දෑත බිම ඔබා
පස්සට වාරු වී
නිසලව හුන්
ඇගේ ලිහිල්
කෙස් රෙදක්
නිහඬව හමන
සුළඟින්
එසවී.......
මා මුහුනෙහි
හැපෙත්ම
ඇගෙ රන්වන්
මුහුන දෙස
බැලූ මම
ඇසීමට දිගුකලක්
පුල පුලා සිටි
කිසිවක් ඇසීමට
සිතීමි.....
සමකු හඬනගා දැඟලූයෙන්
ගි ඉවුර දෙස
පන් ගසින් යුත්
නොගැඹුරු බොර දිය
කැළඹිණි...
ඈත ඉවුරෙහි
උසට වැඩුනු
මහ උණ පඳුරින්
අහසට නැගුනු
කොබෙයියෙක්
කෑ ගසාගෙන
පියඹා ගියේය.....
ඉක්බිතිව
මහා නිශ්ශබ්දතාවයක් පැතිරිණ......
ඇගේ රන්වන් දිගටි මුහුණ දෙස
බැලූ මම
ඇසීමට දිගු කලක් පුල පුලා සිටි
කිසිවක් ඇසීමට
යළිත් සිතීමි.....
ජී.බී. සේනානායක කාව්‍ය නිර්මාණයක්
3 Comments
උසස් පෙළ නූතන පද්‍ය සංග්‍රහයේ එන කවියක් ඇත්තටම මම බොහොම පෙරේත කවියක් තමා මේක ඉතාම සියුම් ලෙස කවියා චිත්ත රූප මවන අපූරුව මනස්කාන්තයි මේකෙන් නිරූපනයි කරන්නෙ ප්‍රේමාන්විත තරුණ සිතක පෙම් හැගුම් වචනයෙන් පිට කරගැනීමට අපහසු වූ තරුණයෙකුගේ සියුම් මනෝභාවයන්
ReplyDeleteමේකේ වැරදි ටිකක් තියෙනවා සමෙකු නෙවේ මසකු ඒ වගේම ගි ඉවුර නෙවේ ගං ඉවුර ඒ වගේම මේ කවිපන්තියෙ කෑල්ලක්ම අඩුයි
ReplyDeleteනිශ්ශබ්ද්තාවය දැඩි විය
පෙදෙස වසා ගෙන පැතිරුනු
නිහඩ බවින් මිරිකුණු මම
ඇයගේ
රන්වන්
දිගටි
නිසල
මුහුණ දෙස බලා
කරබා ගතිමි.
ඒ වගේම මේක බලා රසවිදිය හැකි ආකාරයට පද පේලි සකස් කල කවියක් ඔබ ඒ ආකෘතිය භාවිතාකරලා නෑ
නාට්‍යකාරයා. ඔබ හරි.
ReplyDelete