විනය පිටකයේ මහාවග්ගපාලියේ කැඳ පානය කිරීමේ ආනිශංස
ගැනත්, කැඳ පූජා කිරීමේ ආනිශංස ගැනත් බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා.
“දස ඉමෙ බ්‍රාහ්මණ ආනිසංසා යාගුයා, යාගුං දෙන්තො ආයුං දෙති. වණ්ණං දෙති සුඛං දෙති. බලං දෙති පටිභානං දෙති. යාගු පිතා ඛුදං පටිහන්ති, පිපාසං පටිවිනෙසි, වාතං අනුලොමෙති, වත්ථිං සොදෙති, අමාවසෙසං පාවෙති, ඉමෙ ඛො බ්‍රාහ්මණ දසානිසංසා යාගුයා” එනම් ආයුෂ, වර්ණ, සැප , බල, ඥාන වර්ධනය, සාගිනි වේදනා සංසිඳුවීම, පිපාසය දුරුකිරීම, වාතය අනුලෝම වශයෙන් හැසිරවීම. ආමාශය පිරිසිදු කිරීම, නොදිරවූ ආහාර දිරවීමට උපකාරීවීම.