යනවාද ඔබ මාගෙන් පිටුපාල හොර රහසෙන්

 

යනවාද ඔබ මාගෙන්
පිටුපාල හොර රහසෙන්
නොකියාම මතු දවසේ
සිත බැඳුන තැනක විගසින්
නවතාගන්නෙ කෙලෙසදො
ඔබ මගේ නොවන දිනයේ

දුක පාකර හිස් අහසේ
නෙත් වැහි කඳුලින් සේදේ
රුදු ජීවන මංතලයේ
තනිකම තුල මා ගිලෙමි
කිසිවකු නැත මෙහි එන්නේ
හද ගොළුවී ඉකිලන්නේ
නවතාගන්නෙ කෙලෙසදෝ
ඔබ මගේ නොවන දිනයේ
යනවාද ඔබ මාගෙන්

ජීවිතයම නදියක් සේ
වැළපෙමින් ගලා යන්නේ
සිත බැඳුන තැනක සතුටින්
ඔබ තුටින් සිනා පාවී
අහිතක් නෑ කෙලෙසක හෝ
ඔබෙ සැපත මගේ කිරුළයි
නවතාගන්නෙ කෙලෙසදෝ
ඔබ මගේ නොවන දිනයේ
යනවාද මතු දවසේ

ඔබෙ සැපත මගේ කිරුළයි
නවතාගන්නෙ කෙලෙසදෝ
ඔබ මගේ නොවන දිනයේ
යනවාද මතු දවසේ


ඔබෙ කොපුල් තලා යහනේ
උනු කඳුළු බිඳක් තබමි
එහි සැතපී මා ඉඳිමී
මා සන්තක එපමනකි
තරු නිවී රැයද ගෙවෙති
සඳ දියේ කුසුම් නිදති
නවතාගන්නෙ කෙලෙසදෝ
ඔබ මගේ නොවන දිනයේ


පදරචනය - ගායනය - 
jayantha colombage
මේ ගායනයට හෘදයාංගමව ගායනා සහයෙන් දායකවූ දයාබර සොයුරියට හදපිරි කෘතගුණය වේවා.


 ප්‍රකට හින්දි ගීතයක්වූ Ek pyar ka nagma hai ගීතයේ තනුවට සංගීතයට පදරචනය කොට ගයන්නට ගත්  උත්සාහයක්.

මෙතැනින් ගීතය ශ්‍රවණය කරන්න


Post a Comment

0 Comments