තරංගා චිත්‍රපටයෙන්- පවන් සුසුම්



පවන් සුසුම් දැලින් වෙලී
ශෘංගාර රාවේ නොසංගා
නුවන් කොනින් සුපෙම් පැතුම්
නින්නාද නැංවූ තරංගා....

කුසුම් ලඳුන් බිඟුන් මුවින්
අනුරාග ගී රාව නංගා
ප්‍රසන්න වැව් තිරේ නැගේ
සංයෝග පෙම් ගී තරංගා.......

පෙම් සීත වරුසාවෙ නිල් වැව් තලාවේ
අනුරාග හෝරාව එළඹී තිබේ
මල් හා ලියන් පෙම්වතුන් හා තුරුල් වූ
අභිෂේක යාමේ උදාවී තිබේ....

මනමාලියක් වන්න සිහිනෙන් පැතුම් පෑ
අනුරාග හෝරාව එළැඹී තිබේ
මුව මී තෙපුල් රොන් උරා බී සිනාසෙන්න
අභිෂේක යාමේ උදාවී තිබේ.....

පදරචනය  - ධර්මසිරි ගමගේ
ගී තනුව     - පණ්ඩිත් අමරදේව
ගායනය     - දේවානන්ද වෛද්‍ය සේකර සමග
                    ඉන්ද්‍රාණි පෙරේරා...



No comments:

Post a Comment

Comments