ආදරය අහිමි වන්නේ කර්මයෙන්ද? 🌸 සම්බන්ධතාවේ අර්ථය බුදුදහමේ දැක්මෙන්
Ai නිර්මාණයක්
හැඳින්වීම
ආදරය යනු මනුෂ්‍ය ජීවිතයේ අතිශයින් මනරම් හා දුක්බර දෙයක්ය. එය එකවර සතුටක්ද, විඳවීමක්ද වේ. බොහෝ විට දෙදෙනෙකු අතර ඇතිවෙන ආදරය කාලයත් සමඟ අඳුරු වෙයි. සමහරු — “අපි වෙනස් වෙලා” යැයි කියති . නමුත් බුදුදහමේ දැක්වෙන ආකාරයට ඒ වෙනස්වීම බාහිර ලෝකයේ සිදුවෙන දෙයක් නොවෙයි, අභ්‍යන්තරයෙන් උද්ගත වන කර්මජ වූ විපාකයක ප්‍රතිඵලයකි. චිත්ත තෛසික රූප නිබ්බාන නම් වූ සතර පරමාර්ථ ධර්මයන් තුල සිදුවන සන්සිද්ධියකි. එසේම නූතන සමාජ මනෝ විද්‍යාව අනුව මානස හැසිරීම්වල විෂම වූ හේතු කාරක නිසා සිදුවන්නකි.
ආදරය සහ ජීවිත ස්වභාවය - Ai නිර්මාණයක්
🪷 පෙර කර්මය සහ ආදරය
බුදු දහම
අනුව, අපට අද අත්විඳින ආදර, මිතුරු, පවුල්, හෝ විරුද්ධ සියලු සම්බන්ධතා —— පෙර කර්මයෙන් බිහිවූ ඵලයකි.
පෙර ජීවිතයක සිදුකළ කර්ම වලට අනුව, අපට
අද හමුවන පුද්ගලයන් සමඟ ඇති සම්බන්ධතා එම කර්මය විසින් මග පෙන්වනු ලැබේ.
එබැවින් ආදරයක් ආරම්භ වීමක් පමණක් නොව, ඒක අහිමි වීමත් බොහෝ විට එම කර්මයේම විපාකමය මග පෙන්වීමකි.
බුදුදහමේ දැක්ම අනුව, මේ කාර්මික සම්බන්ධතා අනිත්‍යය හා පරමාර්ථ “දුක්” ලෙස හැඳින්විය හැක. ඒවා බඳුනක් මෙන් පිරී යනවා, හිස් වෙනවා, නැවත පිරෙන්නත් හැකිවෙයි — නමුත් කිසිවක් අසීමිත නොවේ. උදාහරන ලෙස කාලි යකින්නගේ කතා පුවත, ඉසිදාසියගේ කතාපුවත, සිදුහත් සහ යශෝධරාවගේ ආදර පුවත, සේරිවානිජ ජාතකයේ සිට බුද්ධත්වය දක්වා වූ දෙව්දත් තෙරගේ බුදුන් කෙරෙහි වෛරය ආදී වශයෙන් බොහෝ උදාහරණ දිය හැකිය. බොහෝ විට ඔබට මේ ජීවිතයේදී හමුවන්නේ සසර ණයකරුවන් මිසක සසර සහකරුවන් නොවේය යන්න බොහෝ බෞද්ධයන්ගේ සාමාන්‍ය අදහසය
ආදරයේ අනිත්‍යත්වය පිළිබඳ . 💛 Ai නිර්මාණයක්
🌼 විෂම හැසිරීම සහ අවිශ්වාසය
ආදරය තිරසාරව
පවත්වා ගැනීමට අවශ්‍යම දෙය වන්නේ අවංකභාවය සහ විශ්වාසය ය. ඒ දෙකක් බිඳෙන
විට ආදරය පවා කම්පනයට පත්වේ. බුදුදහමේ සඳහන් ආකාරයට, විෂම හැසිරීමක්, මනස තුල වූ අවිශ්වාසයක්, හෝ මුලාව සහ තෘෂ්ණාව
මත පදනම් වූ ආදරයක්, සදාකාලික නොවෙයි.
