චූල වේදල්ල සූත්‍රයෙන් බුදුදහමේ ගාම්භිර නය්‍යායන් දැනගනිමු

 

                             ධම්මදින්නා රහත් මෙහෙණිය සහ විශාඛ උපාසක අතර ධර්ම සංවාදය

                                                Photo Credit - Bing Image Creator

හැඳින්වීම

මජ්ඣිම නිකායේ 44 වන සූත්‍රය මෙය වන අතර, විශාඛ උපාසකයා සහ භික්ෂුණී ධම්මදිනී අතර සිදු වූ ගැඹුරු සංවාදයකි. මෙහිදී ආත්මයයන අදහස, එහි උත්පත්තිය, නිරෝධය සහ මාර්ගය පිළිබඳව විස්තර කෙරේ.

.

1 සක්කාය දිට්ඨිය (self) යනු කුමක්ද

රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යන මේ පඤ්ච උපාදානස්කන්ධයට (five holding masses)  සක්කාය යැයි කියනු ලැබේ. එය ආත්ම දෘශ්ඨිය වශයෙන් මනස තුල වර්ධනය වෙයි.

2 සක්කාය දිට්ඨිය (ආත්ම දෘශ්ඨිය) පහළ වීමට හේතුව‍

ඒ ඒ රූපාදී අරමුණු වල සතුටු වන, ඒවා අගය කරන, ඒවා වර්නනා කරන, නන්දිරාගය සමග එක්ව  පුනර්භවය ඇතිකරවන, යම් ඇලීමත් තන්හාවක් වෙත්ද, එය සක්කාය දිට්ඨියේ පහළ වීමට හේතුව බව මෙම සූත්‍රයෙන් හෙලි වෙයි. තව දුරටත් තන්හාව විස්තර කිරීමේදී තන්හාව ආකාර තුනකට යෙදෙන බැව් සඳහන් වේ.

*      කාම තන්හා ( කාම වස්තු පිලිබඳව ඇති ආශාව)- මෝහය

*      භව තන්හාව ( නැවත නැවත පැවැත්ම සඳහා ඇති ආශාව) ලෝභය ඇලීම

*      විභව තන්හා ( ප්‍රතික්ෂේප කිරීමට ඇති ආශාව) - ද්වේශය - ගැටීම

3 සක්කාය දිට්ඨි නිරෝධය

ඒ ඒ අරමුනු කෙරෙහි ආත්ම දෘශ්ඨිය තුල තිබෙන තන්හාව ඒ ඒ තන්හාව ඉතිරි නැතිව නිරුද්ධ වී නම්, තන්හාවේ බැහැරවීමක්, නොඇල්මක් වේද, එය සක්කාය දිට්ඨියේ නිරෝධයයි.

4 සක්කාය දිට්ඨිය නැති කිරීමේ ප්‍රතිපදාව හෙවත් මාර්ගය

ඉහත සඳහන් කල මෝහ මූලික ලෝභ ද්වේශ යන අන්තයන් නිසා ඒ ඒ තැන සක්කාය දිට්ඨිය හටගන්නා බව මෙම සූත්‍රය ඇසුරින් පෙනේ. එම අකුසල මූලයන් නැති කරන නිරුද්ධ කරන ප්‍රතිපදාව වන්නේ ආර්යය අෂ්ඨාංගික මාර්ගයයි. එනම්  නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි කර්මාන්තය, නිවැරදි ජීවිකාව, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන අංග 12යි.

 

                                        පඤ්ච උපාදානස්කන්ධය  - https://buddhism.net/

                                       

5 උපාදානයත් පඤ්ච උපාදානස්කන්ධයත් එකක්ද

පඤ්ච උපාදානස්කන්ධය යනු උපාදානය නොවන බව මෙම සූත්‍රයෙන් පැහැදිලි කරයි. එහෙත් උපාදානාස්කන්ධ පහ හැර උපාදානයකුත් නොමැති බව චූලවෙදල්ල සූත්‍රයෙන් තවදුරටත් අවධානය කරයි. උපාදානස්කන්ධ පහ පිලිබදව යම් ඇල්මක් තිබේ නම් එය උපාදානය බව සඳහන් කෙරේ.

