කොසොල් රජුගේ සිහින 16 - Ai නිර්මානයක්
හැඳින්වීම
බුදුන් වහන්සේගේ දේශනාවන් අනුව, වර්තමාන සමාජයෙහි විකෘති ආකාර, ආචාරශීලිත්වයේ විපත, නීති පාලනයේ අඩුපාඩු සහ මානව චර්යාවේ පිරිහීම නිවන් මගට බාධා වන සාධක ලෙස සැලකිය හැක. නූතන ලෝකය නවීන විද්‍යාවේ අනපේක්ෂිත ඉහලම දියුණුවකට පත්ව ඇති අතර, නූතන ක්වන්ටම් භෞතික විද්‍යාවේ දියුණුව නිසා විශ්වයේ මෙතෙක් රහසක්ව පැවති බොහෝ දෑ හෙලිදරව් කරගන්නටද හැකිවී තිබේ. ප්‍රාග්ධන වෙළඳපොල සීඝ්‍රයෙන් පුලුල්ව ව්‍යාප්තව ඇති අතර ගෝලීය පරිභෝජන රටාව පවා උඩු යටිකුරු වී ඇත. මිනිසුන්ගේ සිතුම් පැතුම් අපේක්ෂාවන් වර්තමාන ගෝලීය ආකෘතිය හා ඒකාත්මික වී ඇති අතර ජාති භාෂා ආගම් සංස්කෘතික ගැටුම් පසෙකලා නව පරිභෝජන රටාවත් සමග එකතු වී ඇත.
එහෙත් රාජ්‍ය වල සහ පුද්ගලභාවයේ පරිහානිය කිසිවකු විසින් තක්සේරු කර නොමැති අතර, අද ක්‍රිස්තු වර්ෂ 2025 වන විට එදා ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ ජීවත් වූ බුදුරජානන් වහන්සේ ගෝලීය පුද්ගල පරිහානිය මනාව දුටුවේය. කොසොල් රජුගේ සිහින 16 හරහා සන්නිවේදනය කරන්නේ මානව සමාජයේ එම ගෝලීය පුද්ගල පරිහානියයි.
සිහින 16 සහ එහි අර්ථ විවරනය කෙටියෙන්
1 කොසොල් රජතුමා (හීනය - 01) - දැකීමට ප්‍රියකරන කළු පාට ශක්තිමත් ගවයන් හතර දෙනෙක් එකිනෙකා හා මාරාන්තික සටනකට, ක්‍රීඩාංගනයට පිවිසුනත් ඔවුන් සටන් නොකර ආපසු හැරී යාම.
බුදුරජානන් වහන්සේ - අනාගත කාලයේ ලෝකයේ අධර්මිෂ්ඨ පාලකයින් බිහිවන අතර ඒ අනුව රට වැසියන්ද අධර්මිෂ්ඨ වන බව.
2 කොසොල් රජතුමා ( හීනය - 02) - ඉතා කුඩා පැළෑටි හා පදුරු ඉහලට නොවැඩී මල් හා ගෙඩි හට ගැනීම.
බුදුරජානන් වහන්සේ - අනාගතයේදී මිනිස් ආයුශ පිරිහෙන කාලයක් එන විට, කුඩා ගැහැනු ලමයින් පවා පිරිමින් සමග කාමසේවනයේ යෙදෙන අතර කුඩා වියේදීම දරුවන් පවා බිහිකරන බව. මිනිසුන්ගේ රාගාදී කෙලෙස් වැඩිවන බව.
3 කොසොල් රජතුමා ( හීනය - 03) - එදවස උපන් වසු පැටවුන්ගෙන් මව් දෙන්නු කිරි උරාබීම.
බුදුරජානන් වහන්සේ - අනාගත ලෝකයේ මිනිසුන් දෙමාපියන්ට නොසලකා ඔවුන්ගේ දේපොල පැහැර ගෙන දරුවන්ගෙන් යැපෙන තත්වයට පත්කරන බව.
