photo credit - https://www.pinterest.com/
අන්තර්ගතය
කරණීය මෙත්ත සූත්‍රය, පුද්ගල මනෝභාවයන් හික්මවීම, මෛත්‍රිය වැඩීම, මෛත්‍රිය තුලින් නිවනට, අධ්‍යාත්මික වැඩ පිලිවෙල, පුද්ගල සංවරය සහ හික්මීම.
හැඳින්වීම
බුදුරජාණන් වහන්සේගේ අමෘතමය වූ දේශනා අතරින් අග්‍රගණ්‍ය ස්ථානයක් හිමි කර ගන්නා කරණීය මෙත්ත සූත්‍රය, පුද්ගලයකුගේ මනෝභාවය හික්මවීමේදී, සන්සුන් පෞරුෂයක් ගොඩනැගීමේදී සහ අවසානයේදී ආර්ය මාර්ගයේ පියවර තෙක් රැගෙන යන අතිමනෝහර දේශනාවකි. මෙම සූත්‍රය තුළින් බුදුරජාණන් වහන්සේ, මෙත්තාව පුරුදු කිරීමේ නිවැරදි ක්‍රමවේදය, ඊට පෙරාතුව පුද්ගලයා තුළ ඇති කරගත යුතු ගුණාංග සහ එමගින් ලැබෙන අතිශය වටිනා ප්‍රතිඵල පිළිබඳව සවිස්තරාත්මකව විස්තර කර ඇත.
photo credit - https://www.pinterest.com/
මෙත්තාව පුරුදු කිරීමට පෙර ඇති කරගත යුතු පෞරුෂ ගුණාංග
මෙත්තාව පුරුදු කිරීම සඳහා යමකු යෝග්‍ය වීමට පළමුව ඔහු තුළ ඇති කර ගත යුතු මූලික ගුණාංග කිහිපයක් මෙම සූත්‍රය තුළින් බුදුරජාණන් වහන්සේ විසින් ඉතා පැහැදිලිව දක්වා ඇත.
· සක්කො (නුවණැති): දක්ෂ විය යුතුය. ප්‍රඥාවෙන් යුක්ත විය යුතුය. අන් සතුන්ට තමාගේ මෙත්තාව ප්‍රයෝජනවත් වන්නේ කෙසේද යන්න තේරුම් ගත හැකි බුද්ධිමත් බව.
· උජු (සෘජු): උජුව, සෘජුව සහ කපටිකම් රහිතව පැවතිය යුතුය.
· සුවචො (සුවච): මඳ වචන, ප්‍රිය වචන, ප්‍රයෝජනවත් වචන කියන්නෙකු විය යුතුය.
· සුහුජු (සුහුජු): වචනයෙන් හා ශරීර ක්‍රියාවෙන් පවා මෘදු සහ නම්යශීලී විය යුතුය.
· විනෙය්‍ය ගෙධං (විනය කළ හැකි): අන් අයගෙන් උපදෙස් ලබා ගැනීමට සහ තම දෝෂ නිවරදි කර ගැනීමට සුදුසුකම් ඇති විය යුතුය. මෙය අතිශය වටිනා කරුණකි. අනුන් පෙන්වා දෙන තමා තුල තිබෙන වැරදි නිවැරදි කිරගැනීමට හැකි අයෙක් විය යුතුය.
· මුදු (මෘදු): මනස මෘදු සහ සංවේගී විය යුතුය.
· අනතිමානී (අනතිමානී): අහංකාර ගතියෙන් තොරව, නිහතමානීව පැවතිය යුතුය.
· සන්තුස්සකො (සන්තුෂ්ට): ලබාගත් දෙයින් සතුටු වන සුලු විය යුතුය.
· සුභරො (සුඛර): පහසුවෙන් පෝෂණය කළ හැකි, අල්පේච්ඡ බව.
· අප්පකිච්චො (අල්පේච්ඡ): සුළු වැඩ ඇති, බහුකාර්ය බැවින් නොවෙහෙසෙන සුලු විය යුතුය.
· සල්ලහුකවුත්ති (සල්ලහුක වෘත්තිය): ඉතා සැහැල්ලු ජීවනෝපායක් ඇති, බරපතල නොවන ජීවන රටාවක් ඇති විය යුතුය.
