විනය පිටකයේ මහාවග්ගපාලියේ කැඳ පානය කිරීමේ ආනිශංස
ගැනත්, කැඳ පූජා කිරීමේ ආනිශංස ගැනත් බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා.
“දස ඉමෙ බ්‍රාහ්මණ ආනිසංසා යාගුයා, යාගුං දෙන්තො ආයුං දෙති. වණ්ණං දෙති සුඛං දෙති. බලං දෙති පටිභානං දෙති. යාගු පිතා ඛුදං පටිහන්ති, පිපාසං පටිවිනෙසි, වාතං අනුලොමෙති, වත්ථිං සොදෙති, අමාවසෙසං පාවෙති, ඉමෙ ඛො බ්‍රාහ්මණ දසානිසංසා යාගුයා” එනම් ආයුෂ, වර්ණ, සැප , බල, ඥාන වර්ධනය, සාගිනි වේදනා සංසිඳුවීම, පිපාසය දුරුකිරීම, වාතය අනුලෝම වශයෙන් හැසිරවීම. ආමාශය පිරිසිදු කිරීම, නොදිරවූ ආහාර දිරවීමට උපකාරීවීම.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව පීනස සමනය කරගැනීමට, ශරීර
ශක්තිය වර්ධනය කරගැනීමට. ශරීරයේ ඇති විස නැති කිරීමට, ලේ ධාතුව පිරිසුදු කරවීමට, වයස්ගත
වීමේදී ඇති වන ශාරීරික වෙනස්කම් ප්‍රමාද කරවීමට, ශරීර දැවිල්ල නැති කිරීමට, ඔසප්වීමේදී
රුධිරය අධිකව පිටවීම පාලනය කිරීමට, සෙසු කාන්තා රෝග සඳහාද, ලිංගික ශක්තීන් වර්ධනය
කිරීම සඳහාද, ප්‍රතිශක්ති වර්ධකයක් ලෙසද, ඖෂධීය කොළකැඳ වඩාත් මෙහෙයක් ඉටුකරන බැව්
සඳහන්ය. එමෙන්ම මුත්‍රා පද්ධතියේ රෝගාබාධ සමනයටද, අක්මාගත රෝග සඳහාද, කොලොස්ටරෝල්
පාලනයටද, විවිධ ශාරීරික රෝගාබාධ සඳහාද කොළකැඳ උපකාරී වන බැව් සැලකේ.
කැඳ
පූජාවේ ආනිසංස
කොළකැඳ
සාදා බුද්ධ පූජාවක් වශයෙන් හෝ, මහාසංඝරත්නය වෙනුවෙන් හෝ, උපෝසථය සමාදන් වූ උපාසක
උපාසිකාවන් වෙනුවෙන් හෝ, රෝගියෙක් වෙනුවෙන් හෝ, යම්කිසි කෙනෙකුට හෝ පූජාකිරීමෙන්,
පිරිනැමීමෙන්, මහත්ඵල වූ ආනිසංස ලැබෙන බව බෞද්ධ පොතපතෙහි සඳහන්ය. යාගුදායක
මහරහතන් වහන්සේගේ අපදානයෙහි මෙසේ ඒ බැව් සඳහන් වේ.
සුදින්නං
මෙ දානවරං වානිජ්ජං සුප්පයොජිතං
තෙනෙව
යාගුදානෙන පත්තොම්හි අචලංපදං
මා
විසින් ඉතාම සාර්ථක වෙළඳාමක් කරගත්තා වැනි ඉතා උතුම් දානයක් මැනවින් දෙනු
ලැබුවෙමි. කැඳ දානය දීම හේතුකොටගෙන අචල පදය වූ නිවනට පැමිණියෙමි.
සොකං
පරිද්දවං ව්යාධිං දරථං චිත්තතාපනං
නාභිජානාමි
උප්පන්නං යාගුදානස්සිදං ඵලං
උපනුපන්
ජාතිවල ශෝක පරිදේව ආදී වැලපීම් හෝ ලෙඩක් දුකක් ක්ලාන්තයක් කැඳ පූජා කිරීමේ ආනිසංස
හැටියට මට නොලැබුනි.
යාගු සංඝස්ස දත්වාන පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරෙ
පඤ්චානිසංසෙ
අනුභොමි අහො යාගු සුසිට්ඨතා
අනුත්තර
පින්කෙතක් බඳුවූ මහාසංඝරත්නයට කැඳ දන්දීම නිසා ආනිසංස පහක් මම ලැබුවා.
