tag:blogger.com,1999:blog-9608816885462607762024-02-18T21:44:36.325-08:00පුනරාගමනයjayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.comBlogger122125tag:blogger.com,1999:blog-960881688546260776.post-78666354027116963562024-01-27T20:42:00.000-08:002024-01-27T20:42:37.194-08:00සතර දෙනෙක් පුද්ගලයෝ

චත්තාරො මෙ මහාරාජ පුග්ගලා
සන්තො සංවිජ්ජමානා ලෝකස්මිං
කතමේ චත්තාරො ? තමො තමපරායණෝ
තමෝ ජෝති පරායණෝ
ජෝති තම පරායණෝ
ජෝති ජෝති පරායණෝති
(සංයුත්ත නිකාය , කෝසල වග්ග පුග්ගල සූත්‍රය )

බුදුරජාණන් වහන්සේ සැවත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ වසන සමයෙහි දී කොසොල් මහරජතුමන් සමග සාකච්ඡාවක් කළා. එහි දී බුදුරජාණන් වහන්සේ විසින් කළ සූත්‍ර දේශනාවක කොටසක් මා මේ ධර්මදේශනාවේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කළේ “ පුග්ගල සූත්‍රය” නමින් හැඳින්වෙන මේ සූත්‍රය මගින්. මේ ලෝකයෙහි සිටින පුද්ගලයින් හතර දෙනෙකු පිළිබඳව ප්‍රකාශ වෙනවා.

කවුද මේ ප්‍රද්ගලයන් සතර දෙනා තමොතමපරායණො , අඳුරෙන් අඳුරට යන පුද්ගලයා, තමොජෝතිපරායණෝ , අඳුරෙන් එළියට යන පුද්ගලයා ජොතිජෝතිපරායණෝ එළියෙන් අඳුරට සහ එළියෙන් එළියට යන පුද්ගලයා , මෙහි හැඳින්වෙන පළමු පුද්ගලයාගේ ලක්ෂණ මොනවාද ? පින්වත්නි ඇතම් අය, අකුසල කර්ම නිසා ඉතා දුක්ඛිතව උපදිනව. කන්න අඳින්න නැති ඔවුන්ට ගේ දොර වැනි වස්තු සම්පත් කිසිවත් නැතිව, විවිධ රෝගාබාධවලටත් විවිධාකාර ජීවන ගැටලු හා ප්‍රශ්න වලින්ද පීඩිතව ජීවත් වනවා. එසේම, භෞතික අංශයෙන් මෙන්ම ,අධ්‍යාත්මික අංශයෙන්ද පිරිහී ඇති ඔවුන්, තිදොරින්ම වැරැදි ක්‍රියාවල යෙදෙනවා.

මිනිසුන්ට නොගැලපෙන පහත් ගති ලක්ෂණ වලින් යුක්තව පව්කාර ආකාරයෙන් තමයි ජීවත් වන්නේ. ඔවුන් ජීවත් වන ඒ තත්වය තමයි අඳුරට උපමා කරන්නේ. අඳුරේ ඉන්න ඔවුන් එයින් එළියට එන්න හිතන්නේ නෑ. තම තමන් සිටින තත්වයේම අනාගතය කිසිදින ආලෝකයක් කරා ගමන් කරන්නේ නෑ. අඳුරේ සිටින ඔවුන්ට හිමිවන්නේ අඳුරමයි.

දෙවන පුද්ගලයා තමයි අඳුරෙන් එළියට යන පුද්ගලයා අකුසල කර්ම නිසා දුක්ඛිතව උපදින ඇතම් පුද්ගලයින්, තමන් සිටින දුක්ඛිත තත්වය පිළිබඳව තේරුම් ගන්නට උත්සාහ කරනවා. යහපත් දේ ඉගෙන ගැනීමෙන් යහපත් ආශ්රයෙන්, ධර්මශ්‍රවණයෙන් ජීවිතයේ අඳුරුපැත්ත අවබෝධ කරගෙන එම තත්වයෙන් කෙසේ හෝ ඉවත් වෙන්නට සිතන ඔවුන්, මහත් සේ වීර්යවන්ත වනවා.

ඉමහත් උත්සාහයෙන් ඉගෙන ගෙන, එසේම ධන ධාන්‍ය වස්තු හරි හම්බ කරගෙන ජීවිත සුඛිත මුදිත කරගන්න අය සමාජයේ දකින්න පුළුවන්. නූගතුන් අතර ඉපිද වූවත් උත්සාහයෙන් උගතුන් වූ අය දකින්ට පු‍්‍රළුවන්. ඉතා දුප්පත්ව ඉපිද මහත් වෙහෙස දරා ධනවත් වූ අය දකින්න පුළුවන්. එවැනි පුද්ගලයින් අඳුරෙන එළියට යන පුද්ගලයින් ගණයටයි ගැනෙන්නේ.

පසුගිය ආත්මවල කළ කුසල කර්ම නිසා සමහර පුද්ගලයින් උපතින්ම ධනවත් බලවත්, එසේම උගත් රූප සම්පත්තියෙන් පවා අගතැන්පත් වන්න පුළුවන්. එවැනි අය ප්‍රභාමත් ජීවිත ගත කරන අයයි. ඔවුන් ආලෝකයේ සිටින අය ලෙස මේ සූත්‍රයේ සඳහන් වනවා. එසේ උපදින සමහරුන්, විවිධ වැරැදි ක්‍රියා සහිත ඇවතුම් පැවැතුම් නිසා පිරිහීමට පත් වනවා. මේ සඳහා , සුරාව, සුදුව ,දුම්වැටිය , පාපමිත්‍ර සේවනය, ලෝභකම, ඊර්ෂ්‍යාව ආත්මාර්ථකාමීත්වය , මාන්නය වැනි තත්වයන් හේතු වනවා. මෙවැනි පුරුදු හා ගති ලක්ෂණ වලට හුරුවෙන කවුරුන්ට වුවද දියුණුව කරා යාමට නොහැකියි. ඔවුන් ලබන ලබන දේ නැති කර ගන්නවා. එසේ කර ගත් අය ඕනෑ තරම් සමාජයේ අපට දකින්නට පුළුවන්.

මේ අයුරින් පින් ඇතිව ඉපදී තමන් ලැබූ පිනැති ජීවිතවල අගය තේරුම් නොගෙන, ජීවිත අවාසනාවන්ත කරගන්නා අය එළියෙන් අඳුරට යන පුද්ගල කණාඩායමට අයත් වනවා. එවැනි අයගේ ජීවිත මෙලොව පමණක් නොව පරලොවක් අඳුරු වෙනවා.

සිව්වන පුද්ගලයා එළියෙන් එළියට යන්නා. ඔවුන් අයත්වන කණ්ඩායම සැමවිටම පින්බර ජීවිත ගත කරමින්, තව තවත් එම ජීවිත උසස් කර ගන්න උත්සාහ දරනවා.

ගුණ නැණ දෙකින් යුත් අය, තව තවත් එම තත්වයන් වර්ධනය කර ගන්නත් උත්සාහ කරන අතර, තම තමන් ලැබූ මිනිසත් බවත්, පින්බර ජීවිතත් අගය කරමින්, වැඩි වැඩියෙන් ගුණ දහමට නැඹුරුව ක්‍රියා කරමින් උත්සාහ කරනවා. ජීවිත පරිහානිය කරා යොමුවන ක්‍රියා මාර්ග අනුගමනය නොකරන ඔවුන් සමස්ත ලෝකයටම හිතැතිව ක්‍රියා කරන්න උත්සාහ දරනවා. එනිසාම ඒ අය එළියෙන් එළියට යන පුද්ගලයින් ලෙස හැඳින්වෙනවා.

මෙලොව උපදින පුද්ගලයින් සමානකම්වලින් යුක්ත වන්නේ නෑ. විවිධ වෙනස් කම් ඔවුන් අතර දකින්නට පුළුවන්. වරක සුභ නමැති තරුණයකු බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා පුද්ගලයින්ගේ අසමානතාවලට හේතුව . එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා පුද්ගල අසමානතාවලට හේතුව කර්මය බව, අල්පේශාක්‍ය බව, විරූපීබව, නිරෝගී නොවීම, අඩු ආයුෂයෙන් මරණයට පත්වීම, මෝඩකම වැනි තත්වයන් අඳුරු පැත්තටයි සම්බන්ධ වන්නේ. ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත එළිය ඇති ආලෝකවත් පැත්තයි. මුලින් සඳහන් කළ අඳුරු පැතිවල සිටින යමෙක් අකුසල යන්හීම යෙදෙමින්, ක්‍රියා කරන්නේ නම් ඔහු සදාකල්ම එහිම සිටින්නෙක්. කිසිදා ආලෝකයක් සොයා නොයන්නෙක්. අ¼ඳුර තුළ සිටින කෙනකු එයින් මිදී, ජීවිතය සුඛිත මුදිත කරගන්නට උත්සාහ කරන්නේ නම් ඔහුට වාසනාවන්ත වූ ආලෝකවත් ජීවිතයක් ඇති කර ගැනීමට පුළුවනි. ධනවත් බව මහෝශාක්‍යබව මනාරූප සම්පත්තියකින් යුතුවීම නිරෝගීකම, දීර්ඝායුෂ විඳීම ඥානවන්තබව වැනි තත්වයන් හිමිකරගෙන උපන් අයෙක් එම තත්වයන් අගය කරමින් ඒවා ආරක්ෂා වන ලෙසත් එම තත්වයන් තව තවත් වැඩි දුයුණුවන ලෙසත් කටයුතු කරයි නම් ඔහුගේ ජීවිතය වඩ වඩාත් ආලෝකවත් වෙනව.

මේ සූත්‍රයට අනුව, බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ, අඳුරේම නො සිට එයි න් එළියට එන්න උත්සාහ කරන්න කියලයි. ආලෝකය ඇති ස්ථානය හැම අතින්ම හොඳයි. අවට ලෝකය මනා සේ පේන්නේ එවිටයි. කවුරුත් අඳුරින් අඳුරට යන්න හොඳ නෑ.එසේම ආලෝකය ඇති තැන සිටින අය එතැනින් අඳුර කරා යනවා නම් එය අඥාන ක්‍රියාවක්. වඩා වැදගත් වන්නේ ආලෝකයෙන් ආලෝකය කරා ගමන් කරන අයකු වීමයි. මොලොව පමණක් නොව පරලොවත්, සැපවත් කර ගැනීමට හැකි වන්නේ ආලෝකය තුළ සිටින අයටයි. එසේම අඳුරින් ආලෝකය සොයා යන අයටයි. එවිට දොලොව යහපත පමණක් නොව සංසාර විමුක්තිය වූ නිවන් සුවයද ඔබට හිමිවනවා.

- සටහන - හේම ජයන්ත කොළඹගේ-
jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.com0tag:blogger.com,1999:blog-960881688546260776.post-46694520662395978172024-01-23T18:21:00.000-08:002024-01-23T18:21:29.576-08:00සරු නිසරු ප්‍රකෘති විකෘති

අසාරේ සාරමතිනො - සාරෙ චාසාර දස්සිනො
තෙ සාර නාධි ගච්චන්ති - මිච්ඡා සංකප්ප ගෝචරා

මේ ධර්මය විකෘති කෙරෙන කාලයක්. විවිධ පුද්ගලයන් විවිධ වේශයෙන් ඇවිත් විවිධ අයගෙ විවිධ උවමනා එපා කම් නිසා විවිධ තැන්වල කැමති කැමති විධියට ධර්මය කියන, ධර්මය ඇහෙන කාලයක්. ඒ කියන්නෙ මේ ගෙවි ගෙවී යන්නේ මහා විපරීත කාලයක්. හැමදේම කණපිට හැරනු කාලයක්. මෙවැනි කාලවකවානු වලදි සම්මත සමාජ රටාව පවා හෙල්ලුම් කවන, සාරධර්ම ගුණයහපත්කම් කණපිට හැරෙන සංස්කෘතික හෝදාපාලුව සීග්‍රයෙන් සිදුවන, මිනිස්සු විකෘති මනසින් යුක්තව කාමයන් පසුපස හඹා යන කාලයක්. ඒ නිසාම ස්වභාව ධර්මයා පවා වියරු වැටිල ඉන්නෙ. ස්වභාව ධර්මයා පවා මින් පෙර නෑසූ විපත් ගෙන දෙනවා.

ධම්මපදයේ යමක වග්ගයේ 11 වැනි ගාථාවේ සඳහන් වෙනවා

අසාරේ සාරමතිනො - සාරෙ චාසාර දස්සිනො
තෙ සාර නාධි ගච්චන්ති - මිච්ඡා සංකප්ප ගෝචරා

අසාරේ සාරමතිනො - නිසරු දේ තමයි මිනිස්සු සාරවත් දේ හැටියට ගන්නෙ. නිසරු දේ පසුපසම තමයි මිනිස්සු හති වැටෙන තුරු දුවන්නෙ. හිස් දේවල් වලින් මනස පුරවගෙන, හිස් බලාපොරොත්තු සහසක් තියාගෙන හිස් ගමනක් මේ දිව යන්නෙ. අන්න ඒ හිස් ගමන තුල විවිධ දුරාචාර, මිනීමැරුම් මංකොල්ලකෑම්, කලකෝලාහල වාදවිවාද යුධ ගැටුම්, මහා මිනිස් සංහාර අහස පොලොව නුහුලන අපරාධ නින්දා අපහාස සිදුවෙන්නෙ. ඇයි ඒ?? නිසරු දේ තමයි මිනිස්සු සාරවත් දේ හැටියට ගන්නෙ. නිසරු දේ පසුපසම තමයි මිනිස්සු හති වැටෙන තුරු දුවන්නෙ. හිස් දේවල් වලින් මනස පුරවගෙන, හිස් බලාපොරොත්තු සහසක් තියාගෙන හිස් ගමනක් මේ දිව යන්නෙ.රැස් කරනවා රැස් කරනවා පමණයි. ජනසමාජයටවත්, අඩුම තරමෙ තමන්ගේ අධ්‍යාත්මික ගුනවගාවට හෝ සිදුවන හානිය දකින්නෙ නැහැ. ඇඳුමෙන්, ගෙවල් දොරවල් වලින්, තාන්නමාන්න වලින්, යාන වාහන වලින් මිනිස්සු මනින කාලයක් මේක. නිසරු දේ සරු දේවල් හැටියට ගැනීමයි වරද. ඒ විතරක් නෙවෙයි.

සාරෙ චාසාර දස්සිනො - සරු දේ නිසරු කොට දකිනවා. අන්න එතැනයි ඛේදවාචකය. නිසරු දේ සරු දේවල් කියල හිතල දුවන මිනිස්සු පැත්තකින් තියමු. මේ සාරවත් දේ...සරු දේවල් නිසරුයි කියල දකින විපල්ලාස මනස මොන තරම් විකෘතියිද. මොනවද සරු දේවල්. බුද්ධත්වය. අරහත්භාවය. ආර්යය භාවය. මේව නේද පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං වෙන්නෙ. අද බල්ලන්ටත් සිවුරු පොරවන තරමට ජනසමාජය සරු දේ නිසරු කොට දකිමින් ඒ සාරධර්ම වලට, ඒ සංස්කෘතින්ට, ඒ සමාජ ආර්ථික පරිසරයට කරන හානිය මොනතරම් සාපරාධීද?...

තෙ සාර නාධි ගච්චන්ති - මිච්ඡා සංකප්ප ගෝචරා

වැරදි කල්පනාවල යුක්ත කෙනා, මිත්යං සංකල්ප වල යෙදෙුන කෙනා තෙ සාර නාධි ගච්චන්ති සරු දහමක් සාරවත් දර්ශනයක් ලබන්නෙ නැහැ.

නිර්වාණය පසෙකින් තැබේවා. සතර අපායේ බිහිසුනු බවින් මිදෙන්නටවත් කෙනෙකුට හැකි වෙයිද මේ යන ගමන දිහා බැලුවාම. සතර විපල්ලාසයක් ගැන බුදුරජාණන් වහන්සේ වදාරනවා.

දුක්ඛෙ සුඛන්ති සඤ්ඤා විපරියේසෝ චිත්ත විපරියේසෝ දිට්ඨි විපරියේසෝ.

දුක දේ සැපයි කියල වැරදියට හඳුනා ගන්නවා, වැරදියට හිතනවා සහ වැරදි විදියට දකිනවා. සඤ්ඤා විපරියේසෝ චිත්ත විපරියේසෝ දිට්ඨි විපරියේසෝ කියල කිව්වෙ ඒකට.

අනිච්චෙ නිච්චන්ති සඤ්ඤා විපරියේසෝ චිත්ත විපරියේසෝ දිට්ඨි විපරියේසෝ.

අස්ථිර අනිත්‍ය දේ ස්ථිරයි නිත්‍යයි කියල වැරදියට ගන්නවා

අනත්තනි අත්තානි සඤ්ඤා විපරියේසෝ චිත්තවිපරියේසෝ දිට්ඨි විපරියේසෝ

අනාත්ම දේ මම මගේ කියල වැරදියට ගන්නවා

අසුභෙ සුභන්ති සඤ්ඤා විපරියේසෝ චිත්ත විපරියේසෝ දිට්ඨි විපරියේසෝ.

අසුභ දේ පිලිකුල් දේ ශුභයි මිහිරියි කියල වැරදියට ගන්නවා

මේක ගැඹුරුයි ලෝකෝත්තර දහමත් එක්ක බලද්දි. එච්චර ගැඹුරට නොගියත් කෙනෙකුට තමන්ගෙ ජීවිතේ දිහා බලල මේ සතර විපල්ලාසයෙන් ගැලවිලා ජීවිතය හරිමගට ගන්න පුලුවන්. අවිද්‍යාවට ආසන්න කාරණයත් මේ සරත විපල්ලාසය බව පෙන්වා තිබෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ ත්රිලක්ෂනය වැසී තිබෙන්නේ මේ සතර විපල්ලාසයෙන්. බුදුරජාණන් වහන්සේගේ දහම තුලින් සත්‍යය වචනය සරලව කියල දෙන්න පුලුවන් නම් මිනිස්සු විකෘති දහම පිටිපස්සෙ දුවන්නෙ නැහැ.

මිනිස්සුන්ට හැඟීමක් ඇති වෙන්න ඕනෙ ආශ්වාදය සහ ආශාවන් පිටුපස හඹාගෙන යාම දුකක් කියල. ආශ්වාදය සහ ආශාවන් කියන්නෙ සැපක් කියල වැරදියට අරගෙන ඒවා ලඟා කරගන්න දුවන මේ දිවිල්ලම දුකක් කියල හරියට වටහා ගත්තොත් මිනිස්සු අපරාධ කරන්නෙ නැහැ. ඇයි කිසිම දෙයක් සදාකාලික නැහැ අස්ථිරයි වෙනස්වෙනවා කියල දකිනකොට කිසිදෙයක් නිත්‍ය හැටියට ගන්නෙ නැහැ. නිත්‍ය නොවන දේවල් සම්බන්ධයෙන් එතකොට අපරාධ වංචා දූෂණ කරල තමන් අකුසල් කරගන්නෙත් නැහැ. නිත්‍ය නැති කිසිදෙයක් අඩුමගානෙ පරිහරණය කරන මේි ශරීරයවත් තමන්ගෙ ආත්මය කියල නොගෙන උපේක්ෂාවෙන් පරිහරනය කරන්න ඉගෙන ගනීවි. ඒකෙන් අදහස් කරන්නෙ නැහැ යමක් විඳින්න එපා කියල. ආශ්වාදයක් ලබන්න එපා කියල. පසුපස හඹායාම තුල සදාකාලිකව ලබාගන්නා විපල්ලාසයයි දුක. බුදුන් වදාලේ නිවැරදි දැක්ම තුලයි සතුට සැනසුම ඇත්තෙ කියලා.

සංයුත්ත නිකාය කස්සප සංයුත්තයේ සද්ධම්ම පතිරූපක සූත්‍රයට අනුව දහම යම් කලෙක වනසන ආකාරය ශාසනය අතුරුදහන්වන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

දිනක් මහා කාශ්‍යප තෙරුන් වහන්සේට ප්‍රශ්නයක් පැන නැගුනා. උන්වහන්සේ එය භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස..පෙර ශික්ෂාපද ඉතා අඩු ප්‍රමාණයක් පණවා තිබුණු කාලයේදී බොහෝ දෙනා රහත් වූනා. දැන් ඉතා වැඩි ප්‍රමාණයක් ශික්ෂාපද ඇතත් රහත් වන්නේ ඉතා අඩු ප්‍රමාණයක්. මෙයට හේතුව කුමක්ද කියලා.

බුදුරජාණන් වහන්සේ පිලිතුරු දී වදාරනවා..කාශ්‍යපය...සත්ත්වයන් පිරිහෙන කාලය වනවිට, සද්ධර්මය අතුරුදන් වන කාලයෙත් ලෝකයේ නීති රීති, ශික්ෂාපද රාශියක් ඇතිවෙනවා.. එතකොට ඉතා ස්වල්ප දෙනෙක් භික්ෂූන් රහත් භාවයට පත්වෙනවා. ලෝකයේ සද්ධර්ම ප්රතිරූපකයන් හෙවත් පෙනුමෙන් සද්ධර්මය වගේම දහමක් පහළ නොවෙයිද ඒතාක් පිරිසිදු සද්ධර්මය විනාශ වෙන්නෙ නැහැ. නිදසුනක් කිවහොත් පෙනුමෙන් රත්රන් වැනි වෙනත් බාල දෙයක් ලෝකයේ නූපදීද, ඒතාක් ලෝකයේ පිරිසිදු රත්රන් අතුරුදන් වෙන්නෙ නැහැ. එසේම පෙනුමෙන් රත්රන් වැනි වෙනත් බාල වර්ගයේ දේ ලෝකයේ පහළ වේ ද, එකලට පිරිසිදු රත්රන් අතුරුදන් වේ. සද්ධර්මයට සිදුවන්නේ ද ඊට සමාන දෙයකි. එනම් බැලූ බැල්මට හැමඅතින්ම සද්ධර්මයට සමාන දහමක් ලෝකයේ බිහිවෙයිද යමෙක් දේශනා කරයිද අනුගාමිකයින් එය වැළඳගනියිද අන්න එදාට පිරිසිදු සද්ධර්මය අතුරුදහන් වෙනවා.

ඉතිං මෙන්න මේ අවදානම සම්බුද්ධ ශාසනයටත් තියෙනවා. සම්බුද්ධ ධර්මයේ තියෙන විද්‍යාත්මක පසුබිම නිසා මුළු ලෝකයම සම්බුද්ධ දේශනා ගැන වැඩි වැඩියෙන් හදාරන්නට පටන් ගන්න කොට වැඩි වැඩියෙන් ඒ ධර්මයෙහි හැසිරෙන්නට පටන් ගන්නකොට එකම සත්‍යය දහම සහ දර්ශනය මේකයි කියල දැනෙන කොට විවිධ බලවේග වලට ඒක දරාගන්න බැරි වෙනවා. එතකොට යහමින් මුදල් වියදම් කරලා සද්ධර්ම ප්‍රතිරූපක හදන්න උත්සාහ ගන්නවා. අන්න ඒ බව ලෝකය දකින අනාගත නුවණින් දැකල බුදුරජාණන් වහන්සේ වදාරනව

න ඛො, කස්සප, පථවීධාතු සද්ධම්මං අන්තරධාපෙති, න ආපොධාතු සද්ධම්මං අන්තරධාපෙති, න තෙජොධාතු සද්ධම්මං අන්තරධාපෙති, න වායොධාතු සද්ධම්මං අන්තරධාපෙති; අථ ඛො ඉධෙව තෙ උප්පජ්ජන්ති මොඝපුරිසා යෙ ඉමං සද්ධම්මං අන්තරධාපෙන්ති. සෙය්යථාපි, කස්සප, නාවා ආදිකෙනෙව ඔපිලවති; න ඛො, කස්සප, එවං සද්ධම්මස්ස අන්තරධානං හොති.

කාශ්‍යපය... පඨවීධාතුව මේ සද්ධර්මය අන්තර්ධාන කරන්නෙ නැහැ. අපොධාතුව මේ සද්ධර්මය අන්තර්ධාන කරන්නෙත් නැහැ. තේජෝධාතුව මේ සද්ධර්මය අන්තර්ධාන කරන්නෙත් නැහැ. වායෝ ධාතුව ඒක කරන්නෙත් නැහැ. ඒ උනත් ඒ සද්ධර්මය අන්තර්ධාන කරන්නාවූ මෝඩ (හිස්) පුරුෂයෝ උපදින්නෙත් බිහිවෙන්නෙත් මේ ශාසනය ඇතුලෙන්මයි. පිටත කෙනෙක් නෙවෙයි.

එතකොට බුදුරජාණන් වහන්සේ ගේ අනාගතය දැකීමේ මහා ප්‍රඥාව නුවන අනුව මේ සම්බුද්ධ ශාසනය අතුරුදහන් කරන්නේ පිට අය නෙවෙයි. මේ අරහත් ධජයේ සංකේතය චීවරය ඇඳගත් මේ ශාසනය තුලම පැවිදි වෙච්ච අයගෙන්මයි ශාසනය අතුරුදහන්වීම සිදුවන්නෙ. කොහොමද ඒක වෙන්නෙ කියලත් බුදුරජාණන් වහන්සේ සද්ධර්ම පතිරූපක දේශනාවේදී මහා කාශ්‍යප මහා රහතන් වහන්සේට පහදල දෙනවා.

කාශ්‍යපය, මේ ශාසනයෙහි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවතුම් නැතිව වාසය කරනවා නම්, ශාස්තෲන් වහන්සේ පිලිබඳව ශ්‍රද්ධාව ගෞරවය නැත්නම්, ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ගෞරවය නැතිව යටහත් පහත් පැවතුම් නැතිව වාසය කරනවා නම්, සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව නැතිව ගෞරව නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කරනවා නම්, ශික්ෂාව හෙවත් ශීලය කෙරෙහි හික්මීම කෙරෙහි කෙරෙහි ගෞරවය නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කරනවා නම් , සමාධිය හෙවත් චිත්ත ඒකාග්‍රතාවය සිහිය සහ නුවණ කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කරනවා නම්, කාශ්‍යපය මේ කරුණු පහ සද්ධර්මය පිරිහෙන්නාවූ සද්ධර්මයාගේ නැතිවීම පිණිස, අන්තර්ධානවීම පිණිස පවතින කාරනා වෙනවා.

දැන් බුදුරජාණන් වහන්සේ ඒ කාරනය සම්බන්ධ හේතුව සහ ඵලය විස්තර කරලා තියෙනවා. එහෙනම් මේ දේ අනාගතයේදී සිදුවීමට නියමිත දෙයක්. එහෙම වෙන්නෙ නැත්නම් බුදුකෙනෙක් ඒ බව ප්‍රකාශ කරන්නෙ නැහැනෙ.

එසේ නම් අපි කරන්නට ඕනෙ මොකක්ද. ශාසනය අතුරුදහන් වෙලා පිරිහෙන්නට පෙරාතුව අපේ සංසාර ගමන කෙටි කරගන්නා තැනට මනස ගෙනියන්න ඕනෙ. අප්‍රමාදීව තමතමන්ගේ දෙලොවට වැඩ පිණිස ඇති කුසලයේ යෙදෙන්නට ඕනෙ. දාන ශීල භාවනා ආදී දේවල් නියැලෙන්නට ඕනෙ. ශීල සමාධි ප්‍රඥා කියන දේ වඩන්නට ඕනෙ. ලෝකය යන අතක ගියාට ඒ පිලිබඳව නෙවෙයි තමන් යන අත පිලිබඳව සැලකිලිමත් වෙන්නට ඕනෙ. ඒ සඳහා මොකක්ද කරන්න ඕනෙ

චත්තාරො’මෙ භික්ඛවෙ, පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, මහණෙනි, සැපයට හේතු වූ මේ පුණ්යනාදී කුශලාදී කාරණා හතරක් තියෙනවා. කවර සහතරක්ද යත්: මහණෙනි, ආර්යය ශ්රාවකයා

1. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති

බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. ශ්‍රද්ධාව දෙවිදියක් තියෙනවා නෙ. අමූලිකා ශ්‍රද්ධාව සහ ආකාරවති ශ්‍රද්ධාව කියල. අමූලිකා ශ්රද්ධාවෙදි බුදුන් ගැන විශ්වාසය තියෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. දෙගිඩියාව. ආකාරවති ශ්‍රද්ධාව කියන්නෙ මේ මේ කාරණයෙන් බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අරහං...ඒකාන්තයෙන්ම සම්මාසම්බුද්ධයි ආදී වශයෙන් බුදුන් නුවනින් දැක සරන යාම.

2. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති

සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත වීම

මේ ධර්මය ස්වාක්ඛාත ධර්මයක්. ඒහි පස්සික ධර්මයක්. ඕපනයික ධර්මයක් ආදී වශයෙන් අවබෝධයෙන් ධර්මය කෙරෙහි ශ්රද්ධාවට පත්ව ධර්මයේ පමණක් සරණ ගිය කෙනෙක් වීම.

3. සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති

ශ්‍රාවක සංඝයා කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් යුක්ත වීම

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි. ඍජුවම නිර්වාණ්‍ය ඉලක්ක කල පිරිසක්. ඒ අය සුපටිපන්නයි ආදී වශයෙන් ගුණ වලින් යුක්තයි කියා නුවණින් දැනගෙන අවබෝධයෙන්ම ශ්‍රද්ධාව උපදවා ගෙන සරණ ගිය කෙනෙක් වීම.

4. අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති

ආර්යය කාන්ත ශීලය කෙරෙහි පැහැදිලා, ප්රාතිමෝක්ෂ සංවර ශීලය, ප්රත්යවේක්ෂා ශීලය. ඉන්ද්රිය සංවර ශීලය ආදී ශීලයන් වෙතින් හික්මීම ලබාගෙන ඒකාන්තයෙන්ම මේ ශීලය ආර්යය මාර්ගයට උපකාරයි කියා දැනගෙන වෙනත් කිසිදු මාර්ගයක් නැති බව අවබෝධයෙන් දැනගෙන සිටින කෙනෙක් වීම.

යමෙක් සම්බුද්ධ ශාසනයෙන් පිහිටක් ආරක්ෂාවක් ලබාගන්නට බලාපොරොත්තු වෙයි නම්, අති බිහිසුනු සසර චාරිකාව නිමා කරන්නට කැමති නම් ඉහත සඳහන් කාරණා හතර තුලට පැමිනිය යුතු වෙනවා.

කොසොල් රජතුමා දුටු සිහින දහසයෙන්ද පිලිබිඹු වන්නේ සෑම අතින්ම පිරිහී ගිය ජනසමාජයක දැකිව හැකි දුර්දාන්ත ප්‍රතිපලයන්ය.

බුදුරජානන් වහන්සේ මෙම සිහින විස්තර මින් කරමින් වදාලේ එම සිහින වල ප්‍රතිඵලය තමන් වහන්සේ ජීවමානව සිටින කාලයේත් කොසොල් රජතුමා ජීවත්ව සිටින කාලයේත් සිදුවන දේවල් නොවන බවත් මතු අනාගතයේදී ඒකාන්තයෙන්ම පරිහානියට පත්වන ලෝකය තුල සිදුවන බවත්ය. ‘ අනාගතයේදී රාජ්‍ය පාලකයන් අධර්මිෂ්ට වන බවත් ඔවුන් අධර්මිෂ්ඨ වනවිට රටේ පුරවැසියන්ද අධර්මිෂ්ඨ වන බවත්ය.

එසේම රටේ ඇති වන මෙම අධර්මිෂ්ට ස්වභාවය නිසා සද්ධර්මය පිරිහී යන බවත්, පොලොවහි හටගන්නා විවිධ පැළෑටි ගොයම් ආදිය වියලී ගොස් මහා නියං ඇතිවන බවත්, අධර්මිශ්ඨ කාලය උදාවීම සමගම මිනිසාගේ ආයු පිරිහී යන බවත්, ජීවත් වන එම කෙටි කාලයේදී මිනිසුන් බොහෝ රාගාධික වී කුඩා ගැහැණු ළමයින් පිරිමින් සමග කාමසේවනය කරමින් ළදරු වියේම ඔවුන් ගැබ්බර වී දරුවන් ලබන බවත් උන්වහන්සේ විස්තර කොට වදාරා ඇත. මේ සිහින දහසයෙන්ම උන්වහන්සේ විස්තර කරන්නේ ධර්මය වෙනුවට අධර්මය ඉස්මතු වී ධර්මය සැඟව යන විපරීත කාලයක .මානව සමාජය තුල පැවත ආ සාරධර්ම ගුණධර්ම සංස්කෘතික වශයෙන් ආගමික වශයෙන් පැවති සංයමය හික්මීම වෙනුවට දැවැන්ත සෝදාපාලුවකට ලක්වන බවත්ය. ශීලාදී ගුණයන් වඩන මිනිසුන් වෙනුවට අධික කාම තන්හාව නිසා විකෘති වූ මනසින් යුක්තව හැසිරෙන තිරිසනුන් වැනි මානව කොට්ඨාශයක් ලෝකයේ මතු අනාගතයේදී බිහිවන බවත්, ඒ කාලයට බුද්ධ ධම්ම සංඝ යන උත්තරීතර ත්‍රිවිධ රත්නය වෙනුවට සද්ධර්ම ප්‍රතිරූපක පහළ වී විකෘති ධර්මය ලෝ පුරා පැතිරෙන් බවත් එයින් වන බව ධර්ම විනයෙහි සඳහන් වේ.

එම නිසා යම් බුද්ධ ශ්‍රාවකයෙක් කල යුතුව ඇත්තේ වහ වහා ඉන්ද්රිය ධර්මයන් දියුනු කරගනිමින් මේ දැනටත් පවතින පිරිසිදු දහම් මාවත දිගේ ගමන් කරමින් සසර දුක් නිමා කරගන්නට උත්සාහ කිරීමය. ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා යන ඉන්ද්රිය ධර්මයන් නොපමාව අප්‍රමාදිව වර්ධනය කරගනිමින් මේ සද්ධම්ම දේශනාවන් තමන්ගේ ජීවිතයට ගලපා ගතහොත් මේ විපරීත ලෝකයේ පරිහානියෙන් තමාට ගැලවී තමන්ගේ මාවත සකස් කරගන්නට හැකි වෙන බව මතක් කල යුතුයි.

කිසියම් හෝ හේතුවක් ඉදිරියට ඇවිත් සම්බුද්ධ ශාසනය පිරිහිලා අතුරුදහන් වන කාලයක් නියත වශයෙන්ම එනවා. ඒක කාටවත්ම වලකන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒක ලෝක ධර්මතාවයක්. එතකොට එන්නේ අබුද්ධෝත්පාද කාලයක්. ඒ කාලයට ලෝකයම අන්ධකාරයෙන් වැහෙනවා. ඇස් තිබුනත් මිනිස්සුන්ට අන්ධවෙලා වගේ තමයි ජීවත් වෙන්න සිදු වෙන්නෙ. එතකොට බුද්ධෝත්පාද කාලයට වඩා වැඩියි දීර්ඝයි අන්ධකාරයි අබුද්ධොත්පාද කාලය. ඒ නිසා වීදාගම මෛත්‍රිය හිමියන්ගේ ලෝවැඩ සඟරාවේ 16 වැනි කවියේ සඳහන් වෙනවා මෙහෙම.

බුදු කෙනෙකුන් මේ ලොව නූපන් වර
අඳු රෙක් මය සදහම් නැති මෙ සසර
ඉඳු රා නොදැනෙයි පව් පින් තොරතුර
සිදු නොකලැකි ඉන් සඟමොක් සිරිසර

සද්ධර්මය ඇහෙන්නෙවත් නැති, බුදුකෙනෙක් ගැන අහන්නවත් නැති අබුද්ධෝත්පාද කාලය එහෙම නැත්නම් බුද්ධ ශුන්‍ය කාලය මහා අන්ධකාරයක් වගේ. පව් පින් කිසිදෙයක් කාටවත් පෙනෙන්නෙ නැහැ. එහෙම දෙයක් ගැන දන්නෙත් නැහැ. මිනිස්සු මහා තිරිසන් ජීවිත ගත කරන්නටත් තිරිසන් විදියට හිතන්නටත් පටන් ගන්නවා. තිරිසන්නු වගේ මැරිල යනවා. ඒ හින්ද මේ බුද්ධ ශාසනය තියෙන මේ වටිනා කාලයේදී සගමොක් සිරිසර හෙවත් ස්වර්ග මොක්ෂ නිර්වාණ කියන මේ දහමේ සාරය උරාගන්නට ප්‍රමාද වෙන්නට එපා. අප්‍රමාදීව ඒ කටයුතු කරගන්න. ඒක තමයි දියහැකි වටිනාම දහම් අවවාදය. කොහොමද ඒක කරගන්නට ඕනෙ...ලෝවැඩ සඟරාවෙම 22 වැනි කවියෙන් ඒක විස්තර කරනවා මෙහෙම.

ඉස ගිනි ගත්තකු එ ගිනි නිවන ලෙස
කුස ලට මඳකුත් පමා නුවොත් මිස
මෙ සසර අත්හැර නොයන මෙදුක් රැස
වෙස සින් නැත අත් හරිනා උපදෙස

හිස ගිනි ගත්ත කෙනෙක් ඒ හිසේ ඇවිලෙන ගින්දර නිවාදමන්නට බලවත් වෙහෙසක් උත්සාහයක් ගන්නව වගේ එක ඇසිපිය හෙලන මොහොතක් වත් කුසලයට පමා උනේ නැත්නම් මිසක, කුසලයට අප්රමාදී උනොත් මිසක, මේ සංසාරය අත හැරල යන්නට මේ දුක් රැස නැති කරන්නට දෙන්න වෙන කිසිම උපදේශයක් ඇත්තේම නැත. ඒ නිසා අප්‍රමාදීව කුසලයෙහි හැසිරෙන්න. ඒක තමයි බුද්ධ අනුශාසනාව.

සබ්බ පාපස්ස අකරනං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියො දපනං ස ඒතං බුද්ධාන සාසනං

ප්රමාදීව සිදු කෙරෙන සියලු අකුසලයන් දුරු කරමින් අප්‍රමාදීව කුසල් වඩන්න. තමන්ගේ සිත එයින් දමනය කරගන්න. ඒක තමයි බුද්ධ ශාසනය. ඒක තමයි සියලු බුදුවරයන්ගේ උපදේශය.

-සටහන - හේම ජයන්ත කොළඹගේ-

jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.com0tag:blogger.com,1999:blog-960881688546260776.post-39941679895337814112023-12-04T06:29:00.000-08:002023-12-04T06:29:57.458-08:00මගේ නොවන නුඹ

මගෙමැයි කීවට

මගේ නොවන නුඹ

නුඹේම වී සිටියාට කමක් නෑ....

නුඹේ යැයි සිතනා

මගේ නොවන මම

මගේම වී ඉන්නටද ඉඩක් නෑ...

සිතිවිලි පාලම දිරා ගොහින්

එගොඩ මෙගොඩ යන මං අහුරා

ගඟ දිය ගැඹුරුයි සැඩ පහරක් සේ

නුඹත් මමත් එහි ගිලී ගොසින්....

සමුගෙන යන්නත් බෑ වෙන්වී

ඉන්නේ කෙලෙසක එකෙකු වී

මදහස දියකර සෝ දිය ගලනා

දෙකොපුල් සඟවමු ලොවට හොරන්...

jayantha colombage

jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.com0tag:blogger.com,1999:blog-960881688546260776.post-21230071316487845872023-03-13T08:59:00.001-07:002023-03-13T09:00:31.005-07:00සංසාර උරුමය

සාමාන්‍යයෙන් අපි අපේ ජීවිත සැකැස්ම දිහා බැලුවාම ධර්මයට අනුව ගලපා බලනවිට මේ ජීවිතය අපට ලැබුනේ පෙර කර්මයේ විපාකයක් හැටියට කියල අපට දැනෙන්න උවමනායි.

දුප්පත් පොහොසත් භේදය ගැන ලෝකයේ නිර්වචන අනන්තයි. ධර්මයට අනුව නම් පෙර සංසාරයේ නොදුන් නිසා ඒ කර්මයට විපාක පිණිස සහ බොහෝ අකුසල කර්මයන් නිසා එහි විපාක පිණිස අන්ත දුගී දුප්පත් බවට පැමිනෙනවා කියා ඉගැන්වෙනවා. දුගී දුප්පත් කමත්, නූගත්කමත්, ප්‍රඥාවක් නොමැති බවත් මොන තරම් දුකක්ද??

මේ විකට වීඩියෝව මොන හේතුවක් නිසා හෝ ඒ ධර්මතාවය මට තදින්ම දැනුනා. සමහරවිට මෙය ඔබට සිත්ගන්නා සුළු එකක් නොවිය හැකියි. මෙතැනින් එය නැරඹිය හැකියි.

https://youtu.be/1Bpzf2mXBpk
jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.com0tag:blogger.com,1999:blog-960881688546260776.post-16663018958053378612022-12-25T22:59:00.006-08:002022-12-25T23:01:39.163-08:00විජ්ජාව සහ සත්‍යය 06 (අවසන් කොටස) - ධර්මය සහ ජීවිතය - 26 කොටස

භාවනාව කියල අපි යමක් කරනකොට ඒ කිරීම නිසා මනසේ ඇතිවන ගති වලට රැවටෙන්න එපා. මනසේ නොයෙක් ගති ඇති වෙනවා. හිත උඩට වැඩ කරනවා වගේ තේරෙයි. එහෙම නැත්නම් හිත ඈතට යනවා යනවා වගේ තේරෙයි.ඒ නීවරණ චිත්තයවත් ගෙවිලා නැති ලක්ෂණ. නීවරණ චිත්තය ගෙවුනාම මනස වීදුරුවක් වගේ.මනස ප්‍රභාෂ්වරයි. (පසුගිය ලිපියෙන්)....

ඊගාව දේ තමයි මට දෙන්න පුලුවන් ඊලඟ අවවාදය නම් සතිනිමිත්ත අතහරින්න එපා. සතිනිමිත්ත අත්නොහැර පුලුවන් තරම් යන්න. මොකද සතිනිමිත්ත අත්හැරල යන්න එපා කියන්නෙ හැමදාම මෙහෙම නෑ.හොඳටම වීරියවන්ත කෙනෙක් ඉන්නවා නම්, හිටියොත් තේරෙයි හිත වඩනකොට ඇතිවන ගති ගොඩාක් වෙනස්.

නොයෙක් විදියේ චිත්තජ රූප හම්බවෙනවා හිත සමාධි උනාම ඇස් ඉදිරිපිටෙන්ම පහළ වෙනවා. සතිනිමිත්ත නැති කෙනාට ඊට අනුගත නොවී ඉන්නවා කියන එකක් වෙන්නෙ නැහැ. එතකොට පිස්සු හැදෙනවා එහෙම කියන එක බොරුවක් එහෙම .නෙවෙයි තමන්ගෙම අරමුණු වලට තමන් බයවෙලා ඔය තියෙන්නෙ.

චිත්තජ රූප

යකෙක් කියල හෙම හිතුවොත් යකෙක්ම පේනවා. හිතන හිතන හිතන එක පේනවා. නමුත් එයාට තේරෙන්නෙ නැහැ හිතන හිතන එකයි පෙනෙන්නෙ කියලා. දැන් අදත් වෙලා තියෙන්නෙ ඒකයි. අපි හිතන හිතන විදියට පෙනිලා තියෙනවා. අඹගහ කියල හිතලා තියෙනවා. දැන් අපි ඔක්කොටම අඹ ගහක්ම පෙනෙනවා මිසක වෙන මොකුත් පේනවද? මේ ඔක්කොමලා දන්නෙ නැහැ අපි හිතපු විදියටයි පෙනිල තියෙන්නෙ .කියලා අපි හිතන හිතන විදියට පෙනිලා තියෙන්නෙ ඒ විදියට තමයි ඊටපස්සෙ හිත දියුනු උනාම දවල්ටත් ඇස් දෙක ඇරගෙන හිටියත් ඔයගොල්ලන්ට මෙහෙ චිත්‍ර පෙනෙයි ඔයගොල්ලන්ට පෙනෙයි භූතයො යනව යක්කු යනවා කියලා.

නෑ දැනුත් හිතෙන වචනයක් ගානෙ චිත්තජ රූප ඇඳෙනවා. නමුත් අවරණීය ධර්ම නිසා අපට ඒක පෙනෙන්නෙ නැහැ. දැන් මම පොල් කියල කිව්වොත් ඔයගොල්ලන්ට තේරුණා කියල හිතන්නෙ මොකක්ද කියලද? ඔයගොල්ලන්ගේ මනසේ ගෙඩියක් මැවිලා තියෙන හින්දා. දැන් අනිත් භාෂාවක් එනකොට තේරෙන්නෙ නෑ කියන්නෙ එයාගෙ මනසෙ ඒ වගේ රූපයක් මැවිලා නැහැ. රූපයක් මැවුනෙ නැත්නම් ඒ භාෂාව තේරෙන්නෙ නැහැ. චිත්තජ රූපයක් මැවුනොත් භාෂාව තේරෙනවා. නමුත් අපට එහෙම චිත්තජ රූපයක් මැවිලා කියල කාටවත් තේරෙන්නෙ නැහැනෙ.

නමුත් පොල් ගෙඩියක් අරගෙන එන්න කියලා කිව්වොත් ඔයගොල්ලො ඔච්චර බඩු ගොඩාක් තියෙන එකේ ගිහිල්ල ගිහිල්ල බලලා එකම එකක් උස්සගෙන එන්නෙ ඇයි? වෙන මොකක් හරි කෑල්ලක් අරගෙන එන්න එපැයි? තමන්ගෙ හිතේ තියෙනවා හැඩේ. ඒ හැඩේට ගැලපෙනකන්ම මෙහෙ හොයනවා. හොයලා හිතේ තියෙන හැඩේට ගැලපෙනකොටම හා හරි මේ තමයි පොල් කියලා ඒක අරගෙන එනවා. ඒ හිතේ තියෙන හැඩේට ගැලපුනේ නැත්නම් මොකද කරන්නෙ? පොල් නෑ. ඒක නෙවෙයිද කරල තියෙන්නෙ කියල බලන්න. නැත්නම් මෙහෙ හොයන්න ඔයගොල්ලන්ට මිම්මක් කොයින්ද? දැන් හොද්දකට ලුනු රස බලනවා කියලා මොකක්ද කරන්නෙ? ටිකක් දිගාලා බලනවා පරණ මිම්මට මැනල බලනවා තව ටිකක් මදි ඒ මිම්මට ආපහු තව ටිකක් දානවා. කරන්නෙ එහෙම නෙවෙයිද කියල බලන්න ඔය හැම එකකටම.

එතකොට මේ ඔක්කොම බාහිරේ ගනුදෙනු කරන්නෙ මනසට මැන මැන මානය කියන්නෙ ඒකටයි. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට හිත දියුණු උනාම චිත්තජ රූප ප්රකටයි. ඒ කියන්නෙ දැනුත් අපිට චිත්තජ රූප පහළ වෙනවා. මේ වචනයක් වචනයක් ගානෙ චිත්තජ රූප ඇඳෙනවා. ඒ ඇඳෙන නිසයි භාෂාවක් දන්නෙ. නමුත් ඒවා අද අපට ප්‍රකට නැහැ. හිත දියුණු උනාම අපි හිතන හිතන ගානෙ ඒ කියන්නෙ මෙහෙන් කවුරු හරි කෙනෙක් මොනවා හරි කිව්වොත්, දැන් කෙනෙක් ගැන කිව්වොත්, ඒ ශබ්දයත් එක්ක නිමල් කියල කිව්වොත් ඒ ශබ්දයෙන් මා තුල ඇඳෙන චිත්තජ රූපය මට ඇස් ඉදිරිපිටින්ම පේනවා.

දැන් බලන්න ඇත්තටම කවදාවත් කෙනා කෙනා ගාව තියෙන දේම අපි අරගෙන කාලා තියෙනවා මිසක් අනුන්ගෙන් දෙයක් හම්බවෙලා නෑ කියන එක ස්පර්ශ ආයතන හයට අපේ මනස අයිතියක් නෑ කියන එකට තව ශාක්ෂියක් ඔය මම කිව්ව වචනයම ගන්න. දැන් මම නිමල් කියල කිව්වොත් ඔයගොල්ලො කාටත් නිමල්ලා මතක් වෙනවා ඇතිනෙ. හැමෝම දන්න විදියෙ නිමල්ලා නැද්ද? ඉන්නවා නේද? නමුත් බලන්න කෙනා කෙනාගෙ මනසෙ ඉන්න නිමල්ලා ඔක්කොම එකයිද, රූප ටික දිහා බලන්න. දැන් මම නිමල් කියල කෙනෙක්ව සිහි කරගෙන තමයි කිව්වෙ. මගේ මනසේතියෙන රූපය වෙන එකක්. එතකොට එකම ශබ්දයට අපි චිත්තජ රූප මවා ගන්නවා. නමුත් ඔයගොල්ලො හිතාගෙන ඉන්නවා තමන්ගෙ මනසේ තියාගෙන මේ නිමල් ගැනනෙ කියන්නෙ . දැන් මම කථාකරන ටික, නිමල් හොඳ නැහැ, මහ නරක මිනිහෙක්, මෙහෙමයි මෙහෙමයි කියනකොට ක්ෂණිකව තමන් තමන්ගෙ නිමල්ට ගැට ගහගන්නවා ඉතින් ඔක්කොම ටික. ඊට පස්සෙ අන්තිමට තමන්ගෙ මනසින් දැන් නිමල් හොරෙක් නැත්නම් හොඳ මිනිහෙක් කියලා හදා ගෙන තියෙන එකක්.

බලන්න මම මේ කිව්වෙ ශබ්දය කියන එක හැමෝගෙම කණ ගාවට එනකොට ඇවිල්ලා තියෙන්නෙ එක මට්ටමට. නමුත් කෙනා කෙනා ගාව විවිධත්වයකට චිත්තජ රූප මැවුනේ ඇයි? මොකක් නිසාද? ඒ නිසයි මේ හැම භාෂාවකම එහෙමයි ස්වභාවය. ඒ නිසයි මෙතන අනුපාදා පරිනිර්වාණය කියල කියන්නෙ තමන්ගෙ මනසේ උපදින ගති ස්පර්ශ ආයතන හයට උපාදාන කරන්නෙ නැතිව බඳින්නෙ නැතිව ජීවත් වෙන්න පුලුවන් නම් එයාට තමයි රහතන් වහන්සේ කියන්නෙ. අටලෝ දහමෙන් කම්පා වෙන්නෙ නැහැ කියන්නෙ.

ඒක කරන්න පුලුවන් සමාධිගත මනසකින් ස්පර්ශ ආයතන හයේ ඇත්ත දැකලා. මොකද එයාට මේ පෙනන මට්ටම එන්න ඕනෙ. ඇස් ඉදිරිපිටට මේ රූපය මෙච්චරයි එතනින් එහාට හිතන ටික අපිමයි හිතන්නෙ කියන ටික පැහැදිලිවම පෙනෙන්න ඕනෙ. පේන්න නම් සමාධියක් ඕනෙ. අපි හිතලයි දැනගන්නෙ කියන එක පේන්නෙ නැති තාක් අපි හිතන්නෙ බාහිරටයි කියලයි හිතන්නෙ. ඒ තාක් බාහිරට බැඳිලා. අපි ඒ තාක් අසරණයි. ඇයි ඒ?

අපිව අඬවන්න පුලුවන් අනුන්ට. අපි අනුන් මතින් යැපෙන්නෙ. ඒ කියන්නෙ අනුන් හොඳ වචන කථාකරන තාක් මට සතුටින් ඉන්න පුලුවන්. අනිත් අය නරක වචනයෙන් මට රිද්දන්න පුලුවන්. නරක රූපයක් පෙන්වලා මට රිද්දන්න පුලුවන්. අපේ සැප දුකඅද අපි භාරදීලා තියෙන්නෙ අනුන්ට. ඉතින් අනුන් මතින් යැපෙනතාක් අපි, සැප ජීවිතයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? එහෙම නෙවෙයි. අනුන් මතින් නෙවෙයි. තමන් මතින් ජීවත්වෙන්න උත්සාහවත් වෙන්න. ඒ කියන්නෙ ඔයගොල්ලන්ට රිද්දනවත් සැපවත් කරන්නවත් අනුන්ට බැහැ. රිදවනවා නම් හෝ සැපවත් වෙනවා නම් ඒක තමන්ටමයි කරගන්න පුලුවන්. ඉතින් දර්ශනයකට එන්න. ඇත්තටම පුලුවන් ඔයගොල්ලන්ව දුක් කරගන්න ඕනෙ නම් දුක හිතෙන හිතෙන විදියට හොඳට ටිකක් හිතන්නකො බලන්න. දුක හිතිල තමන්ම අඬයි ඉකිගගහා. කරනවත් ඇතිනෙ. අදටත් කරන්නෙ ඕකම තමයි. ඒ වගේම තමන්ට සතුටු කරගන්නත් පුලුවන් සතුටු වෙන විදියෙ දේවල් හිතලා හිතලා තමන් හොඳට සතුටු වෙනවා. ඇත්තටම ඕක තමයි ඇත්ත.

ඔය ටික දකින්න බාහිර ආයතන ටිකට සම්බන්ධ කරන්නෙ නැතිව. ඕක හරිම ලස්සනට බුදුහාමුදුරුවො දේශනා කරනවා. ඊගාවට මම කියන්නෙ නිවන් මගට වෙන මොකුත්ඒ සූත්‍රය විතරක් ඇති. ඔය අර්ථය එහෙමම තියෙනවා. කුම්භෝපම සූත්‍රය කියල සූත්‍රයක් මම ඔය කියන්නෙ. බුදුහාමුදුරුවො දේශනා කරනවා

මහණෙනි..මම පෙර වෙච්ච දෙයක් කියන්නම් කියලා, පෙර ගංගා නම් ගඟේ නදියෙ උඩහ ඉවුරෙ ඉඳලා ඉබ්බෙක් හෙමින් හෙමින් ආවාලු. පහත ඉඳල නරියෙකුත් එනවලු උඩහට. නරියා දැක්කලු ඉබ්බාව. ඉබ්බත් දැක්කලු නරියාව. නරියා හිතනවලු උඹ ලඟට වරෙන් ආවාම මම අතක් කඩාගෙන කනවා. ඔළුව හෝ කඪාගෙන කනවා. කියලා නරියා හිතනවලු. ඉබ්බා හිතනවලු දැන් නරියා හිතනවා ඇති මම ලඟට ආවාම මගේ අත හෝ කඩාගෙන කන්න. ඔළුව හෝ කඩාගෙන කන්න. මම නම් ඉඩ තියන්නෙ නැහැ ඕකට කියල දැන් දෙන්නා ලං උනා. ලංවෙන කොටම ඉබ්බා මොකද කරන්නෙ ඔළුවයි කකුල් හතරයි කෑලි පහ ඇතුලට දාගත්තා. ඇතුලට දාගෙන ඇතුලට වෙලා ඉන්නවා. දැන් නරියා සද්ද නැතිව හෙමින් ඉන්නවලු. සද්ද නැතිව. උඹ අතක් දාපන් එළියට අත කඩාගන්නවා. ඔළුව දාපන් එළියට ඔළුව කඩාගන්නවා. ඉබ්බා ඇතුලෙ ඉඳන් හිතනවලු නරියා හිතනවා ඇති දැන් අතදාපන් එළියට අත කඩාගන්නවා.ඔළුව දාපන් එළියට ඔළුව කඩාගන්නවා මම නම් දාන්නෙ නැහැ එකක්වක් කියලා. ඉබ්බා එළියට දැම්මෙම නැතිලු. ඉතින් නරියා බලාගෙන ඉඳල ඉඳලා බැරිම තැන ගියාලු.

බුදුරජාණන් වහන්සේ ඒ වගේ දේශනා කරන්නේ මහනෙනි ඒ වගේ. "කුම්භො අංගානි සකෙ කපාලෙ..සමොදහන් භික්කු මනො විතක්කෙ". මහණෙනි..ඉබ්බා සිය කබලෙහි අවයව බහා ගත්තා වගේ මනො විතර්ක ටික හකුලා ගන්න. මේ රූප ශබ්ද නෙවෙයි. ඒවා අරභයා මනො විතර්ක ටික හකුලා ගන්න. සමොදහන් භික්ඛු මනො විතක්කෙ.ඉබ්බා බැරිවෙලා ඔළුව හෝ එළියට දැම්මොත් නරියා කඩා ගන්නවනෙ. ඔයගොල්ලන්ගෙ මනසෙ තියෙන විතර්ක බැරිවෙලා හරි රූපයට දැම්මොත් කෙලින්ම නරියා කඩා ගත්තා වගේ මාරයාට අහුවෙනවා. මනසෙ ඇතිවන විතර්ක විතර්ක ශබ්දයට ගැට ගැහුවොත් දැම්මා අන්ඩක් එළියට මාරයාට අහු වෙනවාමයි. මනසේ ඇතිවන විතර්ක ටික නාසයට දිවට කයට ගැට ගැහුවොත් මොකද වෙන්නෙ? අන්න පෙන්නනවා නරියා කඩා ගත්තා වගේ.

මහණෙනි ඇහැ එළියට දාන්න එපා

මහණෙනි කණ එළියට දාන්න එපා

මහණෙනි නාසය එළියට දාන්න එපා

මහණෙනි දිව එළියට දාන්න එපා

මහණෙනි කය එළියට දාන්න එපා

ඇයි ඒ එළියට දාන්න එපා කියල කිව්වෙ? සමොදහං භික්ඛු මනො විතක්කෙ. හොඳ උත්තරයක් දෙනවා. මනසේ විතර්ක ටික හකුළා ගන්න. මේක මනසේ ඇතිවන විතර්ක ටික මේ ආයතනයට දාන්න එපා කියනවා. එතකොට මාරයාට අහුවෙන්නෙ නැහැ කියනවා. බැරිවෙලා මේ ඇහැ එළියට දැම්මොත් මහණෙනි නරියා කඩාගෙන කෑවා වගේ මාරයාට අහුවෙනවා.

ඉතින් මට මතක් කරන්න තියෙන්නෙ මේ අද්භූත දෙයකුත් නෙවෙයි. ආශ්චර්යය දෙයකුත් නෙවෙයි. මේක සත්‍යයක්. ඒ කියන්නෙ අපට තියෙන්නෙ ඇත්තටම සත්‍යය අවබෝධ කරගන්න. ඇත්ත ඇති හැටියෙ දකින්න තියෙන්නෙ. මේක දර්ශනයක්. මල්පහන් පූජා කරන එකකුත් නෙවෙයි. ඒක වෙනමම එකක්. ආගමික එකක්. පින් සිද්ධ වෙනවා. ශෘස්තෲන් වහන්සේ..ඒක කරන්න. නමුත් මම මේ කියන දර්ශණය ගැන, මේ දර්ශනය කියන එකට ආගමක් පක්ෂයක් පන්තියක් කුලයක් භේදයක් මොකුත් නැහැ. කාටත් සුදුසුයි. බලන්න ඇස් ඉදිරිපිටට එන රූපය සහ ඒ අරභයා සිතන දේ. මේ තමන් හිතන දේ හකුළුවා ගත්තොත් ආපහු ඒකට ආදේශ නොකලොත් තමන් දුකින් මිදෙන්නෙ නැති වෙයිද කියල.

මරණෙන් පස්සෙ නෙවෙයි මැරෙන්න ජීවත් වන්නෙක් ඉන්නවද කියලා ප්‍රශ්ණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඔය ප්‍රශ්නයම අහනවනෙ ධාතු විභංග සූත්‍රයේදී. ධාතු විභංග සූත්‍රයේදි ඔබට තේරෙයි ජරා මරණයන්ගෙන් මිදෙන්න ඉස්සර ජරා මරණයට පත්වන ජීවත්ව ඉන්නෙක් ඉන්නවද කියලා පුක්කුසාති රජුගෙන් අහන්නෙ. ඉතින් ඒ් වගේ දර්ශනයක් මේ තියෙන්නෙ. ඒ් නිසා හැම දෙනාටම මතක් කරනවා මේ වගේ වචන ටිකක්වත් අපිට ඇහෙන්නෙ අපි කල්පාන්තරයක් පෙරුම්පුරලා ඇති. ඔයගොල්ලො හිතනවද හීනෙකින්වත් අපට අහගන්න හම්බවෙයි නැතිනම් තනියම අපට තේරෙයි කියල කවදාවත්ම??? අපි මෙච්චර කාලයක් හිටියා අපිට කවදාවත් තේරිලා තියෙනවද කණ ගාවට ඒන ශබ්දය නිකම්ම එකක් අපියි බැනුම් අහගෙන තියෙන්නෙ කියලා.

හැමදාම අවිද්‍යාවෙන් අනුන් බනිනවා අනුන් ප්‍රශංසා කරනවා කියලා අනුන් මතම ජීවත් කරවන්න හැදුවා මිසක තනියම කාටවත් යටත් නොවී, තනියම ජීවත් වෙන්න පුලුවන් ජීවිතයක් හදල දෙන එකම ශාස්තෲන් වහන්සේ බුදුහාමුදුරුවො විතරයි. අනිත් අයට නිවහල්ව යටත් නොවී කෙනෙකුට වහල් නොවී ජීවත්වෙන ක්‍රමයක් හදලා තියෙනවා.

අපි වහල් යුගයක් ගැන වහල්ලු ගැන කථා කරනවා. නමුත් අපි දන්නෙ නැහැ අපිත් ඉන්නෙ වහල්කමේ කියලා. ඒ කියන්නෙ අනුන් යටතේනෙ ඉන්නෙ. අපිව අද අඬවන්න බැරිද ලෝකෙ ඕනෙම කෙනෙකුට?? අනිත් අයට අපිව අඬවන්න පුලුවන් හිනස්සන්න පුලුවන් අපේ සැපදුක් රැඳිලා තියෙන්නෙ අනුන් මත. අනුන් මත සැපදුක් රැඳිල තියෙන තාක් අපේ ජීවිතය සුරක්ෂිතයිද? අපිට ඕනෙ දෙයක් ඕන වෙලාවක කරගන්න පුලුවන් වෙයි කියලා හිතනවද? පුලුවන්ද? බෑ. අපිට සතුට ඕන වෙලාවක අනිත් අය අඬවන දෙයක් කලොත් අපිට සතුටු වෙන්න බෑ. අපිට අඬන්න වෙයි. අපිට අඬන්න ඕනෙ වෙලාවට අනිත් අය සතුටු වෙන දෙයක් කලොත් අපිට සතුටු වෙන්න වෙයි. ඇයි ඒ?? අපි ජීවත්වෙලා තියෙන්නෙ අනුන් මතින් නිසා. අපිම සපයගෙන කන්න පුලුවන් දවසක් උනොත් තමයි අපිට පුලුවන් සතුටද දුකද කියන එක අපිම හදාගන්න මට්ටමකට එන්නෙ.

රහතන් වහන්සේ නමක් විතරයි අනුන්ගෙන් යැපෙන්නෙ නැතිව ජීවත්වෙන්නෙ. අනිත් ඔක්කොම සැපදුක් විඳින්නෙ අනුන් මතින්. ඒ නිසා නිවහල් මනසක් නිදහස් මනසක් හදාගන්න තියෙන එකම කාලය එකම දහම මේ බුදුදහම. බුදුදහම කියලත් ඔයගොල්ලො ආගමික රාමුවකට කොටුවෙන්න එපා. ඇත්තටම ආගමික රාමුවකින් යන එක හරිම පාඩුවක් කියලත් මට වෙලාවකට හිතෙනවා. මොකද එච්චරටම ලෝකෙකට පුදුම සහනයක් සැනසිල්ලක් ලබාදෙන්න පුලුවන් දර්ශනයක් මේක. නමුත් අපි බෞද්ධයි කියන කමින් ගියාම මිනිස්සු ඒ දිහාත් බලන්නෙ තව ආගමක් හැටියට. මේක අහන ඔක්කොම බෞද්ධ වෙයි. මේත තේරෙන ඔක්කොම බුද්ධිමත් අය. නමුත් පුලුවන් තරම් මේ දර්ශනය කියන එක පෙන්වන්න ලෝකෙට, මේක බොරුවක් නෙවෙයි මේක ඇත්තක්. ඒකයි මේ දහමෙ ගුණයක් තියෙනවා ඒහිපස්සිකො. මෙහෙ එන්න මෙහෙ ඇවිල්ල බලන්න කියලා.

ඔය කියපු කාරණා ටිකෙන් ඕනෙම කෙනෙක් ඉන්නවා නම් කියන්ඩ කියන්න මෙන්න මේ කියපු එක බොරුයි කියලා. මම මේ කියපු වචන ටික බොරුයි කියල කියන්ඩ කියන්න. මොකද මම ඒ ටික බයනැතිව කියන්නෙ ඔය ටික මම කියන හින්ද නෙවෙයි බුදුහාමුදුරුවො කියලා තියෙන හින්ද. මොකද එයා තර්ක කරන්නෙ එතකොට බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙ බොරුයි කියන එක. මොකද මම ඒ කාරනා සහේතුකව පෙන්වනවා.

ඉතින් ඒ නිසා සම්මා දිට්ඨිය කියන්නෙ මෙන්න මේ ස්පර්ශ ආයතන හය පිරිසිඳ දකින එක. ස්පර්ශ ආයතන හය පිරිසිඳ දැකලා ස්පර්ශ ආයතන හයේ නොඇලිලා ආශ්රවයන්ගෙන් කෙලෙසුන්ගෙන් මනසේ මිදීමටයි අනාශ්‍රව චේතොවිමුක්ති පඤා විමුක්ති කියලා කියන්නෙ. රහත් උනා කියන්නෙ. ස්කන්ධ ටික විතරක් තියෙනවා ඒ කියන්නෙ සුඤ්ඤතාවයෙන් යුක්ත අරමුණු ටික විතරක් තියෙනවා මනස ඒවාට ගැටගහන්නෙ නෑ. මනසින් යම් යම් දේවල් හිතන්න පුලුවන් හිතල කරන්න පුලුවන් ඒවා බාහිර දේවල් වලට අයිති නැහැ. ක්ෂේත්රය කලවම් කරගන්නෙ නැහැ. දෙකක් මයි. එහෙ ගොඩ මෙහාටත්, මෙහෙ ගොඩ එහාටත් දාන්නෙ නැහැ. ඒ ගොඩ ඒ පැත්තෙම තියෙද්දිම පරිහරනය කරනවා. මෙහෙ ලොඩ මේ පැත්තෙම තියෙද්දිම පරිහරනය කරනවා කියන සිහිනුවණකින් කරනවා. ජීවිතය අවසන් වෙනකොට අර දිවි කෙළවරකොට ඇති දුක් ටිකත් නිවිලා යනවා පහණක් නිවුනා වගේ රහතන් වහන්සේ නිවෙනවා.

ඉතින් මම කියන්නෙ ඔයගොල්ලො ඔයගොල්ලන්ගෙ යහපත කැමති නම් මේ ටික ඇත්තටම කරන්න. කවදාවත් අපි මේ වගේම බණදහම, ශුන්‍යතා දර්ශණය, නිවන්මග, කියපු බුදුරජාණන් වහන්සේලා ඕනෙ තරම් ඉන්න ඇති. සමහරවිට අර චන්දසූකර වගේ අපිත් සමහරවිට අල්ලපු වත්තෙත් ඉන්න ඇති. අපි සමහරවිට ඌරො නම් මරන්න නැතිව ඇති. නැත්නම් එන්න හම්බවෙන්නෙ නැහැනෙ. සමහරවිට එදත් අපි දරුවාව පන්තියට ගිහින් දාන්න යන්න දරුවා ඉස්කෝලෙට යවන්න දරුවගේ වැඩකටයුතු හින්ද බණ අහන්නවත් වෙලාවක් නැතිව ඇති.

අද මෙතනට ආවා. පන්තියට ගෙනියන්න දරුවව, ගෙනිච්ච හින්ද දරුවව ජීවත් කරවන්න රස්සාවට ගිය හින්දා බණ අහන්න බැරි උනා. අන්තිමට එහෙම රැකපු දරුවත් නැහැ. දහමත් නැහැ. මෙතනත් ඒ ටිකමයි කියන එකත් තේරුම් ගන්න. දරුවාව පන්තියටත් අරින්න. උගන්වන්න. හැබැයි ඔයගොල්ලන්ට බණ දහමක් අහන්න කාලෙකුත් තියාගෙන කියන කාරණාව මතක් කරනවා. මේ අවස්ථාව හැමදාම ලැබෙන්නෙත් නැහැ. මේ අවස්ථාව අතහරින්න එපා කියලා මතක් කරමින් මගේ දේශනාව අවසන් කරනවා.

