Friday, 1 December 2017

හෙට යලි කොතැනක යාදෝ

බිය තාමත් පහවී 
නැහැ නෙත අඳුරට බියවෙයි
අද මෙතැනින් නික්මී
හෙට යලි කොතැනක යාදෝ..

Saturday, 10 June 2017

අඳුර විනිවිද එළිය ගලනා






අඳුර විනිවිද එළිය ගලනා
එළිය සිඳ බිඳ අඳුර එතෙනා
නිබඳ ජීවිතය එතැනයි
විශ්වයෙහි පැවතුමක තිබෙනා...

Sunday, 26 March 2017

සදානන්දය

සදානන්දය ද මේ....................
‍දැවෙන සුසුමන් ගෙනෙන්නේ....
උත්තරීතර පෙමද මේ
නෙතඟ කඳුලින් පුරන්නේ......

මා නොවන මම

මා නොවන මම
මගෙ නොවන තැන
නුඹ මගේ යැයි
නුඹම කිව්වට......
සොයා ආවත් පවස නිවනට
නුඹත් පවසින් ගිලන් වී ඇත...

අසුන්දරද මේ තරමට

අසුන්දරද මේ තරමට
සුන්දරත්වයේ ඇතුලත
දැවටුවාම දේදුන්නක
වැහි වළාකුලක්....වැහි වළාකුලක්..

මන්දාරම

මන්දාරම මෙන් අඳුරුයි
ඒත් නෑනෙ වහින්නේ.........
අන්ධකාරයට මෙතරම්
ඇයි නුඹ පෙම් කරන්නේ.....

පියෙන් පියට සඳ දිය විත්

පියෙන් පියට සඳ දිය විත්
සිඳ ඝණඳුරු පවස..........
සිරිසඳ ලෙස සඳ ඇවිදින්
අවුලා මිණි තොරණ....
මත් ගිජිඳුන් කන්තල දුන්
පවනින් බඳු සුළඟ.......
රහසින් විත් කරතත් හෙළි
සසරෙහි පෙර වරුන........

කෙලෙස ගනිමිද සඳ මිදුලටම

බලා උන්නෙමි දිහා සඳ දෙස
කලාවම සොලොසක් පුරා.....
විත් අමාවක නතර වී යලි
සක්මනේ නියතය දිහා.....

මගේ සඳ මට දෙන්න


මගේ සඳ මට දෙන්න
තරු පොකුරු ඔබ ගන්න
සඳ සිසිල මගෙ වෙන්න
සැනකෙලිය ඔබ ගන්න...
හදේ කොතැනක වුවද
දුකඳුරට සඳ එන්න......
පිනි පොදක තැවරෙනා
නිමල බව ගෙන දෙන්න...

චන්ද කිණ්ණරාවී

සොවින් තැවෙන වළාකුලක
ඉකිබිඳිනා පොදවැස්සේ
අනේ පහණ නිවා දමා
කොහි ගියේද සඳ සාවී...
චන්ද කිණ්ණරාවී............

තාමත් කිසිවක් සොයා ඇවිදිමින්...වටමළුවේ

පාට ගනන් කර තරු අහුලනවා
සීත සොමි රැසින් සඳ වෙවුලනවා
හිමගිර මුදුනෙත් හිරු ඇවිලෙනවා
කිම තාමත්.... අපි... අපව සොයනවා...

නුඹ මා අතර අහසත් පොලොවත් දුරය..

පෙර ජාතී කල හින්දද අකුසලය
මඟ හැර නොහැකි ලෙස එන්නේ මේ දුකය..
යායුතු මඟද ඉමකොන නැති දිසාවය
නුඹ මා අතර අහසත් පොලොවත් දුරය..

සුලං දහර ගිලන් වගෙයි

සුලං දහර ගිලන් වගෙයි
දරාගන්න බැහැ සීතල
පාලු නිසල අඩසඳ එළියේ....
ඒ සඳ එළියද හිම කැට සේ
ඇඟේ වෙලෙන්නේ.....

මහ මුහුද ගොඩ ගලාවී

තැවරෙනා පිනිස මොහොතක්
නුඹට අතවනා..............
ලංවෙලා හිඳිනු පිනිසත්
සිහින රෑ ගෙනා..............