එක කොළයක කිරිහැන්දක අඩංගු ගුණ තිබෙන නිසා මෙම ශාකයට කිරිහැන්ද යනුවෙන් භාවිතා කරන බව විශ්වාස කෙරෙනවා.
එමෙන්ම දියවැඩියා රෝගය ඇති අයගේ රුධිරගත සීනි මට්ටම පහල දැමීමේ හැකියාවක් කිරිහැන්ද ශාකපත්‍ර වල අඩංගු බව සොයාගෙන තිබෙනවා. අතීතයේ ලංකාව පුරාම සෑම තැනකම පාහේ කිරිහැන්ද ශාකය වල්පැලෑටියක් තරමට ව්‍යාප්තව වැඩුනු අතර ගැමියන් අතර ඉතාම රසවත් ව්‍යංජනයක් ලෙසද ප්‍රචලිතව තිබුනි. විශේෂයෙන් පරිප්පු සමග එකතුකරගත් කිරිහැන්ද කොළ මාළුව රසවත් ව්‍යංජනයකි. පරිප්පු හෝ කව්පි සමග මෙන්ම කොස්ඇට තම්බාගෙන එයට මිශ්රකොටද මේ ව්‍යංජනය ගැමියන් විසින් සකස්කරගනු ලැබුවා.
මෙම කිරිහැන්ද පරිප්පු ව්‍යංජනය සාදාගන්න ආකාරයද සරලය.
1.තරමක ලොකුවට කපාගත් කිරිහැන්ද ලපටි කොළ කීපයක්.
2.තුනපහ සහ ජලය පමණක් එක්කර තම්බාගත් පරිප්පු ස්වල්පයක්
3.කපාගත් ලොකුලූණු,තක්කලි,අමුමිරිස් අවශ්‍ය ප්‍රමාණයට
4.තලාගන්නා ලද සුදුලූණු ස්වල්පයක්
5.කෑලිවලට කපාගත් වේලිච්ච මිරිස් කරල් එකක් හෝ දෙකක් සහ කෑලි මිරිස් ස්වල්පයක්
6.අවශ්‍ය ප්‍රමාණයට ලුනු
7.පොල්කිරි අවශ්‍ය ප්‍රමාණයට
8.අබ ස්වල්පයක්
9.කහ ස්වල්පයක්
කිරිහැන්ද පරිප්පු ව්‍යංජනය සාදාගන්නා ආකාරය
මුලින්ම භාජනයක් ලිපමත තබා රත්කරගෙන එයට අබ ඇට ස්වල්පය එකතු කර පිපිරෙන තරමට රත්කරගන්න. ඉන්පසුව ලියාගන්නා ලද රතුලූණු, තලාගන්නා ලද සුදුලූණු,සහ අමුමිරිස්, වේලිච්ච මිරිස් කැබලි සමග තක්කාලි ආදිය එකතු කරන්න. ඉන්පසුව තුනපහ සමග තම්බාගත් පරිප්පු එකතුකර එය තෙම්පරාදු කරගන්න. පසුව එයට කහ ස්වල්පයද එකතුකර,ඒ සමග කෑලිමිරිස් සහ සකසාගත් කිරිහැන්ද කොළ එක්කරන්න. මතක තබාගත යුතු කරුණ වන්නේ කිරිහැන්ද කොළ වල කොළපැහැය නැතිවෙන්නට පෙර ලිපෙන් බා ගැනීමයි.
කිරිහැන්ද ශාකයේ උද්භිත විද්‍යා නාමය - Celosia argentia ලෙස හැඳින්වේ.Celosia argentea හෙවත් කිරිහැන්ද ශාකය ඉන්දියාව ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාව, අප්‍රිකා මහද්වීපය, ඇමරිකාව මෙන්ම ලෝකයේ සෙසු නිවර්තන කලාපවලත් වර්ෂාවත් සමග බහුලව පැලවී ව්‍යාප්ත වෙනවා.
කිරිහැන්ද ශාකය ලෙඩරෝග රාශියකට කදිම ඖෂධයක් ලෙස පුරාණයේ සිට පිලිගැනී තිබෙනවා. ප්‍රධාන වශයෙන්
1. දියවැඩියාවට
2. මානසික ආතතියට
3. කොලොස්ටරොල් වලට
4. සෙංගමාලය
5. දැවිල්ල.
6. ඉරුවාරදය
7. ජීර්ණ පද්ධතියේ සහ ආහාර මාර්ගයේ රෝග වලට
8. අතීසාරයට
9. චර්මරෝග සහ අසාදිත තුවාල වලට
10 ශරීරගත අපවිත්‍ර ලේ ධාතුව පිරිසිදු කිරීමට
මේ එයින් කීපයක් පමණි. ඉතාමත් ඉහල කැල්සියම් අගයක් මේ ශාකයේ පවතින හෙයින් අස්ථි දුර්වලතාවයට මෙම ශාකආහාරය ගැනීම ඉතාම උචිත බැව් පර්යේශන වලින් සනාථවී ඇතිබැව් සඳහන් වෙනවා. එමෙන්ම කිරිදෙන මව්වරුන්ට මෙය දිව්‍යමය ශාකයක් වන අතර මව තුල කිරි නිපදවීම වඩාත් වර්ධනය කෙරෙනවා. මෙහි තිබෙන විවිධ ප්‍රබල රසායන සංඝඨක වලින්ද, මල් සහ බීජ කහට මගින්ද රක්තපාතය, අක්ෂි රෝග,මෙන්ම පරපෝෂිත ක්ෂුද්‍ර නිශකයක් ලෙසද ක්‍රියා කරනවා. එමෙන්ම රුධිරය මලපහ සමග රුධිරය පිටවීමටද, ගර්භාෂ රුධිර වහනයටද, ලියුකෝරියා, පාචනය සහ අතීසාරයටද සාර්ථකව ක්‍රියාත්මක වන අතර, දියවැඩියා රෝගය සඳහා ඉතා සාර්ථකව මෙම ශාකය ඉන්දියාවේ යොදාගන්නා බව සඳහන් කරනු ලබනවා.
- සටහන- ජයන්ත කොළඹගේ
මූලාශ්‍ර
1.https://www.youtube.com/
2.https://rjppd.org
3.https://www.google.com
4.https://www.facebook.com
5.https://tropical.theferns.info
ඡායාරූප මූලාශ්‍ර
https://si.wikipedia.org/ සහ https://www.pinterest.com/
0 Comments