අව්යාධිතා රූපවතා ඛිප්පං ධම්මනිසන්තිතා
ලාභිතා
අන්නපානස්ස ආයු පඤ්චමකං මම
මම දීර්ඝායුශ
ලබාගෙන රොගාබාධ නැති, රූමත්
කඩවසම් රූපකායක් ලබාගෙන, ආහාරපාන සුලභව ලැබිල, ධර්මය වහවහා වැටහෙන නුවණක් සහිත කෙනෙක් බවට පත්උනා ඒ ආනිසංස නිසා.
එවිට
කැඳ පූජාව නිසා ලෞකික වශයෙන් ලැබෙන ආනිශංස පහක් ගැන සඳහන් වෙනවා එම ගාථාවලින්..
ඒවා නම්, කඩවසම් මනා රූපකායක් ලැබීම, කිසිදිනෙක කුසගිනි පිපාසා නොලැබ ආහාරපාන
සුලභව ලැබීම, දීර්ඝායුෂ ලැබීම, වහ වහාඉ ධර්මය අවබෝධවීමට නුවණක් ලැබීම. යාගුදායක
රහතන් වහන්සේ ආශ්චර්යයමත් චරිතයක්. උන්වහන්සේව පැවිදි කරවන අවස්ථාවේදී හිසකෙස් කලා
අත්ලට දුන් මොහොතේම හිසකෙස් වල අනිත්‍ය ස්වභාවය දැක එම කමටහනෙන් එවෙලේම රහත්භවයට
පත්වූ බව දහමෙහි සඳහන් වේ. ඒ නිසා කැඳ දානය ඒ තරමටම වටිනා පින්කමකි. කැඳ දානය
මෙන්ම කැඳ පානය කිරීමද ලෞකික පැවැත්ම ශරීර සෞඛ්‍යය රැක ගැනීම උපකාර වන දෙයකි.
දියබෙරලිය ශාකය
කොළකැඳ සඳහා යොදා ගන්න ඖෂධීය ශාඛ සහ විද්‍යාත්මක නාමයන්
වැල්පෙනල (Cardiospermum
halicacabum) කොළ කැඳ/
කරපිංචා
(curry leaves)
කොළ කැඳ/
රණවරා
(cassia auriculate) කොළ කැඳ/
හීංබෝවිටියා
(Osbeckia octandra)
කොළ කැඳ/
කටරොඩු (clitoria
ternatea) කොළ කැඳ/
එළබටු
(Solanum insanum) කොළ කැඳ/
අලිපේර දළු (Persea
americana mill ) කොළකැඳ/
පොල්පලා
(Mountain Knotgrass) කොළ කැඳ/
මොනරකුඩුම්බිය (Cyanthillium
cinereum) කොළ කැඳ
ගොටුකොළ
(Centella asiatica)කොළකැඳ/
නීරමුල්ලිය
(Hygrophila auriculata ) කොළ
කැඳ/
හාතාවාරිය
(Asparagus) කොළකැඳ/
විශ්ණු
ක්‍රාන්තිය (Evolvulus alsinoides) කොළ කැඳ,/
නිල්
කටරොළු (clitoria ternatea) දළු කොළ කැඳ,/
නෙලුම් (Lotuses)
දලු කොළ කැඳ,/
දියබෙරලිය (Eichhornia
crassipes.) කොළ කැඳ,/
කොහිල
(Lasia spinosa) අල කොළ කැඳ/
දියමෙනේරිය
( Commelina benghalensis)
කොළ කැඳ/
කීකිරිඳිය (Eclipta
prostrate) කොළ කැඳ/
ලුනුවිල (Bacopa
monnieri,) කොළ කැඳ/
එරබදු (Erythrina
variegate) කොළ කැඳ/
ඔළිද (Abrus
precatorius) කොළ කැඳ/
දිවුල් (Limonia
acidissima) කොළ කැඳ/
උදුපියලිය (Desmodium
triflorum) කොළ කැඳ/
කිරි
අගුණ (Vincetoxicum bracteatum) කොළ කැඳ/
මුගුණුවැන්න
(Alternanthera sessilis) කොළ කැඳ/
විලඳවැන්න (ගැටතුඹ) (Blandina biflora) කොළ කැඳ/
පේර දළු (Psidium
guajava) කොළකැඳ/
හීන් උඳුපියලිය (Desmondium
triflorum) කොළ කැඳ/
තෝරකොළ (Cassia Tora) දළු කොළ කැඳ/
කෝවක්කා (Coccinia grandis) කොළ කැඳ/
ගොනිකා
(paychotria nigra) කොළ කැඳ/
කතුරුමුරුන්ගා
(Sesbania grandiflora) කොළ කැඳ/
කුප්පමේනියා
(Acalypha indica)
කොළ කැඳ/
බටකිරිල්ල
(Erthroxylum mooni)
කොළ කැඳ/
යකිනාරන්
(Atalantia ceylanica) කොළ කැඳ/
තැල්
කොළ (Ipomoea marginata) කොළකැඳ/
නික
කොළ (Vitex negundo) කැඳ/
අනෝදා
(Annona muricata) කොළ කැඳ/
වැල්
තිබ්බටු (solanum trilobatum)
කොළ කැඳ/
ඉරමුසු
(Indian sarsaparilla) කොළ කැඳ/
ආදිය පිලිබඳව පොත
පතෙහි සඳහන් වේ. ඊට අමතරව කිතුල්පිටි කැඳ, කුරක්කන් කැඳ, සව්කැඳ ආදියද විවිධ
අලවර්ග වලින් සාදාගන්නා කැඳද අතීතයේ සිටම භාවිතා වී තිබේ.