වර්ෂ 2015 ජනවාරි මස 15 වැනිදා නාඋළ ලෙනදොර "ධම්මහදය" විවේකාශ්‍රම සෙනසුනේදී අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ගෞරවණීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන අතිශය වටිනා මෙම ධර්ම දේශණය මගේ ජංගම දුරකථනයෙන් එදින පටිගත කරගන්නට අවස්ථාව ලැබුනු අතර ඒ දේශණය එකදු අකුරක් හෝ එකදු වචනයක් හෝ සංස්කරණය නොකර උන්වහන්සේගේ වචන පිළිවලින්ම දහම් ලිපියක් ලෙස සකස් කරන්නට කල්පනා කලා. මේ එහි ප්රතිඵලයයි.

මෙම "විජ්ජාව සහ සත්‍යය" ලිපි පෙලම එකම ධර්ම දේශනයක් ලෙස අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේගේ කටහඬින්ම ඔබටශ්රවණය කිරීම පිණිස පහත පළවේ.

මෙය කියවන ඔබගේ අදහස් අප ඉතාම අගේ කොට සළකනවා. පහත comment section එක තුල අදහස දන්වා සිටින්න. Follow තීරයෙන් මෙම බ්ලොග් අඩවියට දායකත්වය දෙන්නටද අමතක කරන්න එපා.

jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.com0tag:blogger.com,1999:blog-960881688546260776.post-76282894469766715342022-12-24T04:41:00.001-08:002022-12-24T04:41:32.415-08:00විජ්ජාව සහ සත්‍යය 05 - ධර්මය සහ ජීවිතය - 25 කොටස

අර ආනාපාන සතිය වඩන්නයි කියලා නාසිකාග්‍රයේ හෝ තොල් දෙකේ හිත තියාගන්නව වගේ හිත තියාගෙනම ඉන්නවා. යද්දිත් එද්දිත් එහෙමයි. හිත තියාගෙනම ඉන්නවා. ඒ විතරක් නෙවෙයි. කරන කරන වැඩෙත් එක්කයි මනස. මනස එක්කයි වැඩේ. පුලුවන් හැකි වෙලාවකම වර්තමානය තුලම කරන කරන දේ තුල ඉන්න සතිනිමිත්තෙ. ඔන්න ඔය ටිකම ඇති හිත සමාධි වෙන්න මේ ශාසනේ.ඊට පස්සෙ ඉඩ ලැබෙන වෙලාවක එක තැනක ඉඳගෙන පර්ය්යංකය බැඳගෙන සති නිමිත්තේ හිත තියාගෙන ආනාපාන සතිය වඩන්න. (පසුගිය ලිපියෙන්).....

ආනාපාන සතිය බැරි නම් සති නිමිත්තේ හිත තබාගෙන

" චිර කතම්පි...චිර භාසිතම්පි....සරිතා අනුස්සතා"

බොහෝ කල් සිට කිව්වාවූ, කලාවූ, දේවල් මනසින් එනවනෙ. හිතට සිහි වෙනවනෙ. අන්න ඒ සිහිවෙන අරමුණු හොඳට විදර්ශනා කරන්න. මෙතනදිත් ඔයගොල්ලන්ට තව පහසුවක් මම කරල දෙන්නම්, පහසුවක් කියන්නෙ තොරතෝංචියක් නැතිව නොයෙක් අරමුණු එද්දි ඒ එකක් එකක් පාසා විදර්ශනා කරන්න ගියොත් ඔයගොල්ලන්ට අමාරුයි. දැනට සත්ත්ව පුද්ගලභාවයට හම්බවෙන අරමුණු තියෙනවනෙ. සති නිමිත්තෙ හිත තබාගෙන සත්ත්ව පුද්ගල භාවයට හම්බවෙන අරමුණු ටික විතරක් විදර්ශනා කරන්න. එක තැනක ඉන්නකොට, ඉන්නවා නම්, භාවනා කරනවා නම්, පුලුවන් නම්, බාහිර අම්මා තාත්තා දුවා පුතා අයියා අක්කා ඒවා කියලා නෑදෑයො කියල සිහිවෙන අරමුණු අරගෙන එකින් එක ඒ අරමුණක් ගානෙ හිතින් හොඳට අල්ලගෙන ඒ රූපයේ කෙස් ලොම් නිය දත් හම් මස් ඇට නහර ඇටමිදුලු වලින් යුක්තයි, කණබොන ආහාරයෙන් නේද හැදිල තියෙන්නෙ කියලා බලනව හොඳට කය. ඔය කය ඇසුරු කරගෙන ප්රතිසන්ධි වශයෙන් පැමිණි හිත පවතිනවා. ඒ හිත නිසා නේද ඔය කයේ එහා මෙහා යාම වෙන්නෙ, ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද ශබ්ද ඇසෙන්නෙ කියලා බලනවා. දරුවා යනවා දරුවා රූප දකිනවා ශබ්ද අහනවා කියල බලන්නෙ නැහැ. අපි දරුවා ගියා දරුවා රූප බැලුවා දරුවා ශබ්ද ඇහුවා කියන තැනක තියෙන්නෙ මෙහෙම ඇත්තක් නේද කියල බලනවා. ඔය විදියට හිතනවා ආයෙ සති නිමිත්තෙ හිත තියාගෙන ආනාපාන සතිය වඩනවා.

බැරිවෙලා සති නිමිත්ත හිත තියාගෙන ආනාපාන සතිය වඩනවා අරමුණු කිසි දෙයක් එන්නෙ නැත්නම් අධ්‍යාත්මික කය (මේ හැම වෙලාවෙම කමටහන තියෙනවා) මේ තමන්ගේ ශරීරය කෙස් ලොම් නිය දත් හම් මස් නහර බලලා කන බොන ආහාරයෙන් නේද මේ රූපය හැදිලා තියෙන්නෙ මේ කයද මළමිනියක් වගේ නේද කියල හොඳට බලනවා. මේ කය ඇසුරු කරගෙන ප්රතිසන්ධි වශයෙන් පැමිණි සිත පවතිනවා. ඒ සිතට නේද මේ රූප පෙනෙන්නෙ මට පෙනෙනවා නෙවෙයි තමන්ට පෙනෙනවා නෙවෙයි ඉඳගෙන ඉන්න කෙනාට පෙනෙනවා නෙවෙයි මේ කය ඇසුරු කරගෙන පවතින හිතට මේ රූපාරම්මණය හම්බවෙලා තියෙන හැටි බලනවා.

තමන්ගේ ජීවිතයම අනුන්ගේ දෙයක් හැටියට බලනවා. ඒ විදියට මේ නාමරූප දෙක බලමින් ආයෙ ආනාපානසතිය වඩනවා. එතැනින් නැගිට්ටට පස්සෙ භාවනාව ඉවරවෙලා නැගිට්ටට පස්සෙ අර කණුව ලෙහා දාපු හරකා වගේ ඔහේ ඉන්නෙ නැහැ. ආයෙ සති නිමිත්තෙ හිත තියාගෙන කරන කරන වැඩේට සිහියෙන් තමයි කරන්නෙ. හැමවෙලාවෙම මනසට පිහිටක් තියෙන්නම ඕනෙ.

ඔය ටික තාම පූර්වභාග. හැබැයි ලෝකෝත්තර එහෙම නෙවෙයි. ඔය ටික, ටික ටික කරනකොට ඔයගොල්ලන්ට මේ පුද්ගලභාවය ගෙවෙනවා. මේ සත්ත්වයෙක් පුද්ගලයෙක් මනුස්සයෙක් කියන මේ ජීවී ගතිය අඩුවෙනවා. කෙනෙක් කියල හිතුවත් ඔයගොල්ලන්ගෙ හිතෙන්ම ප්‍රශ්ණ කරනවා මම කෙනා කියන්නෙ කෙස් ලොම් නියදත් හම් මස් නහර වලින් හැදුන කනබොන ආහාරයෙන් හැදුන රූපෙද කෙනා? නැත්නම් ඒ කය ඇසුරු කරගෙන දැකීම් දැනීම් ආදී කටයුතු කරන හිතද කෙනා ?? කෙනා කියන්නෙ හිතටද කයටද? කියලා තමන්ම ප්‍රශ්ණ කරන මට්ටමක් එනවා. ගෙඩි පිටින් මේ වගේ පුද්ගලයෙක් දකින්නෙ නෑ හැමදාම. මේ විදියට කාලයක් කරනකොට "අත්ථි කායෙති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති". සත්ත්වයෙක් පුද්ගලයෙක් නොවූ කය පමණක් ඇත්තේය යන සිහියෙන් හොඳින් එළඹ සිටිනවා. කිසිම වෙලාවක සත්ත්වයකුගේ පුද්ගලයකුගේ කයක් ඔයගොල්ලන්ට දකින්න හම්බවෙන්නෙ නෑ. මෙහෙම ඇල්ලුවත් සතරමහා ධාතුවෙන් යුක්ත කණබොන ආහාරයෙන් යුක්ත කය නම් අහුඋනා කියල තේරෙයි.

මේ කය ඇසුරු කරගෙන පවතින හිතට මේ අල්ලපු බවත් දැනෙයි කියන එකත් තේරෙයි. එතකොට කෙනෙකුට දැනුනයි කියන එක නැහැ. මෙන්න මේ මට්ටමට එනකොට නීවරණ ධර්ම දුරු වෙනවා. නීවරණ ධර්ම දුරු උනාම ඒ කියන්නෙ තමන්ට මෙහෙ ඉඳල බාහිර ඉන්න අම්මා තාත්තා දුවා පුතා අයියා අක්කා සිහිකරගන්න බැරි දවසක් එනවා. එච්චර මෝඩ නැහැ ඔයගොල්ලො එදාට. ඒ කියන්නෙ සිහිකරන කොටම එතන ඒ නාමරූප දෙකක්නෙ තියෙන්නෙ කියන එක සිහිය ඉදිරිපත් වෙනවා. ඒ නාමරූප දෙක තියෙන තැන ඇත්ත නොදන්නාකම නිසා අපිනෙ අම්මා තාත්තා දුවා පුතා කියන අදහස් හදාගෙන තියෙන්නෙ කියන එක එනවා. එතකොට දැන් අද අපට පුලුවන්කම තියෙනවානෙ මෙහෙ පැත්තක ඉඳගෙන බාහිර අය ගැන හිත හිතා ඉන්න. ඕකනෙ මේ ලෝකෙ දුක එන්න තියෙන්නෙ.යම් දවසක් එනවා ඔයගොල්ලන්ට බාහිර ආයතන වලට යන්න බෑ. ඕකට තමයි ආසිවිසෝපම සූත්‍රයේදී කියන්නෙ "සුඤ්ඤො ගාමය" කියලා.

හිස් ගෙවල් හයක් හම්බවෙනවා.ආයෙ මේ රන්රිදී මුතු මැණික ඕවා හම්බවෙන්නෙ නැහැ. එතකොට තමයි නීවරණ ධර්ම දුරුවෙනවා හිත සමාධි වෙනවා. අන්න ඒ හිත සමාධිගත මනසකට හොඳට තේරෙනවා ඕගොල්ලො ඇස් ඉදිරිපිටට රූපයක් එද්දි මෙහෙම හිතනකොට හිතන එක දැනගන්නවා කියන එක පැහැදිලිවම පේනවා. හිතන එකදැනගන්නවා හිතන එක පෙනෙන එකට අයිති නෑ කියල දෙක වෙන්වෙලා පෙනෙනවා. ඒ සමාධිගත මනසට අපි මෙහෙම පෙනෙන කොට දැන් පෙනෙන දේ අද අපිට හිතන එක පෙනෙන එකට බැඳිලනෙ හිතෙන්නෙ එදාට පෙනෙන දේ වෙනමම සිද්ධියක්. ඒක වෙනමම කොටසක්. හිතන එක වෙනමම කොටසක් කියලා මේ මාර්ජින් එකක් හම්බවෙනවා මෙතන. බෙදිලා හම්බවෙනවා. මේක පෙනෙනවා. එදාට ඔයගොල්ලන්ට මේ එකක්වත් මනසින් හටගන්න කිසිම දෙයක් මේකට බඳින්නෙ නැතිව ඉන්න පුලුවනි. ඉබේමයි වෙන්නෙ. එදාට පෙනෙනවා ඔයගොල්ලන්ට පෙනෙන රූපය කියන්නෙ දිට්ඨෙ දිට්ඨ මන්තං වර්ණ සටහන් මාත්‍රයක් විතරයි කියලා. අන්න ඒ කෙනාටයි එබඳු දර්ශණයක් තියෙන තැනටයි යං කිඤ්චි ධම්මං සබ්බංතං නිරොධ ධම්මං කියලා කිව්වෙ.

ඒ කියන්නෙ දකින්න පෙර තිබ්බා නෙවෙයි. දකින්න පෙර තියෙනවා නෙවෙයි. අවස්ථාවට උපදවාගෙනයි පෙනෙන්නේ කියන දර්ශනය අයිති ඔන්න ඔය චිත්ත සමාධිය තියෙන මට්ටමටයි. ඒ තියෙන එකේ ඇත්ත අද අපිට එහෙම අයිති නැහැ ඔය කියන වචනයි, මේ අද අපි ඉන්න මට්ටමට ගැලපුවාමයි, ඕක ගැලපෙන්නෙ නැත්තෙ. අපිට හම්බවෙන්නෙ දකින්න ඉස්සරවෙලා තිබ්බා තියෙන එකම දකිනවා දැක්කයින් පස්සෙත් තියෙනවා කියන ටික තමයි අපිට අයිති. ඒකට තමයි ලෝකය කියන්නෙ. හැමදාම ඉතිරියි.

නමුත් ලෝකෝත්තරයි කියන්නෙ දකින්න ඉස්සරත් නැහැ. තියෙන එකක් දකින්නෙත් නැහැ.උපදවාගෙනයි දකින්නෙ. දැක්කයින් පස්සෙත් තියෙනවා නෙවෙයි. ඉතිරි නැහැ. ඒ දර්ශනය ඇති වෙන්නෙ මොකක්ද අන්න අර සමාධියට. ඒ ඇත්ත ඇති හැටියෙ දකිනකොට මේආශ්රවයන්ගෙන් කෙලෙසුන්ගෙන් මනස මිදෙනවා.

භාවනාව වඩන ආකාරය

එතකොට මට ඊගාවට කියන්න තියෙන කාරණාව තමයි ශීලයක පිහිටලා ඉන්ද්රිය සංවරය කරගෙන භෝජනයේ පමණ දැනගෙන නිදිදුරු කිරීමෙන් සිහියෙන් පිහිටලා කරන කරන වැඩේ සිහියෙන් කරනවා. ඒ වගේම එක තැනක ඉඳගෙන ඉන්නකොට සතිනිමිත්තේ තියාගෙන උපදින උපදින අරමුණු අනිත්‍ය වශයෙන් බලනවා. එහෙම නැත්නම් නාමරූප බලනවා. මෙහෙම කරනකොට මනසේ සතුට ඇතිවෙයි. ප්‍රීතිය ඇති වෙයි. සැහැල්ලුව ඇතිවෙයි. නමුත් ඒවා මේ කරපු එකේ ප්‍රතිඵලයක් මිස අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය නෙවෙයි. එහෙම කරනකොට නොයෙක් ආලෝක සංඥාවන් පහළවෙයි. ඒවා මේ කරපු එකේ ප්‍රතිඵලයක් මිස අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය නෙවෙයි. මෙහෙම කරනකොට කිසිම දෙයක් නැති අසීමිත සුඤ්ඤතාවයක් එන්න පුලුවනි. පැය ගනනක් ඉන්න පුලුවනි. උදේ ඉඳන් හවස් වෙනකන් ඉඳගෙන ඉන්න පුලුවන් විදියෙ සතුටක් එක්ක සුඤ්ඤතාවයක් එන්න පුලුවන්. එයද මේ අපි කරපු එකේ ප්‍රතිඵලයක් මිස අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය නෙවෙයි.

ඒ නිසා මෙතනදි මම මතක් කරන්නෙ එක තැනක ඉඳගෙන හිත වඩන්න වඩන්න ඔයගොල්ලන්ට නුවණ යන්න ඕනෙ නුවණ එන්න ඕනෙ මොකේටද? බාහිර ස්පර්ශ ආයතන හයයි පිරිසිඳ දකින්න ඕනෙ. ස්පර්ශ ආයතන හය උපද්දවන්න බැරිකමයි එන්න ඕනෙ. මේ ලෝකෙ යමක් ප්‍රියයි නම්, මධුරයි නම්, එහි තන්හාවයි හික්මිලා තියෙන්න ඕනෙ ඔයගොල්ලන්ට. අපි උදාහරණයක් හැටියට කිසිම අරමුණක් නැති දැඩි ශුන්‍යතාවයක උදේ ඉඳන් රෑ වෙනකන් හිටියා කියමුකො. ඊටපස්සෙ එතනින් නැගිටලා ආපහු ලෝකෙට යනකොට පෙනෙන දේ තුල ඇලෙනවා නම් ගැටෙනවා නම් ඇහෙන ශබ්දයෙන් හිත රිදෙනවා නම් අපිට වැඩක් වෙලා තියෙනවද? පලක් වෙලා තියෙනවද? අපිට මොකුත් කරගෙන තියෙනවද?

ජීවත්වන ලෝකය තුලම නොරිදී ඒ ලෝකය හා නොගැටී ඒ ලෝකය තුලම ඉන්න පුලුවන් වෙන්න ඕනෙ.ලෝකයා පරිහරණය කරන ලෝකයා පරිහරණය කරන ලෝකයෙම ඉන්නවා ලෝකෙන් මිදිලා. ඒ ස්පර්ශ ආයතනම පරිහරණය කරනවා ලෝකයාගේ මානසික මට්ටමෙන් මිදිලා. එයා කැලේ හිටියත් එකයි දාහක් මැද්දෙ හිටියත් එකයි තනියම. මේ දර්ශනය නැති කෙනෙක් මිනිසුන්ගෙ ඇඟේ වැදිල එන හුළඟවත් එන්නෙ නැති කැලේක හිටියත් එයා ඉන්නෙ දාහක් මැද්දෙ. මේ ශූන්‍යතා දර්ශනයෙන් යුක්ත කෙනා මිනිස්සු දාහක් මැද්දෙ හිටියත් ඉන්නෙ තනියම. මොකද එයාගෙ මනසට තියෙන්නෙ ශූන්යතාවයක්ම විතරක් නිසා.

ඉතින් මෙතනදි මට මතක් කරන්න ඕනෙ කම තියෙන්නෙ භාවනාව කියල අපි යමක් කරනකොට ඒ කිරීම නිසා මනසේ ඇතිවන ගති වලට රැවටෙන්න එපා. මනසේ නොයෙක් ගති ඇති වෙනවා. හිත උඩට වැඩ කරනවා වගේ තේරෙයි. එහෙම නැත්නම් හිත ඈතට යනවා යනවා වගේ තේරෙයි.ඒ නීවරණ චිත්තයවත් ගෙවිලා නැති ලක්ෂණ. නීවරණ චිත්තය ගෙවුනාම මනස වීදුරුවක් වගේ.මනස ප්‍රභාෂ්වරයි. ඔයගොල්ලො වතුරක් යටට ගිහිල්ලා ඇස් ඇරල බැලුවොත් කොහොමද? ඒ වගේ මේ අවකාශය ඔයගොල්ලන්ට ප්රකටයි. මේ අවකාශය මහා රළු වෙන දවසක් එනවා මේ හිතට සාපේක්ෂව. හිත හොඳට නීවරණ ධර්මයන්ගෙන් දුරු උනාම එතකොට අන්න ඒ වගේ මට්ටමකට ආවාමයි මේ ස්පර්ශ ආයතන හයට තමන්ගෙ මනස සම්බන්ධ නැහැයි කියන එක වෙන්කර ගන්න පුලුවන් තැන එන්නෙ.

දැනට මේ ස්පර්ශ ආයතන හයට අපේ මනස සම්බන්ධ වෙලයි තියෙන්නෙ. එතකන් අපි ලෝකෙ. ස්පර්ශ ආයතන හය ලෝකයි. ලෝකය ශුන්‍යතාවයකින් තියෙන්නෙ. ඒ ලෝක ශුන්‍යතාවය කියන එක අත්විඳපු කෙනාට තමයි ලෝක නිරෝධය ශාක්ෂාත් වෙන්නෙ. එහෙම නැතිව අපි ඒ ස්පර්ශ ආයතන හයට අපේ මනස බඳින තාක් බැඳලා කතා කරන තාක්, අලි ලෝකෙට අයිති කෙනෙක් වෙලා මිසක අපි ලෝකෙන් මිදිච්ච කෙනෙක් හෝ මිදෙන කෙනෙක් හෝ මිදෙන මඟකට යන්නෙ නැහැ. ඒ වගේ තැනකට යන්න නම් මනසෙ ඇතිවන ගති වලට නොරැවටී යන්න වග බලාගන්න ඕනෙ.

-තවත් කොටසක් ඊලඟ ලිපියෙන්-

වර්ෂ 2015 ජනවාරි මස 15 වැනිදා නාඋළ ලෙනදොර "ධම්මහදය" විවේකාශ්‍රම සෙනසුනේදී අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ගෞරවණීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන අතිශය වටිනා මෙම ධර්ම දේශණය මගේ ජංගම දුරකථනයෙන් එදින පටිගත කරගන්නට අවස්ථාව ලැබුනු අතර ඒ දේශණය එකදු අකුරක් හෝ එකදු වචනයක් හෝ සංස්කරණය නොකර උන්වහන්සේගේ වචන පිළිවලින්ම දහම් ලිපියක් ලෙස සකස් කරන්නට කල්පනා කලා. මේ එහි ප්රතිඵලයයි.

මෙය කියවන ඔබගේ අදහස් අප ඉතාම අගේ කොට සළකනවා. පහත comment section එක තුල අදහස දන්වා සිටින්න. Follow තීරයෙන් මෙම බ්ලොග් අඩවියට දායකත්වය දෙන්නටද අමතක කරන්න එපා.
jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.com0tag:blogger.com,1999:blog-960881688546260776.post-17330256644121652722022-12-21T17:22:00.003-08:002022-12-21T17:24:10.789-08:00විජ්ජාව සහ සත්‍යය 04 - ධර්මය සහ ජීවිතය - 24 කොටස

ඔයගොල්ලො පෙරලෙන දේ ඇතුලෙ පෙරලෙනවා. එතකොට ඔයගොල්ලො දුක් වෙන දේ ඇතුලෙ දුක් වෙනවා. එතකොට ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංසා සැපදුක් අට අනුව ඔයගොල්ලන්ට පෙරලෙන්නෙ නැතිව ඉන්න බැහැ.එතනදි දැන් මේ අහගත්ත සම්මාදිට්ඨිය තමයි මුල්වෙලා තියෙන්නෙ. "සම්මා දිට්ඨි පූරෙ ජවං" කියල කියන්නෙ සම්මාදිට්ඨිය පෙරටුව දුවනවා. ඊටපස්සෙ දැන් මේ සඳහා පින්වතුන්ට වෙනවා ප්‍රතිපදාවක් පුරන්න. ප්‍රතිපදාව තියෙනවා කොටස් දෙකකට. ලෝකොත්තර සහ පූර්වභාග (පසුගිය ලිපියෙන්)

ඒකෙදි ඒ දෙකටම ශීලය එකයි. මුලින්ම සිල්වත් වෙන්නට ඕනෙ. සිල්වත් වෙනවා කියනකොට ඒ ශීලය ටිකක් ගැඹුරුයි. පළලයි. ඒ කියන්නෙ මේ ශාසනයේ ඇත්තටම නිවන් දකින්න සමාධි කමටහනක් නැහැ. මේ ශාසනයේ ශීලය කියන්නෙ, ශීලයටමයි හිත සමාධි වෙන විදියට. ඒකට කියනවා " සමාධි සංවත්තනික ශීලය" කියලා. ශීලයටමයි හිත සමාධි වෙන්නෙ. ඒ ශීලය කියන්නෙ ධර්මතා හතරකින් පිරිච්ච එකක්.

1.ප්රාතිමෝක්ෂ සංවර ශීලය

2.ඉන්ද්රිය සංවර ශීලය

3.ආජීව පාරිශුද්ධ ශීලය

4.ප්‍රත්‍ය සන්නිශ්‍රිත ශීලය

ඒක වචන වලින් සීමා වෙන්න එපා. ජීවිතෙන් යොදාගන්න හැටි.

ප්රාතිමෝක්ෂ සංවර ශීලය

ප්රාතිමොක්ඛ කියන්නෙ මොක්ෂයට පමුණුවන, නිවනට පමුණුවන, ශීලය. ඒකට තමයි පන්සිල්, අටසිල්, දසසිල්, උපසම්පදා ශීලය කියලා කියන්නෙ.

ඉන්ද්රිය සංවර ශීලය

ඉන්ද්රිය සංවරය කියන්නෙ ඇහැ කණ නාසය දිව ශරීරය මනස දෙකට බෙදා ගන්නවා. යම් විදියකට මේ ආයතන පරිහරණය කරන කොට රාග ද්වේශ මෝහ ඇති වෙනවා නම් ඒ විදියට මේ ආයතන පරිහරනය කරන්නෙ නැහැ. යම් විදියකට මේ ආයතන පරිහරණය කරනකොට රාග ද්වේශ මෝහ අඩු වෙනවා නම්, ඒ විදියට ආයතන ටික පරිහරණය කරනවා කියලා දෙකට බෙදාගන්න එකට කියනවා ඉන්ද්රිය සංවරය කියලා.

ප්‍රත්‍ය සන්නිශ්‍රිත ශීලය

ඊටපස්සෙ භෝජනයේ පමණ දැනගන්න ඕනෙ. රසතෘෂ්නාව අඩුවෙන්න ඇත්තටම හොඳ කාරණාවක් තේරුම් ගන්න. කෑම කනකොට දිවට රසටික ස්පර්ශ වෙනවත් එක්කම රසය කියන එක අයින් වෙනවා. ආහාරයෙන් කරන්නෙ, රසය අතුරු කාරණාවක්, ආහාරයට චුට්ටක්වත් සම්බන්ධ නැහැ රසය. අපි කනබොන කෑම වලින් කෙරෙන කෘත්‍යයයි සහ රසයයි වෙනමම දෙකක්. ඒ රසය දිව ස්පර්ශ නිසා රසය ඇතිවෙලා ඒ වෙලාවෙම නැතිවෙනවා. ඒ කනබොන ආහාරයේ තිබෙන ඕජාවෙන් තමයි මේ රූපය යැපෙන්නෙ. රසයෙ කිසිම සම්බන්ධයක් නැහැ. ඒක තිත්ත වේවා, ඇඹුල් වේවා, එතකොට ඒ නිසා ආහාරයේ පමණ දැනගන්න. ඒකයි අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ පුත්‍රමාංශ සංඥාවෙන් කියලා.

පුත්‍රමාංශ සංඥාව

ඒ කියන්නෙ එක අම්මා තාත්තා දෙන්නෙකුට (බලන්න එතකොට කනබොන ආහාරය මොනතරම් ගිජුකම අඩුකරන්න තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේ ඒකෙන් පෙන්වනවා) එක යුවලකට ගමණක් යන්න වෙනවා කාන්තාරයකින්. දරුවත් අරගෙන යන්නෙ කාන්තාරය හරහා. යනකොට කාන්තාරයෙ ඉවර වෙන්න කලින්ම ආහාරපාන ඉවර වෙනවා. ඉවරවෙනකොට දැන් බඩගින්නෙ තුන්දෙනාම මැරෙන්න හදන්නෙ. ඒ පාර ඉතිං යෝජනාවක් කරනවා මේ පිරිමි කෙනා අපි තුන්දෙනාම මැරෙන්න යන්නෙ අපි මේ දරුවා මරාගෙන කාලා කොහොම හරි කාන්තාරෙන් එතෙරවෙමු අපිට පස්සෙ වෙන දරුවෙක් හදාගත්තෑකි. අම්මා කියනවා අනේ මට නම් ඒක කරන්න බෑ එහෙනම් ඔයා මරන්න. තාත්තා කියනවා මට ඒක කරන්න බෑ එහෙනම් ඔයා මරන්න.දරුවා තාත්තා ගාවට යනවා ආයෙ අම්මා ගාවට එනවා. ඔහොම කර කර එහාට මෙහාට යනකොටම දරුවා මැරිලා වැටෙනවා. ඊටපස්සෙ ඉතිං දරුවා මලානෙ. මොකද කරන්නෙ ඊටපස්සෙ දැන් මේ දරුවගෙ මස් කනවා. කකා එතෙර වෙනවා. ඉතින් අඬ අඬා කන්නෙ. තමන්ගෙ එකම දරුවා නිසාත් මස් අප්‍රියයි, ප්‍රියමනාප දරුවා නිසාත් මස් අප්පිරියයි, නොකන මසක් නිසාත්මස් අප්පිරියයි, ඊගාවට ලුනු ඇඹුල් මිරිස් නැති නිසාත් මස් අප්පිරියයි. කිසිම පිරියකින් තොරයි. නමුත් ජීවිතය යැප ගන්න කාන්තාරයෙන් එතෙරවීම සඳහාම විතරයි ගන්නෙ. මහණෙනි කබලිංකාහාරය මම එසේ උපමාවකට කියමි කියනවා. එතකොට ප්‍රයිඩ් රයිස් කියයි, කොත්තු කියයි, බුරියානි කියයි, අන්තිමට අපි ඔය රස තන්හාව මුල් කරගෙනයි ඔය විවිධත්වයකට ගිහින් තියෙන්නෙ. අන්තිමට ඇත්තටම නිවන් දකින් කෙනෙකුට අර්ථය ලැබෙන්න ඕනෙ මේ සංසාර කතරෙන් එතෙරවීම පිණිසයි මේ ආහාර ගන්න ඕනෙ කියලා. එච්චරට ආහාරයේ ගිජුකම අයින් කරන්න වෙනවා. එතකොට කියනවා ඒක ප්‍රත්‍ය සන්නිශ්‍රිත ශීලයි.

ජාගාරියානු යෝග

ඊටපස්සෙ නිදි දුරු කිරීමෙන් යුක්ත වෙනවා. හය හත වෙනකොටම නිදාගන්නෙ නැතිව රෑ දහය එකොළහ වෙනකම් වත් භාවනා කරන්න ඕනෙ.ආයෙ උදේ හත අට වෙනකන් නිදාගන්නෙ නැතිව අඩුමගානෙ අඩුමගානෙ පාන්දර තුනහතරටවත් නැගිටින්න ඕනෙ. නැගිටලා ටිකක් භාවනාවකට උත්සාහවත් වෙන්න වෙනවා. ඒකට කියනවා ජාගාරියානු යෝගය.

සති සම්පජනනය

ඊට පස්සෙ තියෙනවා සතිසම්පජනන, එළඹ සිටි සිහිය, එළඹ සිටි සිහි කියලා කියන්නෙ ආනාපාන සතිය වඩන්න අපි තොල්දෙක ගාව හෝ නාසය ගාව හිත තබාගන්නවනෙ. ඒ විදියට ආනාපාන සතිය අතහරිනවා.අතහැරලා සතිනිමිත්තෙම හිත තියාගෙන හැම වැඩක්ම කරන්න ඕනෙ. ඊගාවට මෙන්න මේ සතිසම්පජනනය කියන තැන හරි සුවිශේෂී තැනක්. ඔයගොල්ලො ගොඩාක් නොසැලකිලිමත් වෙන නමුත් සමාධියට ඉතාමත්ම ලඟම කෙටිම හිතකරම තැන. නමුත් නොසලකාම හරින තැන. ඒ කියන්නෙ සිහියෙන් වැඩ කටයුතු කරන්න කියනකොට සතිනිමිත්තෙ හැමවෙලාවෙම ඔයගොල්ලො වැඩ කරනකොට තමන්ගෙ වැඩ කරන ක්ෂේත්රය තුලම මනස තබාගන්න උත්සාහවත් වෙන්න. ඒකෙන් මතක් කලේ දැන්, උපමාවක් කිව්වොත් දැන් මම ඔයගොල්ලො එක්ක මේ මොනව හරි කථා කරමින් කියමින් මේ මෙතන තියෙන දුරකථනය ගත්තා. එහෙම නෙවෙයි. සතිසම්පජනනය කියන්නෙ කය වගේම මනසත් ඉරියව්වට හරවලා මේකෙන් කරනවා ලොකු දෙයක්. මනසට අතීත අනාගත දෙකට දුවන්න නොදී වර්තමානයක හිත තබාගන්න විශාල රුකුලක් දීලා තියෙනවා. කරන වැඩේ මේකෙදි, ගන්නවා ගන්නවා, යනවා යනවා හිතන්න ඕනෙ නෑ. සතිනිමිත්තෙ හිත තියාගන්නවා. ඕගොල්ලො අත දාපු බවත් දන්නවා.මේක ගත්ත බවත් දන්නවා. පිහිය ගත්ත බවත් දන්නවා. හැම වෙලාවෙම කරන කරන වැඩේට විතරක් මනස සීමා කරගෙන කරන්න. ඒ කියන්නෙ කරන වැඩේ තුල දැනුවත් බවකින් කරන්න. ඒ ගැන කරනවා කරනවා කියල හිතන්නවත් එපා.මේක උපායක්.

ඒ කියන්නෙ අතීත අනාගත දෙකට යන්න නොදී හිත වේගයෙන්ම සමාධි වෙනවා. ඉක්මනට නීවරණ දුරුවෙන ක්‍රමයක්. ඊගාව එක තමයි යමක් ගන්නකොට එකපාරටම ගන්න එපා. අත නිබර කරලා මටසිළුටුවට බොහොම සිනිඳුව මෘදුව කරන්න ඕනෙ. මෙහෙම හෙමින් ඒ දේ ගන්නෙ. තියන කොටත් එහෙමයි. හෙමින් තියන්න. මේ ඉරියව්වටම හිත සමාධි වෙන්නෙ. වතුරටික බොන්න කෝප්පයට ගන්නකොට, හෙමින් කෝප්පයට අත තියන්න. නිබර කරලා. වටපිට බලනකොට උනත් සිහි ඇතිව, සිහි ඇතිව කියන්නෙ බලමි බලමි කියල නෙවෙයි.බලනවා කියන කම දන්නවා.දැනගෙන තමයි බලන්නෙ. එක පාරටම බලන්නෙ නෑ. මේ බලන ක්‍රමයට හිත සමාධි වෙනවා. ආපහු බලනකොටත් බලනවා කියනකම දැනගෙනමයි කරන්නෙ. යනකොට යනවා කියල දන්නවා. යන බව දැනගෙනමයි කරන්නෙ. ඉඳගෙන ඉන්න බව දන්නවා. දැනගෙනමයි කරන්නෙ. මේ කාරණාවෙන් එදා එදා එවෙලාවට එවෙලාවට මනස පවත්වනවා.

පොල් ටික ගානකොට පොල්ටික ගානවා කියන කාරණාව තුල මනස තියාගන්න. පොල්ටික ගානකොට මනස ඇමරිකාවේ තියාගෙන හරියන්නෙ නැහැ. දැන් කරන්නෙ ඒකමනෙ. එතකොට ඒ විදියට කරනවා සතිනිමිත්ත අතහරින්නෙ නැහැ.

ඔන්න ඔය ටිකට එනකොට ආජීව පාරිශුද්ධ ශීලයි. ශීලය කියන එක ඔතනට එනකම්ම තියෙනවා කියන එක අමතක කරන්න එපා. ඔය තැන දක්වා තියෙනවා. ඔන්න ඔය ටික හදාගත්ත කෙනා සුදුසුයි භාවනා කරන්න. තවම මේ භාවනා කරන්න නෙවෙයි භාවනා කරන්න පසුබිම මම මේ කිව්වෙ. ඊටපස්සෙයි බුදුදහම පෙන්වන්නෙ හිස් ගෙයකට වේවා, කැලේකට වේවා, පිදුරු ගුහාවකට වේවා, ගල් ලෙනකට වේවා, ගිහින් භාවනා කරන්න කියලා. පන්සිල් හරි අටසිල් හරි දසසිල් හරි ශීලය කැඩෙන්නෙ නැතිව බලාගන්න. ඉන්ද්රිය සංවරය කරගන්න. නිදි දුරු කිරීමෙන් යුක්ත වෙන්න. සති සම්පජනනයේදී සති නිමිත්ත තුල සිත තබාගන්න. හැම වෙලාවෙම යද්දි එද්දි හරියට කූඩැල්ලෙක් එල්ලුනා වගේ අතහරින්න එපා සති නිමිත්ත.

අර ආනාපාන සතිය වඩන්නයි කියලා නාසිකාග්‍රයේ හෝ තොල් දෙකේ හිත තියාගන්නව වගේ හිත තියාගෙනම ඉන්නවා. යද්දිත් එද්දිත් එහෙමයි. හිත තියාගෙනම ඉන්නවා. ඒ විතරක් නෙවෙයි. කරන කරන වැඩෙත් එක්කයි මනස. මනස එක්කයි වැඩේ. ලියනකොට ලියනවා. හිත ඇතුලෙන් එක එක අදහස් ඇති උනාට කමක් නෑ. ලියන්න ඕනෙ කල්පනා කරලා. නමුත් ක්ෂණිකව ඊටපස්සෙ ඒ ෆයිල් එක තියලා පැත්තකින් ඊගාව ෆයිල් එක ගන්නකොට ක්ෂණිකව ඒකට නුවණ. බලන්න ජීවිතේ මොනතරම් හොඳකට කරන්න පුලුවන් වෙයිද කියලා. වඩාත් පිරිසිදුව කරන්න පුලුවන්. හොඳට කරන්න පුලුවන්. බැරි නෑ. අපි දැන් මේ කෙලෙස් සහගතව දුවන මනසකට හුරුවෙලා හින්දා. කරන කරන වැඩේ සිහියෙන් කරන්න කියල කිව්වෙ ඒකට අමුතුවෙන් අර්ථකථන දෙන්න ඕනෙ නැහැ. කමි කමි අනමි අනමි එහෙම එකක් නෙවෙයි මේ කියන්නෙ. මේකෙන් කරන උපාය තේරුම් ගන්න.

අතීත අනාගත ප්‍රපංච ධර්මයන්ට මනසින් ආවර්ජනය කර කර ඉන්න නොදෙන කමයි මේ කරලා තියෙන්නෙ. වර්තමානයට හිත තබා ගැනීමෙන් කරලා තියෙන්නෙ මනෝමයෙන් අතීත අනාගත දෙකට යන්න නොදෙන එක මේ කරල තියෙන්නෙ. ඒකයි මේකට හිත සමාධි වෙන්නෙ වේගයෙන්. සති නිමිත්තෙ හිත තියාගන්නවා. වර්තමානයක කරන වැඩේට සිහියයි. යම් භාන්ඩයක් ගන්නවා නම් ගත්ත බවත් දන්නවා. අරගෙන ඉවර වෙච්ච බවත් දන්නවා. තියලා ඉවර බවත් දන්නවා. ඊගාව වැඩේට තාම ගිහි ඇත්තො හැටියට කරන වැඩේ තුල එක එක කල්පනා නොකර ඉන්න බැහැ ඔයගොල්ලන්ට. කරන්න. නමුත් පුලුවන් හැකි වෙලාවකම වර්තමානය තුලම කරන කරන දේ තුල ඉන්න සතිනිමිත්තෙ. ඔන්න ඔය ටිකම ඇති හිත සමාධි වෙන්න මේ ශාසනේ.ඊට පස්සෙ ඉඩ ලැබෙන වෙලාවක එක තැනක ඉඳගෙන පර්ය්යංකය බැඳගෙන සති නිමිත්තේ හිත තියාගෙන ආනාපාන සතිය වඩන්න.

-තවත් කොටසක් ඊලඟ ලිපියෙන්-

වර්ෂ 2015 ජනවාරි මස 15 වැනිදා නාඋළ ලෙනදොර "ධම්මහදය" විවේකාශ්‍රම සෙනසුනේදී අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ගෞරවණීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන අතිශය වටිනා මෙම ධර්ම දේශණය මගේ ජංගම දුරකථනයෙන් එදින පටිගත කරගන්නට අවස්ථාව ලැබුනු අතර ඒ දේශණය එකදු අකුරක් හෝ එකදු වචනයක් හෝ සංස්කරණය නොකර උන්වහන්සේගේ වචන පිළිවලින්ම දහම් ලිපියක් ලෙස සකස් කරන්නට කල්පනා කලා. මේ එහි ප්රතිඵලයයි.

මෙය කියවන ඔබගේ අදහස් අප ඉතාම අගේ කොට සළකනවා. පහත comment section එක තුල අදහස දන්වා සිටින්න. Follow තීරයෙන් මෙම බ්ලොග් අඩවියට දායකත්වය දෙන්නටද අමතක කරන්න එපා.
jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.com0tag:blogger.com,1999:blog-960881688546260776.post-27465759577374214962022-12-17T15:45:00.007-08:002022-12-17T15:49:46.806-08:00විජ්ජාව සහ සත්‍යය 03 - ධර්මය සහ ජීවිතය - 23 කොටස

මේ ස්පර්ශ ආයතන හය ලෝකයේ ශුන්‍යතාවයක්. ඔයගොල්ලො ඒ ශුන්‍යතාවය උපදින තැන පිරිසිඳ නොදන්නා කම නිසා ඔයගොල්ලන්ගෙ මනස තුල යම් යම් කරුණු කාරණා ගොඩ නැගෙන කොට ඒ කරුණු කාරණා නැවත ස්පර්ශ ආයතන හයට බඳින තෙක් ඔයගොල්ලො ලෝකෙට බැඳිලා. (පසුගිය ලිපියෙන්...)

ඔයගොල්ලො පෙරලෙන දේ ඇතුලෙ පෙරලෙනවා. එතකොට ඔයගොල්ලො දුක් වෙන දේ ඇතුලෙ දුක් වෙනවා. එතකොට ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංසා සැපදුක් අට අනුව ඔයගොල්ලන්ට පෙරලෙන්නෙ නැතිව ඉන්න බැහැ. ඉතින් මේ සම්මා දිට්ඨි කියන එකෙන් පෙන්නුවෙ ඇහැට පෙනෙන දේට හිතන්න එපා කියන එක නෙවෙයි, හිතන එක වැරදියි කියන එක නෙවෙයි, පෙනෙන දෙයට හිතන්න අඹ ගහ කියලා. හැබැයි දැනගන්න ඇස් ඉදිරිපිටට ආවෙ චිත්රමාත්රයක් නැත්නම් කිසිම විස්තරයක් නැති දෙයක්. මේකට අඹ ගහ කියන එක අපි මනසින්මයි හිතුවෙ කියන එකත් දන්නවා එයා. මේකට ඒක අයිති නැහැ කියන එකත් දන්නවා. අඹ ගහ කියන අදහසින් මේක අතගාන්නෙ නෑ කවදාවත්. බලන්නෙ නෑ මේ දිහා.

මනසින් ගොඩ නගන දේ සහ සැබෑ සත්‍යය
නමුත් මේ ඇත්ත නොදන්නා ලෝකයා මනසින් ගොඩ නැගෙන දේ රූපායතනයට ගැට ගහලා රූප එක්ක බැඳිලා ඉන්නවා කියලත් එයා දන්නවා. සම්මා දිට්ඨිය කියල කියන්නෙ ඒක. කණ ඉදිරිපිටට එන්නෙ කිසිම භාෂාවක් නොදන්නා මට්ටමක ශබ්දයක්. එබඳු ශබ්දයක් ඇහෙනකොට අපේ මනස තුල විවිධ අදහස් භාවිතා කරපු අතීත සංඥා මතක් වෙනවා. මතක්වීම දෝෂයකුත් නැහැ. මතක්වීම ක්ලේශය නෙවෙයි. මතක් නූනොත් යමක් හඳුනගන්න බැහැනෙ. නමුත් මනසෙහි සිහිවෙන සිද්ධාන්තය සද්දෙට අයිතියි කියල බඳින ක්ලේශයයි දෝෂය. ඒක බඳින්න එපා. ඒකයි එතකොට කවදාවත් ඔයගොල්ලන්ට අනුන්ගෙන් බැනුම් අහන්න වෙන්නෙ නැහැ. ඇයි ඒ???

අපේ කණ ගාවට ඇවිල්ලා තියෙන්නෙ නිකම්ම ශබ්දයක්. ඔයගොල්ලන්ට එතකොට, ඔයගොල්ලන්ගෙ මනස දන්නවා හිත රිදෙන විදියට, බනිනවා කියන විදියට, කියන උත්තර ටික ඇවිල්ලා තියෙන්නෙ අපේ මනසින්මයි කියන එක. ඔයගොල්ලන්ට ප්‍රශංසාවක් වත් හම්බවෙන්නෙ නැහැ. කණ ඉදිරිපිටට ඇවිත් තියෙන්නෙ නිකම්ම ශබ්දයක්. මට හොඳ කිව්වා නේද, ගුණ කියනවා නේද, කියන උත්තර ටික අපේම මනසින් උපද්දලයි අපි අරගෙන තියෙන්නෙ කියන ටික ඔයගොල්ලො දන්නවා. ඔයගොල්ලන්ට ශබ්දය අරභයා ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා, සැපදුක්, කියලා ලෝක ධර්ම අටෙන් කම්පා වෙන්න හම්බ වෙන්නෙ නෑ. මොකද මනසින් උපදින ගති මේ කණට ඇහෙන ශබ්දයට බඳින තාක් ඔයගොල්ලන්ට කණට ඇහෙන ශබ්දයන් ගෙන් නොසෙල්වී ඉන්න බැහැ. ඔයගොල්ලන්ට අද දවසෙදි හම්බවෙන්නෙ අනුන්ගෙන් බැනුම් අහන්න පුලුවන්, අනුන්ගෙන් ප්‍රශංසා අහන්න පුලුවන් ඒ පුලුවන්කම තියෙන්නෙ අපේ අවිද්‍යාව නිසයි. ඇයි රහතන් වහන්සේ නමකට විතරක් මේ අටලෝ දහමෙන් කම්පා වෙන්නෙ නැහැ කියන්නෙ. රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්බ ධම්ම කියන මේවායින් හෙල්ලන්නවත් බෑකියන්නෙ ඇයි??

"තමන්ගෙ මනසේ තියෙන ධර්මතා ටික ඒකට ගැට ගහන්නෙ තරම් මෝඩ නැති නිසා"

ඉතින් ඒක අපට කරන්න පුලුවන්කම වෙන්නෙ අපේ මනසින් සිද්ධවෙන සිද්ධි ඒකට ගැටනොගහ ඉන්න පුලුවන්කම හම්බ වෙන්නෙ ඇස් ඉදිරිපිටට එන රූපයේ ඇත්ත දැකපු දවසටයි.එහෙනම් ඇස් ඉදිරිපිටට ඇවිල්ල තියෙන රූපයත් ඔච්චරයි. එතනින් මෙහා ටික අයිති අපේ මනසටයි. මනසේ ටික අපි ආපහු මෙහාට ගැටගහලයි අපිට ලෝකය හදාගෙන තියෙන්නෙ. කණ ගාවට එනකන් හම්බවෙලා තියෙන්නෙ කිසිම දෙයක් නොතේරෙන විදියෙ ශබ්ද මාත්‍රයක්. එතනින් මෙහා ටිකයි, මනොමයෙන් පුරවපු විස්තර ටික. ශබ්දයට ගැට ගහලයි අපිට බැනුම් අහන්න පුලුවන් ප්‍රසංශා අහන්න පුලුවන් ලෝකයක් හදාගෙන තියෙන්නෙ කියන එක අපට හම්බ වෙනවා.

සම්මාදිට්ඨිය

එතකොට සම්මා දිට්ඨි කිව්වොත්, ඔයගොල්ලන්ට ඇත්තටම හම්බ වෙන්න ඕනෙ වෙන මොකවත් නෙවෙයි, මේ ස්පර්ශ ආයතන හයේ යථාභූත ස්වභාවයේ තමයි ඇත්තම ඇත්ත තමයි හැමදාම පැවතුන ඇත්ත තමයි ඕක. ඒ හින්ද නේද එකම ශබ්දයක් ඇහුනොත් කෙනෙකුට ඒ ශබ්දය කුණුහරුපයක් වෙන්න පුලුවනි. කෙනෙකුට ඒශබ්දය විහිළුවක් වෙන්න පුලුවනි. කෙනෙකුට සතුටක් උපදවන එකක් වෙන්න පුලුවනි. කෙනෙකුට දුකක් උපදවන එකක් වෙන්න පුලුවන් ඒ එකම ශබ්දය. පහුගිය කාලෙ ඡන්දෙ තිබුනා. බලන්න සමහරවිට අහවල් කෙනා දිනුවා කිව්වාම දිනුවා කියන ශබ්දය විතරයි. කෙනෙකුගේ මනසට ඒ ශබ්දයම දුකක් ඇති කරන්න පුලුවනි. කෙනෙකුගෙ මනසෙ ඒ ශබ්දයම සතුටක් ඇති කරන්න පුලුවනි. එතකොට ශබ්දය මතද දුක හෝ සැප තිබිල තියෙන්නෙ? ශබ්දයත් එක්කම මනොමයෙන් උපදවා ගන්නා එක නේද? නමුත් එයාට මනසින් උපන් දුකක් නෙවෙයි තිබිල තියෙන්නෙ. මේ ශබ්දයයි එයාට දුක. ඒ හින්දනෙ ඒ වචනෙ කිව්ව කෙනාට ගහන්න යන්නෙ. ලෝකෙ කළහ කෝළාහළ තියෙන්නෙ ඔය නිසයි.

මෙතනදි මට මතක් කරන්න ඕනෙ දුකට හේතුව තන්හාවයි. තන්හාව තියෙන්නෙත් රූප තන්හා, ශබ්ද තන්හා, ගන්ධ තන්හා, රස තන්හා, පොට්ඨබ්බ තන්හා, කියන ටිකේ තන්හාව නැති උනොත් දුක නැති වෙනවා. හොඳට පිරිසිඳ සම්මා දිට්ඨියේ, ඒ හින්ද තන්හා වෙන රූපය පිරිසිඳ දකින්න. ගන්ධය පිරිසිඳ දකින්න.

"සීති භූතොස්මි නිබ්බුතො"

"මම නිවුනේ වෙමි..සිසිල් වූවෙමි" කියන තැනකට ඔයගොල්ලන්ට එන්න පුලුවන්. ඕකට හොඳ අවවාදයක් දෙනවා කදිම නිදසුනක් දෙනවා සැරියුත් මහරහතන් වහන්සේ අනාථ පිණ්ඩික සිටුතුමාගෙ මරණාසන්න මොහොතෙදි. අනාථ පිණ්ඩිකොවාද සූත්‍රය බලන්න. අනිථ පිණ්ඩික සිටුතුමා මරණාසන්න මොහොතෙදි සැරියුත් මහරහතන් වහන්සේට පණිවිඩයක් යවනවා ස්වාමිණී අනුකම්පාවෙන් පුලුවන් නම් මගේ නිවසට වඩින්න කියලා. මොකද සැරියුත් මහරහරතන් වහන්සේට හරි ආදරෙයි කියනවා අනේපිඬු සිටුතුමා. ඒ පාර ආනන්ද හාමුදුරුවොත් එක්ක ගෙදරට .ආවා ඇවිල්ල සුවදුක් කථා කලා. අනේපිඬු සිටුතුමා කියනවා "ස්වාමීණී ඉවසිය නොහැකියි යැපිය නොහැකියි මේ දුක් වේදනාව අධිකයි තියුණුයි" කියල ඔය නොයෙක් උපමා කියනවා. ඊටපස්සෙ සැරියුත් රහතන් වහන්සේ දේශනා කරනවා

"ගැහැවිය..ගෘහපතිය..ඔබට ඔබගේ සිතට ඔබගේ විඤ්ඤාණයට ඇහැ ඇසුරු වෙන්න දෙන්න එපා.ඇහැ උපාදාන වෙන්න දෙන්න එපා. ඊගාවට රූපය ඇසුරු වෙන්න දෙන්න එපා. චක්ඛු සම්ඵස්සය..."

ඒ ටික පෙන්වලා "කණ,ශබ්දය, සෝත විඤ්ඤාණය ඕවා ඇසුරු වෙන්න දෙන්න එපා.උපාදාන වෙන්න දෙන්න එපා. ඔබගේ සිතට නාසය ගන්ධය,ඒ වගේම දිව රසය, කය පොට්ඨබ්බය, මනස ධම්මාරම්මණය" කියලා ස්පර්ශ ආයතන හය පෙන්නුවා. මේ ස්පර්ශ ආයතන ආයතන හයට තමන්ගේ මනස ඇසුරු වෙන්න දෙන්න එපා උපාදාන වෙන්න දෙන්න එපා කියනවා. එතකොට අනේපිඬු සිටුතුමා අඩනකොට ආනන්ද හාමුදුරුවො අහනවා

" ඇයි ගැහැවිය ඔබේ සිත මේ සම්පත් වලට ඇලිලද ඉන්නෙ? මේවා දාලා යන්න දුකයිද" කියලා.

"ස්වාමීණී..මං මේවායේ මගේ හිත ඇලිල නැහැ. මේවා දාලා යන්න මට දුක නැහැ. නමුත් මේවගේ දහමක් ඇසූ විරූ බවක් මට මතක නෑ. ස්වාමිනී මේ වගේ දහමක් අහන්න නොලැබිච්ච එකයි මට දුක" කියනවා. එතකොට කියනවා

"ගැහැවිය (ගෘහපතිය)...මේ ශූන්‍යතා දර්ශනයක්. මේක සුදුවත් අඳින ගිහියන්ට ලෙහෙසි නැහැ ඒකයි කියන්නෙ නැත්තෙ" කියනවා.

"ස්වාමීණී එහෙම කරන්න එපා..සුදුවත් අඳින ගිහි අය අතරත් මේවා තේරුම් ගන්න පුලුවන් අය ඉන්නවා. අනුකම්පාවෙන් ලෝකෙට මේක දේශනා කරන්න" කිව්වා.

ඒ කිව්වෙ ඔය කාරණාව. ඒ කිව්වෙ කිසිම භාෂාවක් නොතේරෙන මට්ටමේ ශබ්දයක් කණ ඉදිරිපිටට ආවෙ. ඔයගොල්ලන්ගෙ හිතේ ඇතිවන කිසිදු ගතියක් ඔයගොල්ලො ඒ ශබ්දයට බැන්දෙ නැත්නම් ඒ කියන්නෙ මේ ඇහෙන වචනත් ඔයගොල්ලන්ට තේරෙන කොට, ඔයගොල්ලන්ට තේරුම් අරගන්න පුලුවන් වෙන්න ඕනෙ, තේරුනේ, හාමුදුරුවන්ගෙ වචන ආවා නෙවෙයි ශබ්දය කණ ගාවට එනකොටම ඒ ඒ අදහස් පෙලක් වචන ටිකක් මගේ මනසේ ගොඩ නගාගන්න පුලුවන් වෙලා තිබිලා තියෙනවා නේද කියන ටික ඔයගොල්ලන්ට දැකගන්න පුලුවන් වෙන්න ඕනෙ. ඒක ඉතාම තීක්ෂණයි. අර නොදන්නා භාෂාවකින් කිව්වම නම් ඔන්න ඕගොල්ලන්ට තේරෙනවා දැන් අපේ හිතේ මොකුත් නැහැ ශුන්යතාවයක්නෙ. මේ කථාකරන ශබ්දය ඇහෙද්දිත් ඔයගොල්ලන්ට ඒ දර්ශනය තබාගන්න පුලුවන් නම්, දැන් මම කථාකරන ටික ඔයගොල්ලන්ට තේරෙනකොට ඔයගොල්ලන්ට තේරෙන්න ඕනෙ මගෙන් ඔයගොල්ලන්ගෙ කණ ගාවට එනකන් ඇවිත් තියෙන්නෙ හිස් වචන ටිකක් විතරයි. ඔයගොල්ලන්ගෙ මනසින් තමයි ඊට අදාල කරුණු කාරනා සිහි කරලා තේරුම් අරගෙන තියෙන්නෙ.

එතකොට ඔයගොල්ලන්ගෙ හිත කණටත් සෝතවිඤ්ඤාණයටත් බැඳිලා නැහැ. ඔය වගේ ස්පර්ශ ආයතන හයටම බැඳෙන්නෙ නැති විදියට මනස තබා ගන්නවා නම් තබාගත්තොත් තබා ගන්න පුලුවන් නම් ඒවාට කියනවා අනුපාදා පරිනිර්වාණය කියලා. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදෙනවා. ඇහැ රූපය චක්ඛුවිඤ්ඤාණය, උපාදාන වශයෙන් නොගෙන මිදීම, කණ ශබ්දය සෝතවිඤ්ඤාණය, උපාදාන වශයෙන් නොගෙන මිදීම මම මේ කතා කරන වචනයක් ගානෙ විශාල ගැඹුරක් තියෙනවා කියල තේරුම් ගන්න. මොකද බුදුදහමේ යථාර්ථය සරළ නැහැ.සරළ කරල කිව්ව හැකියි. මෝඩ අපේ මනසට තේරෙන මට්ටමට කියන කොට ඒකත් මෝඩ දහමක් වෙනවා එතකොට ඇයි? අපි මෝඩයි නම් අපට තේරෙන මට්ටමට කියනකොට ඒකත් මෝඩ නැද්ද එතකොට. ඉබේම මෝඩයි වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේටත් තේරුණා නම් මම අවබෝධ කරගත් දහම ලේසි නැහැ මේක ගැඹුරයි කියලා ඇත්තටම ගැඹුරුයි. දහම ගැඹුරු නෙවෙයි අපේ මනස නොගැඹුරුයි. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නෙ. නීවරණ වැඩියි.

ඉතින් මෙතනදි මට මතක් කරන්න ඕනෙ කම තියෙන්නෙ ඇත්තටම දුක නැති කරන්න තියෙන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නුවෙ. ඔයගොල්ලො ගෙවල් දොරවල් මිල මුදල් හම්බ කරන්න. ඒ දුක නැතුව ඉන්නයි කියන දර්ශනයෙන් අයින්වෙලා ජීවිතය ජීවත් කරවන්න ඒවා හොයන්න. හැබැයි වෙනම අදහසක් තබාගන්න ඕවා කරල දුක නැතිව ඉන්න බෑ. දුක නැතිව ඉන්නවා නම් තන්හාව නැති කරන්න වෙනවා. තන්හාව නැති කරන්න නම් සම්මා දිට්ඨි.

මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටියෙ දැක්ක යුතුය කියන දර්ශනයට එන්න. ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටියෙ දැක්ක යුතුය කියලා මම ඔය කෙටියෙන් ඇත්ත දැකිය යුතු මට්ටම පෙන්නුවා. තවද, ඕක ඉතාමත්ම ගැඹුරු වෙනවා ඕක තව තනි තනි ආයතනයක්, උනාට පස්සෙ. ඒ කියන්නෙ කිසිම දෙයක් නොදන්න නොතේරෙන මට්ටම විතරක් නෙවෙයි තව ඒකෙදි ඒවා එක්ක ගනුදෙනු කරන්න පුලුවන් කමකුත් නැහැ. ඇහැට පෙනෙන දේ පෙනීමක් විතරයි. කණට ඇහෙන දේ ඇසීමට විතරයි. නාසයට දැනෙන දේ නාසයට දැනීම විතරයි. ඒ එක්ක අනිත් ආයතන එක්ක ගනුදෙනු කරන්න බැහැ. ඔන්න ඔය මට්ටමට තමයි සම්මා දිට්ඨිය කියන්නෙ. නිවැරදි දැකීම කියන්නෙ.

ඒ සම්මා දිට්ඨිය මේ ලෝකයාට සාධාරණ නැහැ. ඔය දර්ශනය ලෝකෙන් එතෙරයි. ඔය දර්ශනය ගත්තොත්, ඔය දර්ශනයට පැමිනුනොත්, ලෝකෙන් මිදෙනවා. ඒ හින්දා ඕකට කියනවා ලෝකොත්තරයි කියලා. කාම ලෝකයේ කෙනෙකුට අයිති දර්ශනයක් නෙවෙයි මම ඔය කිව්වෙ. ඔය නාම ධර්ම ඕනෙ නැහැ.නාමධර්ම ටික පැත්තකින් තබන්න. රූපය විතරක් පිරිසිඳ දැක්කාම අනාගාමී වෙන්න පුලුවන් කියල කියන්නෙ ඒ නිසයි.

එතකොට ස්පර්ශ ආයතන හයේ ඇත්ත දකින්න. ඇත්ත දැක්කාම තේරෙයි මනසින් අපි එක එක අදහස් කෝණ හදාගෙන පටපණුවො වගේ ඒවා බාහිර ආයතනයන්ට ආපහු ආදේශ කරලයි අපිට මෙහෙ රන් රිදී මුතු මැණික් ගෙවල් දොරවල් දූදරුවො හම්බවෙන්නෙ පරිහරණය කරන්න වෙන්නෙ. මං ඔය පටිච්ච සමුප්පාදයේ කියන්නෙ Incomming (ඉන්කමිං), Out going (අවුට් ගොයිං) කියල එකක්. Incomming (ඉන්කමිං) කියන එක තමයි අර කිසිම භාෂාවක් නොදන්න ශබ්දය වගේ මට්ට්ම.කිසිම දෙයක් නොපෙනෙන රූපය වගේ මට්ටම.ඊටපස්සෙ ඒවාට එක එක කෝණ හදාගෙන මනසින් ඒ ශබ්දය දිහාම ආපහු බලන එකට තමයි මම Out going (අවුට් ගොයිං) කියන්නෙ. ඒකෙ අපිට බැනපු ශබ්ද, හොඳ කිව්ව ශබ්ද, හම්බවෙන්නෙ. ඒ බලන එකේ තමයි දරුවො දිහා බලන්න පුලුවන්. ගස් දිහා බලන්න පුලුවන්. වාහන දිහා බලන්න පුලුවන්කම තියෙන්නෙ. ආපහු යන එකේ.

දැන් බලන්න මොනතරම් වැරැද්දක්ද කියලා එතකොටම අපිට දැන් අද හම්බවෙන මට්ටමේ ගස් හම්බවෙනවා, වාහන හම්බවෙනවා, කියන තැනකින්නෙ අපි ඉන්නෙ. හම්බවෙනකොටම කෙලින්ම බණිනවා මට ප්‍රශංසා කලා වගේ තැනකින්නෙ ඉන්නෙ. බලන්න මෙතන පොඩි වැරැද්දක් තියෙනවා නේද කියලා.ඇහැ කණ දිව නාසය කියන තැන්වලට ඉස්සෙල්ලාම ආවෙ කිසිම හැඟීමක් නැති ශුන්‍යතාවයකින් යුක්ත අරමුණු ටිකක්. ඒවා අරභයා මනෝමයෙන් අපි යම් යම් දේවල් හදාගත්තා. කාරණා දෙකයි. ඊටපස්සෙ ඒ මනෝමයෙන් හදාගත්ත දේ තුලින් අපි බාහිර ආයතන ටික ආයෙත් පරිහරණය කලා. දැන් ආශ්‍රව කියන්නෙ, එහෙම ඕනෙ නෑ ඇහෙන් බලනකොටම කෙලින්ම අර කාරණා දෙකම එකට එකතු වෙලා එන්නෙ මනසට. ඔන්න එතකොට සම්මා දිට්ඨිය කියල කිව්වෙ මේ ස්පර්ශ ආයතන හය පිරිසිඳ දකින තැනටයි කියල දැනට අනුමානෙට දරන්න.

දැන් ඔතනදි පෙන්නුවා, දුක පෙන්නුවා, දුක ඇතිවීම පෙන්නුවා දුක නැතිවීම පෙන්නුවා, තන්හාව නැති උනොත් දුක නැතිවීමේ මාර්ගය පෙන්නුවා. සම්මා දිට්ඨිය. දැන් ඔය සම්මා දිට්ඨිය ඔයගොල්ලන්ට ඔය චතුරාර්යය සත්‍යය, කල්‍යාණ මිත්‍ර ඇසුර, පරතෝඝෝෂයෙන් ලැබුන කාරණා දෙක. දැන් ඔය චතුරාර්යය සත්‍යය අවබෝධ කරගන්න ඔයගොල්ලො තුල ඔයගොල්ලන්ට තියෙනවා ප්‍රතිපදාවක්. ඒ කියන්නෙ මේ පෙන්නපු සම්මා දිට්ඨිය තමන්ගෙ මනසේ ඇති කරගත්තාම සමුදය දුරු වෙලා දුක්ඛ නිරොධය තමන් තුල ශාක්ෂාත් වෙන විදියෙ වැඩ පිළිවෙළක් කරන්නට ඕනෙ.දැන් මේ අහගත්ත සම්මාදිට්ඨිය අහගත්ත එක දකින තැනට තමන්ට ගියාම තමන්ගෙ දැක්මක් බවට පත් උනාම තමන් තුල තියෙන තන්හාව නැතිවෙලා දුක කියන එක තමන්ගෙන් අයින් වෙනවා. දුක කියන එකෙන් මිදෙනවා. ඒ සඳහා වැඩ පිළිවෙළක් තමන්ට තියෙන්න ඕනෙ.ඒකට තමයි දැන් මේ ආර්යය අෂ්ඨාංගික මාර්ගය කියල කිව්වෙ.

එතනදි දැන් මේ අහගත්ත සම්මාදිට්ඨිය තමයි මුල්වෙලා තියෙන්නෙ. "සම්මා දිට්ඨි පූරෙ ජවං" කියල කියන්නෙ සම්මාදිට්ඨිය පෙරටුව දුවනවා. ඊටපස්සෙ දැන් මේ සඳහා පින්වතුන්ට වෙනවා ප්‍රතිපදාවක් පුරන්න. ප්‍රතිපදාව තියෙනවා කොටස් දෙකකට.

1.ලෝකොත්තර

2.පූර්වභාග

ඒකෙදි ඒ දෙකටම ශීලය එකයි. මුලින්ම සිල්වත් වෙන්නට ඕනෙ. සිල්වත් වෙනවා කියනකොට ඒ ශීලය ටිකක් ගැඹුරුයි. පළලයි. ඒ කියන්නෙ මේ ශාසනයේ ඇත්තටම නිවන් දකින්න සමාධි කමටහනක් නැහැ. මේ ශාසනයේ ශීලය කියන්නෙ, ශීලයටමයි හිත සමාධි වෙන විදියට. ඒකට කියනවා " සමාධි සංවත්තනික ශීලය" කියලා. ශීලයටමයි හිත සමාධි වෙන්නෙ. ඒ ශීලය කියන්නෙ ධර්මතා හතරකින් පිරිච්ච එකක්.

1.ප්රාතිමෝක්ෂ සංවර ශීලය

2.ඉන්ද්රිය සංවර ශීලය

3.ආජීව පාරිශුද්ධ ශීලය

4.ප්‍රත්‍ය සන්නිශ්‍රිත ශීලය

ඒක වචන වලින් සීමා වෙන්න එපා. ජීවිතෙන් යොදාගන්න හැටි.

- තවත් කොටසක් ඊලඟ ලිපියෙන්-

වර්ෂ 2015 ජනවාරි මස 15 වැනිදා නාඋළ ලෙනදොර "ධම්මහදය" විවේකාශ්‍රම සෙනසුනේදී අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ගෞරවණීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන අතිශය වටිනා මෙම ධර්ම දේශණය මගේ ජංගම දුරකථනයෙන් එදින පටිගත කරගන්නට අවස්ථාව ලැබුනු අතර ඒ දේශණය එකදු අකුරක් හෝ එකදු වචනයක් හෝ සංස්කරණය නොකර උන්වහන්සේගේ වචන පිළිවලින්ම දහම් ලිපියක් ලෙස සකස් කරන්නට කල්පනා කලා. මේ එහි ප්රතිඵලයයි.

