බුදුදහම සහ ආගමික දර්ශනය පිළිබඳ සිංහල සහ ඉංග්‍රීසි විග්‍රහය / Sinhala and English analysis of Buddhism and religious philosophy
Showing posts with label නූතන සිංහල කවියා. Show all posts
Showing posts with label නූතන සිංහල කවියා. Show all posts
මමම මගේ මළගමට හැඬූයෙමි - මහගම සේකර ගේ කවියක්
ඊයේ රෑ සිහිනෙන් මියගිය මම
භග්නාශා රෙදිකඩින් ඔතාගෙන
මළකඳ උසුලා සොහොනට ගෙනගොස්
මගෙම අතින් වළ කැණ වැළලූයෙමි....
මල් ලස්සණයි හොඳ හොඳ පාටයි කීවා - කේයස් ගේ කවියක්
මල් ලස්සණයි හොඳ හොඳ පාටයි කීවා
පෙනෙනවා දුකිනවා කියනා ඒවා
මොනවද අම්මේ මම අහගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නේ නැහැ මේවා
මේ ගඟ ගලන්නේ මොන කන්දක සිට ද - විමලරත්න කුමාරගේ කිවියාගේ කවක්
විමලරත්න කුමාරගම කිවියා විසින් රචිත
මෙම කවි පන්තිය ජීවිතය සහ සංසාරය
ගැන ධ්වනිත කෙරෙන පැදිපෙලකි. මෙහි
ව්‍යංගාර්ථය සහ රූපක භාවිතාව බෙහෙවින්
සිත්ගන්නා සුළු බවක් පෙනේ.
මේ ගඟ ගලන්නේ මොන කන්දක සිට ද
මේ දිය නිදා ගන්නේ මොන දවසට ද
එගොඩින් එහා ඇති මොන වාගේ රට ද
මෙගොඩට වඩා එගොඩත් හරියට යට ද
නිශ්ශබ්දතාවය - ජී.බී. සේනානායක කවක්
මතක වස්තුව - සිරි ගුණසිංහ ගේ කවියක්
මා හැරදා.....
දරදඬු කොට දා මා අත් පා
ඈ යන්න ගියා මැකිලා..ඈ යන්න ගියා...
සැමරුම් වගවළසුන් රෑනට
මා ගොදුරක් වී..ලේ ගලනා ගොදුරක් වී..
කාලයෙ ඝන අඳුරින් වැසුනත්
සෙලවෙන හදවත පහණෙහි සිළුවෙන්
ඈ ගත දිලිසෙයි...දෑසට දිස්වෙයි........
මොනවද අම්මේ අකුරු ජාතියක්
චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ අපූර්ව පදරචනාවක්
මොනවද අම්මේ අකුරු ජාතියක්
මල් පෙති වල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේවා ලියන්නේ
පාට පාට ඉරි හැඩ ගහලා
මොනවද අම්මේ අකුරු ජාතියක්
මල් පෙති වල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේවා ලියන්නේ
පාට පාට ඉරි හැඩ ගහලා
වැලිතල අතරේ
චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ පබැඳුමක්
වැලිතල අතරේ හෙමිහිට බසිනා
නේරංජන නදියේ ගයා හිස
වැඩ සිට බුදු වූ දා
තිලෝ හිමි මොක්සුව ලද මොහොතේ
සමාධී භාවනා . . .
සමාධී භාවනා . . .
රොද්ද කිපී වුත් එතැනට
ආනන්ද රාජකරුණා
මද්දුම ළමයාට බැඳපු - දෙද්දුව බාලප්පු තැනට
වෙද්දු කීහ කන්න කිතුල් - තලප නොව ලසා....
ලද්දුව ගමහාමි එ විට - “ලද්ද එ දෑවැද්ද ලෙසින
අද්දර ඉඩමේ කිතුලක් - මෙ මට ඇත යසා”ට”...
ලෝකය තනි යායකි
රජයේ නිවාඩු දින
සිටියෝ සියළු රට වැසියෝ
තම තමන් ගෙතුලට වී
සාදාගෙන ගේ දොර තරඟයට
හා තම තමනට හැකි තරමට….
Subscribe to:
Posts (Atom)




