ජීවත්වන සෑම සියලු දෙනාම කිසියම් මානයක් තුල ජීවත්වීම සාමාන්‍ය දෙයකි. හැමකෙනාටම තමා පිලිබඳව සහ අන්‍යයන් පිලිබදව කිසියම් හෝ මිනුම් දණ්ඩක් ඇත. ඒ මිනුම් අනුසාරයෙන් තමාට සහ අන්‍යයන්ට වටිනාකම් දෙමින් අවශ්‍ය දේ ලංකරගෙන අනවශ්‍ය දේ ඈත්කර තබාගෙන සාමාන්‍ය ජීවිතයක් ගතකිරීම පොදු ලක්ෂණයයි.
ඒ ඒ කෙනාගේ දැනුම මත, උපකල්පනයන් මත එසේ මිනුම් සකස් කරගැනීම විටෙක සාවද්‍ය
වුවත් විටෙක නිවැරදි වුවත් එය සාමාන්‍ය දිවිපැවැත්මයි. බුදුදහමේ මානයන් තුනක්
පිලිබඳව සඳහන් වන අතර ඒවා සෙය්‍යමාන,සදිසිමාන,හීනමාන යනුවෙන් හඳුන්වා දී ඇත. එනම් අන්‍යයන්ට වඩා තමා
උසස් යැයි උපකල්පනය කරන අධිමානය, අන්‍යයන්ට වඩා තමා පහත් යැයි උපකල්පනය කරන හීනමානය සහ
තමන් අන්‍යයන් හා සමාන යැයි උපකල්පනය කරන මිනුම වශයෙනි. ඒවා අතිශය අනතුරුදායක
මට්ටමක නොපැවතී සාමාන්‍ය ජීවිතය තුල සාමාන්‍ය දෛණික ජීවිතය පවත්වාගෙන යාම පොදු
තත්වයකි.
ඉන් ඔබ්බට මෙම මානයන්
අනතුරුදායක මට්ටමෙන් ගැටළු නිර්මානය වන ආකාරයෙන්, තමාටත් අන්‍යයන්ටත් අයහපතක් ගෙනදෙන ආකාරයට අන්තර් සබඳතා
බිඳවැටී ඛේදවාචකයක් වන තරමට වර්ධනය වන අවස්ථාව ඉතා කණගාටුදායක තත්වයක් නිර්මානය
කරයි.
මෙහිදී විශේෂයෙන්
හීනමානය අවස්ථාව අතිශය ඛේදජනක අත්දැකීම් සහ දුක්මුසු අත්දැකීම් ගෙන එන තරමට වර්ධනය
වන මානසික තත්වයක් නිර්මානය කරයි. මේ ලිපියේ අවධානය හීනමානය පිලිබඳවයි.
හීනමානය යනු කුමක්ද
මෙය කේම්බ්‍රිජ්
ශබ්දකෝශයට අනුව තමන් අනෙක් මිනිසුන් තරම් හොඳනැති, බුද්ධිමත් නොවන, ආකර්ශනීය බවක් රහිත බවට නිරන්තරයෙන් ඇති හැඟීම යනුවෙන්
අර්ථකතනය කර ඇත. යමෙක් කායිකව මානසිකව සන්සන්දනාත්මකව අන් අයට වඩා පහළ මට්ටමක
සිටින බව හෝ වටිනාකම් අනුව අඩු වටිනාකමක සිටින බවට ඇති තමා තුලම ඇති විශ්වාසය නිසා
ජීවත්වීම පිලිබඳව ඇති අතෘප්තිය කනස්සල්ල අනාරක්ෂිතභාවය,හුදෙකලාව, යන මනෝභාවයන්ගේ සංකලනයෙන් යුක්ත ව්‍යාකූලවූ මානසික
මට්ටමයි.
හීනමානය සහිත
පුද්ගලයෙකුට ඇත්තටම හෝ සිතින් සිතාගන්නට නොහැකි තරමට තමා අසමත්, අවවටිනාකමක් සහිත, අන් අයට වඩා නොවටිනා බවට අදහසක් ඇති වෙයි. එමෙන්ම තමා
තුල තමාම හැකිළුනු බවකට පත්කරයි.
හීනමානයෙන් ප්‍රකට
ලක්ෂණ
v ආත්ම අභිමානය විටෙක කඩාවැටෙන තරමට හීනවී යයි. විටෙක ආත්ම
අභිමානයේ ඉහලම තලයට යයි.
v තමන්ට බාහිරෙන් ලැබෙන ප්‍රශංසා ඇගයීම් මෙන්ම විවේචන, අපහාසකිරීම්, දොස් දැක්වීම් කෙරෙහි ප්‍රමාණය ඉක්මවා සිතන්නට කියන්නට
ක්රියාකරන්නට පටන් ගනියි.
