රොද්ද කිපී වුත් එතැනට


ආනන්ද රාජකරුණා

මද්දුම ළමයාට බැඳපු - දෙද්දුව බාලප්පු තැනට

වෙද්දු කීහ කන්න කිතුල් - තලප නොව ලසා....

ලද්දුව ගමහාමි එ විට - “ලද්ද එ දෑවැද්ද ලෙසින

අද්දර ඉඩමේ කිතුලක් - මෙ මට ඇත යසා”ට”...

රෙද්ද හෙම තදින් බැඳගෙන - “සුද්දො වරෙන්” යැයි කොලු සත

අද්දර ඉඩමට පොරොවක් - රැගෙන ගිය නිසා......

අද්ද මහම්මද්දු එ විට - “ඇද්ද හිමි කමක් තොපහට”

සද්ද කැර විගස සපැමිණ - කලහ කෙළෙ රොසා.....

අද්දුගෙ අඹුවන් “මොන බඩ - ගැද්දරියක්” දැයි අසමින

වැද්ද නො දෙන තරමට කී - සරුප අසමිනේ.....

මද්දහනෙ ගොයම් කැපුමහ - රොද්ද කිපී වුත් එතැනට

අද්දුට බැට දුන්හ තදින් - එ බව දකිමිනේ.......

බැද්ද මැද වැදී දුව දුව - කද්ද මහම්මද්දු මෙ බැට

සද්ද කැර කියනු ඇසුණෙන් - පිරිස වැඩි වුණේ....

කුද්ද කුද කුඳන් තරිකිට - කුද්ද කුඳන් තක්කිට

තිරිඅද්දුහට බොහොම වෙණිවැල් - ගැට ද විකුණුණේ...



Post a Comment

0 Comments