මෙය කියවන ඔබගේ අදහස් අප ඉතාම අගේ කොට සළකනවා. පහත comment section එක තුල අදහස දන්වා සිටින්න. Follow තීරයෙන් මෙම බ්ලොග් අඩවියට දායකත්වය දෙන්නටද අමතක කරන්න එපා.

jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.com0tag:blogger.com,1999:blog-960881688546260776.post-67055175583437757252022-12-11T10:31:00.002-08:002022-12-11T10:32:29.450-08:00විජ්ජාව සහ සත්‍යය 02 - ධර්මය සහ ජීවිතය - 22 කොටස

කාරණා හැටක් (60) තියෙනවා දුක අපට ඇති කරන. දුක ඇතිවන හේතුව හදන කාරණා හැටක් තියෙනවා. අපි ගාව දුක ඇතිකරන හේතුව කිව්වෙ මොකක්ද? තන්හාව. ඒ තන්හාව උපදින හා පවතින කාරණා හැටක් තියෙනවා අපි ගාව හයේ හයේ ගොඩවල් දහයක් තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නෙ.

- පසුගිය ලිපියෙන්-

1.බාහිර ආයතන - 06

2.අධ්‍යාත්මික ආයතන - 06

3.විඤ්ඤාණ - 06

4.ස්පර්ශ - 06

5.වේදනා - 06

6.සංඥා - 06

7.චේතනා - 06

8.තන්හා - 06

9.විතක්ක - 06

10. විචාර - 06

= 60 යි.

ඔය දහයම බෙදලා ගත්තාම එක ගොඩකින් එක එක උදුරලා ගත්තොත් අධ්‍යාත්මික ආයතන හයෙන් ඇස ගත්තොත්, බාහිර ආයතනය රූප, අධ්‍යාත්මික ආයතනය ඇස, චුක්ඛු විඤ්ඤාණය, චක්ඛු සම්ඵස්සය, චක්ඛු සම්ඵස්සජා වේදනාව, රූප සංඥාව, රූප චේතනාව, රූප තන්හාව, රූප විතක්කය, රූප විචාරය.

ඒ වගේ ආයතන හය හරහාම එක ආයතනයක් හරහා මෙහෙම රූපයක් බලලා යමක් ඒකට විතර්ක කරනකොටම, කාරණා දහයක් යෙදිලා තියෙනවා. ඒ කාරණා දහය තුලම තියෙනවා තන්හාව. ඒකෙන් මම මතක් කෙරුවෙ ඕගොල්ලන්ට කාරණා දහයක් යෙදිලා හම්බ වෙන්නෙ නැහැ. ඕගොල්ලන්ට හම්බවෙන්නෙ ඇහැට පෙනෙන රූපය විතරයි. ඔය ඇහෙන් රූපයක් දකිනකොට ධර්මතා දහයක් තියෙනවා. ඔය දහයෙම තන්හාව යෙදිලා තියෙනවා. ඇහැට පෙනෙන රූපයට විතරයි ඔයගොල්ලො තන්හා කරන්න ඕනෙ කාරණා දහයටම තන්හා කරලා තියෙනවා. කණට ඔයගොල්ලන්ට ඇහෙන ශබ්දය විතරයි, කාරණා දහයම වැයවෙලා ශබ්දෙ විතරයි ශබ්දෙට විතරයි තන්හා කරන්න ඕනෙ කාරණා දහයටම තන්හාව යෙදිලයි තියෙන්නෙ. ඔන්න ඔය වගේ ආයතන හයම දකින්න. යම් වෙලාවක ඇහැට පෙනෙන රූපයේ ඔයගොල්ලන්ට තන්හාව නැති උනොත් කාරණා දහයෙම තන්හාව නැති වෙනවා.

මේ වගේ ලෝකෙ ප්‍රියයි නම්, මධුරයි නම්, තන්හාව ඇති වෙන්නෙ එහියි. යමක් ලෝකෙ මධරයි ප්‍රියයි නම් තන්හාව නැති වෙන්නත් ඕනෙ එහියි. එතකොට සම්මා දිට්ටි කියල කියන්නෙ දැනට කෙටියෙන් ගන්න ඇහැට පෙනෙන රූපය කියන එක පිරිසිඳ දකින්න. සම්මා දිට්ටිය කිව්වාම පිරිසිඳ දැකීම. මෙතනදි තව කාරණාවක් තේරුම් ගන්න අපි මේ හදන්නෙ සත්‍යය අවබෝධයක් කරන්න. සත්‍ය අවබෝධයක් කරන්නෙ කියන්නෙ ඇත්ත ඇති හැටියෙ අවබෝධ කරන්න. බුදුරජාණන් වහන්සේගේවත් අදහස නෙවෙයි. මේ ලෝකෙ හැමදාම කෙනෙක් ඇහැකින් රූපයක් බලනවා නම්ඒ රූපයේ ඒ ඇහෙන් බලනවා කියන ඇත්ත, ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගන්න. සම්මා දිට්ටි කිව්වෙ ඒකටයි.

කණට ඇහෙන ශබ්දයේ ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගන්න.

නාසයට දැනෙන ගන්ධයේ ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගන්න.

දිවට දැනෙන රසයේ ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගන්න.

කයට දැනෙන පොට්ඨබ්බයේ ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගන්න.

හිතට දැනෙන සිතිවිලි වල ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගන්න.

ඔය බාහිර ස්පර්ශ ආයතන හය ගැන විතරක් වග බලාගන්න. එතකොට මෙන්න මේ ඇත්ත දැකපු දවසට ඇහැට පෙනෙන රූපයේ ඇත්ත දැක්කම ඒ සම්මා දිට්ටියේ වැඩක් තමයි ඕගොල්ලො ගාව තියෙන තන්හාව අයින් කරන එක. ඕගොල්ලො තන්හාව අයින්කරන්න මහන්සි වෙන්න එපා. ඒක ධර්මයට භාර දෙන්න. සම්මා දිට්ඨියට බාර දෙන්න. එයාගෙ වැඩක් ඒක. සම්මා දිට්ටිය, නැත්නම් ඇත්ත දකින කොට තන්හාව නැති වෙයි. තන්හාව නැති වෙන කොට දුක නැතිවෙයි. එතකොට දුක නැතිවෙන්න නම් තන්හාව නැති වෙන්න ඕනෙ, තන්හාව නැති වෙන්න නම් ඇත්ත ඇති හැටියෙන් දකින්න ඕනෙ. මොකක්ද??

ඇහැට හම්බවෙන රූපයේ

කණට හම්බවෙන ශබ්දයේ

නාසයට හම්බවෙන ගන්ධයේ

දිවට හම්බවෙන රසයේ

කයට හම්බවෙන ස්පර්ශයේ

මනසට හම්බවෙන ධර්මාරම්මණ වල ඇත්ත ඇති හැටියෙන් දැනගන්න ඕනෙ. ඔන්න ඔය ඇත්ත ඇති හැටියෙන් දැනගන්නවා කියන කාරණයයි සුලභ නැත්තෙ. ඕකයි හැමදාම හම්බවෙන්නෙ නැත්තෙ. ඔය ඇත්ත තේරුම් ගන්නයි බුද්ධොත්පාද කාලයක් ඕනෙ වෙන්නෙ. මොකද බුදුරජාණන් වහන්සේ නමකට නැතුව ඔය ස්පර්ශ ආයතන හයේ ඇත්ත යම්කිසි කෙනෙක් දැනගත්තොත් එයාට කියනවා "පච්චේක බුද්ධ" කියලා. තනියම කෙනෙක් දැක්කොත් එයාට කියනවා පසේ බුදුරජාණන් වහන්සේ නමක් කියලා. එයිට මෙහා කිසිදු කෙනෙක් හීනෙකින්වත් දකින්නෙ නැහැ දැකලා නැහැ ඒ ඇත්ත දන්නෙ නැහැ. නමුත් ඇස් තියෙන කෙනෙකුට ඇස් ඇරල බලනව වගේ, නුවණක් තියෙන කෙනෙකුට බලාගන්න බැරි දෙයක් එහෙම නෙවෙයි. අදහගන්න බැරි දෙයක් එහෙම නෙවෙයි. මේක සත්‍යයක්. එක කාරණාවක් තේරුම් ගන්න.

"විජ්ජාව සහ සත්‍යය"

බැරිවෙලා බණ කියකියා මොනව හරි දෙයක් කියකියා ඉන්න ගමන් අඩි හතරක් පහක් අහසේ උසට පර්ය්යංකය බැඳගෙන කවුරුහරි හිටියොත් ඉඳගත්තොත් ඔයගොල්ලො ඔක්කොමලා සාධුකාර දෙයි. දීලා ඔය පින් කරනවා කියන ඒවා බොරු ඕවා නෙවෙයි බුදුදහම මෙන්න මේකයි කියලා මොනව හරි බොරුවක් කිව්වොත් ඔයගොල්ලො ටක් ගාලා පිලිගනියි. ඇයි ඒ?? ඔයගොල්ලන්ට හිතාගන්න නුවණක් නැහැ සමහර විටක මේක විජ්ජාවක් මිසක සත්‍යයක් නෙවෙයි කියලා.

අපිට අවශ්‍ය වෙන්නෙ විජ්ජාවක් නෙවෙයි සත්‍යයක්. මොකද මම එහෙම ආසනෙන් උඩට නැගලා පර්ය්යංකය බැඳගෙන හිටියා කියන්නකො. හිටියා කියලා ඔයගොල්ලන්ගෙ ජීවිත වලට මොකද උනේ? ඔයගොල්ලන්ගෙ ජීවිත වල දුක ගෙවුනද? ඔයගොල්ලො තව චිත්‍රපටයක් බැලුවා වගේ එක දර්ශනයක් බැලුවා එච්චරයි. නමුත් එහෙම නෙවෙයි. සත්‍යය කියන එක තේරුම් ගන්න. සත්‍යය කියන්නෙ මේ ලෝකෙ තථාගතයන් වහන්සේ පහළ උනත් නැතත් හැමදාම තිබුනු හැමදාම පවතින ඇත්ත. ඒ ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයට හෙළි කලේ. ඒ ඇත්ත ඇති හැටියට දැක්කොත් දුක් උපදවන දුක දෙන මේ තන්හාවට ඉඩ නැති වෙනවා.

ඒකෙන් මම ටිකක් මතක් කරන්නම් මේ පිරිසිදුම බුදුදහම. ඒ කියන්නෙ එතන මගේ පුද්ගලික අදහසක් එහෙම නෙවෙයි. ඔයගොල්ලො ඕනෙ නම් බලන්න ඒ පොත්. අභිධර්ම පිටකයේ ධර්ම සංඝණි ප්රකරණ අරන් බලන්න. පටිසම්භිදා මග්ගයේ ඔය ඥාණ කථාවලදි, ඔය වත්ථු නානත්ත ඥාණය, ගෝචර නානාත්ත ඥාණය කියල ඒ නුවනවල්, ඒ කියන්නෙ ගෝචර නානාත්ත ඥාණය කියන එකේ ගෝචර කියන්නෙ රූප ශබ්ද ගන්ධ රස ඒකෙන් පෙන්වනවා අපි තුල ඇහැට පේන රූපය ගැන අපි නුවණ හදාගන්න ඕනෙ මොන වගේද කියලා. එතකොට දැන් මම කිව්වා සම්මා දිට්ඨිය කියල කියන්නෙ මොකක්ද අර අංග දහයම යෙදිලා අපිට පෙනෙනවා නම් ඇහැට පෙනෙන රූපය, පෙනෙන රූපයේ ඇත්ත ඇත් හැටියට දකින්න. පෙනෙන රූපයේ ඇත්ත ඇති හැටියට දැක්කාම රූප තන්හාව අතහැරෙයි. ඒ නිසා එම දුක නෑ. කණට ඇහෙන ශබ්දයේ ඇත්ත ඇති හැටියට දකින්න. දැක්කාම ශබ්ද තන්හාව අතහැරෙයි. ඒ නිසා ඒ දුක නෑ. මේ ස්පර්ශ ආයතන හයම එහෙමයි.

එතකොට මොකක්ද මේ ආයතන වල අපට නොතේරෙන අපට නොපෙනෙන ඔය කියන විදියේ සුවිශේෂී ඇත්ත? ඇත්තම නම් මොකක්ද? පෙනෙන ඇහෙන දේට ඔයගොල්ලන්ගේ මනස බැඳෙන්න නොතබා තබාගන්න පුලුවන් මට්ටමක් එන්න ඕනෙ. මං ඕකට උපමාවක් කියන්නම්.ටිකක් ගැඹුරුයි. උපමාව කිව්වොත් තේරෙයි. ඒක අනිත් ආයතන වලට ආදේශ කරගන්න ඔයගොල්ලන්ට ටිකක් ගැඹුරුයි. මම අර මතක් කලේ කවුරු හරි ජපන් භාෂාවකින් හෝ අපි නොදන්න භාෂාවකින් ඇවිල්ලා කෙනෙක් මෙතනදි වචන ටිකක් කථාකරගෙන කථාකරගෙන ගියොත් ඔයගොල්න්නට මොනවද තේරෙන්නෙ? තේරෙන්නෙ නෑ.ඔයගොල්ලන්ට තරහා යයිද? නැහැ. මේ බැන්නා කියලා හිතෙයිද? නැහැ. ඔයගොල්න්ට ගුණ කිව්වා කියලා හිතෙයිද?නැහැ. එහෙනම් ඒ අරභයා ඔයගොල්ලන්ට මොන වගේ හැඟීමක් පහළ වෙයිද? කිසිම හැඟීමක් පහළ වෙනවද? ශබ්ද ටිකක් නම් ඇහෙයි. ශබ්ද ටිකත් මතක තියාගන්න පුලුවන්ද? බෑ. අතහැරෙයි. කණ ඉදිරිපිටට එන හැම ශබ්දයකම ඇත්ත එච්චරයි. මේ ඇහෙන ශබ්දයේ ඇත්තත් එච්චරයි. එයිට මෙහා, ඒකයි ශබ්දය නැත්නම් සෝත විඤ්ඤාණය අපි දන්නෙ නැහැ කියල කියන්නෙ. ශබ්දය දන්නෙ නැහැ නෙවෙයි එබඳු ශබ්දයක් එනකොට ශබ්දය කියන එක පිරිසිඳ නොදන්නාකම නිසා අපි හිතෙන් එක එක විදියට හිතලා ශබ්දෙට ගැට ගහලයි ලෝකය හදාගෙන තියෙන්නෙ.

මට කියන්න ඕනෙකම තිබුනෙ ඒ ශබ්දය කියන තැන ඇහුනාම, ඒක තේරෙන හින්ද මම ගත්තෙ. ඔයගොල්ලො දැක්කනෙ ඔයගොල්ලන්ගෙ මනසට කිසිම සම්බන්ධයක් නැතිව ශබ්දය විතරක් වෙනම පැත්තක තියෙනවා. තේරුනා නේද? මනසින් කිසිම හැඟීමක් ප්‍රතික්‍රියාවක් දක්වන්න දක්වන්න බැරිව ශබ්දය කියන එක වෙනම පැත්තක. බාහිර එකක් වෙලා. අපි මොකුත් ගොඩනැගුවෙ නැත්නම් ඒ වගේ ඔයගොල්ලො පිළිගන්නවද ඇස් ඉදිරිපිටට එන හැම රූපයක්ම, හැම ගන්ධයක්ම, හැම රසයක්ම, කයට දැනෙන හැම ස්පර්ශයකමත් ඇත්ත ඔච්චරයි. දැන් මේක දැක්කාම අරහෙ මෙහෙ කියලා මේ විස්තර ටික තියෙන්නෙ කණට ඇහෙන ශබ්දයට අපි හිතින් දාපු විස්තර ටික වගේ මේ තියෙන්නෙ.

එතකොට හැම රූපයකටම රූප,ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ කියන මේ බාහිර ආයතන ටිකම සම්පූර්ණ ශුන්‍යතාවයකින් තියෙන්නෙ. සත්ත්ව පුද්ගල ආත්ම වූ කිසිම දෙයක් ඒ තුල නැහැ. ලාභ,අලාභ, යස,අයස, නින්දා ප්‍රසංසා, කිසිදෙයක් ඒ තුල නැහැ. කයෙන් විතරයි සැපදුක් ගන්නෙ. අනිත් ඒවායේ සැපදුක් වත් නැහැ. එතකොට ඒවිතරක් නෙවෙයි ඒ නොදන්නා මට්ටමෙන්මයි ආයතනයක් රූප හම්බ වෙන්නෙ. ඒ රූපයෙන් පමණ පෙනීම් මාත්‍රයක් විතරයි අර මම කියන්නෙ වතුරට වැටුන ඡායාවක් අපට බලන්න පුලුවන් නමුත් කවදාවත් අල්ලන්න බෑ. එබඳු මට්ටමක් විතරමයි ඇස් ඉදිරිපිටට එන රූපයේ තියෙන්නෙ. කණට ඇහෙන ශබ්දය නොදන්නා භාෂාවකින් කෙනෙක් කතාකරනකොට ඇහෙන ශබ්ද මාත්‍රයක් විතරමයි තියෙන්නෙ. එතකොට ඔන්න ඔය මට්ටමේ රූප ටික පිරිසිඳ දැක්කොත් ඔයගොල්ලන්ට තේරෙයි මුළු ලෝකයක්ම හදල තියෙන්නෙ අපි මනොමයෙන් නේද කියලා. ඇහැට රූප හම්බ වෙනකොට අපි තුල හොඳට වේවා නරකට වේවා මේ රූපය ඇස් දෙන දල්වා ගෙන මනසින් හොඳට හෝ නරකට එක එක දේවල් වලට අපි හිතනවා. හිතුවාම පටපණුවාට වෙච්ච දේ අපට වෙනවා.

සංඛාරයට උපමාවක් තියෙනවනෙ. ඔය අවිද්‍යාව අන්ධයෙකුට උපමා කරලා. සංඛාරය පටපණුවාට උපමා කරල තියෙනවා. පටපණුවා දන්නවනෙ? අර මල්බෙරි ගස්වල හදන පටපණුවො කෝෂය හදනවනෙ. ඊටපස්සෙ කෝෂය හැදුවාම, හදලා ඌ උගේ ඔක්කොම වහගෙන ඒකෙ ඇතුලෙ ඉන්නවා. ඌ ඒකෙ ඉන්නෙ සමණලයෙක් වෙන්න බලාගෙන. ඊටපස්සෙ මිනිස්සු මොකද කරන්නෙ ඒ කෝෂ පිටින්ම තම්බලානෙ නූල් ටික ගන්නෙ. අන්තිමට තමන් හදපු කෝෂයේම පටපණුවාට මැරෙන්න වෙනවා.

ඒ වගේ සංඛාරයට උපමාවක් කරල තියෙන්නෙ මොකක්ද පටපණුව වගේ කියල? තමන් මනෝමයෙන් ගොඩ නගාගන්නා සිතිවිලි වලට තමන්ම පටලැවෙනවා. ඇස් ඉදිරිපිටට කිසිම දැනුමකින් තේරුමකින් තොරව නන්ඳුනනා මට්ටමේ කවදාවත් විස්තරයක් නැති නන්නාඳුනනා මට්ටමේ දැකීමට පමණක් සීමා වෙච්ච රූපයක් එද්දි ආගන්තුකවම ඔයගොල්ලො මේ රූපය අරභයා මේ තේක්ක ගහ, මේක අඹගහ, කියල හිතුවම ඔයගොල්ලන්ගෙ හිතටම හිත ඒකටම ඔයගොල්ලො පැටලෙනවා. ඔයගොල්ලොම රැවටෙනවා. මේ හිතින් හිතපු එක අයිති බාහිරට කියලා. ඔයගොල්ලො ආයෙත් මෙහාට ගැටගහල තියනවා.

ඊටපස්සෙ ශබ්දයටත් එහෙමයි. මේ රූපවල එක එක හැඩ තියෙනවනෙ. මේ හැඩයට තේක්ක කියනවා. මේ හැඩය අඹ කියනවානෙ. ශබ්ද වලත් එක එක හැඩයෙන් හැඩයට අපි හිතලා තියෙනවා. ඒ හින්දයි මේ ශබ්දය ඇහෙනගානෙ මම කියන එක තේරෙනවා නෙවෙයි, මේ ශබ්ද සංඥාව එනකොට ඔයගොල්ලො ගාව ක්ෂණිකව ඒකෙ අදහස් සිහිකර ගැනීමේ හැකියා ටික සිහි කරගෙන ඔය තියෙන්නෙ. ඔයගොල්ලන්ට භාෂාව තේරෙනව කියන්නෙ ඔයගොල්ලො ගාව තියෙන අදහස් ටික වේගයෙන් සිහි කරගන්නවා. මේ සිත ඒ තරම් වේගයි. නමුත් මේ වචන ශබ්දය කණ ගාවට එනකොටම අපි ගාව තියෙන අදහස් අපේ මනසින්ම සිහිකර ගත්තා කියන එකඔයගොල්ලන්ට පෙනෙන්නෙ නැහැ. ඔයගොල්ලන්ට පෙනෙන්නෙ හාමුදුරුවො මෙහෙම බණ ටිකක් කිව්වා කියලා.

පටපණුවා උගේම කෝෂයේ පටලැවෙනව වගේ අපි අපේම මනසින් හදාගන්නා කෝෂ ටිකේ පැටලෙන හැටි මම මේ කියන්නෙ. නාසය ඉදිරිපිටට ගන්ධයක් එනකොට සුගඳ දුගඳ තියෙයි. ඒක අසූචි ගඳ වේවා, අරලිය මල් ගඳ වේවා, සමන් පිච්ච මල් ගඳ වේවා, කියල ඒ ගන්ධයට සුගඳට දුඟඳට කාරනා නැහැ. ඇලෙන්න ගැටෙන්න පිළිකුල් කරන්න කාරණා නැහැ. ඒ ගන්ධය එනකොට අපේ මනස තුල කැවුම් බදින සුවඳ, කෝපි කුඩු සුවඳ, හඳුන් කූරු සුවඳ කියල විස්තර ටිකක් එනකොට අර පටපණුවගේ කථාව ආයෙත් අපිට එනවා. මනසේ තියෙන ටික අපට කිසිම දැනුම් මාත්‍රයකින් තොර ගන්ධ මාත්‍රයක් නාසය ඉදිරිපිටට එන්නෙ. විස්තර ටික මනසින් නේද උපදවා ගන්නෙ කියල දන්නව නම් ඔයගොල්ලො මේ ගන්ධය දිහා බලන්නෙ නැහැ කැවුම් සුවඳ කියලා. සමන් පිච්ච මල් සුවඳ කියලා. නමුත් අපි අපේ සංඛාරය, අවිජ්ජා පච්චයා සංඛාරා, දැන් සංඛාරය ගැනත් අවිජ්ජාව. මේ පටිච්ච සමුප්පාදය අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයක් වෙනවා. අවිජ්ජාව නිසා සංඛාරය වෙනවා. සංඛාර නිසාත් ආයෙත් අවිජ්ජාව ඇති වෙනවා. එතකොට දැන් අවිද්‍යාව සංඛාරය කියන එකත් දන්නෙ නැ කියන කොට මොකද වෙන්නෙ? දැන් ආයෙත් මනස හදා ගත්ත කාරණා ටික අපි ගන්ධයට බැන්දහම දැන් ඔයගොල්ලන්ට මේ ගඳ, කැවුම් බදින සුවඳ වෙලා. කෝපි කුඩු සුවඳ වෙලා. නැත්නම් අසූචි ගඳ වෙලා.

මේ ස්පර්ශ ආයතන හය ලෝකයේ ශුන්‍යතාවයක්. ඔයගොල්ලො ඒ ශුන්‍යතාවය උපදින තැන පිරිසිඳ නොදන්නා කම නිසා ඔයගොල්ලන්ගෙ මනස තුල යම් යම් කරුණු කාරණා ගොඩ නැගෙන කොට ඒ කරුණු කාරණා නැවත ස්පර්ශ ආයතන හයට බඳින තෙක් ඔයගොල්ලො ලෝකෙට බැඳිලා.

-තවත් කොටසක් ඊලඟ ලිපියෙන්-

වර්ෂ 2015 ජනවාරි මස 15 වැනිදා නාඋළ ලෙනදොර "ධම්මහදය" විවේකාශ්‍රම සෙනසුනේදී අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ගෞරවණීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන අතිශය වටිනා මෙම ධර්ම දේශණය මගේ ජංගම දුරකථනයෙන් එදින පටිගත කරගන්නට අවස්ථාව ලැබුනු අතර ඒ දේශණය එකදු අකුරක් හෝ එකදු වචනයක් හෝ සංස්කරණය නොකර උන්වහන්සේගේ වචන පිළිවලින්ම දහම් ලිපියක් ලෙස සකස් කරන්නට කල්පනා කලා. මේ එහි ප්රතිඵලයයි.

මෙය කියවන ඔබගේ අදහස් අප ඉතාම අගේ කොට සළකනවා. පහත comment section එක තුල අදහස දන්වා සිටින්න. Follow තීරයෙන් මෙම බ්ලොග් අඩවියට දායකත්වය දෙන්නටද අමතක කරන්න එපා.
jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.com2tag:blogger.com,1999:blog-960881688546260776.post-91951491971968459832022-12-05T23:53:00.003-08:002022-12-05T23:54:09.724-08:00විජ්ජාව සහ සත්‍යය 01 - ධර්මය සහ ජීවිතය - 21 කොටස

වර්ෂ 2015 ජනවාරි මස 15 වැනිදා නාඋළ ලෙනදොර "ධම්මහදය" විවේකාශ්‍රම සෙනසුනේදී අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ගෞරවණීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුන අතිශය වටිනා මෙම ධර්ම දේශණය මගේ ජංගම දුරකථනයෙන් එදින පටිගත කරගන්නට අවස්ථාව ලැබුනු අතර ඒ දේශණය එකදු අකුරක් හෝ එකදු වචනයක් හෝ සංස්කරණය නොකර උන්වහන්සේගේ වචන පිළිවලින්ම දහම් ලිපියක් ලෙස සකස් කරන්නට කල්පනා කලා. මේ එහි ප්රතිඵලයයි.

අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ

ඇත්තටම බුද්ධොත්පාද කාලය ඉතාමත්ම දුර්ලභයි. මනුස්ස ජීවිතය ඉතාමත්ම දුර්ලභයි. අපි මනුස්සයො වෙලා ඉපදිලා ඉන්න හින්දා අපට ඒකෙ බරසාරකම තේරෙන්නෙ නැහැ. නමුත් සසර ස්වභාවය දිහා බැලුවාම මේ සසරෙ තියෙන අනවරාග්ර ස්වභාවය තතාගතයන් වහන්සෙ දේශනා කරනවා උපමාවකින් පවා කියන්නට පහසු නැහැ කියලා. ඉතින් ඒ හින්දයි බුදුරජාණන් වහන්සේ අනවතග්ග සංයුත්ත සූත්‍රයේදී හැමදාම දේශනා කරන්නෙ මව් මළ දුක, පියා මළ දුක, සහෝදරයා මළ දුක මේ ආදී දුකට හැඬුව කඳුළු මහා සාගරයට වැඩියි කියලා.

අපි හැම කෙනෙක්ම අනන්ත සංසාරයේදී ගෙවල් හදලා ඇති. දරුවො හදල තියෙනවා, රජකම් කරල තියෙනවා.නමුත් අද අපි තාමත් මෙතන. ඉතින් වර්තමානයේදී අපිට මේ තියෙන වටපිටාව නැත්නම් මේ අවුරුදු පනහට හැටට විතරක් ජීවිතයට සීමා වෙන්න එපා. මේ දහම හොඳට තේරුම් ගන්න. මේ දහම තේරුම් අරගෙනකොහොම හරි ඊට අනුව යෙදිලා ජීවිතේ ලබපු මනුස්ස ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්න කියල මතක් කරනවා.

මොකද හැමෝම තමන්ගෙන්ම අහල බලන්න අපි හැමෝම ජීවත් වෙනවා කියල කරන්නෙ මොකක්ද කියලා. අපි විතරක් නෙවෙයි මේ මුළු ලෝකයම හොඳට හිතුවොත් සිහිකලොත් කල්පනා කලොත් මේ හැමෝම උත්සාහවත් වෙන්නෙ දුක අයින් කරන්න හා සැපෙන් සතුටින් ඉන්න නෙවෙයිද කියල බලන්න. මේ හැම දෙයක්ම කරල තියෙන්නෙ, මුදල් එකතු කරන්නෙ, ගොඩනැගිලි හදන්නෙ, රට රාජ්‍යවල් අල්ලන්නේ, මොකක් නිසාද? දුකෙන් බේරෙන්න සැපෙන් ඉන්න. නමුත් බුදුහාමුදුරුවො දේශනා කලේ දුක ඇතිවෙන තැන මොකක්ද කියල හොයන්නෙ නැතිව දුක නැති කරන්නෙ කොහොමද කියල. මේ දහම හරි සහේතුකයි. ඒ කියන්නෙ චුට්ටක්වත් අදහන්න ඔන දෙයක් නෙවෙයි.

ඕකට මට මතක් වෙනවා සකුළුදායි කියල සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සකුළුදායිට කියනවා " උදායි ඔබට හිතෙනවා නම් මම හදන්නෙ ඔබව මගේ ශ්‍රාවකයෙක් කරගන්න කියලා, එහෙම වෙන්න ඔනෙ නැහැ. ඔබගේ ශාස්තෲන් වහන්සේ, ඔබගේ ශාස්තෲන් වහන්සේම වේවා. මම කියන මේ වචනය එක රැයක් දවාලක් කරල බලන්න". ඒ තරම් සහේතුක දහමක්. ඒ කියන්නෙ අදහන්න ඕනෙ එකකුත් නෙවෙයි. මේ ඉතින් දුක පිළිකුල් කරන, දුක අකමැති, සැප ලබාගන්න ඕනෙ බුද්ධිමත් කෙනෙකුට තියෙන දහමක් මේක. ඒ හින්දා පින්වතුන්ට මතක් කරන්නෙ ඔයගොල්ලන්ට පින් තියෙනවා ඔය අන්ධානුකරණයෙන් දුවන්නන් වාලෙ දුවන සමාජ රටාවට අනුව දුවන්නෙ නැතිව මොහොතකට නතරවෙලා තමන්ගෙන්ම අහල බලන්න තමන් එක්කම කථාකරල බලන්න මෙච්චර දේවල් හොයන්නෙ, හම්බ කරන්නෙ, මේ කටයුතු කරන්න හදන්නෙ මං මොකටද? මොකක් බලාපොරොත්තුවෙන්ද කියලා. ඒකම තව ගැඹුරෙන් විශ්ලේෂණය කරලා බලන්න. මේ හැම එකකම අර්ථය ජීවිතයට සැපක් සතුටක් උදා කර ගන්න නේද කියන එක බලන්න ඔයගොල්ලන්ට ඒ උත්තරය එයි මනුස්සයො විතරක් නෙවෙයි තිරිසන්ගත සතාගෙ ඉඳන් හැමෝම කරන්නෙ ඒ ටික. ඉතිං මේ ලෝකයේ හැමදාම ඔයටිකට තමයි උත්සාහවත් උනේ. නමුත් කරන ක්‍රමය වැරදියි. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ලෝකයා දුක නැති කරන්න කියල යමක් කරයි නම් කරන්නේ දුක ඇති වෙන විදියටයි. මේ ලෝකයට දුක නැති වෙන මාවත හොයල දෙන්න කියන අදහසිනුයි ලෝකයට පහළ උනේ.

ඒ නිසා මෙතනදි මම මේ ටික මතක් කරන්නෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කලේ අපි හැමෝගෙම ජීවිතවල තියෙන ප්‍රශ්ණ ගැටළු වලට උත්තර ටිකමයි. ඒ නිසා හොඳට මේ ටික අහලා ඒකෙ යෙදෙන්න ඔයගොල්ලන්ටම ඒ කාරණා මොන තරම් ඇත්තද කියලා තේරෙයි. ඕනෙම දෙයක් අපි කරන්න ඉස්සර වෙලා කවුරුවත් කිව්වට අපි නොකට යුතුයි. බුදුහාමුදුරුවො කිව්වත් කරන්න ඕනෙ නැහැ. ඒක අපේ අවබෝධයක් වෙන්නට ඕනෙ. මම මේක කලොත් මට මේ ලාභය ලැබෙනවා නොකලොත් මේ අලාභය වෙනවා කියන එක තේරුම් ගන්නට ඕනෙ. තේරුම් අරගෙන තමන්ගේ දැක්මක් බවට පරිවර්ථනය කරගෙනයි කරන්න ඕනෙ.තථගතයන් වහන්සේ පෙන්වල දුන්නෙත් එහෙමයි.

ඒ නිසා ඉස්සර වෙලාම මම බුදුදහමේ තියෙන කාරණා ටික ඔයගොල්ලන්ට මතක් කරන්නම්. ඊටපස්සෙ ඒක තමන්ගෙ අවශ්‍යතාවයක් හැටියට අරගෙන ඔයගොල්ලො ඒක කරන්න කියන කාරණාව මෙතනදි මතක් කලේ මොකද මේ අවුරුදු පනහට හැටට විතරක් ජීවිතය සීමා කරන්න එපා දැක්ම සීමා කරන්න එතෙන්ට විතරක් කටයුතු කරන්න එපා කියන කාරණාව මුලින්ම මතක් කරලා.

photo credit - https://www.pinterest.com/

භාවනා කරනවා කියනකොට ඒක කරන්නෙ මොකටද? මොන මොන තැන දක්වාද කල යුත්තෙ? ඒක කරනකොට අපි දැනගන්නෙ කොහොමද? මේ විස්තර ටික ඉස්සර වෙලා තියෙන්ට ඕනෙ. ඒ විස්තර ටික තමන් සන්තකයේ තියාගෙනයි කල යුත්තෙ. අපි ගොඩාක් දෙනෙක් හුරුවෙලා තියෙනවා පුරුදු වෙලා තියෙනවා භාවනා කරන්න. හැබැයි කරන්නෙ මොකක්ද මොන තැන දක්වාද කොහොමද කියන කාරණාව නැහැ. ටිකක් කරගෙන යනකොට ප්‍රශ්නෙ දැන් මේ ටික කලා ඊට පස්සෙ මොකක්ද කියලා. නමුත් එහෙම නෙවෙයි. මාර්ගයට බැහැල යන්න ඉස්සර වෙලායි මම අහවල් තැනටයි යන්න ඕනෙ කියන ඉලක්කයක් තියාගන්න ඕනෙ. එහෙම ඉදිරියෙන් ඉලක්කයක් තබා ගත්තම ඒ ඉලක්කයට අනුව මාර්ගය තේරෙන්නෙ මාර්ගය කියන ලැබෙන්නෙ. ඉතින් නිවනත් එහෙමයි. ඒ නිසා භාවනා ගැන අහන්න ඉස්සර වෙලා අපිට තේරුම් ගන්නට ඕනෙ කරන කාරණා ටිකක් තියෙනවා. මම ඉස්සර වෙලා ඒ ටික කෙටියෙන් මතක් කරන්නම්.

දිට්ඨධම්ම වේවා සම්පරායික වේවා, ඒ කියන්නෙ මෙලොව වේවා පරලොව වේවා යම්කිසි දුකක් තියෙනවා නම්, අපිට තියෙන ප්‍රශ්නෙ දුකනෙ නේද? හැමෝටම තියෙන ප්‍රශ්නෙ දුකට අකමැති කමනෙ.දුක. ඇත්තටම අපිට තියෙන ප්රශ්නය දුක. ඒ කියන්නෙ අද නිරෝගි වෙන්න පුලුවන්.නමුත් මේ ලෝකෙ බුදුහාමුදුරුවො දේශනා කරනවා බුදුදහම විද්‍යමාන වෙන්නෙ ධර්මතා තුනක් හින්දයි කියල.

1.ජාති

2.ජරා

3.මරණ

ඒ කියන්නෙ බුදුදහමෙ විතරයි ඔය ධර්මතා තුනට උත්තර තියෙන්නෙ. අනිත් ඔළුවෙ කැක්කුම්, බඩේ කැක්කුම් වලටත් උත්ත්ර තියෙයි ලෝකෙ පැනඩෝල් හරි මොනව හරි බොන්න බෙහෙත් තියෙයි. නමුත් ඉපදීම මහළුබව මරණය කියන එකට බෙහෙත් නෑ. ඉතින් අනිත් මොන සැපක් තිබුනත් ඔය ධර්මතා අභියසදී ඒ ඔක්කොම දුකක් බවට පරිවර්ථනය වෙනවනෙ. ඊගාව එක තමයි මෙතන තියෙන සුවිශේෂීකම ඒ ජාති ජරා මරණ කියන ධර්මයන්ගෙන් මිදෙන්න මරණයෙන් පස්සෙ පෙන්වන නැතිනම් මරණයෙන් පස්සෙ පෙන්වන විමුක්තියක් ගැන මටවත් විශ්වාසයක් නැහැ. මං විශ්වාස කරන්නෙත් නැහැ. එහෙම නම් මම මේ ශාසනයෙ ඉන්නෙත් නැහැ. එහෙම නම් බුදුදහමයි අනිත් ආගම් අතරයි වෙනසකුත් නැහැ.

බුදුදහමේ පෙන්වන්නෙ දුක නැති කරන්න. ඉන්නකම් දුක් විඳලා විඳලා මරණෙන් පස්සෙ ලැබෙන විමුක්තියකින් පලක් තියෙයිද? දුක තියෙන වෙලාවට නේද ඒ දුක නැති කරන්න ඕනෙ නැති වෙන්න ඕනෙ.එහෙනම් එබඳ දහමක් මේ බුදුදහම.

එතකොට බුදුරජානන් වහන්සේ මෙලොව වේවා පරලොව වේවා යම්තාක් දුකක් තියෙනවා නම් ඉතාම කුඩා තැන ඉඳලා මහළුබව මරණය කියන තැන දක්වා තියෙන සියලුම යම්තාක් දුකක් තියෙනවා නම් මේ දුක බුදුරජාණන් වහන්සේ පෙන්නුවා සහේතුකයි හේතු සහිතයි දුකට හේතුව තන්හාව, වට්ටමූලික තන්හාව සහ සමුදයාචාර තන්හාව කියලා. නැත්නම් ප්රතිසන්ධියට පැමිණෙන්න ඉදිරිපත් වෙන තන්හාව සහ ආයතන පරිහරණය කරද්දි ඇතිවන තන්හාව කියන දෙආකාර තන්හාවකින් ජීවිතයේ දුක සහ අරමුණු වල දුක කියන දුක අපේ ජීවිත වලට ගෙනත් දීලා තියෙනවා.

අරමුණු වලින් දුක් නොවිඳින්දත් ජීවිතයේ පැවැත්මම දුක වෙනවනෙ. ලෙඩවීම මහළුබව මරණය ඒ වගේ දුක ඇති කරන්න හේතු වෙලා තියෙනවා ප්රතිසන්ධියට මුල් වෙච්ච තන්හාව. ඒක කාමතන්හා, භවතන්හා, විභවතන්හා කියලා වට්ඨමූලික තන්හාව. ඊට පස්සෙ දරුවො නැතිවෙලා, ගෙවල් දොරවල් කැඩිලා, මිලමුදල් නැති වෙලා, කියලා අරමුණු අරභයා අපට දුක එනවනෙ. උපන්නට පස්සෙ කායපටිබද්ධ දුක නැතිව අරමුනු නිසා එන දුකක් තියෙනවා. ඒ දුකට කියනවා රූපතන්හා, ශබ්දතන්හා, ගන්ධතන්හා, රසතන්හා, පොට්ඨබ්බතන්හා, ධම්මතන්හා කියලා. සමුදයාචාර තන්හාව කියලා. එතකොට යම් දුකක් තියෙනවා නම් කය කෙළවර කොට වේවා, බාහිර නාමරූප දෙකක් වේවා, යම් දුකක් විඳිනවා නම්, දුකක් එනවා නම්, මේ දුකට හේතුව තන්හාවයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුවා. මේක න්‍යායයක් වශයෙන් දැනගත්තාම ඇති. ඊටපස්සෙ තන්හාව නැති උනොත් දුක නැතිවෙනවා. සමුදයාචාර තන්හාව නැත්නම් රූපතන්හා, ශබ්දතන්හා කියන තන්හාව නැති උනාම අරමුණු වලින් එන දැන් දුක නැතිවෙනවා.ඒකෙන්ම වට්ඨමූලික තන්හාව නැත්නම් ප්රතිසන්ධියට යන්න තියෙන හේතුවත් නැති වෙනවා. එතකොට තන්හාව නැති කලාම දුක කියන එක නැති වෙනවා.

දුක කියන එක ඇති වෙලා තියෙන්නෙ තන්හාව නිසයි තන්හාව නැති කලොත් දුක නැති වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඔය න්‍යායය පෙන්නුවා.ධර්මතාවය පෙන්නුවා. දුක ඇතිවන හැටි සහ දුක නැති වන හැටි ධර්මතාවයේ ඇත්ත ඕකයි පෙන්නුවා. පෙන්වලා නමුත් තථාගතයන් වහන්සේ කවදාවක් පැනෙව්වෙ නැහැ එහෙනම් දුක ඇති වෙන්නෙ තන්හාව නිසා නම්, තන්හාව නැති කරන්න කියල පනවල තියෙනවද කොහේවත්.නැහැ. තන්හාව නැති කරගන්න කියල ප්‍රතිපදාවක් පැනෙව්වෙ නැහැ.තන්හාව නිසා දුක ඇති වෙනවා. තන්හාව නැති උනොත් දුක නැති වෙනවා, දුක නැති කරන්න"අයමෙව අරියො අට්ඨංගිකො මග්ගො - දුක්ඛ නිරොධ ගාමිනි පටිපදා" කියලා දුක් නැති කිරීමේ ප්‍රතිපදාවට පෙන්නුවෙ වෙන ක්‍රමයක් මොකක්ද?? සම්මා දිට්ටිය මුල් කාරණාව කරගත්ත අංග අටක්. ඇයි ඒ? තන්හාව කියන තැනට හිත තබලා තන්හාව නැති කරන්න බැරි නිසා.

දරුවෙකුට තන්හාව ඇති වෙනවා නම් උඹ පලයන් යන්න ගෙදරින් කියලා දරුවා එලෙව්ව කියලා තන්හාව නැති කරන්න බැහැ. ඒ නිසා දුකට හේතුව තන්හාව, තන්හාව නැති උනොත් දුක නැති වෙනවා, දුක නැති කරන්න තියෙන ක්‍රමය තමයි මොකක්ද සම්මා දිට්ඨිය. ඇත්ත ඇති හැටියෙන් දැකීම. එතකොට මොකේද ඇත්ත ඇති හැටියෙන් දකින්න ඕනෙ?? කුමක්ද ඇත්ත ඇති හැටියෙන් දකින්න ඕනෙ?? යම් තැනක තන්හාව ඇති වෙනවා නම්, තන්හාව පවතිනවා නම්, අන්න එතැනයි ඇත්ත ඇති හැටියෙන් දකින්න ඕනෙ. දුකට හේතුව තන්හාව,තන්හාව නැති උනොත් දුක නැතිවෙනවා, දුක නැති කරන්න නම් සම්මා දිට්ඨිය, ඇත්ත ඇති හැටියෙන් දකින්න ඕනෙ. මොකේද?? ඇහැ කියන එකේ ඇත්ත ඇති හැටියෙ දකින්න ඕනෙ. ඇහැට හම්බවෙන රූපයේ ඇත්ත ඇති හැටියෙ දකින්න ඕනෙ. කාරණා හැටක් (60) තියෙනවා දුක අපට ඇති කරන. දුක ඇතිවන හේතුව හදන කාරණා හැටක් තියෙනවා. අපි ගාව දුක ඇතිකරන හේතුව කිව්වෙ මොකක්ද? තන්හාව. ඒ තන්හාව උපදින හාපවතින කාරණා හැටක් තියෙනවා අපි ගාව හයේ හයේ ගොඩවල් දහයක් තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නෙ.

-තවත් කොටසක් ඊලඟ ලිපියෙන්-

මෙය කියවන ඔබගේ අදහස් අප ඉතාම අගේ කොට සළකනවා. පහත comment section එක තුල අදහස දන්වා සිටින්න. Follow තීරයෙන් මෙම බ්ලොග් අඩවියට දායකත්වය දෙන්නටද අමතක කරන්න එපා.
jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.com4tag:blogger.com,1999:blog-960881688546260776.post-78658554325302522472022-11-28T17:20:00.005-08:002022-11-29T07:57:00.884-08:00ධනිය සූත්‍රයෙන් නිවනට - ධර්මය සහ ජීවිතය - 20 කොටස

කස්මා ච, භික්ඛවෙ, භයන්ති කාමානමෙතං අධිවචනං

බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කර සිටිනවා මහනෙනි..මේ කාමයන් සඳහා භය කියන වෙනත් වචනයක් ඇයි පනවන්නෙ කියලා. ඒ කිව්වෙ කාමයන්ටම භය කියන අනෙක් වචනයක් ඇයි පණවා තිබෙන්නේ කියා.

යස්මා ච කාමරාගරත්තායං, භික්ඛවෙ, ඡන්දරාගවිනිබද්ධො දිට්ඨධම්මිකාපි භයා න පරිමුච්චති, සම්පරායිකාපි භයා න පරිමුච්චති

යම් කාරණාවකින් කාම රාගයෙන් ගිනියම්වූද රත්වූද, කාමරාගයෙන් බැඳුනාද වූද පුද්ගලයා දිට්ඨධම්මකාපි මේ ජීවිතයේද, සම්පරායිකාපි පරලොව ජීවිතයේද භයෙන් නොමිදුනා වෙයි. ඒ නිසා භය යනු කාමයට කියන තවත් වචනයකි.

බුදුරජාණන් වහන්සේගේ මේ අර්ථදැක්වීම කෙතරම් ගැඹුරකට අපව ගෙනයනවාද කිවහොත්, අපට අපගේ ජීවිතය තුලින්ම මේ සන්සිද්ධිය මනාව වටහා ගෙන මේ සංසාර දුකෙන් නිදහස් වන්නට කිසියම් පොටක් පාදාගන්නට හැකි වෙනවා. කුමක්ද මේ කියන්නෙ. බුදුරජාණන් වහන්සේ කුමක්ද මෙයින් ජීවිත අභ්‍යන්තරයට අපව කැඳවාගෙන ගිහින් පෙන්වා වදාරන්නට උත්සාහ කරන්නේ.

අප විසින් රැයත් දවාලත්, හිස ගිනිගත්තවුන් සේ එකිනෙකා පරයා හඹාගෙන යන, එසේ හඹා ගොසින් ගොඩගසාගන්නට මහත් වෙහෙසක් දරන, එසේ වෙහෙසවීමේදී අනන්ත දුක් වළඳන කාමයන් පිලිබඳ අපි කිසිසේත් නොසිතන පැත්තකට අපගේ අවධානය යොමුකරන්නටයි. අපි ජීවිතය කියන්නෙ මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්භ කියන කාරනා වලට. එතකොට ඒ කාරණාවන් වල එකතුව තමයි අපි ලෝකය කියා පිලිගන්නෙ. එතකොට අපි හැම මොහොතකම උත්සුක වෙන්නෙ මේ ලෝකය ඒ කාරනා වලින් සැපසහගතව පුරවා ගන්න සහ ඒවා තුලින් දුක ඉවත් කරන්නයි. අපි හිතන්නෙ දුක තියෙන්නෙ ඒවා නැති නිසා කියලා. ඒවා තිබුනා නම්, ඒවා අප සතුව පවතිනවා නම් දුක නැතිව සැප ඇතිව සර්ව සම්පූර්ණ ලෝකයක් සහ ජීවිතයක් අපට ලැබේවි කියන උපකල්පනය පෘතග්ජන මනස තුල තියෙන්නෙ. ඒ නිසා පුද්ගලයා මොකද කරන්නෙ. ඒ ලෝකය ගොඩනැගීම සඳහා යානවාහන මිලමුදල් ගෙවල් දොරවල් ඉඩකඩම් නෑදෑ මිතුරන් අඹුදරුවන්, රැකිරක්ෂා තාන්න මාන්න මේ ආදී එකී නොකී දේවල් පසුපස හඹායනවා. කාමය කියන වචනය එන්නෙ ඔන්න හරහායි. එසේ නම් පළමුව කාමයන් යනු මොනවාදැයි විමසා බලමු. කාමයන් පිලිබඳව මෙතැනට පිවිස කියවා බලන්න.

එතකොට කාමයන් උපාදානීය ලක්ෂනයෙන් යුක්තයි. උපාදානය කියන්නෙ දැඩිව අල්ලා ගැනීම කියන අර්ථයයි. අත් නොහැර දැඩිව අල්ලාගෙන සිටින යමක් ඇත්ද, සිත ඒ අනුවමයි ඒ දෙසටමයි ඇදෙන්නෙ. එතකොට කාමගුණ කියන්නෙ

කාමය කොටස් දෙකකි.

1.වස්තු කාමය

2.ක්ලේශ කාමය

වස්තු කාමයන් කියන්නෙ පස් ආකාරයකට අපට හමුවන, ඒ පස් ආකාරයට ඇලෙන බැඳෙන, දැඩිව අල්ලාගනු ලබන හේතුවෙලින් යුක්ත දේවල් වලට. මොනවද ඒ පහ?

පඤ්චිමෙ, භික්ඛවෙ, කාමගුණා - චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්යා සද්දා... ඝානවිඤ්ඤෙය්යා ගන්ධා... ජිව්හාවිඤ්ඤෙය්යා රසා... කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා.

නිබ්බේධික පරියාය-අංගුත්තර නිකාය-

1.චක්ඛු විඤ්ඤෙය්‍ය රූපා ඉට්ඨා,කාන්තා, මනාපා, පියරූපා, කාමුපසංහිතා,රජනීයං

ඒ කිව්වෙ ඇසින් දැනගතයුතු(චක්ඛු විඤ්ඤෙය්‍ය රූපා) රූප තියෙනවා. ඒ රූප ඉෂ්ඨකාන්ත වූද, මනාපය ඇතිකරවන්නාවූද, කැමැත්ත පහළකරමින් ඇසුරු කරන්නාවූද, ඒ නිසාම කෙලෙස් ඇතිවන්නට ඉඩප්රස්ථාව තිබෙන්නාවූද රූප. ඒ එක කාමගුණයක්.

2. සොත විඤ්ඤෙය්‍ය සද්දා ඉට්ඨා,කාන්තා, මනාපා, පියරූපා,කාමුපසංහිතා,රජනීයං. ඒ කිව්වෙ කණෙන් දැනගතයුතු(සොත විඤ්ඤෙය්‍ය රූපා) ශබ්ද රූප තියෙනවා. ඒ රූප ඉෂ්ඨකාන්ත වූද, මනාපය ඇතිකරවන්නාවූද, කැමැත්ත පහළකරමින් ඇසුරු කරන්නාවූද, ඒ නිසාම කෙලෙස් ඇතිවන්නට ඉඩප්රස්ථාව තිබෙන්නාවූද රූප. ඒ තව කාමගුණයක්.

3.ඝාණ විඤ්ඤෙය්‍ය ගන්ධා ඉට්ඨා,කාන්තා, මනාපා, පියරූපා,කාමුපසංහිතා,රජනීයං. ඒ කිව්වෙ නාසයෙන් දැනගතයුතු(ඝාන විඤ්ඤෙය්‍ය රූපා) ගන්ධ රූප තියෙනවා. ඒ රූප ඉෂ්ඨකාන්ත වූද, මනාපය ඇතිකරවන්නාවූද, කැමැත්ත පහළකරමින් ඇසුරු කරන්නාවූද, ඒ නිසාම කෙලෙස් ඇතිවන්නට ඉඩප්රස්ථාව තිබෙන්නාවූද රූප. ඒ තව කාමගුණයක්.

4.ජිව්හා විඤ්ඤෙය්‍ය රසා ඉට්ඨා,කාන්තා, මනාපා, පියරූපා,කාමුපසංහිතා,රජනීයං. ඒ කිව්වෙ දිවෙන් දැනගතයුතු(ජිව්හා විඤ්ඤෙය්‍ය රූපා) රස රූප තියෙනවා. ඒ රූප ඉෂ්ඨකාන්ත වූද, මනාපය ඇතිකරවන්නාවූද, කැමැත්ත පහළකරමින් ඇසුරු කරන්නාවූද, ඒ නිසාම කෙලෙස් ඇතිවන්නට ඉඩප්රස්ථාව තිබෙන්නාවූද රූප. ඒ තව කාමගුණයක්.

5.කාය විඤ්ඤෙය්‍ය පොට්ඨබ්බා ඉට්ඨා,කාන්තා, මනාපා, පියරූපා,කාමුපසංහිතා,රජනීයං. ඒ කිව්වෙ කයෙන් දැනගතයුතු(කාය විඤ්ඤෙය්‍ය රූපා) පොට්ඨබ්බ රූප තියෙනවා. ඒ රූප ඉෂ්ඨකාන්ත වූද, මනාපය ඇතිකරවන්නාවූද, කැමැත්ත පහළකරමින් ඇසුරු කරන්නාවූද, ඒ නිසාම කෙලෙස් ඇතිවන්නට ඉඩප්රස්ථාව තිබෙන්නාවූද රූප. ඒ පස්වැනි කාමගුණය.

එතකොට මේ කාමගුණ කෙරෙහි සංකල්ප වශයෙන් ඇලීම තමයි කාමය කියන්නෙ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා සංකප්ප රාගො පුරිසස්ස කාමො කියන පදයෙන්. මෙතනදි සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයා වරදවා තේරුම් අරගෙන තියෙනවා රූප ශබ්ද ගන්ධ රස ආදිය තමයි පඤ්චකාම කියලා. නමුත් ඒවා කාමය නෙවෙයි කාමගුණ කියලා බුදුරජානන් වහන්සේ පෙන්වා වදාලා.

"නෙතෙ භික්ඛවෙ කාමා, අපි ච කාමගුණා නා මෙතෙ අරියස්ස විනයෙ" බුදුරජාණන් වහන්සේ ඒ විදියට වදාලා මහණෙනි ඒවා කාම නෙවෙයි මේ ආර්යය විනයේ ඒවා කාමගුණ හැටියටයි හඳුන්වන්නෙ කියලා. නමුත් පෘතග්ජන මනසට මේවා වස්තු කාමයමයි. ඒ ඒ කාමගුණයන් නිසා හිතේ ඇතිවන ඇලීම, කැමැත්ත, ප්‍රියකරන බව ආදිය මත හටගන්නා ඡන්දය හෙවත් කැමැත්ත තන්හාව වෙනවා. ඒ තන්හාව තමයි ක්ලේශ කාමය වෙන්නෙ.

එතකොට කාමගුණය කියන්නෙ ලෝකයේ පවතින ලෝකයට අයිති දෙයක්.

නෙතෙ කාමා යානි චිත්‍රානි ලොකෙ

මේ ලෝකෙයේ තිබෙන චිත්‍ර වැනි රූප ශබ්ද ගන්ධ ආදිය කාමයන් නෙවෙයි.

තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ

ලෝකයේ තිබෙන ඒ චිත්‍ර එහෙමම තියෙනවා. ඒවායේ කාමයන් නැහැ. නමුත්

සංකප්ප රාගො පුරිසස්ස කාමො

යම් පුද්ගලයකු තුල ඒවා කෙරෙහි රාගය සහ ඊට අදාල සංකල්පයමයි කාමය වෙන්නෙ. එතකොට ඒක පුද්ගලයා මනසින් හදාගන්නා දෙයක් මිසක ලෝකයේ පවතින දෙයක් නෙවෙයි. ඒවා කෙරෙන් එන සැප වේදනාවටයි පුද්ගලයා තන්හා කරන්නෙ. වේදනා පච්චයා තන්හා. තන්හා පච්චයා උපාදාන. එතකොට ලෝකයේ කොහේවත් තිබෙන දෙයකට තන්හා කරනව නෙවෙයි. ලෝකයේ පවතින යම්කිසි දෙයක් නිසා හටගත් සැප වේදනාවටයි තන්හා කරල තියෙන්නෙ.

එතකොට ලෝකය කියන්නෙ තමන් නිර්මානය කරගත් දෙයකට. ඒ නිර්මානය කරගත් ලෝකය තුල යමෙකුට දුක් වෙවී පසුතැවිලි වෙන්නත් පුලුවන් එහෙමත් නැතිනම් තමන් නිර්මානය කරගත් ලෝකය තුල ආශ්වාදය විඳිමින් සතුටු වෙවී තමන්ගේ යසස පිලිබඳව උදම් අන අන සිටින්නටත් පුලුවන්. මේ දෙකේම යථා ස්වභාවය නොදන්නා නිසා ඒවා ඒ ඒ කෙනාට නිත්‍ය දේවල් හැටියට පෙනෙන්නටත් පුලුවන්. මේ යථා ස්වභාවය තමයි ඒ කිසිවක් හැමදාම එකම විදියට නොපවතින බව. මිලමුදල් යන්ත්රසූත්ර වගේ දේවල් වැය වෙනවා.ක්ෂය වෙනවා. හැමදේම ඇති උනා වගේම යම් මොහොතක නැති වෙනවා.

යම් හටගැනීමක් තියෙනවා නම්, ඒ හට ගැනීම යම් දවසක් යම් මොහොතක නැති වීමෙන් අවසන් වෙනවා.නමුත් එහෙම වෙනවා කියා සිහිය නැති නිසා හටගත් දේ ඒ විදියටම පවත්වන්නට ගන්නා මහා වෙහෙස තුලම තියෙන්නෙ බයක්. කෙටියෙන් කීවොත් සැප යැයි අල්ලා ගත් දේ තුල සැපයට වඩා තියෙන්නෙ බයක්. ඇයි පවත්වන්න දුක් විඳ විඳ වෙහෙස වෙන්නෙ. ඒ දේ තමන් කැමති විදියට තමා සන්තකයේ පවත්වන්න බැරි වේවිද, අන්සතු වෙයිද, වෙනත් හේතුවක් නිසා නැති වෙයිද කියන බය නිසා. එතකොට ඒක තන්හාව කියලයි යෙදෙන්නෙ.

එතකොට මේ දේවල් තිබිලත් අපි දුකෙන් හෝ භයෙන් නිදහස් වෙලා මිදිලා නැහැ. හැමතිස්සෙම අපට තියෙන්නෙ මේවා අහිමිවෙයි නැතිවෙයි අන්සතුවෙයි විනාශ වෙයි කියන සංත්රාසය. අපි ඒ්වා කෙරෙන් කිසියම් හෝ ආශ්වාදයක් වින්දත්, ඒ් ආහ්වාදයට යටින් තියෙන්නෙ මෙන්න මේ සංත්රාසය සහ භය. ඒතකොට හැම තිස්සෙම බයෙන් තමයි ආශ්වාදය විඳලා තියෙන්නෙ. හිතේ සන්සිඳීම සතුට කියන ඒක ඒතකොට නැහැ මේ ආශ්වාදය තුල. ගේදොර ඉඩකඩම් වේවා, මිලමුදල් වේවා, බිරිඳ සැමියා වේවා, රැකියාව තාන්නමාන්න වේවා, මොනතරම් ඉහළින් තිබුනත් අර භය නිරන්තරයෙන් අපව යටකරගෙන අපට වද දෙනවා.

ඒ් කියන්නෙ යම් උපතක් තියෙනවා නම් ඒක ජරා මරණයෙන් කෙළවර වෙනවා.ජරා මරණය කිව්වාම සෑම වෙනසක්ම ඊට අයත් වෙනවා. ඒ කිවේ හටගත් දේ ව්‍යාධියට දිරීමට ක්ෂය වීමට, වෙනස්වීමට, විපරිනාමය වීමට ඒ කියන සියලු තත්වයන් අයත් වෙනවා.සැප සොම්නස විඳින අතරෙත් ඒ ගැනත් බියක් සන්ත්රාසයක් හිත යට තියෙනවා. එහෙම උනාම අස්වැසිල්ලක් නැහැ හිතට. එතකොට උපත ලැබුවට පස්සෙ යම් සතුටක් විඳිනකොට ජරා මරණය කියන සේයාව හැමතිස්සෙම තැවරිලා තියෙන හින්දයි මේ කය පවත්වන්න අපි බෙහෙත් ආදිය ගන්නෙ.ආහාරපාන ගන්නෙ. එතකොට වෙනත් විදිවලින් යන්ත්රමන්ත්ර, බාරහාර, පුදපූජා, ඇදහිලි, වල යෙදෙන්නෙ කේන්දර බලන්නෙ පහන් පත්තු කරන්නෙ, බෝධිපූජා කරන්නෙ ඊලඟට සුදුකෙස් කළු කරන්නෙ, රූපලාවන්‍යය කටයුතු කරන්නේ හෝමෝන ගන්නෙ ජිම් එකට යන්නෙ ජරා මරණයට තියෙන බය නිසාමයි. ඒ් තරමට මේ මරණයේ සේයාව අප ලඟ තියෙනවා. නමුත් කොහොම කලත් මොන විදියෙ උපක්‍රම යෙදුවත් ඒ් කිව්ව සන්ත්රාසය යම් තැනකදි අප තුල මහා භීතියක් ඇති කරනවා.

ඉතිං යම් එක්වීමක් තියෙනවා නම් ඒ්ක වෙන්වීමෙන් අවසන් වෙනවා නම්, හැම තිස්සෙම අපි වෙන්වෙයි කියන බයෙන් පීඩා විඳිනවා.ඒ් නිසා මොකද කරන්නෙ ඒ එක්වුන දේ හෝ එක්උන කෙනා සම්බන්ධයෙන් කටයුතු කරද්දි, වෙන්වීම කියන බය ඇතිවන නිසාම මහා දුකක් විඳිමින් අකමැත්තෙන් හෝ වෙන්නොවී ඉන්නට බොහෝ දේ කරන්නට වෙනවා. එතකොට මේ තුලින් අපට කාමයන් පිළිබඳ එක ඇත්තක් එනවා. ඒ් තමයි අප විසින් හදාගත් අප විසින් අපවම කොටුකර ගත් මිත්‍යාවක් සිටිනවා මිසක කවදාවත් ඇත්තක් හම්බ නොවන වග.

මොකක්ද ඒ මිත්‍යාව? මේ දේවල් සහ මේ පුද්ගලයන් අහිමිවෙයි කියන බය නිසාම,ඒ කිව්වෙ හැරයයි, මිය යයි, ගිලිහෙයි,අන්සතු වෙයි, ක්ෂය වෙයි, වැයවෙයි, විනාශවෙයි, නැතිවෙයි කියන බය අප ලඟ හැමදාම තියෙනවා. එතකොට ඒ දේවල් වලට හෝ ඒ පුද්ගලයන්ට අපි ආදරෙයි කියා කියන්නෙම ඒ දේවල් සහ ඒ පුද්ගලයන් නිසා අපේ හිතේ ඇතිවන සතුට සොම්නසට බව පැහැදිලියි. එතකොට අපි කාටවත් ආදරය කරල නැහැ ආදරය කරල තියෙන්නෙ ඒ දේවල් වලින් දැනෙන සැප සතුට සොම්නසට නම්, ඒ සැප සොම්නස සතුට වෙනුවෙන් අපි ඒ දේවල් රැකගන්න, අපේ සන්තකයේ තබාගන්න, අන්සතු නොවන්න, විනාශ නොවන්න නේද මේ හැම දුකක්ම විඳින්නෙ. එහෙනම් අපි ඒ දේවල් වලට ආදරෙයි කිය කියා කරන්නෙම මිත්‍යාව පෝෂණය කර කර මිත්‍යාව තුලම ඉන්න එක නේද? ඒක නෙවෙයිද ඇත්ත? එහෙම නම් අපි පෝෂණය කරල තියෙන්නෙ අවිද්‍යාව හෙවත් මිත්‍යාව සහ තන්හාවම නේද? සැමියාට ආදරෙයි බිරිඳට ආදරෙයි දරුවට ආදරෙයි කියල මතුපිටින් දැනුනට සිද්ධවෙලා තියෙන්නෙ මිත්‍යාව සහ තන්හාව පෝෂණය කල එක නේද?

ධනිය සූත්‍රයෙන් පැහැදිලි වන්නේ එබඳු කාමලෝකයක ඇති යථාර්ථයයි. කවුද මේ ධනිය ගෝපාල කියන්නෙ. ඔහු ධනවත් දැවැන්ත ව්‍යාපාරිකයෙක්. ඔහු ජීවත් උනේ මහී ගංගාව නම් මහා නදිය අසබඩ. ඔහුට අයත් දැවැන්ත ගවසම්පතක් සහ කිරි කර්මාන්තයක් තිබුනා. ඒ වෙතින් ඔහු විශාල ධනයක් උපයාගෙන සමෘධිමත් ජීවිතයක් ගතකරමින් හිටියෙ. එමෙන්ම ඔහුට ගව සම්පතට අමතරව විශාල පරිවාර ජනයා සහිත පිරිවර සම්පතත් තිබුනා. ඔහු ජීවත් උනේ ඉතාම තෘප්තියෙන් සහ උජාරුවෙන්. දවසක් මහා වැසි වැටෙන කාලයක බුදුරජාණන් වහන්සේ මේ මහී ගංගාවේ එක් ඉවුරක වැඩ සිටිනවා. ගංගාවෙන් එහා පැත්තෙ අනෙක් ඉවුරෙ තියෙන්නෙ ධනිය ගෝපාලගේ වාසස්ථානය. බුදුරජාණන් වහන්සේටත්, ධනිය ගෝපාලගේ වාසස්ථානයත් අතරින් මහී ගංගාව නිසොල්මන්ව ගලා බසිනවා. තාරකා එළිය වසා ගෙන මහා දැවැන්ත වැහි මේඝයක් අහස පුරා පැතිර එමින් තිබෙනවා. බැලූ බැල්මට එය මහා විශාල දැවැන්ත වර්ෂාවක පෙරමඟ සළකුණක්. ගොම්මං කළුවර ගලාගෙන ඇවිත් රාත්‍රිය උදාවෙනවා. අන්ධකාරය සහ කනාමැදිරි ආලෝකය අතරින් ගංගාව ගලායන කාව්‍යමය රිද්මය මැද ධනිය ගෝපාලගේ කටහඬ බුදුරජාණන් වහන්සේට ඇසෙනවා.

ධනිය ගෝපාල -

පක්කොදනො දුද්ධඛීරොහමස්මි - අනුතීරෙ මහියා සමානවාසො
ඡන්නා කුටි ආහිතො ගිනි, අථ චෙ පත්ථයසී පවස්ස දෙව.

මගේ කුටියේ(මන්දිරයේ) ආහාර කිස අහවර වෙලා තියෙන්නෙ. ආහාරය සූදානම්. කිරිදොවලා තියෙන්නෙ. දවසේ වෘත්තිමය රැකියා කටයුතු ඒ අනුව සමෘද්ධිමත් ආකාරයට ඉටුවෙලා අවසන්. මගේ කුටිය නම් මන්දිරය හොඳින් සෙවිලි කර තිබෙන්නෙ. එය පරිසරයට සංවෘතයි. ඒ නිසා සීතල සුළං හෝ අව් වැසි පිණි කෘමි උවදුරු මොකුත්ම මා කරා එන්නෙ නැහැ. ඇතුලත සුවදායක විදියට උනුසුම දැනෙන පරිදි (කෙලෙස්) ගිනි දල්වල තියෙන්නෙ. ඒ ගිනි රශ්මියෙන් ජීවිතය සැපදායක කරනවා. ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ ඇති තරම් වහින්න..ඔබට කැමති තරමක් වේගයෙන් වහින්න..මම ඒ කිසිවකට බය නැහැ.

