කවිය යනු ලාංකික අපට සංස්කෘතියෙන් පවරා දුන් දායාදයක් බවයි මගේ පෞද්ගලික අදහස. රොබට් නොක්ස් කිව්වේ සෑම සිංහලයෙකුම කවියෙකු බවයි. සීගිරි කැටපත් පවුරේ කව් ලියූ කවීන්ගේ කවිය මතුවුණේ කොතනින්ද? ඒක සංස්කෘතික ඇබ්බැහි කමක් අපේ හෙළවෙදකම , ශාන්තිකර්ම , තොවිල් පවිල් ද්වාර කර්ම ආදී ජන සම්ප්‍රදායම කවියත් සමග ගැටගැහිලා තිබුණා.
බුදුදහම සහ ආගමික දර්ශනය පිළිබඳ සිංහල සහ ඉංග්‍රීසි විග්‍රහය / Sinhala and English analysis of Buddhism and religious philosophy
Showing posts with label කාව්‍යකරණයෙන්. Show all posts
Showing posts with label කාව්‍යකරණයෙන්. Show all posts
කවිය නිර්මාණය
රසය ආත්ම කොට ගත් වාක්‍යය කාව්‍ය යයි කියති. එහෙත් රසය යනු කුමක්දැයි විග‍්‍රහ කිරීම අමාරුය. ඒ වූ කලී තමන් ම විඳ අවබෝධ කරගත යුත්තකි. කාව්‍ය රසය තබා දිවට දැනෙන ඇඹුල් රසය වැනි රසයක් වුවද වචනයෙන් හඳුන්වා දිය නොහැක.
රසය වනාහි සිතෙහි ඇති වන ප‍්‍රසන්නතාවයෙකැයි දළ වශයෙන් කිව හැක. මලින් පිපුණු ගසක් දුටු විට ද සන්ධ්‍යා වලාවක් දුටු විටද සිත මොහොතක් පහන් වේ. කාව්‍යයකින් ලැබෙන රසය මීට වඩා උසස් ය. රසය යනු සතුට නොවේ. රසය කෙලෙසුන් කෙරෙන් දුරුය.
සිංහල කවිය
සිංහල කවිය දෙවියන්ගෙන් නැති නම් කිසියම් අද්භූත බලවේගයකින් පහළ වූ ප්‍රතිපාදනයක් නොවේ. පරිසරයේ බලපෑම් සහිතව ස්‌වාභාවික හේතූන් තුළින් උදා වූ මෙම සුභාවිත කලා අංගය බොදු සමයේ ආභාෂය ලැබූවකි. එය සම්භවය ලැබුවේද විකාශනය වූයේද, ව්‍යාප්තව ගියේද බෞද්ධ දර්ශනයේ නිර්මල චින්තන ධාරාව වැළඳ ගනිsමිනි.
ඡන්දසින් නොමිදුණු සිංහල නවකවි
“පෙරදිග ගොරහැඩි රකුසෝ
මගෙ ධ්‍යානය ඇයි කඩන්නේ
නිදාගන්න පොරවගත්ත කළු රෙදිපට
තීරුවලට ඉරා දමන්න.
කුරුල්ලන්ට ගල් ගහලා
උන් හොඳටම බිය කරලා
මල් පොහොට්ටු තිගැස්සිලා
කඳුළු හෙළනවා..”
මගෙ ධ්‍යානය ඇයි කඩන්නේ
නිදාගන්න පොරවගත්ත කළු රෙදිපට
තීරුවලට ඉරා දමන්න.
කුරුල්ලන්ට ගල් ගහලා
උන් හොඳටම බිය කරලා
මල් පොහොට්ටු තිගැස්සිලා
කඳුළු හෙළනවා..”
Subscribe to:
Posts (Atom)