ගීයක මහිම - ඔබෙයි මගෙයි මේ සෙනෙහස


ඔබෙයි මගෙයි මේ සෙනෙහස
සංසාරේ පුරුද්දක්ද
අශෝක මාලාව මමයි
ඔබ සාලිය කුමරු නේද....
ඔබෙයි මගෙයි මේ සෙනෙහස
සංසාරේ පුරුද්දක්ද
ඒ සාලිය කුමරු මමයි
ඔබ අශෝක මාලාමද


සිතට සිතක් යා වූ තැන
සීමා වැටකොටු කොයින්ද
සිතිවිලි පොහොසත් වූ නුඹ
මට හිමි කුලඟන නොවෙයිද

නිවහල් සිතිවිලි දරනා
ඔබ මිනිසුන් අතර දෙවිඳු
ඔබෙ ආදර පුදසුන මත
කුසුමක් වී ඉඳිමි පිබිද

අතොරක් නැති අවුල් තැවුල්
සිතට රිදුම් ගෙන දුන්නද
නිවන මගේ හද කුටියේ
ඇත සැනසී ඉන්න නිබඳ

ගායනය - සේනානායක වේරලියද්ද
නිරෝෂා විරාජිනි



Post a Comment

0 Comments