ධනිය ගෝපාලගේ ප්‍රකාශයේ දාර්ශණක අර්ථය-

මෙය උදම් ඇනීමක් හා සමානයි. මෙයින් ධ්වණිත වන්නේ ධනයෙන් සහ බලයෙන් පරිපූර්ණ පෘතග්ජන බලවත් පුද්ගලයෙක් සතු ආත්ම අභිමානයයි. ඔහු සතු ධනබලය සහ ශක්තිය නිත්‍ය දෙයක් හැටියටයි ඔහු දකින්නෙ. අපිත් එහෙමයි. ඉඩමක් අරගෙන ගෙයක් හදාගත්තොත් එයටම වාහනයක් අරගත්තොත් අපි හිතනවා ජීවිතයේ ප්‍රශ්න වලින් හරි අඩක් විසඳා අවසන් කියලා. ඊලඟට හොඳ වැටුපක් සහිත රැකියාවක් හෝ ලාභය උපයන ව්‍යාපාරයක් හෝ අස්වැන්න සරු ගොවාතැනක් ලැබුනොත් හිතනවා ජීවිතයේ ආර්ථික ප්‍රශ්නයත් විසඳා අවසන් බව. ඊලඟට විවාහයක් කරගෙන දරුමල්ලන් ඇති උනාම ජීවිතේ ඉතිරි අඩුවත් සම්පූර්ණයැයි සිතා උද්දාමයට පත්වෙනවා. හරියට ධනිය ගෝපාලයන්ගේ මන්දිරය ඇතුලත හොඳින් ගිනි දැල්වී සුවදායක උණුසුම භුක්ති විඳිනවා වගේ, ඒ කෙලෙස් ආශා බලාපොරොත්තු තන්හාවන් පෝෂණය කෙරෙනවා. එයම පරම සැපත හැටියටත්, එයම පරම සැනසීම හැටියටත් දකිනවා. ධනිය ගොපාලගේ මන්දිරය හොඳින් සෙවිලි කර තිබෙනවා වගේ අප විසින් ගොඩනගාගත් ඒ ලෝකයද සංවෘතයි. එය අපට පමණයි විවෘත. කිසිවකුට බාහිරෙන් එයට ඇතුවන්නට හෝ අයිතිවාසිකම් කියන්නට ඉඩක් නැහැ. එතකොට මම කියන මගේ කියන තන්හාවද දෘශ්ඨියද මානයද සහිත ප්‍රපංච ලෝකයක අපි ඉන්නෙ. මේ බාහිර ආරක්ෂාව ගැන අප සිටින්නේද ධනිය ගෝපාල වගේම උදම් අනමින්. ලෝකයේ මොන මොන ප්‍රශ්න ආවත් මට ඒවා කරදරයක් නෙවෙයි. මට රැකියාවක් තියෙනවා. මට ව්‍යාපාරයක් ගොවිතැනක් තියෙනවා. මගේ හොඳ ආදායමක් තියෙනවා. මට හොඳ ගෙයක් තුන්වෙලටම හිඟයකින් තොර කුසපුරා ආහාර වේලක් තියෙනවා. ආරක්ෂාව සහ සුවපහසුව තකා ගෙයක් දොරක් තියෙනවා. ඉතිං ඇයි මම බයවෙන්නෙ. ඒ නිසා ලෝකය ගැන ඇයි මම කරදර වෙන්නෙ. ඒ තමයි දෘශ්ඨිය. නමුත් ධනිය ගෝපාල වැහිවළාකුල හැටියට අටලෝ දහම දුටුවෙ නැහැ. ඔහු කල්පනා කලා මහා වැස්ස නම් අටලෝ දහම ඔහුට අභියෝගයක් නෙවෙයි කියා. ඒ නිසා අටලෝ දහමට ඔහු අභියෝග කලා. ඔබ ආවට මම බය නැහැ කියලා. අපිත් එහෙමයි. ලෝකයේ සිදුවන ව්‍යවසන විනාශයන් අප දකින්නෙ නැහැ අටලෝ දහම විදියට. ඒ නිසා අපිත් අභියෝග කරනවා අටලෝ දහමට මට මේ සැප සම්පත් සහ ආර්ථික භෞතික ශක්තිය තිබෙන නිසා එය දේවල් ආවට මම බය නැහැ. මට මේවා මේවා තියෙනවා ඒ නිසා මම ගැලවිලා කියලා. කේන්දරෙත් බැලුවා. දේවාලෙටත් ගියා. දැන්ම අපල නැහැ කිව්වා. උපරිම ආයුෂ ගෙවිලයි මැරෙන්නෙ කිව්වා. තවත් ධනයෝග තියෙනවා කිව්වා. ඒ නිසා මොනම බලවේගයකටවත් මාව වට්ටන්න බැහැ කිව්වා. ඒ නිසා දැන්ම මැරෙන්නෙත් නැහැ. අපි ඒ විදියට සංකල්ප හදාගෙන ඉන්නෙ. ඒ සංකල්ප වල ඉඳගෙන ලෝකයා දිහා බලාගෙන ඉන්නවා ලෝකයට එහෙම උනාට මට නම් දැන්ම එහෙම වෙන එකක් නැහැ කියල.

මානෙන් ඉඳිතත් මේ සැප පෙරුමය
සීනෙන් ගෑ සුවඳක් සේ බොරුමය
දානෙන් සීලෙන් නොකලොත් දරුමය
පානෙන් අඳුරට ගෙය යයි කරුමය

-ලෝවැඩ සඟරාව- 60 වැනි කවිය-

මේ කියන්නේ ඉහතින් කථාකල හදාගත් සංකල්ප ලෝකවල මානයෙන් දෘශ්ඨියෙන් තන්හාවෙන් කල්ගෙවන එහෙත් අටලෝ දහම නොදැන එය තමන් කරා ආ කල දැඩි සේ කම්පාවට පත්ව කර්ම සකස් කරගෙන දුක්ඛිත සසරට යන සත්ත්වයින් ගැනයි.

අසල් ගෙයෙකැ සොරකම් ගිය දවසෙක
කුහුල් සිතින් ඉඳිනේ තම ගෙය රැක
සියල් සතුන් මරු ගෙන යනවා දැක
කුසල් නොකර ඇයි ඉඳිනේ නොවැසැක

-ලෝවැඩ සඟරාව - 63 වැනි කවිය-

මේ තමයි පෘතග්ජන සත්ත්වයාගේ සංකල්පය. අහලපහළ ගෙදරකට සොරුන් පැන වටිනා දේ පැහැරගෙන ගියත්, අපි නිසොල්මනේ ඉන්නවා මගේ ගෙදරට නම් සොරු පනින එකක් නැහැ මම විමසිල්ලෙන් ඉන්නෙ කියල හිතාගෙන. ඒත් සොරු එන්නේ කාටත් හොරෙන් නොදන්වා හොර රහසෙමයි. නමුත් ඒ විදියටම අපි ලෝක සත්ත්වයා මරුවා විසින් ගෙනයනවා දැක දැක, මම නම් දැන්ම මැරෙන්නෙ නැහැ, කේන්දරෙත් තියෙනවා මැරෙන්නෙ අහවල් කාලයට කියලා, මම බාරහාර වෙමින් පුදපූජා තබමින් දෙවියන්ගෙන් පවා ආශිර්වාද ගන්න කෙනෙක්. සෙනසුරා ඇතුලු සියලු ග්රහයින්ටම පුදපූජා දෙන කෙනෙක්, කියල හිතාගෙන පූර්ව නිගමනට ඇවිත් නිත්‍ය වූ ජීවිතයක් ගැන හිතනවා. ධනිය ගෝපාලත් එවැනි සංකල්පයක ඉඳන් උදම් අනන හැටි අසාගෙන උන් බුදුරජාණන් වහන්සේ ඊට කදිම පිලිතුරක් දෙනවා.

බුදුරජාණන් වහන්සේ-

අක්කොධනො විගතඛිලොහමස්මි - අනුතීරෙ මහියෙකරත්තිවාසො;

විවටා කුටි නිබ්බුතො ගිනි - අථ චෙ පත්ථයසී පවස්ස දෙව.

මගේ නම් කුටියෙ ගිනි නිවිලා තියෙන්නෙ.(රාග ද්වේශ මෝහ ආදී කෙලෙස් ගින්න). ක්‍රෝධය නම් වූ කණු මම මුළුමනින්ම ගලවා දමලයි ඉන්නෙ. පිරිවර ජනයා කවුරුවත් නැතිව මම තනිවමයි මේ මහී ගංගා ඉවුරෙ ඉන්නෙ. මම වැඩ ඉන්න කුටිය මුළුමනින්ම විවෘත කරලයි තියෙන්නෙ. ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ කැමති තරමක් කැමති විදියට වහින්න..මම එයට බය නැහැ.

මගේ කුටිය කියලා බුදුරජාණන් වහන්සේ අදහස් කලේ උන්වහන්සේගේ සිත ගැන.කුටිය විවෘතයි කියල කිව්වෙ සාමාන්‍ය පෘතග්ජනයා ගේ සිත පඤ්ච නීවරණ ආදී කෙලෙස් වලින් වැහිල තිබුනට උන්වහන්සේගේ සිත නීවරණ සංඛ්‍යාත කෙලෙස් වලින් තොරයි. නීවරණ නැතිනම් නිවන විවෘතයි. ඒ උන්වහන්සේගේ සිතේ ස්වභාවය විස්තර කලේ.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිවචනය ධනිය ගෝපාල සැලකිල්ලෙන් අහගෙන හිටියෙ. ඒ නිසා ඊට ප්‍රතිඋත්තර හැටියට ධනිය ගෝපාල මෙසේ කියනවා.

ධනිය ගෝපාල -

අන්ධකමකසා න විජ්ජරෙ - කච්ඡෙ රූළ්හතිණෙ චරන්ති ගාවො

වුට්ඨිම්පි සහෙය්යුමාගතං - අථ චෙ පත්ථයසී පවස්ස දෙව

කණ මැස්සන්ගෙන්වත්, මදුරුවන්ගෙන් වත්, මෙහෙ කිසිම කරදරයක් නැහැ. මගේ සැපතට බාධාකරන්නට ඒ කවුරුවත් මෙහි එන්නෙ නැහැ. ගංගාතීරෙ මගේ ගවයො තණකොළ බුදිමින් ඉන්නෙ. මට ඒව ගැන බලන්න කරදර වෙන්න දෙයක් නැහැ. උං වැස්ස ගැන ඉවසාවි. ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ කැමති තරමක් කැමති විදියට වහින්න..මම එයට බය නැහැ

බුදුරජාණන් වහන්සේ -

බද්ධාසි භිසී සුසඞ්ඛතා - තිණ්ණො පාරගතො විනෙය්ය ඔඝං

අත්ථො භිසියා න විජ්ජති, අථ චෙ පත්ථයසී පවස්ස දෙව’’.

මම පහුර බැඳලා අවසන් කරල ඉන්නෙ. ඒ පහුරෙ නැගලා පරතෙරටම එතෙර උනා. දැන් මට පහුරෙනුත් වැඩක් නැහැ. ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ කැමති තරමක් කැමති විදියට වහින්න..මම එයට බය නැහැ

සම්මුතියේදී පහුර උවමනා කරන්නෙ ගඟකින් එතෙර වන්නට. ගමන අවසන් කොට නැති කෙනාට පහුර තවදුරටත් උවමනායි. ඒත් මෙතන බුදුරජාණන් වහන්සේ වදාරනවා මම මාර්ගය නමැති පහුර බැඳලා, මේ සතර´ඔඝයන් තරණය කරමින් එතෙරෙට ගිහින් ඉවරයි. මගේ ගමන අවසන්.තවත් මට යන්නට උවමනා තැනක් නැහැ. ඒ නිසා මට පහුරෙන්ද වැඩක් නැහැ. ඒ නිසා වැස්ස ඇවිත් පහුර යටවෙයි කියන බය මට නැහැ. ඒ නිසා ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ කැමති තරමක් කැමති විදියට වහින්න..මම එයට බය නැහැ

ධනිය ගෝපාල තමන්ගේ උදම් ඇනීම තවමත් නතර කලේ නැහැ. ඔහු මහී ගංගාවේ එහා ඉවුරේ ඉඳගෙන මහා වැහි වළාකුල දිහා බලල මෙසේ කියනවා.

ධනිය ගෝපාල -

ගොපී මම අස්සවා අලොලා - දීඝරත්තං සංවාසියා මනාපා;

තස්සා න සුණාමි කිඤ්චි පාපං - අථ චෙ පත්ථයසී පවස්ස දෙව

මට ඉතාම කීකරු බිරිඳක් ඉන්නෙ. දිගු කාලයක් තිස්සෙ අපි එක්ව වසන්නෙ. එයා එක එක දේවල් වලට ලොල් ගතියක් දක්වන්නෙ නැහැ. ඒ වගේම කෑදරත් නැහැ. ඇය හැමවිටම මගේ ගතසිත මන වඩනවා. එයාගෙ කිසිම වරදක් දෝශයක් පාපයක් මම දකින්නෙත් නැහැ. ඇය මගේ සිතැඟි පරිදි සිත් අලවාගෙන මා සමග වාසය කරනවා.ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ කැමති තරමක් කැමති විදියට වහින්න..මම එයට බය නැහැ.

මෙතැනදී පවා ධනිය ගෝපාල කියන්නට උත්සාහ කරන්නේ තමන්ගේ කාමභෝගී ජීවිතය භෞතික සහ ආර්ථික අතින් පමණක් නෙවෙයි භාර්යාවගෙන් පවා ලැබෙන්නේ සතුටක් සොම්නසක් සැපයක් කියන උජාරු උදම් ඇනීමයි. තමන්ගේ විවාහ ජීවිතයක් ගැටළු ප්‍රශ්න වාදවිවාද රහිතව අන් අයට වඩා ආශ්වාදනීය ආකාරයට තමන් භුක්ති විඳින බවයි.

එය අසා සිටින බුදුරජාණන් වහන්සේ නැවත මේ විදියට වදාරනවා.

බුදුරජාණන් වහන්සේ -

චිත්තං මම අස්සවං විමුත්තං - දීඝරත්තං පරිභාවිතං සුදන්තං

පාපං පන මෙ න විජ්ජති - අථ චෙ පත්ථයසී පවස්ස දෙව

මගේ සිත මට කීකරුයි. ඒ නිසා මම එයින්ද මිදී සිටින්නෙ. දීර්ඝ රාත්‍රීන් පුරාවට මෙන්ම දිගු කාලයක් තිස්සේ එය මනා කොට වඩමින් දමනය කරන ලද්දක්.ඒ තුල කිසිදු පාපයක් මමද දකින්නෙ නැහැ.ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ කැමති තරමක් කැමති විදියට වහින්න..මම එයට බය නැහැ.

ධනිය ගෝපාල -

අත්තවෙතනභතොහමස්මි - පුත්තා ච මෙ සමානියා අරොගා

තෙසං න සුණාමි කිඤ්චි පාපං - අථ චෙ පත්ථයසී පවස්ස දෙව

භාර්යාව පිලිබඳ පමණක් නෙවෙයි. මගේ දරුවොත් මා එක්කමයි වාසය කරන්නෙ. ඒ අය ඉතාම හොඳ සෞඛ්‍යය සම්පන්නව නිරෝගීව, කිසිම වරදක් පාපයක් නැතිව සමගිව වාසය කරනවා. අනික මම කාගෙන්වත් යැපෙන කෙනෙක් නෙවෙයි. මගේ දරුපවුලම කාටවත් අතපාලා පාච්චල් වෙලා ජීවත් වෙන අය නෙවෙයි. මම ජීවත් වෙන්නෙත් අඹුදරුවන් පෝෂණය කරන්නෙත් මගේම වේතනයෙන්. මගේම ආදායමෙන්. ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ කැමති තරමක් කැමති විදියට වහින්න..මම එයට බය නැහැ.

ධනිය ගෝපාලයන්ගේ ඒ අහංකාර ආඩම්බර උදම් වචනටික අහගෙන සිටින බුදුරජාණන් වහන්සේ හරිම අපූර්ව උත්තරයක් දෙනවා.

බුදුරජාණන් වහන්සේ -

නාහං භතකොස්මි කස්සචි - නිබ්බිට්ඨෙන චරාමි සබ්බලොකෙ

අත්ථො භතියා න විජ්ජති - අථ චෙ පත්ථයසී පවස්ස දෙව

මමත් කිසිම කෙනෙක්ගෙ බැලයෙක් නෙවෙයි. මමත් කාටවත් බැලමෙහෙවරකම් කරන්නෙ නැහැ. මේ ලෝකයේ තිබෙන්නාවූ සියලුම බැලමෙහෙවරකම් වලින් සදහටම මිදුනු එකම එක කෙනා මම විතරයි. ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ කැමති තරමක් කැමති විදියට වහින්න..මම එයට බය නැහැ.

බුදුරජාණන් වහන්සේ ගේ මෙම ප්‍රකාශය ඉතාම ගැඹුරුයි. ධනිය කෙතරම් උදම් ඇනුවත් කිසිවකුගේ බැලමෙහෙවරකම් නොකරන බවට, ඔහු ඔහුගේ බිරිඳටත්, දරුවන්ටත්, ගවයන්ටත්, පරිවාර ජනයාටත්, අවසානයේ තමාටත් බැඳී ඇති බවත්, ඒ බැඳීම තුලම ඇත්තේ බැලමෙහෙවර බව ඔහුට ඒ මොහොතේ නොපෙනුනා විය හැකියි. නමුත් බුදුරජාණන් වහන්සේ උදම් අනන්නේ ඒ කාරණය මැනවින් දැකගෙනයි. ඒ නිසයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ තමන් වහන්සේ තමාගෙන්ද මිදුනු බවට."මේ ලෝකයේ තිබෙන්නාවූ සියලුම බැලමෙහෙවරකම් වලින් සදහටම මිදුනු එකම එක කෙනා මම විතරයි" යනුවෙන් නගන්නේ සත්‍යවාදීවූ සිංහනාදයයි.

ධනිය ගෝපාල -

අත්ථි වසා අත්ථි ධෙනුපා - ගොධරණියො පවෙණියොපි අත්ථි

උසභොපි ගවම්පතීධ අත්ථි - අථ චෙ පත්ථයසී පවස්ස දෙව.

මට තියෙන්නෙ සුළුපටු ගවසම්පතක් හෙම නෙවෙයි. අතිවිශාල කර්මාන්තයකට උරදෙන මහ විශාල ගවසම්පතක් මට තියෙන්නෙ. ඒ ගවසම්පත ඇතුලෙ නාඹර වස්සො විශාල ගනනක් ඉන්නවා. කිරිබොන වසුපැටව්ද ඉන්නවා. පැටවුන් කුසතුල තබාගෙන සිටින ගැබ්ගත් වැස්සියොත් ඉන්නවා. ප්රවේණිඝඨනයට හෙවත් පට්ටි දැමීමට සූදානම් ශක්තිමත් ගවයෝත් ඉන්නවා. ඒ වගේම ගවයන්ට නායක වූ ගවම්පති නම් මහා වෘෂභ රාජයන්ද ඉන්නවා. ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ කැමති තරමක් කැමති විදියට වහින්න..මම එයට බය නැහැ.

බුදුරජාණන් වහන්සේ -

නත්ථි වසා නත්ථි ධෙනුපා - ගොධරණියො පවෙණියොපි නත්ථි

උසභොපි ගවම්පතීධ නත්ථි - අථ චෙ පත්ථයසී පවස්ස දෙව

මට නම් (කෙලෙස් කියන) වස්සො නම් එකෙක් වත් නැහැ. ගවදෙන්නු( අනුශය කෙලෙස්) ඇත්තෙම නැහැ. ප්රවේණිඝඨනය හෙවත් පට්ටි දමන්නට සුදුසු( නැවත නැවත සංසාරයේ ගමන් කරන්නට සකස්වන කර්ම) ගෝධරනීයො හෙවත් කර්ම (භව තෘෂ්ණාව) කිසිවක් නැහැ. ගවයන්ටත් ගව වූ ගවම්පති වෘෂභයෝ (අභිසංඛාර විඤ්ඤාණ) මට නැහැ. ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ කැමති තරමක් කැමති විදියට වහින්න..මම එයට බය නැහැ.

ධනිය ගෝපාල -

ඛිලා නිඛාතා අසම්පවෙධී - දාමා මුඤ්ජමයා නවා සුසණ්ඨානා

න හි සක්ඛින්ති ධෙනුපාපි ඡෙත්තුං - අථ චෙ පත්ථයසී පවස්ස දෙව

මේ ගවයො බැඳ දමා තිබෙන කණු හිටවා තියෙන්නෙ හොඳට යටට පොලොව හාරා ශක්තිමත් විදියට. ඒවා අඩුම තරමෙ සෙලවෙන්නෙවත් නැහැ.උන්ව ගැට ගහල තියෙන්නෙ මෘදු තණකොළ අඹරා සකස් කරගත් ශක්තිමත් වැල් පට වලින්. ඒ බැමි නාඹර ශක්තිමත් තරුණ වස්සෙකුටවත් කඩාගෙන යන්නට බැහැ. ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ කැමති තරමක් කැමති විදියට වහින්න..මම එයට බය නැහැ.

බුදුරජාණන් වහන්සේ -

උසභොරිව ඡෙත්ව බන්ධනානි - නාගො පූතිලතංව දාලයිත්වා

නාහං පුනුපෙස්සං ගබ්භසෙය්යං - අථ චෙ පත්ථයසී පවස්ස දෙව.

මම නම් වරපට කඩාගත් ශක්තිමත් වෘෂභයෙක් වගේ තමයි. ඒ වගේම පූතිලතාව කඩා බිඳගෙන යන මහා ඇත්රාජයෙක් වගෙයි මම. පූතිලතාව කියන්නෙ ඇතුන් බැඳ දමන ඉතාමත්ම ශක්තිමත් වරපොටට.ඒ සියලු බන්ධන මම බිඳ දමා අවසන්. මාව බැඳ දමන්න සමත් කිසිම බන්ධනයක් කොහේවත්ම නැහැ.එබඳු බන්ධන කිසිම දෙයකින් මාව බැඳ දමන්නට නොහැකි නිසා මම නැවත මව් කුසකට එන්නෙත් නැහැ. සියල්ලෙන්ම මම නිදහස්. ඒ නිසා මහා මේඝය..මහා වැස්ස..ඔබ කැමති තරමක් කැමති විදියට වහින්න..මම එයට බය නැහැ.

බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය සිදුකරත්ම මහාමේඝය මහා වර්ෂාවක් වී ඇද හැලෙන්නට පටන් ගන්නවා. වේගයෙන් ඇද හැලෙන විශාල වැහිබිංදු වලින් මහී ගංගාවේ නිහඬව සෙමෙන් ගලාගිය ජලධාරාව කැළඹෙන්නට පටන් ගන්නවා. මහී ගං තීරය හරහා ඇඟ කිලිපොලන තරමේ සීතල සුළඟක් හමා යන්නට පටන් ගන්නවා. ක්ෂනයක් යන්නටත් කලින් සුන්දර ලලනාවක් සේ ලාලිත්‍යයෙන් ගලා ගිය මහී ගංගාව කුරිරු යක්ෂණියක සේ වේගවත් වන ආකාරයද, ප්රචන්ඩ බවට පත්වන ආකාරයද ධනිය ගෝපාලට පෙනුනා. ප්රචන්ඩත්වයෙන් වියරු වැටුනු මහී ගංගාව ඉවුරු දෑලවර පහත් බිම් යටකර ගෙන වේගයෙන් ජලප්‍රවාහයක් වන ආකාරයද, ගවයන් සිටින පහත්බිම ජලයෙන් යටවන ආකාරයද ධනිය ගෝපාලගේ දෑස හමුවේ දිස්උනා. එවිටම මේ යථාර්ථය, මේ විපරිනාමය, මේ ස්වභාවය ඉතාම අපූරුවට මැනැවින් මොහොතකට කලින් මුදුහඬින් එහා ඉවුරේ සිට ප්‍රකාශ කලේ කවුදැයි කියා ධනියට වැටහෙන්නට උනා. ධනිය ගෝපාල හදිසියේ යමක් සිහිපත් වූවා සේ උද්දාමයෙන් එහා ඉවුරේ සිට මෙසේ කියනවා.

ධනිය ගෝපාල -

ලාභා වත නො අනප්පකා - යෙ මයං භගවන්තං අද්දසාම
සරණං තං උපෙම චක්ඛුම - සත්ථා නො හොහි තුවං මහාමුනි
ගොපී ච අහඤ්ච අස්සවා - බ්රහ්මචරියං සුගතෙ චරාමසෙ
ජාතිමරණස්ස පාරගූ - දුක්ඛස්සන්තකරා භවාමසෙ

මේක නම් ආශ්චර්යයක්මයි. මේක නම් ඒකාන්තයෙන්ම ලාභයක් මයි. මේ නම් භාග්‍යවතුන් වහන්සේ මයි. මහාමුණිවරයානනි..ඇස් ඇත්තාවූ නුවනැත්තානනි..මමද මගේ භාර්යාවද...මේ මොහෝතේ පටන් ඔබවහන්සේ ගේ සරණ යනවා. මේ සියලු යථාර්ථය ඇස් ඉදිරිපිට පහදා දුන් ඔබවහන්සේ අපගේ ශාස්තෲන් වහන්සේමය..ඔබවහන්සේ සමීපයේ බ්‍රහ්මචරියාවේ හැසිරෙමින් ජාති ජරා ව්‍යාධී මරණ දුක්ඛයෙන් ඔබ්බට ගියාවූ ලෝකයෙන් එතෙරට යන මාර්ගයට එක්ව අපිදු සංසාර දුක්ඛය නිමා කරනවා.

බුදුරජාණන් වහන්සේ මුණිවත තුල එහා ඉවුරේ ඉවසා වදාරා සිටිනවා. විවිර වූ නුවණැස සහිත ධනිය ගෝපාලයද ගෝපියද මෙහා ඉවුරේ සිටිනවා. වියරු වැටුනු ප්රචන්ඩ මහී ගංගාව ඒ අතරින් ගලා බසිනවා. ඒ අතරින් මාරයා ඔවුන් දෙස හිස පොවා බලා මෙසේ කියනවා.

මාරයා -

නන්දති පුත්තෙහි පුත්තිමා - ගොපියො ගොහි තථෙව නන්දති

උපධී හි නරස්ස නන්දනා - න හි සො නන්දති යො නිරූපධි

දරුවන් ඇති කෙනා ඒ දරුවන් ඇතිබවට සතුටු වෙනවා. බොහෝ ගවයන් සිටින කෙනා ඒ ගවයන් ඇති බවට සතුටු වෙනවා. කාමයන් හා බැඳීමෙන් සතුටු වෙන කෙනා හැරෙන්නට කාම බන්ධන අත්හැරපු කෙනා මොන සතුටක් ලබයිද??

(මාරයාට මේ වෙනස බලා සිටින්නට ඉවසා දරා සිටින්නට හැකි දෙයක් නෙවෙයි. කාමයන් අයිති මාරයාටයි. ජාති ජරා වය්යාධි මරණ දුක්ඛය අයිතිද මාරයාටයි. ඉතිං යම් කෙනෙක් කාමයන්ගෙන් වෙන්ව බ්‍රහ්මචරියාවේ හැසිරෙනවා නම් මාරයාට රුස්සන්නෙ නැහැ. ඒ නිසා තමයි ඔහු මේ කාමයන් පිලිබඳ වර්ණනාව ධනිය ගෝපාලයන්ට අදාල පරිදි සිදු කලේ). ඒ අසාගෙන සිටි බුදුරජාණන් වහන්සේ මාරයාටද, ධනිය ගෝපාලයන්ටද ඇසෙන පරිදි මෙසේ වදාලා.

බුදුරජාණන් වහන්සේ -

සොචති පුත්තෙහි පුත්තිමා - ගොපියො ගොහි තථෙව සොචති

උපධී හි නරස්ස සොචනා - න හි සො සොචති යො නිරූපධී’’ති

දරුවන් ඇති කෙනා දරුවන් ඇති බවටමයි ශෝක කරන්නෙ. ගවයන් ඇති කෙනා ගවයන් ඇති බව නිසාම ශෝක කරනවා.කාමයන් කෙරෙහි බැඳීම් සහිත කෙලෙස් ඇති කෙනා ඒ බැඳීම් නිසා ශෝක කරන අතර කාම ආදී බන්ධන වලින් මිදුනු තැනැත්තා ඒ මිදුනු බව නිසා ශෝක කරන්නේ නැත.

බාහිර ආයතන(රූපායතනය, සද්දායතනය, ගන්ධායතනය, රසායතනය, පොට්ඨබ්බායතනය, ධම්මායතනය) හමුවේ ඇති රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්බ ආදී කාම අරමුනු වලින් බැඳුනු කෙනා ජාති ජරා ව්‍යාධි මරණ බිය හමුවේ දරුවන් කෙරෙහි ශෝක කරනවා. ඒයට හේතුව භවය සකස් වෙන්නේ මෙම බාහිර ආයතන පිලිබඳව වූ අවිද්‍යා ක්ලේශය නිසාය. ඒ්වා නිත්‍ය සුඛ ආත්ම බවට ඇති මෝහය මෙම අවිද්‍යාවයි. එනිසා එම පරිවාර සම්පත්තිය මිලමුදල් වතුපිටි ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම්, තනතුරු තාන්නමාන්න දිවට දැනෙන රස, කය කැමති පහස මේ ආදී සියලු කාමයන් පිළිබඳවම ශෝක කරනවා. ශෝකය නිසා භය ඇති වෙනවා. භය නිසා දුක ඇති වෙනවා. මේවා කෙරෙහි මනස සාපේක්ෂ වටිනාකම් නැතිව සිහියෙන් වර්තමාන ක්ෂණය තුල පරිහරණය කරයිද, නැවත නැවත පුනර්ජන්මය ඇතිවන විදියට සිත සිතා නොසිටියිද, ඒවා වල අනිත්‍යය ස්වභාවය දකියිද ඒ කෙනා ඒ බන්ධන වලින් මිදෙනවා. ශෝකයෙන්ද බයෙන්ද මිදෙනවා.

මෙය කියවන ඔබගේ අදහස් අප ඉතාම අගේ කොට සළකනවා. පහත comment section එක තුල අදහස දන්වා සිටින්න. Follow තීරයෙන් මෙම බ්ලොග් අඩවියට දායකත්වය දෙන්නටද අමතක කරන්න එපා.

මූලාශ්‍ර

1.අංගුත්තර නිකාය - ඡක්ක නිපාතය- කාම භය සූත්‍රය-

2.නිබ්බේධික පරියාය සූත්‍රය -අංගුත්තර නිකාය

3.ඛුද්දක නිකාය - ධනිය සූත්‍රය-

4.ලෝවැඩ සඟරාව

jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.com2tag:blogger.com,1999:blog-960881688546260776.post-89779042827529043522022-11-17T17:14:00.007-08:002022-11-17T17:21:07.724-08:00අසත් පුරුෂයා -ධර්මය සහ ජීවිතය - 19 කොටස

photo credit - https://iheartintelligence.com/

‘‘යානි කානිචි, භික්ඛවෙ, භයානි උප්පජ්ජන්ති සබ්බානි තානි බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො, යෙ කෙචි උපද්දවා උප්පජ්ජන්ති සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො;

“මහණෙනි, යම්කිසි බියක් උපදීනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී. පණ්ඩිතයා කෙරෙන් නූපදී. යම් කිසි උවදුරක් උපදීනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී, පණ්ඩිතයා කෙරෙන් නූපදී. යම්කිසි විපත්තියක් වේනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී, පණ්ඩිතයා කෙරෙන් නූපදී.

-බහුධාතුක සූත්‍රය - මජ්ජිම නිකාය-

photo credit -https://www.drjamesdobson.org/

අසත් පුරුෂයා කියන්නෙ සතුරාට නෙවෙයි. සතුරාටත් වඩා භයානක කෙනෙක්.සමහරවිට අපේ ලඟින්ම ඉන්න කෙනා වෙන්නත් පුලුවන්. සතුරා ප්රකටයි. එයා සතුරා බව දන්නවා. ඒ නිසා පරිස්සම් වෙන්නත් පහසුයි. ඒත් අසත් පුරුෂයා නිසා සිදුවන අලාභ එමටයි. අසත් පුරුෂයා නිසා පැමිණෙන දුක අපමණයි. ලෞකික ජීවිතයක් ගත කරද්දි මේ අසත් පුරුෂයා තමන්ගේ භාර්යාව උනොත්, සැමියා උනොත්, දරුවා උනොත්, එතනින් පරිස්සම් වෙන්න ඉතාම අසීරුයි. එහෙම අයෙක් ඉන්න තැන උභතෝකෝටික ප්‍රශ්න වැලකට මුහුණ දෙන්න සිදුවෙන්න වෙනවා. ගැලවෙන්න බැරි මහා කරදර දුක්කම්කටොලු රාශියකට මුහුණ පාන්නට සිදු වෙනවා.

සමාජ සම්මත බැඳීම් හමුවේ එබඳු අසත්පුරුෂ අය සමග සිටීමේදී, යමෙකුට බොහෝ දුක් උසුලන්නට සිදුවෙනවා. සමාජ සම්මත බැඳීම් නිසා ඔහුට ඉවසීම සහ විඳ දරා ගැනීම හමුවේ නිහඬව සිටින්නට සිදුවෙනවා. කෙතරම් කටුක උනත් කෙතරම් කෲර උනත්, කෙතරම් ඛේදනීය නින්දා අපහාස ආවත්, එම වගකීම් සහ යුතුකම් අත්හැර දමා යන්නට හෝ ඔවුන් කෙරෙන් වෙන්ව යන්නට ඇති නොහැකියාව මත තව දුරටත් රැඳෙමින් සියලු දුක් කම්කටොළු නින්දා අපහාස තාඩන පීඩන සිත් රිදීම් දරාගෙන සිටින්නට සිදුවෙනවා. එවිට සත්පුරුෂයා කල්පනා කරනවා මේ සංසාරයේ කල කර්ම වල විපාක ගෙවාදැමීමක් හැටියට. ඔහුට වෙන කිසිදු විකල්පයක් නැහැ ඒ සියලු දුක් ඉවසා සිටීම හැර. එයට හේතුව අසත්පුරුෂයා ස්ත්‍රියක් වේවා පිරිමියෙක් වේවා,සැමියෙක් වේවා බිරිඳක් වේවා,දරුවෙක් නෑයෙක් වේවා, හැමවිටම කළගුණ නොදන්නා අයෙක් වීමයි. ද්වේශය ක්‍රෝධය පිරි මනසකින් යුක්ත අසත්පුරුෂයා, හැමවිටම තමාගේ වරද නොදකියි. තමාගේ වරද පෙන්වා දෙන කෙනා සතුරෙක් සේ සළකයි. අසත්පුරුෂයා අතින් සිදුවන්නේම විනාශයයි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාලේ "මහණෙනි, යම්කිසි බියක් උපදීනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී. පණ්ඩිතයා කෙරෙන් නූපදී. යම් කිසි උවදුරක් උපදීනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී, පණ්ඩිතයා කෙරෙන් නූපදී. යම්කිසි විපත්තියක් වේ නම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී, පණ්ඩිතයා කෙරෙන් නූපදී" කියා.

බුදුරජාණන් වහන්සේ අසත් පුරුෂයා පිලිබඳව දීර්ඝ විස්තරයක් භික්ෂු සංඝයා ඉදිරියේ දේශනා කරනු ලබනවා.එය සංවාදාත්මක ස්වරූපයෙන් මෙසේ දක්වා තිබෙනවා.

ජානෙය්ය නු ඛො, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසං ‘අසප්පුරිසො අයං භවන්ති?

මහණෙනි..අසත්පුරුෂයා යම් කාරණයක් නිසා තවත් කෙනෙක් මේ කෙනා අසත් පුරුෂයෙක් ලෙස දකින්නේද?

නැත ස්වාමීණී

එය එසේමයි මහණෙනි..අසත් පුරුෂයා යම් කාරණයකින් තවත් අයෙක් මේ අසත් පුරුෂයෙක් කියා දකිනවා කියන එක සිදුවන්නෙ නැහැ.

ජානෙය්ය පන, භික්ඛවෙ, අසප්පුරිසො සප්පුරිසං - සප්පුරිසො අයං භවන්ති? එසේනම් මහණෙනි..අසත් පුරුෂයා යම් කාරණයක් නිසා වෙනත් අයෙක් මේ නම් සත් පුරුෂයෙක් කියා දකියිද?

‘‘නො හෙතං, භන්තෙ’’.

නැත ස්වාමීණී

මැනැවි මහණෙනි..අසත් පුරුෂයා යම් කාරණයක් නිසා වෙනත් අයෙක් මේ නම් සත් පුරුෂයෙක් කියා දකිනවා කියන එක සිදුවන්නෙ නැහැ.

-චූළපුණ්ණම සූත්‍රය-මජ්ජිම නිකාය-

මේ සංවාදය තුල ඉතාම වැදගත් මූලසාධකයක් මතුවෙනවා. අසත්පුරුෂයා අසත්පුරුෂ පාපී ක්‍රියාව තුල නිරත තවත් කෙනෙක්ව, අසත්පුරුෂයෙක් හැටියට දකින්නෙ නැහැ.එහෙම වෙන්න විදිහක් නැහැ කියා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඇයි ඒ? අසත්පුරුෂයා අසත්පුරුෂ ක්‍රියා වලටයි කැමැත්ත දක්වන්නෙ.සතුටු වෙන්නෙ.අනුමත කරන්නෙ. "ගැහුවොත් ගහපං, මැරුවොත් මරපං, රිද්දුවොත් ඇතිවෙන්නම රිදවපං,එහෙම නොකලොත් වැඩක් නැහැ" මේ අසත් පුරුෂයාගේ දැක්ම. ඒ නිසා අසත්පුරුෂ ක්රියාවේ යෙදෙන වෙනත් අයෙක්ව ඔහු වීරයෙක් හැටියට මිසක කවදාවත්ම අසත් පුරුෂයෙක් හැටියට දකින්නෙ නැහැ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා භික්ෂූන් ගෙන් මහනෙනි අසත්පුරුෂයා කවදාවත් සත්පුරුෂ යහපත් කෙනෙක්ව,සත්පුරුෂයෙක් හැටියට දකියිද කියා. භික්ෂු පිරිස උත්තර දෙන්නෙ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ පිලිතුරු දෙන්නේ ඒක එහෙමම තමයි. අසත් පුරුෂයා කවදාවත් සත්පුරුෂයාගේ යහපත්බව දකින්නෙ නැහැ කියලා.

අසත්පුරුෂයාට සත්පුරුෂයා ගේ ඉවසීම හික්මීම යුතුකම් මැනවින් ඉටුකිරීම පෙනෙන්නේ, නිවට බියගුළු කමක් හැටියට. ඒ නිසා අසත් පුරුෂ ධර්මතා වලින් අන්ධ වෙච්ච කෙනා සත්පුරුෂ ගුණ ගරුක ඉවසීම සහිත පාපයට ලජ්ජාව බය සහිත කෙනාව පීඩාවට පත් කරන ආකාරයෙන් තමයි කටයුතු කරන්නෙ. මොකද අසත්පුරුෂයා දන්නවා ඒ කෙනා බැන්නට බනින්නෙ නැහැ කියලා. ගැහුවට ගහන්නෙ නෑ කියලා. රිදෙව්වට පෙරලා ප්‍රතිචාර දක්වන්නෙ නැහැ කියලා. නින්දා කලාට ගැරහුවාට වෙනස්කම් කලාට ඒවා කෙරෙහි කළහ කොළාහල කරගන්නෙ නැහැ කියලා. ඔහුගේ මුනිගුණ මුනිවත තුල රඳවා ගෙන කටයුතු කරන නිසා අසත්පුරුෂයා නිතරම හිතනවා ඔහුව යටකරගෙන තමන්ගේ අණසකට යටත් කරගන්නට. ඔහු එයින් කෲර සතුටක් ලබනවා.

photo credit - https://www.pinterest.com/

අසත්පුරුෂයාගේ ගති ලක්ෂණ

"අසප්පුරිසො, භික්ඛවෙ, අස්සද්ධම්මසමන්නාගතො හොති, අසප්පුරිසභත්ති අසප්පුරිසභත්තී හොති, අසප්පුරිසචින්තී හොති, අසප්පුරිසමන්තී හොති, අසප්පුරිසවාචො හොති, අසප්පුරිසකම්මන්තො හොති, අසප්පුරිසදිට්ඨි අසප්පුරිසදිට්ඨී හොති; අසප්පුරිසදානං දෙති’’.

අසත්පුරුෂයා මහණෙනි අසද්ධර්මයෙන් යුතු කෙනෙක් නිසා. එයා හොයන්නෙම අසත්පුරුෂයින්මයි. එයාට තියෙන්නෙ අසත්පුරුෂ සිතිවිලි සහිත අසත්පුරුෂ සිතක්මයි. අසත් පුරුෂ විදියට කතාකරන, අසත්පුරුෂ කථා අහන, ඒ කෙනා කරන්නෙත් අසත්පුරුෂකම් මයි. එයාගෙ දෘශ්ඨියම අසත්පුරුෂයි. එයා දෙන්නෙත් අසත් පුරුෂ දානයමයි.

අසත්පුරුෂයාගේ ගති ලක්ෂණ විමසුම

1."අසප්පුරිසො අස්සද්ධම්මසමන්නාගතො හොති" කුමක්ද මේ අසත්පුරුෂ ධර්මයෙන් සමන්නාගතයි කියන්නෙ. අසත්පුරුෂයා ගේ පළමු ලක්ෂණය තමයි ඔහු තුල ශ්‍රද්ධාව නොමැතිකම. ඒ නිසාම ඔහු පාපායට දසඅකුසලයට ලජ්ජා වෙන්නෙ නැහැ.බයවෙන්නෙ නැහැ. ඒ නිසාම ඔහු බහුශ්‍රැත නැහැ. අල්පශ්රැතයි. ඔහු කුසීත කම්මැලි විදියට දවස ගෙවන්නෙ.යුතුකම් ඉටුකරන්නට ඔහු දන්නෙ නැහැ. ඒ නිසා ඔහු ප්‍රඥාවෙන් පිරිහෙයි. මේ ලක්ෂණ වලින් ඔහු අසත්පුරුෂ ධර්මයෙන් සමන්නාගත යැයි හැඳින්වෙනවා.

2."අසප්පුරිසො අසප්පුරිසභත්ති හොති" යනුවෙන් හැඳින්වෙන්නේ, ඔහු ඇසුරු කරන්නට ප්‍රිය කරන්නේද කුසීත කම්මැලි විදියට දවස,හිස් අසත්පුරුෂ කතා කියන, හිස් අසත්පුරුෂ කතා අහන, පාපායට දසඅකුසලයට ලජ්ජා බය නැති, අල්පශ්‍රැත ප්‍රඥාව පිරිහුනු අයයි. ඔහුට ගැලපෙන්නේ එබඳු අයගේ කථායි. ඔහුට ගැලපෙන්නේ එබඳු අයගේ අදහස්මයි. ඒ නිසා ඔහු සොයන්නේද එබඳුම අයයි.

3."අසප්පුරිසො අසප්පුරිසචින්තී හොති" යනු කුමක්ද? සෑමවිටම අසත්පුරුෂයා සිතන්නේ අනුන්ට අයහපතක් ගෙනෙන අනුන්ට දුක් පිණිස පහළවන සිතිවිලිය. ඒ වගේම ඒ සිතිවිලි ඔහුටද සැපක් සේ පෙනුනාට ඔහුටම දුක පිණිස පවතියි. එය ඔහුටද ලෝකයාටද දෙපාර්ශවයටම අහිත පිනිස, දුක් පිණිස, පවතින සිතිවිලිය.ඒ සිතිවිලි අසත්පුරිස සිතිවිලි නම් වේ.

4."අසප්පුරිසො අසප්පුරිසමන්තී හොති" යනු අසත්පුරුෂයා කථබහ කරන්නේ ආත්ම පීඩාව පිණිස පවතින කථාවන්ය. ඒ වගේම පරපීඩාව පිනිස පවතින කථාවන්ය. තමාටත් අනුන්ටත් පීඩාව පිණිසම පවතින කථාවන්ය.

5."අසප්පුරිසො අසප්පුරිසවාචො හොති" ,යනු අසත්පුරුෂයා බොරු කියයි.කේළාම් කියයි. රළු පරොළු පරුෂ වචන කියයි. හිස් වචන හෙවත් දෙතිස් කතාවෙහිම යෙදෙයි. ඒ ඔහු පාපයට අකුසලයට බයක් හෝ ලජ්ජාවක් නොමැති හෙයින්ය.

6."අසප්පුරිසො අසප්පුරිසකම්මන්තො හොති" යනු, අසත්පුරුෂයා ප්‍රාණඝාතය සහ පරපීඩාව හෙවත් අනුන්ට කායිකව මානසිකව පීඩාවට ලක්කරයි. සොරකම් කරයි. කාමයන් කෙරෙහි වැරදි සහගත ලෙස හැසිරෙයි.

7. "අසප්පුරිසො අසප්පුරිසදිට්ඨි හොති" යනු, අසත්පුරුෂයා තුල අවම වශයෙන් වත් කම්මස්සකතා සම්මා දිට්ඨිය හෙවත් ලෞකික සම්මාදිට්ඨියවත් නැත. තිබුනත් එය අසත්පුරුෂභාවයෙන් මිදෙන්නට ප්‍රමාණවත් තරමට නැත. ලෞකික සම්මාදිට්ඨිය කියන්නෙ "දානයෙහි විපාක ඇත.ශීලයෙහි විපාක ඇත. පූජාවෙහි විපාක ඇත. කර්මයන්ගේ ඵලයක් හෝ විපාකයක් ඇත. මෙලොවක් ඇත. පරලොවක් ඇත. මවට කරන ලද හොඳ නරකවල විපාක ඇත. පියාට කරන ලද හොඳ නරකවල විපාක ඇත. මරණයෙන් පසුව පරලොව උපදින සත්වයන් ඇත. යමෙක් මෙලොව ද, පරලොවද, තම විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත්ද, එබඳු වූ යහපත් බවට පැමිණියාවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි ඇත " යන දෘශ්ඨියයි.

8."අසප්පුරිසො අසප්පුරිසදානං දෙති" යනු, අසත්පුරුෂයා දන් දෙන්නේ මනාව සකසා නෙවෙයි. මනාව සකසා කියන්නේ තුන්සිත පහදවාගෙන, සෝමනස්ස සහගතව ඤාණ සම්ප්රයුක්තව දෙන දානයට. අසත්පුරුෂයා දන් දෙන්නේ එහෙම නෙවෙයි. ඔහු දන් දෙන්නේ සකසා නෙවෙයි. ඒ වගේම තමා අතින්ම නෙවෙයි. දානය ලබන කෙනා ගැන ගෞරවයකිනුත් නෙවෙයි. වීසි කරනු කැමැත්තෙන් බැහැර කරනු කැමැත්තෙන්, දමා ගසන පරිද්දෙන්, අපිරිසිදුව අපිලිවෙලටයි ඔහු දෙන්නෙ. ඒ වගේම "මේවා දුන්නට මොනා ලැබෙනවද" යනුවෙන් දුන් දේ විපාක පිලිබඳව නොතකා දෙන්නන් වාලේ දෙයි.

අසත් පුරුෂයා බාලයා ය. දුර්ජනයා බාලයා ය. අධමයා බාලයා ය. කුහක ඊර්ෂියාකාරී පුද්ගලයා බාලයා ය. උඬඟු, අහංකාර, පුහු, හිස් කෙනා බාලයා ය. විෂම අදහස් වලින් හිස උදුමවාගත් නූගත් උද්ධච්ච කෙනා බාලයා ය. ශිෂ්ඨ සම්පන්න හැසිරීම් බාලයාට නොමැත. බාලයාගේ දර්ශනය සම්මා දිට්ඨිය නොව මිත්‍යා දෘශ්ඨියයි.

බාලයා පිළිබඳ සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න

photo credit - https://bnn-news.com/

අසත්පුරුෂයන් ගේ ලක්ෂණ බොහෝමයි. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ අසත් පුරුෂ බිරිය ගැනද සඳහන් කර තිබෙනවා.

පදුට්ඨචිත්තා අහිතානුකම්පිනී,

අඤ්ඤෙසු රත්තා අතිමඤ්ඤතෙ පතිං;

ධනෙන කීතස්ස වධාය උස්සුකා,

යා එවරූපා පුරිසස්ස භරියා;

යම් පුරුෂයකු ගේ භාර්‍ය්‍යාවක් තම සැමියා කෙරෙහි දුෂ්ඨ වූ චේතනාවෙන් අනුකම්පාවක් නැතිද, වෙනත් පුරුෂයන් ප්රියකරයිද, තමන්ගේ සැමියාට වඩා ඉහලින් සිතයිද, සැමියා ඉක්මවා යයිද, සැමියාට වදයක් පිණිසම හැසිරෙයිද, ඒ භාර්යාවට වධක භාර්යාව යැයි කියනවා.

යං ඉත්ථියා වින්දති සාමිකො ධනං,

සිප්පං වණිජ්ජඤ්ච කසිං අධිට්ඨහං;

අප්පම්පි තස්ස අපහාතුමිච්ඡති,

යා එවරූපා පුරිසස්ස භරියා;

‘චොරී ච භරියා’ති ච සා පවුච්චති.

යම් සැමියෙක් ඔහු දන්නා ශිල්පයෙන්ද, වෙළඳාමෙන් හෝ ගොවිතැනින් හෝ රැකියාවකින් යම් ධනයක් උපයයිද, ඒ ධනයෙන් කුමන හෝ කොටසක් සඟවා ගන්නට යම් භාර්යාවක් කැමති වන්නේද ඒ භාර්යාවට චොර භාර්‍ය්‍යාවයයි කියනවා.

අකම්මකාමා අලසා මහග්ඝසා,

ඵරුසා ච චණ්ඩී දුරුත්තවාදිනී;

උට්ඨායකානං අභිභුය්ය වත්තති,

යා එවරූපා පුරිසස්ස භරියා;

‘අය්යා ච භරියා’ති ච සා පවුච්චති.

යම් භාර්යාවක් වැඩට කම්මැලිද, කුසීතද, පමණ ඉක්මවා ආහාරයට ප්රියකරමින් නිකරුනේ කල් ගත කරයිද, නපුරු වචන කියන, කෲර කෝපගති ඇතිද, උත්සාහවත් සැමියාගේ ඒ උත්සාහයන් යටපත් කරයිද, ඒ භාර්යාවට ස්වාමි භාර්යාව යැයි කියනවා.

-අංගුත්තර නිකාය- ආඛ්‍යාකතවග්ගය- සප්තභාර්යා සූත්‍රය-

ඒ වගේම බුදුරජාණන් වහන්සේ නැවත සිහිපත් කොට වදාරනවා ක්‍රෝධය සහිත අසත් පුරුෂ කාන්තාවක් වේවා පුරුෂයෙක් වේවා, ඔවුන් සතුරන්ට ප්‍රියකරන, සතුරන් ඇතිකරගන්නාවූ ධර්මතාවයන් හතක් තිබෙනවා කියා.

1. ක්‍රෝධ බහුල ස්ත්‍රිය වේවා පුරුෂයා වේවා මොනතරම් ස්නානය කොට සුවඳ විලවුන් ගල්වාගෙන සිටියත්, දැලි රැවුල් බා, පිරිසිදු වස්ත්‍රයෙන් සුදුපාට ඇඳුමින් සැරසී සිටියත්, මේ කෙනාගේ මුහුණ හෝ සමේ වර්ණය දුර්වර්ණ වෙනවා. ඒ වගේම තමන්ගේ ක්‍රෝධයට පාත්රවන කෙනාද දුර්වර්ණ වනු දැකීම එයාගෙ කැමැත්ත වෙනවා. තමන්ගේ ක්‍රෝධයට පාත්රවන තැනැත්තාගේ ශරීර පැහැපත් වර්ණය එයා ඉවසන්නෙ නැති වෙනවා.

2.ක්‍රෝධ බහුල අසත්පුරුෂයා ස්ත්‍රියක වේවා පුරුෂයකු වේවා, කෙතරම් සුවපහසු නිදි යහනාවක් ලැබුනද, ක්‍රෝධය නිසාම නින්ද නැති දුකසේ සයනය කරයි. ඒ වගේම එයා කල්පනා කරනවා තමන්ගේ ක්‍රෝධයට පාත්රවන කෙනාටද නින්ද අහිමි වේවා කියා. මක්නිසාද යත් මේ අසත්පුරුෂ කෙනා කිසිදාක තමන් ක්‍රෝධ කරන කෙනාගේ සැපයට කැමති නැති නිසා.

3.ක්‍රෝධ බහුල අසත්පුරුෂයා ස්ත්‍රියක වේවා පුරුෂයකු වේවා, තමන්ගේ ක්‍රෝධයට ලක්වන කෙනාගේ අභිවෘද්ධිය දියුනුව කිසිදා නොඉවසන නිසා, හැමවිටම සිතන්නේ ඒ කෙනා දියුනුවෙන් පිරිහෙනවා නම් හොඳයි කියාය. සන්තක දේ නැති නාස්ති වී විනාශ වී යනවා නම් ක්‍රෝධ බහුල අසත්පුරුෂයා බෙහෙවින් සතුටු වෙනවා.

4.ක්‍රෝධ බහුල අසත්පුරුෂයා ස්ත්‍රියක වේවා පුරුෂයකු වේවා, තමන්ගේ ක්‍රෝධයට ලක්වන කෙනාගේ භවභෝග සම්පත්, මිලමුදල්, දේපල ඉඩකඩම් යානවාහන ගෙවල් දොරවල් ආදිය ගැන .කැමති වෙන්නෙ නැහැ. එහෙම දේවල් තියෙනවා දකින්නවත් එයා කැමති නැහැ. ඒ නිසා හැමතිස්සෙම එයා හිතන්නෙ අර පුද්ගලයා දහදිය මහන්සියෙන් වීරියෙන් උත්සාහයෙන් රැස්කල ඒ දේවල් නැතිවෙනවා නම් විනාශ වෙනවා නම් හොඳයි කියා. ඒ නිසා කුමන ක්‍රමයකින් හෝ නීතියේ රැහැනට හෝ පටලවා ඒවා රාජසන්තක කරන්නට වුව එයා මැලි වෙන්නෙ නැහැ.

5.ක්‍රෝධ බහුල අසත්පුරුෂයා ස්ත්‍රියක වේවා පුරුෂයකු වේවා, තමන්ගේ ක්‍රෝධයට ලක්වන කෙනාගේ හිතමිතුරන් ඔහුට නැති වෙනවා නම් හොඳියි කියා හිතනවා. එයට හේතුව ක්‍රෝධ බහුල අසත්පුරුෂයා ඒ ක්‍රෝධය සහිත අසත්පුරිස ගති නිසා තමන්ට මිතුරුව සිටි ලේ නෑයන්ද, හිතමිතුරන්ද, අසල්වාසීන්ද දුරින් දුරු කර ඇති නිසාය.

6.ක්‍රෝධ බහුල අසත්පුරුෂයා ස්ත්‍රියක වේවා පුරුෂයකු වේවා, තමන්ගේ ක්‍රෝධයට ලක්වන කෙනා ලෝකයාගේ කීර්තියට,ප්‍රසිද්ධියට ලක්වීම නුරුස්සයි. ඔහු සිතන්නේ ඒ කෙනාගේ කීර්තිය ප්‍රසිද්ධිය ඔහුට අහිමි වෙනවා නම් හොඳයි කියාය. අන් අය ඔහුට බොහෝ සෙයින් ආදරය කිරීම, බොහෝ සෙයින් ගරු කිරීම සහ ඔහු වටා සිටීම අසත්පුරුෂයා නුරුස්සයි. මක්නිසාද අසත් පුරුෂයාට ලැබෙන්නේ කීර්තියක් නොව අපකීර්තියක් නිසාය.

7.ක්‍රෝධ බහුල අසත්පුරුෂයා ස්ත්‍රියක වේවා පුරුෂයකු වේවා, තමන්ගේ ක්‍රෝධයට ලක්වන කෙනා කෙතරම් යහපත් අයෙක් වුවත් මරනයෙන් මත්තේ අපායේ නිරයේ ඉපදිලා අනන්ත දුක් විඳින්න ලැබේවා කියා හිතනවා. එයට හේතුව අසත් පුරුෂයා සිතින් කයින් වචනයෙන් නිරන්තරයෙන්ම අගතිගාමී අපායගාමී සිතිවිලි වලම සිටින නිසාය.

මේ අසත් පුරුෂ ගතිලක්ෂණ ඇති කෙනා මෙලොවද රහසේ දුක් විඳියි. මරණයෙන් පසුව පරලොවදීද අනන්ත දුක් විඳියි. අසත්පුරුෂයාගේ මූලබීජය කේන්තිය,තරහාව, ක්‍රෝධය, වෛරය, වැනි අනර්තකාමී සිතිවිලිය. ඒවා නිරන්තරයෙන්ම ඔහුවම පෙලනු ලබයි.

අසත්පුරිස ක්‍රෝධයේ ආදීනව

නිතර කේන්තියෙන් කිපෙන අසත්පුරිස ස්ත්‍රිය වේවා පුරුෂයා වේවා, යහපත දන්නෙ නැහැ. ක්‍රෝධය පිරුනු ඒ කේන්තිය නිසා එයාට ධර්මය දැකගන්නට ලැබෙන්නෙත් නැහැ. තමාගේ සිත තුල හටගත් ඒ නරක නපුරු සිතිවිලි තමාගේම භයට හේතුවක් බවවත් ඔහු දකින්නෙ නැහැ. ක්‍රෝධයෙන් වැහිලා සිටින ඒ කෙනා ඝණ අන්ධකාරයකයි සිටින්නෙ. ඒ අන්ධකාරය තුල සිටින ඒ කෙනා උපනූපන් ආත්ම භාවයන් වල ධන හානියට පත් වෙනවා. සියල්ල දැවී ගියා සේ අහිමි වෙනවා.නපුරු අසත්පුරුෂ සිතිවිලි නිසාම නිරන්තර කෝපයෙන් සිටින ඒ කෙනා පාපයට බයක් නැති පාපයට ලජ්ජාවක් නැති අයෙක් සේ හැසිරෙන්නෙ. ඒ නිසා එයාට එලොව මෙලොව කිසිම පිහිටක් ලැබෙන්නෙ නැහැ. මෙතන තියෙන ඊලඟ ඛේදවාචකය තමයි මෙහෙම කෝපයෙන් ක්‍රෝධයෙන් කිපුනු අසත්පුරුෂයා පවට ඇති ලජ්ජාව බය දුරුවෙලා ගියාම ඉතාම සුලු කාරණාවකට වුවත් තමන්ගේ පියා පවා මරා දමනවා. තමන් හැදූ වැඩූ මව මරා දමනවා. පෘතග්ජනයා පමණක් නෙවෙයි රහතුන් වහන්සේ පවා මරා දමනවා. අසත් පුරුෂ ක්‍රෝධ බහුල කෙනා යමෙක් මරන්නෙ ඒ අයත් තමන් වගේම යැයි හිතලා. ඔහුට ලෝකයා පෙනෙන්නෙ තමන් වගේ හින්දා. ඒ විතරක් නෙවෙයි ක්‍රෝධයෙන් තරහෙන් සහ නරක නපුරු චේතනාවෙන් යුක්ත කෙනා, තමන් කෙරෙහිත් ඒ දුෂ්ඨ ගති වපුරනවා. එක්කො වහ බොනවා. එක්කො ගෙල වැළලා ගෙන මැරෙනවා. එහෙම නැත්නම් කඩුවකින් පිහියකින් කිණිස්සකින් ගෙල කපා ගන්නවා. මරණින් මත්තෙ නරක නපුරු මලයක්ෂයෙක් වෙලා , පෙරේතයෙක් වෙලා , බිහිසුනු තිරිසන් සතෙක් වෙලා හෝ අවීචි මහ නරකාදියේ උපදිනවා.

අසත් පුරුෂයා දානයට ගරහයි. සෙසු අයගේ දන් දීම වලකයි. අසත්පුරුෂයා ශීලයට නින්දා කරයි.එයට ගරහයි. එමෙන්ම අසත්පුරුෂයා ඉවසීම පිලිකෙව් කරයි. ලජ්ජාව බය දෙකට නින්දා කරයි. ඔහු භික්ෂූන්ට භික්ෂූනීන්ට,උපාසක උපාසිකාවන්ට දොස් පවරයි.සීලයේ සිදුරු සොයයි.නින්දා කරයි. එතකොට මේ අසත්පුරුෂයාගේ ගති ලක්ෂණ විමසුම තුලින් පෙනෙන්නේ ඔහු කෙතරම් පහළ මානසික මට්ටමක සිටින භයානක කෙනෙක්ද කියායි. ඔහු කෙතරම් ධනවත් උනත්, බලවත් උනත්, ඔහු තුල තිබෙන්නේ මෙබඳු ගතිගුණ නම්, මරණයෙන් පසුව ඔහුට යන්නට නියමිත තැන සහ එහි තිබෙන බිහිසුනුබව පිලිබඳව අසත්පුරුෂයාට කිසිදු හැඟීමක් නොමැති බව ගම්‍ය වෙයි. එතැන තිබෙන තවත් බිහිසුනු බව නම්, ඔහුගේ ඇසුර ප්‍රිය කරන, ඔහුව තෝරා ගන්නා අනෙක් අයත් ඔහුව ආදර්ශයට ගනිමින්, ඔහුව අනුගමනය කරමින් ඔහු යන තැනටම මරනින් මතු යන්නට හේතු සකස් කරගැනීමය.

ඒ නිසා මේ තරහාව, වෛරය,ක්‍රෝධය, කියන්නෙත් හිතේම තියෙන ගති ටිකක් මිසක බාහිර ලෝකයේ තිබෙන යමක් නොවන බව දැනගෙන සිහියෙන් නුවනින් යුක්තව ඒ චේතනා සිතිවිලි වැඩෙන්නට නොදී හටගත් තැනම නිරුද්ධ කරගන්නට උත්සුක උනොත් අර අසත්පුරුෂයා කියන තැනට නොවැටී සතර අපා ගත නොවී ඉන්නට හැකිවේවි.

මුලාශ්‍ර

මජ්ජිම නිකාය-චූල පුණ්ණමා සූත්‍රය-

අංගුත්තර නිකාය- ආඛ්‍යාකතවග්ගය- සපත්තකන්නසූත්රය-

-අංගුත්තර නිකාය- ආඛ්‍යාකතවග්ගය- සප්තභාර්යා සූත්‍රය-

සැ.යු. මෙම ලිපි පෙල කියවා ඇතිවන ගැටලු මෙන්ම ඔබේ නොමසුරු අදහස්ද පහළ කමෙන්ට් කොටසෙහි සඳහන් කිරීමෙන් තවදුරටත් ලිපි සම්පාදනයට අපට විශාල ධෛර්යයක් සපයන බව සිහි කිරීමට කැමැත්තෙමි.

jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.com0tag:blogger.com,1999:blog-960881688546260776.post-64219217915196063582022-11-12T13:30:00.004-08:002022-11-12T13:34:13.766-08:00රූපය සහ මායාව - ධර්මය සහ ජීවිතය - 18 කොටස

photo credit - https://www.pinterest.com/

ජීවිතේ මහා පුදුමාකාරයි. අපට මේ ජීවිතයේ ඇත්ත හොයන්න ගියාමයි තේරෙන්නෙ, ඇත්තටම ජීවිතේ ඇත්තක් තියෙනවද කියලා. හැමතැනම මායාව. අග ඉඳන් මුලටත්,මුල ඉඳන් අගටත්, මහා පඹගාලක් වගේ දැනෙන්නෙ. එතකොට හිතෙනවා උපතේ සිට මරණය දක්වා මේ පඹගාලේ පැටලුනාම ලිහාගන්න දරන උත්සාහය නේද ජීවත් වෙනවා කියන්නෙ කියලා.

මේ පඹගාල ලෙහාගන්න සමත් වෙච්ච කෙනෙක් අපට හම්බ උනාද කියල හිතල බැලුවම ඒකත් පඹගාලක් වගේ.අපිත් එක්ක එකට ජීවත්වෙලා මැරිල ගිය අම්මා තාත්තා සහෝදර සහෝදරියො නෑදෑයො, යාලු හිතමිත්‍රයො දන්න නොදන්න හැම කෙනාම පඹගාල ලිහාගන්න කියල කරල තියෙන්නෙ තව තවත් පඹගාලෙම පැටලිලා බෙල්ල හිරවෙලා මැරිල ගිය එකයි.

හැබැයි මේ පඹගාලෙන් ගැල උන අයත් නැතුවා නෙවෙයි. ඒ තමයි බුදු,පසේබුදු, මහරහත්, සහ ආර්යය ශ්‍රාවක උත්තමයන් යැයි සම්මත අය . එයාලා නම් මේ පඹ ගාලෙන් ගැලවිලා ජීවිතේ ඇත්ත හොයාගත්තා. පඹ ගාලෙන් මිදුනාම දැනෙන සැනසීම එයාලා අත්වින්දා. අත්වින්ද ඒ දේ කිසිදු සැඟවිමක් නැතිව ලෝකයා හමුවේ ඉදිරිපත් කරනු ලැබුවා. එයාලා කිව්වා ඔය පඹගාලත් මායාවක්. පටලැවිල්ල සහ දුක හැර වෙන කිසිදෙයක් ඒක ඇතුලෙ නැහැ කියලා.

ඒත් කණගාටුවටද පසුතැවිල්ලටද කාරණය වන්නේ ඒක තවමත් අපට තේරෙන්නෙ නැති කමයි. අපට තේරෙන්නෙම ඒ පඹගාල ඇතුලෙ මහා වටිනාකම් තියෙනවා කියලා. අපට තේරෙන්නෙ ඒක ඇත්තම ඇත්තක් මිසක් මායාවක් නෙවෙයි කියලා.

ඒ හින්දා අපි මොකද කරන්නෙ.

අසාරෙ සාරමතිනො - සාරෙ චාසාරදස්සිනො
තෙ සාරං නාධි ගච්ඡන්ති - මිච්ඡාසංකප්ප ගොචරා

නිසරු දේ අපිට පෙනෙන්නෙ සරු දේ හැටියට. සාරවත් දේ අපට පෙනෙන්නෙ නිසරු දේ හැටියට.

පඹගාලේ පැටලුනු අපි ඉන්නෙ ඔලුවෙන් හිටගෙන නිසා. ඔලුවෙන් හිටගෙන ඉපදිලා ඔලුවෙන් හිටගෙනම මැරිල යන අපට ඉතිං හැමදේම කණපිටට පෙනෙන නිසා කොහෙන්ද හරි දැක්මක්. ඒ නිසා සාරවත් යමක් හොයනවා කියලා හොයලා තියෙන්නෙම නිසරු දේ ජීවිතයට එක් කරගන්නට මැරිලා යනතුරු වෙහෙස වෙන එක. කොහොමද ඒක එහෙම වෙන්නෙ??

දුක ඇති දේ පෙනෙන්නෙ සැපයි කියලා.
අනිත්‍ය දේ පෙනෙන්නෙ නිත්‍යයි කියලා.
අනාත්ම දේ පෙනෙන්නෙ ආත්මයි කියලා.
පිළිකුල් දේ පෙනෙන්නෙ සුභයි මිහිරියි කියලා.

ඉතිං එහෙම පෙනෙනකොට මේක පඹගාලක්ම නේන්නම්. එහෙම නූනොත් නේද පුදුමය. දැන් බලමු අපි කොහොමද මේකෙ පැටලෙන්නෙ කියලා.

photo credit - https://www.pinterest.com/

සැපයි කියල පෙනෙන හිතින් හදාගෙන බලන හැමදේම අපට ගෙනත් දෙන්නෙ දුකමයි. ඇයි ඒ? දුක දේ පෙනෙන්නෙ සැප හැටියට නිසා. සැපයි කියල පෙනෙන්නෙ මිරිඟුවකට කියල අපට දැනෙන්නෙ නැහැනෙ. ඉතිං සැප නැති තැනක අපි සැප හොයනවා. බලාපොරොත්තු වෙනවා. පතනවා. අපේක්ෂා කරනවා. නමුත් ලැබෙයිද? නැහැ. ඇතැයි පෙනෙන සැප තියෙන තැනට ලංවෙනකොට, ඒ්වා සමීප කරගන්න කොට ඒ්වා ඈතට යනවා. ගිහිං ඒතැන ඉඳන් පෙන්වනව ඔතන නෙවෙයි මෙතැනයි සැප කියලා. ඊටපස්සෙ ඔලුව ගිනිගත්ත වගේ ඒතැනට යනවා සැප හොයාගෙන. ඒ් ගියාමත් ඒ් ඈතින් දුටුව සැප තවත් ඈතට යනවා. තියෙනවා කියල පෙන්වනවා විතරයි. විඳින්න ගියාම ඒතැන නෙවෙයි වෙන තැනක් පෙන්වන්නෙ. ඉතිං ඊට පස්සෙ කියනවා මොන දේ කලත් දුකම නේද කියලා. මොන දේ කලත් දුක නැහැ. සැප ලැබෙන දේ කලාම සැප ලැබීම නියතයි. නමුත් අපි කරල තියෙන්නෙ ඔලුවෙන් හිටගෙන බැලුවාම පෙනෙන කණපිටට රැවටිලා නැති දෙයක් ප්‍රාර්ථනා කරපු එක නේද? එහෙනම් විකෘතියකට මායාවකට රැවටිලා නේද මේ පඹගාල ඇතුලෙ ඉන්නෙ.

