හිමියනි මම යශෝදරා


සිතා‍ගෙන ගියේ  බුදුවෙන්ඩමයි   සිත
පතා ජාතියේ ඔබටම සරණ       වෙත
පතා ඉතින් බැඳ දුන්නේ මීට         අත
කතා නොකර මට වැඩියේ මන්ද  සිත

මුව ජාතියේ ව ද පළමුව               උපන්නේ
එම ජාතියේ සිට නෑරම මම             එන්නේ
කොයි ජාතියේ උපනත් මෙහෙසුන් වන්නේ
මේ ජාතියේ ඇයි මා තනිකර          යන්නේ

එදා ගියේ තපසට දෙන්න සහ          කැලේ
වඩා දෙදරුවන් උකුළට රැගෙන     ලොලේ
බෙදා උණිමු පන්සල් දෙක ම එක    කැලේ
මෙදා මොකද තනිකර යන්ට මම      කලේ

සිතාගෙනම වැර වෑයම් කර            උණිමි
පතා පෙරුම් බලයෙන් නෑරම            ආමි
ගොතා දෑත බැඳලා අප දන්              දුනිමි
කතා මට නොකර වැඩියේ මන්ද         හිමි

රුව ඇති පුතුන් වැදුවා මම            වැරදීද
රුව ගුන තේජසක් මගෙ අඩු      උනා වද
ගරුසරු නැති කමක් මාතින්       යෙදුනාද
මරු බිඳ බුදුවෙන්ඩ සීනෙන්     පෙනුනාද..

උපුටා ගැන්ම 
-යසෝදරාවත කාව්‍යයෙන්-

Post a Comment

0 Comments