4 කොසොල් රජතුමා ( හීනය - 04) - කරත්ත වල නොබඳින ලද ශක්තිමත් ගවයන් පැටවුන් මත බර පටවන අතර, දැරිය නොහැකි බර නිසා පැටවුන් නිසව සිටීම.
බුදුරජානන් වහන්සේ - අනාගතයේදී රාජ්‍ය පාලකයන් බුද්ධිමතුන් නොසලකා හැරීම, තනතුරු වලට අදක්ෂයින් පත්කිරීම, සහ ඒ හේතුවෙන් රාජ්‍යයන් පිරිහීම
5 කොසොල් රජතුමා ( හීනය - 05) - මුඛ දෙකක් සහිත අශ්වයෙක් මුඛ දෙකින්ම ආහාර ගන්නා බව.
බුදුරජානන් වහන්සේ - අනාගතයේදී දූශිත අධිකරණ විනිසුරුවරු යුක්තිය හා නීතිය පසෙකලා චූදිත පැමිනිලිකාර දෙපාර්ශවයෙන්ම අල්ලස් ගන්නා බව.
6 කොසොල් රජතුමා ( හීනය - 06) - කහවනු ලක්ෂයක් වටිනා මනාව ඔප දමන ලද රන්තලියක මහළු සිවලෙකු මුත්‍රා කරන බව.
බුදුරජාණන් වහන්සේ - අනාගත ලෝකයේ දූෂිත පාලකයන් විසින් පහත්වූ දූෂිත අයට උසස්වීම් දී ඔවුන් සමග අවාහ විවාහ සම්බන්ධකම් ගොඩනගා ගන්නා බව.
කොසොල් රජු දුටු 7 වැනි සිහිනය / Ai නිර්මානයක්
7 කොසොල් රජතුමා ( හීනය - 07) – මිනිසෙක් පුටුවක හිඳගෙන ලනුවක් අඹරවමින් සිටින අතර ඔහුට හොරෙන් හිවල් දෙනක් විසින් ලනුව ටිකෙන් ටික ගිලදමමින් සිටියි.
බුදුරජාණන් වහන්සේ - අනාගතයේදී කාන්තාවන් විසින් පිරිමින් සමග මත් පැන් බොමින් තම සැමියන් උපයන ධනය විනාශ කර දමන බව.
8 කොසොල් රජතුමා ( හීනය - 08) – රාජ මාලිගයේ කට දක්වා පිරුනු විශාල බඳුනක් තිබුන බවත්, එය වටා හිස් බඳුන් රාශියක් තිබීමත්, එක දිගට පැමිනෙන රටවැසියා දිය පිරුනු බඳුනටම නොකඩවා ජලය පුරවන අතර හිස් බඳුන් කිසිවකු විසිනු පුරවන්නේ නැති බවත්.
බුදුරජානන් වහන්සේ - අනාගත ලෝකයේ පිරිහීම සිදුවන විට රාජ්‍යයන්ද පිරිහෙන බවත්, දිලිඳුකම බලවත් වී පාලකයින්ගේ පැවැත්ම සඳහා ජනතාවගේ ධනය ලබාගන්නා බවත්, ජනතාව දිළිඳුබවේ අන්තයටම වැටෙන බව.
.
9 කොසොල් රජතුමා ( හීනය - 09) – හාත්පස බෑවුම් සහිත පස්පියුම් විලක මැද මඩ සහිත බව සහ සිවුපා සතුන් දිය බීමට පැමිණෙන බව.
බුදුරජානන් වහන්සේ - අනාගත ලෝකයේ දූෂිත රාජ්‍ය පාලකයෝ අත්තනෝමතික දරදඬු පාලනයකින් අල්ලස් ගනිමින් ජනතාව සූරා ගනිමින් ධනවතුන් ආරක්ෂා කරන බව.
10 කොසොල් රජතුමා ( හීනය - 10) – ලිපක් මත පිසෙන බත් හැලියක එක් කොටසක් බෙරිවී ඇති බවද, තවත් කොටසක් පිසී නොමැති බවද, අනෙක් කොටස මනාව පිසී ඇති බවත්ය.
