Tuesday, 16 December 2014

පහන් කණුව මුල අඳුරුයි



පහන් කණුව මුල අඳුරුයි
ඔබේ නමින්...දැල්වූවද...
ඔබට සෙනෙහසේ..උණුසුම හැමුවට...
පහන් කණුව මුල අඳුරුයි...

මියගිය මගේ ප්‍රේමය....



යලි ඉපදෙයි කියා
සොහොනක වළ දැමූ
මියගිය මගේ ප්‍රේමය....

සලා අත්තටු



සලා අත්තටු 
පියාඹා ගොස්
තුටින් වැතිරී වළා යහනේ
සොයා සිත කය
නිවා සනසන
සුයාමය ලඟ ජීවිතේ....

නිදිකුම්බා මල් පිපිලා


                   
ඇඟිලි තුඩු තුඩු හැපෙන සඳ
බියෙන් හැකිලී නිදන යුරු
නිදිකුම්බා කටුපඳුරේ
මල් පිපිලා.......

කුමට පිපුනිද ඇඟිලි තුඩු අග
ඇනි ඇනී වද වේදනා දෙන
කටු පිරිලා......

රැයද නොනිදා තරු ගනන් මැද
පොලොව විහිදා තදින් වැතිරුනු
කණාමැදිරියන් හටම පෙම්කල
පිනි පොදක් ලඟ විගස හැකිලෙන
නිදිකුම්බා කටු අතරේ
මල් පිපිලා.......

සුවඳ නැති මුත් නෙතට පියකරු
බමර ගුමුගුමු නදට නොනැමෙන
නිදන නොනිදන ලොවක සිරවුනු
නිදිකුම්බා නිදියහනේ
මල් පිපිලා.........

ඒ නුඹ විතරයි..........


උපත සමග එන්නේ 
දිනෙක මරණයයි....
මගේ ලඟින් උන්නේ
ඒ නුඹ විතරයි..........

මගේ තනියට


මගේ තනියට
නෙතු අද්දරට වී හෝ
නුඹ සිටිතැයි කියා
මම සිතා උන්නත්....
නුඹද........