මා හැරදා.....
දරදඬු කොට දා මා අත් පා
ඈ යන්න ගියා මැකිලා..ඈ යන්න ගියා...
සැමරුම් වගවළසුන් රෑනට
මා ගොදුරක් වී..ලේ ගලනා ගොදුරක් වී..
කාලයෙ ඝන අඳුරින් වැසුනත්
සෙලවෙන හදවත පහණෙහි සිළුවෙන්
ඈ ගත දිලිසෙයි...දෑසට දිස්වෙයි........
ගොරහැඩි ගල්ගෙඩි අතරින්....ඈ.....
සීතල දියර ඉරක් සේ
ගලා බසී....හද තෙමා බසී.......
පිරිසිදු අහසෙහි පැහැය ඇගෙයි
ගස්වල මල්වල පැහැය ඇගෙයි
මුළු ලෝකෙම හැම පැහැය ඇගෙයි
කොතෙකුත් දැඟලූවත් සැඟවෙන්නට
ඇසිපිය දැල්වල මයි ඇය දැවටුම
අමතක භාවයෙ අන්ධකාරයේ
දෙබෑ කරන් වේලුනු ඝන හම
එබී බලයි සොඳුරියෙ ඔබ ඇස් දෙක
තොල්දෙක සෙලවුම තවම පෙනෙනවා
හීන්සැරේ මා වැළඳගන්නවා...
ජීවිතයට ඇති එකම සොඳුරු බව
ලෝකයටම ඇති රූමත් එක දෙය
ඈ මයි තනිවට හිටි එක ගැහැණිය
මැකී ගියත් තනිවට හිටි ගැහැණිය..
- සිරි ගුණසිංහ කාව්‍ය නිර්මාණය-
1 Comments
මෙම කවියේත් ආකෘතිය ඉතා විශේෂයි ඔබ එයට ගරු කරල නෑ ඔබ සපයලා තිබෙන ආකෘතිය නෙවේ මේ කවියේ තියෙන්නේ මේ කවියත් උසස් පෙළ නූතන කාව්‍ය සංග්‍රහයේ එන්නක් මේ කවි පංතිය උපුටාගෙන තියෙන්නෙ සිරි ගුණසිංහයන්ගේ මස් ලේ නැති ඇට කියන පද්‍ය සංග්‍රහයෙන්
ReplyDelete