මේක හරියට පළඟැටියා ගිනිදැල්ලට ඇදිල යනවා වගේ. ඌට ගින්දර පෙනෙන්නෙත් සැප ඇති විදියටනෙ. ඒ නිසා ඌ සැප සොයාගෙන ගින්දරට ඇදිලා යනවා. පළගැටියා තමන්ව පිලිස්සෙන බව දැනගන්නෙ පිළිස්සුනාට පස්සෙයි. කකුළුවා සීතල වතුර පිරිච්ච හැලියක මහා සතුටකින් බාල් නට නටා ඉන්නවා සැපයි කියලා. හැළියට යටින් තියෙන්නෙ ලිප කියල ඌ දන්නෙ නැහැ. ලිපේ තියෙන්නෙ ගින්දර කියලත් ඌ දන්නෙ නැහැ. වතුර සීතලෙන් තියෙන තාක් ඌ හිතනවා ඒ සැප නිත්‍යයි කියලා. සදාකාලිකයි කියලා. ඒත් ලිප දැල්විලා වතුර නටන්න පටන් ගත්තාම තමයි කකුළුවාගේ බාල් නැටුම අවසන් වෙන්නෙ. අපිත් එහෙමයි.

photo credit - https://www.pinterest.com/

මීට පෙර පලවූ දහම් ලිපි 17 තුලදී ගැඹුරු ධර්මයේ මූලික කාරණා සැකෙවින් සාකච්ඡා කරනු ලැබුවා. ඔබ එම ලිපි මෙතෙක් පරිශීලනය කොට නැත්නම්, මෙම බ්ලොග් අඩවියේ ධර්මය සහ ජීවිතය නමින් පලවූ පෙර ලිපි 17 කියවා බලන්න. එහි පලමු ලිපියට මෙතැනින් පිවිසෙන්න.

‘‘යානි කානිචි, භික්ඛවෙ, භයානි උප්පජ්ජන්ති සබ්බානි තානි බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො; යෙ කෙචි උපද්දවා උප්පජ්ජන්ති සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති, නො පණ්ඩිතතො;

“මහණෙනි, යම්කිසි බියක් උපදීනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී. පණ්ඩිතයා කෙරෙන් නූපදී. යම් කිසි උවදුරක් උපදීනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී, පණ්ඩිතයා කෙරෙන් නූපදී. යම්කිසි විපත්තියක් වේනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී, පණ්ඩිතයා කෙරෙන් නූපදී.

“ආනන්දය, යම්තැනක පටන් මහණතෙමේ (අටළොස්) ධාතු දැනීමෙහි දක්ෂවේද, ආයතන දැනීමෙහි දක්ෂවේද, පටිච්චසමුප්පාදය දැනීමෙහි දක්ෂවේද, කරුණු නොකරුණු දැනීමෙහි දක්ෂවේද, ආනන්දය, මෙපමණකින් භික්ෂුතෙම විමසීමෙහි කටයුතු කරන පණ්ඩිතයෙකැයි කීමට සුදුසුවේ.”

බහුධාතුක සූත්‍රය - මජ්ජිම නිකාය-

ඒ නිසා ධර්මයෙහි සඳහන් ස්කන්ධ පහ ගැන හොඳ වැටහීමක් දැනුමක් නොමැතිව මෙතැනින් ඉදිරියට ගැඹුරු ධර්මය ජීවිතයට බද්ධ කරගැනීමට හෝ සංසාර ගමන කෙටිකරගන්නා මාර්ගය වැඩීම සඳහා පිවිසීම දුෂ්කර හෙයින් මෙම ස්කන්ධ ධර්මයන් ගැන අධ්‍යනය කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. ඒ නිසා මෙතැක් පටන් ස්කන්ධ ධර්මයන් පිළිබඳව ප්‍රමාණවත් විග්‍රහයක් ගෙන එන්නට බලාපොරොත්තු වන අතර මෙම ලිපියෙන් එහි මූලික හැඳින්වීම සිදු කෙරෙනවා. අභිධර්ම පිටකයෙහි එන මෙම රූප කාන්ඩය අතිවිශාල විස්තර කිරීම් සහිතව තිබෙන ඉතාම ගැඹුරු ඉගැන්වීමක් වුවත්, එහි මූලික කාරණා පමණක් සැකෙවින් ගෙන සාකච්ඡා කිරීම මෙහි අරමුණයි.

ස්කන්ධ පහ යනු මොනවාද

" පඤ්චක්ඛන්ධා - රූපක්ඛන්ධො ,වෙදනාක්ඛන්ධො ,සඤ්ඤාඛන්ධො , සංඛාරක්ඛන්ධො, විඤ්ඤාණක්ඛන්ධො"

ස්කන්ධ පහ හෙවත් පඤ්චස්කන්ධය යනු කුමක්ද

1.රූපස්කන්ධය

2.වේදනාස්කන්ධය

3.සංඥාස්කන්ධය

4.සංඛාරස්කන්ධය

5.විඤ්ඤාණස්කන්ධ

මෙම පඤ්චස්කන්ධය පිලිබඳව අවිද්‍යා සහගත පෘතග්ජන මනස විසින් මේ මමය, මගේය, මගේ ආත්මය කියා සංකල්පමය වශයෙන් දැඩිව අල්ලා ගැනීම නිසා ඇස තුල, කණ තුල, නාසය තුල, දිව තුල, කය තුල, මනස තුල හටගන්නා පඤ්චස්කන්ධය සත්ත්වයෙක් වශයෙන්, පුද්ගලයෙක් වශයෙන් ආත්ම වශයෙන් ගැනීම අවිද්‍යාවේ ප්‍රධාන ලක්ෂනයක් වෙනවා. අවිද්‍යාව හෙවත් වැරදි ආකාරයට දැක, වැරදි විදියට තදින් අල්ලා ගැනීම නිසා සත්ත්වයා දිගින් දිගටම සසරේ ගමන් කරනවා. තවත් කෙටියෙන් කිවහොත්, දකින්නේ මමය, අසන්නේ මමය, දැනෙන්නේ මටය, සැප දුක් විඳින්නේ මමය, සිතන්නේ මමය, දැනගන්නේ මමය ආදී වශයෙන් ඇසෙන, පෙනෙන, දැනෙන, දැනගන්නා ක්රීයාවලිය තුල ආත්ම දෘශ්ඨියක් ඇති කරගෙන උපතේ සිට මරණය දක්වාම මේ අනාත්ම ක්‍රියාවලිය මම මගේ කොට ගැනීම සිදුකරනවා. ඒ වරද නිවැරදි කර ගැනීමමයි මේ සද්ධර්මය අනුගමනය කිරීමෙන් සිදු කරගත යුත්තේ. ඒ වරද නිවැරදි කරගන්නට නම් මේ පඤ්චස්කන්ධ ධර්මයන් මනාව තේරුම් ගත යුතු වෙනවා.

මේ රූපය මමය, මේ රූපය මගේ ආත්මයය, මේ රූපය තුලයි මගේ ආත්මය තිබෙන්නෙ, මගේ ආත්මය තුලයි රූපය තිබෙන්නේ කියා අවිද්‍යා සහගත මනස නිරන්තරයෙන් බැස ගෙන සිටිනවා. එසේ දැඩිව සංකල්ප වශයෙන් මනසින් මේ රූපය අල්ලා ගැනීමට " රූප උපාදානස්කන්ධය" කියා කියනවා. එතකොට අනාත්ම වූ රූපස්කන්ධය, ආත්ම දෘශ්ඨිය සහිත රූපඋපාදානස්කන්ධය බවට පත්වන්නේ ඒ අයුරින් බව සරළව වටහා ගන්නට සුදුසුයි.එතකොට දුක හෝ සැප තිබෙන්නේ රූපස්කන්ධයේ නොව ආත්ම දෘශ්ඨිය තුල පිහිටි රූපඋපාදානස්කන්ධය තුල බව වටහාගත යුතු වෙනවා.

ඇසෙන් බලා යම් රූපයක් කෙරෙහි යම් විශේෂ ආශාවක්, යම් විශේෂ කැමැත්තක්, යම් විශේෂ ඇල්මක්, යම් විශේෂ බැඳීමක් ඇති උනොත්, එතැන රාගය හෝ ලෝභය ඇතිඋනා කියා කියනවා. එතකොට ඒ විශේෂ බැඳීම අත්නොහැර අල්ලා සිටීම පඤ්චඋපාදානස්කන්ධයේ ලක්ෂණයයි. එක්කෝ ඒ රූපය ගැන, එහෙම නැත්නම් ඒ රූපය අරභයා හටගත් විඳීම ගැන, නොඑසේනම් ඒ රූපය සහ විඳීම ගැන හටගත් හඳුනාගැනීම හෙවත් සංඥාව ගැන, නොඑසේනම් ඒ රූපය ඒ විඳීම ඒ සංඥාව නිසා ඉපදුනු චේතනා සිතිවිලි බලාපොරොත්තු ගැන ඒ ගැන පහළවූ සිත ගැන තදින් අල්ලාගෙන බැඳීයාම පඤ්චඋපාදානස්කන්ධයයි. නාසයටද කණටද දිවටද කයටද මනසටද මේ න්‍යායය එසේමයි. ඒ වගේම යම් රූපයක් කෙරෙහි අකමැත්තක් යම් අප්‍රිය අමනාපභාවයක්, තරහක් වෛරයක් ක්‍රෝධයක් භයක් දුකක් හටගනියිද, එය අත්නොහැර තදින් අල්ලාගෙන සිටියිද එයද පඤ්ච උපාදානස්කන්ධය බව දැනගත යුතුය.

රූප ස්කන්ධය යනු කුමක්ද

රූපස්කන්ධයට පෙර රූපය කුමක්දැයි දැනගැනීම ඉතාම වැදගත්. රූපය යනු සතරමහා ධාතුවත්, සතරමහා ධාතුව ඇසුරු කරගෙන, සතරමහා ධාතුව ප්‍රත්‍යය කරගෙන පවතින උපාදාය රූපයත්ය.එතකොට මෙහි ප්‍රධාන වෙනස් කම් කීපයක් තිබෙනවා. ඊට පළමුව සියලු රූප අපට හමුවන තැන් හෙවත් එකොලොස් ආකාර රූප ගැන විමසා බලමු.

1.අතීත රූප

2.අනාගත රූප

3.වර්තමාන රූප

4.ඖදාරික රූප (ගොරෝසු රූප)

5.සියුම් රූප (සුඛුම රූප)

6.අධ්‍යාත්මික රූප

7.බාහිර රූප

8.හීන රූප

9.ප්‍රනීත රූප

10.දුර රූප

11.ලඟ රූප

මේ සියලු අවස්ථාවන් නියෝජනය වන බැවින් ඒ ඒ තැන්වල යෙදෙන රූප සමූහයට රූපස්කන්ධය යනුවෙන් කියනවා. එතකොට ඒ ඒ අවස්ථාව අනුව ඔය එකොලොස් තැනේදී අපට රූප හමුවෙනවා. හොඳින් මතක තබාගත යුතු කරුණක් නම් ඔය එකොලොස් තැනේදී රූප හමුවෙනවා කිව්වාට රූපය විතරක් තනිවම හමුවන්නෙ නැහැ. වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන ඉතිරි ස්කන්ධ ධාතූන්ද ඒ සමගම ඒ ඒ එක් එක් රූපය සමගම නියෝජනය වෙනවා. ඒ නිසා මේ ස්කන්ධ ධර්මයන් පහ පනස්පස් ආකාරයකට හමුවෙනවා.

එතකොට අතීත රූපය කිව්වාම කෙටි අදහසක් හැටියට මෙසේ ගන්නට හැකියි.අතීත කියන වචනය අනුවම ඒ අදාල රූපය අතීතයට අයිතියි කියන හැඟීම තිබෙනවා. එතකොට වර්තමාන භවයට කලින් භවයේ හෝ වර්තමාණ ක්ෂණයට කලින් ක්ෂණයේ තිබී ඉකුත්වූ, අභාවයට ගියාවූ දැන් නොතිබෙන එහෙත් කලින් තිබුනු රූප තියෙයි නම් ඒ සියල්ල අතීත රූපයි. තත්පර කීපයකට කලින් හටගත් රූපයද මේ තත්පරයේදී අතීත රූපය නම් වෙනවා.

අනාගත රූප කියන්නෙ තවම නූපන්, තවම යථාර්ථයක් නොවූ ඇස ඛන නාසය දිව කය හමුවට නොපැමිණි එහෙත් ධම්මායතනය හෙවත් මනස තුල හටගත් රූපය අනාගත රූපය නම් වෙනවා.

වර්තමාන රූපය කියන්නෙ ඇස කණ නාසය දිව කය හමුවට මේ දැන් මේ මොහොතේ මේ ක්ෂනයේ පැමිනෙන රූප වලට.

ඖදාරික රූප හෙවත් ගොරෝසු රූප දකියන්නෙ චක්ඛායතනය(ඇස) සහ රූපායතනය(රූපරූප,ශබ්දරූප,ගන්ධරූප,රසරූප ආදිය), සොතායතනය(කණ) සහ සද්දායතනය(ශබ්දය), ඝානායතනය(නාසය) සහ ගන්ධායතනය(ගන්ධය), ජිව්හායතනය(දිව) සහ රසායතනය(රසය),

සියුම් රූප හෙවත් සුඛුම රූප යනුවෙන් හැඳින්වෙන්නෙ ආකාශ ධාතුව,ආපො ධාතුව, ඉත්‍ථින්‍ද්‍රිය,පුරිසින්‍ද්‍රිය,ආදිය.(මේවා පිලිබඳව දීර්ඝ විස්තර ඇතත් සියුම් රූප ගැන යම් දළ අදහසක් ගැනීමට ඒ උදාහරණ ප්‍රමාණවත් විය හැකියි)

අධ්‍යාත්මික රූප කියන්නෙ අත්තභාව පරියාපන්න හෙවත් තමන්ගේ යැයි සැලකෙන ඇස කණ නාසය දිව කය කියන පහටයි. මනස රූපයක් නොවන නිසා මෙතැනට අදාල නොවේ.

බාහිර රූප කියන්නෙ රූප රූප,ශබ්ද රූප,ගන්ධ රූප,රස රූප ආදිය

එතකොට රූපය ගැන තවත් ගැඹුරට යමෙකුට දැනගන්නට අවශ්‍ය නම් අභිධර්ම පිටකයේ තිබෙනවා සියුම් සියුම් කොටස් වලින් රූපය විග්රහ කරලා. එහෙත් රූපය ගැන යම් ප්‍රමාණයකට දැනගන්නට ඉහත විස්තර ප්‍රමාණවත් යැයි සිතනවා.

photo credit - https://www.pinterest.com/

රූපය සහ මායාව

න්‍යායයක් තිබෙනවා සත්‍ය වශයෙන් තිබෙන දේ අපට නොපෙනන බවත්, අපට පෙනෙ දේ සත්‍ය වශයෙන් නොපෙනෙන බවත්. ඒක තමයි මායාව කියන්නෙ. එතකොට අපට රූපරූපයක් වේවා, ශබ්දරූපයක් වේවා, ගන්ධරූපයක් වේවා පෙනෙන්නේ ඇසෙන්නේ දැනෙන්නේ සත්‍ය වශයෙන් පවතින විදියට නෙවෙයි. මායාවෙන් ගොඩනගපු දේවල් හැටියටයි. ඇහැට රූප පෙනෙවා. ඇසට පෙනෙන මානයේ තිබෙන සියලු රූප සතරමහා ධාතූන්ගෙන් හටගත් ඒවා. එහෙම නැත්නම් කබලිංකාහාරයෙන් යැපෙන ඒවා. ඒවාට නම් නැහැ. ඒවා නම් ගැන දන්නෙත් නැහැ. එහෙමනම් ඇසද කබලිංකාහාරයෙන් යැපෙන සතරමහා ධාතුවෙන් උපන් දෙයක්. ඇසට සිතන්නට බැහැ. එහෙනම් ඇසට පෙනෙන්නේ වර්ණයක් සහ හැඩයක් විතරයි සියලු වස්තු අරභයා. දැන් මේක තමයි ඇත්තම ඇත්ත, රූපය සම්බන්ධව. නමුත් අපට පුද්ගලයන් පෙනෙනවා, ගෙවල් දොරවල් යානවාහන මිලමුදල් ඉර හඳ තාරකා ආදී සියල්ල පෙනෙනවා නම් ඒ සියල්ල කිසියම් දැනුමකින් කිසියම් සම්මුතියකින් නිසියම් ප්‍රඥප්තියකින් සකස් කල දේවල් විය හැකියි. ඒවා දකිනවා අහනවා දැනෙනවා. දකින දේ දැක්කයින් පස්සෙ ඉතිරි නැතිව නැති වෙලා යනවා ඇසෙන් හෝ කනෙන් හෝ නාසයෙන්.

ඉධ භික්ඛවෙ අස්සුතවා පුථුත්ජනො අරියානං අදස්සාවි අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනිතො, රූපං අත්තනො සමනුපස්සති,රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං.

මහණෙනි ආර්යයන් නොදකින, ආර්යය ධර්මයෙහි දක්ෂ නැති, අශ්‍රැතවත් පෘතග්ජනයා දකිනවා රූපය තමයි ආත්මය කියා.එහෙමත් නැත්නම් ආත්මය තමයි රූපය කියා. එහෙම නැත්නම් ආත්මය අතුලෙයි රූපය පවතින්නේ, රූපය ඇතුලෙයි ආත්මය පවතින්නෙ කියා වරදවා හිතාගෙන ඉන්නවා.

තස්ස තං රූපං විපරිණමති අඤ්ඤථා හොති. තස්ස රූපවිපරිනාමඤ්ඤථභාවා, රූප විපරිණාමානු පරිවත්ති විඤ්ඤාණං හොති.

නමුත් ඔහුගේ එම රූපය විපරිනාමය වෙනවා.වෙනස්වෙලා යනවා අනාත්මව. එතකොට මේ රූපය මමය මගේය කියා ගත් සටහන් සහිත කල්පනාවද වෙනස්වෙලා යනවා. එතකොට රූපය පෙරලීම නිසා සිතද කල්පනාවද ඒ අනුව පෙරලෙනවා. විපරිනාම වෙනවා. එතකොට සිත භයෙන් තැතිගන්නා අතරම තන්හාවෙන් පීඩිත වෙනවා.

- සංයුත්ත නිකාය- පඨම උපාදාපරිතස්සනා සූත්‍රය-

මෙය ඉතාම සිත්ගන්නා සුළු ඉගැන්වීමක්. මෙය මැනවින් පරිශීලනය කලොත්, නිවැරදිව වටහා ගත්තොත්, මේ රූපයේ යථා ස්වභාවය විතරක් නෙවෙයි. ඒ ගැන පෘතග්ජන සිතක ඇති ව්‍යාකූල භාවයද වටහා ගන්නට හැකි වෙනවා.

ඉධ භික්ඛවෙ අස්සුතවා පුථුත්ජනො රූපං - එතං මම, එසො හමස්මි, එසො මෙ අත්තා"ති සමනුපස්සති. තස්ස තං රූපං විපරිණමති අඤ්ඤථා හොති. තස්ස රූප විපරිණාමඤ්ඤථාභාවා උප්පජජති සොක පරිදෙව දුක්ඛ දොමනස්සූපායාසා.

- සංයුත්ත නිකාය- දුතිය උපාදාපරිතස්සනා සූත්‍රය-

බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ අශ්‍රැතවත් පෘතග්ජනයා කල්පනා කරනවලු මේ රූපය මමයි, මේ රූපය මගෙයි, මේ රූපය මගේ ආත්මයයි කියලා. මෙහෙම මම මගේ වශයෙන් ආත්මීය කල්පනාවක යෙදෙන එකට කියනවා "මඤ්ඤමාණය" කියලා. බිළිඳාගේ සිට ලමයා දක්වා රූපය විපරිනාමය වෙනකොට කල්පනා කරනවා ලමයෙක් උනේ මමයි. කියලා. ලමයාගේ සිට තරුණයා දක්වා විපරිනාමය වෙනකොට කල්පනා කරනවා තරුණයෙක් උනේ මමයි මගේ ආත්මයයි ඒ තුල තියෙන්නෙ කියලා. මැදිවිය, මහළු විය දක්වාම මේ මඤ්ඤමානය එලෙසම පවතිනවා. මැරෙන්නෙත් මමයි කියා අවසාන මොහොතද ඒ විදියටම ආත්ම ස්වරූපයෙන් කල්පනා කරනවා. මේ සෑම විපරිනාමීය අවස්ථාවකම ඒ ඒ අවස්ථාව අනුව රූපය පවත්වාගෙන යන්නට විඳිය යුතු දුක් සමූහය අනන්තයි. එතකොට ලමාවිය,තරුණවිය,මැදිවිය,මහළුවිය සහ මරණය කියන්නෙ සතරමහා ධාතුව සහිත කබලිංකාරාහාරය නියෝජනය කරන රූපයේ විපරිනාම අවස්ථා මිසක සැබෑ අරුතක් නෙවෙයි. ඒ්වා සම්මුති ලෝකයේ හඳුනා ගැනීම සහ දැනුම සඳහා භාවිතා කරන වචන පැණවීම් සංඥානාම පමණයි. ඒහෙම නැතිව කිසිම රූපයක ළදරුවියක් මැදිවියක් මරණයක් නැහැ. තිබෙන්නේ හට ගැනීම, පවතින කාලය තුල විපරිනාමය වීම සහ නැතිවීම පමණයි.

එතකොට රූපය අපි හදාගෙනයි බලන්නෙ. හිතේ තියෙන විස්තර ගති අනුව බාහිර රූපය හදාගෙන අපි මේ අධ්‍යාත්මික(තමන් යැයි සම්මත) සහ බාහිර රූප පරිහරනය කරනවා මිසක ඇත්තම ඇත්ත වූ සතරමහා ධාතුවෙන් උපන් කබලිංකාරාහාරයෙන් නියෝජනය වන රූපයක් පරිහරනය කරනවා නෙවෙයි. ඒකට කියනවා සංඛත රූපය කියලා.සකස් කල රූපය කියලා. මේ මුළු තුන් ලෝකයම (කාම,රූප,අරූප) සංඛතයි. සකස් කල ඒවා. නිවන පමණයි සංඛත නැත්තෙ. ඒ නිසා නිවන අසංඛතයි.

පරමාර්ථ රූපය = සතරමහා ධාතුව+කබලිංකාරාහාරය

සංඛත රූපය = වේදනා සංඥා +ඵස්ස ආහාරය

අභිසංඛත රූපය = චේතනා සිතිවිලි + මනොසංචේතනා ආහාරය

මෙන්න මේ ආකාරයට තමයි රූපය සකස් කරගන්නෙ. එතකොට නැවත නැවත සකස් කරගන්නා රූපයෙහි තමයි කර්මය තියෙන්නෙ. ඒ තුලයි කර්ම විඤ්ඤාණය පිහිටන්නෙ. සකස් කරන රූපය පිලිබඳව සිතන බවක්, චේතනා පහළ කරවන බවත් තියෙයි නම් ඒවා සියල්ල කර්ම යන ගනයට වැටෙනවා. එතකොට හොඳින් බැලුවොත් තේරේවි ඇහැ ඉදිරිපිටට ආව රූපය කවදාවත් අපිට පෙනිලා නැහැ. ඇහැ ඉදිරියට ආව සටහනට වේදනා සංඥා දෙක ඈඳාගෙන ඒ ඇසුරින් මනාප හෝ අමනාප රූපය හදල තියෙන්නෙ අපමයි. ඒ මනාප අමනාප බව තුල සිට ඊට අදාල චේතනා සිතිවිලි පහල කරවමින් කර්ම රැස් කලෙත් අපමයි. බාහිර පරමාර්ථ රූප කිසිම දේක මනාප අමනාප බව හෝ ප්‍රිය අප්‍රිය බවක් කිසිම දෙයක් නැහැ. මේක තමයි රූපය සහ රූපස්කන්ධය ගැන කල හැකි සරළ සහ කෙටි හැඳින්වීම. එතකොට මේ මායාකාරී ස්වභාවය තේරුම් ගැනීමෙන් අප සිටින්නේ අප විසින් තනාගත් ලෝකයක් තුලය කියන දැනුම අපට ලැබෙනවා. ඇස කණ නාසය දිව කය මනස නම් ආයතන විසින් රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්බ ධම්ම කියන හතර මායිම් සහිත ලෝකයක් අපට හදා දී තිබෙනවා. මෙයින් ඔබ්බට ලෝකයක් අපට නැහැ. ඒ නිසා මේ ලෝකයට කියනවා ලෞකික කියා. මේක හරියට බිත්තරයක් වගේ. මේ බිත්තරයේ කටුව තමයි රූප ශබ්ද ගන්ධ රස පොට්ඨබ්භ ධම්ම කියන කාරණා.මේවා අපට හැමදාම ඇත්ත වෙලායි තියෙන්නෙ. ඒ නිසා අපි මේ බිත්තරය ඇතුලෙ ඉපදිලා ඒක ඇතුලෙම හැදිල වැඩිල ඒක ඇතුලෙම මැරිල යනවා. ආයෙමත් ඒකෙ ඇතුලෙම ඉපදෙනවා.ආයෙත් මැරිල යනවා. නමුත් ඉතාම කලාතුරකින් මේ ලෝකය තුලටම පහළවන සම්මාසම්බුද්ධ නම් උත්තමයෙක් කාගෙවත් ගුරුහරුකමක් නැතිව තමන්ගේම ඥාණයෙන් තමන්ගේම ශක්තියෙන් මේ බිත්තරයේ කටුව බිඳගෙන එළියට එනවා. ලෝකයෙන් එතෙරට ආව නිසා සම්මා සම්බුද්ධ නම් උතුමා ලෝකෝත්තර නම් වෙනවා. එතකොට බිත්තර කටුවෙන් එතෙර තවත් ලෝකයක් තිබෙන බවත්, ඒ ලෝකය තුල ජාති ජරා මරණ දුක්ඛ දෝමනස්ස කිසිවක් නැති බවත් උන්වහන්සේ ප්රත්යක්ෂ කොට, බිත්තර කටුව බිඳගෙන එළියට එන්නට අවශ්‍ය මාර්ගය අනෙක් අයට කියා දෙනවා. ඒක තමයි මේ ශ්‍රී සද්ධර්මය.

මෙය කියවන ඔබගේ අදහස් අප ඉතාම අගේ කොට සළකනවා. පහත comment section එක තුල අදහස දන්වා සිටින්න. Follow තීරයෙන් මෙම බ්ලොග් අඩවියට දායකත්වය දෙන්නටද අමතක කරන්න එපා.

jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.com0tag:blogger.com,1999:blog-960881688546260776.post-52139734810900522032022-11-01T18:39:00.004-07:002022-11-01T18:42:38.045-07:00සතර ආහාරයෙන් නිවනට - ධර්මය සහ ජීවිතය - 17 කොටස

ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇතිකර ගැනීමේ තවත් ක්‍රමයක් තමයි මේ සතර ආහාරය අවබෝධ කර ගැනීම. මෙහිදී ආහාරය යන වචනය තුල ඇත්තේ ප්‍රත්‍යය හෙවත් හේතුව කියන ගැඹුරු අර්ථයයි. සතර ආහාරය පිරිසිඳ දකින නුවණක් ඇති කරගත්තාම මේ සතර ආහාරය පිළිබඳව හොඳ සිහියක් ඇතිවෙනවා.

එය අප කලින් ලිපියෙහි සඳහන් කල ඉන්ද්රිය භාවනාවටත් එකසේ ප්‍රයෝජනයක් ලබන්නට හැකි වෙනවා. එම ලිපිය මෙතැනින් කියවන්න.

‘‘චත්තාරො මෙ, භික්ඛවෙ, ආහාරා භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහාය. කතමෙ චත්තාරො? කබළීකාරො කවළීකාරො ආහාරො ඔළාරිකො වා සුඛුමො වා, ඵස්සො දුතියො, මනොසඤ්චෙතනා තතියා, විඤ්ඤාණං චතුත්ථං. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො ආහාරා භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහාය’’.

මහණෙනි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින සත්වයින්ට උපකාරය පිණිසද ආහාර හතරක් වෙයි.මොනවාද ඒ සතර ආහාර?

01.ලොකු හෝ ඉතා කුඩාවූ හෝ කබලිංකාරාහරය (පිඬුකොට වළඳන ආහාරය)

02.එස්සාහාරය

03.මනොසංචෙතනාහාරය

04.විඤ්ඤාණාහාරය

මේවා උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින්නාවූ සත්වයන්ට උපකාරය පිණිසද පවතින මේ සතර ආහාරය වෙයි.

සතර ආහාර හැඳින්වීම

"යථො ඛො ආවුසො, අරියසාවකො ආහාරඤ්ච පජානාති, ආහාර සමුදයඤ්ච පජානාති, ආහාර නිරොධඤ්ච පජානාති,ආහාර නිරෝධගාමිණි පටිපදඤ්ච පජානාති, එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො, සම්මාදිට්ඨි හොති.උජුගතස්ස දිට්ඨි ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මං"

ආයුශ්මතුනි..යම් ඒ ආර්යය ශ්‍රාවකයෙක් ආහාරය දැනගනියිද, ආහාරයට හේතුව හෙවත් ආහාර සමුදය දැනගනියිද, ආහාරයේ නිරෝධය දැනගනියිද, මේ සතර ආහාරය නිරුද්ධ කරන මාර්ගය දැනගනියිද, එපමණකින්ම ඒ ආර්යය ශ්රාවකයා සම්මා දිට්ඨියට පත්වෙනවා. ඔහුගේ දැක්ම ඍජු වෙනවා. ධර්මය පිළිබඳව නොසෙල්වෙන ශ්රද්ධාවට පත්ව සද්ධර්මයට පැමිනි කෙනෙක් වෙනවා.

-සම්මා දිට්ඨි සූත්‍රය- මජ්ජිම නිකාය-

ඉහත ප්‍රකාශය සිදුකරන්නට යෙදුනේ දම් සෙනෙවි වූ අග්‍රශ්‍රාවක ශාරිපුත්ත මහ රහතන් වහන්සේ විසින්. සැරියුත් රහතන් වහන්සේ මේ දේශනාවෙන් භික්ෂූන්ට උගන්වන්නේ සත්ත්වයා සසරේ හෙවත් භවයේ සැරිසරන්නේත්, නැවත නැවත භවයට පමුණුවන්නේත් මේ සතර ආහාරයෙන් නිසා බවයි. එතකොට මේ සතර ආහාර සම්බන්ධයෙන්,ආහාරය , ආහාරයට හේතුව , ආහාරයේ නිරෝධය ,සතර ආහාරය නිරුද්ධ කරන මාර්ගය , පිළිබඳව යම් ආර්යය ශ්‍රාවකයෙක් දැනගනියිද ඒ පමණකින්ම ඒ කෙනා සම්මා දිට්ඨියට පත්වෙනවා කියාය. මෙය කෙතරම් ලාභයක්ද? මේ සතර කාරණාවන් දැනගැනීමෙන් සම්මාදිට්ඨියට පත්වීම කෙතරම් ආශ්චර්යයක්ද? එසේ නම් එය අපට හැකි අයුරින් විමසා බලමින් ඒ උතුම් සම්මා දිට්ඨියට පත්වීමට ලහිලහියේ උත්සාහ කිරීම නෙවෙයිද කල යුත්තේ.

1.කබලිංකාරාහරය

මෙහි සරළ තේරුම නම් රළු ගොරෝසු ඕළාරික හෝ සියුම් ආහාරය යන්නයි. පිඬු පිඬු කොට ආහාරය වශයෙන් ගන්නා දේ කබලිංකාරාහරය ලෙස මතුපිටින් තේරුම් ගත හැකියි. මොනවද ඒ කියා උදාහරණයක් ලෙස කීවොත් බත්, පාන්, එළවළු, ධාන්‍ය, මස්, මාළු,කරවල,කිරි,චීස්,බටර් ආදී දේවල්. එතකොට ඒක හැමෝම දන්නා මතුපිට සරළ උත්තරයක් විතරයි. ඒ දන්නා ටිකෙන් සම්මාදිට්ඨියට පත්වෙන්න බැහැ. මාංශ භක්ෂක හෝ නිර්මාංශ භක්ෂක මිනිස් සහ තිරිසන් සමස්ත සත්ත්ව ප්‍රජාවම කබලිංකාරාහරය ලෙස දැකගන්නට හැකි නම් අර සරළ උත්තරයෙන් ඔබ්බට අපට යන්න හැකි වේවි.එතකොට කබලිංකාරාහරය ආත්ම වශයෙන් නොගෙන කබලිංකාරාහරය ලෙසම දකින්නට හුරු උනොත් ආත්ම දෘශ්ඨියෙන් මිදෙන්නටත් හැකි වේවි. කොහොමද ඒක කරන්නෙ.

කබලිංකාරාහරයේ අනාත්ම බව

මිනිසාද තිරිසන් සත්ත්වයාද ජීවත්වෙන්නෙ කබලිංකාරාහරයෙන්. එතකොට මනුස්ස වේවා, තිරිසන්ගත සතුන් වේවා ජීවත්වෙන්නෙ කබලිංකාරාහරය නිසා. දැන් ඒක පොදු ලක්ෂනයක් හැටියට දකින්නට උවමනායි. ඊලඟට දැනගත යුතුයි කබලිංකාරාහරය නිසා මොනවද මේ සත්ත්වයින්ගේ පවතින්නෙ කියා. එතකොට උත්තරයක් එනවා ඇස කණ නාසය දිව කය පවතින්නෙ කබලිංකාරාහරය නිසා බවට. එහෙම නැත්නම් දෙතිස් කුනූපය වන කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, ඇට, නහර, වකුගඩු, මොළය, හදවත, ආදී ශරීර අභ්‍යන්තර කොටස් පවතින්නෙ මේ කබලිංකාරාහරය නිසාවෙනි. මේ කාරණා දෙක පැහැදිලි කරගත්තාම තේරෙනවා ඇස කණ නාසය ආදී ස්පර්ශ ආයතන පවතින්නේ කබලිංකාරාහරය නිසා බව. එතකොට ඒ ස්පර්ශ ආයතන කිසිවක් මම හෝ මගේ හෝ ආත්මය වශයෙන් පවතින දෙයක් නොවන බවට දැකගත හැකියි. ඊලඟට කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්,ආදී දෙතිස් කුණූපයම පවතින්නේ කබලිංකාරාහරය නිසා බව. එතකොට ඒ දෙතිස් කුණූප කොටස් කිසිවක් මම හෝ මගේ හෝ ආත්මය වශයෙන් පවතින දෙයක් නොවන බවට දැකගත හැකියි. මෙය පැහැදිලි කරගත්තාම සියලු සත්ත්වයින්ටම පොදු ලක්ෂණය වූ කබලිංකාරාහරයේ යථා ස්වභාවය දැකගන්නට හැකි වෙනවා.

කබලිංකාරාහරයේ පොදු ලක්ෂණය

මිනිසා කුකුළු මස් ආහාරයට ගන්නා අවස්ථාව උදාහරණයකට ගනිමු. කුකුළාට කරමළක්, පිහාටු, දිගු හොටක් තිබෙනවා. මිනිසා හෝ වෙනත් සතෙක් කුකුළු මස් අනුභව කලා කියා ඒ කාටවත් පිහාටු හෝ කරමළ හෝ දිගු හොටවල් ඇති වෙන්නෙ නැහැ. ඒ කුකුළු මස් අනුභව කිරීමෙන් ඒ ඒ සත්ත්වයාගේ ස්පර්ශ ආයතන වැඩෙනවා පවතින්නට උපකාර වෙනවා. මාළු ආහාරයට ගැනීමෙන් මාලුවාගේ මෙන් වරල්, කොරපොතු ආදිය ආහාරයට ගන්නා සත්ත්වයාට හටගන්නෙ නැහැ. ඒ වෙනුවට ඒ ඒ සත්ත්වයාගේ ස්පර්ශ ආයතන වැඩෙනවා පවතින්නට උපකාර වෙනවා. එතකොට ඔය කාරණාවෙ අනෙක් පැත්ත ගත්තාම කිසියම් තිරිසන් සතෙක් විසින් මනුස්සයෙක් මරාගෙන ආහාරයට ගත්තාම, ඒ සත්ත්වයාට මනුස්සයාගේ මෙන් රූප සොබාව පිහිටන්නෙත් නැහැ. ඒ තිරිසන්ගත සත්ත්වයාගේ ස්පර්ශ ආයතන වැඩෙනවා පවතින්නට උපකාර වෙනවා.දැන් මේක තමයි පොදු ලක්ෂණය කබලිංකාරාහරයේ. එතකොට මේ පොදු ලක්ෂණය උපකාරයෙන් අපට උත්තරයක් එනවා කබලිංකාරාහරය කියන්නෙ ස්පර්ශ ආයතන වලට හෝ දෙතිස් කුණූපයටමයි කියලා. දැන් ලැබෙන උත්තරය ගැඹුරුයි දාර්ශණිකයි. එතකොට කබලිංකාරාහරය කියන්නෙ මේ ඇස, කණ, නාසය, දිව, කය කියන ස්පර්ශ ආයතන කියල ගත්තාම ඉතිරි ආහාර වර්ග සත්ත්වයා තුල සකස් වන ආකාරය විමසන්නට රුකුළක් වෙනවා.

2. ඵස්ස ආහාරය

ඵස්ස කියන්නෙ ස්පර්ශය කියන අදහසට. ඵස්ස ආහාරයේදී මේ ස්පර්ශය කියා හඳුන්වන්නෙ භෞතික වූද,ඇසට පෙනෙන දෙයක් නොව මනස තුල සිදුවන ධර්මතාවයකටයි. කාටවත් මේ ස්පර්ශයෙන් ගැලවී ජීවත්වෙන්නට බැහැ. ඇස තියෙනවා නම්,රූප පෙනෙනවා නම්, චක්ඛු විඤ්ඤාණය හටගන්නවා නම්, ස්පර්ශය ඇතිවෙනවාමයි. ස්පර්ශ උනොත් වේදනා සංඥා දෙක හටගන්නවාමයි. එහෙනම් ඵස්සය ආහාරයක් වෙන්නෙ, හේතුවක් වෙන්නෙ වේදනා සංඥා දෙක උපදවන්නයි. මේ සියල්ලම අනාත්මව සිදුවන දෙයක් මිසක කවුරුවත් උපදවන දෙයක් නෙවෙයි.

චක්ඛුං ච රූපෙ ච පටිච්චති - චක්ඛු විඤ්ඤාණං උප්පජ්ජති

ඇසයි රූපයයි ගැටුනාම චක්ඛු විඤ්ඤාණය උපදිනවා

තින්නං සංඝති ඵස්සො - ඵස්ස පච්චයා වේදනා

මේ තුන එකතුවීමෙන් ඵස්සය හෙවත් ස්පර්ශය හටගන්නවා

ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා

යං වේදයිති තං සංජානාති

යමක් විඳියිද එය ඒ ආකාරයෙන් හඳුනා ගන්නවා.

-මධුපිණ්ඩික සූත්‍රය-මජ්ජිම නිකාය-

එතකොට මේ බුද්ධ සමීකරණය ඇස හා රූපය මෙන්ම, කණ සහ ශබ්දයද, නාසය හා ගන්ධයද, දිව සහ රසයද, කය සහ කයට දැනෙන පහසටද, එකසේ යොදා බලන්නට පුලුවන්. දැන් මෙතන සතර ආහාරයෙන් ආහාර වර්ග දෙකක් හමුවෙනවා. ඒ කබලිංකාරාහරය සහ ඵස්ස ආහාරය. ඇස කණ නාසය ආදිය කබලිංකාරාහරය කියන ගනයට වැටෙන අතර වේදනා සංඥා දෙක ඵස්ස ආහාරය නිසා හටගන්නවා කියන කාරණයට යටත් වෙනවා.

3.මනොසංචේතනා ආහාරය

මෙන්න මෙතන තමයි ඉතාම වැදගත් සිදුවීම ඇතිවෙන්නෙ. එතකොට කනබොන ආහාරය නිසා අනාත්මව පවතින ඇස කණ නාසය ආදී ආයතන වලට රූප ශබ්ද ගන්ධ ආදී අරමුනු එනකොට ඵස්ස ආහාරය නිසා වේදනා සංඥා දෙක ඇතිවෙනවා අනාත්මව. ඒ අනාත්මව හටගන්නා වේදනා සංඥා දෙක අනාත්මව ගිලිහෙන්නට නොදී ආත්ම දෘශ්ඨිය සහිත භවය සකස් වෙන්නෙ මෙන්න මෙතැනදි. ආත්ම දෘශ්ඨිය සහිත භවය සකස් කරන්නේ කර්මයෙන්. කර්මය කියන්නෙ චේතනාවට සහ චේතනා මූලික කායික වාචසික මනෝමය ක්‍රියාවට. චේතනාවට අනුව සිතන, කියන, කරන, බව එයින් අදහස් වෙනවා. එතකොට අන්න ඒ චේතනාවට හෙවත් කර්මයට තමයි මනොසංචේතනා ආහාරය කියන්නෙ.

1.මේ මනොසංචේතනා තුල ඇස සහ රූපය සම්බන්ධව - රූපසංචේතනා

2.මනොසංචේතනා තුල කණ සහ ශබ්දය සම්බන්ධව -ශබ්දසංචේතනා

3.මනොසංචේතනා නාසය හා ගන්ධය සම්බන්ධව - ගන්ධසංචේතනා

4.මනොසංචේතනා දිව හා රසය සම්බන්ධව - රසසංචේතනා

5.මනොසංචේතනා කය සහ පොට්ඨබ්බය සම්බන්ධව - පොට්ඨබ්බසංචේතනා

6.මනොසංචේතනා මනස හා අරමුණු සම්බන්ධව - ධම්මසංචේතනා

මෙන්න මේ සංචේතනා ආහාරය නිසා තන්හාවද උපාදානයද භවයද අනාත්මකව සකස් කරනවා. මෙන්න මේ තන්හා උපාදාන භවය තුල මමය, මගේය, මගේ ආත්මයය යන සංකල්පය ඇතිවෙනවා. එම සංකල්පය තන්හාවෙන් දෘශ්ඨියෙන් මානයෙන් කිඳාබසිනවා. විඳින කෙනා මමය කියා තන්හාවෙන් එයට ඇලෙනවා කාමතන්හා,භවතන්හා, විභවතන්හා වශයෙන්. විඳින කෙනා මමය කියා දෘශ්ඨියෙන් සහ මානයෙන් බැඳෙනවා. එය භවය බවට පත්වෙනවා.

එතකොට මේ භවයට බැඳිලා භවයේ ගමන් කරන්නට, කුසල හෝ අකුසල විපාක පිණිස හටගන්නට, පහළවන්නට, ඉපදෙන්නට අතරමැදි ධර්මතාවක් අවශ්‍ය වෙනවා. ඒ තමයි...හතරවැනි ආහාරය

4.විඤ්ඤාණ ආහාරය

විඤ්ඤාණය කියන්නෙ විශේෂයෙන් දැනගන්නවා කියන විජාණන ලක්ෂණයෙන් යුක්ත නිසා විඤ්ඤාණ යැයි කියනවා. මොනවාද දැනගන්නෙ.කබලිංකාරාහාරය හෙවත් ඇස කණ නාසය සහ රූප ශබ්ද ගන්ධ ආදිය දැනගන්නවා. ස්පර්ශ ආහාරයෙන් සකස් කරන වේදනා සංඥා දෙක දැනගන්නවා. මනොසංචේතනා ආහාරයෙන් සකස් කරන කර්මය දැනගන්නවා. එතකොට යම් කර්මයක් කුසල හෝ අකුසල වේවා මනෝසංචේතනාවෙන් හටගත්තාද, ඒ කර්මය තුල යම් භවයක් සකස් කලාද, තන්හාව නිසා නැවත නැවත ඒ භවයන් තුල ඉපදෙන්නට ප්රතිසන්ධිය ලබාදෙන්නේද, ඒ කර්මය තුල පිහිටා සිටින්නට කර්මය සකස් කරන්නේද මේ විඤ්ඤාණ ආහාරයයි.විඤ්ඤාණ ආහාරය නිසා නාමරූප සකස් වෙනවා. නාමරූප නිසා විඤ්ඤාණ ආහාරය සකස්වෙනවා. එතකොට නාමරූප තුල තමයි කබලිංකාරාහාරය හටගන්නෙ.

දැන් මෙය චක්‍රයක් හැටියට ක්‍රියාත්මක වන බව හොඳින් වැටහුනොත්, මෙම චක්‍රයෙන් මිදීම භවයෙන් බවත්, භවයෙන් මිදීම ජාති ජරා මරණයෙන් මිදීම බවත් වැටහෙනවා. මෙතන සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් විසින් කරනු ලබන කිසිම දෙයක් නැහැ කියා හොඳින් අවබෝධ කරගත්තොත් අනාත්ම ලක්ෂනයද වටහා ගන්නට හැකි වෙනවා. ඒ වගේම හොඳින් සැලකිල්ලෙන් මේ ආහාර චක්‍රය දෙස බැලුවොත් ආහාර චක්‍රය කියන්නෙම නාමරූප වලට නේද කියලත් වැටහෙනවා.

සතර ආහාරයට හේතු සහ ආහාර චක්‍රයේ සැකැස්ම

එය බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ වදාරා තිබෙනවා.

ඉමෙ, භික්ඛවෙ, චත්තාරො ආහාරා කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා? මේ සතර ආහාර කුමක් මුල්කොට තිබේද? කුමක් හේතුකොට තිබෙයිද? කුමක් උප්පත්තිකොට පවතියිද? කුමක් ප්‍රභවකොට තිබෙයිද?

ඉමෙ චත්තාරො ආහාරා තණ්හානිදානා තණ්හාසමුදයා තණ්හාජාතිකා තණ්හාපභවා.

මේ සතර ආහාරයම තණ්හාව මුල්කොට තිබෙයි. තණ්හාව හේතුකොට ගෙන ඇත. තණ්හාව උප්පත්තිකොට ඇත. තණ්හාව ප්‍රභවකොට පවතියි.

තණ්හා චායං, භික්ඛවෙ, කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා? තණ්හා වෙදනානිදානා වෙදනාසමුදයා වෙදනාජාතිකා වෙදනාපභවා.

මේ තණ්හාව කුමක් මුල්කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් උප්පත්ති කොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද?

තණ්හාව වේදනාව මුල්කොට ඇත්තේය. වේදනාව හේතුකොට ඇත්තේය. වේදනාව උප්පත්තිකොට ඇත්තේය. වේදනාව ප්‍රභවකොට ඇත්තේය

වෙදනා චායං, භික්ඛවෙ, කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා? වෙදනා ඵස්සනිදානා ඵස්සසමුදයා ඵස්සජාතිකා ඵස්සපභවා. ඵස්සො චායං,

මේ වේදනාව වනාහි කුමක් මුල්කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් උප්පත්ති කොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? වේදනාව ස්පර්ශය මුල්කොට ඇත්තේය. ස්පර්ශය හේතුකොට ඇත්තේය. ස්පර්ශය උප්පත්තිකොට ඇත්තේය. ස්පර්ශය ප්‍රභවකොට ඇත්තේය.

භික්ඛවෙ, කිංනිදානො කිංසමුදයො කිංජාතිකො කිංපභවො? ඵස්සො සළායතනනිදානො සළායතනසමුදයො සළායතනජාතිකො සළායතනපභවො.

මේ ස්පර්ශය කුමක් මුල්කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් උප්පත්ති කොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? ස්පර්ශය සළායතනයන් මුල්කොට ඇත්තේය. සළායතන හේතුකොට ඇත්තේය. සළායතන උප්පත්තිකොට ඇත්තේය. සළායතන ප්‍රභවකොට ඇත්තේය.

සළායතනඤ්චිදං, භික්ඛවෙ, කිංනිදානං කිංසමුදයං කිංජාතිකං කිංපභවං? සළායතනං නාමරූපනිදානං නාමරූපසමුදයං නාමරූපජාතිකං නාමරූපපභවං.

මේ සළායතන වනාහි කුමක් මුල් කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් උප්පත්තිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? සළායතනයන් නාමරූපය මුල්කොට ඇත්තේය. නාමරූපය හේතුකොට ඇත්තේය. නාමරූපය උප්පත්තිකොට ඇත්තේය. නාමරූපය ප්‍රභවකොට ඇත්තේය.

නාමරූපඤ්චිදං, භික්ඛවෙ, කිංනිදානං කිංසමුදයං කිංජාතිකං කිංපභවං? නාමරූපං විඤ්ඤාණනිදානං විඤ්ඤාණසමුදයං විඤ්ඤාණජාතිකං විඤ්ඤාණපභවං.

මේ නාමරූපය වනාහි කුමක් හේතු කොට ඇත්තේද? කුමක් උප්පත්තිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? නාමරූපය විඤ්ඤාණය මුල්කොට ඇත්තේය. විඤ්ඤාණය හේතුකොට ඇත්තේය. විඤ්ඤාණය උප්පත්තිකොට ඇත්තේය විඤ්ඤාණය ප්‍රභවකොට ඇත්තේය.

විඤ්ඤාණඤ්චිදං, භික්ඛවෙ, කිංනිදානං කිංසමුදයං කිංජාතිකං කිංපභවං? විඤ්ඤාණං සඞ්ඛාරනිදානං සඞ්ඛාරසමුදයං සඞ්ඛාරජාතිකං සඞ්ඛාරපභවං.

මේ විඤ්ඤාණය වනාහි කුමක් මුල් කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් උප්පත්තිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? විඤ්ඤාණය සංස්කාර මුල්කොට ඇත්තේය. සංස්කාර හේතුකොට ඇත්තේය. සංස්කාර උප්පත්තිකොට ඇත්තේය. සංස්කාර ප්‍රභවකොට ඇත්තේය

සඞ්ඛාරා චිමෙ, භික්ඛවෙ, කිංනිදානා කිංසමුදයා කිංජාතිකා කිංපභවා? සඞ්ඛාරා අවිජ්ජානිදානා අවිජ්ජාසමුදයා අවිජ්ජාජාතිකා අවිජ්ජාපභවා.

මේ සංස්කාර වනාහි කුමක් මුල්කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් උප්පත්ති කොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? සංස්කාර අවිද්‍යාව මුල්කොට ඇත්තේය. අවිද්‍යාව හේතුකොට ඇත්තේය. අවිද්‍යාව උප්පත්තිකොට ඇත්තේය. අවිද්‍යාව ප්‍රභවකොට ඇත්තේය.

මේ අයුරින් අවිද්‍යාව නිසා සංස්කාරද, සංස්කාර නිසා විඤ්ඤාණයද,විඤ්ඤාණය නිසා නාමරූපද හටගනියි. නාමරූප නිසා සළායතනයන්ද,සළායතන නිසා ඵස්සයද,ඵස්සය නිසා වේදනාවද පහළවෙයි.වේදනාව නිසා තන්හාවද, තන්හාව නිසා උපාදානයද,උපාදානය නිසා භවයද වේ. භවය නිසා ජාතියද, ඉපදීම (ජාතිය) නිසා ජරා, මරණද, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවී සියලු දුක් සමූහයාගේ පහළවීම සිදුවෙයි.

-සංයුත්ත නිකාය- ආහාර සූත්‍රය-

සතර ආහාරය පිළිබඳව විමසා බැලීමේදී මේ අයුරින් ඇස කණ නාසය දිව කය මනස ආදී සළායතනයන් පරිහරණය කරද්දී පටිච්චසමුප්පාදය හටගන්නා අයුරුත්, ඒ නිසා නැවත නැවත ඉපදෙමින් මැරෙමින් තත්පරයක් තත්පරයක් පාසා මේ සසර ගමන මරණය තෙක් ගමන්කර, එතැනින් නොනැවතී සකස්කල හේතු මත ඒ ඒ සත්ත්ව නිකායන් වල උප්පත්තිය ලැබ නිමක් නැති සසර කතරට වැටෙන ආකාරය පැහැදිලි වේ.

මූලාශ්‍ර

1.මධුපිණ්ඩික සූත්‍රය- මජ්ජිම නිකාය

2.ආහාර සූත්‍රය- සංයුත්ත නිකාය

මෙය කියවන ඔබගේ අදහස් අප ඉතාම අගේ කොට සළකනවා. පහත comment section එක තුල අදහස දන්වා සිටින්න. Follow තීරයෙන් මෙම බ්ලොග් අඩවියට දායකත්වය දෙන්නටද අමතක කරන්න එපා.

jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.com2tag:blogger.com,1999:blog-960881688546260776.post-34035923277782698362022-10-26T21:01:00.016-07:002022-10-27T00:09:26.384-07:00ඉන්ද්රිය භාවනාව - උපාසක පිරිහීම - ධර්මය සහ ජීවිතය - 16 කොටස -

ඡායාරූපය - https://www.pinterest.com/

බුදුරජාණන් වහන්සේ විසින් වදාල මෙම ඉන්ද්රිය භාවනා ක්‍රමය ඉතාම ආශ්චර්යය ක්‍රමවේදයක් බව එය විමසා බැලීමේදී වැටහෙනවා. කයට කිසිදු වෙහෙසක් නොදී, කයට දුක් දෙමින් කෙරෙන අත්තකිලමතානුයෝගී භාවනාවක් නොව සිහිය සහ නුවණ යොදවා පැය විසිහතර තුලම වඩන්නට හැකි ඉතාම විශිෂ්ඨ භාවනාවක් වශයෙන් මෙය අත්දකින්නට හැකියි.

යම් භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා උපාසක උපාසිකාවක් වේවා පිරිහෙන්නට තිබෙන ඉඩකඩ බොහෝමයි. කෙලෙස් සහිත සිත්වලට රූප ශබ්ද ආදී අරමුණු නිසා විවිධාකාර අකුසල ධර්මයන් ලෝභ ද්වේශ මෝහ හේතු කරගෙන ඇති වෙන්නට පුලුවන්. බුදුරජාණන් වහන්සේ ආර්යය භාවනාවක් හැටියට මේ ඉන්ද්රිය භාවනා ක්‍රමය දේශනා කොට වදාලේ සෑම දෙනෙකුටම මේ ක්‍රමය ප්‍රගුණ කරමින් පරිහානියෙන් වළකින්නටයි.

අවිද්‍යාව අසිහිය අයෝණිසෝ මණසිකාරය හෙවත් නුවනක් නැතිව මනා සිහියක් නැතිව විවිධාකාර අරමුණු පිලිබදව සිත සිතා සිටීම මේ පරිහානියට එක් හේතුවක්. දකින දකින දේ ගැන, ඇසෙන ඇසෙන දේ ගැන, දැනෙන දැනෙන දේ ගැන, හිතෙන හිතෙන දේ ගැන මංමුලාවී කල්පනාවට වැටීම පරිහානියට තවත් හේතුවක්. ඒ වගේම මේ කාම අරමුණු කෙරෙහි අසීමාන්තික කැමැත්ත මෙන්ම දැඩි අකමැත්තද, උපේක්ෂාව නොමැති බවද පරිහානියට පමුණුවන තවත් හේතුවක්. එතකොට ත්‍රිවිධ විතර්කය වන කාම විතර්කය ව්‍යාපාද විතර්කය විහිංසා විතර්කය නිරන්තරයෙන් පහළ කරගෙන ඒ තුලම ජීවත්වීම පරිහානියට සහ දුකට හේතුවක්. ලෞකික ජීවිතයක් ගත කරන හැම දෙනාම බහුල වශයෙන් සිටින්නේ මේ ත්‍රිවිධ විතර්කයේ.කාමයන් ගැන කල්පනා කරමින්, ද්වේශය මුල් කරගත් ව්‍යාපාද සිතුවිලි සහ විහිංසා සිතිවිලි වල ගැලී සිටින හැමදෙනාටම ජීවිතය වන්නේ ඒ ත්‍රිවිධ විතර්කයයි. ඒත් කිසිවකු දන්නෙ නැහැ ඒ ගතකරන මුළු ජීවිත කාලයම පරිහානියට පත්ව සසරට ගමන් කරන බව.

විතර්ක තුනක් දහමෙහි සඳහන් වෙනවා.

1.කාම විතර්ක 2.ව්‍යාපාද විතර්ක 3.විහිංසා විතර්ක

ඔබත් මමත් සෑම කෙනෙක්ම සෑම මොහොතකම ඉන්නෙ ඔන්න ඔය ත්‍රිවිධ විතර්කය ඇතුලෙ. ඔය කිසිදු විතර්කයක් නැති වෙලාවක් සොයන්නට ඉතාම අසීරුයි. කාම විතර්ක කියන්නෙ ඇස කණ නාසය ආදී ආයතන හමුවට එන ප්‍රියමනාප සැප උපදවන සිත කැමත්තෙන් ඇලෙන සිතිවිලි වලට. වස්තු කාම කියන්නෙත් ඒවාට. ව්‍යාපාද විතර්ක කියන්නෙ ඇස කණ නාසය ආදී ආයතන හමුවට එන අප්‍රිය අමනාප දුක කේන්තිය වෛරය නොරුස්නා බව ක්‍රෝධය උපදවන සිත අකමැත්තෙන් ගැටෙන සිතිවිලි වලට. විහිංසා විතර්ක කියන්නෙ ඒ වය්‍යාපාද විතර්ක නිසා ඇතිවන පලිගන්නට, රිදවන්නට, ගහන්නට, බනින්නට, එකට එක කරන්නට, මරන්නට, හිංසා කරන්නට පහළවන චේතනා සිතිවිලි වලට.

බුදුරජානන් වහන්සේ මෙසේ වදාරනවා.

"කිළිටි අපවිත්‍ර යම් වස්ත්‍රයක්, රෙදි පිරිසිදු කරන්නෙක් විසින් නිල්පාට හෝ රන්වන් පාට හෝ, ලේ පාට හෝ, මදටිය පාට දැමීම පිනිස යම් සායම් බඳුනක දැමුවත්, ඒ වස්ත්‍රය කිසිදු පාටක් මනාව නොගනියි. අපවිත්‍ර පැහැයෙන්ම පෙනේ. කවර හෙයින්ද මහණෙනි වස්ත්‍රය අපිරිසිදු බැවින්ය. එපරිද්දෙන්ම සිත කිලිටි වූ කල්හි දුගතිය කැමති විය යුතුය"

-මජ්ජිම නිකාය-වත්ථූපම සූත්‍රය-

සිත කිලිටි වූ විට දුගතියම, දුක් විපාක සහිත වූ දුකම නොඑසේ නම් එලොව මෙලොව පරිහානිය ලඟාකර දෙයි.

සිත කෙලෙසන ධර්ම (චිත්තෝපක්ලේශ)

1.අභිධ්‍යා - තමන්ට අයත් දේ කෙරෙහි ඇති දැඩි ඇල්ම

2.විෂම ලෝභය - අනුන් සතු දේ කෙරෙහි ඇති දැඩි ඇල්ම

3.ව්‍යාපාදය 4.උපනාභය - (බද්ධ වෛරය)

5.මක්ඛය - ගුණමකු කම හෙවත් යමෙකුගේ ඇති ගුණ මකාදැමීම

6.පළාසය 7.ඊර්ශියාව

8.මසුරු බව 9.මායාව

10.කපටිබව 11.ථම්භය - (සිතෙහි තද බව)

12.සාරම්භය -(එකට එක හෝ ඊට වැඩියෙන් කිරීම)

13.මානය 14.අතිමානය

15.මදය 16.ප්‍රමාදය

බුදුරජාණන් වහන්සේගේ දර්ශනය සහ විමුක්ති මාර්ගය තුල ඉතාම වැදගත් ස්ථානයක් ගන්නවා සිහිය නුවණ කියන කාරණා දෙක. සිහියයි නුවණයි දෙක වැඩෙන තරමට දර්ශනය ප්‍රකට වෙනවා. මේ ඉන්ද්රිය භාවනාව තුලත් සිහිය සහ නුවණ දෙක වැඩෙන ආකාරයේ භාවිතාවක් තිබෙන්නේ.

ඉන්ද්රිය ධර්ම

පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච? සද්ධින්ද්රියං, වීරියින්ද්‍රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං.
ධර්මයෙහි ඉන්ද්රිය ධර්ම ගැන එසේ සඳහන් වෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යනුවෙන් ඒ ඉන්ද්රිය ධර්මයන් නම් කෙරෙනවා.
යතො ඛො, භික්ඛවෙ, අරියසාවකො ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති - අයං වුච්චති, භික්ඛවෙ, අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’’ති. දුතියං.

මහණෙනි, මේ ඉන්ද්රිය පසෙකි. කවර පසෙක්ද? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය, යනුයි.

“මහණෙනි, යම් මොහොතක ආර්‍ය්‍යශ්‍රාවකයා මේ ඉන්ද්රිය ධර්මයන් වල ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද නිසි පරිද්දෙන් දනීද, මහණෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවකයා එතැන් පටන් අපායගාමී නොවන සෝතාපන්න බවට පැමිණ, රහත් භාවය නියතවූ සම්බෝධි පරායන ස්වභාව ඇත්තේ වෙයි.

-සංයුක්ත නිකාය- ඉන්ද්රිය සංයුත්තය-සෝතාපන්න සූත්‍රය-

ඉන්ද්රිය භාවනාව

බුදුරජාණන් වහන්සේ විසින් වදාල මෙම ඉන්ද්රිය භාවනා ක්‍රමය ඉතාම ආශ්චර්යය ක්‍රමවේදයක් බව එය විමසා බැලීමේදී වැටහෙනවා. කයට කිසිදු වෙහෙසක් නොදී, කයට දුක් දෙමින් කෙරෙන අත්තකිලමතානුයෝගී භාවනාවක් නොව සිහිය සහ නුවණ යොදවා පැය විසිහතර තුලම වඩන්නට හැකි ඉතාම විශිෂ්ඨ භාවනාවක් වශයෙන් මෙය අත්දකින්නට හැකියි.

නිධාන කථාව

පාරාශාරිය බමුණාගේ ශිෂ්‍යයකු වූ උත්තර නම් මාණවකයෙක් දිනක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට පැමිණි සතුටු සාමිචියේ යෙදුනා. එහිදී බුදුරජාණන් වහන්සේ උත්තර මාණවකයාගෙන් ප්‍රශ්නයක් විමසමින් අසා තසිටිනවා, මාණවකය..පාරාශරිය බ්‍රාහ්මණයා තමන්ගේ ශිෂ්‍යයන්ට ඉන්ද්රිය භාවනාව ගැන යමක් දේශනා කොට තිබෙනවාද කියා. එවිට උත්තර මාණවකයාගේ පිළිතුරු වූවේ ඔව් යන්නයි.ඊලඟට බුදුරජාණන් වහන්සේ විමසා සිටිනවා පාරාශරිය බ්‍රාහ්මණයා මොන විදියටද ඉන්ද්රිය භාවනාව ගැන කියා දෙන්නෙ කියා. එවිට උත්තර මාණවකයාගේ පිලිතුර වූවේ ඇසෙන් රූප නොබලන තාක් කල්, කනෙන් ශබ්ද නොඅසන තාක් කල් ඒ ඉන්ද්රියයන් වැඩීම පිණිස වේ කියා.උත්තර මාණවකයා දුන් පිළිතුර අසා බුදුරජාණන් වහන්සේ පෙරළා ප්‍රශ්න කරනු ලබනවා
එසේනම් මාණවකය..පාරාශාරිය බ්‍රාහ්මණයා කියන විදියට නම් ඉන්ද්රිය භාවනාව සිදුවන්නේ, රූප නොපෙනෙන අන්ධයාද ඒ භාවනාව වැඩු අයෙක් වෙනවා.ශබ්ද නෑසෙන බිහිරාද ඉන්ද්රිය භාවනාව වැඩූ අයෙක් වෙනවා නේද මක්නිසාද යත් ඒ අයටත් රූප පෙනෙන්නෙ නැහැ ශබ්ද ඇසෙන්නෙ නැති නිසා.බුදුරජාණන් වහන්සේ ගේ ඒ වචන ඇසූ උත්තර මාණවකයා තුෂ්නිම්භූව බිම බලාගත් බව මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. ඉන් පසුව බුදුරජානන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා මේ දේශනාව කරනු ලබනවා.

ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්චින්ද්රියානි. ඉමෙසං ඛො, භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං සමත්තා පරිපූරත්තා අරහං හොති, තතො මුදුතරෙහි අන්තරාපරිනිබ්බායී හොති, තතො මුදුතරෙහි උපහච්චපරිනිබ්බායී හොති, තතො මුදුතරෙහි අසඞ්ඛාරපරිනිබ්බායී හොති, තතො මුදුතරෙහි සසඞ්ඛාරපරිනිබ්බායී හොති, තතො මුදුතරෙහි උද්ධංසොතො හොති අකනිට්ඨගාමී, තතො මුදුතරෙහි සකදාගාමී හොති, තතො මුදුතරෙහි සොතාපන්නො හොති, තතො මුදුතරෙහි ධම්මානුසාරී හොති, තතො මුදුතරෙහි සද්ධානුසාරී හොතී’’ති. පඤ්චමං.

01.මේ ඉන්ද්රිය ධර්ම පහ සම්පූර්ණ කිරීමෙන් රහත් භාවයට පත් වෙයි.
02.ඊට වඩා මෘදුවූ ඉන්ද්රියය ධර්මයන් පිරීමෙන් අන්තරාපරිනිබ්බායී (පංච සුද්ධාවාසයෙහි ආයුශය අඩක් ගෙවෙන අතරතුර රහත් වන) අනාගාමී පුද්ගලයා වෙයි.
03.ඊට වඩා මෘදුවූ ඉන්ද්රියය ධර්මයන් පිරීමෙන් උපහච්ච පරිනිබ්බායී
(පංචසුද්ධාවාසයෙහි ආයු අඩක් ඉක්මවා රහත් බවට පැමිණෙන) අනාගාමී පුද්ගලයා වෙයි.
04.ඊට වඩා මෘදුවූ ඉන්ද්රියය ධර්මයන් පිරීමෙන් අසඩ්ඛාර පරිනිබ්බායී
(නොහොත් පංච සුද්ධාවාසයේ ඉපිද පහසුවෙන් වෙහෙස නොවී රහත්වෙන) අනාගාමී පුද්ගලයා වෙයි.
05.ඊට වඩා මෘදුවූ ඉන්ද්රියය ධර්මයන් පිරීමෙන් සසංඛාර පරිනිබ්බායී
(පංච සුද්ධාවාසයේ ඉපිද වෙහෙසවී උත්සාහයෙන් රහත්වන) අනාගාමී පුද්ගලයා වෙයි.
06.ඊට වඩා මෘදුවූ ඉන්ද්රියය ධර්මයන් පිරීමෙන් උද්ධංසොත අකනිට්ඨගාමි (ක්‍රමයෙන් අකනිටා බඹලොව දක්වා රහත්වන) අනාගාමී පුද්ගලයා වෙයි.
07.ඊට වඩා මෘදුවූ ඉන්ද්රියය ධර්මයන් පිරීමෙන් සකෘදාගාමී වෙයි.
08.ඊට වඩා මෘදුවූ ඉන්ද්රියය ධර්මයන් පිරීමෙන් සෝවාන් වෙයි.
09. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියය ධර්මයන් පිරීමෙන් ධම්මානුසාරි නම් සෝවාන් මාර්ගස්ථයා වෙයි.
10. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියය ධර්මයන් පිරීමෙන් සද්ධානුසාරී නම් සෝවාන් මාර්ගස්ථයා වෙයි.”

-සද්ධානුසාරි සූත්‍රය-සංයුක්ත නිකාය- ඉන්ද්රිය සංයුත්තය-

කුමක්ද ආනන්දය ආර්යය විනයෙහි ඉන්ද්රිය භාවනාව?

කථඤ්චානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්රියභාවනා හොති: ඉධානන්ද, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති: ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං, එතං සන්තං එතං පණීතං යදිදං උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. සෙය්යථාපි ආනන්ද, චක්ඛුමා පුරිසො උම්මීලෙත්වා වා නිමීලෙය්ය, නිමීලෙත්වා වා උම්මීලෙය්ය. එවමෙව ඛො ආනන්ද, යස්ස කස්සචි එවං සීඝං එවං තුවටං එවං අප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්රියභාවනා චක්ඛුවිඤ්ඤෙෙය්යසු රූපෙසු.

