සච්ච විභංග සූත්‍රය: ( සත්‍යය ගවේශනයේ ගැඹුරුම දේශනාව)

 

                                         photo credit - https://www.pinterest.com

අන්තර්ගතය

බුදුදහම, සච්ච විභංග සූත්‍රය, ආර්යය සත්‍යය හතර, ආර්යය අෂ්ඨාංගික මාර්ගය, නිර්වාණය, ප්‍රඥා, ශීල, සමාධි

හැඳින්වීම

සච්ච විභංග සූත්‍රය යනු බුදුදහමේ ඉතාමත් ගැඹුරු හා වැදගත්ම දේශනාවලින් එකකි. මෙය ධම්මචක්ක පවත්තන සූත්‍රයේම විස්තරාත්මක හා විචක්ෂණාත්මක පැහැදිලි කිරීමක් ලෙස සැලකිය හැකිය. බුදුරජානන් වහන්සේගේ අනුදැනුම ඇතිව සැරියුත් මහ රහතන් වහන්සේ විසින් මෙම ගැඹුරු දේශනය සිදු කරන ලදී.

 
                                               photo credit - https://www.pinterest.com

සූත්‍රයේ විශේෂත්වය

මෙම සූත්‍රයේ විශේෂත්වය නිර්මාණය කිරීමේදී බුදුරජානන් වහන්සේ සැරියුත් රහතන් වහන්සේගේ දේශනා ශෛලිය පිළිබඳව ඉමහත් ප්‍රශංසාවෙන් කතා කර ඇත. "ආචික්ඛනා පඤ්ඤපනා පට්ඨපනා විවරනා විභජනා උත්තානිකම්මන්ති" යනුවෙන් හැඳින්වෙන මෙම දේශනා ශෛලිය අතිශයින්ම ප්‍රශංසනීය ලෙස බුදුරජානන් වහන්සේ විස්තර කර ඇත.

සතර ආර්ය සත්‍ය පැහැදිලි කිරීම

සච්ච විභංග සූත්‍රය තුළින් සතර ආර්ය සත්‍ය දීර්ඝව හා සවිස්තරාත්මකව පැහැදිලි කර ඇත:

දුක්ඛ ආර්ය සත්‍ය - දුක පිළිබඳ සත්‍යය විස්තරාත්මකව විග්‍රහ කිරීම - දුක්යනු ජීවිතයේ අනිවාර්යයෙන් අත්විඳිය යුතුව තිබෙන ප්‍රිය නොවන දුෂ්කර අත්දැකීම්ය.
බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ ආකාරයට
ජාතිය (ඉපදීම),
ජරා (වයසට යාම),
මරණය,
ශෝකය,
පරිදෙව (හඬා වැලපීම),
දෝමනස්ස (මානසික වේදනාව),
උපායාසය (අතිශය මානසික කම්පනය)

                                               photo credit - https://www.pinterest.com
 

ජාතිය (ඉපදීම) සත්ත්වයෙකුට අලුත් ජීවිතයක ආරම්භය ගර්භය තුළ හෝ වෙනත් ආකාරයක ඉපදීම.
ඒ යනු ශරීරය හා සංස්කාර ඇතිවීමයි. එමෙන්ම වෙනත් ආකාරයකට කිවහොත්, ගැඹුරු අර්ථයෙන් ගතහොත් ස්කන්ධයන්ගේ හටගැනීම, ඇස කණ ආදී ආයතන හය ඉපදීම ජාති නම් වේ.

.ජරා (වයසට යාම) ඇඟ පිරීම, දිලිසීම, ශක්තිය යනාදිය ක්ෂය වීම සහ අඩුවීම, කෙස් රැලි වීම, ආයු පිරිහීම මේ සියල්ල ජරායන දුක් බවයි

මරණය ජීවිතය අවසන් වීම, ශරීරය බිඳීම, ජීවිතේන්ද්‍රියය නැසීයාම  මේ මරණ දුක්යි.

ශෝකය (Soka) වේදනාවක් හෝ විශාල දුකක් ලැබූ විට ඇතිවන අභ්‍යන්තර වේදනාව,
හදවතේ ශෝකය, විෂාදය.

පරිදෙව (Parideva)

ශෝකයෙන් හඬා වැලපීම, නාම කියා හඬන කම්පනය, හඬා දුක් විදීම  මේ පරිදෙව යන්නයි

දෝමනස්‍යය (Domanassa)  මානසික වේදනාවක් මනෝසම්ඵස්සයෙන් (මානසික ස්පර්ශයෙන්)
උපදින ප්‍රිය නොවන වේදනාවකි.

