ලබා දෙයි. මනසට නිවීම සැනසුම සොයන, භාවනාව හා බුදුදහමට ආදරය කරන විදේශීය සංචාරකයන් සඳහා, මෙවන් ආරණ්‍ය සේනාසන යථාර්ථ බුදුදහම් ජීවිතය පෙන්වන ස්ථාන වේ. අතීතයේ සිටම ශ්‍රී ලංකාව පුරාම මෙවන් වනගත ආරන්‍ය සේනාසන විශාල ප්‍රමාණයක් ජනාකීර්ණ ප්‍රදේශ වලින් වෙන්වී වනගතව අද දක්වා පැවත එයි.

ධම්මසංඝණි ප්ර කරණය ඇසුරෙන් බුදුදහමේ රූප විවරණය: නවීන විද්‍යාවෙන් ලැබෙන පිලිගැනීම

 

                        බුදුදහම සහ නූතන විදයා සංකල්ප සමපාතවීම  - https://www.bing.com/images

හැඳින්වීම

නූතන ලෝකය අද නවීන විද්‍යාව තුලින් සිතන්නට බැරි තරම් මහා දුරක් ගමන් කොට තාක්ෂණික වශයෙන් කෘතිම බුද්ධිය පවා නිපදවන්නට සමත් වූ කාලයක, කිසියම් දර්ශනවාදයක් ඊට සමපාතිකව විශ්වය පිලිබඳව අදහස් දරයි නම්, එම දර්ශනය නූතන ලෝකය තුල ස්වකීය විශ්වාසනීයත්වය තහවුරු කරන්නටත්, ලෝකය විසින් පිලිගැනීමටත් ලක් වේ. බුදුදහම සහ බෞද්ධ දර්ශනය එසේ නූතන ලෝකයේ විද්‍යාත්මක තුලින් පවා ප්‍රතික්ෂේප නොවී තිබෙන්නේ ඒ නිසාය.

විශ්වයේ පවතින තාරකා, ග්‍රහලෝක, මන්දාකිණි, පෘථිවිය, ජීවීන්, පදාර්ථ, අංශු ආදී කිසිම භෞතික වස්තුවකට, සදාකාලික පැවැත්මක්, නිත්‍ය ස්වභාවයක් කිසිදා ලැබෙන්නේ නැත. ඒ සියල්ලම කිසියම් තීරණාත්මක අවසානයකට පත්වීම නියත බව බුදුදහමේ මූලික සංකල්ප තුනකින් පැහැදිලි කර ඇත.

1.   අනිත්‍යය - සදාකාලික නොවන බව. අස්ථිර බව. (Impermanent)

2.   දුක්ඛය - විපරිනාමය, වෙනස්වීම, ගතිකය (Evolution, change, dynamics)

3.   අනාත්මය - හේතු ප්‍රත්‍යයෙන් යුක්තවීම සහ ආත්මයක් රහිත බව (Cause and effect and the absence of a soul)

මෙම ත්‍රිලක්ෂණ මූල න්‍යායෙන් බාහිරව කිසිම විශ්ව සත්‍යයක් නොමැති බව බුදුදහම අවධාරණය කරයි.

චූල වේදල්ල සූත්‍රයෙන් බුදුදහමේ ගාම්භිර නය්‍යායන් දැනගනිමු

 

                             ධම්මදින්නා රහත් මෙහෙණිය සහ විශාඛ උපාසක අතර ධර්ම සංවාදය

                                                Photo Credit - Bing Image Creator

හැඳින්වීම

මජ්ඣිම නිකායේ 44 වන සූත්‍රය මෙය වන අතර, විශාඛ උපාසකයා සහ භික්ෂුණී ධම්මදිනී අතර සිදු වූ ගැඹුරු සංවාදයකි. මෙහිදී ආත්මයයන අදහස, එහි උත්පත්තිය, නිරෝධය සහ මාර්ගය පිළිබඳව විස්තර කෙරේ.

.

ක්වොන්ටම් භෞතික විද්යාවව සහ බුද්ධාගම - යථාර්ථය පිළිබඳ සංසන්දනාත්මක ගවේෂණයක්

 

                                                    Photo Credit - https://www.pinterest.com/

 

ප්‍රවේශය

21 වන සියවසේදී, නූතන විද්‍යාවේ විප්ලවය - විශේෂයෙන් ක්වොන්ටම් භෞතික විද්‍යාව - අප විශ්වය තේරුම් ගන්නා ආකාරය නැවත හැඩගස්වා ඇත. ක්වොන්ටම් න්‍යායෙන් යෝජනා කරන්නේ යථාර්ථය ස්ථාවර, විෂයානුබද්ධ හෝ යාන්ත්‍රික නොවන නමුත් අන්තර් සම්බන්ධිත, අවිනිශ්චිත සහ නිරීක්ෂකයා මත යැපෙන බවයි. සිත්ගන්නා කරුණ නම්, වසර 2,500 කට වැඩි කාලයකට පෙර, බුදුන් වහන්සේ අනිච්ච (අනිත්‍යතාවය), අනත්ත (ස්වයං නොවන) සහ පටිච්චසමුප්පාද (හේතු සම්භවය) යන මූලධර්ම හරහා යථාර්ථය පිළිබඳ සමාන දෘෂ්ටියක් ඉගැන්වූ සේක.

