අන්තර්ගතය -
ගිරිමානන්ද සූත්‍රය, Girimananda Sutta, දස සංඥා, බුදු දහම, රෝග සුව කිරීම, අනත්තා, අනිත්‍යය, බුද්ධාගම
හැඳින්වීම
ගිරිමානන්ද සූත්‍රය බුදුන් වහන්සේ විසින් රෝගාබාධයෙන් පීඩා විඳි භික්ෂුවෙකුට දෙන ලද මහඟු ධර්ම දේශනයකි. මේ සූත්‍රය තුළ අඩංගු දස සංඥා මගින් මනස හා ශරීරය සුවපත් කරගත හැකි මඟ ඉදිරිපත් කරයි. ගිරිමානන්ද සූත්‍රය “අඞ්ගුත්තර නිකායෙහි” අටවෙනි නිපාතයේ අඩංගු අතර, රෝගයෙන් බරපතලව පීඩිතව සිටි භික්ෂුවකු වූ ආයුශ්මත් ගිරිමානන්ද තෙර වෙත බුදුන් වහන්සේ දේශනා කළ අතිශය ගැඹුරු ධර්ම සූත්‍රයකි. මේ සූත්‍රය බුදු දහම තුළ සෞඛ්‍යය, මනෝසමථය, සහ විවේකය පිළිබඳ අගනා පණිවිඩයක් දක්වයි.
photo credit - https://www.pinterest.com
සූත්‍රය තුල ඇති වූ සන්දර්භය
·
ආනන්ද
ආයුශ්මතුන් වහන්සේ විසින්, බරපතලව රෝග පීඩාවෙන් පෙලෙමින් සිටි ගිරිමානන්ද භික්ෂුව
පිලිබඳව පවසා, හැකිනම් ගිරිමානන්ද භික්ෂුව වෙත එළඹ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් වැඩම
කරවන ලෙස බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කල අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රයේ
ඇතුලත් දස සංඥාව වදාරා එය ගිරිමානන්ද
භික්ෂුවට විස්තර කර කියන ලෙස ආනන්ද හිමියන්ට පවරන ලදී. ඒ අනුව ආනන්ද ආයුශ්මතුන්
වහන්සේ ගිරිමානන්ද භික්ෂුව වෙත මෙම දස සංඥා දේශනා කරන ලද බැව් මූලාශ්‍ර වල සඳහන්ය.
දස සංඥා
1. අනිත්‍ය සංඥා – සියලු සංස්කාර අනිත්යය බව සලකමින්.
2. අනත්ත සංඥා – “මම” කියන ස්වභාවයක් නොමැති බව තේරුම් ගැනීම.
3. අශුභ සංඥා – දෙහෙවල් අලංකාර බවට නොබැඳී,
විනාශභාවය දකිමින්.
4. ආදීනව සංඥා – ලෝකයේ දේවල්වලට අලියා නොවී ජීවිතය ගත කිරීම.
5. පහාන සංඥා - මරණය අනිවාර්ය
බව සිතා ධර්ම චින්තනයට යොමු වීම.
6. විරාග සංඥා – ආහාරය ශරීරය පවත්වා ගැනීම
සඳහා පමණක් භාවිතා කිරීම.
7. නිරොධ සංඥා – සියලු ලෝක ධර්ම විනාශවෙමින් පවතින බව දැනීම.
8. සබ්බලොකෙ අනභිරත සංඥා – සියලු සංස්කාර
දුක්ඛය බව පෙනීම.
9. සංබ්බ සංඛාරෙසු අනිච්ච සංඥා – නිවණ යනු
මනෝශාන්ත ස්ථානයක් බව තේරුම් ගැනීම.
10. ආනාපානසති අනුසස්සන – හුස්ම ගැනීමෙන්
මනස නිශ්චල කිරීම.
