බුදුදහම සහ ආගමික දර්ශනය පිළිබඳ සිංහල සහ ඉංග්රීසි විග්රහය / Sinhala and English analysis of Buddhism and religious philosophy
මල් ලස්සණයි හොඳ හොඳ පාටයි කීවා - කේයස් ගේ කවියක්
මල් ලස්සණයි හොඳ හොඳ පාටයි කීවා
පෙනෙනවා දුකිනවා කියනා ඒවා
මොනවද අම්මේ මම අහගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නේ නැහැ මේවා
මල්වල හොඳු සුවඳ මිස පාටක් කොහෙ ද
ඒවා මොලොක් බව තේරෙනවා මට ද
එලියක් කියා මොකවත් හෙම තියෙනව ද
මට තේරුම් ගන්ට අම්මේ බැරි මොක ද
උණුසුම දැනේ දහවල් මට රැයට වඩා
වෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩා
මට නොදැනෙන්නෙ මම කණ කොලුවෙක්ලු කුඩා
ලොකු වෙන කොට දැනේවිද මම අසමි අඬා
ඇඟිලි තුඩට මල් පෙතිවල ඇති මෙලෙ ක
මට දැනෙනවා එය අල්ලන හැම විටෙ ක
පාට කියා ඇත්නම් ගතියක් මල ක
අම්මේ අත නොගෑවෙන එක තමයි දු ක
ලස්සණ කියන දේ නැහැයට වත් කණ ට
මගේ දිවට හරි මගෙ අතපය වල ට
නොදැනෙන්නේ මොකද තෝරා දෙන කල ට
ඉවසාගෙන ඉන්ට අම්මේ බැරිය ම ට
කේයස් හෙවත් සාගර පළන්සූරිය කවියාගේ රචනයක්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment