photo credit - http://psychology.iresearchnet.com/
නැගුනු සඳත් බැස ගියාට හිමිදිරි යාමේ
සීත පිණි හෙමින් ඇවිදින් කුමුදු පෙති සිඹියි.....
අනේ දුටුව හීන නැහැනෙ එළිවෙන යාමේ
අන්න අන්න කවුළු දොරින් හිරු එනවානේ.....
වසන්තයක් නුදුටුව නෙත් තෙමෙනවා වැස්සේ
කොවුල් හඬක් නෙවෙයි අකුනු පුපුරයි සද්දේ
අමාවකට දෑස අයා එළිය සොයන්නේ
සොලොස් සඳම කොහෙද ගිහිං නොකියා රහසේ...
පිරී ගිහින් නොපිරුනු බව හදවත පත්ලේ
පැතුම් සපිරි හිත සසැලෙයි තනිකම මැද්දේ
එපා එපා හෙට දවසක් මෙලෙස ජීවිතේ
ගඟක් ගලයි නතර නොවී එයයි ජීවිතේ
0 Comments