Wednesday, 30 January 2013

තෙලි තුඩින් උපන් මියුලැසිය..

තෙලි තුඩින් උපන් මියුලැසියේ
නෙත් කොනින් බලන දිගු නෙතියේ
ලොව කොහේ කොතැන නවතිනුයේ
නුඹේ සිතුම් වාරේ....

නිලූපුලක් වගේ විලිකුන්
සුරත් පොලේ නැවතී‍
මඳපවනෙ සැලෙන නාදල්ලේ
රතු තොලින් වදන් ගොළුවී....

නැහැ ඉතින් කියන්නට වදනක්
ඇස් දෙකම ශිලා ලිපියක්...
ඉඟි නොකර සිටින දෙබැමින්
ඉඟිකරයි මට මෙතරම්...

නුඹ තැනූ පවුර....



 
                        සවනට සිසිල නුඹෙ කටහඩ ඇසෙන විට
                        පවසට සිසිල නුඹ ගැන සිත    කියන විට
                        නෙත කැරකිල්ල  නුඹෙ උවනත නොමැති විට
                        ගත මිය යයිද නුඹෙ උනුසුම සිඳෙන විට...

                       නුඹට මුවින් මා කියනා බස නෑසේ
                       නුඹට සිතින් මා සිතනා දේ නොසිතේ
                       නුඹට ඉතින් නුඹෙ සිතිවිලි වල කිමිදී
                       ඉන්නට හැකිද සිතිවිලි සයුරේ පාවී...

                       යන්නට එන්න බැරි විධියට සුළං හමයි
                       ඉන්නට හිටින්නට බැරි ලෙස ගිනි ඇවිලෙයි
                       අවසන් හුස්ම පොද යන්නට ලඟයි වගෙයි
                       නුඹ දැකගැන්ම නුඹ තැනු පවුරම වලකයි.

Sunday, 27 January 2013

අවසන් නින්ද..



මල් ඇතිරූ අවසන් නින්ද
සුවබරද ඔය නෙතට..
සියල්ල නිමා වී යැයි
සිතුනාද ඔය සිතට...
පසට යටවී නොපෙනි ගියමුත්..
තවත් ගමණක අරඹුමක් නම්
කොහෙන්ද සැනසිල්ල
යලිත් මුණ ගැසෙන විට
ඒ සුපුරුදු දුකම
කණකොක් සුදෙන් නැහැවෙන
වියෝගය කැන්දන
පරමල් සුවඳ විඳ විඳ..
සැතපී ඉන්නෙමිද???

Saturday, 26 January 2013

වඩිති ඔවුන්....









හද විලේ උපන්

කොඳ කැකුළු වලින්

හමන සුවදට නැගෙන සුවයට

දෑත් එක්වෙයි නලල මතින්..

බුදු පිය රජුගෙන්

ලද අවසරයෙන්

සියලු දෙයින් අත් හැරද ඉතින්

ඒ සුන්දර මග වෙත

වඩිති ඔවුන්

ගමන සන්සුන් වී

පැවැත්ම සංවර වී...

ඒ ශාන්ත ප්‍රනීත ගමනාන්තය වෙත

සෙමෙන් සෙමෙන්

වඩිති ඔවුන්

Sunday, 20 January 2013

ගිලන් සිත





                                           ගිලන් වී ගිය විටයි
                            කයේ දුක් වේදනා දැනෙන්නේ...
                            කය මගේ නොවන බව දැනුනත්...

                            තවමත් ඔබ මගේ කියා
                            හිත ගිලන් වූවිට දැනුනා...
                            තවමත් ඔබ මගේ උනත්

                            තවමත් මම ඔබේ නොවන බව
                            දැනුනු හෙයින්මයි..
                            හිත ගිලන් වෙලා කියා දැනෙන්නේ..

                            කය ගිලන් උන විටම
                            සිතද ගිලන් ගිලන් වී ගියේ..
                            ඒ නිසා විය හැකියි...

                            ඒ උනත් ඇත්තටම ඇත්ත ඒ බව
                            සීතලේ වෙවුලමින් උනෙන් ගැහෙමින්
                            සිටින විට දැනෙනවා..

                            එයයි ලොකුම වේදනාව..
                            බෙහෙත් නැ..

Saturday, 19 January 2013

සති පූජාව....



ඇවිලෙන චිතකයට මගේ
කඳුළු බිඳුව ඔබේ
සතිපූජාව ලෙස ඇද වැටුන වෙලේ
සීතලෙන් මා වෙවුලා ගියා..

කොහෙදෝ ඈතක වෙසතුරු සිරිත
මලපොතක ගැයෙද්දී
මගේ මතකය මා ඔබ දන්දුන් අයුරු

සිහියට නගනවා...

ඔබට මතකද මන්දා
යශෝධරාවත...
චන්දකිණ්නර පුවත
අපි වටතිර ඇද තිබුනු 
වේදිකාවක රැඟුවා...

අවසාන නාට්‍යය රංග මණ්ඩලයේ

ඔබ...
මනමේ කුමරියට රැඟුවා...
වැදිරජු මා මරා දැමුවා...
අද..
ඔබේ කඳුළු මගේ චිතකයේ
සතිපූජා කෙරෙනවා..

Friday, 11 January 2013

කෝ මා පැතූ



වීඩියෝව මෙතැනින් බලන්න



නුඹේ ගෙල රිදුනාද නංගියෙ..



කතරෙ වැලි රතු වූ වෙලේ
නුඹේ ගෙල රිදුනාද නංගියෙ..
සොයා ආ මතු ජීවිතයෙ රස
අසිපතින් සිඳුනාද නංගියෙ...

Monday, 7 January 2013

අපි ආයෙත් හමුවී


මේ නවාතැන් පොලේ
අපි ආයෙත් හමුවී...
පෙරදා වෙන්වී විඳි දුක් නොපෙනී
අපි ආයෙත් වෙලී...

අවපසට බැස යන සඳ




මුහුණ බලාගෙන මුකුළු කරනවා
අවපසට බැස යන සඳ...
කැඩපතක සේ මැවී පෙනෙනවා
කාලත්‍රයේ මහා දුක් ගඟ...