නරසීහ ගාථා සිංහලෙන්


යශෝධාරා උත්තම දේවිය විසින් මඟ වඩනා බුදුරජාණන් වහන්සේ පෙන්වා
රාහුල කුමාරයාට තම පියා පිලිබඳව කෙරෙන මේ විශ්මිත හඳුන්වා දීම ඇය
විසින් කෙසේ නම් කලේදැයි සිතීම පවා ආශ්චර්යයකි. ඒ වන විට යශෝධරාව
මාර්ගඵල හෝ ලබා සිටිය කෙනෙක් නොවේ. එහෙත් බුද්ධ ශරීරය සහ ඒ මහා
පුරුෂ ලක්ෂණ අැය උපමා උපමේය ඇසුරෙන් ගොඩනගන අයුරු විචිත්‍රය.
යශෝධරාවගේ සංසාර පුරුද්දම මේ සඳහා උපයෝගී වන්නට ඇතැයි සිතීම 
අපගේද ශ්‍රද්ධාව වඩන්නකි. මේ ගාථා ඇසුරින් මා විසින් රචිත පැදිපෙල
මගේ අල්ප වූ පාලිභාෂා ඥාණය තුල නිර්මාණය වූවක් නිසා යම් දොසක් වේ නම්
උගතුන් කමත්වා.

මමම මගේ මළගමට හැඬූයෙමි - මහගම සේකර ගේ කවියක්



ඊයේ රෑ සිහිනෙන් මියගිය මම
භග්නාශා රෙදිකඩින් ඔතාගෙන
මළකඳ උසුලා සොහොනට ගෙනගොස්
මගෙම අතින් වළ කැණ වැළලූයෙමි....

මල් ලස්සණයි හොඳ හොඳ පාටයි කීවා - කේයස් ගේ කවියක්



මල් ලස්සණයි හොඳ හොඳ පාටයි    කීවා
පෙනෙනවා දුකිනවා කියනා            ඒවා
මොනවද අම්මේ මම අහගන්නට     ආවා
තෝරා දෙන්න මම දන්නේ නැහැ   මේවා

මේ ගඟ ගලන්නේ මොන කන්දක සිට ද - විමලරත්න කුමාරගේ කිවියාගේ කවක්


විමලරත්න කුමාරගම කිවියා විසින් රචිත
මෙම කවි පන්තිය ජීවිතය සහ සංසාරය
ගැන ධ්වනිත කෙරෙන පැදිපෙලකි. මෙහි
ව්‍යංගාර්ථය සහ රූපක භාවිතාව බෙහෙවින්
සිත්ගන්නා සුළු බවක් පෙනේ.

මේ ගඟ ගලන්නේ මොන කන්දක    සිට ද
මේ දිය නිදා ගන්නේ මොන දවසට         ද 
එගොඩින් එහා ඇති මොන වාගේ     රට ද 
මෙගොඩට වඩා එගොඩත් හරියට     යට ද 

පබලු නගේ නාමල් තිලකේ


විශාරද ගුණදාස කපුගේ විසින් ගැයූ 
අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න විසින් පබැඳූ
අතිශයින් සංවේදී විරහ ගීයක්

පබලු නගේ නාමල් තිලකේ .. 
පුංචි ඔසරි මැණිකේ... 
සුමනෝ.... 

තරංගා චිත්‍රපටයෙන්- පවන් සුසුම්



පවන් සුසුම් දැලින් වෙලී
ශෘංගාර රාවේ නොසංගා
නුවන් කොනින් සුපෙම් පැතුම්
නින්නාද නැංවූ තරංගා....

හීන හතක් මැද විමනක් සැදුණයි


හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි
වාසනාවෙ මල් හදවත පිපුණයි
ගීත නාද දෙව් ලෝකෙන් ඇහුණයි
හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි

Free PDF Password Remover

PDF ගොනු වල ඇති ආරක්ෂක මුරපද ඉවත් කරගැනීම සදහා
භාවිතා කල හැකි මෘදුකාංගයක්. මෙය නොමිලයේ බාගත 
කර ගැනීමට මෙහි අවකාශ සලසා ඇත.

