Sunday, 28 September 2014

නවතනු කෙලෙස ජීවිතයේ ගංවතුර....


සරතැස නිවේවිද වැටෙනා
වැසි දියරෙන්....
ගමනේ වෙහෙස නැතිවේවිද
රුක් සෙවනින්
හදවත ගැහෙන රාවය ඇසුනිද
කොතැනින්
එතැනින් ඇද හැලේවිද 
සෙනෙහස් ගඟුලැල්....

Sunday, 21 September 2014

ඉපදුනා නම් ඉපදුනේ



ඉපදුනා නම් ඉපදුනේ
හැම විටම දුක විතරමයි...
පැතුව නම් යම් පැතීමක්
පතා ඇත්තේ දුකක් මයි..

Wednesday, 17 September 2014

කඩදාසි මල් ගිලිහි යන


දැවී යන රෑ දාවල
මිනී වල හාරද්දි
කෙළි කවට වදන් පිරි මල්වඩමෙ
කඩදාසි මල් ගිලිහි යන...

Tuesday, 9 September 2014

නරසීහ ගාථා සිංහලෙන්


යශෝධාරා උත්තම දේවිය විසින් මඟ වඩනා බුදුරජාණන් වහන්සේ පෙන්වා
රාහුල කුමාරයාට තම පියා පිලිබඳව කෙරෙන මේ විශ්මිත හඳුන්වා දීම ඇය
විසින් කෙසේ නම් කලේදැයි සිතීම පවා ආශ්චර්යයකි. ඒ වන විට යශෝධරාව
මාර්ගඵල හෝ ලබා සිටිය කෙනෙක් නොවේ. එහෙත් බුද්ධ ශරීරය සහ ඒ මහා
පුරුෂ ලක්ෂණ අැය උපමා උපමේය ඇසුරෙන් ගොඩනගන අයුරු විචිත්‍රය.
යශෝධරාවගේ සංසාර පුරුද්දම මේ සඳහා උපයෝගී වන්නට ඇතැයි සිතීම 
අපගේද ශ්‍රද්ධාව වඩන්නකි. මේ ගාථා ඇසුරින් මා විසින් රචිත පැදිපෙල
මගේ අල්ප වූ පාලිභාෂා ඥාණය තුල නිර්මාණය වූවක් නිසා යම් දොසක් වේ නම්
උගතුන් කමත්වා.

Saturday, 6 September 2014

දොස නෑ ඒ උනත් රජකම ලැබ ගන්න


සැඩ ගංවතුර නවතා බැඳි 
අමුණු බැමි
මැද නතරව දියසුළි මැඩ
ගියද දැමී
වැද මහ මේඝයක් අවුදින්
දෙගොඩ කැඩී
බැඳි බැමි කඩා ගෙන විසුනුව
ගියා මෙනි...

Wednesday, 3 September 2014

දෙනෙත් අයා බලා හිඳිමි


රටා මවන විදුලි එළිය
අහස්කුසේ වළාකුලේ
ඉකිබිඳිනා සිත පත්ලට
එබී බලනවා.......
හදවත ඉරි තැලෙන සරින්
අකුණු තලනවා......