තුනුවිල බලන්නට


ගජමන් නෝනා කිවිඳියගේ කවීත්වය විවිධ ඉසව්වල
විවිධ විරිත් යටතේ දිවයන්නක්. ඇයගේ ප්‍රතිභාව ගැන
අපට වචනයෙන් විස්තර කිරීමට පවා නොහැකි තරම්.
සුරූපි කාන්තාවක් වූ ඇගේ පහස පතා එකල බොහෝ 
පිරිමි ඇයට විවිධාකාර යෝජනා ගෙනඑනු ලැබුවා. 
එක් අවස්ථාවක එක්තරා පුද්ගලයෙක් ඇයට කවියෙන්  
අශ්ලීල යෝජනාවක් ගෙනඑනු ලැබූ අතර ඇය ඔහුට ඒ
භාෂාවෙන්ම අපූර්ව පිළිතුරක් ලියා යැව්වා.මේ එම කවියයි.



                                  (ගජමන් පුවත නාට්‍යයේ රත්මලී ගුණසේකර රඟපෑ ජවනිකාවක්)

පිරිමියා-
පන්නා පත් තිරිඳු රිවි උදය        වේලක
දෙන්නා සමග ගොස් ඉඳ අරණ    ගාලක
පන්න මදන බිතයෙන් ඉඳ නොවී    සැක
පෙන්නාපන් ලඳේ තුනුවිල        දවාලක

ගජමන් නෝනා-
 තුනුවිල බලන්නට මුගේ සිත වෙලා    දුක
තුනුවිල තලන්නට සිතුනිය         දවාලක
තුනුවිල මැකිල අඹුවගෙවූ          මුලාවක
තුනුවිල බලාපිය අම්මගේ           දවාලක

Post a Comment

0 Comments