කාන්තාවන් උදෙසා කල බුද්ධ දේශනය ( මල්ලිකා සූත්‍රය )


වාචානුරක්ඛි මනසා සුසංවුතා - කායෙන ච අකුසලං න කයිරා

එතෙ තයො කම්පථෙ විසොධයෙ - ආරාධයෙ මග්ගං ඉසිප්පවෙදිතං

 

රාගාධී කෙලෙස් වලින් තමන්ගේ සිත හොඳින් වසාගෙන, වචනය රැකගෙන වචනයෙන් සිදුවන අකුසල් නොකල යුතුයි. කය මනාකොට රැකගෙනසිත කය වචනය කියන මේ තුන්දොරින් සිදුවන අකුසල කර්ම පථය පිරිසිදු කරගත් කෙනාට මහාමුණිවරුන් පෙන්වා දුන් නිවන් මාර්ගයේ ගමන් කල හැකියි.

හීනමානය - Inferiority

 

ජීවත්වන සෑම සියලු දෙනාම කිසියම් මානයක් තුල ජීවත්වීම සාමාන්‍ය දෙයකි. හැමකෙනාටම තමා පිලිබඳව සහ අන්‍යයන් පිලිබදව කිසියම් හෝ මිනුම් දණ්ඩක් ඇත. ඒ මිනුම් අනුසාරයෙන් තමාට සහ අන්‍යයන්ට වටිනාකම් දෙමින් අවශ්‍ය දේ ලංකරගෙන අනවශ්‍ය දේ ඈත්කර තබාගෙන සාමාන්‍ය ජීවිතයක් ගතකිරීම පොදු ලක්ෂණයයි.

මුරුංගා වල වටිනා ගුණ සහ සාදාගත හැකි ආහාර කීපයක්

 


ජීවනයේ ශාකය ‍හෙවත් "ආශ්චර්යමත් ගස" ලෙසද හැඳින්වෙන Moringa oleifera මොරිංගා ඔලිෆෙරා නමින් උද්භිත විද්‍යාත්මකව හැඳින්වෙන මුරුංගා ශාකය අතිවිශාල ඖෂධීය සහ ඖෂධීය නොවන ප්රතිලාභ සහිත වටිනාකම් රාශියකින් සමන්විත නිසා වැදගත් ශාකසාර ශාකයක් ලෙස වර්ගීකරණය වී ඇත. 

කිරිහැන්ද ශාකය

 



එක කොළයක කිරිහැන්දක අඩංගු ගුණ තිබෙන නිසා මෙම ශාකයට කිරිහැන්ද යනුවෙන් භාවිතා කරන බව විශ්වාස කෙරෙනවා.

සතර දෙනෙක් පුද්ගලයෝ

 

චත්තාරො මෙ මහාරාජ පුග්ගලා
සන්තො සංවිජ්ජමානා ලෝකස්මිං
කතමේ චත්තාරො ? තමො තමපරායණෝ
තමෝ ජෝති පරායණෝ
ජෝති තම පරායණෝ
ජෝති ජෝති පරායණෝති

(සංයුත්ත නිකාය , කෝසල වග්ග පුග්ගල සූත්‍රය )
බුදුරජාණන් වහන්සේ සැවත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ වසන සමයෙහි දී කොසොල් මහරජතුමන් සමග සාකච්ඡාවක් කළා. එහි දී බුදුරජාණන් වහන්සේ විසින් කළ සූත්‍ර දේශනාවක කොටසක් මා මේ ධර්මදේශනාවේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කළේ “ පුග්ගල සූත්‍රය” නමින් හැඳින්වෙන මේ සූත්‍රය මගින්. මේ ලෝකයෙහි සිටින පුද්ගලයින් හතර දෙනෙකු පිළිබඳව ප්‍රකාශ වෙනවා.

සරු නිසරු ප්‍රකෘති විකෘති

 

අසාරේ සාරමතිනො - සාරෙ චාසාර දස්සිනො
තෙ සාර නාධි ගච්චන්ති - මිච්ඡා සංකප්ප ගෝචරා

මේ ධර්මය විකෘති කෙරෙන කාලයක්. විවිධ පුද්ගලයන් විවිධ වේශයෙන් ඇවිත් විවිධ අයගෙ විවිධ උවමනා එපා කම් නිසා විවිධ තැන්වල කැමති කැමති විධියට ධර්මය කියන, ධර්මය ඇහෙන කාලයක්. ඒ කියන්නෙ මේ ගෙවි ගෙවී යන්නේ මහා විපරීත කාලයක්. හැමදේම කණපිට හැරනු කාලයක්. මෙවැනි කාලවකවානු වලදි සම්මත සමාජ රටාව පවා හෙල්ලුම් කවන, සාරධර්ම ගුණයහපත්කම් කණපිට හැරෙන සංස්කෘතික හෝදාපාලුව සීග්‍රයෙන් සිදුවන, මිනිස්සු විකෘති මනසින් යුක්තව කාමයන් පසුපස හඹා යන කාලයක්. ඒ නිසාම ස්වභාව ධර්මයා පවා වියරු වැටිල ඉන්නෙ. ස්වභාව ධර්මයා පවා මින් පෙර නෑසූ විපත් ගෙන දෙනවා. 

Comments