බුදුදහම සහ ආගමික දර්ශනය පිළිබඳ සිංහල සහ ඉංග්‍රීසි විග්‍රහය / Sinhala and English analysis of Buddhism and religious philosophy
මමම මගේ මළගමට හැඬූයෙමි - මහගම සේකර ගේ කවියක්
ඊයේ රෑ සිහිනෙන් මියගිය මම
භග්නාශා රෙදිකඩින් ඔතාගෙන
මළකඳ උසුලා සොහොනට ගෙනගොස්
මගෙම අතින් වළ කැණ වැළලූයෙමි....
ඉන්පසු වළ මත දෙදණ ඔබාගෙන
මමම මගේ මළගමට හැඬූයෙමි
මගේ කඳුළු වල පොහොර ලබාගෙන
මනීවලෙන් මල් පැලයක් මතුවිය.......
වසර සියයකට පසු මා නැවතත්
මගේ මිනිය ඇති සොහොනට ගිය විට
ඒ මල් පැලයෙහි සුදුමල් පොකුරක්
පිපී සුවඳ විහිදුවමින් පැවතිණි......
එහෙත් මලින් ආ සුවඳ විඳින්නට
පිණක් නොමැත දුක සේ මියගිය මට
සදාකාලයේ නින්ද විසින් මා
ඉඳුරන් හකුළා නිදිකරවා ඇත......
ව්‍යංගා - මහගම සේකර
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment