බුදුරජාණන් වහන්සේ යම් කෙනෙකුට සතුටින් ජීවත්වීම සඳහා ඉතාම වටිනා කාරනා හයක් දේසනා කොට වදාලා. ඒවා කිසිවක් තමාගෙන් බැහැරව බාහිරව තිබෙන දේවල් නොව තමා සන්තකයේම උපදවාගත හැකි දේවල්ය. පොහොසත් කෙනාටත්,දුප්පත් කෙනාටත්, උගත් නූගත් ඕනෑම කෙනෙකුට මේ කාරනා හය තුලින් ජීවිතයේ සැප සතුට සොම්නස නොමිලයේ ලබා ගත හැකිය.
"ඡහි , භික්ඛවෙ," කුමක්ද මහනෙනි ඒ කාරනා හය?
"ඉධ, භික්ඛවෙ, භික්ඛු , භාවනාරාමො හොති, පහානාරාමො හොති, පවිවෙකාරාමො හොති , අබ්‍යාපජ්ඣාරාමො හොති, නිප්පපඤ්චාරාමො හොති. ඉමෙහි ඛො, භික්ඛවෙ, ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ සුඛසොමනස්සබහුලො විහරති, යොනි චස්ස ආරද්ධා හොති ආසවානං ඛයායා’’ති."
1.ධම්මාරාමො හොති - ධර්මයෙහි ඇලුනු කෙනෙක් වීම- එනම් අධර්මයෙහි පාපයෙහි පාප චේතනාවෙහි නොගැලී දුසිරිතෙන් මිදී සිටින්නට හැකිවීම.
2.භාවනාරාමො හොති - එසේ සිටීමට අවශ්‍ය කරන නිරන්තර සිහිය සිතෙහි එකඟබව,මනා සිහිය සමග චිත්ත සමාධිය ඇති අයෙක් වීම
3.පහානාරාමො හොති - අකුසලය සහ පාපය ප්‍රහාණය කල හැකි,අත්හැරිය හැකි,මග හැරිය හැකි අයෙක් වීම
4.පවිවෙකාරාමො හොති - කාය චිත්ත උපධි යන විවේකය සහිත කෙනෙක් වීම
5.අබ්‍යාපජ්ඣාරාමො හොති - කේන්තියට,කෝපයට,ක්‍රෝධයට වෛරයට පත් නොවන කෙනෙක් වීම
6.නිප්පපඤ්චාරාමො හොති- දිගින් දිගටම අල්ලා ගත් කාම සිතිවිලි ව්‍යාපාද විහිංසා සිතිවිලි රහිත කෙනෙක් වීම.
මෙන්න මෙබඳු කෙනා ජීවිත කාලයම සතුටින් සොම්නසින් සුවයෙන් කල් ගෙවනු ලබයි
මූලාශ්‍රය- අංගුත්තර නිකාය සුඛසොමනස්ස සූත්‍රය - ඡායාරූප අනුග්‍රහය- https://www.pinterest.com
No comments:
Post a Comment