-මජ්ජිම නිකාය-සළායතන වග්ගය-ඉන්ද්රිය භාවනා සූත්‍රය

සරළ අදහස

ආනන්දය, ඒ කිව් විදියට ආර්යය විනයෙහි අනුත්තර ඉන්ද්රිය භාවනාක් තිබෙනවා.
කුමක්ද ඒ? යමෙකුට ඇසෙන් රූප දුටුවාම ඒ රූප කෙරෙහි කැමැත්තක් හටගන්නවා (සැප වේදනා වශයෙන්). එහෙම නැත්නම් ඒ රූප කෙරෙහි අකමැත්තක් අමනාපයක් උපදිනවා (දුක් වේදනා වශයෙන්). එහෙමත් නැත්නම් ඒ රූප කෙරෙහි මනාපද නැති අමනාපද නැති (අදුක්ඛමසූඛ වේදනා) වශයෙන් විඳීමක් හට ගන්නවා. එහෙම මනාප අමනාප හෝ මනාපද නැති අමනාපද නැති අයුරින් විඳීම් හටගන්නවිට මෙසේ දැනගන්නට උවමනායි.
"මේ දේ කෙරෙහි මනාපයක් හටගත්තෙ..මේ දේ කෙරෙහි අමනාපයක් අකමැත්තක් හටගත්තෙ..මේවා සංඛතයි. ඕළාරිකයි..පටිච්චසමුප්පනයි..මේවා කෙරෙහි යම් පිරිසිදු උපේක්ෂාවක් ඇද්ද එය මීට වඩා ශාන්තයි ප්‍රනීතයි" යනුවෙන්. භාවනාව වැඩිය යුත්තේ මේ විදියටයි.

සංඛතය කියන්නෙ සකස් වූ කියන අර්ථයෙන්. එතකොට රූපය කෙරෙහි මනාපය හෝ අමනාපය සකස් කරන්නේ කවුද. මනස විසින්. ඒ සකස් කරන මනාපය හෝ අමනාපය අර දකින රූපයේ නැහැ. ඒවා ඒ රූපයට අයිතිද නැහැ. රූපය කියන්නෙ වෙනම බාහිර දෙයක්. ඒ කෙරෙහි සකස් කරගන්නා මනාප අමනාප රූපය වෙනම දෙයක් අධ්‍යාත්මිකව මනස තුල. මෙන්න මේ ටික පමණයි තේරුම් ගත යුත්තේ.

ඕළාරිකයි කියන්නෙ ඒ මනාප අමනාප බව හරිම රළුයි.ගොරෝසුයි. ශාන්ත නැහැ. ප්‍රනීත නැහැ. මක්නිසාද ඒ රළුබව ගොරෝසු බව තමයි මනසේ ස්වභාවය.

පටිච්චසමුප්පනයි කියන්නෙ හේතුප්‍රත්‍යයෙන් හටගත්තෙ. මොකක්ද හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා කියන්නෙ.
ඇසයි රූපයයි එකතුවීම නම් හේතුව නිසා චක්ඛු විඤ්ඤාණය නම් ඵලය හටගත්තා.චක්ඛු විඤ්ඤාණය හට ගත්තෙ ඇසයි බාහිර රූපයයි කියන දෙකම වැය වෙලා.ඇසයි රූපයයි චක්ඛු විඤ්ඤාණයයි එකතුවීම කියන හේතුව නිසා ස්ඵර්ශය හටගත්තා. එතකොට ස්පර්ශය වැය වෙලා තමයි වේදනා සංඥා සංඛාර නම් ඵල උපදවන්නෙ. මේ කිසිවකට පවතින්න බැහැ වැය උනාම. ඒ නිසා හේතුව වැය වෙලා ඵලය උපද්දනවා. එතකොට මේ ස්කන්ධයන්ගේ අනිත්‍ය ස්වභාවයද අනාත්ම ස්වභාවයද මෙතැන තියෙනවා. දැන් මේ වේදනා සංඥා සංඛාර තුන වැය වෙලා තමයි මනාප රූපය හෝ අමනාප රූපය උපද්දන්නෙ. ඒවා තුල හේතු තියෙනවා. රාග ලෝභ ද්වේශ මෝහ ආදිය. අන්න ඒ හේතූන්ට අනුවයි මේ පටිච්චසම්පන්න රූපය හැදෙන්නෙ.

මෙන්න මෙහෙම මෙනෙහි කලාම ඒ රූප කෙරෙහි තියෙන ඕළාරික මනාප අමනාප භාවයන් හොඳින් වැටහෙනවා මේවා බාහිර තිබෙන රූප නොව මනස විසින්ම ගොඩනැගූ රූප බවට.

රූපරූපය,ශබ්දරූපය,ගන්ධරූපය,රසරූපය,පෝට්ඨබ්බරූපය මේ සියල්ල තුලම සිදුවන මේ ක්‍රියාකාරකම මැනවින් සිහියෙන් නුවණින් දැනගැනීම සහ දැකගැනීම තමයි මේ ඉන්ද්රිය භාවනාව තුලින් සිදුවන්නෙ. එතකොට ඉන්ද්රිය සංවරය දක්වා මෙය වැඩි දියුනු වෙනවා

එතකොට මෙතැනදි යම් නුවණක් ඇතිවෙන්නට ඕනෙ බාහිර තිබෙන්නෙ සතරමහා ධාතුවෙන් උපන් රූප බවට.ඒවා රූපමාත්‍ර,ශබ්දමාත්ර ගන්ධමාත්ර විදියට තමයි ඇස කණ නාස දිව කය හමුවට එන්නෙ.ඒ රූපමාත්‍ර වල කිසිදු හොඳක් නරකක් කැතක් ලස්සනක් යහපතක් අයහපතක් මිහිරක් අමිහිරක් නැහැ. නමුත් පෘතග්ජන මනසට එය හසුවන්නේ නැහැ. පෘතග්ජන මනසට හසුවන්නේම සකස් කරන ලද හොඳ නරක,මිහිරි අමිහිරි සංඛත රූපයමයි. ඒ අරමුණු නැවත නැවත ඇස කන හමුවට එනවිට මනස කරනු ලබන්නේ සංඛතය නැවත සකස් කොට පෙන්වන එකයි.

එහෙනම් යමෙකුට මේ ස්කන්ධ ධර්මයන් පිළිබඳව සහ ඒවා නැවතසකස් කරනු ලබන බවට හෙවත් සංඛත බවට පත්කරනු ලබන ආකාරය පිලිබඳව වැටහීමක් ඇති කරගැනීම වැදගත් වෙනවා. ඒ ගැන බුදුරජාණන් වහන්සේ මෙසේ පැහැදිලි කරනු ලබනවා.

රූපය
‘‘කිඤ්ච, භික්ඛවෙ, රූපං වදෙථ? රුප්පතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘රූප’න්ති වුච්චති. කෙන රුප්පති? සීතෙනපි රුප්පති, උණ්හෙනපි රුප්පති, ජිඝච්ඡායපි රුප්පති, පිපාසායපි රුප්පති, ඩංසමකසවාතාතපසරීසපසම්ඵස්සෙනපි (සිරිංසපසම්ඵස්සෙනපි රුප්පති. රුප්පතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘රූප’න්ති වුච්චති.

මහණෙනි, විපරිනාමයට හෙවත් වෙනස්වීමට ලක්වන නිසා රූපයයි කියනු ලැබේ. කුමකින් වෙනසට පැමිණෙයිද? සීතයෙන්ද වෙනසට පැමිණෙයි. උෂ්ණයෙන්ද වෙනසට පැමිණෙයි. බඩගින්නෙන්ද වෙනසට පැමිණෙයි. පිපාසයෙන්ද වෙනසට පැමිණෙයි, විද විද ලේ බොන ඇටමැසි, මදුරුවා, අව් සුලං සර්පාදී සතුන්ගේ ස්පර්ශයෙන්ද, වෙනසට පැමිණෙයි. මහණෙනි, වෙනසට පැමිණෙනුයි එහෙයින් වනාහි රූපයයි කියනු ලැබේ.

"කබලිංකාරාහාරය නියෝජනය කරමින් පවතින රූපයක් තියෙනවා.ධම්මායතනය නියෝජනය කරමින් පවතින රූපයකුත් තියෙනවා.කාමලෝකයේ කෙනාට ධම්මායතනය නියෝජනය කරමින් පවතින රූපය අහුවෙන්නෙ නැහැ.අහුවෙන්නෙ කබලිංකාරාහාරය නියෝජනය කරමින් පවතින රූප විතරයි. මේ රූපය තමයි සීතෙන් උශ්ණයෙන් කිපෙන්නෙ.එතකොට කබලිංකාරාහාරය ප්‍රත්‍යයෙන් හටගත් කාමලෝකයේ ඉන්න කෙනාගෙ රූපය හැමවෙලාවෙම සීත උෂ්ණයෙන් කිපෙනවා.දැන් ධම්මායතනය අනුව තියෙන රූපයෙන් තමයි බාහිර රූපය හදන්නෙ. ඒ හැදුන රූපයයි සීත උෂ්ණ දෙකෙන් විනාශ වෙන්නෙ.

(අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ-ධම්මසඞගණි විවිරණය)

වේදනාව

‘‘කිඤ්ච, භික්ඛවෙ, වෙදනං වදෙථ? වෙදයතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘වෙදනා’ති වුච්චති. කිඤ්ච වෙදයති? සුඛම්පි වෙදයති, දුක්ඛම්පි වෙදයති, අදුක්ඛමසුඛම්පි වෙදයති. වෙදයතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘වෙදනා’ති වුච්චති.

මහණෙනි, විඳිනවා කියන අර්ථයෙන් වේදනාව හැඳින්වෙනවා. වේදනාව තුල සැපද විඳියි. දුකද විඳියි. අදුක්ඛම සුඛයද, (දුකත් නැති සැපත් නැති මෝහ මූලිකව) විඳියි. මහණෙනි,විඳිනවා කියන අර්ථයෙන් වේදනාව කියා කියනු ලැබේ.

සංඥාව

‘‘කිඤ්ච, භික්ඛවෙ, සඤ්ඤං වදෙථ? සඤ්ජානාතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘සඤ්ඤා’ති වුච්චති. කිඤ්ච සඤ්ජානාති? නීලම්පි සඤ්ජානාති, පීතකම්පි සඤ්ජානාති, ලොහිතකම්පි සඤ්ජානාති, ඔදාතම්පි සඤ්ජානාති. සඤ්ජානාතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘සඤ්ඤා’ති වුච්චති.

මහණෙනි, සංඥාව කුමක්ද? මහණෙනි, යමක් හඳුනා ගැනීම සංඥාවයයි කියනු ලැබේ. කුමක්ද හඳුනා ගන්නෙ? නිල්වූ දේ නිල්යයිද, හඳුනයි. කසාවන් දෙය කසාවන් යයිද හඳුනයි. ලෙහෙවන් දෙය ලේවන්යයිද හඳුනයි. සුදු දෙය සුදුයයිද හඳුනයි. මහණෙනි, යමක් හඳුනා ගැනීමට සංඥාවයයි කියනු ලැබේ.

සංඛාර

‘‘කිඤ්ච , භික්ඛවෙ, සඞ්ඛාරෙ වදෙථ? සඞ්ඛතමභිසඞ්ඛරොන්තීති ඛො, භික්ඛවෙ, තස්මා ‘සඞ්ඛාරා’ති වුච්චති. කිඤ්ච සඞ්ඛතමභිසඞ්ඛරොන්ති? රූපං රූපත්තාය සඞ්ඛතමභිසඞ්ඛරොන්ති, වෙදනං වෙදනත්තාය සඞ්ඛතමභිසඞ්ඛරොන්ති, සඤ්ඤං සඤ්ඤත්තාය සඞ්ඛතමභිසඞ්ඛරොන්ති, සඞ්ඛාරෙ සඞ්ඛාරත්තාය සඞ්ඛතමභිසඞ්ඛරොන්ති, විඤ්ඤාණං විඤ්ඤාණත්තාය සඞ්ඛතමභිසඞ්ඛරොන්ති. සඞ්ඛතමභිසඞ්ඛරොන්තීති ඛො, භික්ඛවෙ, තස්මා ‘සඞ්ඛාරා’ති වුච්චති.

මහණෙනි, කුමක්ද සංස්කාරය? මහණෙනි, හේතු ප්‍රත්‍යයෙන් හට ගත් දේ නැවත සකස් කිරීමක් තියෙයිද එය සංස්කාරයයි කියනු ලැබේ. කිනම් හේතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද්දක් පිළියෙල කරද්ද? හේතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද රූපය රූපයවීම පිණිස සකස් කරයි. සංඛතවූ වේදනාව වේදනාව වීම පිණිස සකස් කරයි. සංඛතවූ සංඥාව සංඥාව වීම සකස් කරයි. සංඛතවූ සංස්කාරයන් සංස්කාරවීම පිණිස සකස් කරයි. සංඛතවූ විඥානය විඥානයවීම පිණිස පිළියෙල සකස් කරයි. කරත්සකස් කරයි. මහණෙනි, සංඛතය (හේතු ප්‍රත්‍යයන් විසින් නිපදවන ලද දේ) පිළියෙල කරන හෙයින් සංස්කාරයෝයයි කියනු ලැබෙත්.

විඤ්ඤාණය

‘‘කිඤ්ච, භික්ඛවෙ, විඤ්ඤාණං වදෙථ? විජානාතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘විඤ්ඤාණ’න්ති වුච්චති. කිඤ්ච විජානාති? අම්බිලම්පි විජානාති, තිත්තකම්පි විජානාති, කටුකම්පි විජානාති, මධුරම්පි විජානාති, ඛාරිකම්පි විජානාති, අඛාරිකම්පි විජානාති, ලොණිකම්පි විජානාති, අලොණිකම්පි විජානාති. විජානාතීති ඛො, භික්ඛවෙ, තස්මා ‘විඤ්ඤාණ’න්ති වුච්චති.

මහණෙනි, කුමක්ද විඥානය ? මහණෙනි, විශේෂයෙන් දැනගනියි. එහෙයින් විඥානයයි කියනු ලැබේ. කුමක් දැනගනීද? ඇඹුල් රසද, විශේෂයෙන් දනී. තිත්ත රසද විශේෂයෙන් දනී කුළුරසද විශේෂයෙන් දනී. මිහිරි රසද විශේෂයෙන් දනී. කර රසද විශේෂයෙන් දනී. මිශ්‍ර රසද විශේෂයෙන් දනී. ලුණු රසද විශේෂයෙන් දනී දිය රසද විශේෂයෙන් දනී. මහණෙනි, මෙසේ වනාහි අරමුණ විශේෂයෙන් දැනගන්නා හෙයින් විඥානයයි කියනු ලැබේ.

-සංයුත්ත නිකාය-ඛජ්ජනීය වග්ගය-ඛජ්ජන සූත්‍රය-

එතකොට ඒ සඳහන් කල " සඞ්ඛතමභිසඞ්ඛරොන්ති" කියන යෙදුම තුලින් පැහැදිලි වෙනවා රූපය සකස් කරන්නෙ බාහිර තිබුන දෙයක් නිසා නොව මනසින් බවට. සංඛත වූ දෙය නැවත සැකසීම නැවත සංස්කරණය කිරීම එහි අදහසයි. එසේ නැවත සකස් කරන්නේ මනසින්ය. එවිට බාහිර තිබෙනවා සිටිනවා කියා පෙනෙන්නේ ධම්මායතනය විසින් ඒ නැවත සකස් කල රූපය මිසක ඇත්තටම බාහිර තිබෙන රූපයක් නොවේය. වේදනාවද සංඥාවද සංඛාරයද බාහිර කොහේවත් තිබුනා නොව මනස තුලම තිබුනු දේවල් බව. ආර්යය විනයෙහි නොහික්මුණු පෘතග්ජන සිතක ස්වභාවය තමයි අරමුණු දෙසටම නැවී පැවතීම. අරමුණක් නැතිව සිතකට පවතින්නට පුරුද්දක් නැති නිසා සිත හැමවිටම කුමක් හෝ අරමුණක් දිහාට නැඹුරු වෙන්නට බලාගෙන ඉන්නෙ. හැබැයි මේ නිත්‍ය වූ සිතක් තිබෙනවා කියන කාරණය නෙවෙයි. එහෙම නිත්‍ය සිතක් නැහැ. එතකොට ඇස කණ නාසය ආදී ආයතන වලින් එන බාහිර අරමුණු සිත කැමති මොන විදියටද අන්න ඒ විදියටම සකස් කරගෙන සිත ඒ තුල බැසගෙන ඉන්නවා. අරමුනෙන් අරමුණට සිත මේ ආකාරයට වෙනස් වෙවි වෙනස්වෙවි අරමුණට අදාල පරිදි හැසිරෙනවා. මෙය එකම සිතක් හැටියට වරදවා නොගත යුතු අතර ඒ ඒ අරමුණට ඒ ඒ අදාල සිත පහළ වන අතර කලින් අරමුණ නිරුද්ධ වන විට ඊට අදාල සිතද නිරුද්ධ වෙනවා. මේවා සිත් පරම්පරාවක් සිතිවිලි පරම්පරාවක් නොනැසී ඉදිරියට ගමන් කිරීමක් හැටියට ධර්මයෙහි දක්වනවා. එතකොට මේ ඉන්ද්රිය භාවනාව තුලින් එසේ අරමුනෙන් අරමුණට හටගන්නා සිත් සහ වේදනා සංඥා සංඛාර ආදී චේතනා සිතිවිලි වල යථා ස්වභාවය සිහියෙන් සහ නුවණින් දැනගෙන ඇලීම් ගැටීම් ආදී සංසාර සංයෝජන දුරු කරගන්නට උපකාරී වෙනවා.
"මේ දේ කෙරෙහි මනාපයක් හටගත්තෙ..මේ දේ කෙරෙහි අමනාපයක් අකමැත්තක් හටගත්තෙ..මේවා සංඛතයි. ඕළාරිකයි..පටිච්චසමුප්පනයි..මේවා කෙරෙහි යම් පිරිසිදු උපේක්ෂාවක් ඇද්ද එය මීට වඩා ශාන්තයි ප්‍රනීතයි" වශයෙන් මෙනෙහි කරන්නට හුරුවූ විට සිහිය සහ නුවණ වැඩෙන්නට ගන්නවා. එතකොට එය එක් අතකින් සතර සතිපට්ඨානය වැඩෙන්නට මුල් වෙනවා. එසේ සිහිය නුවන නැතිව අයාලේ යන සිත පරිහානියටයි ගමන් කරන්නෙ.

උපාසක පරිහානිය

සත්තිමෙ , භික්ඛවෙ, ධම්මා උපාසකස්ස පරිහානාය සංවත්තන්ති . කතමෙ සත්ත? භික්ඛුදස්සනං හාපෙති, සද්ධම්මස්සවනං පමජ්ජති, අධිසීලෙ න සික්ඛති, අප්පසාදබහුලො හොති , භික්ඛූසු ථෙරෙසු චෙව නවෙසු ච මජ්ඣිමෙසු ච උපාරම්භචිත්තො ධම්මං සුණාති රන්ධගවෙසී, ඉතො බහිද්ධා දක්ඛිණෙය්යං ගවෙසති, තත්ථ ච පුබ්බකාරං කරොති. ඉමෙ ඛො, භික්ඛවෙ, සත්ත ධම්මා උපාසකස්ස පරිහානාය සංවත්තන්ති.

මහණෙනි, මේ ධර්මයෝ හතක් උපාසකයාගේ පිරිහීම පිණිස පවතිනවා.
01. භික්ෂූන් බැහැ දැකීම හෝ ඇසුර පමා වීම.
02.ධර්ම ශ්‍රවණය නොකිරීම හෝ පමා කිරීම.
03.අධිශීලයෙන් (අටසිල්, දස සිල්, වැනිඉහළ සිල් වලින්) නොහික්මීම
04. අප්‍රසාද බහුල වූයේ වීම
05.ස්ථවිරවූද, මධ්‍යමවූද, නවකවූද භික්ෂූන් වහන්සේලා කෙරෙහි සිදුරු සොයමින්. දොස් කීමේ අදහසින් ධර්ම ශ්‍රවණය කිරීම.
06.මේ ශාසනයෙන් පිටත දන් දීමට සුදුස්සන් සෙවීම
07.ඒ බාහිරකයන්ට මුලින් දී, පසුව මේ ශාසනයේ භික්ෂූන්ට දේද, මේ ධර්මයෝ සත්දෙන උපාසකයාගේ පිරිහීම පිණිස පවතියි.

අංගත්තර නිකාය-සත්තක නිපාත-උපාසක පරිහාන ධම්ම සූත්‍රය-

මේ ලිපියෙහි අන්තර්ගත ස්කන්ධ ධර්මයන්ගේ ස්වභාවය ගැන, සංඛත අභිසංඛත බව ගැන, ඉන්ද්රිය භාවනාව ගැන, උපාසක පරිහානිය ගැන තවදුරටත් විමසා බැලීමෙන් යමෙකුට සිහිය සහ නුවණ දෙක මනාව පිහිටුවාගෙන නිවී සැනසුනු ජීවිතයක් ගතකරන්නට හැකියාව ලැබෙයි.

මූලාශ්‍ර

1.අංගත්තර නිකාය-සත්තක නිපාත-උපාසක පරිහාන ධම්ම සූත්‍රය

2.-සංයුත්ත නිකාය-ඛජ්ජනීය වග්ගය-ඛජ්ජන සූත්‍රය-

3.ධම්මසඞගණි විවිරණය - මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ

4.මජ්ජිම නිකාය-සළායතන වග්ගය-ඉන්ද්රිය භාවනා සූත්‍රය

5.සද්ධානුසාරි සූත්‍රය-සංයුක්ත නිකාය- ඉන්ද්රිය සංයුත්තය

6.සංයුක්ත නිකාය- ඉන්ද්රිය සංයුත්තය-සෝතාපන්න සූත්‍රය

7.මජ්ජිම නිකාය-වත්ථූපම සූත්‍රය

jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.com0tag:blogger.com,1999:blog-960881688546260776.post-55184317056909093902022-10-24T18:30:00.002-07:002022-10-24T18:30:19.970-07:00සීහළවත්ථු 02- කෙස් වැටියෙන් දන් දුන් සුමනාව

ඡායාරූපය - https://www.pinterest.com/

දානය මහත්ඵල මහානිසංස ගෙන දෙන සසර ජීවිතය සැපවත් කරන උතුම් ක්‍රියාවකි. දානය ශීලය භාවනාව ආදී ත්‍රිවිධ පුන්යක්රියාවෙන් යුක්ත කෙනා ඒ තුලම නතර නොවී ශීල සමාධි ප්‍රඥා යන ධර්මතාවයන් වෙතට යොමිවුය යුත්තේය. එයින්ද නොනැවතී ලෝකොත්තර සම්මා දිට්ඨිය ඇති කරගෙන ආර්යය අෂ්ඨාංගික මාර්ගය වැඩීමෙන් සසර දුක් කෙළවර කරගත යුතුය. සමහරු දානයට ශීලයට පින්කම් වලට ගර්හා කලත්, නින්දා කලත්, එසේ කරන්නේ අවිද්‍යා සහගතවූ මානය සහ තමා පිලිබඳව වූ අධිතක්සේරුව නිසා බව පැහැදිලිය.

කෙතරම් වස්තුව මිලමුදල් හරිහම්බ කලත් සමහර අයට කුසගිනි නිවාගන්නට ආහාර ගැනීමට පවා වෙලාවක් නැත. සමහර අය කෙතරම් උපයා සපයා ගෙනවිත් දුන්නත්, කෙතරම් රසමසවුලු සකස්වී තිබුනත්, කුමක් හෝ හේතුවකට ඔහුට ආහාරය වැලකී යයි. නිවසෙහි අගහිඟයක් නැතිව ආහාර පිලයෙල වී තිබුනත්, ඒවා ඔහුට රුචි නෙවෙයි, බලවත් සේ කුසගිනි වේදනා සිත්පීඩා මැද ඔහුට කුසගින්නේ සිටින්නට සිදුවේ. පෙර සංසාරයේ දානය ඔහු විසින් කෙසේ දී ඇතිදැයි එයින් සිතාගත හැකිය. සමහරු අන්ත දුගී දිළිඳු බවට පත්ව, එදා වේලවත් නොලැබ ඉන්නට හිටින්නට තැනක් හෝ නොමැතිව යාචකයින්ට වඩා අන්ත දුක්ඛිත ජීවිත ගත කරමින්, අනන්ත දුක් වේදනා විඳති. සමහරුන්ට පිපාසය නිවාගන්නට දිය බිඳක් සොයා මහා දුරකතරක් ගෙවමින් හිස් කළගෙඩි රැගෙන යන්නට සිදුවෙයි. මේවා සංසාරයේ රැස් කල කර්ම හේතු වල විපාක බව නුවනැත්තා දැනගෙන හිත හදාගෙන, නිවන් දැකීම අරමුනු කරගෙනම මතුසංසාරය සැපවත් කරගන්නටද උත්සුක වෙති. සංසාරයේ හැටි මෙහෙමය. සසර මෙබඳු භයානක දුක්සහගත තැනකි ආදී වශයෙන් මෙනෙහි කරන නුවනැත්තා ආමිස දානයට, පින්කම් වලට, ශීලයට ගර්හා නොකර,නින්දා නොකර, අවමන් නොකර, සතුටු සහගත සිතින් යුතුව අසංඛාරිකව(කිසිවකුගේ බලකිරීමකින් තොරව) කර්මය සහ කර්මඵලය අදහාගෙන ඒවාට යොමුවෙයි.

දානයෙහි අනිශංසයන් බොහෝ බව බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල දේශනා කොට වදාරා තිබෙනවා.

‘‘පඤ්චිමෙ , භික්ඛවෙ, දානෙ ආනිසංසා. කතමෙ පඤ්ච? බහුනො ජනස්ස පියො හොති මනාපො; සන්තො සප්පුරිසා භජන්ති; කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති; ගිහිධම්මා අනපගතො , ගිහිධම්මමනුපගතො හොති; කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. ඉමෙ ඛො, භික්ඛවෙ, පඤ්ච දානෙ ආනිසංසා’’ති.

“මහණෙනි, මේ දානයෙහි ආනිශංස පහක් තිබෙනවා. දානය දෙන තැනැත්තා බොහෝ දෙනාට ප්‍රිය මනාප කෙනෙක් වෙනවා. ශාන්තවූ සත් පුරුෂයන් ඇසුරු කරන කෙනෙක් වෙනවා. ඔහුගේ ගුණ ගෝෂාවක් සේ පැන නගිනවා. සීලයෙන් ආරක්ෂා වූ කෙනෙක් වෙනවා. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදිනවා"

-අංගුත්තර නිකාය- සුමනා සූත්‍රය-

ඉහත සඳහන් කලේ එයින් එක උදාහරණයක් පමණයි. මේ ආමිස දානය දීම බුදුරජානන් වහන්සේ ලෞකික වශයෙන් සැපගෙන දෙන, ලෞකික වශයෙන් මෙලොව සහ පරලොව සුවපත් කරවන දෙයක් හැටියට දේශනා කරනු ලැබුවා. යමෙක් සසර දුක් කෙලවර කොට නිවන් දැකීමට යන සසර ගමනේදී මේ දානය ආනිසංසයක් හැටියට සිවුපස ප්‍රත්‍ය ලාභය ඔහු පසුපසින් එනවා.

මේ එවන් දානය පිලිබඳව "සිහළවත්ථුවේ" සඳහන් කථාවකි.

ඡායාරූපය - https://www.pinterest.com/

එකල ලංකාවේ සෑගිරියට ආසන්නව පිහිටි ගමක් තිබුනා. ඒ ගමේ නම "විල්ගම"ය. පර්වත වලින් සමන්විත ඒ ප්‍රදේශයේ එක් පර්වත ලෙනක භික්ෂුන් වහන්සේලා කීපනමක් භාවනායෝගීව වැඩසිටියා.දිනක් ඒ භික්ෂූන් වහන්සේලා හත්නමක්, පවුල් පන්සියයක් පමණ ජීවත්වූ එම ගමෙහි පිණ්ඩපාතය සඳහා වැඩම කලත්, කිසිදු ගෙදරකින් කිසිම දෙයක් නොලැබ හිස් අතින් ආපසු වැඩම කලා. මේ සිදුවීම දෙස ඉන්නට හිටින්නට තැනක් නැති, හිඟාකෑමෙන් ජීවත් වෙමින් අම්බලමක වැනි පොදු ස්ථානයක ජීවත්වූ, එක්තරා දුගී දුප්පත් මවක් සහ දියණියක් සංවේගයෙන් යුතුව බලා සිටියා. ඒ දියණිය "සුමනා" නම් වූවාය. ඇය සංවේගය උපදවා ගෙන මෙහෙම හිතන්නට උනා.

" පෙර කරපු පින් නැති මම අනුන්ගේ අනුකම්පාව මත සිඟමන් යදිමින් ජීවත්වන කෙනෙක්. පෙර පින් නැති නිසාම මට මේ ලෝකයේ කිසිම දෙයක් ලැබී නැහැ.මේ දුගී දුප්පත් සිඟන ජීවිතය මට ලැබුනෙ පෙර ජීවිතවල පිනක් කුසලයක් නොකල නිසා. ඒ නිසා මගේ මේ දිගු කොන්ඩය කපා කඩයට විකුණා ඒ ලැබෙන දෙය පිනකට කුසලයට යෙදවීම මහා ලාභයක්" කියා කල්පනා කලා. එහෙම කල්පනා කල සුමනා නම් තරුණිය තමන්ගේ මවට දන්වා සිටියා පිණ්ඩපාතය නොලැබ හිස් අතින් ආපසු ගිය භික්ෂුන් වහන්සේලා හත්නමක් පර්වත ලෙනේ සිටින බවත්, ඒ නිසා පිනක් කරගන්නට අවසර දෙන්න කියා. එවිට ඒ මව දන්වා සිටින්නේ තමා නිසා හෝ පින් නොකර සිටින්නට එපා යනුවෙන්ය. පින් කිරීම වළකන අය නිරයට වැටී ඒ දුක් විපාක වලින් නිරයේ පැසෙන බව මව දන්වා සිටියා. මවගේ වචන වලින් සතුටට පත් සුමනා, වහාම කඩවීදියට දුවගිහින් තමන්ගේ කෙස් වැටිය කපා විකුණා කහවනු අටක් ලැබුවා. ඒ කහවනු අටද රැගෙන දිවගිය සුමනා තරුණිය භික්ෂූන් සොයා ගිහින් මව සමග තමන් ජීවත්ව සිටි පොදු ස්ථානයට වැඩම කරවනු ලැබුවා. පසුව තමන් ලත් මුදලින් සහල් සහ සෙසු ආහාර කළමනා රැගෙන, දානය සකස් කොට භික්ෂූන් වහන්සේලාට පූජා කරනු ලැබුවා. තමන්ගේ හිසකෙස් කපා විකුනා දුන් මේ දානයේ ආනිශංසයෙන් මතු කලකදී තමන්ට ධනසම්පත් ලැබීමට හේතුවේවා කියා ඇගේ සිත තුල ප්රාර්ථනාවක්ද විය.

සුමනාව විසින් පූජා කල දානය සහිත දන්පාත්ර අතැති භික්ෂූන් වහන්සේලා නැවත වඩින්නට පටන් ගත්තා. ඒ වඩින අතරමගදී වැඩිමල් භික්ෂුව මහපාර මැද නතරවී අනෙක් භික්ෂූන් අමතා මෙසේ ප්‍රකාශ කලා.

"ඇවැත්නි..තමන්ගේම කෙස්වැටිය කපා විකුනා මේ අසරණ තරුණිය එයින් අපට මේ දානය දුන්නේ අපි හැමදෙනා වහන්සේලාම කෙලෙස් සිඳින්නට වීරිය දරන පිරිසක් කියා කල්පනා කරලා. ඒ නිසා මගේ අදහස සියලු කෙලෙස් ප්රහාණය කොට අවසන් වූ පසුව මේ දානය වැළඳීමයි. එය ඔබ වහන්සේලාගේද යුතුකම බව සිහිපත් කරනවා" කියා.

වැඩිමහළු භික්ෂුවගේ අවවාදය එකහෙලා පිලිගත් සියලු භික්ෂුන් වහන්සේලා, දාන පාත්‍ර පසෙක තබා රුක්මුල් වෙත වැඩම කොට වීරිය වඩා සියලු දුක් කෙළවර කොට, ඉන්පසුව දානය වළඳන්නට උනා.

උන්වහන්සේලා එසේ දානය වළඳා අවසන් වෙත්ම, දානය දුන් සුමනා නම් අන්ත දුගී තරුණියගේ රූපය වර්ණවත් විය. එය විස්තර කරන්නේ දේව වර්ණයට නොපැමිණ මනුශ්‍ය වර්ණය ඉක්මවා සිටි ශරීර වර්ණයක් බවයි. එමෙන්ම ඇගේ කපා දැමූ කෙස් වැටියද පෙර තිබුනාටත් වඩා සුන්දරව වැඩුනු අතර, මනා අඟපසඟ පිහිටා රූප ශෝභාවෙන් බබලන්නට විය. විශ්මයෙන් යුක්ත රූමත් පැහැපත් සුමනා තම මෑණියන් වෙත දිවගොස් මෙපුවත පවසා සිටියේ, ඒකාන්තයෙන්ම ඒ භික්ෂූන් වහන්සේලා මහරහත් බවට පැමිණි ඇති බවත්, තමන් දුන් දානය මේ ජීවිතයේම ආනිශංස දුන් බවත් සිහිපත් කරමින්ය.

මේ ආශ්චර්යයමත් පුවත ඉතාම වේගයෙන් අවට ගම්වලටද පැතිර ගියේය. සීහළවත්ථුව සඳහන් කරන්නේ එවකට අනුරාධපුරයේ රජකම් කල සද්ධාතිස්ස රජතුමාගේ අධිගෘහිත දේවතාවා සාධුකාර දුන් අතර, සෙසු දේවතාවෝ අනුරාධපුරයට ගොස් ප්‍රීතිඝෝෂා නැගූ බවයි. මේ අතර රජුගේ එක්තරා යුධ සෙනෙවියෙක් ඇය රථයක නංවාගෙන රජතුමා අභිමුවට පමුණුවන ලද අතර,ඇයගේ කථාපුවත අසා පැහැදුනු සද්ධාතිස්ස රජතුමා ඇය තම දූ තනතුරෙහි තැබීය.ඉන් අනතුරුව රජු විසින් ඇයට සේවක දාසයන් සියයක්, දෙනුන් සියයක්, මීමුන් සියයක්, රථ සියයක්, ගම් සියයක් සහිත ජනපදයක් සහ රජෙකු විසින් දූ කුමරියකට දියයතු ස්වර්ණාභරණ ආදියද දායාද කොට, ඇය තමා වෙත රැගෙන ආ යුධ සෙනෙවියාටම පාවා දෙන ලද බැව් සඳහන් වේ.

ලෝකෝත්තර මාර්ගය වඩන තැනැත්තා ඒ මාර්ගයේ ගමන් කල යුතු අතර, එයට යොමුවිය නොහැකි ප්‍රඥාව වීරිය සතිය සමාධිය වඩා ගන්නට තවමත් ප්‍රමාද කෙනා සසර දුගතියට නොවැටී අවම වශයෙන් මතු සසර සැපවත් කරගන්නට හෝ දාන ශීල ආදී ලෞකික ආනිශංස සහිත දසවස්තුක සම්මා දිට්ඨියටවත් පැමිණිය යුතු වෙනවා. මේ කථාපුවතින් දෙන පණිවිඩයද එයයි. භික්ෂූන් වහන්සේලා ලෝකෝත්තර මාර්ගය වඩා රහත් භාවයට පැමිණීමද, සුමනාව සියලු යස ඉසුරු ලබා සමෘද්ධිමත් වීමද එකම දානයේ ආනිශංස වීම ආශ්චර්යයක් නොවේද??

ඡායාරූපය - http://www.dinamina.lk/

සීහළවත්ථු නමින් රචනාවු ඉපැරනි පුස්කොලපොත, අපේ රටේ මහා ඉතිහාස ග්‍රන්ථය වූ මහාවංශයද ලියැවෙන්නට පෙර බිහිවූවක් සේ සිහළවත්ථු මුද්‍රණයේ සඳහන්වන අතර එය රචනා කර ඇත්තේ "කණ්ඨකසෝල පටුනේ විසූ ආචාර්යය ධම්මනන්දි මහතෙර" බැව් පැවසේ. අවුරුදු සිය ගනනක් පැරණි මෙහි මුල්පිටපත රචනය කර තිබී ඇත්තේ බුරුම භාෂාවෙනි. මෙම ධර්ම ග්‍රන්ථය අම්බන්ගොඩ පොල්වත්තේ අග්ගාරාමාධිපතිව වැඩ විසූ

"අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත" කල්යාවංශ නිකායේ මහානායක ස්වාමි පාදයන් වහන්සේ විසින් "ඉතා පැරණි සිංහල බණ කථා" නමින් සිංහල භාෂාවෙන් අනුවාදනය කර ඇත.මෙහි ඇතුලත් දහම් කථා තුල බහුල වශයෙන් මෙරට රජකල සද්ධාතිස්ස රජතුමා ගැනද, වළගම්බා රජ සමය ගැනද, බැමිණිතියාසාය පිලිබඳවද ලියැවී අතර, එවකට ලංකාවේ සිරිත්විරිත්, පුරාණ ගම්, සහ රටවැසියන්ගේ දහම කෙරෙහි තිබූ ශ්‍රද්ධාව සහ නැඹුරුව ගැනද සඳහන් වී ඇත.

මූලාශ්‍ර-

1.-අංගුත්තර නිකාය- සුමනා සූත්‍රය-

2.සීහළවත්ථු (ඉතා පැරණි සිංහල බණ කථා) -

jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.com0tag:blogger.com,1999:blog-960881688546260776.post-78586497730076245202022-10-18T18:09:00.001-07:002022-10-18T18:09:20.514-07:00සීහළවත්ථු 01- සීරළු හොරා

ඡායාරූප අනුග්‍රහය - https://si.wikipedia.org/wiki

සීහළවත්ථු නමින් රචනාවු ඉපැරනි පුස්කොලපොත, අපේ රටේ මහා ඉතිහාස ග්‍රන්ථය වූ මහාවංශයද ලියැවෙන්නට පෙර බිහිවූවක් සේ සිහළවත්ථු මුද්‍රණයේ සඳහන්වන අතර එය රචනා කර ඇත්තේ "කණ්ඨකසෝල පටුනේ විසූ ආචාර්යය ධම්මනන්දි මහතෙර" බැව් පැවසේ. අවුරුදු සිය ගනනක් පැරණි මෙහි මුල්පිටපත රචනය කර තිබී ඇත්තේ බුරුම භාෂාවෙනි.

මෙම ධර්ම ග්‍රන්ථය අම්බන්ගොඩ පොල්වත්තේ අග්ගාරාමාධිපතිව වැඩ විසූ "අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත" කල්යාවංශ නිකායේ මහානායක ස්වාමි පාදයන් වහන්සේ විසින් "ඉතා පැරණි සිංහල බණ කථා" නමින් සිංහල භාෂාවෙන් අනුවාදනය කර ඇත.මෙහි ඇතුලත් දහම් කථා තුල බහුල වශයෙන් මෙරට රජකල සද්ධාතිස්ස රජතුමා ගැනද, වළගම්බා රජ සමය ගැනද, බැමිණිතියාසාය පිලිබඳවද ලියැවී අතර, එවකට ලංකාවේ සිරිත්විරිත්, පුරාණ ගම්, සහ රටවැසියන්ගේ දහම කෙරෙහි තිබූ ශ්‍රද්ධාව සහ නැඹුරුව ගැනද සඳහන් වී ඇත.

සීහළවත්ථුවේ එන ඉතාම වැදගත් ධර්මතාවයක් හෙළිකරන රසවත් කථාවක් ඇත. එය නම් කර ඇත්තේ සීරළු හොරා යනුවෙන්ය.

එක්තරා සොරෙක් පන්සීයයක පමණ සොරු පිරිසක් සමග, කෝකානිජ කණ්ඩගිර නම් ගිරිශිඛරයේ එක්තරා ගල් ලෙනකට පැමිනෙයි. එහි වැඩ වාසය කරන්නේ අල්පේච්ඡබව තුල හික්මෙන ආරන්යවාසී භික්ෂුවකි. මේ සොරා සහ භික්ෂුව අතර සිදුවන සංවාදයකි

ඡායාරූප අනුග්‍රහය -https://www.budusarana.lk/

සොරා - ස්වාමීණී..අවුරුදු කීයක් ඔබවහන්සේ මේ ගිරිමුදුන් ගල්ලෙනේ වාසය කරනවාද?

භික්ෂුව - කිසිවකු නැතිව තනිවම මම අවුරුදු හයක් මේ තුල වාසය කරනවා

සොරා - ඒ අවුරුදු හයම මෙතැනට වෙලා වාසය කරද්දි ඔබවහන්සේ ලබාගත් කිසියම් ධ්‍යානයක්, සමාපත්තියක්, හෝ විශේෂ අවබෝධයක් තියනවද?

භික්ෂුව - එහෙම විශේෂ දෙයක් නම් මා ලබල නැහැ. ශීලයේ හිත පිහිටුවාගෙන විවේක සුවයෙන් වාසය කරනවා පින්වත

සොරා - සිල් විතරක් රකිමින් මෙතනට වෙලා ඉන්නවා නම් ඔබ වහන්සේ, තමන් වහන්සේටම කරගන්නෙ ලොකු විනාශයක් .රහත් භාවය සඳහාම උත්සාහ කරන්න ස්වාමිණි.

එහෙම භික්ෂුවට කරුණාවෙන් මතක් කරන මේ සොරා, දිගු කථාවක් කියන්නට පටන් ගන්නවා.

සොරා - ඔබවහන්සේට කලින් මමත් මේ ගල්ලෙනේම නතරවෙලා විවිධ අභිඥාවන්ගෙන් පරතෙරටම ගියා. දිව්‍ය ඇස, දිව්‍ය කණ පිරිසිදු කරගෙන හිටියෙ. ඍධි බලයද ලබාගත්තා. මම පෙර විසූ ආත්ම භාවයන් දැනගත්තා.අනුන්ගේ සිත් කියවන්න පුලුවන් තරමට හිත දියුනු කලා. ඒ තරම් දේ ලැබුන මම ඒ දේවල් වලටම ඇලෙමින්, රහත් භාවය ලබාගන්නට ප්‍රමාද උනා.එක්තරා දවසක හවස් කාලේ ධ්‍යානයෙන් මිදුනු මම ලෙන් දොර ලඟට වී අවට බලා ඉන්න විට ඉතාම සුන්දර ගොපළු තරුණියක් දැකගන්නට ලැබුනා. ඒ සැනින් ඒ තරුණියගේ සුන්දරත්වයට වශී උන මට රාග හිතක් පහළ උනා. ඒ රාගය නිසාම මම මුලාවට පත්උනා. මහණකම අතහැර දැම්ම මම ඒ තරුණිය සොයා හැමතැනම ගියා. පස්සෙ මම හොරකමට වැටුනා. සොරෙක් උනාට පස්සෙ මට තවත් සොරු පිරිස එකතු උනා. ඒ අයත් එක්ක මම ඒ තරුණිය ජීවත්වූ ගෙය වටලල ඇයව පැහැරගත්තා. ඇයව පැහැරගෙන ගිහින් ඒ සඳහාම ප්‍රමාදීවූ මම බොහෝ අකුලස් පව් කලා. ඒ හේතු නිසාම මම ඒකාන්තයෙන්ම මතු නිරයෙහි ඉපදීමට හේතුවන බව දන්නවා. කාමය මා විනාශ කලා. කාමය නිසා මම බොහෝ අහිංසක ජනයා පීඩාවට පත්කරමින්, ධනධාන්‍ය සොරකම් කලා. නමුත් මේ කිසිදු කාමයක ඇතිවීමක් තෘප්තියක් නම් පෙනෙන්නට නැහැ. කාමය නිසා මගේ දැහැන් විනාශ උනා. කාමය නිසා මගේ ඍධීන් විනාශ උනා. ස්වාමීනී..ඔය ධ්‍යාන අභිඥා,සමාපත්ති සියල්ල කෙලෙස් යටපත් කිරීමට පමණයි තිබෙන්නේ. කෙලෙස් නැති කරන්නට බැහැ. ඒ නිසා පින්වත් ස්වාමින් වහන්ස, මම ඉතාම කරුණාවෙන් අනුකම්පාවෙන් කියන මේ දෙයට ඇහුම්කන් දෙන්න. මගේ කථාව ඇසීමෙන් සංවේගය උපදවා ගන්න. ප්‍රමාදවීමෙන් විනාශයට යන්නට එපා. හිතට වසඟවෙලා ප්‍රමාදයට පත්වන අය විවිධ විදියට දුකට පත්වෙනවා. ආයුශ ගෙවෙනවා ස්වාමීණී...සද්ධර්මය පිරිහෙනවා. ඒ නිසා ඒ ගැනත් සංවේගය උපදවාගෙන රහත්භාවයට පැමිනෙන්න කියා අවවාද කරනවා.

සොරාගේ මෙම අවවාදය එකහෙලා පිලිගත් ඒ භික්ෂුව වීරිය වඩන්නට පටන් ගන්නවා. කෙලෙස් දුරු කිරීම පිණිස මාර්ගය වඩනවා. නොබෝ දිනකින් සියලු කෙලෙස් දුරු කරමින් උන්වහන්සේ උතුම් රහත් ඵලයේ පිහිටනවා. මේ පිලිබඳව දැනගන්නා සොරා, ඒ ගල් ලෙන තිබෙන තැන තමන්ගේ වියදමින් රහත් භික්ෂුවගේ පහසු විහරනය සඳහා ප්‍රාසාදයක් කරවා දෙනවා.කාලයක් එහි ජීවත්වූ රහතන් වහන්සේ ආයුශය අවසන් කොට පිරිනිවනින් සැනසෙනවා.

අවසානයේ සිහළවත්ථුව සඳහන් කරනවා සීලය රැකීමෙන් පමණක් හෝ ධර්මය ඉගෙනගත් පමණින් හෝ ආශ්‍රව ක්ෂය කරන්නට බැරිබව. ධ්‍යාන අභිඥා ඍධීන් වලින් කාමයන්ගෙන් කිලිටි වන සිත රැකගන්නට බැරිබව.

ඒ නිසා අප්රමාදී විහරණයට පැමිණීම කල යුතු බවත්, සතර සතිපට්ඨානය තුල හිත පිහිටුවමින්, සතිය හෙවත් සිහිය දියුනු කල යුතු බවත්, ආර්යය අෂ්ඨාංගික මාර්ගයෙන් සියලු කෙලෙස් දුරු කර සසර දුක් නිමා කරගන්නට හැකියි යන බුදුවදනට අනුකූලව කටයුතු කරන්නට උත්සාහ ගැනීමකල යුතු බවත්, දහමේ මූලිකාංග වන දානය දීමෙන් පමණක් හෝ, සිල් රැකීමෙන් පමණක් හෝ, කුමක් හෝ භාවනාවක් කිරීමෙන් පමණක් හෝ නිවනින් සැනසිය හැකි නොවන බව මේ පුරාණ බණ කතාවෙන් පැහැදිලි වේ.

jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.com0tag:blogger.com,1999:blog-960881688546260776.post-46960921776915381312022-10-16T16:49:00.010-07:002022-10-16T16:52:43.881-07:00ධර්මය සහ ජීවිතය - 15 කොටස - බුද්ධ ශ්රාවකයා හෙවත් සත්‍යය ගවේශනය-02

photo credit- https://www.pinterest.com/
කලින් ලිපියෙන් බුද්ධ ශ්රාවකයා බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරින් සුතමය ඥාණය උපදවාගෙන ඒ ඇසුරින් ප්‍රඥාව වෙත ගමන් කල යුතු ආකාරය කෙටියෙන් සාකච්ඡා කරනු ලැබුවා. මෙම ලිපියෙන් ආර්යය සත්‍යය හතර ඇතුළු ඒ හා බැඳුනු දහම් කරුනු බිඳක් සාකච්ඡා කිරීමට උත්සාහ කෙරේ. පෙර ලිපිය කියවීම සඳහා මෙතැනින් පිවිසෙන්න.

දුක සහ දුක්ඛය

සාමාන්‍ය ජීවිත අත්දැකීම් අනුව දුක ප්‍රකට වන අවස්ථා දෙකක් තියෙනවා.

1.කායික දුක

2.මානසික දුක (චෛතසික දුක)

"දුක දුක්ඛ සත්‍යයද ?එසේය.

දුක්ඛ සත්‍යය දුකද?

කායික දුකද, චෛතසික දුකද හැර සෙස්ස දුක්ඛ සත්‍යයි. දුක නොවේ.
කායික දුකද චෛතසිත දුකද, දුක වේ. දුක්ඛ සත්‍යය වේ"

-අභිධර්ම පිටකය-යමකප්පකරණය-ඒ.පී.ද සොයිසා පරිවර්තනය-

එතකොට සියලු සත්ත්වයාම කල්පනා කරනු ලබන්නේ ඒ සඳහන් කල කායික සහ මානසික දුකෙන් නිදහස්ව ඉතාම සැනසිල්ලෙන් ජීවිතය ගතකරන්නටයි. නමුත් නොලැබෙන්නේත් ඒ අපේක්ෂාවමයි. එසේනම් එයටද හේතුවක් තිබිය යුතුමයි.

photo credit- https://www.pinterest.com/

ඒ හේතුව හැටියට බහුතරයක් ලෝක සත්ත්වයා සිතනු ලබන්නේ ඉඩකඩම්, යාන වාහන, මිලමුදල්, ගෙවල් දොරවල්, ඉහළ රැකියා, තනතුරු, සමාජ නම්බුනාම, ධනය බලය අඹුදරුවන්, ඥාති හිතමිතුරන්, රන්රදී මුතුමැණික්, මේ ආදී එකී නොකී සියලු කාම සම්පත් නැති කමයි දුක කියලා. එතකොටම උත්තරයක් අරගෙන තියෙනවා ඒ සියලු කාමසම්පත් වලින් භෞතික සම්පත් වලින් ආඪ්‍ය උනාම, සමෘද්ධිමත් උනාම දුකෙන් නිදහස් වෙනවා කියලා. එහෙම හිතල ඒ වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැපකරලා, නොවිඳිනා දුක් විඳලා ඒ දේවල් වලින් යම්තාක් දුරකට සමෘද්ධිමත් වෙලා යම් කාලයක් සතුටින් ඉන්නවා. නමුත් හොඳින් සොයා බැලුවොත් ඒ අයත් දුකෙන් නිදහස් වෙලා ඉඳලා නැහැ. මොකක්දෝ අප්‍රකට හේතුවක් නිසා දුක එහෙමම තියෙනවා. එසේ නම් කුමක්ද මේ දුක?

දුකෙන් නිදහස් වීම යනු කුමක්ද?

දුකෙන් නිදහස් වීම කියන්නෙ දුක නැති කිරීම නෙවෙයි. දුක නැති කල හැකිද කියන ප්රශ්නය එවිට පැන නගිනවා. දුක නැති කිරීම කියන්නෙ එකකට. දුකෙන් නිදහස් වීම කියන්නෙ තව එකකට. ඒත් දුකෙන් නිදහස් වූ යම් අයෙකුට දුකක් නැතිව ජීවත් වෙන්නට පුලුවන්. එහෙම නම් දුක කියන්නෙ නැති කරන දෙයකට නෙවෙයි නිදහස්වීම පිණිස පවතින දෙයකටයි. නමුත් දුකට හේතුව නැති කලහොත් දුකෙන් නිදහස් වෙන්නට පුලුවන්.

photo credit- https://www.pinterest.com/

දුක පිළිබඳ බෞද්ධ නිර්වචනය

දුක කියන්නෙ ධර්මතාවයකට. සන්සිද්ධියකට. එතකොට යම් ධර්මතාවයක් යම් සංසිද්ධියක් ඇති වෙන්නෙ හේතු ප්‍රත්‍යයෙන්. හේතූන් ඇතිතාක් මෙම දුක නම් ධර්මතාවය බුදුකෙනෙක් ලෝකයට පහළ උනත් නැතත් හැමදාමත් පවතිනවා. ඒ නිසා එයට

"දුක්ඛ ආර්යය සත්‍යය" කියා කියනවා. මේ ලෝකයේ හටගන්නා සියලුම ධර්මතාවල පොදු ලක්ෂණයක් තිබෙනවා. ඒ තමයි

1.අනිත්‍ය ස්වභාවය

2.දුක්ඛ ස්වභාවය

3.අනාත්ම ස්වභාවය

දැන් දුක කියන ධර්මතාවය තියෙන්නෙ ඔය ලක්ෂණ තුන ඇසුරු කරගෙන. එසේ නම් ඔය කියන ලක්ෂණ තුනද, බුදුකෙනෙක් ලෝකයට පහළ උනත් නැතත් හැමදාම පවතින දෙයක්. දැන් බුදුරජානන් වහන්සේ මේ දුක්ඛ සත්‍යය ඇතුලු චතුරාර්යය සත්‍යය සම්බන්ධයෙන් කෙනෙක් කටයුතු කලයුතු ආකාරය මෙසේ පෙන්වා දෙනවා.

" තං ඛො පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤෙය්යන්ති"
ඒ මෙම දුක්ඛ ආර්යය සත්‍යය-(පරිඤ්ඤෙය්යන්ති)- පිරිසිඳ දැකිය යුතුය.
" තං ඛො පනිදං දුක්ඛ සමුදයං අරියසච්චං පහීනන්ති"
ඒ මෙම දුක්ඛ සමුදය ආර්යය සත්‍යය-(පහීනන්ති)- ප්‍රහානය කල යුතුයි.
" තං ඛො පනිදං දුක්ඛ නිරොධං අරියසච්චං සච්ඡිකාතබ්බන්ති"
ඒ මෙම දුක්ඛ නිරොධ ආර්යය සත්‍යය-(සච්ඡිකාතබ්බන්ති)- සාක්ශාත් කල යුතුය.
" තං ඛො පනිදං දුක්ඛ නිරොධගාමිණිපටිපදා අරියසච්චං භාවෙතබ්බන්ති"
ඒ මෙම දුක්ඛ නිරොධගාමිණි පටිපදා ආර්යය සත්‍යය-(භාවෙතබ්බන්ති)- භාවිතා කල යුතුයි. වැඩිය යුතුයි.

-ධම්මචක්කප්පවත්තන සූත්‍රය-

දැන් පැහැදිලියි දුක තිබෙන්නේ නැති කරන්නට නොව පිරිසිඳ දකින්නට බව. චතුරාර්යය සත්‍යය ධර්මය මෙසේ සිහිතබා ගත යුතුයි.

1.දුක - පිරිසිඳ දැකිය යුතුය

2.දුකට හේතුව(සමුදය) - ප්‍රහානය කල යුතුය. නැතිකල යුතුය.

3.නිරෝධය - ශාක්ෂාත් කල යුතුය.

4.මාර්ගය - වැඩිය යුතුයි. භාවිතා කල යුතුයි.

මෙන්න අසූහාරදහසක් වූ ධර්මය කෙටි කර හකුළුවා දැක්වූ අයුරු. නිරෝධය ලබන්නට නම් මාර්ගය භාවිතා කොට වඩමින්, හේතුව නැතිකොට, දුකෙන් නිදහස් විය හැකිය. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාලේ දුක නැතිකිරීම නොව දුකෙන් නිදහස් වීමය. නැතිකල යුත්තේ දුකට හේතුවයි. දුකෙන් නිදහස් වූ පසුව නිරෝධයයි. දුකෙන් නිදහස් විය යුතු එකම එක මාර්ගය සම්මා දිට්ඨිය පෙරටු කරගත් ආර්යය අෂ්ඨාංගික මාර්ගයයි.

එසේනම් දුක යනු කුමක්ද

ඉදං ඛො පන භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං: “ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා”.

ඉපදීම දුකය. ජරාවට පත්වීම දුකකි.ව්‍යාධියට පත්වීම දුකකි.මරණය දුකකි. අකමැති දේ හා එකතුවීම දුකකි. කැමති දෙයින් වෙන්වීම දුකකි. කැමති දේ නොලැබීම දුකකි. අකමැති දේ ලැබීම දුකකි. සියල්ල කෙටිකලහොත් පඤ්චඋපාදානස්ඛන්ධයේ හට ගැනීම දුකය.

-ධම්මචක්කප්පවත්තන සූත්‍රය-

මෙය ඉතාම සිහිනුවනින් ගැඹුරින් විමසා බැලිය යුතු තැනකි. පළමුවෙන්ම බැලිය යුත්තේ ජාතිපි දුක්ඛා යනුවෙන් සදහන් වන කාරණය ගැනය.බොහෝ දෙනෙක් තුල මෙම ජාති හෙවත් ඉපදීම ගැන ඇත්තේද මතුපිට සරළ අදහසකි. ජාති හෙවත් ඉපදීම යනු දරුවෙකු උපන්නා, සත්තවයෙක් පුද්ගලයෙක් මෙලොවට බිහිඋනා වැනි සරළ කාරණයකින් තේරුම් ගන්නට බොහෝ අය උත්සුක වෙනවා.

මේ පිලිබඳව ශාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට තබාගෙන භික්ෂු සංඝයා ඇතුලු පිරිසට මෙසේ දේශනා කරනවා.

" කතමාචාවුසො ජාති, යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සඞජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො අයං වුච්චතාවුසො ජාති"

-සච්ච විභංග සූත්‍රය -

කුමක්ද ආයුෂ්මතුනි ජාති හෙවත් ඉපදීම? ඒ සත්ත්වයින් සත්ත්ව නිකායේ යැයි සම්මත ( දිව්‍ය, බ්‍රහ්ම, මනුස්ස, තිරිසන්, ප්‍රේත,අමනුශ්ය, නිරිසත්ත්ව ආදී)

ඒ ඒ සත්ත්ව නිකායේ, ඒ ඒ තැනදී යම්බඳු ඉපදීමක්, හටගැනීමක්, පහළවීමක්, විශේෂයෙන් පහළවීමක් ඇත්ද, එය පරමාර්ථ වශයෙන් අර්ථ දැක්වීමේදී (ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො) ස්කන්ධයන්ගේ පහළ වීමක් වේද, ආයතනයන්ගේ හට ගැනීමක් වේද එය ජාති හෙවත් ඉපදීම නම් වේ.

දැන් මෙතැන ඉතාම සැලකිල්ලෙන් විමසා බැලිය යුතුයි. එසේනම් ඉපදෙන්නේ සත්ත්වයෙක් පුද්ගලයෙක් නොව පඤ්චස්කන්ධයක් සහ කිසියම් ස්පර්ශ ආයතනයක්ය. ඔබ දන්නවා අපට ස්පර්ශ ආයතන හයක් තිබෙන බව. ඇස, කණ, නාසය,දිව, කය, මනස. මෙයින් එක් මොහොතකට හටගන්නේ එකම එක ආයතනයක් පමණයි. එයට හේතුව එක්වරකට හටගන්නේ එක් සිතක් පමණක් නිසාය. අපට එය නොදැනෙන්නෙ මේ හට ගැනීමේ වේගය නිසාය. ඒ නොදන්නා කම නිසා අප සිතන්නේ ආයතන හයම එකවර හටගන්නවා, මිය යනතෙක් මේ ආයතන තිබෙනවා ඒවා නිත්‍යයි කියා. නමුත් බුදුරජානන් වහන්සේ දේශනා කොට වදාලා "මහනෙනි ඇස අනිත්‍යයි, කණ අනිත්‍යයි" ආදී වශයෙන්. එයට හේතුව කණ ඉපදෙන විට ඇස නිරුද්ධයි.ඇස ඉපදෙන විට කණ නිරුද්ධයි. ඒ නිසා කවදාවත් පෙනෙන දෙය ඇසෙන්නේ නැත. ඇසෙන දෙය පෙනෙන්නේ නැත. නමුත් මේ හට ගැනීමේ නැතිවීමේ වේගය නිසා අපට දැනෙන්නේ පෙනෙන දෙය ඇසන බවත් ඇසෙන දෙය පෙනෙන බවත්ය. ඒ අපගේ සිහිය නොදියුනු නිසා මෙන්ම අවිද්‍යාව තුල අප කිඳා බැසගෙන සිටින නිසාය.

කුමක්ද සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා-

සියල්ල කෙටිකලහොත් පඤ්චඋපාදානස්ඛන්ධයේ හට ගැනීම දුකය.

ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින්, රූප ශබ්ද ගන්ධ රස ආදී අරමුනු ගනිද්දී හටගන්නේ හෙවත් ඉපදෙන්නේ පඤ්චස්කන්ධයකි. පඤ්චස්කන්ධය පිලිබඳව වැඩිදුර විස්තර මෙතැනින් කියවන්න.

පඤ්චස්කන්ධයේ ස්වභාවය ඇතිවී නැතිවී යාමය. එසේ නැතිවී යන අවස්ථාව වනවිට පඤ්චස්කන්ධයේ ගතිය තමයි කිසිවක් ඉතිරි නොකර යාම. ඇසයි රූපයයි නිසා හටගන්නා පඤචස්කන්ධය නැතිවී යනවිට ඇසේ කිසිවක් ඉතිරි නොකර නැතිවී යයි. සෙසු ස්පර්ශ ආයතන වලදීද එසේමය.

"යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං"

-ධම්මචක්කපවත්තන සූත්‍රය-

යං කිඤ්චි සමුදය ධම්ම යනුවෙන් බුදුරජානන් වහන්සේ පෙන්වා දෙනු ලබන්නේ, හටගත් යමක් තියෙයිද,සබ්බං තං නිරෝධ ධම්මං එය කිසිවක් ඉතිරි නොවී නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්ත බවයි. කිසිවක් ඉතිරි නොවී කියන යෙදුම ඉතාම වැදගත්. උදාහරණයක් හැටියට ගතහොත්, ඇසට රූපයක් පෙනෙන තැන ගනිමු. ඇසට පෙනෙන කිසියම් අනාත්ම රූපයක්,( අනාත්ම කියන්නෙ ඇහැ තිබෙනවා නම්, රූපය තිබෙනවා නම්, පෙනෙනවා කියන කාර්යය සිදුවන්නේ කවුරුවත් රූපය පෙන්නුව නිසා නෙවෙයි. ඇහැයි රූපයයි කියන කාරණාව එකතු වෙච්ච නිසා. ඒ පෙනෙන බව කැමති උනත් අකමැති උනත් අනිවාර්යයෙන්ම පෙනෙනවා.කරන කෙනෙක් සත්ත්වයෙක් පුද්ගලයෙක් නැති නිසා එය අනාත්මයි.) එතකොට පෙනෙන අනාත්ම රූපය පෙනෙනවා කියන කාර්යය හෙවත් කෘත්‍යය අවසන් උනාම සියල්ලම අවසන් වෙනවා.පෙනෙන දේ පෙනෙනවා කියන කාරණය අවසන් උනාම කිසිවක් ඉතිරි නැතිව අවසන් වෙනවා. ඒ කියන්නෙ ඇතිවී, කිසිවක් ඉතිරි නොවී නැතිවී යනවා. ඒ පෙනෙනවා කියන තැන රූප, වේදනා,සංඥා, සංඛාර, විඤ්ඤාණ කියක ස්කන්ධ පහ තමයි ඇතිවෙලා නැතිවෙලා යන්නෙ. ඒ වගේම කණට ශබ්දයක් ඇසුනාමත් රූප, වේදනා,සංඥා, සංඛාර, විඤ්ඤාණ කියක ස්කන්ධ පහ තමයි ඇතිවෙලා නැතිවෙලා යන්නෙ. ඒ වගේම නාසයට ගන්ධය කියන අරමුණ ඇති උනාම රූප, වේදනා,සංඥා, සංඛාර, විඤ්ඤාණ කියක ස්කන්ධ පහ තමයි ඇතිවෙලා නැතිවෙලා යන්නෙ. දිවට රසය ඇති උනාම රූප, වේදනා,සංඥා, සංඛාර, විඤ්ඤාණ කියක ස්කන්ධ පහ තමයි ඇතිවෙලා නැතිවෙලා යන්නෙ. කයට ස්පර්ශයද, මනසට අරමුනුද ඇති උනාම රූප, වේදනා,සංඥා, සංඛාර, විඤ්ඤාණ කියක ස්කන්ධ පහ තමයි ඇතිවෙලා නැතිවෙලා යන්නෙ. මේ හැම තැනම ඇති වෙලා නැති වෙලා යනකොට පඤ්චස්කන්ධයේ ස්වභාවය තමයි කිසිවක් ඉතිරි නොකර නිරුද්ධ වෙලා යාම. බුද්ධාදී උතුමන් වහන්සේලාටත්, පච්චේක බුදුරජාණන් වහන්සේලාටත්, රහතන් වහන්සේලාටත්, ඇස කණ නාසය දිව කය මනස අරභයා හටගන්නේ එබඳු ස්කන්ධ ටිකක්. ඒකයි සඳහන් වෙන්නෙ මොහොතක් මොහොතක් පාසා ඇති වෙවි නැතිවෙවී යන ස්වභාවයක් මෙතැන තියෙන්නෙ කියලා.

photo credit- https://www.pinterest.com/

නමුත් අපට එහෙම වෙන්නෙ නැහැ. අන්න එතනයි ගැටළුව. අපට අනාත්ම රූපයක් පෙනුනාම, ඒ පෙනෙන තැනින් පෙනෙන දේ පෙනිල අවසන් උනාට අපට හැමදාම යමක් ඉතිරි වෙනවා පසුව සිහි කල හැකි. ඇස හමුවේ ඒ අරමුණ නැතත් අපට නැවත නැවත ඒ අරමුණ සිහි කර කර කිසියම් ආශ්වාදයක් හෝ ගැටීමක් නැවත නැවත සකස් කරගන්නට පුලුවන්. එතකොට අපට දැනෙන්නෙ නැහැ මේ සිහිකරන්නෙ අර අනාත්ම රූපය නිසා උපන් ස්කන්ධයන් තදින් අල්ලාගෙන ඒ පිලිබඳව ඇතිවන සිතිවිලි ටිකක් නේද කියල. අප හිතන්නෙ ඇත්තටම අප හමුවේ තිබෙන නිත්‍ය රූපයක් සිහි කරනවා කියලා. එතකොට පඤ්චස්කන්ධය හමුවේ කිසිවක් ඉතිරි නොවී නිරුද්ධ වන අනාත්ම රූපය( ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, සිතිවිලි) අනාත්ම වී නිරුද්ධ වන්නට ඉඩ නොදී ඒ කෙරෙහි ලෝභයෙන් ද්වේශයෙන් මෝහයෙන් චේතනා සිතිවිලි පහළ කරගෙන මම මගේ කරගත් නිසා එයට කියනවා "උපාදානය" කියලා. තදින් අල්ලා ගැනීම. මොනවද තදින් අල්ලා ගන්නෙ? ඒ රූපය, ඒ රූපය නිසා හටගත් වේදනාව, ඒ රූපය අරභයා හටගත් සංඥාව, ඒ රූපය අරභයා පහළ කරගත් චේතනා සිතිවිලි, ඒ සියල්ල දැනගත් විඤ්ඤාණය. දැන් මෙන්න මේකට කියනවා පඤ්ච උපාදානස්කන්ධය කියලා. මෙන්න මේ පඤ්ච උපාදානස්කන්ධය තමයි බුදුරජාණන් වහන්සේ දුක කියල හඳුන්වා දුන්නේ. මේ පඤ්ච උපාදානස්කන්ධය හට ගැනීමමයි දුක. ඇයි ඒ? එය හටගත්තෙ ලෝභ ද්වේශ මෝහ නම් හේතූන් මුල් කරගෙන නිසා.

එතකොට ලෝභයද(ඇලීම) ද්වේශයද(ගැටීම) මෝහයද(මුලාව) ඇතිතාක් සත්ත්වයා වලඳන්නේ දුකට ආහාරයයි කියා අපට අපගේම ජීවිත තුලින් දැක ගත හැකියි. ලෝබ ද්වේශ මෝහ ඇති තාක් මනස ශුන්‍ය නැහැ. හදාගත් නිමිති වලින් මනස පිරිලා. නිමිති තියෙන තාක් මනස අශුන්‍යයි. එතකොට නිමිති වල තමයි සියලු බලාපොරොත්තු තියෙන්නෙ. බලාපොරොත්තු වලින් තමයි දුක ඇති වෙන්නෙ. පඤ්ච උපාදානස්කන්ධයේ එක් ලක්ෂනයක් තමයි නිමිති වලින් බලාපොරොත්තු වලින් පිරුන අශුන්ය හිතට දුක ගෙන දීම.