ඒවා අනිත්‍ය — අර්ථයෙන්ම වෙනස් වන,
විපරීත වන දේවල්.
උදාහරණයක් ලෙස, විද්‍යාත්මක පර්යේෂණ වලදී ද “අවිශ්වාසය, අසත්‍යතාවය, හා ද්විත්ව ආකල්ප” ආදරය බිඳ වැටීමට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇත (Amato & Previti, 2003; van Zyl, 2021).
🩷 මනසින් දෙන වටිනාකම අඩුවීම
ඕනෑම
සම්බන්ධතාවයක් දිගටම පවතින්නේ, අපි මනසින් ඒකට දෙන වටිනාකම නිසාය.
එම වටිනාකම අඩුවන විට, ආදරයද අඩුවෙයි.
අපි එක මිනිසෙකුට කලින් දුන් “අගය”
පසුව අඩුවෙන්නේ මනස වෙනස්වීම නිසාය. ඒ වෙනස්වීමත් අනිත්‍යත්වයේ
නියමයකි.
බුදුදහම අපට
කියා දෙන්නේ — ආදරය තිරසාර කිරීමට පෙර අපේ මනස තිරසාර කළ යුතු බවයි.
නමුත් විද්‍යාත්මකවද මේ අදහසට ආසන්නයෙන් යන ඉඟි සපයයි. Gottman
(1992) විසින් කරුණු හතරක් හඳුනාගෙන ඇත — Criticism,
Defensiveness, Contempt, සහ Stonewalling — යන අයුරින් සම්බන්ධතාව බිඳවන්නා වූ අගුලු.
විවේචන - Criticism
ආරක්ෂිත අනාරක්ෂිත භාවය - Defensiveness
අවඥාව - Contempt,
ගල්ගැසීම් බඳු තදප්‍රහාර - Stonewalling
ආදරය සදාකාලික නොවෙයි, ✨ Ai නිර්මාණයක්
💠 ආදරයේ විද්‍යාත්මක පැත්ත
නවතම මනෝවිද්‍යාත්මක පර්යේෂණ අනුව, ආදරය බිඳෙන්නේ නියමිත හේතු කිහිපයකින් යටතේය:
සන්නිවේදන ගැටළු-
ගැටුම් හඳුනා ගන්නා හා විසඳා ගන්නා හැකියාව අඩුවීම සම්බන්ධතාවයක විනාශය ආරම්භ කරයි. අධික විවේචන, පීඩනමය කතාබස්, හෝ සම්පූර්ණ නිශ්ශබ්දතාවය ආදරයේ පදනම කැඩීමකට හේතු වේ. බුදුදහමේ සඳහන් ආකාරයට දෙදෙනෙක් ගතහොත් ඔවුන් නානාත්ත කායා නානාත්ත සංඥා යනුවෙන් හැඳින්වේ. ඔවුන් කයින්ද, මනසින්ද දෙදෙනෙකි. කිසියම් ආදර සබඳතාවයක් පැවතියද ඔවුන් දෙදෙනා අතර තිබෙන මේ මූලික ලක්ෂණ දෙක මුලින් හඳුනාගත යුතුය. දෙදෙනා අතර කිසියම් ප්‍රශ්නයක් පැන නැගීම තුලින් ඔවුන් එය විසඳාගැනීමට සන්නිවේදනය කරන විට, අසන ප්‍රශ්නය අනිකා නිවැරදිව ග්‍රහණය කර නොමැති නම්, ව්‍යාකූල පිලිතුරු දෙයි නම්, කරුණු සඟවයි නම්, ප්‍රශ්නය මඟ හරියි නම්, නිහඬව සිටියි නම්, බොහෝවිට ආදරය එවන් හේතු මත බිඳී යා හැකිය.
