තන්හාව..විඳීම...විඳවීම සහ අනිත්‍යතා දුකින් මිදෙන මග

 

                                        තන්හාව සහ චිත්ත සමාධිය / Ai නිර්මානයක්

 

හැඳින්වීම

තන්හාව, විඳීම සහ විඳවීමේ ගැඹුරු ධර්මතාව ගවේෂණය කිරීම. ශරීරයේ සහ මනසේ අනිත්‍ය ස්වභාවය අවබෝධ කර ගැනීමෙන් දුකින් මිදෙන මාර්ගය පිළිබඳ ගැඹුරු බුද්ධ දර්ශනික විශ්ලේෂණයක්.

 ශරීරය යන්ත්‍රයක් පමණයි 

මේ ශරීරය කියන්නෙ ආසන්න වශයෙන් ගත්තාම හරියට ගහක්, ගලක්, පුටුවක්, මේසයක්, ඇඳක් වගේ දෙයකට සමානයි. ඒවාට හිතන්න බැහැ. ශරීරය හෙවත් කයටත් එසේමයි. ගස්, ගල්, ඇඳ, පුටු, මේස වලට විඳින්න බැහැ. ශරීරයටත් එසේමයි - හිතන්නත් බැහැ, විඳින්නත් බැහැ, විඳවන්නත් බැහැ. එහෙම හිතන, විඳින, විඳවන කෙනෙක් ශරීරයේ මොනම ඉන්ද්රියකවත් ඇත්තෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි, ශරීරයට ස්වාධීනව චලනය වෙන්නත් බැහැ - අතපය හොල්ලන්න, ගමන් කරන්න, ඉඳගන්න, නිදාගන්න ඒ කිසිවක් කරන්නත් ශරීරයට දැනුමකුත් නැහැ, ස්වාධීන හැකියාවකුත් නැහැ. ශරීරය යන්ත්රයක් විතරයි.

යන්ත්රයක් ක්රියාත්මක වෙන්නට බලශක්තිය සහ විධානය අවශ්යයි. ශරීරයේ බලශක්තිය තමයි කබලිංකාහාර හෙවත් ආහාර, ජලය සහ හුස්ම (කබලිංකාහාරය කියන්නෙ ඒ තරම් සරළ දෙයක් නෙවෙයි, එය ගැඹුරු කාරණයක්).

කොසොල් රජුගේ සිහින 16 — අනාගත ලෝකය පිළිබඳ බුදුන් වහන්සේගේ විවරණය

 

                                             කොසොල් රජුගේ සිහින 16 - Ai නිර්මානයක්


හැඳින්වීම

බුදුන් වහන්සේගේ දේශනාවන් අනුව, වර්තමාන සමාජයෙහි විකෘති ආකාර, ආචාරශීලිත්වයේ  විපත, නීති පාලනයේ අඩුපාඩු සහ මානව චර්යාවේ පිරිහීම නිවන් මගට බාධා වන සාධක ලෙස සැලකිය හැක. නූතන ලෝකය නවීන විද්‍යාවේ අනපේක්ෂිත ඉහලම දියුණුවකට පත්ව ඇති අතර, නූතන ක්වන්ටම් භෞතික විද්‍යාවේ දියුණුව නිසා විශ්වයේ මෙතෙක් රහසක්ව පැවති බොහෝ දෑ හෙලිදරව් කරගන්නටද හැකිවී තිබේ. ප්‍රාග්ධන වෙළඳපොල සීඝ්‍රයෙන් පුලුල්ව ව්‍යාප්තව ඇති අතර ගෝලීය පරිභෝජන රටාව පවා උඩු යටිකුරු වී ඇත. මිනිසුන්ගේ සිතුම් පැතුම් අපේක්ෂාවන් වර්තමාන ගෝලීය ආකෘතිය හා ඒකාත්මික වී ඇති අතර ජාති භාෂා ආගම් සංස්කෘතික ගැටුම් පසෙකලා නව පරිභෝජන රටාවත් සමග එකතු වී ඇත.

එහෙත් රාජ්‍ය වල සහ පුද්ගලභාවයේ පරිහානිය කිසිවකු විසින් තක්සේරු කර නොමැති අතර, අද ක්‍රිස්තු වර්ෂ 2025 වන විට එදා ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ ජීවත් වූ බුදුරජානන් වහන්සේ ගෝලීය පුද්ගල පරිහානිය මනාව දුටුවේය. කොසොල් රජුගේ සිහින 16 හරහා සන්නිවේදනය කරන්නේ මානව සමාජයේ එම ගෝලීය පුද්ගල පරිහානියයි. 