මනස පාලනය කිරීම: ආනාපානසති භාවනාව පිළිබඳව පූර්ණ විස්තර

 

                                         photo credit - https://www.pexels.com/

බුදුන් වහන්සේ ඉගැන්වූ සුවිශේෂී භාවනා ක්‍රමය ආනාපානසති භාවනාව පිළිබඳ සම්පූර්ණ මාර්ගෝපදේශය. ශ්වාස ප්‍රක්‍රියාව මුල් කරගත් මෙම භාවනාව සතර සතිපට්ඨාන ධර්මය පුරාද, ඥානය ද, මුක්තිය ද සාක්ෂාත් කර දෙන ආකාරය මෙහි දක්වා ඇත.

බුදුදහමේ දේශනා යොදා ගනිමින් නවීන මානසික ආතතිය අඩු කරමු (Applying Buddha’s Teachings to Reduce Modern Stress)

 

                                                    Photo Credit - https://unsplash.com/

ආරම්භය

අප ජීවත්වන නවීන ලෝකය වේගවත්, තරඟකාරී සහ කාලයට එරෙහිව දිවෙන එකක් ලෙස හැඳින්විය හැකිය. දෛනික වැඩකටයුතු, පවුල, ආර්ථික තත්ත්වය, තාක්ෂණය සහ සමාජ මාධ්‍ය යන සියලුම දේ අතර මිනිස් මනස අඛණ්ඩව අධික පීඩනයකට ලක්වෙයි.
මේ තත්ත්වය තමයි අපි “Stress” කියලා හඳුන්වනේ නමුත් බුදුදහමේ දෘෂ්ටියෙන් එය යම් බාහිර බලපෑමක් නොව, මනසක ඇති අවිද්‍යා, තණ්හාව සහ උපාදානය මත ඇතිවන දුක් වේ.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය මනස නිදහස් කරන මාර්ගයක් ලෙස පෙන්වා දෙන අතර, එය යථාර්ථය හඳුනාගෙන, දුක් ඇතිවීමේ හේතුව දැකගෙන, ඒ දුක් නිවා දමන මඟ දක්වන සම්පූර්ණ පද්ධතියක්ය.
මේ ලිපිය තුළ අපි බලමු බුදුදහමේ දේශනා කෙරෙහි හැසිරීමෙන් කෙසේ නවීන මනෝ පීඩනය අඩු කර ගත හැකිද කියා.

පහාරාද සූත්ර‍ය – මහා සාගරයේ ආශ්චර්යය අෂ්ඨකය සහ බුදු දහමේ අරුත

 

                                         Photo Credit - https://www.bing.com/images/create                                                                                              

අන්තර්ගතය -

අසුර ප්‍රජාව, පහාරාද අසුරෙන්ද්‍රයා, මහමුහුදේ අද්භූත ආශ්චර්යය කාරනා, බුද්ධ ශාසනයේ අද්භූත ආශ්චර්යය කාරනා, පහාරාද සූත්‍රය තුලින් අපට ගත හැකි පාඩම්.

 

හැඳින්වීම

පහාරාද සූත්‍රය හරහා ගැඹුරු බුද්ධ ධර්මය සහ බුද්ධ ශාසනයේ  සංවිධානාත්මක සුන්දරත්වය අවබෝධ කර ගැනීමේ අවස්ථාව පහාරාද සූත්‍රයේ අද්භූත ආශ්චර්යය කාරනා විමසීමෙන් දැනගන්නට හැකි වෙයි. අංගුත්තර නිකායේ මහාවග්ගයේ අඩංගු මෙම සූත්‍රය, බුදුරජාණන් වහන්සේ සහ අසුර ජනනායක පහාරාද අසුරෙන්ද්‍රයා අතර ඇති වූ සංවාදයක් හරහා ගොඩ නැගී ඇති අතර එය මහා සාගරයේ ඇති අසිරිමත් ගුණාංග අට, බුද්ධ ශාසනයේ ඇති අසිරිමත් ගුණාංග අට සමඟ සංසන්දනය කරමින්, ධර්මයේ සම්පූර්ණත්වය සහ ක්‍රමානුකූල ස්වභාවය ලොවට හෙළි කරයි.

බුදුදහමේ මූලික සංකල්ප | දුක්ඛ නිරෝධයේ මාර්ගය | කර්ම සූත්‍ර ගැටළුව

 

                                        Photo Credit - https://www.pinterest.com/

හැඳින්වීම

ජීවිතය යනු හේතු සහ ප්‍රතිඵල වල දාමයක් බව බුදුන්වහන්සේ අවධාරණය කළහ. මෙම දාමයේ ආරම්භය හෝ අවසානය සොයාගත නොහැකි නමුත්, එහි ක්‍රියාකාරීත්වය පැහැදිලිවම දක්වා ඇත. අංගුත්තර නිකායේ ඇති අවිද්‍යා සූත්‍රය සහ තණ්හා මගින්, දුකේ මූලික කාරණයේ සිට නිවනට පත්වීමේ මාර්ගය දක්වා වූ සම්බන්ධීකරණ පෙළගස්වා ඇත. එකී සූත්‍රාන්ත කාරනා විමසා බැලීමක් මේ ලිපියෙන් සිදු කෙරෙ. 

Comments