රෑ අඳුරට දැල්ල දිලෙන
අඳුර නැසෙන පහන් එළිය
ඒ එළියද මට මේ ජීවිතය කියන්නේ...
සුසුම් හෙලන පහන් සිළුව
තව මොහොතින් දැවී යන
ඒ අඳුරද ජීවිතයේ අරුත ගෙනෙන්නේ...
අරුමෝසම් විසිතුරු මැද
පාට පාට එළි දැල්වෙන
ඒ සිහින වලද මේ වන තුරු සැතපී උන්නේ..
රැය ගෙවි ගෙවි පහන් උනිද
තුන්තිස් පැය ගෙවුන විටදි
ඒ උමතු ලොවද බොල් පිනි සේ වියැකී යන්නේ..
දේදුන්නක පාට අරන්
සමනොළ තටු කල සිත්තම්
ඒ සායම් නොවෙද වැස්ස සෝදා ලන්නේ.....
නටුවෙන් ගිලිහුනු මල් පෙති
මහ පොලොවට පස් වෙද්දී
ඒ අරුතද අන්ධ දෙනෙත පාදා දුන්නේ..
0 Comments