උදාහරණයක් හැටියට ගතහොත් ලෙඩවීම සහ නිරෝගිබව තියෙන්නෙ නිමිති වල. ඒ නිසා නිරෝගීබව කියන නිමිත්තට තදින් ඇලුන අපි නිරෝගීකම වෙනුවෙන් බොහෝ වෙහෙසෙනවා. බොහෝ කැපවීම් කරනවා. නමුත් ලෙඩවීම කියන දෙය පැමිණීම වලකන්නට කාටවත් බැහැ. එය සතරමහා ධාතුවේ ස්වභාවයක්. කයේ සතර මහා ධාතුව විවිධ හේතූන් නිසා විවිධ විපරිනාම ස්වභාවයට පත්වීම නිරන්තරයෙන් සිදුවන දෙයක්

"පිත්තසමුට්ඨානා ආබාධා, සෙම්හ සමුට්ඨානා ආබාධා, වාත සමුට්ඨානා ආබාධා, සන්නිපාතිකා ආබාධා, උතුපරිනාමජා ආබාධා, විසමපරිහාරජා ආබාධා, ඔපක්කමිකා ආබාධා, කම්මවිපාකජා ආබාධා, සීතං උණ්හං ජීඝචඡු පිපාසා උච්චාරෝ පස්සාවෝ ති."

පිත හේතුකරගෙන ඇතිවන රෝග, සෙම හේතුකරගෙන ඇතිවන රෝග, වාතය හේතුකරගෙන ඇතිවන රෝග, වාතය හේතුකරගෙන ඇතිවන රෝග,තුන් දොස හේතුකරගෙන ඇතිවන රෝග සෘතු පෙරලියෙන් ඇතිවන රෝග, විෂම පරිහාරියෙන් ඇතිවන රෝග, උපක්‍රමයෙන් ඇතිවන රෝග, කර්ම විපාකයන්ගෙන් ඇතිවන රෝග, සීත උණ පිපාසය මල මූත්‍රය නිසා වන රෝග,

- ගිරිමානන්ද සූත්‍රය-

එතකොට අපි ලෙඩවීම කියන දෙයට තදින් ගැටෙනවා. ගැටිලා ඒක තදින් අල්ලා ගන්නවා. දැන් බලන්න නිරෝගීව ඉන්න තිබෙන තන්හාව නිසා නිරෝගීව ඉන්නත් දුක් විඳිනවා. ලෙඩවීම කියන කාරණය ආවාම ලෙඩවීම නිසාත් බොහෝ කායික මානසික දුක් විඳිනවා. අන්න බුදුරජානන් වහන්සේ වදාලා දුක කියන්නෙ කැමති දේ නොලැබීම අකමැති දේ ලැබීම කියලා. කැමැත්ත අකමැත්ත තිබුනෙ නිමිති වල. වයසට යාම හෙවත් ජරාවද, මරණයද එහෙම අපි හදාගත් නිමිති විතරයි. ඒ නිසයි ඒවාට අපි අකමැති. අපි කැමතියි වයසට නොගිහින්, ජරාවට පත් නොවෙමින් නොමැරී ඉන්න තියෙනවා නම්. නමුත් සතර මහාධාතුවේ ස්වභාවය තමයි ( උප්පාද පඤ්ඤායති, වයො පඤ්ඤායති, ත්රිතස්ස අඤ්ඤතස්ස පඤ්ඤායති) ඇති වෙලා, වෙනස් වෙමින් පැවතිලා, විනාශවී නැතිවී යාම.

මෙන්න තියෙනවා ත්රිලක්ෂණය. අනිත්‍ය දුක්ඛ අනාත්මය. එතකොට මේ ත්රිලක්ෂනය අවබෝධ කරගතහොත් පඤ්චඋපාදානස්කන්ධයේ ග්රහණයෙන් මිදෙන්නට හැකියාව ලැබෙනවා. පඤ්චඋපාදානස්කන්ධයෙන් මිදුනොත් භවයෙන් මිදෙනවා. භවයෙන් මිදුනොත් ජාති නැවත නැවත ඉපදීමෙන් හෙවත් පුනර්භවයෙන් මිදෙනවා. ජාතියෙන් මිදුනොත් නැවත නැවත දුක් ගෙනදෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෙන් මිදෙනවා. එය මැරුනාට පසුව අත්දැකිය යුතු දෙයක් නොව මේ ලබාගත් ජීවිතය, ජීවිත කාලය මුළුල්ලේ සැනසිල්ලේ ගත කරන්නට හේතුවන දෙයක් වෙනවා.

මූලාශ්‍ර
1.යමකප්පකරණය- ඒ.පී.ද සොයිසා පරිවර්තනය
2.ධම්මචක්කප්පවත්තන සූත්‍රය
3.සච්ච විභංග සූත්‍රය
4.ගිරිමානන්ද සූත්‍රය

photo credit- https://www.pinterest.com/

jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.com0tag:blogger.com,1999:blog-960881688546260776.post-68003482555509034842022-10-12T17:18:00.005-07:002022-10-12T17:19:55.686-07:00ධර්මය සහ ජීවිතය - 14 කොටස - බුද්ධ ශ්රාවකයා හෙවත් සත්‍යය ගවේශකයා-01

ඡායාරූප අනුග්‍රහය - https://www.pinterest.com/

බුදුකෙනෙක් මේ ලෝකයට පහල වෙන්නෙ කිසිම කෙනෙකුට අවබෝධ කරගන්න බැරි මේ ලෝකය තුල පවතින එකම එක ඇත්ත අවබෝධ කරගෙන එය ලෝක සත්ත්වයාට කියා දෙන්නයි. බුදු කෙනෙක් ලෝකයට පහළ උනත් නැතත් මේ ලෝකය තුල පවතින ඇත්තක් යථා ස්වභාවයක් තියෙනවා. ලෝකය පවතින තාක් තිබෙන ඒ යථා ස්වභාවය සාමාන්‍ය ලෝක සත්ත්වයාට කවදාවත්ම තනිවම ගවේශනය කර සොයාගන්න බැහැ.

සාමාන්‍ය කෙනෙකුට මේ ලෝක සත්‍යය ගවේශනය කරල සොයන්න පුලුවන් නම් ඉතාමත් කලාතුරකින් බුදුකෙනෙක් ලෝකයට පහල වෙන්නෙ නෑ. ඒ නිසා තමයි ඒ සියලු බුදුවරුන්ට සම්මා සම්බුද්ධ කියා කියන්නෙ. ඒ අය තනිවමයි ගවේශනය කරල මේ දහම් සත්‍යය මතුකරගෙන ලෝකයාට කියා දෙන්නෙ.

සබ්බාභිභූ සබ්බවිදුහමස්මි - සබ්බෙසු ධම්මෙසු අනුපලිත්තො
සබ්බංජහො තණ්හක්ඛයෙ විමුත්තො - සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්යං

-ධම්මපදය-තෘෂ්ණා වග්ගය- 20 වැනි ගාථාව-

මම කාම රූප අරූප ආදී තුන්භවයටම අයත් සියලුම දේවල් මැඩගෙන අවසන්. තන්හාව අවසන් කොට කිසිවකට නොඇලී සියල්ලම දුරුකලෙමි. මෙසේ මා විසින්ම සියල්ල අවබෝධ කරගෙන සියල්ලෙන් මිදුනු කල්හි වෙන කවුරුන් මාගේ ආචාර්යය වරයා වශයෙන් දකිමිද???

මේ තමයි බුදුරජාණන් වහන්සේ නමකගෙ උදාන වාක්‍යය. සියල්ල තමන්වහන්සේගේ ස්වයංභූ ඥානයෙන් අවබෝධ කොට වදාලාට පසුව ආචාර්යය වරයා වශයෙන් වෙන කාව දකින්නද?

අනෙක ජාති සංසාරං - සන්දාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවෙසන්තො - දුක්ඛා ජාති පුනප්පුනං
නැවත නැවත ඉපදෙමින්, නැවත නැවත මියයමින් ගමන් කරන මේ සසර ගමන ඇති කරවන ආත්මභාවය නම් නිවස සාදන වඩුවා සොයමින් මම සසරේ නොයෙක් නොයෙක් ජාති වල මැරි මැරී ඉපදෙමින් ඇවිද්දෙමි.

අනමතග්ගොයං භික්ඛවෙ සංසාරො
පුබ්බා කොටි න පඤ්ඤායති
අවිජ්ජානීවරණානං සත්තානං
තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං.
මහණෙනි, අවිද්‍යා නීවරණයෙන් වැසුනු තණ්හා සංයෝජනයෙන් බැඳී සැරිසරන්නාවූ සත්වයන්ගේ මේ සංසාරය අන්තිම කෙළවර නොපෙනේ. පටන් ගත් තැනක් නොපෙනේ. එබඳු සංසාරයක මහනෙනි නුඹලාත් මමත් අතිදීර්ඝ ගමනක යෙදිල තිබුනෙ..

-සංයුක්ත නිකායේ අනමතග්ග සංයුක්තය-

ඡායාරූප අනුග්‍රහය - https://www.pinterest.com/

බුදුරජාණන් වහන්සේ ඒ අති දීර්ඝ අති බිහිසුනු සසර නිමාකොට සියලු දුකෙන් නිදහස් වීමේ උදාන වාක්‍යය මෙසේ වදාලා.
ගහකාරක දිට්ඨොසි - පුනගෙහං න කාහසි
සබ්බා තෙ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංකාර ගතං චිත්තං - ගණ්හානං ඛය මජ්ඣගා
ඒ ආත්ම භාවය නම් නිවස සාදන වඩුවා අවසානයේ මම දුටුවෙමි. ඒ නිසා වඩුව ඔබට නැවත ඒ නිවස සෑදිය නොහැකි පරිදි මම නිවසේ කැණිමඩල සුනුවිසුනු කලෙමි. පියස්සෙහි සියලු පරාල සිඳබිඳ දැමුවෙමි. ඔබට ඉතිං ඒ නිවස කිසිදාක සෑදිය නොකිය. සියලු කර්ම ක්ෂය කිරීම නිසා විසංඛාරගත වූ සිතක් දැන් තිබෙන්නේ. එහි සංඛාර හෙවත් කර්ම රැස් වෙන්නෙ නැහැ. ඒ නිසා තන්හාවද මුළුමනින්ම ක්ෂය වී ගියේය.

-ධම්මපදය- ජරා වග්ගය- 8 සහ 9 වැනි ගාථා-

බුදුරජාණන් වහන්සේ හැරුනුකොට මේ යථාභූත සත්‍යය යමෙක් ගුරුවරයකු නැතිව තනිවම අවබෝධ කලා නම් ඒ පච්චේක බුද්ධ හෙවත් පසේබුදු වරුන් පමණමය. කිසිම බුදුවරයෙක් නැති බුද්ධ ශාසනයක් නැති කාල වලදි, ඒ අයත් තනිවම ගවේශනය කරල මේ සත්‍යය සොයාගන්නවා. ඒ හැර වෙන කිසිම කෙනෙක් මේ ලෝක සත්‍යය තනිවම ගවේශනය කරලා, තනිවම අවබෝධ කරගන්නවා කියන කාරනය සත්‍යයක් නෙවෙයි. නමුත් රහතන් වහන්සේලා මේ ලෝක සත්‍යය අවබෝධ කරගන්නෙත් බුදුකෙනෙක් මේ ලෝකයට පහලවෙලා බුද්ධ ශාසනයක් පවතින කාලයේදී පමනයි.

මේ නිසා මේ ධර්ම ශාසනය කොටස් තුනකට බෙදනවා.

1.පර්යාප්ති ශාසනය

2. ප්‍රතිපත්ති ශාසනය

3. ප්‍රතිවේද ශාසනය

පර්යාප්තිය කියන්නෙ බුදුරජාණන් වහන්සේ දේශනා කල සූත්‍ර, විනය අභිධර්ම කියන කොටස් තුන. ප්‍රතිපත්තිය කියන්නෙ නිරෝධගාමිනි මාර්ග සත්‍යයට. ප්රතිවේදය කියන්නෙ එහි ඵලය හැටියට ලැබෙන අවබෝධය හෙවත් ප්‍රඥාවට. කිසිම කෙනෙකුට මේ තුන මගහැරල ප්‍රඥාව කරා යන්න බැහැ. බුදුවරයෙක් ඉතාම කලාතුරකින් ලොවට පහළ වන්නේ පළමුව ධම්මථිතිය පිලිබඳව ලෝකයාට හෙළිදරව් කරන්නටයි. ධම්මථිතිය කියන්නෙ බුදුකෙනෙක් ලෝකයට පහළ උනත් නැතත්, හැමදාමත් මේ ලෝකයේ පවතින යථා ස්වභාවය හෙවත් ඇත්ත ගැන කරුනා වටහා දෙන්නටයි. ඒ ඇත්ත තමයි "චතුරාර්යය සත්‍යය" නමින් හැදින්වෙන්නෙ. එතකොට කවුරු හරි කියනවා නම් බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළවෙන්නෙ මාර්ගය කියල දෙන්න විතරයි කියල ඒක ඉතාම ප්‍රාථමික ප්රකාශනයක් පමණයි. ආර්යය සත්‍යය හතර කියන්නේ මොකක්ද කියල අංශුමාත්රයක් වත් නොදන්නා කෙනෙක් තමයි එහෙම කියන්නෙ.

ඡායාරූප අනුග්‍රහය - https://www.pinterest.com/

චතුරාර්යය සත්‍යය යනු කුමක්ද

1.දුක්ඛ ආර්යය සත්‍යය

2.දුක්ඛ සමුදය ආර්යය සත්‍යය

3.දුක්ඛ නිරෝධය ආර්යය සත්‍යය

4.දුක්ඛ නිරොධ ගාමිනි පටිපදා ආර්යය සත්‍යය

එතකොට මේ සූත්‍ර, විනය අභිධර්ම කියන කොටස් තුනට අයත් ධර්ම විග්‍රහය හෙවත් ලෝක යථාභූත ස්වභාවය කාටවත් තමන්ගෙ පෞද්ගලික හෝ අනුන්ගෙ අත්දැකීම් තුලින් වටහාගන්නට ලැබෙන්නෙ නැහැ. එසේ දැනගත හැකි වන්නේ පෞද්ගලික අත්දැකීම් මිසක යථාභූත ස්වභාවය නෙවෙයි. ඒකයි සමහරු කියන්නේ ගින්දරට පිච්චෙනවාද කියා දැනගන්නට නම් පිච්චිලාම බලන්නට උවමනායි කියා. එතකොට ගින්දරට පිලිස්සෙන වේදනාව ප්‍රත්‍යක්ෂයි කියා. එතකොට යමෙකුට මරණයේ වේදනාව ප්රත්යක්ෂ කරන්නට නම් මැරිලාම බලන්ට උවමනා නේද කියන තර්කය එනවා. ඒවා හුදු තර්ක පමණයි. බුදුරජානන් වහන්සේ ලෝක සත්ත්වයාට තවත් ගවේශනය කර කර සොයන්නට යමක් ඉතිරිකොට නැහැ. මෙන්න යථා ස්වභාවය, මෙන්න ආර්යය සත්‍යය මෙන්න දුක මෙන්න දුකට හේතුව, මෙන්න දුකෙන් මිදීම සහ මෙන්න දුකෙන් මිදීමේ මාර්ගය කියා අවශ්‍ය සියල්ල ඇතැඹුලක් සේ පැහැදිලිව දේශනා කොට වදාලා. තමාව ගවේශනය කිරීම යනු සතරසතිපට්ඨානය තුල සිත පිහිටුවා සතර තැනක සිහිය සහ නුවන යොදවමින් තන්හා දිට්ඨි මාන සහිත ප්‍රපංච ලෝකය කෙරෙහි ඇති ඇලීම ගැටීම දුරු කිරීමයි. එතකොට පෙළදහම කියන්නෙ බුදුරජාණන් වහන්සේ විසින් ගුරුවරයකු නැතිව ස්වයංභූ ඥානයෙන් අවබෝධ කොට, මෙයයි ලෝක සත්‍යය මෙයයි යථාභූත ස්වභාවය කියා විවිධ අවස්ථාවලදි දේශනාකොට වදාල ධර්මය. ඒ ධර්මය සම්මශ්‍රණය නොකර කෙනෙකුට මාර්ගය වඩන්නට හැකිද? මාර්ගයද කියා දුන්නේ බුදුරජාණන් වහන්සේ විසින් පමණයි.

කථං සොතාවධානෙ පඤ්ඤා සුතමයෙ ඤාණං?

කෙසේද අසා දැනගත් ධර්මයෙහි වූ ප්‍රඥාව සුතමය ඥාණය වන්නේ

"ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්යා"ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.

"ඉමෙ ධම්මා පරිඤ්ඤෙය්යා"ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.

"ඉමෙ ධම්මා පහාතබ්බා"ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.

"ඉමෙ ධම්මා භාවෙතබ්බා"ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.

"ඉමෙ ධම්මා සච්ඡිකාතබ්බා"ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණං.

සෝත යනු කණයි. සුත යනු අසන, ඇසෙන, අසාගත් යන අර්ථයයි. සෝතද්වාරය හෙවත් කනෙන් අසන ලද ධර්මය ප්‍රඥාවක් සහ ඥාණයක් බවට පත්වන ආකාරය මෙහිදී විස්තර කෙරෙනවා.

1."ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්යා" - මේ ධර්මයන් විශේෂයෙන් දැනගත යුතුය කියා බුදුරජාණන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරා තිබේද, එය "සොතාවධානං" නම් වේ. එය දැනගන්නා ප්‍රඥාව "සුතමයෙ ඥාණං" වේ.

2."ඉමෙ ධම්මා පරිඤ්ඤෙය්යා" - මේ ධර්මයන් පිරිසිඳ දැනගත යුතුය කියා බුදුරජාණන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරා තිබේද, එය "සොතාවධානං" නම් වේ. එය දැනගන්නා ප්‍රඥාව "සුතමයෙ ඥාණං" වේ.

3."ඉමෙ ධම්මා පහාතබ්බා" - මේ ධර්මයන් ප්රහාණය කල යුතුය, පහකළ යුතුය කියා බුදුරජාණන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරා තිබේද, එය "සොතාවධානං" නම් වේ. එය දැනගන්නා ප්‍රඥාව "සුතමයෙ ඥාණං" වේ.

4."ඉමෙ ධම්මා භාවෙතබ්බා" මේ ධර්මයන් වැඩිය යුතුය කියා බුදුරජාණන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරා තිබේද, එය "සොතාවධානං" නම් වේ. එය දැනගන්නා ප්‍රඥාව

"සුතමයෙ ඥාණං" වේ.

5."ඉමෙ ධම්මා සච්ඡිකාතබ්බා" මේ ධර්මයන් ප්රත්යක්ෂ කල යුතුයි කියා බුදුරජාණන් වහන්සේ විසින් යම් ධර්මයක් වදාරා තිබේද, එය "සොතාවධානං" නම් වේ. එය දැනගන්නා ප්‍රඥාව "සුතමයෙ ඥාණං" වේ.

-අභිධර්ම පිටකය- පටිසම්භිදාමග්ගය-සුතමයඥාණ නිද්දේසො-

ලෝකය කියන්නෙ දැනුමට. දැනුම පද්ධතිය තුලින් පමනයි අවබෝධයට යන්නෙ.නමුත් අවබෝධය කියන්නෙ දැනුමට නෙවෙයි. එය හේතුඵලයක්. දැනුම බීජයක් නම් එය වැයවෙලා තමයි ප්‍රඥාව කියන ඵලය හටගන්නෙ. දැනුම නම් බීජය නොතිබුනා නම් කිසිදාක ප්‍රඥාව නම් ඵලය හට නොගනියි. එය හේතු ඵලයකි. එතකොට බුද්ධ දේශනාව පිලිබඳ දැනුම ඇත්තේ ත්‍රිපිටකය තුලය. ඒ දැනුම භාවිතා කොට, බුදුන් විසින් උගන්වා ඇති මාර්ගය ප්‍රගුණ කිරීමෙන් අදාල ප්‍රතිඵලය හෙවත් නිවන ශාක්ශාත් කරගත හැකිය.

සිද්ධාර්ථ මුලින්ම කලේ දැනුම සොයා යාමයි.සතර පෙර නිමිති කියන්නෙ දැනුමට. ආළාරකාලාම,උද්දකාරාමපුත්‍ර ලඟට ගිහින් රූප අරූප ධ්‍යාන වැඩීමෙන් ලැබුවෙ දැනුමක්. ඒ දැනුම තුලින් තමයි ගවේශනයේ යෙදිල ප්‍රඥාව කරා ගමන් කලේ. ඒ නිසා දැනුම පද්ධතියක් සම්මුති ලෝකයේ තියෙනවා. ඒ සම්මුති ලෝකයේ සීමාවන් දැනගන්නෙ දැනුම පද්ධතියෙන්මයි.ඒ සම්මුති ලෝකය කඩාබිඳගෙන යන්න උපකාර වෙන්නෙත් ඒ ලෝකයට අයිති දැනුම පද්ධතියමයි. ආලාරකාලාම සහ උද්දකාරාමපුත්‍ර ආදීන් වෙතින් ලබාගත් දැනුම තුලින් සිද්ධාර්ථ අවබෝධ කලේ ඒ භාවනා ක්‍රම තුලින් කිසිදා නිවන ශාක්ෂාත් කරගන්නට බැරි බවයි. එතැනදි සිදුඋනේත්, දැනුම තුලින්ම සම්මුතිය බිඳ දමා ප්‍රඥාව ගමන් කිරීමයි. එනිසා කිසිවකුට සම්මුති දැනුම ප්‍රතික්ෂේප කල නොහැක. නමුත් කිසිවකු සම්මුති දැනුම තුල සිරවිය යුතු නැත. දැනුම තුලින් ප්‍රඥාවට යා යුතුය. ඒ නිසා ත්‍රිපිටකගත ධර්මය සමග තමයි කවුරු මොන ධර්ම න්‍යායය කිව්වත් සන්සන්දනය කරන්න වෙන්නෙ.මක්නිසාද යත්, සියලු ආර්යයන් වහන්සේලා බිහිකලේ මේ පෙලදහමින් මිසක වෙනත් දෙයකින් නෙවෙයි.පෙලදහම කටපාඩම් කල උගතුන් ගැන නෙවෙයි.පෙල දහම ගුරු තනතුරේ තබාගත් උතුමන් ගැනයි ඒ කිව්වෙ. මේ දහම ගවේශනය කරන්නට හෝ දේශනාකල දහම සංස්කරනය කරන්නට කිසිදු අඩුපාඩුවක් බුදුරජානන් වහන්සේ ඉඩතබා නෑ. අපට උන්වහන්සේ කිව්වෙ ඒ පර්යාප්ති ශාසනයෙන් ලබන දැනුම තුලින් තමාව ගවේශනය කරන්න කියා.තමාව ගවේශනය කරන විට ලෝකය ගවේශනය කලා වෙනවා කියල.

ඡායාරූප අනුග්‍රහය - https://www.pinterest.com/

සම්මුති ලෝකය කියන්නෙ නිමිති සමූහයකට. ප්‍රතිපත්ති ශාසනයට ඇතුලත් නොවූ ලෞකික සියලු දෙනාම ලෝකය යැයි සිතාගෙන ගනුදෙනු කරන්නේ මනස තුල හටගත් නිමිති රාශියක් තමන්ගේ කරගෙනය. තමන්ගේම නිමිති වලට ඇලෙමින්, තමන්ගේම නිමිති වලට ගැටෙමින්, තමන්ගේම නිමිති වලට සතුටු වෙමින්, තමන්ගේම නිමිති වලට දුක්වෙමින් අශුන්ය වූද, බලාපොරොත්තු සහගතවූද ජීවිතයක් ගත කරති. ඒ නිසා සාමාන්‍ය මිනිසාගේ මනස අශුන්‍යයි. නිමිති වලින් සහ බලාපොරොත්තු වලින් ගහනයි. ඒ නිසා නිවනින් ඈතයි. ශුන්‍ය අනිමිත්ත අප්පනිහිත වූ නිවනට ඔහු බොහෝ දුරය.

-මතු සම්බන්ධයි-

ඡායාරූප අනුග්‍රහය - https://www.pinterest.com/

මූලාශ්‍ර

1.-අභිධර්ම පිටකය- පටිසම්භිදාමග්ගය-සුතමයඥාණ නිද්දේසො-

2.-ධම්මපදය- ජරා වග්ගය- 8 සහ 9 වැනි ගාථා-

3.-සංයුක්ත නිකායේ අනමතග්ග සංයුක්තය-

4.-ධම්මපදය-තෘෂ්ණා වග්ගය- 20 වැනි ගාථාව-

jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.com0tag:blogger.com,1999:blog-960881688546260776.post-83728002938002813342022-10-09T06:51:00.007-07:002022-10-10T23:09:53.979-07:00ධර්මය සහ ජීවිතය - 13 කොටස - අසේවනා ච බාලානං

photo credit https://www.pinterest.com/

ධර්මයෙහි "බාල" යන වචනයෙන් අදහස් කරන්නේ යමෙක් වයසින් ලාබාල බවක් නොවෙයි. මෝඩ පුද්ගලයාටද පමණක් නොවෙයි. කෙලෙහි ගුණ නොදන්නා කෙනා බාලයා ය. අසත් පුරුෂයා බාලයා ය. දුර්ජනයා බාලයා ය. අධමයා බාලයා ය. කුහක ඊර්ෂියාකාරී පුද්ගලයා බාලයා ය.
උඬඟු, අහංකාර, පුහු, හිස් කෙනා බාලයා ය. විෂම අදහස් වලින් හිස උදුමවාගත් නූගත් උද්ධච්ච කෙනා බාලයා ය. බාලයා නිතර ප්‍රදර්ශනය කරන්නේ තමන්ගේ නූගත්කම උගත්කම හැටියටය. බාලයා නිතර ප්‍රදර්ශනය කරන්නේ තමන්ගේ නැහැදිච්චකම හැදියාව ලෙසටය. බාලයා නිතර හිතන්නේ අන් අයට වඩා තමන් දන්නා බවය. පණ්ඩිතයන් අතරදීත්, බහුශ්‍රැත අය අතරදීත්, සභා මැදදිත්, නිතර හිතන්නේද හැසිරෙන්නේද තමන්ද සියල්ල උගත් පණ්ඩිතයක් ලෙසටය. බාලයා සම්මත සුචරිත සිරිත් විරිත් වලට ගරු නොකරයි. සමාජ සම්මත හැදියාව බාලයා නොදනියි. ශිෂ්ඨසම්පන්න හැසිරීම් බාලයාට නොමැත. බාලයාගේ දර්ශනය සම්මා දිට්ඨිය නොව මිත්‍යා දෘශ්ඨියයි.

අසාරෙ සාර මතිනො - සාරෙ චාසාර දස්සිනො
තෙ සාරං නාධිගච්චන්ති - මිච්ඡාසංකප්ප ගෝචරා
-ධම්මපදය- යමක වග්ගය - 11 වැනි ගාථාව
නිසරු හිස් දේවල් සාරවත් දේ හැටියටත්, සාරවත් දේ නිසරු දේ හැටියටත් දකින වැරදි කල්පනාවෙන් යුක්ත කෙනා සරු දෙයක් කිසිදා නොලබයි.

බාලයාගේ විෂම ගුණය නම් තමන් බාලයෙක්, නූගතෙක්, බහුශ්‍රැතයෙක් නොවන බව නොදැන සිටීමය. එසේ තමන් බාලයෙක් බව දන්නවා නම් ඒ කාරණයෙන්ද ඔහුට පන්ඩිතයකු විය හැකිය. එසේ නම් බාලයා කිසිවිටක තමන්ගේ වරද, අඩුපාඩුව නොදකියි. අනුන්ගේම වැරැද්ද දකියි. ඒ නිසා ඔහුට කවදාවත්ම තම බාල ගතිගුණ, වැරදි අඩුපාඩු නිවැරදි කරගැනීමට නොලැබෙන අතර ඒ හේතුව නිසාම ඔහු බෝහෝ අකුසල් සිදුකරගනිමින් සසර දුකටම ඇද වැටෙයි.

photo credit https://www.pinterest.com/

යො බාලො මඤ්ඤති බාල්යං - පණ්ඩිතො වාපි තෙන සො
බාලො ච පණ්ඩිතමානි - ස චෙ බාලොති වුච්චති
යම් අනුවණ පුද්ගලයෙකුට තමන්ගේ අනුවණබව වැටහේ නම්, ඒ කාරණයෙන්ම ඔහු පණ්ඩිතයකු වේ. තමා පණ්ඩිතයකු යැයි සිතාගෙන සිටින අනුවණයා, එසේ සිතන තාක් අනුවණයෙක්ම වේ.
-ධම්මපදය-බාලවග්ගය- 4 වැනි ගාථාව

බාලචරිතාපදානය

1.බාලයා නිතර කිපෙන, ගැටෙනසුළු (අභිජ්ඣා සහගත) නපුරු සිතිවිලි වලින් යුක්තය.

2.කිසිදු හිරිකිතයක් ලජ්ජාවක් බයක් නොමැතිව බොරු කියයි. කේලාම් කියයි. හිස් වචන කියයි. පරුෂ වචන කියයි. ඔහු වචනයෙන් පිරිහුනු කෙනෙක් වෙයි.

3.ප්රණාඝතය, අනුන්ගේ දේ වංචාවෙන් සොර සිතින් ගැනීම්, අනුන්ට හිංසා පීඩා කිරීම නිරන්තරයෙන් ඔහු අතින් සිදුවෙයි. ඔහු කායික ක්‍රියාවලින්ද පිරිහෙයි.

4.බාලයා කාමමිච්ඡාරයේ යෙදෙයි.

5.බාලයා සුරාවට ලොල් වූවෙක් වෙයි. එයින් ඔහු මදයටත් ප්‍රමාදයටත් ඇදවැටී පිරිහීමට ලක්වෙයි.

6.බාලයා එම චරිත ලක්ෂණ අනුව කටයුතු කිරීම නිසාම බොහෝවිට අපවාද මෙන්ම රජුගෙන්( වර්තමානයේ රටෙහි පවත්නා නීතියෙන්ද) දණ්ඩනයට ලක්වේ.

7.බොහෝ සතුරන් හදාගෙන සතුරන් වෙතින්ද පීඩාවට විනාශයට පත්වේ.

photo credit https://www.pinterest.com/

මෙම බාලචරිතාපදානය අනුව බාලයා යනු පවට නැඹුරු වූ දසඅකුසලයෙහි යෙදුනු පවට බය නැති පවට ලජ්ජාව නැති අයෙකු බව දැක්වේ. ඉහත සඳහන් චරිත ලක්ෂණ අනුව බාලයා මෙලොවදිත් දිට්ඨධම්ම වශයෙන් සමාජයෙන් නින්දා ගැරහුම් ලබන්නටද, පිලි නොගැනීමට ලක්වීමද, සම්පරායික වශයෙන්(පරලොව) සසර දුගතියටද නියත හේතු සකස් කර ගනියි. මෙලොව ලැබෙන දුක් විපාක යම් ප්‍රමාණයක්ද, ඔහු එය විඳදරා මරණයෙන් පසුව පරලොවට පිවිසුනු විට ඔහුට ලැබෙන දුක් විපාක මෙතෙකැයි කියා නිම කල නොහැකි බව ධර්මයෙහි සඳහන් වේ.

"සන්ති, භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා තිණභක්ඛා. තෙ අල්ලානිපි තිණානි සුක්ඛානිපි තිණානි දන්තුල්ලෙහකං ඛාදන්ති. කතමෙ ච, භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා තිණභක්ඛා? හත්ථී අස්සා ගොණා ගද්රභා අජා මිගා, යෙ වා පනඤ්ඤෙපි කෙචි තිරච්ඡානගතා පාණා තිණභක්ඛා. ස ඛො සො, භික්ඛවෙ, බාලො ඉධ පුබ්බෙ රසාදො ඉධ පාපානි කම්මානි කරිත්වා කායස්ස භෙදා පරං මරණා තෙසං සත්තානං සහබ්යතං උපපජ්ජති යෙ තෙ සත්තා තිණභක්ඛා."

මහණෙනි..අශ්වයින්, ගවයින්, කොටළුවන්,එළුවන්,මුවන්ද, තවත් මෙවැනි තිරිසන් සත්ත්වදෙ තෙත්වූද, වියලි වූද, තණකොළ දත්වලින් උලා කති. මහණෙනි..ඒ බාලයා මේ ලෝකයේදී රස තෘෂ්ණාවෙන් ආහාර අනුභව කරන්නට, කයෙන් වචනයෙන් විවිධාකාර පව්කම් අකුසලයන් සිදුකොට මරණයෙන් පසුව යම් තණකොළ අනුභව කරන සත්ත්වයන් සිටියිද, ඒ සත්ත්වයින් සමග ජීවත් වීමට ඒ තිරිසන් භාවයට පැමිණෙයි.

ඒ වගේම, ඌරො, බල්ලො,නරියො, වගේ තවත් ඒ හා සමාන තිරිසන් සත්ත්වයින් අසූචි ගඳ දැනෙත්ම, ඒ වෙතට දුවගෙන ඇවිත් අසූචි ආහාරයට ගනිති. ඒ බාලයා මේ ලෝකයේදී රස තෘෂ්ණාවෙන් ආහාර අනුභව කරන්නට, කයෙන් වචනයෙන් විවිධාකාර පව්කම් අකුසලයන් සිදුකොට මරණයෙන් පසුව යම් අසූචි අනුභව කරන සත්ත්වයන් සිටියිද, ඒ සත්ත්වයින් සමග ජීවත් වීමට ඒ තිරිසන් භාවයට පැමිණෙයි.

ඒ වගේම කීටයන්, පනුවන්,ගැඩවිලුන්, සහ තවත් එවැනි අඳුරෙහි ඉපදී අඳුරෙහිම මියයන තිරිසන්ගත සත්ත්වයින් සිටිති. ඒ බාලයා පෙර ජීවිතවල මෙලොව රස වළඳමින් මෙලොව පව්කම් කරමින් අකුසල කරමින් මරණින් මතු අඳුරෙහි උපදිනා අඳුරෙහි දිරන අඳුරෙහි මියන යම් සත්ත්වයින් වෙත්ද, ඒ සත්ත්වයින් සමග ජීවත් වීමට ඒ තිරිසන් භාවයට පැමිණෙයි.

එමෙන්ම මාළුන්, කැස්බෑවන්,කිඹුලන්, සහ තවත් එවැනි ජලයේ ඉපදී ජලයෙහිම මියයන තිරිසන්ගත සත්ත්වයින් සිටිති. ඒ බාලයා පෙර ජීවිතවල මෙලොව රස වළඳමින් මෙලොව පව්කම් කරමින් අකුසල කරමින් මරණින් මතු ජලයේ උපදිනා ජලයේ දිරන ජලයේම මියයන යම් සත්ත්වයින් වෙත්ද, ඒ සත්ත්වයින් සමග ජීවත් වීමට ඒ තිරිසන් භාවයට පැමිණෙයි.

තවද, අසූචියේ ඉපදිලා, අසූචියෙහිම දිරායන, අසූචියේම මියයන තිරිසන් ගත ප්‍රානීන් සිටිති. තවත් සමහර සත්ත්වයින් සමහරෙක් උපදින්නේ කුනුවී ගිය මස්වලය. කුනු මස් වල ඉපදී, එහිම දිරා යමින් කුනු මසේම මියයන මේ සත්ත්වයින් අතරට, ඒ බාලයා පෙර ජීවිතවල මෙලොව රස වළඳමින් මෙලොව පව්කම් කරමින් අකුසල කරමින් මරණින් මතු ඒ සත්ත්වයින් සමග ජීවත් වීමට ඒ තිරිසන් භාවයට පැමිණෙයි.

බාලපණ්ඩිත සූත්‍රය -මජ්ඣිම නිකාය- උපරි පන්නාසකය-. සුඤ්ඤත වර්ගය

අසේවනා ච බාලානං - බාලයන් හා ඇසුරු නොකල යුතුයි.

තිරිසන්ගත සත්ත්වයාට කල්ප ලක්ෂ ගනනක් යනතුරා ධර්මය නම් නෑසෙන්නේය. ඒ නිසාම නැවත නැවත දුක්ඛිත තිරිසන් ආත්මභාවයට ඇද වැටෙනු විනා නැවත මිනිස් ජීවිතයක් ලැබ ගැන්ම සිහිනයක් පමණි. තිරිසන් ගත ජීවිතය යනු සතර අපායෙන් එක් අපායක් පමණි. බාලයාගේ ඇසුර නිසා, බාලයාගේ අභාෂය නිසා, ඒ සෙසු අපායවල්ටද වැටීම අනිවාර්යයෙන්ම සිදුවන බැව් අවධාරණය කල යුතුය. මේ බිහිසුනු අණතුර දුටු නිසා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාලා අසේවනා ච බාලානං - බාලයන් හා ඇසුරු නොකල යුතුයි කියා. මෙහි බරපතලකම ඒ තරමට විශාලයි. මක්නිසාද යත් බාලයාගේ මුලුමහත් ජීවිතයම තමාටම සතුරු වූ තමාටම දුක පිණිස වූ ජීවිතයක් නිසාය.

චරන්ති බාලො දුම්මෙධො - අමිත්තෙනෙව අත්තනා
කරොන්තො පාපකං කම්මං - යං හොති කටුකප්ඵලං
--ධම්මපදය-බාලවග්ගය- 7 වැනි ගාථාව-

වර්තමාන අනාගත කටුක දුක් විපාක ගෙනදෙන අකුසල පාපකම් කරමින්, නුවණ මඳ අඥානයා තමාටම සතුරු වූ ජීවිත ආත්මයක් සමග හැසිරෙයි.

නුවණ මඳ කියන්නෙ ඔහු මෝඩයෙකු යන අදහසම නෙවෙයි. සමහර විට ඔහු ආචාර්යය, මහාචාර්යය වරයෙක් විය හැකියි. මහා ධනකුවේරයෙක් විය හැකියි. ඉහළම තනතුරක සිටින්නෙක් විය හැකියි. ප්‍රසිද්ධ කෙනෙක් විය හැකියි. සම්මුති ලෝකයේ විවිධ විෂයයන් වලට ප්‍රවීනයෙක් දක්ෂයෙක් විය හැකියි. එහෙත් අඩුම තරමින් හෝ ලෞකික දසවස්තුක සම්මා දිට්ඨියේ හෝ පිහිටා නැත්නම් ඔහු නුවණ මඳ අඥානයා යනුවෙන් හැඳින්විය හැකියි. ලෝකයේ පුද්ගලයෝ හතර දෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. ඒ හතර දෙනාගෙන් දෙදෙනෙක්ම බාලයා යනු කවුදැයි හැඳින්වීමට කල දේශනා.

1.අඳුරෙන් අඳුරට යන පුද්ගලයා ( තමො තම පරායනො)

2.එළියෙන් අඳුරට යන පුද්ගලයා ( ජොති තමො පරායනො)

අඳුරෙන් අඳුරට යන පුද්ගලයා යනු, සංසාරයේ බොහෝ දුක් ඇති තැන්වල ඉපදි ඉපදි, මැරි මැරි, බොහෝ කටුක දුක් අකුසල විපාක ගෙවා අවසන් කොට, කල්ප ගනනාවකට පසුව ඉතාම අසීරුවෙන් නැවත මිනිස් ලෝකයට පැමිණ, ඉතාම දුක් සහිත තැනක ඉතාම කටුක ඉතාම දුගී දුක්ඛිත ජීවිතයක් ලැබගෙන ජීවත් වෙමින්, ජීවිත්වීම උදෙසාම නැවත නැවත දස අකුසලයේ යෙදෙමින්, පාපයේ යෙදෙමින් සිටින තැනැත්තා නැවත මරණයෙන් පසුවද තිරිසන් භාවයට, නිරයට, සංසාර දුගතියට පත් වන්නේය. ඒ තමයි මෙලොව ජීවිතය සහ පරලොව ජීවිතයද අඳුරට හෙලාගත් ( තමො තම පරායනො) පුද්ගලයා.

තවත් සමහර පුද්ගලයෙක් සසරේ කල මහත් පින්කම් වල ආනිශංසයෙන් මිනිස් ජීවිතයක් ලැබ ගෙන, බොහෝම සුවසේ, ධනවත්ව, බලවත්ව, ප්‍රසිද්ධව, කිසිදු අඩුවක් නැති සුපිරි ජීවිතයක් ගතකරමින් වුවද, සතුට ආශ්වාදය සහ දේපල මිලමුදල් වස්තුව සෙවීම සඳහා දස අකුසලයේ යෙදෙයිද, පාපයෙහි ගැලී තාවකාලික ආශ්වාදයම සොයයිද, ඒ තැනැත්තා නැවත මරණයෙන් පසුවද තිරිසන් භාවයට, නිරයට, සංසාර දුගතියට පත් වන්නේය.

මානෙන් ඉඳිතත් මේ සැප පෙරුමය
සීනෙන් ගෑ සුවඳක් සේ බොරුමය
දානෙන සීලෙන් නොකලොත් දරුමය
පානෙන් අඳුරට ගෙනයයි කරුමය
-ලෝවැඩ සඟරාව-59 වැනි කවිය-

මේ ලෞකික පස්කම් සැපත ඉතාමත් අගෙයි, ඉතාමත් ඉහළයි.පරම සැපත එයයි කියා මානය පෙරදැරිව ඒවාම වින්දනය කරමින් කාලය ගතකලත්, එය සිහිනයෙන් ගාන ලද සුවඳක් බඳුය. දානයෙන් ශීලයෙන් සුචරිතයෙන් මේ ධර්ම මාර්ගයද පූරණය නොකලේ නම්, නිරන්තරයෙන් සිදුකරගන්නා අකුසල පාප ධර්ම විසින් ඒ කෙනා සුගති ආලෝකයෙන් හතර අපාය නම්වූ අන්ධකාරයට රැගෙන යයි. ඒ තමයි මෙලොව ජීවිතය ආලෝකයෙන් ගතකොට පරලොව ජීවිතය අඳුරට හෙලාගත් ( ජොති තම පරායනො) පුද්ගලයා. මේ දෙදෙනාම තමන්ට ලැබුනු මිලකල නොහැකි වටිනා මිනිස් ජීවිතය අපතේ යවන අය නිසා ඔවුන් නුවණ මඳ අඥාන තමාටම සතුරු වූ ජීවිතයක් ගතකරන අය වෙති.

බාලයාගේ දෘශ්ඨිය

පුත්තා මත්ථි ධනං මත්ථි - ඉති බාලො විහඤ්ඤති
අත්තාහි අත්තනො නත්ථි - කුථො පුත්තා කුතො ධනං
අඥාණයා තමාට බොහෝ දරුවන්(පිරිස) ඇතැයිද, ධනය ඇතැයිද කියා සිතමින් කාලය ගත කරයි. තමාට තමාවත් නැති වන කල කුමන දරුවෝද කුමන ධනයද??
--ධම්මපදය-බාලවග්ගය- 3 වැනි ගාථාව-

මේ බාලයා හෙවත් නුවණ මඳ අඥානයා දකින්නේ, "මට දූදරුවන්,ඥාති හිතමිතුරන් ඇතුළු බොහෝ පිරිස සිටිනවා..මට බොහෝ ධනය තිබෙනවා..ඒ නිසා කිසිදු ප්‍රශ්නයක් නැහැ කියා" යි. බොහෝ පිරිසක් සිටින්නේ එහෙම දෘශ්ඨියකයි. කිසියම් ක්‍රමයකින් ධනය උපයාගෙන, බොහෝ සැපසම්පත් මැද, දූදරු ඥාති හිතමිතුරු සමාගම් මැද, කමින් බොමින් සතුටු වෙමින් කාලය ගතකරද්දි, තමාට සියල්ල සපිරී ඇතැයි සිතිවිලි පහළ කරගන්නවා.

ගඟ යන ඇත්කුණැ ඉඳැ මස් රසටා
සිඳු මැදැ වැදැ වැනැසුනු මෙන් කපුටා
ලද ඉසුරෙහි ලොබ කළහොත් තොපටා
බව සයුරෙන් ගමනෙක් නැත ගොඩටා
-ලෝවැඩ සඟරාව- 64 වැනි කවිය -

photo credit https://www.pinterest.com/

නිධාන කථාව-

මහා ගංවතුර කාලයක ගඟ දිගේ ගසාගෙන යන ඇතෙකුගේ මළකුණක් දකින එක්තරා කපුටෙක්, ඒ මළකුණ මතට බැහැලා හොටෙන් මළකුණේ මස්වලට කොටා කෑවාම ඌට දැනුනේ අමෘත රසයක්. ඒ කපුටා කල්පනා කලේ ඇත්කුණ විශාලයි. ජීවිත කාලයම උනත් මේ රස ආහාරය සෑහේ. උවමනා ජලයත් ලඟම තියෙනවා. ඇත්කුණ මතම හිඳින්නටත් නිදාගන්නටත් හැකියි, මෙවන් සැපතක් අතහැරලා යන මෝඩයා කවුදැයි කියාය. ඒ නිසා කපුටා අවශ්‍ය විටකදි ඇත්කුණෙන් මස් කමින්, අවශ්‍ය විටකදි හිස පහත් කර ගඟේ වතුරද බොමින්, ඒ මතම වැතිරී නිදමින් මහත් සතුටින් කාලය ගත කලා. එහෙත් කපුටා නොදන්නා දෙයක්ද ඒ අතරෙ සිදුඋනා. ඒ තමයි කපුටාටද නොදැනී ඇත්කුණ හෙමින් හෙමින් මහමුහුදට පාව යාම. එය කෙතරම් දුරකට පාව ගියාද කිවහොත්, කෙනෙකු ගියොත් නැවත ආපසු එන්නට නොහැකි තරම් ඈතකට මහමුහුදේ ඇත්කුණ පාව ගියා. එවිට තමයි කපුටාට දෙවියන් සිහිවන්නේ. ඇත්කුණට මුහුදේ මාළුන් කෙටීමෙන් සහ මුහුදු වතුරට හසුවීමෙන් කෙමෙන් කෙමෙන් මස් දියවී ගොස් දැන් ඇත්තේ ඇත්කුණ වසාතිබුන හම විතරයි. කපුටා සෑම දිසාවකට පියඹා යමින් ගොඩබිමක් සෙව්වද, ගොඩබිමක සේයාවකුදු පෙනුනේ නැත. දැන් කපුටාට බිය දැනෙන්ට පටන් ගනියි. උමතුවෙන් මෙන් සෑම අතකම පියඹා ගිය නිසා දැඩි වෙහෙස දැනෙයි. කපුටාට ඉතිරිව ඇති එකම විකල්පය තමා කලින් සිටි ඇත්කුණ වෙත යාමය. ඒ නිසා කපුටා නැවත ඇත්කුණ තිබූ තැනට පියඹා ගියත් එතැන ඇත්කුණ වෙනුවට හම් කැබැල්ලක් පමණක් ඉතිරිව තිබුනා. වෙහෙස නිසාද, බිය නිසාද, අවසාන බලාපොරොත්තුවද කඩවීම නිසාද කපුටා අවසානයේ මුහුදටම ඇදවැටී මුහුදේ සිටින චන්ඩ රුදුරු මත්ත්සයන්ගේ ගොදුරක් බවට පත්වී විනාශ වී යයි.

බාලයා සහ කපුටා-

මේ කතාවේ එන පරිදි කපුටා යනු බාලයාට තවත් නමකි. බාලයාගේ දෘශ්ඨිය කුමක්දැයි ඉහත සඳහන් කලා. මේ කතාවේ එන කපුටාද බාලයා විදියටමයි කටයුතු කලේ. කපුටා කල්පනා කලා මුලු ජීවිත කාලයටම මේ ඇත්කුණ මහා සම්පතක් කියා. ඒ ඇත්කුණ නිසා ලබන ආශ්වාදය සතුට සොම්නස නිත්‍යයි කියා. ඒ නිසා කපුටා ආදීනව කල්පනා කලේ නැහැ. මේ ඇත්කුණ ගඟ දිගේ ගසාගෙන යන බවත්, එසේ ගසාගෙන යනු ලබන්නේ මහා සාගරයට බවත්, මහා සාගරයේ ඈතට ගියොත් නැවත ආපසු ඒමක් නැති බවක් කපුටාට කල්පනා උනේ නැහැ. බාලයාද ඒ වගේමයි. කපුටාට මහා සාගරයේ ඈත දුර යම්සේද, බාලයාට මහළුවිය, ජරාවට පත්වීම කියන්නෙත් එකම දේකට. එනම් මහළු වියට ගියොත් නැවත ආපසු හැරී ඒමක් නැහැ. ජරාජීර්ණ වී දුබල උනොත් නැවත ආපසු හැරී ඒමක් නැහැ. ගේ දොර වතුපිටි මිලමුදල් හරකා බාන, අඹුදරුවන්, ඥාතී හිතමිතුරන්, සහ පඤ්චකාමයන් ගෙන් ලබන සතුට සොම්නස සදාකාලිකයි නිත්‍යයි සැපයි කියා මානයෙන් ඉදිමී සිටියත්, වයසට ගොස් ජරාජීර්ණ වූ පසු ඒ කිසිවක් තමා ලඟට නොපැමිනෙයි. හරියට මුහුදට ගසාගෙන ගිය ඇත්කුණ මුහුදේ මාළුන් කොටා අනුභව කරමින් හම් කැබැල්ල පමණක් ඉතිරිවූවා සේ, තමා සන්තක සියල්ල අඹුදරුවන්, ඥාතී හිතමිතුරන්ට හිමිවෙද්දී, හිස් අතින් ගිලන් සයනයක හෝ හැරමිටියකට වාරුවී ඇස් නොපෙනෙන කන් නොඇසෙන අතපය වාරු නොමැති තත්වයකට ඇද වැටෙයි. එතකොටයි බාලයාට සිහිවන්නේ පරලොව ගැන. එසේ සිහිවී පරලොව සුගතිය පිණිස හතර අතේ දුවමින් දහම සෙව්වත්, ධර්මය ඇසෙන්නේ නැත, ඇස් පෙනෙන්නේ නැත. කාය චිත්ත විවේකය පිණිස සමථ භාවනාවක් කරගැන්මට අතපය සිරුර වලංගු නැත. කියන දහමක් තේරුම් යන්නේද නැත. අඹුදරුවන් ඥාති හිතමිතුරන් දේපල වස්තුව මිලමුදල් තිබුනොත් සියල්ල ලැබුනා සේ සිතූ ඔහුට හිස් අතින් මරණයට පත්වන්නට සිදුවෙයි. හරියට කපුටා මුහුදට ඇදවැටී රුදුරු මාළුන්ට ගොදුරු වූවා සේය.

මේ කාරනා සියල්ල සැලකිල්ලට ගතහොත් අසේවනා ච බාලානං කියන කෙටි යෙදුමේ බරපතලකම වඩාත් ගැඹුරින් වටහාගත හැකිවනු ඇත. බාලයා හා ඇසුර ඒ තරමට බිහිසුනුය. ඒ නිසා බාලයන් හා ඇසුරෙන් වෙන්වී පණ්ඩිතයන් කල්‍යාණ මිත්‍රයන් හා ඇසුර වර්ධනය කරගැන්ම නුවනට හුරු බව නොරහසකි.

jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.com2tag:blogger.com,1999:blog-960881688546260776.post-34615984963091678782022-10-02T00:26:00.007-07:002022-10-02T00:34:35.944-07:00බෞද්ධ උපමා කථා -01

බෞද්ධ උපමා නමින් වෙනම විෂයක් ත්‍රිපිටක ධර්මයට ඇතුළත් නොවේ. නමුත් බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කරන විට විවිධ ආශ්චර්යමත් උපමා රැසක් සිය දේශනාවලට ඇතුළත් කර ඇත. බුදුදහම ශ්‍රේෂ්ඨ දර්ශනයක් ලෙසත් අනුගමනය කළ යුතු මාර්ගයක් ලෙසත් උගන්වද්දී බුදුරජානන් වහන්සේ මේ උපමා යොදාගෙන දර්මය දේශනා කර ඇති බව ත්‍රිපිටකයෙන් පැහැදිලි වේ.

බුදුන්ගේ අවවාදය

ස්වයංසිද්ධ නිදහස් චින්තනය සඳහා, ඔබ සැක කළ යුතුය. ඔබ ඇසිය යුතුයි. ඔබ අන්තයට නොවැටිය යුතුය. පරම්පරාවකින් එන නිසා ඕනෑම අදහසක් පිළිගත යුතු නැහැ. එය තර්කයෙන් නොගත යුතුය. න්‍යාය අනුව නොගත යුතුයි. ගුරුවරු කී පමණින් නොගත යුතුයි. එය පොත්වලින් පමණක් ගත යුතු නොවේ. මෙය එසේ යැයි සිතිය යුතු නැත. හේතුව ඵලය විමසා බලා එය වැටහෙන්නේ නම් එය පිළිගත යුතුය.

බෞද්ධ උපමාවල දක්නට ලැබෙන විශේෂත්වය නම් එම උපමාවලට විෂය වන සිදුවීම් සහ ප්රස්තුත ජීවිතයට හා ජීවන ක්‍රියාකාරකම්වලට සම්පූර්ණයෙන්ම සම්බන්ධ වන පරිදි සකස් කර තිබීමයි. එය ජීවිතයට හැඩගස්වා ගැනීමේදී සමස්ත මිනිස් ප්‍රජාවගේම හැසිරීම් රටාව තේරුම් ගැනීමට හැකි වේ. ඒවා ගැඹුරින් විමසා බැලුවහොත් ඔබට වැටහෙනු ඇත්තේ බෞද්ධ උපමා යනු බුද්ධ දේශනාවේ අඩංගු ඉගැන්වීම් සමඟ ඒකාබද්ධ වූ තවත් සන්නිවේදන ක්‍රමයක් බවයි. මේ එවන් තවත් විශිෂ්ට බෞද්ධ උපමාවකි.

දිනක් එක්තරා ඉබ්බෙක් සවස් වරුවේ ගං ඉවුරක් අසලින් ආහාර සොයමින් ඇවිදිමින් සිටියේය. එසේම එක්තරා නරියෙක්ද සවස් කාලයේ ගං ඉවුර අසල ආහාර සොයමින් සිටියේය. නරියා ඈතින් එනු දුටු ඉබ්බාට සිතුනේ නරියා තමා ගොදුරු කර ගන්නට එන බවයි. එහෙම හිතලා ඉබ්බා ඔළුවයි අතපය හතරයි කටුවට දාලා කිසිම ආයාසයකින් තොරව නිශ්ශබ්ද වුණා. මේ ඉබ්බා ඈත ඉඳන් දැකපු නරියා හිතුවා මේ ඉබ්බා කටුවෙන් ඔළුව හෝ අතපය හෝ මොකක් හෝ පිටතට දැම්මොත් වහා කඩාගෙන කනවා කියලා. එහෙත් නරියාගේ අරමුණ තේරුම් ගත් ඉබ්බා නරියා පිටව යන තුරු හිස ඇතුළු අවයව කටුවෙන් පිටතට නොගෙන ඉවසීමෙන් බලා සිටියේය. ඉබ්බා තමන්ගෙ අදහස් අනුව ක්‍රියා නොකළ නිසා නරියා බලාපොරොත්තු කඩව යන්නට ගියේය.

උපමාවේ තේරුම

මිනිස් ජීවිතයේ ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස යනු ඉබ්බාගේ හිස සහ අත් පා හතරය. මෙම ඇස කණ නාසය දිව කය මනස යනු මාරයාගේම උගුලක් බව ධර්මයෙහි සඳහන් වේ. නරියා යනු විවිධාකාර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ විවිධ සිතුවිලි ය. සවිඥානික දැනුවත්භාවයකින් තොරව මෙම වස්තූන් ගැන මුලාවට පත්වීමෙන්, ඒ බාහිර අරමුණු කෙරෙහි නිරන්තරයෙන් ඇදී යාමෙන් සිත කුසල් හෝ අකුසල් සිතුවිලි වලට වැටේ. සිතින් නිතරම පහළ වන සිතිවිලි අනුව ක්‍රියා කිරීමෙන් අකුසලයට ගොදුරු වේ. විඤ්ඤාණය හෙවත් මනස මායා කරුවෙකු වැනිය. ඒ නිසා ඉබ්බා සිය අවයව පරිස්සමෙන් සඟවා ගන්නවා සේම මේ බාහිර අරමුනු පිලිබදව මනසේ හටගන්නා ත්‍රිවිධ විතර්කයන්, එනම් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක පිලිබඳව සිහියෙන් සහ නුවනින් යුක්තව ප්‍රවේසම් විය යුතුයි. "සමොදහන් භික්ඛු මනො විතක්කෙ" යනුවෙන් බුදුරජානන් වදාලේ ඒනිසයි. ඉබ්බා තමන්ගේ හිස සහ අවයව හතර කටුව තුල සඟවා ගන්නා සේ මහනෙනි (ගිහි පැවිදි) මේ බාහිර අරමුනු නිසා සිතේ හටගන්නා ත්‍රිවිධ විතර්කයන් මෙනෙහි නොකර හකුලා ගන්න. එවිට එයින් සසර දුකට හේතු වන කර්ම හට නොගනියි.

මෙතැනට පිවිස බලන්න

-සංයුත්ත නිකාය/කුම්මෝපම සූත්‍රය-

jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.com0tag:blogger.com,1999:blog-960881688546260776.post-90203959465061261762022-03-20T20:20:00.002-07:002022-03-20T20:21:01.225-07:00කර්ම මාර්ගය සහ නිවන් මාර්ගය හෙවත් බෝධිපාක්ෂික ධර්ම -ධර්මය සහ ජීවිතය - 12 කොටස

ධර්ම මාර්ගය යනුවෙන් භාවිතා කරන මාර්ග දෙකක් අතීතයේද වර්තමානයේද සමහරවිට අනාගතයේද හමුවෙනවා. ඒ තමයි කර්ම මාර්ගය සහ නිවන් මාර්ගය කියන මාර්ග දෙක. ඒ ඒ කෙනාගේ පිළිගැනීම අනුව මේ දෙකටම පොදුවේ ධර්ම මාර්ගය කියා භාවිතා කරනවා. නමුත් නිවන් මාර්ග දෙකක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලේ එකම එක නිවන් මාර්ගයක් පමණයි. ඒ නිවන් මාර්ගය විශ්වාසයක් හෝ ආගමික ඇදහිල්ලක් හෝ ප්‍රාර්ථනාවක් හෝ පුදපූජා සත්කාර කිරීමක් නෙවෙයි. ප්‍රායෝගිකව වැඩීමෙන් ශාක්ෂාත් කල යුතු කාරණයක් පමණයි. ඒ මාර්ගය තමා තුලින්ම සකස් කරගත යුත්තක්. අධ්‍යාත්මිකව සකස් කරගන්නාවූ වැඩ පිලිවෙලක් මිසක බාහිර තිබෙන දෙයක් නෙවෙයි.

"චත්තාරිමානි, භික්ඛවෙ, කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි. කතමානි චත්තාරි? අත්ථි , භික්ඛවෙ, කම්මං කණ්හං කණ්හවිපාකං; අත්ථි, භික්ඛවෙ, කම්මං සුක්කං සුක්කවිපාකං; අත්ථි, භික්ඛවෙ, කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං අත්ථි, භික්ඛවෙ, කම්මං අකණ්හඅසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති. "

මහණෙනි, මේ කර්ම සතරක් මා විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට දන්වනු ලැබේ. කවර සතරක්ද යත්, අකුශල්වූ අකුශල විපාක ඇති කර්මයක් ඇත්තේය. කුශල්වූ කුශල විපාක ඇති කර්මයක් ඇත්තේය. මහණෙනි, අකුශල්වූද, කුශල්වූද, අකුශල විපාක ඇත්තාවූද, කුශල විපාක ඇත්තාවූද, කර්මයන් ඇත්තේය. මහණෙනි, අකුශල් නුවූ, කුශල් නොවූ, අකුශල විපාක නොවූ, කුශල විපාක නොවූ කර්මයක් කර්මක්ෂය පිණිස පවතී.

කතමඤ්ච, භික්ඛවෙ, කම්මං කණ්හං කණ්හවිපාකං? ඉධ, භික්ඛවෙ, එකච්චො පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසුමිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති. ඉදං වුච්චති, භික්ඛවෙ, කම්මං කණ්හං කණ්හවිපාකං."

-අංගුත්තර නිකාය-චතුත්ථ නිපාතය-කම්මක්ඛය සංවත්ත සූත්‍රය-

මෙය සරළව විස්තර සහිතව මුලින්ම විමසා බලමු. බුදුරජානන් වහන්සේ වදාරනවා තමන් වහන්සේ විසින් විශිෂ්ඨ ඥාණයෙන් ප්රත්යක්ෂ කල කර්ම හතරක් තිබෙනවා කියා. එතකොට බුදුකෙනෙකුන්ගේ විශිෂ්ඨ ඥාණය ගැන විශිෂ්ඨ ප්‍රඥාව ගැන සැක නැති කෙනෙකුට විතරයි මේ කාරණාව පිලිගන්න පුලුවන්. බුදුහාමුදුරුවො ඔහොම කිව්වට ඕක එහෙමමත් නෙවෙයි කියන්න මිත්‍යා දෘශ්ඨිකයෙකුට හැර වෙන කාටවත් පුලුවන් කමක් නැහැ . බුදුරජානන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කල ධර්මය කිසිවකුට අභියෝග කල නොහැකියි කියා නිර්භීතව ප්‍රකාශ කල උත්තමයෙක්.

"එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණෙන වා බ්රාහ්මනෙණ වා දෙවෙන වා මාරනෙ වා බ්රහ්මුණා වා කෙනෙචි වා ලොකස්මින්ති"

භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතනයේ මිගවනයේදී දේශනා කොට වදාල මේ ආර්යය සත්‍යය කිසිදු බ්රාහ්මණයෙකුට,දෙවියෙකුට, මාරයෙකුට, බ්රහ්මයෙකුට හෝ ලෝකයේ කිසිම කෙනෙකුට එය එසේ නොවේ යැයි ආපස්සට කරකැවිය නොහැකිය.

-ධම්මචක්ක පවත්තන සූත්‍රය-

මොකක්ද මේ කර්ම හතර ගැන බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය?

1.කම්මං කණ්හං කණ්හවිපාකං - අකුසල පක්ෂයේ දුක් සහිත අකුසල විපාක ඇති කර්මයක් ඇත.

2.කම්මං සුක්කං සුක්කවිපාකං - කුසල පක්ෂයේ සැප සහිත විපාක ඇති කර්මයක් තිබේ.

3.කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං -අකුසල පක්ෂයේද, කුසල පක්ෂයේද දුක්සහිත සැප සහිත විපාක ඇති කර්මයක් තිබේ.

4.කම්මං අකණ්හඅසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය - අකුසල්ද නොවන කුසල්ද නොවන දුක් විපාක නැති, සැප විපාකද නැති කර්මයක් තිබේ. ඒ කර්මය කර්ම ක්ෂය කිරීම පිණිස පවතියි. මේ කර්ම ක්ෂය කියන ඉතා වැදගත්. එතකොට මේ කර්ම හතරෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කුමක්ද? විපාක සහිත යම් කර්මයක් තිබේ නම් එය සසරට හේතුයි යන කාරණය තමයි ඔතනදි උන්වහන්සේ පෙන්වා දුන්නේ. මේ තමයි චතුරාර්යය සත්‍යය ධර්මයේ එන දුක්ඛ ආර්යය සත්‍යය.

මෙය තවත් සවිස්තරව විමසා බැලුවොත් හමුවෙනවා සරළ පිලිතුරක්. කර්මය අකුසල් නම්, පව් අනුව නම්, ලැබෙන විපාකය සසර දුගතියේ දුක්සහිත බවයි. එය සතර අපායේ වේවා මිනිස් ලෝකයේ වේවා දුක් සහිත ජීවිතයක් ලැබෙන්නෙ. කර්මය කුසලනම්, පින අනුව නම් ලැබෙන විපාකය සසර සුගතියේ දෙව් මිනිස් ලෝක වල සැප සහිත ජීවිතයක්. අකුසල පක්ෂයේ පව අනුවද කුසල පක්ෂයේ පින අනුවද දුක් සැප ලැබීමේ න්‍යායය ගැනයි මේ සඳහන් වෙන්නෙ. එතකොට ඒ ගැනම තවත් විදියකට කියනවා නම් කළු කර්ම (අකුසල) සහ සුදු කර්ම (කුසල) කියා දෙකක් තිබෙනවා කියන කාරනයයි ඔතනට එන්නෙ. ඒ කර්ම දෙකට අනුව සසර ගමන යෙදෙනවා විපාක විඳින්නට වෙනවා. එතකොට සරළම උත්තරය යලි යලිත් සංසාරයම බවයි. සංසාරය කියන්නෙ දුකට කියන තවත් නමක්. යමෙක් කෙටි කාලයකට කරන ලද පින හෙවත් සුදුකර්ම නිසා සැප විඳින තැනක ඉන්නට පුලුවන්. එහෙත් බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා "වයධම්මා සඞ්ඛාරා" කියා. සියලු සංඛාරයන් හෙවත් කර්ම වැයවෙනවා ඒ ඒ ජීවිත වල විපාක ගෙවී යද්දි. පින හෝ පව දෙකම ගෙවෙනවා. එහෙම උනාම හතර අපාය අවසන් කරලා මනුස්ස ලෝකයේ දුකට එනවා.ඒ වගේම දිව්‍ය සැප අවසන් කර හතර අපායේ දුකට වැටෙනවා. කොයි පැත්තෙන් ආවත් නැවත නැවත දුකටම ඇදගෙන වැටෙනවා. ශුද්ධාවාස වාස බ්‍රහ්ම ලෝක වල අනාගාමි උත්තමයන් හැර, ධ්‍යාන මාර්ගයෙන් බ්‍රහ්මලෝක වලට ගිය අයත් නැවත පහළට වැටෙනවා. මෙන්න මේ ටික තමයි ඉහත කර්ම පිළිබඳ සදහනේ පලමු කාරනා තුන වෙනුවෙන් වටහා ගත යුත්තේ. එතකොට කර්ම මාර්ගය ඒ බව වටහා ගැනීම වැදගත් වන අතර කර්ම මාර්ගයේ ගමන් කලොත් ගමන නිමක් නැති බවද වටහා ගත යුතු වෙනවා.

එහි හතරවැනි කාරණාව හැටියට කම්මං අකණ්හඅසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය - අකුසල්ද නොවන කුසල්ද නොවන දුක් විපාක නැති, සැප විපාකද නැති කර්මයක් තිබේ. මෙන්න මේ මාර්ගය ලෝක සත්ත්වයාට කියා දෙන්නයි බුදුරජාණන් වහන්සේ නමක් ඉතාම කළාතුරකින් ලෝකයට පහළ වන්නේ.

කර්ම මාර්ගය වෙනුවට ධර්ම මාර්ගය

බොහෝ අය වරදවා තේරුම් ගන්නවා ධර්ම මාර්ගය වැඩිය හැකි වෙන්නේ භෞතික සියල්ල හැරදමා ගිහි ගෙයින් නික්මී වනගත වීමෙන් හෝ පැවිදි වීමෙන් කියා. අනාගාමී තලය තෙක් ධර්ම මාර්ගය වඩන්නට ගිහිගෙදර ඕනෑ තරම් ඉඩ ප්‍රස්ථාව තියෙනවා. ගිහිගෙදර අඹුදරුවන් පෝෂණය කරමින් රැකියා කරමින්ද, ගිහිගෙයින් නික්ම පැවිදිව නිවන ඒකායන ඉලක්කය කරගෙනද ධර්ම මාර්ගය වඩන්නට කැමැත්තක් ඇති හැමදෙනාටම එය විවෘත බව පැහැදිලිය.

නිවන් මගට පිවිසෙන ලෝකොත්තර ඥාණ ලබා ගැනීමට උපකාරවන කිසියම් ධර්මයක් ඇත්නම් ඒ අන් කිසිවක් නොව බෝධි පාක්ෂික ධර්මයන් වැඩීම පමණකි. සෝවාන් මාර්ගය- සෝවාන් මගඵලය, සකදාගාමි මාර්ගය-සකදාගාමි මගඵලය, අනාගාමි මාර්ගය-අනාගාමි මගඵලය, අරහත් මාර්ගය-අරහත් මගඵලය, සහ නිවන සදහා වූ එකම මාර්ගයද මේ බෝධිපාක්ෂික ධර්ම වඩමින් යන ගමනය.