6 සක්කාය දිට්ඨියේ ස්වභාවය

එය මෝහ මූලික නූගත් දෘශ්ඨියකි. එබඳු දෘශ්ඨියක් ඇති පුද්ගලයාගේ ලක්ෂණය වන්නේ

v  ඔහු බුද්ධාදී ආර්යයන් පිලිබඳව ගුණ වශයෙන් නොදකියි.

v  එම පිරිසිදු ආර්යය ධර්මය අනුව හැඩ ගැසෙන්නට අදක්ෂයි.

v  ආර්යය ධර්මය තුල හික්මෙන්නට නොහැකියි.

v  සත් පුරුෂයන් නොහඳුනයි.

v  සත් පුරුෂ ධර්මය තම ජීවිතයට ලංකරගන්නට අදක්ෂයි.

v  ඒ නිසාම සත්පුරුෂ ධර්මය හික්මෙන්නට නොහැකියි.

v  රූපය තමා වශයෙන් මම යැයි දෘශ්ඨියට වැටෙයි

v  මේ තමාගේ රූපය යැයි දකියි.

v  රූපය තමා තුල යැයි සිතයි

v  තමා රූපය යැයි සිතයි.

v  වේදනාව තමාට අයත් යැයි සිතයි.

v  වේදනාව තමා තුල යැයි සිතයි.

v  වේදනාව තමා යැයි සිතයි.

v  සංඥාව, සියලු හඳුනාගැනීම්, සියලු දැනුම සම්භාරය තමා යැයිද, තමාගේ යැයිද සිතයි.

v  සංස්කාර හෙවත් චේතනා සිතිවිලි තමා යැයිද, තමාගේ යැයිද සිතයි.

v  විඤ්ඤාණය තමන් බව සිතයි. විඤ්ඤාණය තමාගේ බව සිතයි.

රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඤ්ඤාණය යන ස්කන්ධයන් තමා නොවන බවද, තමාට අයත් නොවනබවද, ඒ තුල තමා යැයි ආත්මයක් නොපවතින බවද, ඒවා ඇස කණ ආදී ආයතයන් නිසා හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා අනාත්ම ධර්මතාවයන් බවද, ඒවා නිත්‍ය නොවන ඒ ඒ අවස්ථාවට හට ගෙන හේතූන් නැතිවන විට නිරුද්ධවන බවද තවදුරටත් චූල වෙදල්ල සූත්‍රයෙන් අනාවරණය වෙයි.

7 ආර්යය අෂ්ඨාංගික මාර්ගයෙහි ස්කන්ධ වශයෙන් බෙදීම

එය ශීල, සමාධි, ප්‍රඥා වශයෙන් ස්කන්ධ තුනකට බෙදා ඇති බව චූලවෙදල්ල සූත්‍රයෙහි සඳහන් වේ.

Ø  ශිල ස්කන්ධයට - සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව

Ø  සමාදි ස්කන්ධයට - සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි

Ø  ප්‍රඥා ස්කන්ධයට - සම්මා දිට්ඨි, සම්මා සංකප්ප

8 සමාධිය සහ සමාධි භාවනාව පිලිබඳව නිර්වචන

සිතෙහි ඇති එකඟභාවය හෙවත් චිත්ත ඒකාග්‍රතාවය සමාධියයි. සතර සතිපට්ඨානය සමාධියට නිමිති කාරණයන්ය. එය සමාධි නිමිත්ත වශයෙන් චූලවෙදල්ල සූත්‍රයේ විස්තර කරයි. සතර සම්‍යක් ප්‍රධාන වීරිය සමාදි පිරිවර ලෙස හැඳින්වේ. එය නිරන්තරයෙන් සේවණය කරමින් බහුල වශයෙන් භාවිතා කරමින් මනස පැවැත්වීම සමාධි භාවනාව ලෙස පෙන්වා දී ඇත.

9 සංඛාර සහ සංඛාර වර්ගීකරණය

ප්‍රධාන වශයෙන් සංඛාර තුනක් පිලිබඳව චූලවෙදල්ල සූත්‍රයේ සඳහන් වේ.

   i.     කාය සංඛාර - ආශ්වාස ප්‍රශ්වාස

  ii.     වචී සංකාර - විතක්ක / විචාර

 iii.     චිත්ත සංඛාර - වේදනා / සංඥා

 නිගමනය

බුදුදහම කෙරෙහි නිවැරදි දැක්මක් ඇති කරගැනීමට බුදුහමෙහි මෙම මූලික න්‍යායයන් ඉගාම පිටුවහලක් වනු ඇත. සසර දුකින් නිදහස් වීමට විවිධ ක්‍රමවේදනයන් පසුපස හඹා යන මෙවන් කාලයක, නිවැරදිව බුදුදහම වටහා ගන්නේ කෙලෙසදැයි මෙම චූලවේදල්ල සූත්‍රයෙන් කියා දෙයි.

චූල වේදල්ල සූත්‍රය සවිස්තරව කියවා ගැනීමට පහත සඳහන් සබැඳි වලින් පිවිසෙන්න

1.   https://www.bps.lk/tipitaka/2Sutta-Pitaka/2Majjhima-Nikaya/Majjhima1/044-culavedalla-s.html

2.   https://pitaka.lk/main?n=18144

3.   https://tripitaka.online/sutta/412

No comments:

Post a Comment

Comments