Saturday, 15 March 2014

සිත පිරිමැද මැද ඔබේ රුවින්



සිත පිරිමැද මැද ඔබේ රුවින්
දෙනෙත පියාගෙන විඳින සුවෙන්
කෙදිනක හෝ එක නිමේශයකට
සැනසුම ලබනට හැකි වේදෝ..
දුවන මුවන් දැක මිරිඟු දියේ...

Saturday, 8 March 2014

අපෙ ආදරේ....සොහොන් කොතක් වාගේ...

  
 සොහොන් බිමක් සේ නිහඬ තාලෙන්
පාළුවේ රැඳි ආදරේ......
අපෙ ආදරේ.......සොහොන් බිමක් වාගේ..
ගොම්මන් අඳුරට ගිලෙන සොහොන් කොත්
වගේ මියැදෙන ආදරේ....
අපෙ ආදරේ....සොහොන් කොතක් වාගේ...

නොනිමි ගමනක යා යුතුය අප..


පෙර බවෙත් මේ ලෙසම වෙන්නැති
සුවඳ ලැබනට පින් මඳව ඇති
උපන්නත් මෙ බවෙත් නම් නිති
හෙටට පුදින මලක් දැක නැති

ඇයිද සිත එහි නැවතිලා.........


අතීතයේ පිපි මල් අත්තේ
සුවඳ නොසුවඳ දැන් නැත්තේ
හෙට පූදින මල් දැක නැත්තේ
ඇයිද සිත නුඹ ඒ මත්තේ......

Sunday, 2 March 2014

විසල් අහසක් කුමට ඉතිරිව


හමා එන සැඩ සුළඟ කෙලෙසින්
මුවා  කරමිද මකුළු      දැලකින්
විඩා බර නෙත් තෙමන කඳුලින්
නිමා කරමිද පවස එතැනින්....