දස සංඥා වල අර්ථය
· අනිත්‍ය සඤ්ඤා යනු රූප,වේදනා, සඤ්ඤා සංස්කාර. විඤ්ඤාණ යන පංඤ්ච ස්කන්ධ අනිත්‍ය බව හෙවත් වෙනස්වන බව නුවණින් මෙනෙහි කිරීම යි.
· අනාත්ම සඤ්ඤාවෙන් කියැවෙන්නේ ඇස, රූපය, කන, ශබ්දය, නාසය. ගන්ධය, දිව, රසය, කය, ස්පර්ශය, මනස, අරමුණු යන සියල්ල අනාත්ම බවයි.
· අසුබ සඤ්ඤා යනු සමස්ත සිරුරම නා නා ප්‍රකාර වු අසූචියෙන් පිරුණු බව මෙනෙහි කිරීමයි.
· ආදීනව සඤ්ඤාවෙන් කියැවෙන්නේ මේ ශරීරයෙහි බොහෝ දුක්, බොහෝ ආදීනව හා බොහෝ ආබාධ හට ගන්නා බව නුවණින් මෙනෙහි කිරීම යි.
· සිතෙහි උපදින කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, උපන් නූපන් පවිටු අකුසල ධර්මයන් නො ඉවසා ද, අත්හරී ද, දුරු කෙරේ ද, නැති කෙරේ ද, අභාවයට පමුණුවා ද, මෙය පහාණ සඤ්ඤා නම් වෙයි.
ත්‍රිවිධ විතර්කය පිලිබඳව වැඩිදුරටත් මෙතැනින් කියවන්න
https://punaragamanaya.blogspot.com/2022/03/11.html#more
· විරාග සඤ්ඤාව යනු මෙය ශාන්ත ය, මෙය ප්‍රණීත ය. මෙය සියලු සංස්කාරයන් ගේ සංසිඳීම ය. සියලු කෙලෙසුන් දුරලීම ය. තෘෂ්ණාව ක්ෂය කිරිම ය. නො ඇලීම ය හෙවත් නිර්වාණය ය.
· මෙය ශාන්තය. මෙය ප්‍රණීත ය. මෙය සියලු සංස්කාරයන් ගේ සංසිඳිම ය. සියලු කෙලෙසුන් දුරලීම ය. තෘෂ්ණාව ක්ෂය කිරිම ය. නො ඇලීම ය. එනම් නිර්වාණය ය. මෙය නිරෝධ සඤ්ඤාව යි. මුළු ලොව නො ඇලීමේ සඤ්ඤාව යනු ලෝකයෙහි තෘෂ්ණාව නම් වූ සිත පිළිබඳ පිහිටි ආත්ම දෘෂ්ටි හා කෙලෙස් දුරු කිරීම යි. සියලු සංස්කාර ධර්මයන් හි අනිත්‍ය සඤ්ඤාව යනු සියලු සංස්කාර ධර්මයන් හෙවත් නාමරූප ධර්මයන් නිසා පීඩාවට පත්වේද, ලජ්ජාවේද එය සබ්බලොකෙ අනභිරත සංඥාවයි. ආනාපානසතිය යනු ආශ්වාස , ප්‍රශ්වාස කිරිම පිළිබඳ නුවණින් මෙනෙහි කිරීම යි.
photo credit - https://www.pinterest.com
අසුභ සංඥාවෙන් විස්තර වන කාය ස්වභාවය
· දෙපතුලෙන් උඩ හිසකෙස් වලින් යට සම කෙළවර කොට ඇති සමස්ත සිරුරම නා නා ප්‍රකාර වු අසූචියෙන් පිරුණු බව උගන්වයි. කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට , ඇටමිදුලු, වකුගඩු, හදවත, අක්මාව, දලබුව, බඩදිව්මස, පපුව,බඩවැල්, අතුනුබහන්, නොදිරවූ ආහාර, මල, පිත, සෙම, සැරව, ලේ ,දහදිය ,මිදුණු තෙල, කඳුළු, වුරුණු තෙල, කෙළ, සොටු, සඳමිදුලු, මුත්‍ර යන මේවා ශරීරය තුළ තිබේ යැයි, ශරීරයේ අසුභය නුවණින් මෙනෙහි කොට සිහිකල යුතු යැයි උගන්වයි.