බුදුරජාණන් වහන්සේ - අනාගත ලෝකයේ දූෂිත පාලකයින් නිසා රට වැසියන් සහ පැවිදි ශ්‍රමණයන් දූෂිත වන අතර, දෙවිවරු පවා දූෂිත වන බවත්, ඒ නිසා ලෝකයේ එක් එක් ප්‍රදේශ වල ගංවතුරද, තවත් ප්‍රදේශ වල දැඩි නියඟයද, තවත් ප්‍රදේශ බොහෝ සශ්‍රික වන බවත්ය.
අනාගත දූෂිත භික්ෂූන් මුදලට ලොල්වීම / Ai නිර්මානයක්
11 කොසොල් රජතුමා ( හීනය - 11) – ලක්ෂයක මිල වටිනා සඳුන් හරයක් ඇඹුල් රසැති මුදවපු කිරි වලට හුවමාරු කිරීම.
බුදුරජාණන් වහන්සේ - අනාගත ලෝකයේ ලජ්ජා බය නැති දූෂිත භික්ෂූන් විසින් මුදලට ගිජුවී, තම සුඛ විහරණය උදෙසා, සුන්දර කථා කියමින්, ජනතාව රවටමින්, පිරිසිදු දහමට පටහැනිව, බුදු දහම විකුනා කෑමේ ව්‍යාපාර වල යෙදෙන බව.
12 කොසොල් රජතුමා ( හීනය - 12) – ලබු කබල් දියෙහි කිදා බසින බව
බුදුරජාණන් වහන්සේ - අනාගත ලෝකයේ පහලවෙන පහත් නීච දූෂිත රාජ්‍ය පාලකයන් විසින්, අධිකරන ක්ෂේත්‍රය දූෂිත පහත්ගති ඇත් අය යෙදවීමෙන් රාජ්‍ය නීතිය වල් වැදී යන බව.
13 කොසොල් රජතුමා ( හීනය - 13) – දැවැන්ත පර්වත දියෙහි පාවී යන බව
බුදුරජාණන් වහන්සේ - අනාගත ලෝකයේ රාජ්‍ය පාලකයින් විසින් සුදුසුකම් ලත් සම්භාවනීය පුද්ගලයන් සේවයෙන් නෙරපා, දූෂිත පුද්ගලයන් සේවයේ යොදවන නිසා, මුලු මහත් සමාජ ප්‍රභවයම පිරිහී යන බව.
14 කොසොල් රජතුමා ( හීනය - 14) – ප්‍රමාණයෙන් ඉතා කුඩා ගෙම්බන් විසින් දැවැන්ත නාගයන් ගිල දවන බව.
බුදුරජාණන් වහන්සේ - අනාගතයේදී වියපත් මහළු මිනිසුන් තරුණ කාන්තාවන් සමග අනියම් ඇසුරු ගොඩ නගාගෙන, සල්ලාලකම් කරන අතර ඒ නිසා ඔවුන් තරුණ අනියම් බිරියන්ගේ වහලුන් බවට පත්වන බව.
කොසොල් රජුගේ 15 වැනි සිහිනය / Ai නිර්මානයක්
15 කොසොල් රජතුමා ( හීනය - 15) – රන්වන් හංස රෑනක් පිරිවරා සිටින කළු කපුටෙක්
බුදුරජාණන් වහන්සේ -අනාගත ලෝකයේ කිසිදු ශිල්පයක් නොදත් නූගත් රාජ්‍ය පාලකයන් බියසුල්ලන් බවට පත්වීමෙන් රාජ්‍යත්වය පිරිහෙන බව.
16 කොසොල් රජතුමා ( හීනය - 16) – එළුවන් විසින් අඳුන් දිවියන් ගොදුරු කරගන්නා අතර අඳුන් දිවියන් එළුවන් දැක බියෙන් තැතිගෙන පලායන්නට හදන බව.
බුදුරජාණන් වහන්සේ - අනාගතයේදී ලෝකයේ පහළවන බොහෝ පාලකයන් නීච දූෂිත අය වන අතර, සම්භාවනීය ඉහළ ගනයේ පුද්ලයන් තනතුරු වලින් පහ කර, ඔවුන්ගේ දේපල ධනය කොල්ලකන බවත්, ජීවිතය රැක ගැනීම සඳහා එම උසස් පුද්ගලයන් පලා ගොස් සැඟවෙන බව.
🧘 බුදුන් වහන්සේගේ සමාජ දර්ශනය
බුදුන් වහන්සේගේ දේශනාවන් තුළින් අපට පැහැදිලිව දැකිය හැකි වන්නේ, සමාජය යනු පුද්ගලයන්ගේ එකතුවක් බවයි. එම නිසා, සමාජයෙහි යහපත් බව පුද්ගල චර්යාව මත පදනම් වේ. සමාජයෙහි ආචාර, නීති, විශ්වාස, සහ සත්පුරුෂ ගුණ ධර්ම පරිහානියට පත් වීම නිවන් මගට බාධා වන බව බුදුන් වහන්සේ පැහැදිලි කළහ.
🔍 සමාජ විකෘතිය පිළිබඳ දේශනා
- අධාර්මික පාලනය: පාලකයන්ගේ දූෂිත අසාධාරණ ක්‍රියා සමාජයෙහි විශ්වාස පරිහානියට හේතු වේ.
- ගුරු-ශිෂ්‍ය සබඳතාවයේ විකෘතිය: ගුරුවරුන්ට ගරු නොකිරීම, දැනුමට නොව සම්පත් සඳහා ගරු කිරීම සමාජ විපතක් ලෙස දැක්වේ.
- දරුවන්ගේ ආචාර විපත: වැඩිහිටියන්ට ගරු නොකිරීම, පිදිය යුත්තන් නොපිදීම පරම්පරාවන් අතර විශ්වාස බිඳීම සමාජ විකෘතියක් ලෙස බුදුන් වහන්සේ විවරණය කළහ.
- සත්පුරුෂයන්ගේ පිරිහීම: සත්පුරුෂයන් නොව අධාර්මිකයන් සමාජයේ ප්‍රමුඛත්වයට පැමිණීම, සමාජයෙහි ගැඹුරු විපතක් ලෙස සැලකේ.
අනාගත ලෝකයේ අහස් මාලිගා / Ai නිර්මානයක්
🌍 වර්තමාන සමාජයෙහි සම්බන්ධතාවය
අද ලෝකයෙහි අප දැකිය හැකි පරිසර විපත, නීති විකෘතිය, ආචාර විපත, මානව සබඳතා වල විකෘතිය බුදුන් වහන්සේගේ දේශනාවන්ට අනුරූපීව එහි යථාර්ථය ඉස්මතු වෙමින් පවතී. පවතී. උදාහරණයක් ලෙස:
- පරිසර විනාශය: ගඟවල ජලය අඩුවීම, වළාකුළු ඇතිව වර්ෂාව නොවීම වැනි සිදුවීම් කොසොල් රජුගේ සිහින 16 තුළ දැක්වූ අනාවැකි ලෙස සැලකිය හැක.
- නීති පාලනයේ අඩුපාඩු: නීතිවිරෝධී ක්‍රියා වලට දඩුවම් නොවීම, සමාජයේ විශ්වාස පරිහානියට හේතු වේ.
- මානව චර්යාවේ විපත: වංචා, අධික භාණ්ඩාගාර ආශාව, සහ අහිංසාව අහිමි වීම නිවන් මගට බාධා වේ.
🌏 අනාගත ලෝකය පිළිබඳ විවරණය
අද ලෝකය බලන විට බුදුන් වහන්සේ දක්වා ඇති මෙම අනාවැකි
විස්මය කරවයි.