විශ්වාසය හා අවංකභාවය අහිමිව යාම -
දෙදෙනෙකු අතර ආදර සබඳතාවයකට මූලික පදනම වැටෙන්නේ විශ්වාසය අවංක භාවය තුලින්ය. බොරුකීම, වගකීම් රහිත හිතුවක්කාර රහසිගත ක්‍රියාවන්, හෝ අනන්‍යතාවය අහිමි වීම මනස තුළ එකී සබඳතාවයේ ගැඹුරු තිතක් තබයි. බුදුදහම කියන විදිහට, විශ්වාසය බිඳීම යනු මනස අවිශ්වාසය සහ මෝහයෙන් ආවරණය වීමකි.
අනුගත නොවීම සහ ජීවිත අරමුණු වෙනස්වීම -
දෙදෙනෙකු අතර ආදරය යනු චර්යාවන් වශයෙන් එකිනෙකාට කැමති හැසිරීම, කැපවීම, කීකරුකම, රහස් නොමැතිකම, අනෙකා වෙනුවෙන් අදහස් සහ හැසිරීම් වලින් අනුගතවීම ආදියයි. ඒ සාධක තවදුරටත් ආරක්ෂා නොකිරීම සම්බන්ධතාවය මැකීමේ ආරම්භයයි. බුදුදහමට අනුව, මෙය “අනිත්‍යත්වය” යන සත්‍යයේ ඵලයක් ය.
අවංක නොවීම හා විෂමකාරී හැසිරීම -
යමෙක් ආදරය සොයන්නේ සහ සබඳතාවයක් අරඹන්නේ කුමන මනෝ භාවයෙන්ද සහ එයට අනෙකාගේ දායකත්වය කෙතරම් දුරට ඒකාත්මිකද යන්න මූලික පදනමයි. එහෙත් යමෙක් ආදර සබඳතාවයක් ආරම්භ කරනවිට තිබුනු මනෝභාවය එනම් උදාහරණයක් ලෙස - ආරම්භක අවස්ථාවේ ජීවිතයේ තිබුනු ආර්ථික තත්වය සහ පසුබෑම, ඒ නිසා විඳින්නට ලැබුනු මානසික පීඩාව, ජීවිතයේ අනාරක්ෂිත භාවය, පාලුව කාන්සිය තනිකම සිතට දැනෙන මෘදු හැඟීම්, කායික උවමනාවන්, කල්යත්ම මනස සහ පරිසරය තුල සමනය වෙමින්, කිසියම් සහනදායි වටපිටාවක් වර්ධනය වීමත් සමඟ, අනෙකා කෙරෙහි ආරම්භයේදී ලබා දුන් අගයන් හා මනෝභාවයන් වෙනස් වේ. ඒ වෙනස්කම තවත් අයෙකුට අනුකූල නොවූ විට සම්බන්ධතාවය විපරීත වෙයි. මෙය බුදුදහමේ ත්‍රිලක්ෂනයේ දුක්ඛ ලක්ෂණයට අදාලව විපරිනාමය හෙවත් වෙනත් ස්වභාවයකට පෙරලීම නම් තත්වය ඇති කරවයි.
බාහිර පීඩන: සමාජ ආර්ථික පීඩන
යම් ආදර සම්බන්ධයක සිටි දෙදෙනෙකුගේ බාහිර පරිසරය තර්ජනාත්මක ස්වරූපයක් ගන්නා විට, එකී ආදර සම්බන්ධතාවය පිලිබඳව තමාගේ පවුලේම අය සහ බාහිර සමාජය කිසියම් බලපෑම් සහගත තත්වයකට පත් වූ විට, ආර්ථිකයේ වර්ධනය හෝ කඩාවැටීම සිදුවූ විට, පවුලේ අයගේ සමාජ තත්වයන් පිලිබඳ නව තක්සේරු කිරීම් වලදී, පෙර තිබූ පීඩාකාරී තත්වයන්ගෙන් වෙනස්ම සහනදායි පරිසර තත්වයන් ඇති වූ විටදී, තමා වටා පෙර නොසිටි වෙනත්ම පුද්ගලයන්ගේ ඇසුර ලැබෙන විටදි සහ මානසික ජීවිත අරමුණු ක්‍රමයෙන් වෙනස් වෙමින් තිබියදී නව උද්දීපික අත්දැකීම් හඳුනාගැනීම් පවත්වන්නට සිදුවන විටදී, පෙර ආදර සබඳතාවයේ පවුරු පදනම් බිඳ වැටීම වැලකිය නොහැකි වෙයි. එය බුදුදහමේ අනාත්ම ලක්ෂනය තුල හේතූන් නිසා හට ගන්නා සියල්ල හේතු වෙනස් වීමෙන් වෙනස් භාවයට පත්වේ යන්න සනාථ කරයි.
