හෙලමින් සුසුමන් නොහඩා ඉන්නම්

 

හෙලමින් සුසුමන් නොහඩා ඉන්නම්
කවදා හෝ නුඹ ඒදැයි
කවුළුව අතරින් සඳරැස් ඇවිදින්
නුඹ නැති යහනෙහි සැතපෙයි
නුපුරුදු හැඟුමන් සුපුරුදු පැතුමන්
සැලෙනා වැළපුම් සීතල සුළඟේ
සොයා සොයා සොයා සොයා ඒවී...


දෑස තෙ‍මෙන කඳුලින් බිංදු බිංදු වෑහේ 
ජාති ජාති කඳුලින් මෙලෙස ගෙවී යන්නේ
කියාගන්න බෑනෙ හදම ඇවිල යන්නේ
නිවාගන්න බෑනේ බුරබුරාම එන්නේ
මහමෙරක් තරම් ඒ හැඟුම්බර දැනෙන්නේ
දරාගන්නෙ කෙලෙසින් ඇයිද නුඹ නොඑන්නේ
සොයා සොයා සොයා සොයා..තාමත්


සීත පවන් රොදකින් නැහැනෙ ගිනි නිවෙන්නේ‍
සසර පුරා ඇවිදින් නොදැක වෙන්ව යන්නේ
නිමාවක්ම නෑනෙ ඇයිද හිමි නොවන්නේ
අහිමි බවම පමණක් සෑමදාම එන්නේ
මහමෙරක් තරම් ඇයි පැතුම් ඇවිල යන්නේ
ඇවිලෙනා තරම් සිත නැහැනෙ ලොවම දන්නේ
සොයා සොයා සොයා සොයා ඒවී...


පදරචනය - ගායනය - jayantha colombage
සහාය ගායනයෙන් එක්වූ හෘදයාංගම සොයුරාට හදවතින්ම ස්තුතියි

දළුලා වැඩෙන්නට ඉඩක් නොලද අංකුරයෙකුගේ ගේයපද රචනයක් සහ ගායනයක්.   ප්‍රකට හින්දි ගීතයක්වූ Roja Janeman ගීතයේ තනුවට සංගීතයට පදරචනය කොට ගයන්නට ගත්  අහිංසක උත්සාහයක්.

මෙතැනින් ගීතය ශ්‍රවණය කරන්න


Post a Comment

0 Comments