උපායාසය (Upāyāsa) අතිශය මානසික බර, පීඩනය, ඇතුළත ආයාසය ශෝකයටත් පරිදෙවයටත් වඩා ගැඹුරු දුක්භාවයකි.

කැමති දේ නොලැබීම දුක බව - අපි මෙහෙම නොවුණා නම්  හොඳයයන අපේක‍ෂාවක් ඇතිව
එහෙත් එය නොලැබීමෙන් ලැබෙන දුකයි. එනම්, අපිට අවශ්‍ය දේ නොලැබීමද දුක්යන්නට අයත් බවයි

පඤ්චුපාදානස්කන්ධයෝ සියලු දුක් මේ පඤ්ච උපදානස්කන්ධයන් තුළ පවතී:

  1. රූප (ශරීරය)
  2. වේදනා (සැප, දුක්, මැදහත් විඳීම්)
  3. සංඥා (හඳුනාගැනීම)
  4. සංස්කාර (මනෝ ක්‍රියා, චේතනා, හැඟීම්)
  5. විඥාණ (දැනගැනීම)

දුක්ඛ සමුදය ආර්ය සත්‍ය - දුක් ඇති වීමේ හේතුව පැහැදිලි කිරීම

 

                                         photo credit - https://www.pinterest.com

සමුදයාර්ය සත්‍යය යනු මක්ද?

දුක උපදවන්නේ තණ්හාවයන්නෙනි. තණ්හාව යනු ඇලී සිටීම, බලාපොරොත්තුව, ආසාව, යනුවෙනි. තණ්හාවේ අර්ථය... බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ: ඇවැත්නි, මේ තණ්හාව යනු ප්‍රිය දේවල් වෙත ඇලීම, අලංකාර දේවල් බලා ආසාවෙන් යාම,
සන්සුන් බවකට ආශාව, කාම සුඛය හෝ භවය පාවා ගැනීම.තණ්හාව තුනක් පවතී:

 කාමතණ්හාවරූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ වස්තු ආදියට ඇති ආශාව

  1. භවතණ්හාවජීවිතය, අත්දැකීම්, භවය (ආත්ම) කාමයන් නැවත නැවත පවත්වා ගැනීමට ඇති ආශාව
  2. විභවතණ්හාවනොවීමට, නැතිවීමට, විනාශ වීමට ප්‍රතික්ෂේප කිරීමට ඇති ආශාව

 තණ්හාවෙන් උපදින දුක් - තණ්හාවෙන් ආවලඹනය (ඇලීම) ඇති වේ. ඇලීමෙන් ආත්මභාවයසහ මමයන හැඟීම වැඩේ. එමෙන්ම ඒ මඟින් ජාතිය, ජරා, මරණය ආදී දුක් ආවර්තය දිගහැරේ.

තණ්හාව මකන ක්‍රමය

තණ්හාව දුරු කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මග
අටගුණ මාර්ගය (ඇටගුණ මාර්ගය / අර්ය අෂ්ඨාංගික මාර්ගය) හරහාය.
එය දුක මකා නිවන්ට යන මාර්ගයයි.

දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය - දුක් නැති කිරීමේ සත්‍යය විස්තර කිරීම. සච්ච විභංග සූත්‍රය අනුව නිරොධාර්ය සත්‍යය යනු දුක සහ එහි හේතු සම්පූර්ණයෙන්ම නැති කිරීමයි. මෙය නිර්වානය ලෙසත් හඳුන්වයි. බුදුරජාණන් වහන්සේ දුකසහ දුකේ හේතුවවිවරණය කළ පසු, තුන්වන සත්‍යය ලෙස නිරොධාර්ය සත්‍යය දේශනා කළා. මේ සත්‍යය කියන්නේ දුක අවසන් කිරීමේ සත්‍යයයි.