ආදරය තුළින් මනස වර්ධනය කරන්න. 🌿Ai නිර්මාණයක්
🪶 නිගමනය
සියලු
සිදුවීම් වල වගකීම කර්මයට භාර දිය නොහැකි බව බුදුදහම කියයි. ආදරය අහිමි වන්නේ බොහෝ
විට කර්මයත්, විෂම හැසිරීම්ත්, අවිශ්වාසත්, හා අගය අඩුවීමත් නිසාය. නමුත් බුදුදහමේ දැක්ම අනුව, මෙය “දුක්ඛ” සහ “අනිත්‍ය”
යන සත්‍යයන්ට අයත් දේකි. කිසිම ලෙසකින් ආදරය සදාකාලිකව පවත්වාගෙන
යා නොහැකි අතර, දිගුකලක් ආදරය ආරක්ෂා කරගෙන යාම සඳහා මනස තුල ගොඩ නගා ගතයුතු
ධර්මතාවයන් කීපයක් තිබේ.
👉 මනස පිරිසිදු කර ගැනීම,
👉 මෛත්‍රිය හා කරුණාව වර්ධනය කිරීම,
👉 ආදරයට ඍජුබව, කරුනු නොසඟවන බව
👉 විශ්වාසය සහ අවංකබව
👉 කීකරුකම, මනාව ඇහුම්කන් දීම
👉 අනෙකා පිලිබඳව මනා අවබෝධය
👉 අනෙකා අභිබවා නොයාම
👉 සත්‍යයවාදී බව සහ අනෙකා සමග තර්කයෙන් වැලකීම
👉 තර්ක ජයගැනීමට අනෙකා කුපිත නොකරවීම
👉 අනෙකාට මානසික වදයක් මානසික පීඩාවක් නොදීම
ඒ මඟින් ආදරය අහිමි වීම පවා “අහිමිවීමක්” නොවෙයි — එය මනස උදාර කරගන්නා ධර්ම මගක් වේ. 🌿
📚 මූලාශ්‍ර සහ පර්යේෂණාත්මක සටහන්
- Amato, P. R., & Previti, D. (2003). People's reasons for divorcing. Journal of Marriage and Family, 65(3), 602–615.
- Aron, A., Norman, C. C., Aron, E. N., McKenna, C., & Heyman, R. E. (2000). Couples' shared participation in novel activities. Journal of Personality and Social Psychology, 78(2), 273–284.
- Gottman, J. M., & Levenson, R. W. (1992). Marital processes predictive of later dissolution. Journal of Personality and Social Psychology, 63(2), 221–233.
- Hawkins, D. N., Willoughby, B. J., & Doherty, W. J. (2012). Reasons for divorce and recollections of premarital intervention. Journal of Divorce & Remarriage, 53(5), 323–343.
- Le, B., Dove, N. L., Agnew, C. R., Korn, M. S., & Mutso, A. A. (2010). Predicting nonmarital romantic relationship dissolution. Journal of Family Psychology, 24(5), 507–522.
- Psychology Today. The Top 4 Reasons Couples Break Up – Expert analyses by Jeffrey Bernstein et al.
- van Zyl, C. J. J. (2021). Predicting infidelity from precise personality sub-traits. Personality and Individual Differences.





No comments:
Post a Comment