v අනෙකාගේ තමා කෙරෙහි දක්වන නැඹුරුව,තමාට ඇති වලංගුභාවය
හෙවත් අනෙකා විසින් තමා වෙත ඇති නැඹුරුවේ වටිනාකම සහ නිරන්තර අගය කිරීම, ප්රසංසාව,
නොහොද ගුණදොස් නොව තමාගේ නිවැරදිබවම අනෙකාගෙන් බලාපොරොත්තු වෙයි.
v නිරන්තරයෙන් අනෙකාගේ අවධානය තමාවෙත ගැනීමට ප්රචන්ඩත්වය
සහ නිරන්තර කළහකාරී තත්වයන් දක්වා යයි.
v සමාජ ඇසුරෙන් ඉවත්ව,සමාජය ප්‍රතික්ෂේප කර සිටීමට උත්සුක
වෙයි.
v අනිත් අයට තමාගේ අසරණකම, අනාරක්ෂිතබව පිලිබඳව මතයක්
සදන්නට, එය සමාජගත කරන්නට විවිධ දේවල් කරයි.
v තමාගේ නුසුදුසුකම, තමාගේ නොහැකියාව,අන් අයට හෙලිවෙතැයි බියෙන්, එවන් තැන්වලට සහභාගිවීම ප්‍රතික්ෂේප කිරීම සහ එකී තැන්වල පෙරමුනේ සිටින, වැඩි දක්ෂකමක් වැඩි හැකියාවක් වැඩි පිලිගැනීමක් වැඩි අවධානයක් දිනාගත් අය කෙරෙහි දක්වන හේතුවක් නොමැති විරෝධය, අප්‍රසාදය, කෝපය, ගැටීම අහේතුක නින්දා කිරීම සහ ගැටීම. නිරන්තර සැකය
හීනමානය ඇතිවිය හැක්කේ
කුමන ක්ෂේත්‍ර වලද??
Ø තමන්ගේ උගත්කම, දැනුම පිලිබඳව හීනමානය
Ø තමන්ගේ ආචාරශීලිබව, හැදියාව පිලිබඳව හීනමානය
Ø තමන්ගේ පවුලේ පසුබිම පිලිබඳව හීනමානය
Ø තමන්ගේ අතීතයේ ක්‍රියාකාරකම් ගැන හීනමානය
Ø තමන්ගේ සමාජ ආර්ථික තත්වයන් පිලිබඳව හීනමානය
Ø තමන්ගේ හැකියාවන්, දක්ෂකම්, ශිල්ප ශාස්ත්‍ර පිලිබඳව හීනමානය
මේ නිසා එබන්දෙකු තුල
ආත්ම අභිමානය පිලිබඳව ඇත්තේ අවම තක්සේරුවකි. එම පුද්ගලයා නිරන්තරයෙන්ම සාංකාව,
පාලුව, දොම්නස මිශ්‍ර මානසික අවපීඩනයකට මුහණ දෙමින් සිටියි. නිරන්තරයෙන්ම තමා
පිලිබඳව තමාම සැක පහළ කරයි. සැකයෙන් බලන්නට හුරුවීම නිසා අනිත් අය පිලිබඳව සහ
මුහුණ දෙන භෞතික තත්වයන් පිලිබඳවද ඉතාම අශුභවාදී නරකම ආකාරයට උපකල්පනය කිරීමට
පෙළඹෙයි. සෑම දෙයකින්ම හැකිතරම් ඉක්මනින් ඉවත්වීමට අතහැරදැමීමට උත්සාහ කරන අතර
කිසිම ඉලක්කයක් වෙත ලංවීමට අපොහොසත් වේ. විවේචන ගුණදොස් පෙන්වා දීම් පමණක් නොව අගය
කිරීම් ප්‍රශංසා කිරීම් ආදියද භාරගැනීමට අකමැත්ත ප්‍රකාශ කරයි.
සමහර විට, පහත් සංකීර්ණ රෝග ලක්ෂණ උසස් සංකීර්ණයක රෝග ලක්ෂණ වලට
සමාන වේ. අධිමානය පවතින විට තමන් පිලිබඳව හැමවිටම අධිතක්සේරුවක සිටියි. තමාගේ ජයග්රහන,
හපන්කම්, හැකියාවන්, ජයග්රහන පිලිබඳව අතිශයෝක්තියෙන් සිතයි. තමා උසස් කොට සලකා ගෙන
අදහස් ප්‍රකාශ කරයි. මෙම අතිශයෝක්ති ස්වභාවයම හීනමානය තුලත් ඒ ලෙසම පවතියි. තමාගේ
පහත්කම පිලිබදව, තමා පිලිබඳව අඩුතක්සේරුව ඇති බව, තමා නොවටිනා බවට අතිශයේක්තියෙන්
සිතයි. එය ප්‍රකාශ කරයි. අසරණ වන සෑමවිටම මේ පහත්යැයි හැඟීම ප්‍රකට වන සේ අදහස් ප්‍රකාශ
කරයි.
හීනමානයේ උපත සිදුවන්නේ ලමා වියේදී බවට පිලිගත් මතයක් ඇත.