මෙම ගුණාංගවලින් සමන්විත පුද්ගලයා මෙත්තාව පුරුදු කිරීමට සුදුසුකම් ලබයි.
photo credit - https://www.pinterest.com/
මෙත්තාව පුරුදු කිරීමේ ක්‍රමවේදය
සූත්‍රය ඉදිරියේදී මෙත්තාව පුරුදු කරන ආකාරය විස්තර කෙරේ. එනම්, සියලු සතුන් කෙරෙහි බලාපොරොත්තු සහිතව, හිත සුබවක් පතමින්, ඔවුන්ගේ සුභික්ෂණය, නිරෝගීභාවය, සතුට සහ සැපපහසුල ලෙස ජීවත් වීම පතා මෙත් සිත පතුරුවා යවා යුතුය. මෙය කොතරම් විශාල දැයි "යං තං ඨානං" ආදී ගාථා මගින් පැහැදිලි කරයි. මවක් තම එකම පුතෙකුගේ ජීවිතය ආරක්ෂා කරන ආකාරයටම, සියලු සත්වයන් කෙරෙහිද අපරිමිත දයාවෙන් මෙත් සිතින් යුක්ත විය යුතු බව උපමාක් මගින් බුදුරජාණන් වහන්සේ විසින් දක්වා ඇත.
photo credit - https://www.pinterest.com/
මෙත්තාවෙන් යුත් පුද්ගලයාගේ අධ්‍යාත්මික වැඩපිළිවෙල
මෙත්තාව පුරුදු කරන පුද්ගලයා තුළ ඇති වන ගුණාංග හේතුවෙන් ඔහු අධ්‍යාත්මිකව ඉදිරියට ගමන් කිරීමට සුදුසුකම් ලබයි. සූත්‍රයේ පසු කොටසෙහි මෙය සඳහන් කෙරේ.
· දිට්ඨිඤ්ච අනුපගම්ම (දෘෂ්ටියට නොබැඳී): විවිධ දෘෂ්ටිවලට, ව්‍යාමෝහ ගත කරුණුවලට නොඇඳී, නොගොස් සිටීම.
· සීලවා ච සම්පන්නො (ශීලයෙන් සම්පන්න වීම): ශීලයෙන් සම්පූර්ණයෙන් යුක්ත වීම.
· දස්සනේන සම්පන්නො (දර්ශනයෙන් සම්පන්න වීම): ආර්ය සත්‍ය දර්ශනයෙන් යුක්ත වීම. එනම්, තථාත ගුණය දකින බව, ධර්මය දකින බව. සම්මා දිට්ඨිය
· කාමෙසු විනෙය්‍ය ගෙධං (කාමයන්හි සංයමය ඇති කිරීම): කාම ආශාවන්හිදී සංවර ගතිකම් ඇති කර ගැනීම.
මෙසේ දෘෂ්ටියෙන්, ශීලයෙන්, දර්ශනයෙන් සහ කාමයන්හි සංවරයෙන් යුක්ත වූ පුද්ගලයා, "නහි ජාතු ගබ්බ සෙය්‍යං පුනරෙති" යනුවෙන්, තවදුරටත් මවුකුසට පැමිණෙන සුළු නොවේ. එනම්, පුනර්භව චක්‍රයෙන් මිදුනු බවට පත්වේ.
සාරාංශය
කරණීය මෙත්ත සූත්‍රය යනු මිත්‍රශීලී ගුණයක් ලෙසින් පමණක් නොව, සම්පූර්ණ අධ්‍යාත්මික මිදීමේ මාර්ගයක් ලෙසින් දක්වන ලද අග්‍රගර්‍ය දේශනාවකි. එය මනෝභාවය හික්මවීමේ සිට නිවනට යාම දක්වා වූ සම්පූර්ණ චාරිත්‍රය නිරූපණය කරයි. මෙම සූත්‍රයේ උපදෙස් අනුව ජීවත් වන ඕනෑම මනුෂ්‍යයකු සමාජයේ ප්‍රියතම පුද්ගලයකු බවට පත්වන අතරම, අධ්‍යාත්මිකව ද ඉහළ මට්ටමක් අලලා යා හැකිය.
මූලාශ්‍ර:
මජ්ඣිම නිකාය,/ මූල පරියාය සූත්‍රය; /සුත්ත නිපාත, /පරායණ වග්ගයේ කරණීය මෙත්ත සූත්‍රය.
photo credit - https://www.pinterest.com/




No comments:
Post a Comment