ඔබ මගේ සඳයි මා ඔබේ සඳයි


ඔබ මගේ සඳයි මා ඔබේ සඳයි
මා ඔබේ නෙතයි ඔබ මගේ නෙතයි
අපි අත්වැල් බැඳ යමු 
දිවි යමුනාවේ
දිවි යමුනාවේ

මේ රැය උමතුයි සඳ දිය උතුරයි
උල්පතකි රස ගී..
මේ ගඟුලේ රන්තරු සේදී දෝ
ඔබ නෙත්යුග දිලුනේ

මේ ගඟුලැල්ලේ නැගෙනා නාදේ
අපෙ ජීවන ගීතේ
හද ගැහෙනා රාවේ
දිවි ගංගාවේ සෙනෙහස නොසිඳෙයි
පැදයමු ජීවිත නෟකා

පදරචනය - ගායනය - 
jayantha colombage



දළුලා වැඩෙන්නට ඉඩක් නොලද අංකුරයෙකුගේ ගේයපද රචනයක් සහ ගායනයක්.  
පැරණි ප්‍රකට හින්දි ගීතයක්වූ Tu mera chand,
Main teri chandani ගීතයේ තනුවට සංගීතයට අනුව පදරචනය කොට ගයන්නට ගත්  අහිංසක උත්සාහයක්.
මෙතැනින් ගීතය ශ්‍රවණය කරන්න


Post a Comment

0 Comments