නිරොධාර්ය සත්‍යය යනු මක්ද?  තණ්හාව සම්පූර්ණයෙන් නසී දුරුකිරීම, ඒ තණ්හාව අත්හැරීම,
දුකේ නිරොධයයි. එනම්, තණ්හාව මැකීමෙන් දුක් නසී. තණ්හාව මැකීමෙන් උපදින නිවන් තණ්හාව සම්පූර්ණයෙන් නසින විට ආසාව, ඇලීම, බලාපොරොත්තුවනැතිවෙයි. එවිට මනස නිශ්චල වේ.  දුක් නොතිබෙන, තෘෂ්ණා-රහිත, සන්සිඳීමක් ඇති වේ. මෙම තත්ත්වයම නිවන් යි. නිරොධය පවතින තත්ත්වය නිරොධය යනු නැවත උපදින්නා වූ දුක නසන තත්ත්වයයි. තණ්හාව නැතිවීම නිසා උපාදන නැත, උපාදන නැතිවීම නිසා භව නැත, භව නැතිවීම නිසා ජාති නැත, ඒ අනුව දුක්ද නසී. නිරොධාර්ය සත්‍යය පෙන්වන්නේ අපගේ ජීවිතයේ දුක් අවසන් කළ හැකි බවයි. තණ්හාව අත්හැරීමෙන්ම නිවන් සත්‍යය අවබෝධ වේ

දුක් නිරොධගමිනී පටිපදා සත්‍යය අර්ය අෂ්ඨාංගික මාර්ගය.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේ,  දුක ඇති, දුකේ හේතුව ඇති, දුක නිමවන මගක්ද ඇති බවයි. ඒ මග තමයි දුක් නිරොධගමිනී පටිපදා සත්‍යය, එනම් අර්ය අෂ්ඨාංගික මාර්ගයය.

අර්ය අෂ්ඨාංගික මාර්ගය යනු මොනවාද?

මෙම මාර්ගය කොටස් අටක්ගෙන් සමන්විතය:

  1. සම්මා දිට්ඨිසත්‍ය දෘෂ්ටිය (Right View)
  2. සම්මා සංකප්පනිවැරදි අදහස (Right Intention)
  3. සම්මා වාචානිවැරදි වචනය (Right Speech)
  4. සම්මා කම්මන්තනිවැරදි ක්‍රියාව (Right Action)
  5. සම්මා ආජීවනිවැරදි ජීවිකාව (Right Livelihood)
  6. සම්මා වායාමනිවැරදි උත්සාහය (Right Effort)
  7. සම්මා සතිනිවැරදි සතිමත්භාවය (Right Mindfulness)

8.      සම්මා සමාධිනිවැරදි මනෝ ඒකාග්‍රතාවය (Right Concentration)

 මාර්ගය කොටස් තුනක් ලෙස වෙන්කළ හැකිය

මෙම අට කොටස් ත්‍රිවිධ අභ්‍යන්තර පරිශීලනයක් යටතේ පවතී:

  1. පඤ්ඤා (Wisdom)සම්මා දිට්ඨි, සම්මා සංකප්ප
  2. ශීල (Virtue)සම්මා වාචා, කම්මන්ත, ආජීව
  3. සමාධි (Concentration)සම්මා වායාම, සති, සමාධි 

 

                                   photo credit - https://www.pinterest.com

නිගමනය

සච්ච විභංග සූත්‍රය බුදු දහම අධ්‍යයනය කිරීමේදී අත්‍යවශ්‍යම දේශනාවකි. එය ධම්මචක්ක පවත්තන සූත්‍රයේ ගැඹුරු අර්ථය සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට උපකාරී වන අතර, බුදු දහමේ මූලික සිද්ධාන්ත සවිස්තරාත්මකව පැහැදිලි කරයි. බුදුදහම යනු ඇදහිල්ලක් නොව ප්‍රායෝගිකව පුරුදු පුහුනු කල යුතු දර්ශනයකි. ප්‍රතිපදාවකි. ඒ ප්‍රතිපදාව වැඩීමෙන් පමණක් බුද්ධ දේශනාවට අනුව කෙනෙකුට සසර දුකෙන් මිදිය හැකිය. මාර්ගය වරදවා තේරුම් ගැනීමෙන් සසර දුකින් මිදීම වෙනුවට සංසරායේ දිගින් දිගට ගමන් කිරීමට හැකිවනු ඇත. සච්ච විභංග සූත්‍රය සසර දුකින් මිදීමේ ඒකායන අපේක්ෂාවට කදිම පිටුවහලක් ලැබේ. 

Our English-language Dhamma blog site 

https://dhammapathsl.blogspot.com/ 

මූලාශ්‍ර

1.      මජ්ඣිම නිකාය - උපරි පණ්ණාසකය - විභංග වග්ගය

2.      Majjhima Nikaya - Upari Paṇṇāsaka - Vibhaṅga Vagga

3.      Buddhist Dictionary by Nyanatiloka Thera

4.      "The Middle Length Discourses of the Buddha" translated by Bhikkhu Ñāṇamoli and Bhikkhu Bodhi

No comments:

Post a Comment

Comments