නිශ්ශබ්දතාවය - ජී.බී. සේනානායක කවක්

 
දෑත බිම ඔබා
පස්සට වාරු වී
නිසලව හුන්
ඇගේ ලිහිල් 
කෙස් රෙදක්
නිහඬව හමන
සුළඟින්
එසවී.......

මතක වස්තුව - සිරි ගුණසිංහ ගේ කවියක්


මා හැරදා.....
දරදඬු කොට දා මා අත් පා
ඈ යන්න ගියා මැකිලා..ඈ යන්න ගියා...
සැමරුම් වගවළසුන් රෑනට
මා ගොදුරක් වී..ලේ ගලනා ගොදුරක් වී..
කාලයෙ ඝන අඳුරින් වැසුනත්
සෙලවෙන හදවත පහණෙහි සිළුවෙන්
ඈ ගත දිලිසෙයි...දෑසට දිස්වෙයි........

Hotspot Shield අන්තර්ජාල පිවිසුම් මෘදුකාංගය


අන්තර් ජාල සබඳතාවය තුල ආරක්ෂාකාරීව භාවිතයේ 
යෙදෙන්නටත්, සමහර රටවලට පමණක් ඇතුලුවීමට
අවසර තිබෙන බොහෝ වෙබ් අඩවි වෙත පිවිසෙන්නටත්
මෙම මෘදුකාංගයෙන් පහසුකම් සැලසේ

Foxmail - ඊමේල් වැඩසටහන


Foxmail යනු සමාජ හා සන්නිවේදන කටයුතු සඳහා තනන ලද
මෘදුකාංගයක්. එමෙන්ම එය ඉතාමත් ශක්තිමත් වේගවත්
ඊමේල් වැඩසටහනක්. එම ඊමේල් වැඩසටහනේ බොහෝ 
පුයෝජනවත් විවිධ අංගෝපාංග වලින් සමන්විතයි. 

PeaZip මෘදුකාංගය


මෙම PeaZip මෘදුකාංගය file compress වර්ගයට අයත් නිදහස් මෘදුකාංගයකි
එමෙන්ම zip file වැඩසටහන් බොහෝමයකට මෙය සහාය දක්වයි.
නොමිලයේ බාගත කරගන්නත් හැකියි.

අඩවන් දෑසින් පවසනු රහසින්


අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්

හිමියනි මම යශෝදරා


සිතා‍ගෙන ගියේ  බුදුවෙන්ඩමයි   සිත
පතා ජාතියේ ඔබටම සරණ       වෙත
පතා ඉතින් බැඳ දුන්නේ මීට         අත
කතා නොකර මට වැඩියේ මන්ද  සිත

වර්තමානයේ කවියට තිබෙන තැන

කවිය යනු ලාංකික අපට සංස්කෘතියෙන් පවරා දුන් දායාදයක් බවයි මගේ පෞද්ගලික අදහස. රොබට් නොක්ස් කිව්වේ සෑම සිංහලයෙකුම කවියෙකු බවයි.  සීගිරි කැටපත් පවුරේ කව් ලියූ කවීන්ගේ කවිය මතුවුණේ කොතනින්ද? ඒක සංස්කෘතික ඇබ්බැහි කමක් අපේ හෙළවෙදකම , ශාන්තිකර්ම , තොවිල් පවිල් ද්වාර කර්ම ආදී ජන සම්ප්‍රදායම කවියත් සමග ගැටගැහිලා තිබුණා.