එමෙන්ම වැඩිහිටි වියේදී වුවද ඒ ඒ අවස්ථාවන් තුලදී මුහුන දෙන ආකාරයට හීනමානය ඇතිවිය
හැකි බවට පර්යේශකයන් පෙන්වා දෙයි. විශේෂයෙන් ලමා කාලයේ අත්දැකීම් පුද්ලයෙකුට
හීනමානය කෙරෙහි තදින් බලපාන බව සමාජයෙන් ප්‍රකට වන කරුණකි.
කුඩා කල වැඩිහිටියන්ගේ නිසි අවධානය නොලැබුන අය, කුඩාකලම
හුදෙකලා ජීවිතයක් ගතකල අය, කුඩාකාලයේ දරිද්‍රතාවය නිසා, සමාජ හා සංස්කෘතිකව තමන්ට
ලැබුන අඩු පිලිගැනීම නිසා, ඉන් අනතුරුව අධ්‍යාපනය හැදියාව අතින් පහළ මට්ටමක සිටීම
නිසා, සමාජ සිරිත්විරිත්, සංස්කෘතික හා ආගමික සිරිත්විරිත් නොදන්නා නිසා, යම්
තැනකට ගොස් හැසිරෙන්නේ කෙසේද කියා තමාටම කුහුලක් සැකයක් අවිශ්වාසයක් පවතින නිසා,
සමාජයේ අන් අය තමන් පසුකර ගොස් හැකියාවෙන් දැනුමෙන් දක්ෂකමෙන් අන් අයගේ ඉහළම
පිලිගැනීමට පාත්රවන නිසා, එය තමාට නොලැබෙන නිසා හීනමානය සංකීර්ණ මට්ටමට ගොඩ නැගෙයි.
ඒ නිසා ඔවුන් ඒ වෙත ප්‍රතිචාර දක්වන රටාවක් තිබෙනවා
v ඔවුන් අධික තරඟකාරිත්වයෙන් යුක්ත වෙනවා. අනෙකා කරනවාට
වඩා ඉහලින් කිරීමට උත්සාහ කරනවා
v අවධානය දිනාගැනීම සඳහා සෑම උපක්රමයක්ම භාවිත කරනවා.
කිසියම් කාර්යයක් කරන විට තමන් එය කරන බව ඇඟවීමට පමණ ඉක්මවා එය ප්‍රදර්ශනය
කරනවා.ශබ්ද නගනවා.නිරන්තරයෙන් කරන කාර්යයට අමතරව අනුන්ගේ අවධානය ලබනු පිණිස ගී
සින්දු මුමුනනු ලබනවා. උස්හඬින් සිනාසෙනු ලබනවා. දෙදෙනෙක් කතාකරන තැනට හෝ වැඩිහිටි
සමාගමකට සමසමව රැඳෙමින් තමන්ගේ උසස්බව ප්‍රදර්ශනය කිරීමට සංස්කෘතික හැදියාව සහ
ආචාරශීලිත්වය උල්ලන්ඝනය කරමින් උත්සාහ කරනවා.
v අනුන්ගේ පෞද්ගලික දේ පවා සොයන්නට අනුන් විවේචනය කරන්නට
කැමැත්ත දක්වන අතර තමාව විවේචනය වනවිට ඉතාම සංවේදී කලහකාරී, ප්රචන්ඩ බවක් ගනු
ලබනවා.වැරදි පෙන්වා දෙන්නට කොතරම් උත්සාහ කලත් කිසි මොහොතක තමන්ගේ වරද පිලිගැනීමට
මැලිවන අතර නිතරම වරද අනෙකාට පවරනු ලබනවා.
හීනමානයේ ක්රමික වර්ධනය මානසික අවපීඩන තත්වය දක්වා
විකාශනය විය හැකි බවට පර්යේශකයන් විසින් අනතුරු හඟවා තිබේ. පවුලේ අයගෙන්, මිතුරන්
ගෙන්, සමීපතමයන්, සමාජයෙන් අන්තර් සබඳතා වලින් වැලකුනු පුද්ගලයා තමා තුලම හැකිලෙන්නට
පටන්ගැනීම සිදුවේ. ඒ හැකිලීම මානසික අවපීඩනය දක්වා වර්ධනය වන බවට සොයාගෙන තිබේ.
මානසික සෞඛ්‍යය සායන, මානසික උපදේශන වලට අමතරව, විශේෂයෙන්ම
භාවනාව තුලින් මේ තත්වයෙන් අත්මිදීමට හැකිබව නූතන පර්යේශන වලින් සොයාගෙන ඇත.
සටහන - ජයන්ත කොළඹගේ
මූලාශ්‍ර - https://www.webmd.com/ https://www.medicalnewstoday.com/
https://www.everydayhealth.com/emotional-health/ https://www.talkspace.com/
ඡායාරූප මූලාශ්‍ර - https://adultmentalhealth.org/ https://www.pinterest.com/
0 Comments