කාලය, අවකාශය, හා අනිත්‍යය — අයින්ස්ටයින් හා බුදු ධර්මය අතර ගැඹුරු සන්ධියක්

 

               නූතන විද්‍යාව - අයින්ස්ටයින් - සහ ගැඹුරු අවියෝජණීය සමාධිය - Ai  නිර්මානයක්

                                             

හැඳින්වීම

ආලෝකො උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි යනුවෙන් බුදුරජානන් වහන්සේ ධම්මචක්ක පවත්තන සූත්‍රයේදී දේශනා කල පරිදි, ලෝකයට විද්‍යාව පහළවූයේ මෙයට අවුරුදු 3000 කට ආසන්න පෙර කාලයේදී සම්මා සම්බුදුරජානන් වහන්සේ ලොව පහළවීමත් සමගය. ඉන්පසුව ලෝකය නව චින්තනය අනුව කල විවිධ පර්යේෂණ මත පදනම් නූතන භෞතික විද්‍යාව සමග ඇල්බට් අයින්ස්ටයිගේ සාපේක්ෂතාවාදයද, ඉන් අනතුරුව ක්වන්ටම් භෞතිකයද ලොවට බිහිවී නූතන ලෝකය නව තාක්ෂණික ජයග්‍රහණ රැසක් අත්පත් කරගත්තේය. එම නූතන විද්‍යාව සමග නව දර්ශනවාදයක් ද ලොවට බිහිවිය. ඒ දර්ශනය තුල බිහිවූ කාලය අවකාශය සහ අනිත්‍ය දර්ශනය නැවත ආපසු හැරී බලනවිට මීට වසර තුන්දහසකට ආසන්න පෙර අතීතයේ බුදු ඇසට, බුදු නුවණට හසුවී ඇති ආශ්චර්යය පිලිබදව නොකියාම බැරිය. නූතන විද්‍යාව සහ බුද්ධ දර්ශනය එකට හමුවන, එකඟ වන සන්ධිස්ථානය පිලිබදව මෙයින් සාකච්ඡා කෙරේ.

බුදුදහමේ අනාත්මය පිලිබදව

අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා න්‍යාය සහ බුද්ධ ධර්මයේ ත්‍රිලක්ෂණය — අනිත්‍යතාව, දුක්ඛ, අනත්ත —  මෙම විවිධ පථ දෙක තුළින් පිළිබිඹු වන්නේ එක් මූලික සත්‍යයක් බව පෙනේ: සියල්ලම නිරන්තරයෙන් පරිවර්තනය වන, ස්ථාවර නොවන, අන්යෝන්‍ය සම්බන්ධිත තත්ත්වයක පවතින බවයි. එය බුදු දහමේ සහ සාපේක්ෂතා වාදයේ ප්‍රධානම දාර්ශණික සාධක දෙකකි.

 

ඇමන්ඩ් ඇට ආහාරයට ගැනීමෙන් සිරුරට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ | Health Benefits of Eating Almonds

 සෞඛ්‍යමත් ජීවිතයක් සඳහා, කුඩා පියවරක් — දිනපතා අතින් ඇමන්ඩ් කිහිපයක්.” 🌿


                                                       ඡායාරූපය - Ai නිර්මාණයක්

🌸 හැඳින්වීම

ඇමන්ඩ් (Almond) කියන්නේ පෝෂකමය අගයක් ඉතා ඉහළ ආහාරයකි. විටමින් E, ප්‍රෝටීන්, නාරික්ශණ, හා මොනොසැචුරේටඩ් මේද අඩංගු මේ කුඩා ඇටවලින්, ඔබේ සිරුරට ගණනාවක් වූ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගත හැක.

අද ලිපියෙන් අපි බලමු — ඇමන්ඩ් ඇට ආහාරයට ගැනීමෙන් ඔබේ සිරුරට ලැබෙන විද්‍යාත්මකව තහවුරු කළ ප්‍රතිලාභ මොනවාදැයි.