කවිය නිර්මාණය


සය ආත්ම කොට ගත් වාක්‍යය කාව්‍ය යයි කියති. එහෙත් රසය යනු කුමක්දැයි විග‍්‍රහ කිරීම අමාරුය. ඒ වූ කලී තමන් ම විඳ අවබෝධ කරගත යුත්තකි. කාව්‍ය රසය තබා දිවට දැනෙන ඇඹුල් රසය වැනි රසයක් වුවද වචනයෙන් හඳුන්වා දිය නොහැක.
රසය වනාහි සිතෙහි ඇති වන ප‍්‍රසන්නතාවයෙකැයි දළ වශයෙන් කිව හැක. මලින් පිපුණු ගසක් දුටු විට ද සන්ධ්‍යා වලාවක් දුටු විටද සිත මොහොතක් පහන් වේ. කාව්‍යයකින් ලැබෙන රසය මීට වඩා උසස් ය. රසය යනු සතුට නොවේ. රසය කෙලෙසුන් කෙරෙන් දුරුය.

සිංහල කවිය

සිංහල කවිය දෙවියන්ගෙන් නැති නම් කිසියම් අද්භූත බලවේගයකින් පහළ වූ ප්‍රතිපාදනයක්‌ නොවේ. පරිසරයේ බලපෑම් සහිතව ස්‌වාභාවික හේතූන් තුළින් උදා වූ මෙම සුභාවිත කලා අංගය බොදු සමයේ ආභාෂය ලැබූවකි. එය සම්භවය ලැබුවේද විකාශනය වූයේද, ව්‍යාප්තව ගියේද බෞද්ධ දර්ශනයේ නිර්මල චින්තන ධාරාව වැළඳ ගනිsමිනි.

ඡන්දසින් නොමිදුණු සිංහල නවකවි





“පෙරදිග ගොරහැඩි රකුසෝ
මගෙ ධ්‍යානය ඇයි කඩන්නේ
නිදාගන්න පොරවගත්ත කළු රෙදිපට
තීරුවලට ඉරා දමන්න.
කුරුල්ලන්ට ගල් ගහලා
උන් හොඳටම බිය කරලා
මල් පොහොට්ටු තිගැස්සිලා
කඳුළු හෙළනවා..”

කුලමල නැති වෙන්ඩ අවුසදයක් කාසී

 ගඟ දිය බොරවුණත් කූනිස්සන්ටයි වාසී
ඒ දිය බොරවුණත් කඩයටමයි වාසී
නිල තල වැඩිවුනත් මහතුන්ටයි වාසී
කුලමල නැති වෙන්ඩ අවුසදයක් කාසී

මොනවද අම්මේ අකුරු ජාතියක්

චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ අපූර්ව පදරචනාවක්









මොනවද අම්මේ අකුරු ජාතියක්
මල් පෙති වල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේවා ලියන්නේ
පාට පාට ඉරි හැඩ ගහලා

තමුන්ගේ තරම දැනගෙන කල් ගෙවනු


රන්විමනේ සිටිමුත් දුක   නැතිවෙද්ද
පැණිමීයේ කෑ මුත් බඩගිනි    නැද්ද
මිනිබරණින් සැදිමුත් ගත  නොදිරද්ද
පැණිවරකා ගහටත් හෙණ නොවදිද්ද....

වැලිතල අතරේ


චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ පබැඳුමක්

වැලිතල අතරේ හෙමිහිට බසිනා
නේරංජන නදියේ ගයා හිස
වැඩ සිට බුදු වූ දා
තිලෝ හිමි මොක්සුව ලද මොහොතේ
සමාධී භාවනා . . .
සමාධී භාවනා . . .

රොද්ද කිපී වුත් එතැනට


ආනන්ද රාජකරුණා

මද්දුම ළමයාට බැඳපු - දෙද්දුව බාලප්පු තැනට

වෙද්දු කීහ කන්න කිතුල් - තලප නොව ලසා....

ලද්දුව ගමහාමි එ විට - “ලද්ද එ දෑවැද්ද ලෙසින

අද්දර ඉඩමේ කිතුලක් - මෙ මට ඇත යසා”ට”...

