සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල

 


සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල

පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල

මාරුව බලා බලා හිත යට කැරකිල්ල

කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල

සූරිය උදා වන....


කොපමණ කලත් හොඳක් දුදනන් ලඟ නැතිය ගුණ

කිරි බඳුනේ දැමුවත් සුදුවේවිද කළු අඟුර

කොපමණ කලත් හොඳක් දුදනන් ලඟ නැතිය ගුණ

කිරි බඳුනේ දැමුවත් සුදුවේවිද කළු අඟුර

කී බස සැබෑවකි...සැමදා ලොවේ එසේ.

සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල

පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල


පෙරකල් ජාති ජාති පැතුවා සේ මේ එන්නේ

පරමල් පුදා ලදෝ මේ හැටි පව් පලදෙන්නේ

පෙරකල් ජාති ජාති පැතුවා සේ මේ එන්නේ

පරමල් පුදා..ලදෝ මේ හැටි පව් පලදෙන්නේ

මියෙනා තෙක් උරුමේ..කරුමේ පෙරලෙන්නේ

සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල

පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල

සූරිය උදා වන


සොමිගුණ පිරි සුදු සඳ සුදුවත හැඳලා එන සේ

සැප ඇති තැන් වලමය සතුට සිතක දළුලන්නේ

සොමිගුණ පිරි සුදු සඳ සුදුවත හැඳලා එන සේ

සැප ඇති තැන් වලමය සතුට සිතක දළුලන්නේ

කළුවර අමාවකේ...සඳ නැත බැබලෙන්නේ

සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල

පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල

පද රචනය/ගායනය - ජයන්ත කොළඹගේ

මෙතැනින් ගීතය ශ්‍රවණය කරන්න

<

Post a Comment

0 Comments