බොරුකීම - බුදුඇසින් සහ නූතන විදු ඇසින්

 

                              බොරු කීම ඇබ්බැහියක්ද වේ.               Ai රූප නිර්මාණයක් 

හැඳින්වීම

මනුශ්‍ය වර්ගයා බොරු කියති. එය වාචික දුශ්චරිත වලින් එකක් බවද, දස අකුසලයේ එක් අකුසලයක් බවද බුදුදහමේ සඳහන්ය. එසේ හෙයින් එය නීච ක්‍රියාවක් බවත්, ලෝකය පිලිකුල් කරන දෙයක් බවත්, බොරු කියන පුද්ගලයාට කල නොහැකි පාපයක් නොමැති බවත්, එය එක් අතකින් අතිශය භයානක මානව දුශ්චරිතයක් බවත් පිලි ගැනේ. ඒ නිසා ඇත්ත සඟවා සත්‍ය නොවන දෙයක් කීම බොරුවේ ස්වභාවය බවද, එසේ කරන තැනැත්තා යම් විටෙක ඇත්ත කීවද, එය ඇත්තක් හැටියට සමාජය නොපිලිගන්නා බවත්, නිරන්තරයෙන් බොරු කියන තැනැත්තාට සමාජයෙන් ලැබෙන්නේ ඉතාම පහත් තැනක් බවද පැවසේ.

 

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආරණ්‍ය සේනාසන – නිහඬභාවය තුල චිත්ත සමාධිය සහ ප්‍රඥාව අවදි කරන්න.

 

          කුටුම්බිගල ආරන්‍ය සේනාසය - ඡායාරූප අනුග්‍රහය/https://dahamvila10.blogspot.com/

🕊️ හැදින්වීම

ධම්ම ද්වීපය ලෙස ප්‍රකට ශ්‍රී ලංකාව, සුන්දර වෙරළ තීර සහ සංස්කෘතික ස්මාරක පමණක් නොව, නිවන් සෙවනක් ලෙස හැඳින්විය හැකි ආරණ්‍ය සේනාසන සමඟ ද අද්විතීය අත්දැකීමක් ලබා දෙයි. මනසට නිවීම සැනසුම සොයන, භාවනාව හා බුදුදහමට ආදරය කරන විදේශීය සංචාරකයන් සඳහා, මෙවන් ආරණ්‍ය සේනාසන යථාර්ථ බුදුදහම් ජීවිතය පෙන්වන ස්ථාන වේ. අතීතයේ සිටම ශ්‍රී ලංකාව පුරාම මෙවන් වනගත ආරන්‍ය සේනාසන විශාල ප්‍රමාණයක් ජනාකීර්ණ ප්‍රදේශ වලින් වෙන්වී වනගතව අද දක්වා පැවත එයි.

ධම්මසංඝණි ප්ර කරණය ඇසුරෙන් බුදුදහමේ රූප විවරණය: නවීන විද්‍යාවෙන් ලැබෙන පිලිගැනීම

 

                        බුදුදහම සහ නූතන විදයා සංකල්ප සමපාතවීම  - https://www.bing.com/images

හැඳින්වීම

නූතන ලෝකය අද නවීන විද්‍යාව තුලින් සිතන්නට බැරි තරම් මහා දුරක් ගමන් කොට තාක්ෂණික වශයෙන් කෘතිම බුද්ධිය පවා නිපදවන්නට සමත් වූ කාලයක, කිසියම් දර්ශනවාදයක් ඊට සමපාතිකව විශ්වය පිලිබඳව අදහස් දරයි නම්, එම දර්ශනය නූතන ලෝකය තුල ස්වකීය විශ්වාසනීයත්වය තහවුරු කරන්නටත්, ලෝකය විසින් පිලිගැනීමටත් ලක් වේ. බුදුදහම සහ බෞද්ධ දර්ශනය එසේ නූතන ලෝකයේ විද්‍යාත්මක තුලින් පවා ප්‍රතික්ෂේප නොවී තිබෙන්නේ ඒ නිසාය.

විශ්වයේ පවතින තාරකා, ග්‍රහලෝක, මන්දාකිණි, පෘථිවිය, ජීවීන්, පදාර්ථ, අංශු ආදී කිසිම භෞතික වස්තුවකට, සදාකාලික පැවැත්මක්, නිත්‍ය ස්වභාවයක් කිසිදා ලැබෙන්නේ නැත. ඒ සියල්ලම කිසියම් තීරණාත්මක අවසානයකට පත්වීම නියත බව බුදුදහමේ මූලික සංකල්ප තුනකින් පැහැදිලි කර ඇත.

1.   අනිත්‍යය - සදාකාලික නොවන බව. අස්ථිර බව. (Impermanent)

2.   දුක්ඛය - විපරිනාමය, වෙනස්වීම, ගතිකය (Evolution, change, dynamics)

3.   අනාත්මය - හේතු ප්‍රත්‍යයෙන් යුක්තවීම සහ ආත්මයක් රහිත බව (Cause and effect and the absence of a soul)

මෙම ත්‍රිලක්ෂණ මූල න්‍යායෙන් බාහිරව කිසිම විශ්ව සත්‍යයක් නොමැති බව බුදුදහම අවධාරණය කරයි.

Comments