තාක්ෂණිකව ලෝකය ඉහළ යාමක් දක්වූවත්,
මානව සමාජයේ අධ්‍යාත්මික පිරිසිදු බව කෙලෙසී යමින් පවතියි. විශේෂයෙන් කොසොල් රජු
ගේ 11 වැනි සිහිනය අනුව “ලක්ෂයක මිල වටිනා සඳුන් හරයක් ඇඹුල් රසැති මුදවපු කිරි
වලට හුවමාරු කිරීම. “
බුදුරජාණන් වහන්සේ - අනාගත ලෝකයේ ලජ්ජා බය නැති දූෂිත භික්ෂූන් විසින් මුදලට ගිජුවී, තම සුඛ විහරණය උදෙසා, සුන්දර කථා කියමින්, ජනතාව රවටමින්, පිරිසිදු දහමට පටහැනිව, බුදු දහම විකුනා කෑමේ ව්‍යාපාර වල යෙදෙන බව.
මෙය කෙතරම් යථාර්යක් දැයි විවිධ සංස්කෘතික උත්සව ආගමික උත්සව බවට පත්කරගෙන ආගමික මධ්‍යස්ථාන ආර්ථික මධ්‍යස්ථාන බවට පත්වෙමින් යන ආකාරය නිරීක්ෂණය වීම. එය සත්‍ය වශයෙන්ම ලජ්ජාව සහ බය ඉක්මවා යන කරුණකි. පින යනු බුදුදහමේ හරයේ නෙවෙයි. බුදුදහමේ හරය වන්නේ භව නිරෝධයයි. පින ඉදිරියේ මුලා වූ පිරිසක් පින නිසා පවට වැටෙන අයුරුත් සියල්ල උඩුයටිකුරු වන බවටත් වූ බුදුරජානන් වහන්සේගේ අනාගත දැක්ම කෙතරම් විශ්මය ජනකද?? මේ නිසා
මානව ආයු කෙටි වී ඇත.
අධර්මිෂ්ට පාලනය හා වංචාව වැඩි වී ඇත.
සමාජ අසමානතාවය, පවුල් බිඳීම, ආගමික විකෘතිකරණය බෙහෙවින් වැඩි වී ඇත.
ධර්මය පිරිහී, “ආර්ථික හා තාක්ෂණික යුගයක්” තුළ මිනිසා අභ්‍යන්තරයෙන් හිස් වී ඇත.
මෙය සොඳුරු ලෙස “ධර්ම පරිහානිය හා තාක්ෂණික ප්‍රගතිය අතර පරස්පර විරෝධය” ලෙස සැලකිය හැක.
හොඳ නරක කියාදීම වෙනුවට විවිධ සුඛවිහරනයන් සඳහා “පින” නම් වචනය නිකරුනේ භාවිත කිරීමෙන් දහම කෙරෙහි ඇති පහන් සිත් අප්‍රසාදයට පත්වීම තුල සමාජය ආගම දර්ශනයෙන් සීග්‍රයෙන් ඈත් වෙමින් සිටියි.
🪷 නිවන් මගට සමාජයෙහි බලපෑම
බුදුන් වහන්සේ පැහැදිලි කළේ, සංවිධානය වූ, ආචාරවත්, සත්පුරුෂයන්ගෙන් යුත් සමාජයක් නිවන් මගට උපකාරී බවයි. එමෙන්ම, අසංවිධිත, අධාර්මික, විශ්වාස පරිහරණය වූ සමාජයක් නිවන් මගට බාධා වන බවද දැක්විය.
📚 මූලාශ්‍ර
- Colombo Telegraph — බෞද්ධ සමාජ දර්ශනය
- Foundation for Buddhist Brotherhood — බුදු දහම සහ සමාජය
- Study Buddhism — සමාජයීය බෞද්ධ දර්ශනය
- Aṅguttara Nikāya (AN 7.62) – Rājā Sutta
- Dīgha Nikāya Commentary – Kosala Mahārāja’s Sixteen Dreams
- Buddhist Publication Society (BPS, Kandy, Sri Lanka) – “The Sixteen Dreams of King Pasenadi of Kosala”
- Tipitaka.org / SuttaCentral.net





No comments:
Post a Comment