Friday, 22 May 2015

සදානන්දය ද මේ



සදානන්දය ද මේ
‍දැවෙන සුසුමන් ගෙනෙන්නේ....
උත්කෘෂ්ධ පෙමද මේ
නෙතඟ කඳුලින් පුරන්නේ......

සිතුවමටම සිත රැවටුනා


ගත තුල ඇති සිත 
සිත සිතා........
සිත තුල ඇති රුව 
සොය සොයා...
හමුවෙන හමුවෙන රූ බලා
සිත තුල ඇති රුව සිත්තම් කලා...

හෙන්දිරික්කා මල හැන්දෑවේ..



මළහිරු එක්කම මිය ඇදෙනා
හෙන්දිරික්ක මල ඉකිබින්දා
මන්දහාසය දුකක් වන විට
කඳුල මිහිරියි නුඹ තරම්.........

කල ගුණ නොදත් ලොව ඇයි තව දිවා රැය


පහන් පැලේ මැටි පහනේ මළාණික
සිළු දැවුනේ ඇවිලෙන සෝ සුසුම්වල
නළලත තියා දෑඟිලි බැඳ යැදුම් යැද
නමස්කාර කල දෙවියෙකු මෙතුල නැත...

තත් සින්ද තත් බින්ද වීණාව ඔබ ......


තත් බිඳුනු වීණාව නොව
තත් සින්ද වීණාව ඔබ
නැගෙන තත් හඬ පරදවා 
දිව්‍ය වෙන නද අරභයා.......
තත් සින්ද තත් බින්ද වීණාව ඔබ ......

සුසුම් හෙලන පහන් සිළුව


රෑ අඳුරට දැල්ල දිලෙන
අඳුර නැසෙන පහන් එළිය
ඒ එළියද මට මේ ජීවිතය කියන්නේ...

ඔබ පාන සිනා


ඔබ පාන සිනා කවුළු දොරින්
කුමක් කියාවී.....
සඳ පාන කියා පෙනෙන හෙයින්
සිත පැටලේවී...

ගොරෝසු ප්‍රේමය



ගොරෝසු ප්‍රේමය

පුදන්නට තරම් කුසුමක්


නෙතින් පිය වසා නෙත තෙත
දෙකම්මුල් දිගේ වැගිරෙන
ගලන්නාවූ සිතිවිලි ගඟ
තුලම යයි ගිලී............

කුමට ඉතින් මරු නොඑයි සිතා...


පවනට සැලි සැලි
ඈතට යන විට
පිපි මල් පෙති සුවඳයි...