විලඳවැන්න (ගැටතුඹ) ශාකය
විවිධ රෝග සඳහා සුදුසම
කොළකැඳ වර්ග කීපයක උදාහරන
1
හීන්බෝවිටියා කැඳ - Osbeckia octandra, - මෙය
ශරීරගත අධික උෂ්ණාධිකම සමනය කරන අතර අක්මාවේ රෝග තත්වයන් විශේෂයෙන්ම සෙංගමාලයට ගුණ
දෙන අතර දියවැඩියා රෝගය පාලනය කෙරෙහි වැදගත් කාර්යයභාරයක් ඉටුවේ.
2
රණවරා කැඳ - cassia
auriculate - විශේෂයෙන්ම දියවැඩියාව රෝගයට මහඟු ඖෂධයක් බව පැවසේ. එමෙන්ම
සෙම් පිත් තත්වයන් සමනය කිරීමටත්, මුත්රදැවිල්ල, වාතරක්තය, ලිංගික දුබලතාවයන්ට,
අක්මාව හා බැඳුනු රෝගතත්වයන්ට, ප්‍රමේහ රෝගවලට ගුණදායක බව සඳහන් වේ.
3
වැල්පෙනල කොළ කැඳ - Cardiospermum halicacabum -
ශරීරයේ ඇති උෂ්නාධික භාවය සමනය කරවන අතර මනා ශරීර ශක්තියක් සමග ලිංගික ධාතු ශක්තිය
වර්ධනය කරදෙන ඉතාම රසවත් පානයකි.
4 හාතාවාරිය කොළ කැඳ Asparagus - කැඳ සාදාගැනීම සඳහා ගැමියන් හාතාවාරිය කොළ මෙන්ම අලද යොදාගනිති. ගර්භණී සමයේදී ගබ්සාවීම වැලැක්වීමේ ශක්තියක් හාතාවාරියා සතුව පවතින අතර, ඔසප් කාලවලදී අධිරුධිර පිටවීම පානය කරයි. පුරුෂයින්ගේ ලිංගික ශක්තිය වර්ධන කෙරෙන අතර, ශරීර දාහය නිවාදමයි. එමෙන්ම ශරීරයේ ලේ ධාතුව හා පවතින විෂ නසාදමන අතර, රුධිරය පිරිසිදු කිරීමේ හැකියාවක්ද හාතාවාරියා සතුව පතියි.
5 නීරමුල්ලිය - Hygrophila auriculata - වකුගඩු සහ මුත්‍රා ආශ්රිත ආබාධ තත්වයන් වහා සමනය කල හැකි ගුණයක් නීරමුල්ලිය වල පවතියි.
අතීතයේ පටන් මෙරට ගැමියා කොළකැඳ භාවිතයෙන් තමන්ගේ ශරීර සෞඛ්‍යය සහ ශක්තිය වර්ධනය කරගත් අතර විවිධ ලෙඩරෝග වලට පිලියම් සකස් කරගත්හ. වර්තමානයේ කෘතිම ආහාර රටාවකට හුරුවී සිටින නිසා ජීවිතයෙන් මෙවැනි දෑ ගිලිහී ගොස් ඇති අතර බෙහෙත් ඖෂධ මගින් සියල්ලටම පිලියම් සොයන කාලයක් පැමිණ ඇත. එහෙත් කොළකැඳ සතියකට දින දෙකක් හෝ තුනක් පානය කිරීමෙන් තමන්ගේ ශරීරයේ වාපිත් සෙම් තුන්දොස් සමනය කරගන්නට හැකියාව ලැබෙනවා.
අන්තර්ජාලය
සහ ආයුර්වේද පොතපත ඇසුරින්
-
සටහන - ජයන්ත කොළඹගේ -
ඡායාරූප
මූලාශ්‍ර - https://www.subasetha.lk https://archives1.dinamina.lk/
https://sinhala.buzzer.lk/
0 Comments