ආදීනව සඤ්ඤාවෙන් විස්තර වන රෝගාබාධ
· මේ ශරීරයෙහි බොහෝ දුක්, බොහෝ ආදීනව හා බොහෝ ආබාධ හට ගන්නා බව නුවණින් මෙනෙහි කල යුතුයැයි උගන්වයි.
· ඒවා මෙසේ ය. ඇස් රෝග, කන් රෝග, නාසිකා රෝග, දිවේ ඇතිවන රෝග, කයෙහි ඇතිවන රෝග, හිසෙහි ඇතිවන රෝග, කර්ණ මූලයෙහි ඇතිවන රෝග, මුඛ රෝග, දත් රෝග, කාස රෝග. ස්වාස රෝග, පීනස, දැවිල්ල, උණ, උදර රෝග, මුර්ඡාව, අතීසාරය, ඉදිමීම, විසූචිකාව, කුෂ්ට, ගඩු, කිලාසය, අපස්මාරය, දද, කැසිල්ල, කුච්ඡු නම් වූ කුෂ්ට රෝගය, නිය රෝගය, විචර්චකා නම් වූ කුෂ්ට රෝගය, රත් පිත , මධුමේහය, අංශ රෝගය, පිළිකාව, භගන්දලා, පිතෙන් ඇතිවන රෝග ,සෙම මගින් හටගන්නා රෝග ,වාතයෙන් හටගන්නා රෝග, තුන් දොසින් වන රෝග, ඍතු පෙරලියෙන් ඇතිවන රෝග, විෂම ආහාරපානාදිය ගැනීමෙන් ඇතිවන රෝග, උපක්‍රම වලින් ඇතිවන රෝග, කර්ම විපාකයෙන් ඇතිවන රෝග, සීතල, උෂ්ණ, සාගින්න, පිපාසය, අහරමල, මුත්‍ර ආදිය නිසා හටගන්නා රෝග යනුවෙන් කයෙහි හටගන්නා සමස්ථ රෝගයන් පිලිබදව දීර්ඝ විස්තරයක් ඇතුලත්ය.
පහාන සංඥාවේ අර්ථය
· සිතෙහි උපන් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, යන ත්‍රිවිධ විතර්කයට ඉඩ දී නොඉවසා ඒවා අත්හැරිය යුතු බවත්, දුරු කල යුතු බවත්, අභාවයට යාමට ඉඩ දිය යුතු බවත් උගන්වයි.
photo credit - https://www.pinterest.com
නිගමනය
ශරීරයේ විවිධ රෝගාබාධ පිතෙන් ,සෙම නිසා ,වාතයෙන්, තුන් දොසින්, ඍතු පෙරලියෙන්, විෂම ආහාරපානාදිය ගැනීමෙන්, උපක්‍රම වලින්, කර්ම විපාකයෙන් හටගන්නා බැව් පෙන්වා දෙන මෙම සූත්‍රය සිතෙහි හටගන්නා රෝගාබාධ වලට කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය මුල්වන බව පෙන්වා දෙයි. මේවා මනසට පැමිණි විට, ඒවා සමග ඒකාබද්ධ නොවී, ඒවා ස්වකීය නොකරගෙන, ඒ ත්‍රිවිධ විතර්කයන් අත්හැරීමටත්, දුරුවීමටත් ඉඩදිය යුතු බවත්, එවිට ඒවා භාවිතයට නොගැනීම නිසා අභාවයට යන බවත් මෙම සූත්‍රයෙන් වැඩි දුරටත් පෙන්වා දී ඇත.
මූලාශ්‍ර
ගිරිමානන්ද සූත්‍රය/ පිරිවානා පොත් වහන්සේ
අංගුත්තර නිකාය




No comments:
Post a Comment