ලෝකය තනි යායකි


රජයේ නිවාඩු දින
සිටියෝ සියළු රට වැසියෝ
තම තමන් ගෙතුලට වී
සාදාගෙන ගේ දොර තරඟයට
හා තම තමනට හැකි තරමට….

අන්දරේ ගේ කවි


අන්දරේ ගේ  කවි...........

ජල දිය බොර උනත් දිය වැදි හට වාසී
යල මහ වැඩි වුනොත් ගොවියන් හට වාසී
නිල තල වැඩි වුනොත් මහතුන් හට වාසී
කුල මල නැති වෙන්ට අවු සදයෙකි කාසී

පල ඇතිනම් වවුලොත් එල්ලෙති පේනු
රුව ඇත්නම් අපටත් බස් දෙති ගැණු
දැසින් දැක කදුලු පිස දමමින් මුණු
ඉතින් මොටද මේ වයසට නැති ගෑණු

කුවේණි අස්න


කෝට්ටේ සමයට අයත් කුවේණී අස්නෙහි කාව්‍ය රචනය
අඹහැලි වෘත්තය ඇසුරු කරගෙන නිර්මාණය වී ඇත. මේ
කුවේණි අස්න කාව්‍ය රඡනයෙහි එන කව් කීපයක්.

තුනුවිල බලන්නට


ගජමන් නෝනා කිවිඳියගේ කවීත්වය විවිධ ඉසව්වල
විවිධ විරිත් යටතේ දිවයන්නක්. ඇයගේ ප්‍රතිභාව ගැන
අපට වචනයෙන් විස්තර කිරීමට පවා නොහැකි තරම්.
සුරූපි කාන්තාවක් වූ ඇගේ පහස පතා එකල බොහෝ 
පිරිමි ඇයට විවිධාකාර යෝජනා ගෙනඑනු ලැබුවා. 
එක් අවස්ථාවක එක්තරා පුද්ගලයෙක් ඇයට කවියෙන්  
අශ්ලීල යෝජනාවක් ගෙනඑනු ලැබූ අතර ඇය ඔහුට ඒ
භාෂාවෙන්ම අපූර්ව පිළිතුරක් ලියා යැව්වා.මේ එම කවියයි.

පින් මදි දෝ මා ලං කර නොගන්නේ

(ගජමන් පුවත නාට්‍යයේ රත්මලී ගුණසේකර සමග නිශ්ශංක දිද්දෙනිය රඟපෑ ජවනිකාවක්)

නෙතට දුකයි නුබෙ උවනත නොදකීම



සිංහල කාව්‍ය වංශකථාවේ සුවිශේෂී චරිතයක් ගජමන් නෝනා. ඇයගේ කවි අපූර්ව බවක් ගෙන දෙන
අපූර්ව පදගැලපීම් පද ඇමිනීම් සහිතයි. මේ එවන් සුන්දර කවි කීපයක්. ගජමන් නෝනා කිවිඳිය සහ
ඇලපාත මුදලි අතර සිදුවූ සංවාදයක් මෙහි අන්තර්ගතයි.
(පින්තූරය- ගජමන් පුවත වේදිකා නාට්‍යයේ නිශ්ශංක දිද්දෙනිය සහ රත්මලී ගුණසේකර රඟපෑ ජවනිකාවක්)

ධර්ම සන්නිවේදනය


මෙය ජයන්තගේ අවකාශය නමින් මෙතෙක් පලවූ ලිපි මාලාව නැවත සයිබර් අවකාශයට එක් කිරීමකි. පුනරාගමනය පාඨකයන් හට කාව්‍ය රසය මෙන්ම ධර්ම රසයද මෙම බ්ලොගය හරහා ලබා ගැනීමට අවකාශ සැලසීම මෙහි අරමුණයි.

Comments