බෝධිපාක්ෂික ධර්ම

මූලික වශයෙන් බෝධිපාක්ෂික ධර්මයන් හතක් ඇති බවට ධර්මයේ සඳහන් වෙනවා. මේ සියලු බෝධි පාක්ෂික ධර්මයන්ගේ මුළු ගනන 32ක් වන නිසා එය සතිස් බෝධිපාක්ෂික ධර්ම ලෙස හැඳින්වෙනවා.

01.සතරසති පට්ඨානය

කායානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා

02.සතර සම්ය ප්‍රධාන වීරිය

නූපන් අකුසල් නූපදවා සිටීම, උපන් අකුසල් දුරු කිරීම, නූපන් කුසලයන් උපදවා සිටීමට, උපන් කුසලයන් වැඩි දියුනු කරවීමට ගන්නා දැඩි වීරිය

03.සතර ඉද්ධිපාද

ඡන්ද, චිත්ත, විරිය, විමංසා

04. පඤ්ච ඉන්ද්රිය

ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා

05.පඤ්ච බල

ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා

06.සප්ත බොජ්ඣංග,

සති සම්බොජ්ඣංග, විරිය සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, උපෙක්ඛා සම්බොජ්ඣංගය.

07.ආර්යය අෂ්ඨාංගික මාර්ගය

සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි.

සතිය හෙවත් සිහිය

මේ බෝධිපාක්ෂික ධර්මයන් තුල ඔබ කවදාවත් දැක තිබේද එක් පොදු සාධකයක්. මෙන්න මෙතැන හරිම වැදගත්. "සති" කියන වචනය බෝධිපාක්ෂික ධර්මයන් තුල කී තැනක තිබෙනවාද. මෙන්න මේ සතිය කියන කාරණාව ඒ තරමට වැදගත් නිසයි සතර සති පට්ඨානයේ හතර තැනක තිබිය යුතු සිහිය ගැන සඳහන් වෙන්නෙ. ඒ වගේම සතිය ඉන්ද්රිය ධර්මයක් හැටියටත්, සතිය බලයක් හැටියටත්, සතිය බොජ්ඣංගයක් හැටියටත්, සතිය ආර්යය අෂ්ඨාංගික මාර්ගයේ මාර්ග අංගයක් හැටියටත් දක්වා තිබීමෙන් සතිය යනු කෙතරම් වැදගත් සාධකයක්ද කියා සිතන්නට වෙනවා. සති යන පාලි වචනයෙන් අදහස් කරන්නේ ලෞකික ජීවිතයේ එදිනෙදා කටයුතු මතක තබාගෙන කරනවා කියන තේරුම නෙවෙයි. ඒ සිහිය ලෞකිකයි. අප්රමාදී බවට තවත් වචනයක් තමයි සිහිය කියන්නෙ. ඒත් අප්‍රමාදි බව කියන්නෙත් වැඩ කටයුතු ඉක්මනින් කරනවා කියන එකට නෙවෙයි. අප්‍රමාදි බව කියන්නෙ ඊට ඉඳුරාම වෙනස් අර්ථයක්. භාවනා යන වචනයේ සැබෑ අර්ථය වැඩීම කියන එක. එතකොට සති භාවනාව කියන්නෙ සිහිය වැඩීමයි. සිහිය වැඩීමකින් තොර නිවන් මාර්ගයක් ගැන සිතන්නට නොහැකියි. කිසියම් සමථ භාවනාවක් කිරීමෙන් හෝ බලාපොරොත්තු වියයුත්තේ එය සිහිය වැඩීමට උපකාරයක් හැටියටයි.

ධර්ම මාර්ගය

බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව පදනම් වන්නේ කර්මක්ෂය කිරීමෙන් නිර්වාණය අත්දකින්නටය. කර්ම රැස් කිරීමෙන් නිවනට යා නොහැකි බැව් එයින් අදහස් කෙරේ. කර්ම කියන්නෙ ඇස කන නාසය දිව කය මනස ආදී සළායතන හරහා චේතනා මූලිකව සිදුකරනු ලබන විවිධ විතර්කයන් හා බැඳුනු සිත කය වචනයෙන් සිදුකරනු ලබන දේවල්ය. පින් අනුවද, පව් අනුවද, ලෞකික ධ්‍යාන අනුවද කර්ම රැස්වේ. රැස්වන කර්ම වලට අනුව මතු විපාක අවස්ථාවක් ඇතිවන අතර හය සතර අපායද, දිව්‍ය මිනිස් ලෝකයන්ද, බ්‍රහ්ම ලෝකයන්ද විය හැකිය. රාගක්ඛයො, දොසක්ඛයො, මෝහක්ඛයො, කම්මක්ඛයො නිබ්බානං කියා වදාරා තිබෙන්නේ ඒ නිසාය. බොජ්ඣංග ධර්මයන් වැඩීම නිවනට ඒකායන මාර්ගයයි. සතර සතිපට්ඨානය අනුව සිහිය බලවත් කරගැනීම පළමු පියවරයි. යෝණිසෝමනසිකාරය වන්නේද බලවත් සිහියයි. ත්‍රිවිධ විතර්ක වලට නොබැදී කර්ම සකස් නොකර සිටින්නට උපකාරවන බලවත්ම ආයුධය සිහියයි.

තවත් කොටසක් ඊලඟ ලිපියෙන්

සැ.යු. මෙම ලිපි පෙල කියවා ඇතිවන ගැටලු මෙන්ම ඔබේ නොමසුරු අදහස්ද පහළ කමෙන්ට් කොටසෙහි සඳහන් කිරීමෙන් තවදුරටත් ලිපි සම්පාදනයට අපට විශාල ධෛර්යයක් සපයන බව සිහි කිරීමට කැමැත්තෙමි. අදහස් උදහස් විවේචන ප්‍රශ්න ගැටළු මෙතනට නොහැකි නම් පහත සඳහන් විද්‍යුත් ලිපින වෙතද ලියන්නට හැකිය.

colombageshj@gmail.com

jcolombage@outlook.com
jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.com0tag:blogger.com,1999:blog-960881688546260776.post-85300870013662652022-03-08T19:13:00.006-08:002022-03-13T01:30:09.631-08:00ත්‍රිවිධ විතර්කය-ප්‍රමාදය- සහ බන්ධනය -ධර්මය සහ ජීවිතය - 11 කොටස

සසරින් මිදීමට, නිවනින් සැනසීමට එකම තැන මිනිස් ලෝකයයි. දුකේද සැපේද අනිත්‍ය බව මේ මිනිස් ලෝකයේ ජීවත්වන කෙටි කාලය තුල බොහෝ අය අත්දැකීමෙන් දැනගන්නවා. උවමනානම් කෙනෙකුට සිල්රකිමින් දන් දෙමින් පින්කරමින් සුගතිගාමි දිව්‍ය ලෝකයක ඉපදෙන්නට සංඛාර රැස් කරන්නට හැකියි. තව කෙනෙකුට පව් අකුසල් කරමින් සසර දුගතියේ සතර අපායට වැටෙන්නට පුලුවන්. තව කෙනෙකුට ධ්‍යාන වඩමින් බ්‍රහ්ම ලෝකයක උප්පත්තිය ලබන්නටත් පුලුවන්.

ඒත් නුවන තියෙන කෙනා සද්ධර්ම ශ්‍රවණය කරමින් දැනගන්නවා ඔය කොතැනට ගියත් සසර දුකින් මිදෙන්නෙ නැහැ නිකම් සිත රවටා ගැනීමක් විතරයි කරල තියෙන්නෙ කියල. ඒ නිසා ඒ කෙනා අප්‍රමාදය වඩමින් සසරට හේතු සකස් කරන චේතනා මූලික සංඛාර හෙවත් කර්ම සකස් නොකර සිටින්නට සිහිය පිහිටුවා ගන්නවා. කොහොමද ඒක කරන්නෙ?????

මඤ්ඤමානො ඛො, භික්ඛු, බද්ධො මාරස්ස; අමඤ්ඤමානො මුත්තො පාපිමතො’’ති.

තෘෂ්ණා දෘශ්ඨි මාන වලින් මමය මගේය මගේ ආත්මයය යන මම කොට මගේ කොට මගේ ආත්මය ගන්නා කෙනා මාරයාට බද්ධ වෙනවා. එසේ නොකරන කෙනා මාරයා හා බද්ධ වීමෙන් මිදෙනවා.

-සංයුත්ත නිකාය-ඛන්ධවග්ගය-මඤ්ඤමාණ සූත්‍රය-

එසේනම් මඤ්ඤමාණය හෙවත් මමත්වයෙන් ගැනීම සිදු වෙන්නේ කෙසේද? ත්‍රිවිධ විතර්කය නිසා.

මොනවාද ත්‍රිවිධ විතර්ක

1.කාම විතර්ක

2.ව්‍යාපාද විතර්ක

3.විහිංසා විතර්ක

විතර්ක කියන්නේ මොනවාද

ඒ ඒ මොහොතට ඒ ඒ අරමුණු කෙරෙහි සිතේ ඇතිවන සිතුවිලි වලටයි විතර්ක කියන්නෙ. එතකොට අරමුණු කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, කායික ස්පර්ශ ආදියයි. එතකොට මේ කිසියම් හෝ අරමුණක් නිසා අපේ හිතේ හැමවෙලාවෙම මොකක් හෝ විතර්කයක් ඇති වෙනවා මයි. ප්‍රියමනාප නම් ඒ අරමුණ කැමතියි කියන අර්ථයෙන් කාම විතර්ක හෝ අප්‍රිය අපමනාප නම් අකමැතියි කියන ව්‍යාපාද විතර්කය හෝ එනවාමයි. අපි ජීවත් වෙන්නේ ඔය විතර්ක තුලමයි. ඒවා පින් පව් භාවනා ධ්‍යාන වෙන්න පුලුවන්.

කාම විතර්කය

කාම විතර්කය තුල යමෙක් හැසිරෙයි නම් ඔහු කෙරෙහි එය බලපාන ආකාරය බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට තිබෙනවා

"රත්තො ඛො, බ්‍රාහ්මණ, රාගෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි චෙතෙති, උභයබ්‍යාබාධායපි චෙතෙති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. "

"බ්‍රාහ්මණය, රාගයෙන් මඩනා ලද්දාවූ, රාගයෙන් විනාශ කරණ ලද සිත් ඇත්තාවූ, ඇලුණාවූ පුද්ගල තෙම,

“තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද විඳියි."

-අංගුත්තර නිකාය-තික නිපාතය-ආදිත්තාගාර සූත්‍රය-

බුදුරජාණන් වහන්සේ මොකක්ද මේ පැහැදිලි කොට වදාරන්නේ. රූප,ශබ්ද,ගන්ධ,රස,කයට දැනෙන පහස හෝ සිතට එන සිතිවිලි කෙරෙහි කැමැත්තෙන් ඇලෙයිද, එයම නැවත නැවත මෙනෙහි කරයිද, ඒ තුලම බැහැගෙනසිටියිද, එයම සොයයිද, එහිම ගැලෙයිද, ඒ තුල ලෝභය හටගන්නවා. එතකොට ඒ දේවල් මනසින් දැඩිව අල්ලාගෙන ඒ තුල මමත්වය සාදාගන්නවා. යමක් ලබා ගන්නට, යමක් තමා සන්තක කරගන්නට ඇතිවන ලෝභය සුළුපටු දෙයක් නෙවෙයි. එය ලැබෙන තාක් මනසට වදයක්. මනසට දුකක්. ඒ නිසා එය තමන්ට දුකක්. තමා එලෙස යමක් සන්තක කරගන්නට දරන වෑයම අනිත් අයට කරදරයක්, වෙහෙසක්, නම්, එය ඒ අයට දුකක්. එතකොට දෙපාර්ශවයටම එය දුකක්. යමෙක් මත්ද්‍රව්‍ය ගැනීමට කැමතියි. එය ලැබෙන තුරු ඔහුට දුකයි. ඔහු එය ලබාගැනීම නිසා අන් අයට ගැහැටක් සිදුවන්නේ නම් එය අනුන්ටද දුකක්. මේ විදියට ඇස පිවන, කණ පිණවන, නාසය දිව කය පිණවන දේවල් කෙරෙහි නිරන්තරයෙන්ම කාලය ගතකරමින් සිටින කෙනා නිසා අනිත් අයටද සිදුවන්නේ මහා දුකක්. තමන්ගේ යුතුකම් අමතක කරමින්, තමන්ගේ කාලය නාස්ති කරමින් එසේ රාගයෙන් යටවී සිටින,රාගයෙන් විනාශවී සිටින කෙනා නිසා අනිත් අයටද දුක පැමිනෙන්නේ ඉබේමයි. එය මහා මානසික වදයක්.

ව්‍යාපාද විතර්කය

‘‘දුට්ඨො ඛො, බ්‍රාහ්මණ, දොසෙන අභිභූතො පරියාදින්නචිත්තො අත්තබ්‍යාබාධායපි චෙතෙති, පරබ්‍යාබාධායපි චෙතෙති, උභයබ්‍යාබාධායපි චෙතෙති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති"

“බමුණ, ද්වේෂයෙන් මඩනා ලද්දාවූ, ද්වේෂයෙන් විනාශ කරණ ලද්දාවූ සිත් ඇත්තාවූ පුද්ගල තෙම,

“තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද විඳියි.

-අංගුත්තර නිකාය-තික නිපාතය-ආදිත්තාගාර සූත්‍රය-

ද්වේශය අයිති ව්‍යාපාද විතර්ක වලට. ව්‍යාපාදය තුල කෝපය, ද්වේශය, ක්‍රෝධය, වෛරය, ඊර්ෂියාව, බය, දුක, මේ ආදී සියල්ලම ඇතුලත් වෙනවා. නිරන්තරයෙන් මේ කරුනු කාරනා මත සිතමින් එ්වාතුලම බැස ගනිමින් ඒවාම ඇසුරු කරමින් සිටින විට ඒ තුල මමත්වය හෙවත් මඤ්ඤමාණය ඇති වෙනවා. එතකොට සිත ඒ ද්වේශයෙන් ව්‍යාපාදයෙන් යටත් කරගෙන, ඒ නිසා සිත විනාශ කරගෙන තමන්ද අනුන්ද ඇවිල යන්නාවූ දුකකට ඇද දමනවා.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරණවා

"පඤ්චිමෙ, රාධ, උපාදානක්ඛන්ධා. කතමෙ පඤ්ච? රූපුපාදානක්ඛන්ධො...පෙ.... විඤ්ඤාණුපාදානක්ඛන්ධො. යතො ඛො, රාධ, අරියසාවකො ඉමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති - අයං වුච්චති, රාධ, අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො"

රාධය, උපාදානස්කන්ධයෝ පස් දෙනෙක් වෙති. ඒ කවරේද? එනම්, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි.

“රාධය, යම් හෙයකින් ආර්ය ශ්‍රාවකතෙමේ මේ පංච උපාදානස්කන්ධයන්ගේ හටගැනීමද, විනාශවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිදි දනීද, රාධය, මේ ආර්ය ශ්‍රාවකතෙමේ සෝවාන්වූයේ දුගතියට නොපැමිණීම ස්වාභාව කොට ඇති අර්හත් ඵලයට නියතවූ අර්හත් ඵලය පිහිට කොට ඇති පුද්ගලයායි කියනු ලැබේ

-සංයුත්ත නිකාය-ඛන්ධසංයුත්තය-රාධ සූත්‍රය-

මෙන්න තියෙනවා බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය. පඤ්චඋපාදානස්කන්ධයේ හට ගැනීම නැතිවීම ආශ්වාදවය ආදීනවය නිස්සරණය දකියිද කියා මොකක්ද බුදුරජාණන් වහන්සේ මෙයින් අදහස් කරන්නේ? මෙන්න මෙතැනයි තැන. අපේ ජීවිත කාලය පුරාවට මනසේ තැන්පතු වෙලා තියෙනවා තියෙනවා විවිධ විතර්ක. ඒ කිව්වෙ? අපි ආසා කරන, ප්‍රියකරන, අපි කැමති විවිධ අරමුණු අපේ මනසේ තැන්පත් වෙලා තියෙනවා අද වෙනතුරු. ඒවා අපේ හිතෙන් හිතෙන් ගිලිහෙන්නට නොදී මනසින් දැඩිව අල්ලාගෙන නිරන්තරයෙන් කල්පනාවට එන දේවල්. උදාහරණයක් හැටියට පෙම්වතා පෙම්වතිය කියන කල්පනාව මනසින් ගිලිහෙන්නෙ නැහැ ලේසියකට. අන්න කාම විතර්කය. අන්න පඤ්චඋපාදානස්කන්ධය. එහෙම නැත්නම් සමහරෙකුට තමන්ගේ ගෙවල් දොරවල් යානවාහන මිලමුදල් රන්රිදී මැණික් ආදී දේවල්. එහෙම නැත්නම් වස්තුව වතුපිටි හරකාබාන ආදිය. තවත් කෙනෙකුට තමන්ගෙ රැකියාව, තත්වය,නම්බුව, ප්‍රසිද්ධිය, ප්‍රශංසා ආදිය. ඒවා ගැන සිතන එක කාම විතර්කය. පඤ්චඋපාදානස්කන්ධය. එතකොට බුදුරජාණන් වහන්සේ ආශ්වාදය කියල දේශනා කලේ මේවා ගැන හිතන කොට, ඒවා ඇසුරු කරනකොට සිතට දැනෙන සතුට. ඒක තමයි ආශ්වාදය. ඉතිං මේ ආශ්වාදයේ ප්‍රධාන ආදීනවය තමයි ඒ සතුට ලබන්න නම් ඒවා නැවත නැවත පරිහරණය කරන්නට උවමනා වීම. එක පාරක් පරිහරණය කලාට, එක වරක් තමා සන්තක උනාට ඒ සතුට එහෙමම තියෙන්නෙ නැහැ. සතුට හීන වෙනවා. අන්න දෙවැනි ආදීනවය. මේ හීනවන සතුට නැවත නැවත පණගන්වන්නට නම් ඒවා නැවත නැවත ලබන්නට ඕනෙ. අද පෙම්වතා පෙම්වතිය මුණ ගැසුනා නම් හෙටත් ඒ හමුව දැඩිව අපේක්ෂා කරනවා. හොඳියි හෙට හමුවන්න නොලැබුනොත් අන්න දුක එනවා. කැමති දේ නොලැබීම දුකයි. ඒක ධර්මතාවයක්. කැමති දේ තියෙන්නෙ කාමවිතර්කය තුල. එතකොට කැමති දේ නොලැබීම දුක වගේම අකමැති දේ ලැබීමත් දුකක්. මොකක්ද අකමැති දේ කිව්වෙ? කැමැත්තෙන් රැස් කරගත් ගේදොර ඉඩකඩම් යාන වාහන, මිලමුදල්, රන්රිදී ආදිය විනාශ වෙනකොට, අහිමි වෙනකොට,වියදම් වෙනකොට, අලාභය කියන අකමැති දේයි ලැබෙන්නෙ. අලාභයට කවුද කැමති? ඒ නිසා අකමැති දේ ලැබීම දුකක්. එහෙනම් මොකක්ද මෙතන තියෙන ඇත්ත. හටගත් සියල්ල නැතිවෙනවා. සදාකල් පවතින කිසිවක් නැහැ. ප්‍රේමය ආදරය වේවා, යානවාහන ගෙවල් දොරවල් ඉඩකඩම් වේවා,මිලමුදල් තත්වය නම්බුව ප්‍රසිද්ධිය වේවා මේවා නැති වෙනවා. මේවා ක්ෂය වෙලා,වැයවෙලා, විපරිනාමයෙන් වෙනස්වෙලා අන්තිමේ නැත්තටම නැති වෙලා යනවා. කවදාහරි දවසක. එතකොට ඒක තමයි ආදීනව. අන්න එතකොට මේ යථාර්ථය නොදත් පෘතග්ජනයා ද්වේශයට ව්‍යාපාදයට පත්වෙනවා නේද අයියෝ මේවා නැති උනා කියල. දුකෙන් මිරිකිලා, වාවාගන්න බැරිව දිවිනසා ගන්නවා නේද. අහිමි වූ දුකට ද්වේශයට වෛරයට ක්‍රෝධයට ඊර්ශියාවට පලිගැනීමට බයට දුකට වැටෙනවා නේද..

එහෙනම් නිස්සරනය ගැන නොදන්න කෙනා කාම විතර්කයේදීත්, ව්‍යාපාද විතර්කයේදීත් ඇවිලෙනවා නේද. ඇවිලි ඇවිලි පිච්චි පිච්චි නේද ඉන්නෙ. ව්‍යාපාද විතර්කයේදීත් ඇවිලෙනවා නේද. ඇවිලි ඇවිලි පිච්චි පිච්චි නේද ඉන්නෙ..ඇයි ඒ? ඒවා දැඩිව ගැනීම නිසා නේද. එතකොට ඒ දැඩිව ගත් තැනට කිව්වෙ පඤ්චඋපාදානස්කන්ධය කියල. නිස්සරණය කිව්වෙ දැඩිව ගැනීමෙන් වැලකිලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය තේරුම් අරගෙන අටලෝ දහමට අනුව හිත නිදහස් කර ගැනීම නේද.

දැන් එතකොට බලන්න කාම විතර්කය තුල ආශාවෙන් බරවෙලා, ඒ කාමයන්ම සොය සොයා ඒ තුලම ජීවිතය ගත කලාම නැවත උපදින්නෙත් ඒ කර්මයෙන්මයි. බලවත් ආශාව හේතු වෙනවා ප්‍රේතයකු වශයෙන් ඉපදිලා ඒ ආශා කල දේවල් බලබලා, එහෙම නැත්නම් ඒ ආශා කරන ශබ්දයන් අසමින් කල්ප ගනනක් දුක්විඳින්න. ව්‍යාපාද විතර්කය තුල තදබල ගැටීම නිසා ඇතිවන ක්‍රෝධය ඊර්ශියාව වෛරය පලිගැනීම කේන්තිය නිසා ඒ ටික කරගන්න තිරිසන් සතෙක්, භයානක අමනුස්සයෙක් යකෙක් ප්‍රේතයෙක් වෙලා ඉපදේවි ඒ කර්මය නිසා.

මේ කර්ම විපාකයන්ද ආදීනව හැටියට බලනකොට කාමයන් වලට දක්වන දැඩි ගිජුබවෙන් යමෙකුට මිදෙන්නට හැකි වෙනවා.

උපමා කථාවක්

එක පවුලක අම්මයි තාත්තයි, අයියයි මල්ලියි නංගියි හිටියා. මෙයාලා හරිම ගුණ යහපත් තමන්ගෙ පාඩුවේ ජීවත් වෙච්ච උදවිය. මල්ලි විතරක් තරමක සෙල්ලක්කාර ජීවිතයක් ගතකලා. තාත්තා දනවටක් මඩේ බැහැගෙන කුඹුරේමයි කාලය ගත කලේ. අම්මා කුස්සියේමයි. දවස පුරාම ගෙදරදොර වැඩ වලමයි හිටියෙ. මේ නංගි දවස පුරාම කාලය ගත කලේ ගෙමිදුලෙ තිබුනු ලස්සන පොකුණ ලඟ ඉද මාළුන්ට කන්න දදා බලාගෙන සතුටු වෙවී. එයාලා කාටවත් කරදරයක් හිරිහැරයක් වෙච්ච පවුලක් නෙවෙයි. මෙයාලා කොච්චර තමන්ගෙ තමන්ගෙ පාඩුවේ වැඩකටයුතු කරගෙන හිටියාද කිව්වොත් අඩුම තරමෙ පන්සලකටවත් යන්න ගෙදරින් එලියට ගියේ නැහැ. මල්ලි නම් යාලුවො එක්ක නොයෙක් නොයෙක් දේවල් කරමින් සතුටු වෙමින් කල්ගත කලා. අයියා ටිකක් වෙනස්. එයා ගමේ කෙලවර පන්සලක වැඩ හිටිය රහතන් වහන්සේ නමක් ඇසුරු කලා. බණ ඇහුවා. නිස්සාරත්වය තේරුම් ගත්තා. පසුව මව්පියන්ගේ අවසරයෙන් මහණ උනා. රහතන් වහන්සේ ගේ මග පෙන්වීම යටතේ යටතේ වනගත වෙලා ගල් ලෙනක ජීවත්වෙන මේ භික්ෂුව කලකට පසුව රහතන් වහන්සේ නමක් බවට පත්වෙනවා. මේ අතර කාලයේ අම්මයි තාත්තයි වයසට ගිහින් මිය යනවා. නංගි හදිසි අසනීපයකින් මිය යනවා. මල්ලි පමණක් ගෙදර ජීවත් වෙමින් යාලුවන් එක්ක කමින් බොමින් දුරාචාරයේ යෙදෙමින් කාලය ගත කරනවා. දවසක් මේ අයියා හෙවත් පැවිදි වෙලා රහත් භාවයට පත්, රහතන් වහන්සේ කල්පනා කරනවා තමන්ගෙ ගමට පිණ්ඩපාතයේ වඩින්නට. එහෙම හිතල දවසක් හිමිදිරියේම මේ ගමට පිණ්ඩපාතයට වඩින විට දකිනවා බොහෝ කලකට පසුව දකින තමන්ගේ මල්ලි මැරිච්ච ඌරෙක් කරතියාගෙන ඉදිරියට එනවා. මල්ලිත් මේ තමන්ගෙ අයියා බව අඳුනාගත්තා. දෙදෙනා මොහොතක් කථා කරමින් ඉදලා මල්ලි රහතන් වහන්සේ වෙච්ච තමන්ගෙ අයියාට ආරාධනා කරනවා එදින දවල් දානයට ගෙදරට වඩින්න කියල. රහතන් වහන්සේ ඒ ආරාධනය පිලිගෙන කිව්වා දානයට වඩින්නම් හැබැයි මම ගෙදරට එනතුරු ඔය ඌරා මස් කරන්න එපා කියලා. ඉතිං එහෙම ගිවිසගෙන දෙදෙනා වෙන් වෙලා ගිහින් දවල් දානයට රහතන් වහන්සේ මල්ලි පමණක් ජීවත් වෙන මහගෙදරට වැඩම කලා. පුදසත්කාර කොට රහතන් වහන්සේව මේ මල්ලි පිලිගත්තා. රහතන් වහන්සේ මල්ලිගෙන ඉල්ලා සිටියා අර මැරිච්ච ඌරාව මෙතැනට අරගෙන එන්න කියා. ඉතිං මල්ලි ඌරාගේ මළකඳ එතැනට ගෙනාවා. රහතන් වහන්සේ කිව්වා මල්ලි ඔය ඌරාගෙ බඩ පලන්න ඇතුලෙ තියෙනවා ලොකු ගැරඬි කුණක් ඒක එලියට ගන්න කියලා. මල්ලිත් ඌරාගෙ බඩ පලලා ඒක ඇතුලෙ තිබුනු ගැරඬිකුණ එලියට ගත්තා. ඊටපස්සෙ රහතන් වහන්සේ කියනවා මල්ලි ඔය ගැරඬියාගේ බඩ පලන්න ඒක ඇතුලෙ ඇති මැරිච්ච ගෙම්බෙක් ඒ කුණ එලියට ගන්න කියලා. මල්ලිත් එහෙම කරලා මැරිච්ච ගෙම්බාවත් එළියට ගත්තා.

ඊටපස්සෙ රහතන් වහන්සේ අහනව මල්ලි දන්නවද ඔය මැරිල ඉන්න ගෙම්බා කවුද කියලා. මල්ලි කියනවා නැහැ කියලා. රහතන් වහන්සේ කියනවා මල්ලි ඔය ගෙම්බා කියන්නෙ අපි දෙන්නගෙම එකම නංගි. එයා සංසාරෙ භයානක ගැනවත් පිණක් දහමක් ගැනවත් හිතුවෙ නැහැ. දවස පුරාම මාළුන්ට කන්න දිදී පොකුණ ලඟට වෙලා ආසාවෙන් බලා හිටියා. මරණාසන්නවත් එයාට සිහි උනේ පොකුණයි මාළුටිකයි ඒ නිසා උපන් සතුටයි. ඉතින් ඒ සතුට විඳින්න දැඩිව ආශා කල නිසා එයා දියෙයි ගොඩයි දෙකේම ඉන්න ගෙම්බෙක් වෙලා ඉපදුනා කියලා. එතකොට මල්ලි ඔය ගැරඬියා කියන්නෙ කවුද?? අපි දෙන්නාවම මෙලොවට බිහිකල අපි දෙන්නගෙම අම්මා. එයා පව් කලේ නැහැ. පිණක් කරගත්තෙත් නැහැ. සංසාරෙ ගැන බණක් ඇහුවෙත් නැහැ. කුස්සියයි ගෙදරයි තමයි එයාගෙ සතුට උනේ.. මරණාසන්න මොහොතෙත් එයාට කුස්සියමුල්ලම සිහි වෙන්න ඇති. ඒ නිසා එයා විශාල ගැරඬියෙක් වෙලා ඉපදුනා. ගැරඬියා ආහාර හොයාගෙන යද්දි අපේ නංගි වෙච්ච මේ ගෙම්බා පොකුණ ලඟ ඉඳල ගැරඬියා වෙච්ච අපෙ අම්මට ගොදුරු උනා. එතකොට මල්ලි ඔය ඌරා කියන්නෙ එහෙනම් අපි දෙන්නගෙම අප්පච්චි. එයා මඩනාගෙන කුඹුරෙමයි ජීවත් උනේ. එයාගෙ සතුට තිබුනෙ මඩේ ලැගගෙන කුඹුර කොටන එකමයි. පිණක් දහමක් ගැනවත් බණ ඇහීමක්වත් එයා කලේ නැහැ. මරණයෙන් පස්සෙ එයා කුඹුරෙම ලගින ඌරෙක් වෙලා ඉපදුනා. එහෙම ඉපදිලා අපේ අප්පච්චි ගැරඬියා වෙච්ච අපේ අම්මව ආහාරයට ගිල දැම්ම. පස්සෙ අපේ අප්පච්චි මල්ලි දඩයම් කරන්න හිතාගෙන අටවපු උගුලට අහුවෙලා මැරිලා ගියා. මේක තමයි මල්ලි සංසාරය. කලකදි එකම පවුලේ උදවිය තමතමන් කරපු කර්ම වල විපාක අනුව මැරිල ගිහින් තමතමන්ගේ අයගේම ගොදුරු බවට පත් උනා....කියල රහතන් වහන්සේ මේ කථාව පහදලා දුන්නා.

කාම විතර්ක වල ආශ්වාදයද, ආදීනවයද මේ උපමා කථාවෙන් ඉතාම ලස්සනට පැහැදිලි කරනවා. ලෝභය හෝ ඇලීම කෙතරම් බලවත් දුක් ගෙන දෙනවාද කියා සිතන්නට වෙනත් බණපද උවමනා වෙන්නෙ නැහැ මේ කථාව අනුව. එතකොට මේ කතාවේ තියෙන්නෙ අහිංසක කාම විතර්ක නිසා ඇති වෙච්ච ආදීනව විතරයි. ඒවා කොච්චර අහිංසක උනත් විපාක හෙවත් ආදීනව ඉතාම භයානකයි. එහෙම නම් ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක කෙතරම් බලවත් වේවිද කියා හිතාගන්නවත් බැහැ නේද. සසර ඒ තරමට බියකරුයි. එතකොට මේ ලිපිය ආරම්භයේදී අපි සඳහන් කලා ප්‍රමාදය සිදුවන්නේද සසරට වැටෙන්නේද මේ ත්‍රිවිධ විතර්කය නිසා කියලා. කර්ම හටගන්නෙත්, අනාගත භවය හැදෙන්නේත් මේ ත්‍රිවිධ විතර්ක උපකාරයෙන්මයි.

සිහිය වඩන කෙනා හෙවත් අප්‍රමාදයට පත් කෙනා කියන්නෙ මේ ත්‍රිවිධ විතර්ක මග හරිමින් , කර්ම සකස් වෙන්නට ඉඩ නොදී සිටින්නාටයි. එයාට මතු විපාක සහිත භවයක් ඒ නිසා සකස් වන්නේ නැහැ.

කොහොමද ඒක කරන්නේ?

"ඉධානන්ද භික්ඛු උප්පන්නං කාම විතක්කං නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති"

-ගිරිමානන්ද සූත්‍රය-

හරිම ලස්සන සුන්දර විසඳුමක්. අපි එය සරල කරගෙන බලමු.

උප්පන්නං කාමවිතක්කං- උපන් කාම විතර්කයන් ( මෙයට ව්‍යාපාද විතර්කය සහ විහිංසා විතර්කයද ඇතුලත් වේ)

නාධිවාසේති - නොඉවසයිද, ඉවසා බලා නොසිටියිද

පජහති - අත්හරීද

විනොදෙති - දුරින් දුරු කෙරෙයිද

බ්‍යන්තිකරොති - නැති කරයිද

අනභාවං ගමෙති- අභාවයට පත් කරයිද

දැන් වැටහෙනවා ඇති මෙහි තේරුම. කිසියම් කාමවිතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක් සිතට ආවාම, එය පැමිනි බව සිහියෙන් දැනගෙන ඒ පැමිණීම ඉවසාගෙන බලාගෙන ඉන්නේ නැතිව, ඒ සිතිවිල්ලට නැවත බද්ධ නොවී අතහරියිද, ඒ සිතිවිල්ල පිලිකුලෙන් යුතුව දුරු කරයිද, නැති කර දමයිද, අභාවයටම යවයිද අන්න කර්ම ක්ෂය වෙනවා ඒ අරමුණ සම්බන්ධව. මේ තමයි සිහිය සහ භාවනාව. එතකොට මේ භාවනාව නින්දේදි හැර ඉතිරි මුළු ජීවිත කාලය පුරාම වඩන එකක්. මෙතැනින් තමයි සසරට එකතුවීම නතර කරන්න හැකි වෙන්නෙ.

මේ ලිපිය ඉතාම සිහියෙන් කියවන යම් අයෙක් අප්‍රමාදය වඩන්නට සිහිය බලවත් කරගන්නට උත්සාහ කරයි නම් ඒ මොහොතේ සිට සසර දුකට වැටෙන ප්‍රවණතාවය නතර කොට සසර දුකින් නිදහස් වන මාර්ගයට පැමිණිය හැකි වෙනවා.

-තවත් කොටසක් ඊලඟ ලිපියෙන්-

සැ.යු. මෙම ලිපි පෙල කියවා ඇතිවන ගැටලු මෙන්ම ඔබේ නොමසුරු අදහස්ද පහළ කමෙන්ට් කොටසෙහි සඳහන් කිරීමෙන් තවදුරටත් ලිපි සම්පාදනයට අපට විශාල ධෛර්යයක් සපයන බව සිහි කිරීමට කැමැත්තෙමි. අදහස් උදහස් විවේචන ප්‍රශ්න ගැටළු මෙතනට නොහැකි නම් පහත සඳහන් විද්‍යුත් ලිපින වෙතද ලියන්නට හැකිය.

colombageshj@gmail.com

jcolombage@outlook.com
jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.com3tag:blogger.com,1999:blog-960881688546260776.post-62397687734624725972022-03-02T06:21:00.002-08:002022-03-02T06:22:53.883-08:00ප්‍රමාදය-අප්‍රමාදය සහ බන්ධනය -ධර්මය සහ ජීවිතය - 10 කොටස

තරමක ගැඹුරු මාතෘකාවක් මෙන්ම ඉතාම ගැඹුරු ධර්ම කාරනා කීපයක් මේ හරහා කථාකරන්නට සිදුවෙනවා. ඉතාම සැලකිල්ලෙන් ඉතාම අවධානයෙන් මේ ලිපිය කියවා බලන්නට ආරාධනා කරන අතර සත්ත්වයා ප්‍රමාදයට පත්වන ආකාරයද, ප්‍රමාදයෙන් සසරට බැඳෙන ආකාරයද, අප්‍රමාදය නිවනට ඒකායන මාර්ගය වන බවද මෙයින් වටහා ගෙන ඉතාම අසීරුවෙන් ලබාගත් මේ මිනිස් ජීවිතයේ උපරිම ඵල නෙලාගන්නට යැයි ඉල්ලා සිටිනවා.

මෙහි සඳහන් කරන කිසිදු ධර්ම කාරණයක් හොඳ හෝ නරක වශයෙන් බෙදා දක්වන්නට උවමනා නැත. උදාහරණයක් ලෙස ගතහොත් ප්‍රාණඝාතය නිසා සතර අපායට වැටෙන බව සඳහන් කලහොත් එය හොඳද නරකද වශයෙන් නොබෙදා ධර්මතාවය නම් මෙයයි ධර්ම න්‍යායය නම් මෙයයි යනුවෙන් අවබෝධයෙන් ඒ දෙස බැලීම වටිනවා. දන් දුන්නොත් පින් කලොත් සුගතියේ ඉපදෙනවා. එය හොඳද නරකද යනුවෙන් බෙදා බලනවාට වඩා එයද ධර්මතාවයක්,එයද ධර්ම න්‍යායයක් ලෙස ගැනීම සුදුසු වෙනවා. හොඳ නරක වශයෙන් යමක් බෙදා දැක්වීමෙන් එයද අන්ත වලට වැටීමක් වෙනවා.අන්ත හැමවිටම දුක්විපාක ගෙනදෙන දෘශ්ඨියක් නිසා දෘශ්ඨි වලට නොවැටී සම්මා දිට්ඨිය ඇති කරගැනීමට මේ ලිපිපෙල උපකාර වේවා කියා උපකල්පනය කරමින් අදට තෝරා ගත් මාතෘකාව මෙතැනින් ඇරඹෙනවා.

නිර්වින්දනය වී සිටීම

කිසියම් කාලසීමාවකට සිහි නැති කිරීමෙන් හෝ හිරිවැට්ටවීමෙන් හෝ ශෛල්‍ය වෛද්‍යවරයා රෝගියෙකුගේ ශරීර අවයව කපා කොටා ශල්‍යකර්මය කරගෙන යනවා. රෝගියාට ඒ කිසිවක් දැනෙන්නේ හෝ රිදෙන්නේ හෝ නැහැ. එහෙත් නිර්වින්දන කාලසීමාව ගෙවී ගියාට පසුව රෝගියාට ඒ කැපුම් කෙටුම් වල බරපතල වේදනාව දැනෙන්නට ගන්නවා. නමුත් ඒ වනවිටත් කැපුම් කෙටුම් සිදුකෙරීම අවසන් වී බොහෝ වේලාවක් ගතවී ඉවරයි.

ලෝක සත්ත්වයාද නිර්වින්දනයෙන් පෘතග්ජන ජීවිතය ගතකරමින් සිටිනවා. සිදුවෙමින් පවතින සංකීර්ණ දේවල් ඔහුට දැනෙන්නෙ නැහැ. ශල්‍යවෛද්‍යවරයා නිර්වින්දනය ඇති කරන්නේ බෙහෙත් ඖෂධ මගින්. පෘතග්ජන ලෝක සත්ත්වයා නිර්වින්දනය වෙන්නේ තන්හා,දිට්ඨි, මාන, අවිජ්ජා මගින්. අර ශල්‍යකර්මයේදී දුකවේදනාව නොදැනෙන්නට නිර්වින්දනය කලා වගේ, ලෝකයේ දුක දුකක් නෙවෙයි සැපක් හැටියට දැනෙන්නට සත්ත්වයා නිර්වින්දනය කරන්නේ මේ තන්හා,දිට්ඨි, මාන, අවිජ්ජා කියන නිර්වින්දන ඖෂධය මගින්. එතකොට ඒ නිර්වින්දනය තුල සත්ත්වයා නිගමන කීපයකට එනවා.

අසාරෙ සාර මතිනො
සාරෙ චා සාර දස්සිනො
තෙ සාරං නාධී ගච්ඡන්ති
මිච්ඡා සංකප්ප ගොචරා

නිසරු දේ සරු දේවල් ලෙසත්, සරු දේ නිසරු දේවල් ලෙසත් වැරදි කල්පනාවලින් යුක්තව දකින කෙනා කවදාවත් සරු දහමක් නොලබයි.

-ධම්මපදය- යමක වග්ගය-11 වැනි ගාථාව-

එතකොට මේ තන්හා,දිට්ඨි, මාන, අවිජ්ජා කියන නිර්වින්දන ඖෂධය මගින් නිර්වින්දනය වී සිටින ලෝක සත්ත්වයා දකින්නෙ ඔය විදියට. නිසරු දේ සරු දේවල් හැටියටයි ගන්නෙ. තන්හාව නිසා,වැරදි දෘශ්ඨිය නිසා, මානය නිසා, අවිජ්ජාව නිසා සිතන කරන කියන සියලුම දේවල් සාරවත් දේවල් හැටියට ගනිමින් එයට බද්ධ වෙමින් බන්ධනය වෙමින් සිටින්නෙ. බන්ධනය කියන්නෙ ඒවාට බැඳෙනවා. ඒවාට සතර උපාදානය කියා හඳුන්වනවා. මොනවාද ඒ බැඳෙන දේවල්.

1.කාමයන්ට බැඳෙනවා

2.දෘශ්ඨියට බැඳෙනවා.

3.විවිධ වෘතසමාදාන වලට, පුදපූජාවලට, විවිධ සිරිත්විරිත් වලට, විවිධ සීල වලට බැඳෙනවා.

4.සියල්ල මමත්වයෙන් ගැනීම හෙවත් මඤ්ඤමානයෙන් බැඳීම.

සතර උපාදානය කිව්වට කොටස් හතරකට බෙදිලා අපි උපාදාන වෙනවා නෙවෙයි. උපාදානය තුල මේවා තැන්පත් කරගන්නවා. උදාහරණයට මෙහෙම හිතමු. අල්මාරියක් තියෙනවා.මේකට ඇඳුම් පැලඳුම් ආදිය දාලා පුරවා ගත්තම අපි ඒකට කියනවා ඇඳුම් අල්මාරිය කියලා. ඔය අල්මාරියටම පොත්පත් සඟරා ලිපිද්‍රව්‍ය දාලා පුරවා ගත්තම කියනවා පොත් අල්මාරිය කියල. කුස්සියේ මිරිස් තුනපහ ආදිය මේකට පුරවල තිබ්බාම කියනවා කුස්සි අල්මාරිය කියල. අන්න ඒ වගේ දෙයක් මේක.

කාමයන් කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස කියන දේවල් කෙරෙහි චිත්ත අභ්‍යන්තරයෙන් කැමැත්ත (හෝ අකමැත්ත) සාදා ගෙන එයට සිතෙන් ඇලීමට (හෝ ගැටීමට) පත්වීම. එතකොට මේකෙ ස්වභාවය තමයි ඒ ඇලෙන්නට කැමති රූප ශබ්ද ආදී අරමුනු පසුපස හඹා ගිහින් ඒවා සොයා ගැනීම හෙවත් කාම එසනාවෙහි යෙදීම. ඒක කරනවා ඉහත සඳහන් කාරනා හතරම යෙදීමෙන්. ඒ කියන්නෙ කාමයට බැඳෙනකොටම දෘශ්ඨියටද බැඳෙනවා. මොනයම් හෝ වෘතසමාදානයකටත් වැටෙනවා. ඒ සියල්ල මමත්වයෙන් ගෙන මඤ්ඤමානය සිදු කරගන්නවා.

නියත මිථ්‍යා දෘශ්ඨිය-

දුන් දේ වල විපාක නැත මහාදානයෙහි විපාක නැත. පූජා පැවැත්වීමෙහි විපාක නැත. කුශලා කුශලයන්ගේ විපාක නැත. මෙලෝ නැත. පරලෝ නැත. මවුට කරන යහපත්වූ හෝ අයහපත්වූ හෝ ක්‍රියා වල විපාක නැත. පියාට කරන යහපත්වූ හෝ අයහපත්වූ හෝ ක්‍රියා වල විපාක නැත. ඕපාපාතිකව උපදින සත්වයෝ නැත. මෙලොවද පරලොව දෙක විශේෂ ඥානයෙන් දැන ප්‍රකාශ කරන, යහපත් මාර්ගයෙන් යහපත් තැනට පැමිණියාවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ (සර්වඥ බුදුවරු) නැත.

එතකොට කාමඑසනා හෙවත් කාමයන් සොයා යාමේදී මෙම දෘශ්ඨියේ සිටින කෙනාට ප්‍රාණඝාතය සොරකම වැරදි කාමසේවනය,බොරුකීම, මත්පැන් මත්ද්‍රව්‍ය පානය කිරීම, කේළාම්කීම, හිස්වචන කීම,ඵරුෂ නොසරුප් අවිනීත වචන කීම වරදක් නොවේ. ඒ නිසා ඒ පුද්ගලයා මේ කුමන හෝ ආකාරයෙන් තමාගේ සිතැඟි ඉටුකරගෙන කාමයන් සොයා යනවා. එසේ සොයා යන කාමයන්ට තදින් බැඳුනාම ඒ දෘශ්ඨියටද තදින් බැඳෙනවා. ඒ කාමයන්ටත් දෘශ්ඨියටත් තදින් බැඳුනාම සියල්ල මමත්වයෙන් ගැනීම හෙවත් මම කොට මගේ කොට ආත්මය කොට මඤ්ඤමානයෙන් බැඳීම සිදුවෙනවා. එහි ප්‍රතිඵලය හැටියට මරණින් මත්තේ නිරය,ප්‍රේත භාවය, තිරිසන් භාවය වැනි තැන්වල උපත ලබා සසරේ අනන්ත දුක් විඳ විඳ බොහෝකලක් සතර අපායේම සසර දිගුකර ගන්නවා.

එහෙම නැත්නම්

ලෞකික සම්මා දිට්ඨිය හෙවත් දස වස්තුක සම්මා දිට්ඨිය

දුන් දේවල් වල මතු විපාක ඇත. මහාදානයෙහි විපාක ඇත. පුදපඬුරු යැවීමෙහි විපාක ඇත. කුශලා කුශලයන්ගේ විපාක ඇත. මෙලෝ ඇත. පරලෝ ඇත. මවුට කරන යහපත්වූ හෝ අයහපත්වූ ක්‍රියා වල විපාක ඇත. පියාට කරන යහපත්වූ හෝ අයහපත්වූ ක්‍රියාවල විපාක ඇත. ඕපපාතිකව උපදින සත්වයෝ ඇත. යම් කෙනෙක් මෙලොවද පරලොවද විශේෂ ඥානයෙන් දැන ප්‍රකාශ කල, එබඳු මනාව පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ (සර්වඥ බුදුවරු) ඇත.’ මහණෙනි, මේ ආශ්‍රව සහිතවූ කුසලයන්ට අයත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් දෘෂ්ටියයි.

මේ ලෞකික සම්මා දිට්ඨිය හරිම විශේෂයි. මේ දෘශ්ඨියේ සිට කටයුතු කරන කෙනා නියත මිත්‍යා දෘශ්ඨියෙන් මිදෙනවා. පාපයට අකුසලයට බිය වෙනවා. පින්දහම්, දානමය කටයුතු සහ භාවනා කරන්නට ගන්නවා. කිසියම් හික්මීමක් ලබනවා. නියත මිථ්‍යා දෘශ්ඨියට පත් කෙනාට ඒකාන්තයෙන්ම හිමිවන්නේ සතර අපාය වුවත් ලෞකික සම්මා දිට්ඨියේ කෙනා යම් දුරකට සතර අපායෙන් ගැලවෙනවා. මුළුමනින්ම නෙවෙයි. ඔහුට සතර අපායට වැටීමේ අනතුර නැති වෙලා නෙවෙයි. ඔහුටත් දෘශ්ඨි නැතිවා නෙවෙයි. නමුත් දාන ශීල භාවනා කටයුතු හේතුවෙන් ඔහුට කාම සුගතිය වූ දිව්‍ය ලෝක හය හෝ මිනිස් ලෝකයේ උපදින්නට හේතු සකස් වෙනවා. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම වදාලා "සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා" ආශ්‍රව සහිතයි. ආශ්‍රව කියන්නෙ තදින් අල්ලාගත් දේවල්. ලෝභ ද්වේශ මෝහ, පිනද තදින් අල්ලා ගන්නවා. ඒ කියන්නේ කරන කෙනෙක් සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් සිටිනවා කියන දෘශ්ඨිය මෙතැනදි අතහැරිල නැහැ. එහෙනම් ඔහු දෘශ්ඨියෙන් බැඳිලා ඉන්නෙ. පින් කරන්නේ මම, දන් දෙන්නෙ මම, භාවනා කරන්නෙ මම ආදී වශයෙන් අල්ලා ගැනීම් තියෙනවා. මම යැයි අල්ලා ගත්තා නම් ඔහු ලෝකයට අයිතියි. විවිධ ශීල වෘත වලට අයිතියි. අත්ත කිලමතානු යෝගයටද අයිතියි. ඒ පින අනුව යමින් මතු භවයන් වල දුක් සැප විපාක වලට නියමිතයි. සසරින් ගැලවිලා නැහැ. නිවන නැහැ.

මුළු විස්තරයම නැවත මෙතැනින් කියවන්න

කයට දුක් දෙමින් අනුගමනය කරන පිළිවෙතක් බුදුරජාණන් වහන්සේ අනුමත කොට වදාලේ නැහැ. ඒ පිලිවෙත හැඳින්වූයේ අත්තකිලමතානු යෝගය කියල. අද දවසේ නිවන් මාර්ගය යැයි සලකා කරන විවිධ භාවනා සම්බන්ධයෙන් විමසා බැලුවොත් ඒවා වැටෙන්නෙත් ඔය කියන අත්තකිලමතානු යෝගයටමයි. එතකොට ඉහත සඳහන් කල නියත මිථ්‍යා දෘශ්ඨියත්, දසවස්තුක සම්මාදිට්ඨියත් ප්‍රමාදයට හේතූයි.

"සදා සතො මෝඝරාජ" කියා බුදුරජාණන් වහන්සේ මෝඝරාජ හට දේශනා කලේ සම්මා සතිය හෙවත් බලවත් නිවැරදි සිහිය නිරන්තරව වඩන්න කියලා. බලවත් සිහිය වඩන කෙනා සිටින්නේ අප්‍රමාදය තුලයි. එතකොට ඒ පව පිණ ධ්‍යානය බලවත් කරන, සසරට හේතු ඉතිරි නොවන නිසා. බලවත් සිහිය තුල මඤ්ඤමාණයට ඉඩක් නැති නිසා. ප්‍රමාදය පව තුලද, පිණ තුලද, ධ්‍යානය තුලද සිදුවන්නට පුලුවන් නිසයි පටිච්ච සමුප්පාද විග්රහයේදී සඳහන් වන්නේ අවිජ්ජා පච්චයා සංඛාර කියා. එතකොට සංඛාර කිව්වාම (කර්ම) පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර කියන සංඛාර තුන් වර්ගයම පෙන්වා දී තිබෙන්නේ ඒ නිසා.

සම්ප්‍රදායික දාන ශීල භාවනා කියන ක්‍රමයට දීර්ඝ කාලයක් තිස්සේ හුරුවී සිටින ලෝක සත්ත්වයා එයින් ඔබ්බට විමර්ශනාත්මකව කල්පනා කර බලන්නට හෝ ගවේශනය කරන්නට දක්වන්නේ බලවත් අකමැත්තක්. එයට හේතුව නිවනට ඒකායන මාර්ගය එය බවට ඇතිකරගෙන තිබෙන බලවත් දෘශ්ඨියයි. ඒ දෘශ්ඨිය ඇට මස් ලේ ඇට මිදුලු දක්වා තදින් මුල් බැහැගෙන තියෙන්නෙ. උපෝසථය සමාදන් වීම, දන්දීම, සමථ භාවනා කිරීම හැරෙන්නට දීර්ඝ කාලයක් මුළුල්ලේ පරම්පරා කීපයක් ප්‍රමාදය සහ අප්‍රමාදය කියන්නේ කුමක්ද, එය වැඩිය යුත්තේ කෙසේද සහ වඩන්නේ කුමකටද කියා සිතා බලා නොමැත. ආර්යය මාර්ගයට ප්රවිශ්ඨ වීමට, සෝතාපන්න භාවය ප්රත්යක්ෂ කිරීමට තවමත් භාවනා කරන අය සිටිනවා. ඒ එදා කාලයේ පටන් මේ දක්වා පැමිණෙමින් තිබෙන සම්ප්‍රදායික ආගමික ස්වරූපය නිසයි. දාන ශීල භාවනා කිසිසේත් අයහපත් දේ නොවන අතර ඒවා කිරීමෙන් වැළකී සිටින්නට යැයි මෙයින් අදහස් නොකෙරේ. මේ ටික අයිති වන්නේ දසවස්තුක සම්මා දිට්ඨියට නම් එය ලෞකික බවත් ලෝකෝත්තර මාර්ග ඵල හෝ නිවන ලබන මාර්ගය නොවන බවත් වටහා ගැනීම ඉතාම යහපත්. ඒ නිසානෙ බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාලේ...

අප්පමාදො අමතපදං පමාදො මච්චුනො පදං;
අප්පමත්තා න මීයන්ති, යෙ පමත්තා යථා මතා.

අමත පදය හෙවත් අමෘත පදය යැයි කියනු ලබන නිවනට ප්‍රවේශ විය හැකි එකම මාර්ගය අප්‍රමාදය හෙවත් සිහියයි. එය යෝණිසෝමණිසිකාරය,සතරසතිපට්ඨානය ලෙසින්ද විදහා දැක්විය හැකිය. එතකොට ඒ බව නොදැන අසිහිය, අයෝනිසෝමණසිකාරය සහිත කෙනා ජීවත් වෙලා හිටියත් සිටින්නේ මියගිය කෙනෙක් වගේ. මොකද ප්‍රමාදය මරණයට මාර්ගයයි. අප්‍රමාදි කෙනා මියයන කෙනෙක් නෙවෙයි.

-ඛුද්දක නිකාය-ධම්මපදය-අප්පමාද වග්ගය-21 වැනි ගාථාව-

මේ නිර්වචනය තුල මුළු බුද්ධ දේශනාවම සහ මුළු නිවන් මාර්ගයම තිබෙනවා. එය විස්තර වශයෙන් යමෙක් නුවනින් කල්පනා කලොත් ඔහුට මුළු ආර්යය අෂ්ඨාංගික මාර්ගයම යථා පරිද්දෙන් වටහාගන්නට හැකි වේවි.

‘හන්ද දානි, භික්ඛවෙ, ආමන්තයාමි වො, වයධම්මා සඞ්ඛාරා අප්පමාදෙන සම්පාදෙථා’’ති.

මහණෙනි, දැන් තොපට කියමි. සියලු සංස්කාර ධර්මයෝ විනාශවන ස්වභාව ඇත්තාහුය. ප්‍රමාද නොවී (කළයුතු දේ) සම්පාදනය කරව්.

-දීඝනිකාය-තථාගතපච්ඡිමවාචා සූත්‍රය-

මේ බුදුරජානන් වහන්සේ ගේ අන්තිම වචනයයි. මේ වචනය තුල ඇත්තේ අන් කිසිවක් නෙවෙයි. යමෙක් තුල තිබිය යුතු බලවත් සිහිය ගැනයි මේ බුදුන්ගේ අවසාන වචනය සඳහන් කරන්නේ. "වයධම්මා සංඛාරා"

සියලු සංස්කාර ධර්මයන් විනාශයට පත්වෙනවා. සංස්කාර කියන්නෙ හේතූන්ගෙන් සකස්වූ දේවල්. එහෙම නැත්නම් කර්ම. එතකොට යමෙකුට අවබෝධ කරගන්න වෙනවා තමතමන් විසින් චේතනාන්විතව සකස් කරන ලද සියලු කර්ම විපාක අවස්ථාවෙන් පසුව වැයවෙලා විනාශ වෙලා යනවා කියා. පව් පින් ධ්‍යාන ඵල මේ සියල්ලම ඒ ඒ භවය ගෙනදී විපාකයට වැය වී නැති වෙලා යනවා.

පෘතග්ජන පුද්ගලයෙක් ඉතාම ඉහළින් සිල් රකිමින් දන් පින් කරමින් මරණයෙන් පස්සෙ දිව්‍ය ලෝකයක ඉපදෙනවා. දිව්‍ය සැප වළඳන දෙවියාට දුක දැනෙන්නෙ නැහැ. සැපම වළදනවා. ඒ නිසා දුකෙන් නිදහස් වීමක් හෝ දුක් විඳීමක් ගැන එයා දන්නෙ නැහැ. එයා විඳින දිව්‍ය සැප එයාම කරගත් දන්පින් ශීල සංඛාර හෙවත් කර්මයන්ගේ විපාකයක්. මේ සැප විඳින්නෙ අර කලින් උපයාගත් සංස්කාර වලින්. එයා සැප විඳින්න විඳින්න ඒ සංස්කාර හෙවත් කර්ම ශක්තිය ගෙවිලා යනවා. නැවත දුකෙන් නිදහස් වෙන්නට දන් පින් කරන්න එයාට ඉඩක් නැහැ දුක නොදන්නා නිසා. ඉතිං මොකද වෙන්නෙ? ඒ දිව්‍ය ලෝකයේ ජීවත් වන්නට සකස් කරගත් කර්ම ශක්තිය මුළුමනින්ම ගෙවිලා ගියාම එයා දිව්‍ය ලෝකයෙන් චුත වෙන්නට ඕනෙ. ඒක තමයි ධර්මතාවය. එතකොට ආයෙ ආයෙ සුගතියේ ඉපදේවිද?මිනිස් ලෝකයේ ඉපදේවිද? මොකද හිතන්නෙ? එයා සැප වින්දා මිසක දන්පින් කලේ නැහැ. සිල් රැක්කෙ නැහැ. එයා ඒ දිව්‍ය සැපටම ඇලිල හිටියෙ. ඇලි හිටිය නම් එයාට ගැලවෙන්න බැහැ ප්‍රේත ආත්ම භාවයෙන්. එහෙම නැත්නම් සතර අපායෙන්. අන්න එතනට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ "ප්‍රමාදය" කියලා. වයධම්මා සංඛාරා කිව්වෙත් ඒකයි. සදාකාලිකව දෙවියෙක් හැටියට එයාට ඉන්න බැහැ.

ඒ වගේම තමයි නිරයේ හෝ හතර අපායේ වැටුනු කෙනාට සැපක් ඇත්තේ නැහැ. කලින් ජීවිතයේ කල කළු කර්ම සංඛාර හෙවත් අපුඤ්ඤාභි සංඛාර නිසා විපාක හැටියට එයා හතර අපායට වැටුනෙ. අමුතුවෙන් දුක ගැන හිතන්න දෙයක් නැහැ. එයාගෙ මුළු ජීවිතයම කෙළවරක් නැති දුකක තියෙන්නෙ. දුකෙන් මිදෙන්න දන් පින් කරන්න විදියක් නැහැ. නිරයේ ප්රේතභාවයේ තිරිසන් භාවයේ දන්පින් කියා දෙයක් නැහැ. නමුත් අති දීර්ඝ කාලයක් එයා දුකම විඳිමින් නැවත නැවත නිරයටම හතර අපායට වැටෙමින් ඒ කර්ම ශක්තිය වැය කරනවා. එයාගෙ කර්ම ශක්තිය හිතන්න බැරි දීර්ඝ කාලයක් ගතවෙලා ගියාට පස්සෙ මුළුමනින්ම ගෙවිලා ගියාට පස්සෙ ඉතිරි වෙලා තියෙන කිසියම් දුබල කර්මයක විපාකයක් හැටියට මිනිස් ලෝකයේ දුක්ඛිත ජීවිතයක් ලැබෙනවා. එයද සමහරවිට මිත්‍යා දෘශ්ඨික ජීවිතයක් විය හැකියි. දසඅකුසල් දුගතිගාමී පාපයන් පිරුනු ජීවිතයක් විය හැකියි. එබඳු අය ගැන බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙන්නේ "තමො තම පරායනො" කියල. අඳුරෙන් අඳුරට යන පුද්ගලයා කියලා. එයා අඳුරේ ඉඳලා ඇවිත් ආලෝකය නොලැබ නැවත පැමිණි දිසාවටම අන්ධකාරයටම යනවා. අන්න එතනට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ "ප්‍රමාදය" කියලා. වයධම්මා සංඛාරා කිව්වෙත් ඒකයි.

ඒ වගේම ඉතාම ගැඹුරින් භාවනා කරමින් ධ්‍යානඵල උපදවාගන්නා කෙනෙක් ඉන්නවා. ප්‍රථමධ්‍යානයේ සිට නෙවසංඤානාසසංඤායතනය දක්වා රූපී අරූපී ධ්‍යාන වඩමින් එයා සංස්කාර රැස් කරගන්නවා. ඒවාට කියනවා "ආනෙන්ජාභි සංඛාර" කියලා. මේ භාවනා නිවන් මාර්ගය කියල සමහර අය වරදවා වටහාගත්තත් මේවා පෘතග්ජන භාවය තුලම වැඩෙන සංස්කාර හෙවත් බලවත් කර්ම කියා ඒ අය කල්පනා කරන්නෙ නැහැ. ආනෙන්ජාභි සංඛාර වැඩීමෙන් නිවනට නොව සසරට යන බව නොදන්නාකම නිසා එතැනට මුලා වෙනවා. එහෙම මුලා වෙලා මරණයෙන් පස්සෙ රූපාවචර හෝ අරූපාවචර බ්‍රහ්ම ලෝකයක කල්ප ලක්ෂ ගනන් ආයුශ ලැබ ඉපදෙනවා. කල්ප ලක්ෂ ගනනක් ඒ බ්‍රහ්ම ලෝකයක අර ආනෙන්ජාභි සංඛාර වල විපාක වශයෙන් ජීවත් වෙනවා. දුකක් දැනෙන්නෙ නැහැ. ඕළාරික කයක් නැහැ. මනායතනය හෝ සංඥාව ඇසුරු කරගෙන ඉන්නවා. හැබැයි අර කර්ම ශක්තිය ගෙවි ගෙවී යනවා. පෘතග්ජන භාවය ඉක්මවා නැති නිසා කෙදිනක හෝ ඒ බලවත් කර්ම ශක්තිය ගෙවුන දාක නැවත ඉතිරි වන කිසියම් කර්ම ශක්තියක් අනුව සසර දුගතියේ හෝ සුගතියේ හෝ මිනිස් ලොව උපත ලබනවා. කල්ප ලක්ෂ ගනන් බ්‍රහ්මලෝක වල ජීවත් වෙද්දී මනුස්ස ලෝකයේ බුදුරජාණන් වහන්සේලා බොහෝ නමක් පහළ වී පිරිනිවනට පත්වී ගියද එයාලා දන්නෙ නැහැ. එයාලගෙ සසර ගමනේ දීර්ඝ භාවයද ඒ ආනෙන්ජාභි සංඛාරයේ බලවත් කමද නිසා සසර මිසක නිවන ශාක්ශාත් කරගන්නට හැකි වෙන්නේ නැහැ.

සසරින් මිදීමට, නිවනින් සැනසීමට එකම තැන මිනිස් ලෝකයයි. දුකේද සැපේද අනිත්‍ය බව මේ මිනිස් ලෝකයේ ජීවත්වන කෙටි කාලය තුල බොහෝ අය අත්දැකීමෙන් දැනගන්නවා. උවමනානම් කෙනෙකුට සිල්රකිමින් දන් දෙමින් පින්කරමින් සුගතිගාමි දිව්‍ය ලෝකයක ඉපදෙන්නට සංඛාර රැස් කරන්නට හැකියි. තව කෙනෙකුට පව් අකුසල් කරමින් සසර දුගතියේ සතර අපායට වැටෙන්නට පුලුවන්. තව කෙනෙකුට ධ්‍යාන වඩමින් බ්‍රහ්ම ලෝකයක උප්පත්තිය ලබන්නටත් පුලුවන්.

ඒත් නුවන තියෙන කෙනා සද්ධර්ම ශ්‍රවණය කරමින් දැනගන්නවා ඔය කොතැනට ගියත් සසර දුකින් මිදෙන්නෙ නැහැ නිකම් සිත රවටා ගැනීමක් විතරයි කරල තියෙන්නෙ කියල. ඒ නිසා ඒ කෙනා අප්‍රමාදය වඩමින් සසරට හේතු සකස් කරන චේතනා මූලික සංඛාර හෙවත් කර්ම සකස් නොකර සිටින්නට සිහිය පිහිටුවා ගන්නවා. කොහොමද ඒක කරන්නෙ?????

මඤ්ඤමානො ඛො, භික්ඛු, බද්ධො මාරස්ස; අමඤ්ඤමානො මුත්තො පාපිමතො’’ති.

තෘෂ්ණා දෘශ්ඨි මාන වලින් මමය මගේය මගේ ආත්මයය යන මම කොට මගේ කොට මගේ ආත්මය ගන්නා කෙනා මාරයාට බද්ධ වෙනවා. එසේ නොකරන කෙනා මාරයා හා බද්ධ වීමෙන් මිදෙනවා.

-සංයුත්ත නිකාය-ඛන්ධවග්ගය-මඤ්ඤමාණ සූත්‍රය-

එසේනම් මඤ්ඤමාණය හෙවත් මමත්වයෙන් ගැනීම සිදු වෙන්නේ කෙසේද? ත්‍රිවිධ විතර්කය නිසා. ඒ ගැන ඊලඟ ලිපියෙන් කථාකරමු.

-තවත් කොටසක් ඊලග ලිපියෙන්-

සැ.යු. මෙම ලිපි පෙල කියවා ඇතිවන ගැටලු මෙන්ම ඔබේ නොමසුරු අදහස්ද පහළ කමෙන්ට් කොටසෙහි සඳහන් කිරීමෙන් තවදුරටත් ලිපි සම්පාදනයට අපට විශාල ධෛර්යයක් සපයන බව සිහි කිරීමට කැමැත්තෙමි. අදහස් උදහස් විවේචන ප්‍රශ්න ගැටළු මෙතනට නොහැකි නම් පහත සඳහන් විද්‍යුත් ලිපින වෙතද ලියන්නට හැකිය.

colombageshj@gmail.com

jcolombage@outlook.com

ඡායාරූප අනුග්‍රහය

https://www.pinterest.com

jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.com2tag:blogger.com,1999:blog-960881688546260776.post-20409052130410720352022-02-23T08:10:00.003-08:002022-02-23T08:10:29.343-08:00දිව්‍යමය තුල්සි හෙවත් මදුරුතලා

ඉන්දියාවේ බ්‍රාහ්මණ සමාජීයය හින්දු සංස්කෘතිය තුල තුල්සි හෙවත් මදුරුතලා පිලිබඳව විවිධ හින්දු ආගමික මතිමතාන්තර වගේම එහි ඇති ඖෂධීය ගුණය සහ ආයුර්වේදික වටිනාකම පිලිබඳව විශිෂ්ඨ ඇගයීමක් අදටත් පවතී.

සන්ධ්‍යා ගුග්නානි නම් සුප්‍රසිද්ධ ඉන්දියානු පෝෂණවේදිනියක සඳහන් කරන පරිදි, තුල්සි වල ඇති ගුණාත්මක වටිනාකම තුල බැක්ටීරියා සහ දිලීර නාශකයක් ලෙස වේගයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාවක් අන්තර්ගත වන අතර, මිනිස් සිරුරේ ලේ ධාතුව පිරිසිදු කිරීමටද විශාල හැකියාවක් ඇති බැව් පවසන්නීය. ඊට අමතරව හිස්කෙස් සහ සම නිරෝගීමත්ව දීප්තිමත්ව තබා ගැනීමට එය උපකාරයක් වන අතර, ප්‍රතිශක්තිය වඩාත් ඉහළ නංවමින් සිරුර ජරාවට පත්ව වයසට යාමේ ප්‍රවණතාවය අඩුකරයි. සන්ධ්‍යා ගුග්නානි පරිදි මෙහි ඇති විශේෂ ගුණය නම් තුල්සි හෙවත් මදුරුතලා ශාක සාරය මිනිස් සිරුරේ ඉන්සියුලින් සංවේදීතාවය වැඩි කර ශරීරගත සීනි ප්‍රමාණය අඩුකරමින් දියවැඩියා රෝගයට පිලියමක් ලෙස ක්‍රියා කරයි.

වැඩි විස්තර මෙතැනින් කියවන්න

jayantha colombagehttp://www.blogger.com/profile/17498241216268958261noreply@blogger.com0