සසර නම්වූ රුදුරු සැඩපහරේ

 

සසර නම්වූ රුදුරු සැඩපහරේ
ගිලී නොනැසී එතෙර කරවන
තොටමුණයි ඔබ නිබඳ බුදුසමිඳේ...//


සියලු දුක පිරි රුදුරු ගඟුලයි
පතුලෙ මිනිමුතු සොයා වෙහෙසයි
ගිලී එහි සැඩ දියේ වැනසෙයි
ලැබුනෙ නොවටින බොරළු දෝතක් දෝ
බොරළු දෝතක් දෝ...


මඩෙහි පැලවී මඩෙන් මතුවී
මඩ නොගෑවී පිපි නෙළුම සේ
නොතැවරී නොඇලී නොගැටෙනා
පිණිස පවතින දහම් සිසිලයි ඒ...
දහම් සිසිලයි ඒ...

 ස්වතන්ත්‍ර සංගීත නිර්මාණයක් සහ ගායනයක්.   

පදරචනය- ගායනය- ස්වර නිර්මාණය සහ සංගීතය-

                          jayantha colombage



මෙතැනින් ගීතය ශ්‍රවණය කරන්න



Post a Comment

0 Comments